IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


අල්ලස් දැලට කොටුවුණු දිසා විනිසුරු

ඉකුත් 29 වැනිදා රාති‍්‍රයේ හෝමාගම දිසා විනිසුරුවරයා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමකගේ අත්අඩංගුවට පත් වූයේ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට පත් විනිසුරුවරයා ලෙස ඉතිහාසයට එක් කරවිමිනි. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගත් පළමු විනිසුරුවරයා ඔහු වුවත් මෙය විනිසුරවරයකුට එරෙහිව අල්ලස් චෝදනාවක් එල්ල වූ දෙවැනි අවස්ථාවයි. විනිසුරුවරයකුට එරෙහිව අල්ලස් කොමිසමට පළමුවට දුෂණ චෝදනාවක් එල්ල වී ඇත්තේ මීට වසර 28කට පමණ පෙරය.

ඒ අල්ලස් චෝදනාව එල්ල වූයේ අම්පාර මහාධිකරණ විනිසුරුවරයා වෙතය. එම යුගයේ අගවිනිසුරුවරයා ලෙස කටයුතු කළේ නෙවිල් සමරකෝන් මහතාය. සම්ප‍්‍රදාය අනුව විනිසුරුවරයෙක් පොලිස් අත්අඩංගුවට ගැනීමට යන්නේ නම් ඊට පෙර ඒ බව අග‍්‍රවිනිශ්චයකාරවරයාට දැනුම්දිය යුතුය. ඒ සම්ප‍්‍රදාය ගරු කරමින් එකල අල්ලස් කොමසාරිස් ධුරය දැරූ අල්ලස් කොමසාරිස්වරයා අගවිනිසුරු අමතමින් දැනුම්දුන්නේ අම්පාර මහාධිකරණ විනිසුරුට එරෙහිව අල්ලස් චෝදනාවක් තියෙනවා. මේ සම්බන්ධව අප සතුව සාක්ෂිත් තියෙනවා. ඔබතුමාට අප දැනුම්දෙන්නේ සුළු වෙලාවකින් ඔහුව අත්අඩංගුවට ගන්නවා යනු ඒ දැනුම්දීමයි.

ඒ උසාවිය පැවති වේලාවයි. අම්පාර මහාධිකරණ විනිසුරුවරයා ඒ වෙද්දී තම විනිශ්චය ආසනයේ සිට රාජකාරියේ නියුක්තව සිටියේය.

අල්ලස් කොමසාරිස්වරයාට මදක් නවතින්න යැයි පැවසූ අගවිනිසුරුවරයා මට ටික වේලාවක් දෙන්න යැයි කියා සිටියේය.

ඉන්පසු අගවිනිසුරුවරයා සහ අම්පාර මහාධිකරණ විනිසුරුවරයා අතර ඇති වූ කතාබහ කවරක්දැයි කවුරුත් දැන සිටියේ නැත. එහෙත් මෙම සිද්ධියෙන් ටික වේලාවකට පසු අම්පාර මහාධිකරණ විනිසුරුවරයා තම ධුරයෙන් ඉල්ලා අස් වූයේය.

විශ්වාසදායී නීති ආරංචි මාර්ග සඳහන් කරන පරිදි අගවිනිසුරුවරයා අදාළ මහාධිකරණ විනිසුරුවරයාට උපදෙස් දී ඇත්තේ අධිකරණයේ ගෞරවය නොකෙලෙසා ඉල්ලා අස් වන ලෙසය.

එම අල්ලස් චෝදනාවෙන් පසු දෙවැනි වතාවට අල්ලස් චෝදනාවක් නැගෙන්නේත් පළමු වරට විනිසුරුවරයකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වන්නේත් ඉකුත් 29 වැනිදාය.

අදාළ දිසා විනිසුරුවරයා අවුරුදු 25කට වැඩි සේවා කාලයකට හිමිකම් කියන විනිසුරුවරයෙකි. නීති ක්ෂේත‍්‍රයේ විශ්වදායී ආරංචි මාර්ග මගින් අනාවරණය කරන ලද තොරතුරුවලට අනුව මේ විනිසුරුවරයා තම වෘත්තිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇති කරගෙන තිබූ යම් යම් ප‍්‍රශ්න නිසා ඔහුට මහාධිකරණ විනිශ්චයකාරවරයකු ලෙස උසස්වීමක් ලබන්නට තිබුණ ඉඩහසරද අහිමි වී ගියේය. ඔහු හෝමාගම දිසා අධිකරණයේ සේවයට අනුයුක්ත වූයේ මීට වසර 2 1/2කට පමණ පෙරය.

මෙම දිසා විනිසුරුවරයාගේ කි‍්‍රයා කලාපය ගැන අග‍්‍රවිනිශ්චයකාරතුමා ප‍්‍රමුඛ අධිකරණ සේවා කොමිෂන් සභාවටද විවිධ පැමිණිලි ලැබී ඇතැයි කියැවිණි.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව 29 වැනිදා රාති‍්‍රයේදී දිසා විනිසුරුවරයා අත්අඩංගුවට ගත්තේය.

හෝමාගම දිසා අධිකරණයේ විභාග වෙමින් තිබූ සිවිල් නඩුවක් සම්බන්ධ පැමිණිලිකාර පාර්ශ්වයෙන් රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ලබා ගැනීම අදාළ දිසාවිනිසුරුවරයාට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

හෝමාගම දිසා අධිකරණයේ විභාග වෙමින් තිබුණ සිවිල් නඩුවක් තමාට වාසිදායක අයුරින් ඉක්මනින් අවසන් කර ගැනීමේ අවශ්‍යතාවක් එම නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වයට ඇති වී තිබූ බවද පැමිණිලිකාර පාර්ශ්වයේ කාන්තාවක් එකී වුවමනාව කෙසේ ඉටු කර ගන්නේද? ඊට ඇති මාර්ග කුමක්ද යන මානසිකත්වයේ නිමග්නව සිටින විට පොලිස් නිලධාරියෙක් ඇයට පවසා ඇත්තේ දිසා විනිසුරුවරයාට මුදලක් දුන්නොත් තම අරමුණ පහසුවෙන්ම ඉටු කර ගැනීමට හැකි වන බව යැයිද දැන ගන්නට ඇත.

ඒ ඇසූ අදාළ කාන්තාව විමසා ඇත්තේ කොපමණ මුදලක් ඊට දිය යුතුද යන්නය. ලක්ෂ තුනක් විතර. ඒ පොලිස් නිලධාරියාගේ පිළිතුරයි.
නඩුව අවසන් කර දෙන්නේ නම් තමාට ඒ මුදල දිය හැකි බව එම කාන්තාව පැවසුවාය.

මේ සැලසුමේ අවසන් පියවර ලෙස එම නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වයේ කාන්තාව පොලිස් නිලධාරියාට පවසා ඇත්තේ මුදල් ලබා ගැනීමට දිසා විනිසුරුවරයාත් සමග හංවැල්ල ප‍්‍රදේශයේ පිහිටි තම නිවෙසට පැමිණෙන ලෙසය.

ඒ අනුව 29 වැනිදා රාති‍්‍රයේදී දිසාවිනිසුරුවරයා සහ අදාළ පොලිස් නිලධාරියා දිසාවිනිසුරුවරයාගේ නිල රථයෙන්ම පැමිණිලිකාර පාර්ශ්වයේ නිවෙසට ගිය බවත් නිවෙස ඇතුළතදී යම් යම් දේ සිදුවූ බවත් කියති.

හංවැල්ල ඇඹුල්ගම ”සියරට” හෝටලයේ පදිංචි දීපිකා ශ්‍යාමලී ජයවීර මහත්මිය පසුගිය 29 වැනිදා අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ වැටලීමක දී සැකකරුවන් දෙදෙනා අල්ලාගත් බව සිද්ධියට අදාළව කරන ලද පරීක්ෂණවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ නිලධාරිහු ප‍්‍රධාන මහෙස්්ත‍්‍රාත්වරායට දැනුම් දුන්හ.

පැමිණිලිකාරිය 1995 වර්ෂයේ සිටම ඇගේ සැමියා සමග අදාළ ස්ථානයේ පදිංචි වී හෝටලය පවත්වාගෙන ගොස් ඇතැයිද ඇය පදිංචි හෝටලයට යාබදව ඇත්තේ ඇඹුල්ගම රජමහා විහාරාධිපති ගංකන්දේ බෝධිවංශ හිමියන් සතු පෞද්ගලික ඉඩමකැයිද කී අල්ලස් කොමිසමේ නිලධාරීහු විහාරාධිපති හිමියන් එම ඉඩමේ ඇති පිළිම කඩා බිඳ දමන බව දැක පැමිණිලිකාරිය ඒ පිළිබඳව අවස්ථා කිහිපයකදීම හංවැල්ල පොලිසියට පැමිණිලි කොට ඇතැයිද දැනුම් දුන්හ.
එහෙත් හංවැල්ල පොලිසිය ඒ පිළිබඳව කිසිදු පියවරක් නොගන්නා හෙයින් ඇය මේ පිළිබඳව ඉහළ පොලිස් නිළධාරීන්ට පැමිණිලි කොට ඇතැයිද ඒ අනුව පසුගිය මාර්තු 05 වැනිදා හිිමිනම සහ පැමිණිලිකාරිය කැඳවා සිදුකළ පරීක්ෂණයේ දී ”කවුරු කිව්වත් පිළිම කඩන එක නවත්වන්නේ නැහැයි” කියමින් එම හිමිනම පිටවී ගොස් ඇතැයි අල්ලස් කොමිසමේ නිලධාරීහු කියා සිටියහ.

මේ අතර හෝටලය නිසා පිළිම අපවිත‍්‍ර වන බව කියමින් හිමිනම පැවරූ නඩුවකට අදාළව පැමිණිලිකාරියට සහ ඇගේ සැමියාට හෝමාගම මහේස්ත‍්‍රාත් උසාවියේ පෙනී සිටීමට සිදුවී තිබූ බවද එම නිලධාරීහු පැවැසූහ.

මෙම සිද්ධිය පදනම් කර ගනිමින් හෝමාගම උසාවියේ පැවැති නඩු වීභාගයට ඉදිරිපත් වීමෙන් අනතුරුව පැමිණිලිකාරිය උසාවි භූමියේ සිටින විට එහි පැමිණි පොලිස් කොස්තාපල්වරියක පැමිණිලිකාරියට කතා කොට ”මේ නඩුවේ තීන්දුව ඔය ගොල්ලන්ට වාසි වෙන්න කරලා දෙන්න පුළුවන්. මහින්ද අයියට කියලා. මං ඒක කරලා දෙන්නම්. ටිකක් වියදම් කරන්න වෙයි. ඔයගොල්ලන්ගේ ටෙලිෆොන් නොම්මරය දෙන්න” යනුවෙන් පවසා ඇතැයිද ඉන්පසු එම පොලිස් කාන්තාව යළිත් ඇවිත් ”මහින්ද අයියා ඔයගොල්ලන්ට කතා කරයි” යනුවෙන් වැඩිදුරටත් පවසා ඇතැයිද අල්ලස් කොමිසමේ නිලධාරිහු දැනුම් දුන්හ.
ඉන් පසු අවස්ථාවක මහින්ද නමැත්තකු පැමිණිලිකාරියට කතාකොට ”නඩුවේ තීන්දුව ඔය ගොල්ලන්ට වාසි වෙන්න අරන් දෙන්නම්. නඩුවේ තීන්දුව ලබාදීම ලබන 30 වැනිදා තෙක් කල් දාලා තියෙන්නේ. 29 වැනිදා එනවිට ලක්ෂ 3ක මුදල  ඕනේ. සල්ලි ගන්න මං සර් එක්ක එනවා” යනුවෙන් පවසා ඇතැයිද කී අල්ලස් කොමිසමේ නිලධාරීහු ඇය මේ පිළිබඳව අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද කියා සිටියහ.
මේ පිළිබඳව සිදුකළ වැටලීමේදී උපාය දුතයා ලෙස කටයුතු කළ අල්ලස් කොමිසමේ නිලධාරියා ඉදිරිපිටදී සැකකාර දිසා විනිසුරුවරයා පැමිණිලිකාරිය ඇතුළු පිරිස නිදහස් කරලා දෙන්නම් යනුවෙන් පවසා ඇතැයිද දැනුම් දුන් අල්ලස් කොමිසමේ නිලධාරීහු ඉන් අනතුරුව සැකකරුවන් දෙදෙනාම අල්ලා ගත් බවද දැනුම් දුන්හ.

සැකකාර දිසා විනිසුරුවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කරුණු ඉදිරිපත් කරමින් රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ඉල්ලා ලබාගත් බව කියමින් තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ බව සනාථ කිරීමට කිසිදු සෘජු සාක්කියක් නොමැතිවයැයි පැවැසීය.
තම සේවාදායකයා ඔහුගේ ආරක්ෂකයා සමග පෞද්ගලික ගමනක් ගිය බවත් අතරමගදී බහිස්ස‍්‍රාවීය කටයුත්තක් කිරීමට අවශ්‍ය බව ආරක්ෂකයා පැවැසීම නිසා මහ පාරේ වාහන නතර කළ බවත් පැවසූ ජනාධිපති නීතිඥ වර්ණකුලසුරිය මහතා ආරක්ෂකයා වාහනයෙන් බැස ගොස් සුළු වේලාවකට පසු අල්ලස් කොමිසමෙන් යැයි කියාගත් පිරිසක් පැමිණ තම සේවාදායකයා අල්ලා ගෙන ඇතැයි කීය.

සවස් වරුවක පැමිණිල්ල ලැබිමෙන්  පසුව රාජ්‍ය ආයතනවල පවතින මුදල් රෙගුලාසි අනුව ලක්ෂ තුනක මුදලක් රාත‍්‍රිය වනවිට ලබා ගත්තේ කෙසේදැයි ප‍්‍රශ්නයක් මතුවන්නේ යැයි කී වර්ණකුලසූරිය මහතා තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා සැකකරුවන් ලබන 03 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයට පත් කළේය.

ඔහුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් නඩුව හැරුණු විට අග‍්‍රවිනිශ්චයකාරතුමා ප‍්‍රමුඛ අධිකරණ සේවා කොමිෂන් සභාවේ විනය පරීක්ෂණයද කි‍්‍රයාත්මකය. 

 

සටහන -  සංජීවිකා සමරතුංග , මනෝපි‍්‍රය ගුණසේකර සහ ඉලේෂන් අමරසිංහ

 



අදහස් (0)

අල්ලස් දැලට කොටුවුණු දිසා විනිසුරු

ඇත්ත Monday, 03 June 2013 11:57 AM

ඔක්කොමට කලින් මේ නීතිඥයා අත් අඩංගුවට ගන්න ඕනේ.(නදී)

:       0       0

මානෙල් Tuesday, 04 June 2013 07:32 AM

මේ වගේ තව දිසා විනිසුරුවරයෙක් හිටියා නුවර. නමුත් දැන් තනතුර අහිමි වී ඇත. (නි)

:       0       0

ලසන්ත Tuesday, 04 June 2013 09:42 AM

මේ අඹ ගසත් හැර තවත් අඹ ගස් මේ වනයේ තිබේද...?(ස)

:       0       0

රානි Tuesday, 04 June 2013 09:39 AM

තව කොච්චර ඇතිද අපි නොදන්නවා උනාට.... (දී)

:       0       0

මුරුගන් Monday, 03 June 2013 02:04 PM

අනේ රට.... හැබැයි අපි තආ උතුම්ම රට.... කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

කමල් Tuesday, 04 June 2013 03:22 PM

අල්ලස් ගනී කියලා හිතන්න පුලුවන්ද මේ මනුස්සයා (දී)

:       0       0

අමිල Tuesday, 04 June 2013 10:07 AM

තට්ටෙ පෑදිලා තියෙන්නේ ජරාව කාලම වෙන්න ඈති.(නදී)

:       0       0

චන්දික Wednesday, 05 June 2013 10:42 AM

තමන්ගේ කිර්ති නාමය එක තප්පරයෙන් නැති කර ගත්තා (දී)

:       0       0

ප්‍රසාද් Monday, 03 June 2013 03:49 PM

අම්මෝ මේ මනුස්සයා කියන ගල් පැලෙන බොරු. (දී)

:       0       0

සරත් Tuesday, 04 June 2013 12:01 AM

කවුරු උනත් කමක් නැහැ වරද වරදමයි නීතියට ජයවේවා (දී)

:       0       0

පාල Monday, 03 June 2013 04:08 PM

තව කොච්චර මෙහෙම අය ඇතිද...

:       0       0

අනුර Sunday, 07 July 2013 08:04 AM

අපේ රටේ සාදාචාරය හොදටම පිරිහෙනවා. දැන්වත් පාසල් අධ්‍යාපනය මගින් විභාග පාස්කරනවාට වඩා දෙයක් කරන්න ඕන කියල රටට පෙන්වා දෙන්න. මේ මිනිස්සු ඉගෙනගෙන තියෙන්නේ මොනවාද?. මතුපරම්පරාව ගැන හිතලවත් පවතින තරග විභාග ක්‍රමයෙන් ඔබ්බට ගිල්ලා, දරුවන්ට සාරධර්ම සපිරි අධ්‍යාපනයක් ලබාදෙන්න කටයුතු කරන්නම ඕනා. අපේ රටේ ගුරුවරුන්ට වැදගත් කමක් ලබාදීල, ඔවුන් ලවා දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා දීල මේ රට යහපත් දේශයක් කරන්න පුලුවන්. මේ ටියුෂන් අධ්‍යාපනය තමයි මේ වරදට හේතුව. ඇත්තතටම රෝග ලක්ෂණ වලට බෙහෙත් කරල වැඩක් නෑ. අපි ප්‍රථිකාර කරන්න ඕන වෙන්නේ රෝග නිධානයට.(නදී)

:       0       0

නෆීක් Monday, 03 June 2013 04:40 PM

අල්ලස ගන්නේ නැතුව මිනිස්සුන්ට ජිවත් වෙන්න බැරිද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 215 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 43 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 81 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 172 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 224 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 869 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site