IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


අලිමංකඩින් පසුබසින හමුදාවට විශේෂ බළකා ආරක්ෂාව

     Back  

 

ආහාර නොගෙන සිටියත් මිනිසාට පිපාසාවෙන් සිටිය නොහැකිය. විශේෂයෙන්ම දැඩි හිරු රශ්මියත්, හෙළනා දහඩියත් මිනිසා දැඩි පිපාසාවට ලක්කරයි. 2000 වසරේ අලිමංකඩ හමුදා කඳවුරේ සිටි සෙබළුන්ටත් පිපාසාවෙන් පීඩා විඳින්නට සිදුවිය. යුද්ධයට ශ්‍රමය යොදවන ඔවුන් පිපාසාවෙන් පසුවීම විජලනයට හේතු පාදක වූවේය. 
එනම් ඒ වනවිටත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන්ගේ නොනවතින රැල්ල තුන නම් යුද මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර යාපනය ප්‍රදේශයේ වැඩි භූමියක් ඔවුන් සතුවිය.

 

 

Untitled-1

අලිමංකඩ හමුදා කඳවුර අත්පත් කර ගැනීම ත්‍රස්තයන්ගේ ඊළඟ ඉලක්කය වූ අතර ඔවුහු ප්‍රථමව හමුදාවට පානීය ජලය ලබාගත් ළිං ප්‍රදේශ ආක්‍රමණය කිරීම සිදුකළහ.


එවැනි වාතාවරණයකදී හමුදාව දැඩි අපහසුතාවයට පත්වූ අතර පිපාසාවත් කුසගින්නත් නිසා විජලනයෙන් පීඩා විඳීමට ඔවුන්ට සිදුවිය. කායිකව දුර්වල වූ බොහෝ සෙබළු පිරිසක් සතුරාගේ ඉලක්කය වූ අතර තවත් පිරිසක් රෝගාතුර විය. ඇතැමෙක් ඉවසිය නොහැකි පිපාසාව සන්සිඳවා ගැනීම සඳහා තමාගේම මූත්‍රා පානය කිරීමට ක්‍රියා කළහ.


එවන් වූ දුෂ්කරතා හා කැපකිරීම් මත මුදවාගත් මව්බිමේ නිදහස ප්‍රශංසනීයය. මෙවර ලිපියෙන් අලිමංකඩ මෙහෙයුමේදී විශේෂ බළකා සෙබළු කළ වික්‍රමාන්විත දිගහරිමු. 


මේ විශ්‍රාමික කර්නල් රාජ් විජේසිරි මහතා මුදාහළ මෙහෙයුමේ තතුය.


“2000 වසරේ පෙබරවාරි මාසයේ සිට මැයි දක්වා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන් නොනවතින රැල්ල තුන නම් මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය. එය මෙහෙයවූ ප්‍රභාකරන්ගේ අදහස වූයේ මුළු යාපනය අර්ධද්වීපයම ත්‍රස්තයන් අතට පත්කර ගැනීම හා හමුදාව යටත් කර ගැනීමය. ඒ සඳහා 2000 වසරේ ජනවාරි සිටම ක්‍රියාත්මක වූ ඔවුහු කිලිනොච්චිය, මාන්කුලම්, පරන්තන් යන ස්ථානවල පිහිටි යුද හමුදා කඳවුරු අත්පත් කරගත්හ. ඔවුන්ගේ ඊළඟ ඉලක්කය වූයේ යාපනය සහ යාපනයට දකුණින් වූ ප්‍රදේශ සම්බන්ධ කරන මධ්‍යස්ථානය වූ අලිමංකඩ අල්ලා ගැනීමය. රේල්පාරත්, මහපාරත් සහිත එම ප්‍රදේශය යුද හමුදාවටත්, එල්.ටී.ටී.ඊ.යටත් ඉතා වැදගත් ප්‍රදේශයක් විය.

 

31-page-7-s2-6

මේජර් චන්න වඩුගේ කැප්ටන් සුජීව යාපා පලාලිවල මෙහෙයුමේ යෙදෙමින්..

 


මේ වනවිට එලිෆන්ට් පාස් හමුදා කඳවුරේ දහදාහකට ආසන්න හමුදා භට පිරිසක් වූහ. 


එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන්ගේ උකුසු ඇස අලිමංකඩ දෙසට යොමුකළ අතර යාපනය නගරය අත්පත් කරගැනීම උදෙසා වූ මෙහෙයුම ක්‍රියාත්මක කළේය. ඒ වනවිටත් යාපනය ප්‍රදේශයේ ගුවන්, නාවික ඇතුළු සියලු හමුදා භටපිරිස් 35,000ක් පමණ වූවේය.


බි්‍රගේඩියර් නිමල් ජයසූරියට 2000 වසරේදී යාපනයේ සිටි විශේෂ බළකා බලඇණිය භාරවූවේය. ඔහු විසින් කර්නල් රාජ් විජේසිරිට » වැනි, »» වැනි හා »»» වැනි විශේෂ බළකා බලඇණිවල සිටි දාහක පමණ සෙබළ ප්‍රමාණය භාරදෙන ලදී.


ඒ වනවිට නගර කෝවිල් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. බලය ව්‍යාප්ත වෙමින් තිබුණේය. ඉන් රාජ්‍ය හමුදාවන් සිටි ආරක්ෂිත ප්‍රදේශවලට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන්ට ඇතුළු වීමට හැකියාව ලැබී තිබිණි.

 

31-page-7-s2-5

කර්නල් රාජ් විජේසිරි, කර්නල් ජගත් ඩයස්, මේජර් උපුල් වීරසිංහ

 


එවැනි වාතාවරණයකදී අලිමංකඩ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරගැනීමේ රාජකාරිය කර්නල් රාජ් ඇතුළු පිරිස භාර ගත්හ. ඔවුන් ඒ සඳහා කටයුතු කරද්දී නගර කෝවිල් දෙසින් ආරක්ෂක බළ ප්‍රදේශයට ඇතුළුවී සිටි ත්‍රස්තයෝ අලිමංකඩ කඳවුරට පහරදීම ආරම්භ කළහ. ත්‍රස්තයන්ගේ ප්‍රධානම යුද උපක්‍රමය වූයේ එලිෆන්ට් පාස් යුද හමුදා කඳවුරට බීමට ජලය ලබාගත් අයියකච්චි ප්‍රදේශයේ ළිං තිබූ ප්‍රදේශ අත්පත්කර ගැනීමයි. ඉන් හමුදා කඳවුරට ජලය ලැබීම ඇන හිටියේය. කඳවුරේ සිටි සෙබළු ඉන් බොහෝ අසීරුතාවට පත්වූහ. එවැනි වාතාවරණයකදී හමුදාවේ දුර්වල ස්ථාන බැලූ ත්‍රස්තයන් යළිත් කඳවුරට පහරදීම ආරම්භ කළහ. 


විජලනයෙන් කායිකව දුර්වල වී සිටි සෙබළු බොහෝ දෙනෙක් සතුරාගේ වෙඩි උණ්ඩයට ඉලක්ක වී ජීවිත පූජා කළහ.


එළිෆන්ට් පාස් හමුදා කඳවුරේ ආරක්ෂක බලය එන්න එන්නම දුර්වල වූවේය. යුද උපකරණ බොහෝමයක් තිබියදීම එහි සිටි හමුදා පිරිස් ත්‍රස්තයන් හා ගැටෙමින් කඳවුරෙන් පිටවීමට කටයුතු කළහ. එහිදී ද කායිකව දුර්වල වී සිටි සෙබළු බොහොමයක් සතුරාගේ ඉලක්කය බවට පත්විය. 


අලිමංකඩ කඳවුරේ තත්ත්වය එසේ වෙද්දී කර්නල් රාජ් විජේසිරි පළවැනි, දෙවැනි හා තෙවැනි විශේෂ බළකා සෙබළුන් සමග එල්.ටී.ටී.ඊ.යට එරෙහි සටනට මුල පිරූහ.

 

31-page-7-s2-4

බි්‍රගේඩියර් ජානක පෙරේරා, මේජර් දර්ශන රත්නායක, මේජර් උපුල් වීරසිංහ, කර්නල් ශ්‍රීනාත් රාජපක්‍ෂ, කර්නල් තිලක් සෙනෙවිරත්න.

 


කිලාලි කළපුව අසල තිබූ කැලෑ රොද අසලින් මෙහෙයුම ආරම්භ කළ අතර එහිදී ද ත්‍රස්තයන් විසින් ඔවුන් ගමන්කළ ජීප් රථයට වෙඩි තබන්නට විය.

කර්නල් රාජ් ඇතුළු පිරිස ජීප් රථයෙන් එළියට පැන අසල තිබූ බංකර් ලයින් එකක සැඟවී ත්‍රස්තයන්ට පහරදෙන්නට වූහ. අලිමංකඩ කඳවුරේ සිට ආරක්ෂක සෙබළුන් එන පාර අත්පත් කරගැනීම ත්‍රස්තයන්ගේ මීළඟ ඉලක්කය වී තිබුණේය. ත්‍රස්තයන් හා විශේෂ බළකා සෙබළුන් අතර ගැටුම ඇතිවූයේ එවැනි වාතාවරණයකදීය. දෙපිරිස අතර ඇතිවූ වෙඩි හුවමාරුවෙන් දෙපිරිසේම අයට හානි සිදුවූ අතර විශේෂ බළකා සෙබළු ත්‍රස්තයන් සිටි ඉසව්වෙන් ඉදිරියට ඔවුන්ට ගමන් කිරීමට ඉඩනොදීමට කටයුතු කළහ. 


විශේෂ පාපැදි බළකායේ සෙබළු 12ක් පමණ කර්නල් රාජ් සමග වූ අතර ඔවුනට දක්නට ලැබුණේ වෙඩි පහර අතරින් ගමන් ගන්නා හමුදා වාහනයි. එම වාහන පිටුපසින්ම කාල තුවක්කුවක් ඇදගෙන යන ට්‍රක් එකක් ගමන්ගත් අතර එය ත්‍රස්තයන්ගේ ඉලක්කය වූවේය. එහි සිටි රියදුරු පළාගිය අතර ට්‍රක් එක සහ කාල තුවක්කුව ත්‍රස්තයන් අතට පත්වූවේය.

 

31-page-7-s2-2


කර්නල් රාජ් ඇතුළු පිරිසට ඉදිරිපසින් සහ පිටුපසින් ත්‍රස්ත බලඇණි දෙකක් විය. ඒ වනවිට සවස 3.00 පමණ වී තිබූ අතර ත්‍රස්තයන්ට මැදිවූ විශේෂ බළකා සෙබළු 12ක් පමණ ත්‍රස්තයන් කරන ක්‍රියාකාරකම් දෙස සැඟවී බලා සිටියහ.


ජෙනරල් ජානක පෙරේරා මෙහෙයුමේ අණදෙන්නා ලෙස කටයුතු කළ අතර ජෙනරල් ෆොන්සේකා බළසේනාධිපති ලෙස කටයුතු කළේය. 


ත්‍රස්තයන්ට මැදිවී සිටි කර්නල් රාජ්, ජෙනරල් ජානක පෙරේරා සමග අදහස් හුවමාරු කරගත් අතර ජෙනරල් ජානක පෙරේරාගේ අදහස වූයේ ගුවන් හමුදා ප්‍රහාර භාවිත කර ඇටිලරි තුවක්කුව විනාශ කිරීමයි. එහෙත් කර්නල් රාජ්ගේ අදහස වූයේ හවස් වනවිට අන් විශේෂ බළකා සෙබළුන් ද භාවිතා කර කෙසේ හෝ කාලතුවක්කුව අත්පත් කර ගැනීමයි.


මේ වනවිට තුන්වැනි විශේෂ බළකායේ අණදෙන නිලධාරියා ලෙස මේජර් දර්ශන රත්නායක කටයුතු කළ අතර ඔහුගේ දෙවැනි අණදෙන්නා ලෙස මේජර් සුජීව යාපා කටයුතු කළේය.


කාල තුවක්කුව අත්පත් කරගැනීමේ අදහසින් සිටි කර්නල් රාජ් මේජර් රත්නායකට කතාකර ඔහුගේ සෙබළ පිරිස සිටින ස්ථානය හා සම්බන්ධ වන ලෙසත් ඉන්පසු කාල තුවක්කුව අත්පත් කරගැනීමට කටයුතු කරමු යනුවෙන් දැන්වීය.


ඒ අනුව මේජර් රත්නායකගේ කණ්ඩායම කිලාලි කළපුව අයින දිගේ සතුරා හා සටන් කරමින් පැමිණි අතර එල්.ටී.ටී.ඊ. බංකර්වලට ආර්.පී.ජී. අවිවලින් පහරදීම ආරම්භ කළහ. ඉන් එල්.ටී.ටී.ඊ. බංකර් 5ක් පමණ විනාශ විය. ඉන් එහි රැකවල්ලා සිටි ත්‍රස්තයන් විනාශ වූ අතර මධ්‍යම රාත්‍රියේදී විශේෂ බළකා දෙපිරිස හමුවූහ.

 

31-page-7-s2-3

කර්නල් නලින් ප්‍රනෑන්ඩෝ, කර්නල් රාජ් විජේසිරි මුහමලේ ආරක්‍ෂක වලල්ලේදී.

 


කර්නල් රාජ්ගේ කණ්ඩායමේ සිටි 12 දෙනාගෙන් දෙදෙනෙක් මිය ගොස් සිටි අතර පස් දෙනෙක් තුවාල වී සිටියහ. මේජර් රත්නායක ඇතුළු පිරිස එකතු වී තුවාල වී සිටි සෙබළුන් ප්‍රතිකාර සඳහා පිටත් කළ අතර ඉතුරු පිරිස කාල තුවක්කුව තිබූ ට්‍රක් එක වෙත ළඟා වූහ. එහිදී ඔවුනට දක්නට ලැබුණේ ට්‍රක් රථය තුළ තිබූ කාල තුවක්කුව අතුරුදන්ව ඇති බවයි. එනම් ඒ වනවිටත් එල්.ටී.ටී.ඊ.ය ට්‍රැක්ටර් මගින් එම අවිය රැගෙන ගොස් තිබුණි.


බලාපොරොත්තු නිශ්ඵල වූ භට පිරිස යළි ගමන් ආරම්භ කළ අතර ඉර උදාවනවිට අන් විශේෂ බළකා හමුදා පිරිස් සමග එකතුවීමට හැකිවිය. 


මේ වනවිටත් අලිමංකඩ කඳවුරේ සිටි බොහෝ භට පිරිසක් කඳවුරෙන් පිටවී සිටියහ. ඒ පිරිසෙන් බොහොමයක් දෙනා සතුරාගේ උණ්ඩයට ගොදුරු වූ අතර තවත් පිරිසක් විජලනයෙන් ජීවිතක්ෂයට පත්වූහ. තවත් පිරිසක් අතුරුදහන් වූහ. ඒ ආකාරයට ජීවිතයෙන් සමුදුන් පිරිස හැරුණු කොට අන් සෙබළු කඳවුරේ තිබූ වටිණා අවි බොහොමයක් දමා ජීවිතාපේක්ෂාවෙන් පැමිණ විශේෂ බළකා සෙබළුන් හා එක්වූහ.


මේ ආකාරයට හිස්වූ අලිමංකඩ හමුදා කඳවුර අත්පත්කර ගැනීම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන් ලැබූ සුවිශාල ජයක් විය.


ත්‍රස්තයන්ගේ ඊළඟ අරමුණ වූයේ යාපනය නගරය අත්පත් කර ගනිමින් පලාලි දක්වා ගමන් කිරීමය. නොනවතින රැල්ල තුන මෙහෙයුමේ පරමාර්ථය ද එය විය. මෙහිදී ජෙනරල් ෆොන්සේකා විසින් ත්‍රස්ත ගමන් මාර්ගයට එරෙහිව තවත් යුද උපක්‍රමයක් යෝජනා කළේය. ඒ අනුව නාගර් කෝවිල් සිට කිලාලි කළපුව දක්වා ආරක්ෂක වළලු 6ක් පමණ දැමූ අතර කිලෝමීටර් 15ක් 20ක් පමණ ප්‍රමාණයක් ඉන් ආවරණය විය. 


මෙහිදී විශේෂ බළකා සෙබළුන්ට භාරවූයේ යම් අවස්ථාවක ආරක්ෂක බලඇණි පිහිටවූ පෙරමුණ කැඩුණොත් එහිදී ත්‍රස්තයන් මර්දනය කර යළි එම පෙරමුණ සක්‍රීය කිරීමය.


එවැනි වගකීමක් භාරවූ විශේෂ බළකා සෙබළුන්ගේ » වැනි විශේෂ බළකා කණ්ඩායමට පළමු ආරක්ෂිත වළලු එකතු කිරීමේ රාජකාරිය භාරවූයේය. එහිදී අණදෙන්නා ලෙස ක්‍රියා කළේ මේජර් වඩුගේය. ඔහුගේ දෙවැනියා වූයේ මේජර් රත්නායකය. එහි ඕ.සී.ලා ලෙස ක්‍රියා කළේ මේජර් ජානක රත්නායක, කැප්ටන් ධම්මික හේවගේ, කැප්ටන් මානාග යහම්පත්, කැප්ටන් තුෂාර සහ කැප්ටන් උපුල් යන පිරිස්ය.


මේ පිරිස ආරක්ෂක බලඇණියේ සබඳතා බිඳ වැටුණු ස්ථානයට ගිය අතර එහි ගැමුණු රෙජිමේන්තුවේ 10 සහ 6 වැනි බලඇණි වූවේය. උපුල් අබේරත්න, තුෂාර මහලේකම්, ධම්මික හේවගේ යන හමුදා නිලධාරීන් එම බලඇණි සමීපයට ගොස් සටන් කළ අතර ඉන් ත්‍රස්තයන් අතට පත්වී තිබූ බංකර් කීපයක්ම අත්පත්කර ගැනීමට හැකිවිය.


එහෙත් ඒ වනවිට හමුදා බලඇණි කීපයක් පෙරමුණෙන් ඉවත්වී සිටි අතර බංකර් අතර දුර ප්‍රමාණය කිලෝ මීටර් තුනක් හතරක් පමණ විය. විශේෂ බළකා සෙබළු 60ක් පමණ එම ස්ථානයට ගිය ද එය ස්ථිරවම අල්ලා තබා ගැනීමට නොහැකිවන තරමටම එල්.ටී.ටී.ඊ. ප්‍රහාර බලවත් විය. මෙම මෙහෙයුම අවසන් වනවිට නිලධාරීන් තුනක් සහ සෙබළුන් 20ක් පමණ නිරෝගීව සිටි අතර අන් පිරිස සතුරාගේ වෙඩි උණ්ඩයේ ඉලක්කයන් වී තිබිණ. ඉන් 10ක් පමණ මියගිය අතර 35ක් පමණ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවූහ. 


මේ ආකාරයට ස්ථාපිත කරතිබූ පෙරමුණු 5ක පමණ ප්‍රමාණය ත්‍රස්ත ප්‍රහාර නිසා දුර්වල වන සෑම අවස්ථාවකම යළිත් සක්‍රීය කිරීමට විශේෂ බළකා සෙබළු ක්‍රියා කළහ. එහෙත් එල්.ටී.ටී.ඊ. කාල තුවක්කු ප්‍රහාර හේතුවෙන් එම පෙරමුණුවල තිබූ ආරක්ෂක බංකර්වලට බලවත් හානි සිදුවිය. රාත්‍රියේ එල්ලවූ මෙම ප්‍රහාර ඉතා දරුණු වූ අතර හමුදා සෙබළුන්ට අල්ලා ගත් භූමි ප්‍රමාණවල ආරක්ෂාව තහවුරු කිරීම අසීරු කර්තව්‍යක් විය.


මෙවැනි වාතාවරණයකදී ඇති අස්ථාවර බව නිසාම හමුදාව සතු බොහෝ වටිනා යුද උපකරණ පලාලිවලට යැවීමට කටයුතු කළහ. ඔවුන්ගේ අවසන් තීරණය වූයේ හමුදාව අත්පත් කරගෙන බංකර් පිහිටුවා තිබූ ස්ථාන බේරාගත නොහැකි වුවහොත් සියලු දෙනා පලාලිවලට ගොස් පලාලි කඳවුර බේරාගැනීමය.


ඔවුන් සිතූ පරිදිම සියලු බංකර් ත්‍රස්තයන් අතට පත්විය. එය දැනගත් ජෙනරල් ෆොන්සේකා විසින් කර්නල් රාජ් විජේසිරිටත්, එයාර් මොබයිල් බි්‍රගේඩියර් කමාන්ඩර් සරත් ෆ්‍රනෑන්ඩෝටත්, කර්නල් නලින් ෆ්‍රනෑන්ඩෝටත් කතාකර මුහමාලේ ප්‍රදේශය අල්ලා ගන්නා බවත් එය ආරක්ෂා කිරීම විශේෂ බළකා බලඇණි භාරගන්නා ලෙසත් දන්වා සිටියේය.


එම පණිවිඩය ලත් වහාම රාත්‍රිය ප්‍රයෝජනයට ගත් භට පිරිස් බැකෝ යන්ත්‍ර භාවිතාකර කිලාලි සිට නගර් කෝවිල් දක්වා වූ ප්‍රදේශයේ බංකර් සැදීමට අවශ්‍ය ආරක්ෂාව සපයා ගැනීම සඳහා වූ අවශ්‍ය වාතාවරණය සකස් කර දුන්නාහ. 


රාත්‍රී අඳුර ප්‍රයෝජනයට ගෙන ආරක්ෂක භට පිරිස් ක්‍රියා කරද්දී ඊට එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයක් එල්ල කිරීමට සැරසෙන බව ගුවන් පණිවුඩ මාර්ගයෙන් විශේෂ බළකා නිලධාරීන්ට දැනගැනීමට ලැබිණි.


එම පණිවිඩය ලත් වහාම විශේෂ බළකා සෙබළු ක්‍රියාත්මක වූ අතර බිම් මට්ටමෙන් ප්‍රහාරයක් දියත් කළහ. එම ප්‍රහාරයෙන් එල්.ටී.ටී.ඊ.යට තදබල හානි සිදූවූ අතර ඔවුන්ගේ මෙහෙයුම අසාර්ථක විය. එදා ආරක්ෂක භට පිරිස් සිදුකළ වික්‍රමාන්විතය හේතු කොටගෙන මුහමාලේ ආරක්ෂක වළල්ල පිහිටුවීමට හැකිවූ අතර එය නන්දිකඩාල් දක්වා ගිය සටනට ආශිර්වාදයක්ම විය. එනම් එම ගමන් මාර්ගය මුහමාලේ ආරක්ෂක වළල්ල ලෙස ප්‍රසිද්ධියට පත්විය.


මෙම ආරක්ෂක වළල්ලේ බලය තහවුරු කිරීම සඳහා දෙවැනි විශේෂ බළකායේ මේජර් උපුල් වීරසිංහ, ඔහුගේ දෙවැනියා වූ මේජර් ජයන්ත රත්නායක, ඕ.සීලා ලෙස කටයුතු කළ කැප්ටන් නිශාන්ත, කැප්ටන් නිශ්ශංක, කැප්ටන් එරන්දක යන පිරිස් කැපවී කටයුතු කළහ. 


දිගුදුර විහිදුම් බළකායේ හමුදා සෙබළු යොදවා දිනපතාම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන්ට පහරදීමට කටයුතු කළ අතර ඉන් එල්.ටී.ටී.ඊ.යට ආරක්ෂක හමුදාවන් වෙත දිගින් දිගටම පහරදීමට නොහැකි විය. මේ මෙහෙයුම ජනවාරි මස ආරම්භ කරනවිට විශේෂ බළකා සෙබළු 1000ක ප්‍රමාණයක් සිටි අතර එය මැයි මාසයේ අවසන් වනවිට 200ක පමණ ප්‍රමාණයක් දක්වා අඩු වූවේය. 


ඉන් විශේෂ බළකා නිලධාරීන් 10ක් පමණ ජීවිතක්ෂයට පත්ව සිටි අතර සෙබළුන් 100ක් පමණ මිය ගියහ. 400ට ආසන්න භට පිරිසක් තුවාල ලබා සිටියහ. මෙම මාස හයක කාලය තුළ විශේෂ බළකා සෙබළුන්ට පමණක් සිදුවූ හානිය එසේ වූ අතර අලිමංකඩ කඳවුරේ සිටි සහ මෙහෙයුමට සම්බන්ධ වූ අන් බළකායන්ගේ සෙබළුන්ට සිදුවූ හානිය අතිමහත්ය. ඔවුහු දහස් ගණනක් ජීවිත පූජා කළ අතර තවත් දහස් ගණනක් සතුරු වෙඩි ප්‍රහාර නිසා ආබාධිතයන් බවට පත්වූහ.


ගුවන් හමුදාවත්, නාවික හමුදාවත් දුන් සහයෝගය හා විශේෂ බළකා සෙබළු ඇතුළු සාමාන්‍ය සෙබළු කළ කැපකිරීම් නිසා මුළු යාපනය ප්‍රදේශයම සතුරාට ආක්‍රමණය කළ නොහැකි විය.


දිවා - රාත්‍රී නොතකා නිරාහාරව, පිපාසාවෙන් සතුරා සමග යුද්ධ කළ සෙබළුන්ගේ ජීවිතවල අති දුෂ්කර කාල සීමාවක් වූ එය මාස හයක් පමණ දිගු කාලයක් විය. එම දිගු කාලයේ කළ කැපකිරීම් නිසාම එල්.ටී.ටී.ඊ.ය සිදුකළ නොනවතින රැල්ල මෙහෙයුම තුනට කණකොකා හැඬුවේය. 


විශේෂ බළකා, කමාන්ඩෝ, එයාර් මොබයිල් යන බල සේනා අන් හමුදාවන් ද සමග කළ වික්‍රමාන්විතය එසේ අවසන් වූ අතර ඉන් යාපනයේ බලය සම්පූර්ණයෙන්ම සතුරා අතට පත් නොවී බේරා ගැනීමට හැකිවිය. මේ ආකාරයට වසර ගණනාවක් ජීවිතය පරදුවට තබා කළ වීර වික්‍රමාන්විත හේතුවෙන් සතුරාගෙන් මුදවාගත් ලක්බිම ආරක්ෂා කරගැනීම ඔබගේ වගකීමකි.

m



අදහස් (10)

අලිමංකඩින් පසුබසින හමුදාවට විශේෂ බළකා ආරක්ෂාව

ගයාන් Thursday, 05 January 2017 05:42 AM

මෙම ලිපි පෙළ පළ කිරීම ඉතා විශිෂ්ටයි. මන්ද යත් වර්තමාන පරපුරට එදා පැවතී කුරිරු යුද්ධයේ ඇතුලාන්තය දැක ගැනීමට හැකියාව ලැබෙනවා. අපේ විරුවන් ජීවිත පූජා කොට දිනා දුන් දේශය දිහා අද බලද්දී දක්නට ඇත්තේ ඉතා සෝචනීය තත්වයක්. (ම)

:       0       0

ටෙෂාන් Monday, 09 January 2017 01:07 AM

ඉතා හොඳ ලිපි පෙළක් (නි)

:       0       0

කමල් Wednesday, 04 January 2017 02:26 PM

මෙන්න නියම වීරයෝ! ඔබලාට රටම ණයගැතියි (නි)

:       0       0

මිගාර Tuesday, 10 January 2017 09:30 AM

මෙවැනි ලිපි වරින්වර අවස්ථාවාදී දේශපාලකයන්ට සහ ඔවුන්ගේ බත් බැලයන්ට දෑකීමට සැළැස්විය යුතුය. වර්තමානයේ ජනතාව සහ රණවිරුවා දුරස්කිරීමට කටයුතු සිදුවෙමින් පවතී. ඇස් ඉස් මස් ජීවිත දන්දී බේරාගත් නිදහස රැකගනිමු. (නි)

:       0       0

පුබුදු Wednesday, 04 January 2017 10:16 PM

ලංකාදීපයට බොහොම ස්තුතියි. අපේ රටේ ඉන්න බොහොම දෙනෙකුට අතීතය අමතකයි. මෙවැනි රණවිරුවන් නිසා අද නිදහසේ ඉන්න බව අමතකයි. ඔවුන්ගේ කැපකිරීම් නිසා අද අපි නිදහසේ ඉන්නවා. නමුත් ඔවන් අාබාධිත වී දුක් විදිනවා. (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Wednesday, 04 January 2017 11:42 PM

මේ විරෝධාර මිනිසුන්ගේ කැපකිරීම් අමු අමුවේ පාවාදුන් දේශපාලන නායකයෝ අදටත් යෙහෙන් වැජඹෙන එක තමා පුදුමය (නි)

:       0       0

ප්‍රභාත් Saturday, 07 January 2017 07:25 PM

මෙම ලිපි පෙළ පළකිරීම ඉතා විශිෂ්ටයි. මන්දයත් වර්තමාන පරපුරට එදා පැවති කුරිරු යුද්ධයේ ඇතුළාන්තය දැකගැනීමට හැකියාව ලැබෙනවා. අපේ විරුවන් ජීවිත පූජාකොට දිනාදුන් දේශය දිහා අද බලද්දී දක්නට ඇත්තේ ඉතා ශෝචනීය තත්වයක්. (නි)

:       0       0

කවීන්ද්‍ර Monday, 09 January 2017 07:10 AM

අප දිවි රැකුමට ඔබ දිවි කැපකළ විරුවනි.හිරු නැගෙන මොහොතෙත් හිරු බැසයන මොහොතෙත් සදා සමරමු (බ)

:       0       0

කුලතිලක Saturday, 07 January 2017 04:03 AM

අපි සදා අපේ රණවිරුවන් සමඟයි (නි)

:       0       0

කුමාර පෙරෙරා Friday, 20 November 2020 12:01 PM

මේ සටනේ සෙබලෙක් වීමම මට ආඩම්බරයක්... සටනේ විඳි දුක් අපමණයි. මියගිය සොහොයුරන්ට උත්තමාචාරය...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 296 0

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 75 0

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 785 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 70 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 172 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 215 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38856 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25498 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site