හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ජසීරා රූපවාහිනි නාලිකාවේ ආරාධනයකට අනුව සහභාගි වූ රූපවාහිනි සාකච්ඡාව එම නාලිකාව විකාශනය කිරීමෙන් පසු එය රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙන ආකාරය දැක ගැනීමට හැකි විය.
සභානායක බිමල් රත්නායක මහතා එදින පාර්ලිමේන්තුවේ විවාදය ආරම්භ කළේ ෆෙරාරි පැදවීමේ බලපත්‍ර ඇතැයි ප්‍රකාශ කළ පුද්ගලයකු අද රිය අනතුරකට භාජන වී ඇතැයි ද, එයින් ඔහුගේ මොළයට හානි වී ඇතැයි ආරංචි වී ඇති බව ද, ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරමින් විවාදය ආරම්භ කිරීමට සිදුව ඇතැයි ද ප්‍රකාශ කරමිනි.
මෙම සම්මුඛ සාකච්ඡාව පවත්වා ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි. එය විකාශනය වූ වහාම සමාජ මාධ්‍ය ජාලාවල ඒ පිළිබඳ විවේචනාත්මක සහ අපහාසාත්මක ප්‍රචාර දියත් වී ඇති ආකාරය ද දැක ගැනීමට හැකිවිය.
ඇතැමුන් එම විවේචනවලට පිළිතුරු ලබාදී තිබුණි. විවාදය පැවැත්වුයේ ඉංග්‍රීසි භාෂාවෙන් නිසා එය වටහා ගැනීමට නොහැකි වූ අය විසින් ද, මේ පිළිබඳව කිසිවක් දැක හෝ සවන් දී නොතිබුණ ද හුදෙක් රනිල් වික්‍රමසිංහ මහතාට අපහාස කිරීම පමණක් අරමුණු කරගත් අය ද එවැනි ප්‍රචාර දියත් කරන බව එම විවේචන වලින් පැහැදිලි වේ. මුල් අවස්ථාවේදී ඉංග්‍රීසි භාෂාවෙන් විකාශනය වූ එම වැඩසටහන නරඹා ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත් පිරිස් රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අදහස් දැක්වූ ආකාරය පිළිබඳව ද, ප්‍රශ්නවලට පිළිතුරු දුන් ආකාරය පිළිබඳව ද, දේශපාලන හෝ පෞද්ගලික මතිමතාන්තරවලින් බැහැර වී රට ආරක්ෂා කර ගැනීම සඳහා ගත් උත්සාහය පිළිබඳව ද ප්‍රශංසා කර තිබුණි.
රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලාංකික ඡන්දදායකයන් විසින් පසුගිය ජනාධිපතිවරණයේදී පරාජය කරන ලදී. මහමැතිවරණයෙන් තම පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එකක් භාවිත කර පාර්ලිමේන්තුවට පැමිණීමට හෝ ඔහු කටයුතු කළේ නැත. මෑතකදී ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන බවට පුවතක් ප්‍රචාරය වූ අතර ඒ පිළිබඳව විමසීමේදී ඔහු ප්‍රකාශ කර තිබුණේ ආධුනිකයන් සිටින පාර්ලිමේන්තුවකට පැමිණීමට තමන්ගේ කිසිදු අපේක්ෂාවක් නොමැති බවය.
එවැනි තත්වයක සිටිය ද අල්ජසීරා රූපවාහිනි සාකච්ඡාව මේ වනවිට වැඩි දෙනකුගේ අවධානය ලබාගෙන තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන අනිත් පක්ෂ නායකයන්ට හෝ නොලැබෙන අවධානයක් වික්‍රමසිංහ මහතා මෙමගින් හිමිකර ගෙන තිබේ. ජනතාව ඔහු මැතිවරණයෙන් පරාජය කළ ද වර්තමාන ආණ්ඩුව ඔහුගේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට කටයුතු කිරීම නිසා ඔහු පරාජය කළ මහජනතාව තමන් ගත් තීරණය පිළිබඳව තමන්ගෙන්ම ප්‍රශ්න කරන තත්වයක් දැන් උදාවී ඇත.
අල්ජසීරා යනු සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව පිළිබඳව වැරැදි තොරතුරු ප්‍රචාරය කරමින් රට අපකීර්තියට පත්කළ නාලිකාවක් බව බොහෝ දෙනෙකු අවබෝධ කරගෙන සිටිතැයි සිතමි. සාකච්ඡාව පැවැත්වුණු අවස්ථාව සඳහා සැළකිය යුතු පිරිසකට
ආරාධනා කර තිබූ අතර එයින් බහුතරයක් කොටි සංවිධානය සමග සම්බන්ධකම් පැවැත් වූ හා එයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී සිටි අය වෙති. විශේෂඥ විචාරකයන් වශයෙන් මෙම සාකච්ඡාවට ගෙන්වා තිබූ එක් අයකු හැර අනෙක් සියලු දෙනාම එල්ටීටීඊ සංවිධානයේ ආධාරකරුවෝ හෝ හිතවාදී අය වෙති. සාකච්ඡාව හොඳින් නිරීක්ෂණය කළ විට පැහැදිලි වන්නේ ගැරහීම වෙනුවට එම වේදිකාව කරුණු වඩා ගැඹුරින් වටහා ගන්නා තත්වයකට පත්කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකිවූ ආකාරයයි.
සාකච්ඡාව මෙහෙය වූ මෙයදි රාසා හසන් රනිල් වික්‍රමසිංහ මහතාට ඉඩක් නොදී සාකච්ඡාව මෙහෙයවීමට උත්සාහ කරද්දී රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ ප්‍රතිචාර හේතුවෙන් නරඹන්නන් හසන්ට සිනහ වූ ආකාරය ද දැක ගැනීමට හැකිවිය. හසන් රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රතිචාර දැක්වීමේදී එල්ටීටීඊ සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවට කළ ප්‍රකාශයේදී හැර වෙනත් කිසිදු අවස්ථාවක කිසිවකුත් අත්පොළසන් නැගුවේ නැත.
මෙයදි රාසා හසන් මීට පෙර පැවැත්වූ සාකච්ඡවලදී ද මේ ආකාරයටම කටයුතු කර තිබේ. සම්මුඛ සාකච්ඡාව පැය දෙකක පමණ කාලයක් පැවතුණි. එය විනාඩි හතළිස් නවයක් වනසේ සංස්කරණය කර විකාශනය කර තිබුණි. හසන් හැසිරුණු ආකාරයෙන් අවබෝධ වන්නේ සංස්කරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා අවමානයට ලක් කිරීම අරමුණු කරගෙන එම කාර්යය ඉටුකර ඇති බවය. එම සාකච්ඡාවේදී තමන් ප්‍රකාශ කළ වැදගත් කරුණු රැසක් සංස්කරණයේදී ඉවත් කර ඇති බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණි.
එවැනි තත්වයක් යටතේ වුවද රනිල් වික්‍රමසිංහ මහතා සැළකිය යුතු මට්ටමක සංයමයක් පවත්වා ගනිමින් සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දුන් ආකාරය ප්‍රදර්ශනය විය. දැන් මෙම සංවාදය සිංහලට පරිවර්තනය කර ඕනෑම කෙනකුට අවබෝධ කරගත හැකි ආකාරයෙන් අන්තර්ජාල ගතකර තිබේ. පරිවර්තනයේදී සුළු අඩුපාඩු තිබුණ ද එම කාර්යය ඉටුකළ පිරිසට ස්තුතිය හිමිවිය යුතුය. අද වනවිට ඕනෑම අයකුට එම සංවාදය නැරඹීමට සහ එහි අන්තර්ගතය අවබෝධ කර ගැනීමට අවස්ථාව සැලසී තිබේ.
හසන් ප්‍රශ්න කිරීම ආරම්භ කරන්නේ ජනාධිපති ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත් වීමෙන් පසු රටේ ආර්ථිකය ස්ථාවර කිරීම පිළිබඳව අදහස් දක්වමිනි. උද්ධමනය සියයට හැත්තෑ තුනක්ව තිබියදී එය සියයට එකයි දශම තුන දක්වා අඩුකර, ආර්ථික වශයෙන් රට ගොඩගනු ලැබුව ද, මැතිවරණවලදී මහජනතාව ඔබට පරාජයක් ලබා දුන්නේ ඇයි දැයි යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි. රනිල් වික්‍රමසිංහ මහතා එයට පිළිතුරු දෙමින් මම පරාජය වූ ආකාරය පිළිබඳව කතා කිරීමට නොපැමිණි බවත්, වසර දෙකක් තුළදී එම කාර්යය සාර්ථකව ඉටු කිරීමට හැකිවීම පිළිබඳව තමන් සතුටු වන බවත් ප්‍රකාශ කළේය.
ඉන්පසු අරගලය හිංසාකාරී ලෙස මර්දනය කිරීම පිළිබඳව ජාත්‍යන්තර ආයතන විවේචන එල්ල කර ඇතැයි ද ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට ඇත්තේ කුමක්දැයි විමසනු ලැබීය. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීම තම වගකීම වූ බව ද, පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී එයට ඉඩ නොදී එම වගකීම ඉටු කළ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ආපසු පැමිණීමට ඉඩ දුන්නේ කුමන හේතුවක් නිසාද යන්නත්, ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාව තහනම් පනවා තිබියදී ඔහුට විරුද්ධව කටයුතු නොකළේ කුමක් නිසාද යන්නත් ප්‍රශ්න කරනු ලැබිණි. තමා ඒකාධිපතියකු නොවන බව ද ගෝඨාභය මහතාට චෝදනා නොතිබිය දී ඔහුගේ පැමිණීම වැළැක්විය නොහැකි බව ද, ශවේන්ද්‍ර සිල්වා මහතා ඕනෑම පරීක්ෂණයකට සූදානම් බව තමාට ප්‍රකාශ කර ඇති බව ද එහිදී ප්‍රකාශ කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වූ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා ද අස්විය යුතු බවට ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළ බවක් ඇතැම් ප්‍රකාශනවල සඳහන්ව තිබේ. එසේ වුවද රනිල් වික්‍රමසිංහ මහතා මෙම සම්මුඛ සාකච්ඡාවේදී පිළිතුරු ලබා දුන්නේ රට ආරක්ෂා කර ගැනීමේ පරමාර්ථයෙන් බව පැහැදිලි වේ.
යුද සමයේදී සිදුවූ ඝාතන, අතුරුදන්වීම් ආදිය පිළිබඳ ප්‍රශ්න කිරීම්වලදී වික්‍රමසිංහ මහතා රට පිළිබඳ කොතරම් වගකීමකින් කටයුතු කළේද යන්න ඕනෑම කෙනෙකුට පැහැදිලි වනු ඇත. යුද්ධය පවතින අවස්ථාවේදී ඔහු සිටියේ විපක්ෂයේය. තමන් නොදන්නා බව හෝ එම යුගයේ පැවැති රජයට වගකීම පැවරීමෙන් හෝ වැළකී ඒ සියලු කරුණුවලට ඔහු රට වෙනුවෙන් පිළිතුරු ලබා දුන්නේය. පාස්කුදා ප්‍රහාරය පිළිබඳව ප්‍රශ්න කරද්දී ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ පියවර පිළිබඳවත්, පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද කමිටු වාර්තාව පිළිබඳවත් වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුවට බවත් ඔහු ප්‍රකාශ කළේය. ඔහු ද එයට වගකිව යුතු බවට හසන් ප්‍රකාශ කරද්දී වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමන් නිර්දෝෂ කරනු ලැබ ඇති බවය.
බටලන්ද පිළිබඳ ඔහුට නැගෙන චෝදනා පිළිබඳව ප්‍රශ්න කරද්දී වික්‍රමසිංහ මහතා සඳහන් කළේ එවැනි වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කර නැති බවය. එහිදී බීබීසි වාර්තාකාරිනිය එහි පිටපතක් පෙන්වූ නමුත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ එවැන්නක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බවය.
හසන්, රනිල් වික්‍රමසිංහ මහතාට කතා කිරීමට ඉඩ දුන්නේම නැත. පිළිතුරු සම්පූර්ණ කිරීමට පෙර ඔහු මැදින් කඩාවැදී එයට බාධා කිරීම හෝ වෙනත් මාතෘකාවකට මාරුවීම සාකච්ඡාවේ සුලභ දර්ශනයක් විය. සන්සුන් වන ලෙස කිහිපවරක්ම වික්‍රමසිංහ මහතා හසන්ගෙන් ඉල්ලා සිටියේය. සාමාන්‍යයෙන් මෙවැනි සාකච්ඡාවලදී සිදුවන්නේ එහි අනිත් පැත්තය. මෙම සාකච්ඡාවේදී ආරාධිතයා පිළිතුරු දුන් කාලය සහ ප්‍රශ්න විචාරකයා වැයකළ කාලය කිසිවකු නිරීක්ෂණය කළහොත් ප්‍රශ්න විචාරකයා අනුගමනය කළ පිළිවෙත පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට හැකිවෙනු ඇත. එවැනි තත්වයක් යටතේ වුවද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න විචාරයකයාගේ අරමුණු ජය ගැනීමට ඉඩ ලබා දුන්නේ නැත.
මෙම සාකච්ඡාව පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් විද්‍යුත් මාධ්‍ය පළකර තිබූ වැරැදි තොරතුරු පිළිබඳව සිංහල පරිවර්තනය සහිත එම වීඩියෝව නැරඹීමෙන් වටහා ගැනීමට හැකිවෙනු ඇත. පසුගිය කාලය තුළදීම රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව විවේචනය කළ සැළකිය යුතු පිරිසක් එම සාකච්ඡාවේදී වික්‍රමසිංහ මහතා අනුගමනය කළ පිළිවෙත ඇගයීමට ලක්කර ඇති ආකාරය දැක ගැනීමට හැකිවිය.
සමගි ජන බලවේගයේ අපේක්ෂකයකු ලෙස මහමැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා එම සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ ආකාරය ඇගැයීමට ලක්කර ඇති ආකාරය හා ඊට එරෙහිව අදහස් ප්‍රකාශ කළ අයට ප්‍රතිචාර දැක්වීමට ද කටයුතු කර තිබෙනු දක්නට ලැබුණි.
ප්‍රවීණ මාධ්‍යවේදියකු වන මහින්ද රූබසිංහ මහතා ද කරුණු දහඅටක් යටතේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සාර්ථකත්වය ඇගයීමට ලක්කර තිබුණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන මිලින්ද රාජපක්ෂ මහතා ද රනිල්ගේ පිළිවෙත ඇගැයීමට ලක්කර තිබේ. තවත් බොහෝ දෙනකු මේ ආකාරයටම රනිල් වික්‍රමසිංහ මහතා එම සංවාදයේදී දැක්වූ එඩිතර බව, නිරවද්‍යභාවය, නොබියව නිසි පිළිතුරු ලබාදීම හා රට වෙනුවෙන් පෙනී සිටීම ආදිය ඇගයීමට ලක්කර තිබේ. එම සාකච්ඡාව පිළිබඳව නිවැරැදිව වටහා ගැනීම සඳහා කළ යුත්තේ සිංහල පරිවර්තනය සහිත සම්පූර්ණ විඩියෝව නැරඹීම බව ප්‍රකාශ කළ යුතුව ඇත.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යානාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුම බණ්ඩාර
ලබුගම සහ කලටුවාවේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන කැලණි ගඟට තඹ සහ පිත්තල නිස්සාරණ සමාගමක බැර ලෝහ එකතු වන බවට අපි පසුගිය පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා වාර්ත
දිළිඳු බව ලෝකය පුරා දක්නට ලැබෙන්නකි. බුදුදහම එය අනුමත නොකරන අතර එය පිටුදැකිය යුතු බව දේශනා කරයි. ජන සමාජය දුර්වල වීම, අස්ථාවර වීම, සදාචාරාත්මක වශයෙන් දු
2018 න් පසුව පළාත් පාලන මැතිවරණයක් නැවත පැවැත්වීමට නියමිතව තිබුණේ 2022 වර්ෂයේ වුවද, ආර්ථික අර්බූදය සහ ආර්ථික අවපාතය හමුවේ පළාත් පාලන මැතිවරණය වරින් වර කල් ද
ශ්රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කළේ 2022 අප්‍රේල් 12 වැනිදාය. ඉන් දින දෙකකට පසු, ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය නව ගුවන් යානා 21 ක් බද්දට ගැනීමේ සැ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ජසීරා රූපවාහිනි නාලිකාවේ ආරාධනයකට අනුව සහභාගි වූ රූපවාහිනි සාකච්ඡාව එම නාලිකාව විකාශනය කිරීමෙන් පසු එය රට
උසාවිය තුළ වෙඩි තැබීම ඇතුළු නොබෝදා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා මහජනයා අතර භීතිය මතු වී තිබේ. බොහෝ දෙනා මේ සිද්ධි ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස විග්‍රහ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අල්ජසීරා විවාදයේදී රනිල්ගේ හඬ
wije Wednesday, 12 March 2025 04:00 PM
එම්බල නිච මහැදුර... තුට්ටු දෙකට තමාගේ ආත්මය පාවා නොදී හිටු, තක්කඩි හාමු හත්පොලේ වසුරු ලාගෙන ඔත්පලව සිටි බව මුළු ලොවම සියැසින් දුටුවා...
chinthaka Thursday, 13 March 2025 04:56 AM
රනිල් හෑවා නොවේ නෑවා කියලා සාමාන්‍ය සිහිබුද්ධියක් තියෙන ඕනෑම මිනිහෙක්ට පේනවා. එහෙම තියෙද්දී රනිල්ව වීරයෙක් කරන්න දඟලන සුනන්ද මද්දුම බණ්ඩාර කියන මනුස්සයාගේ මහාචර්යකම ඇත්තටම පරීක්ෂා කරන්න ඕනෑ නීතයානුකූලද කියලා.
ගුණරත්න Thursday, 13 March 2025 08:03 AM
මලිමාවුන්ට රට ගැන ඇති කැක්කුමක් නැහැ. රට ගැන කැක්කුමක් ඇති යයි මවා පාන්න තමයි ඔවුන් එදත් අදත් කරමින් සිටින්නේ. රටේ ද්‍රෝහියෙක් කියලා හංවඩු ගහපු එකා රට ආරක්ෂා කරනවා. රටේ ආරක්ෂකයන් කියාගෙන ඉන්නා අය අර මිනිහාට නැති වෙන්න ගහනවා. ඕක තමයි අපි නම් දුටුවේ...
Dr. Amda Thursday, 13 March 2025 12:15 PM
මෙය විවාදයක් නොවේ. තමන් කළ කී දෑ ගැන ප්‍රශ්න කිරීමක්. සදාචාරාත්මක බව හා වගවීම පිළිබඳ වික්‍රමසිංහගේ භූමිකාව ප්‍රශ්න කිරීමක්. එයට උත්තර නැති වුණා. සරලයි. මේක ආය සමරගාලා, හුණුගාලා, ඔතලා වහන්න බෑ. ඇතුලේ වසුරු....