IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අලි-මිනිස් ගැටුමට සරල විසඳුම්

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම් ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින නිසා දැඩි සැලකිල්ලෙන් එය අවම කිරීමට ජාතික මට්ටමේ ක්‍රමෝපාය සැකැසිය යුතු වේ. එය පැති කිහිපයකින් කරුණු සලකා බලා හොඳින් මුදල් යොදවා, හොඳින් සැලැසුම් කොට ඉටු කළ යුතු දීර්ඝ ක්‍රියාවලියකි. අලින්ගේ හැසිරීම සම්බන්ධයෙන් මහජනයා දැනුම්වත්කොට, ගැටුම් අවම කිරීමේ ක්‍රමෝපාය යොදවා අලි රංචු ගැවැසෙන ආකාරය හොඳින් නිරීක්ෂණය කොට, අලි රංචු පාලනය කිරීමේ ක්‍රමෝපාය යොදා උන් නිශ්චිත ප්‍රදේශවල රඳවා තබා ගනිමින් මෙම කාර්යය කළ යුතුය. ඉන් වඩාත් අර්ථවත් ප්‍රතිඵල අත්කරගැනීමට නම් සෑහෙන කාලයක් හා වෑයමක් යොදා එම ක්‍රියාමාර්ග ඉවහල් කරගත යුතු වේ. මෙහිදී මිනිසුන් පදිංචි ප්‍රදේශවල සිදුවන අලි ප්‍රහාර වළකා ගැනීම උදෙසා ඉවහල් කරගත හැකි අඩු වියදම් තාක්ෂණ දෙකක් පිළිබඳව සාකච්ඡා කෙරේ. ඒ හැරුණුකොට මෙම ගැටලුවෙන් ඉක්මනින් සහනය ලබාගැනීමට උපකාරී වන වෙනත් වියදම් සහගත ක්‍රමයක් ද මෙහිදී ඉදිරිපත් කෙරේ.

වන සත්ව ගහණය වැඩි වෙමින් පවතින සෑම රටකම පාහේ සත්ව මිනිස් ගැටුම් එක සේ පවතී. ශ්‍රී ලංකාවේ මෙම ගැටලුවට විසඳුම් සෙවීම උදෙසා ජාතික මට්ටමේ නිශ්චිත ක්‍රියාමාර්යක් ගෙන නැතත් මානව ජනගහනය වැඩි වීමත් සමග සත්ව වාස භූමි වෙත එල්ල වන තර්ජනය හොඳින් අවබෝධ වී තිබේ.

ඒ අතර සතුන් වෙතින් මිනිස් ජීවිතවලට සෑහෙන තරම් අනර්ථකාරී බලපෑම් එල්ල වුවද සත්ව ගහනය පාලනය කිරීම උදෙසා විධිමත් කළමනාකරණ උපක්‍රම අනුගමනය කොට නැත. වල් අලි ගැවසෙන ප්‍රදේශ ගම් වලින් වට වී ඇති නිසා විශාල අලි ගහනයකට සැරි සැරීමට හැකි භූමිය සීමා වී ඇත. එහි නිත්‍ය ප්‍රතිඵලය වී ඇත්තේ අලි මිනිස් ගැටුමයි.

ශ්‍රී ලංකාවේ වනාන්තර වැස්ම දිනකට අක්කර 10 (හෙක් 4) බැගින් ඉවත්ව යන බව මෑතකදී වාර්තා විය. ලෝකයේ පොහොසත්ම ජෛව විවිධත්වය පවතින බවට හඳුනාගෙන ඇති රටක සත්ව, ශාක වාස භූමි අහිමි වීම කිහිප ආකාරයකින්ම විනාශකාරී වේ. පුරාණ ඓතිහාසික නටබුන් පැවතීම, රන් පැහැ වැල්ලෙන් සමන්විත වෙරළ තිබීම හා (විශේෂයෙන් අලින් සහ දිවියන් ගැවසෙන) වන සතුන් සහිත වනාන්තර පැවතීම ශ්‍රී ලංකාවේ අනර්ඝත්වයට බලපා ඇති ත්‍රිවිධ කාරණාය. ගෝලීය වශයෙන් සංචාරක කටයුතු උදෙසා ඉමහත් ප්‍රසිද්ධියක් මෙරටට ලැබී ඇත්තේ ඒවා නිසාය. ඒ අතර වසරින් වසර මෙකී නිධානයන් ක්‍රමයෙන් විනාශව යාම ද නිමා නොවේ.

මෙම තර්ජනය එකහෙළාම නවතා දැමීමේ ජාතික වගකීමකුත්, සදාචාරාත්මක යුතු කමකුත් බලධාරීන්ට පැවරී ඇත. කෙසේ වුවද තම තමන්ට අදාළ විෂයපථයන්ට යොමු වී ඇති බොහෝ දේශපාලනඥයන්ට මෙම ගැටලුව පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නැත. එහි ප්‍රතිඵලය වන්නේ සම්පත් නිසි පරිදි කළමනාකරණය නොවීම හා නොතකා හැරීමය. බොහෝ බුද්ධිමතුන්ගේ හා යහපත් චේතනාවෙන් කටයුතු කරන රාජ්‍ය සේවකයන්ගේ හඬ ද දේශපාලන සම්බන්ධතා ඇති මාෆියා කල්ලිවලට ශ්‍රී ලංකාව යට වී තිබීමද කනගාටුවට කරුණකි. පරිසර සංරක්ෂණය සම්බන්ධව කටයුතු කරන බොහෝ දේශීය රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධාන දේශපාලන පක්ෂවලට නතු වී, වඩා හොඳ පරිසරයක් සකස් කිරීමට වඩා ඒවායේ දේශපාලන නායකයන්ගේ සිතැඟි අනුව කටයුතු කරන බවද ප්‍රකටය.
 

සියලු සත්ව-මිනිස් ගැටුම් වලින් අලි මිනිස් ගැටුම වඩාත් අභියෝගාත්මකය. එසේ වීමට හේතු රාශියකි. සත්වයාගේ ශරීර ප්‍රමාණය හා ශක්තිය, රංචුවක බොහෝ ගණනක් සිටීම, සැරි සරන ප්‍රදේශය විශෘල වීම, විශාල ආහාර ප්‍රමාණයක් මෙම සත්වයන්ට අවශ්‍ය වීම යන හේතු ඒ අතර ප්‍රමුඛය.

විශාල වන සත්ව උද්‍යාන සාර්ථකව පවත්වාගෙන යන දකුණු අප්‍රිකාව වැනි රටක පවා මිනිසුන් හා මහා සත්වයන් පස් දෙනා (අලියා, සිංහයා, දිවියා, රයිනෝ සහ අප්‍රිකානු කුළු හරකා) අතර පවතින ගැටුම් නිරන්තරයෙන්ම සිදුවේ. එම ගැටුම් අවම කර ගන්නට දැරූ උත්සාහයද ඒ අතර බොහෝය. ලෝකයේ වඩාත් විශාලතම සෆාරි උද්‍යානයක් වූ දකුණු අප්‍රිකාවේ ක්රූගර් ජාතික උද්‍යානයේ ද සත්ව මිනිස් ගැටුම් අවම කර ගන්නට දරනුයේ අසීරු අරගලයකි. මම එම උද්‍යානය නරඹා ඇත්තෙමි. ශ්‍රී ලංකාවේ වර්ග. කි.මී. 65610 විශාලත්වය හා සසඳා බැලූ විට වර්ග සැතපුම් 19485 ක විශාලත්වය කින් හෙබි එහි තරම හොඳින් පෙනී යයි. ඒ තුළ කි.මී. 900 පමණ දිග මාර්ග පද්ධතියකි.

බොහෝ සත්ව විශේෂ අතුරින් වැඩිපුර සම්පත් වැය වන්නේ අලින් පිළිබඳ ගැටලුව උදෙසාය. අලි බුද්ධිමත් සත්ව විශේෂයක් වන අතර අවුරුදු 60 කට වැඩි කාලයක් ජීවත් වෙති. උන්ට හොඳ මතක ශක්තියකුත් ගැටලු විසඳා ගැනීමේ නිපුණතාවකුත් ඇත. මිනිසුන් හැරුණු කොට අලි ගොදුරු කර ගන්නා වෙනත් ස්වභාවික විලෝපීය සත්වයන් නැත. වාර්තා චිත්‍රපට කිහිපයක් නරඹන අයකුට අ ලින් කොතරම් බුද්ධිමත්ව හැසිරෙන්නේ දැයි දැක ගත හැකිය. විශේෂයෙන් මේ සම්බන්ධ බොහෝ BBC වාර්තා චිත්‍රපට ඇත. ශ්‍රී ලංකාවේදී මේ ගැන දැක ගත හැකි බොහෝ යූ ටියුබ් දර්ශන ද ඇත. බිඳුණු ගස් කඳන් වලින් දමා ගසා විදුලි වැට කඩා දමා තම ගමන යන අලින්ගේ දර්ශන ඒවායේ බොහෝය. ශ්‍රී ලංකාවේ ඉදි කොට ඇති විදුලි වැට සාර්ථක ලෙස නිර්මාණය වූවක් නොවන බව පෙනී යයි. විදුලි වැට ඉදි කළ යුත්තේ අලින්ට වඩා බුද්ධිමත් මිනිසුන් විසිනි.

1900 ගණන්වල මුල් භාගයේ සිටි 12000 ක් පමණ වූ අලි ගහනය 7500 දක්වා පහත වැටී ඇති බව සංඛ්‍යා ලේඛන වලින් පෙනී යයි. 2019 දී අලි 405 (5.7%) මිනිසුන් විසින් මරා දමනු ලැබ ඇත. 2018 දී මිනිසුන් මරා දමනු ලැබූ අලි සංඛ්‍යාව 360 කි. රජයේ දත්ත අනුව පෙර වර්ෂයේදී අලින් විසින් මරා දමනු ලැබූ මිනිසුන් සංඛ්‍යාව 96 කි. 2019 දී එම සංඛ්‍යාව 21 කි. සියයට 6 කට ආසන්න වූ ඉහළ මට්ටමේ ඝාතන ප්‍රතිශතය කිසිම සත්ව වර්ගයක් උදෙසා ඔරොත්තු නොදේ. ඒ තරම් වැඩි සංඛ්‍යාවක් මරා දැමීමට එක් අතෙකින් බෝවීමේ අනුපාතය වැඩි වීම හේතු වූවා විය හැකිය. ගැටුම් අඩු කිරීමට වෙනත් පියවර නොසෑහේ නම් පමණක් අලි දෙනුන්ගේ ප්‍රජනන වයස වඳ බවට පත් කිරීමේ අවශ්‍යතාවක් ද මතු විය හැකිය. ගැටලුව දිගින් දිගටම සිදු වුවහොත් අවාසනාවකට නිසි සතුන් තෝරා මරා දැමීම ද ඇතැම් අප්‍රිකානු රටවල කරන්නා සේ පවතින එකම විසඳුම බවට පත්විය හැකිය.

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම පවතින තත්ත්වය අනුව එම ගැටලුවට විසඳුම් දෙනු ලබන්නේ උදාසීනත්වයකින් හා නොසැලකිල්ලෙන් බව අයකුට කිව හැකිය.

වන සත්ව ගැටලු පවතින ඉඩම්වලට අදාළ නීති පවත්වා ගැනීමේ වගකීම අත්තේ ශ්‍රී ලංකාවේ වන සත්ව සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා බලධාරීන්ට වුවද ඒවා ක්‍රියාත්මක කරනු ලබන්නේ ස්වයං මුර්ජාවකින් බව පෙනේ.

අයකුට යූ ටියුබ් චැනලයකට පිවිසීමෙන් මේ බව සාක්ෂාත් කර ගත හැකිය. වාහනවල ගමන් ගන්නා මිනිසුන් කෑම දෙන තුරු මාර්ග අයිනේ බලා ඉන්න වල් අලින්ගේ සල රූ ඒවායේ එමටය. නිදහසේ දෙන පලතුරුවල මිහිරි රසට හුරු වූ අලින් තමන්ට හුරුපුරුදු තෘණ වර්ග නීරස වීම පුදුමයක් නොවේ.

අවශ්‍යතාවක් තිබේ නම් වල් අලින්ට නීති විරෝධී ලෙස ආහාර දෙන අය සිය ගණනක් පැය කිහිපයක් තුළ අල්ලා ගත හැකි වේ. බස් රථවල ගමන් කරන මහජනයා පවා වල් අලින්ට කෑම දෙන්නට නැවතී සිටින වීඩියෝ දර්ශන යූ ටියුබ් හි බොහෝ සේ දැක ගත හැකිය. මෙම පුද්ගලයන්ට එරෙහි නීතිමය පියවර ගත් බවක් කිසිම විටක වාර්තා වී නොමැත. තමන්ගේ ක්‍රියාවන් සතුන්ගේ සෞඛ්‍යයට හා හැසිරීමට බලපාන ආකාරය එම අය නොදනිති. බලා ඉන්න වල් අලින්ට ආහාර පිණිස, දෙන්නට මිලදී ගත හැකි කෙසෙල් සහ පැණි පුහුල් සහිත කඩ ද පාර දෙපස ඇත. මගීහු ඒවායින් පලතුරු මිලදී ගෙන සිඟමන් යදිනා වල් අලින්ට දෙති. විශාල වශයෙන් ස්වභාවික නොවූ ආහාර පරිභෝජනයට පුරුදු වීම නිසා එය සතුන්ගේ සෞඛ්‍යයට හා හැසිරීමට අනර්ථකාරී ලෙස බලපෑම් සිදු වන්නේ කාලයත් සමඟය.

මෙම ගැටලුවට විසඳුම් කොළඹ වායු සමීකරණය කළ කාමරවල සිට දිය නොහැකිය. මුලින්ම අලි රංචුවල හැසිරීම නිරීක්ෂණය කිරීම, ඩ්‍රෝන තාක්ෂණ වැන්නක් භාවිත කොට කළ යුතුය. ඉන් අනතුරුව ක්ෂණික මෙහෙයුම් කළ හැකි ඒකකයක් පිහිටුවිය යුතුය. ඒවාට ෆෝ වීල් ජීප් රථ, ATV වර්ගයේ බිම් වාහන, වායු තුවක්කු වෙඩි ආදිය තිබිය යුතුය. මිනීමරු අලියකු ගම් වැදී ඇති බවට ගැමියකුගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනතුරු බලා ඒ වෙත යාම සාර්ථක නොවේ. ප්‍රශ්නය මතු වෙන ස්ථානය කල් තියා දැනගත හැකි උපකරණ අප සතුව තිබිය යුත්තේ ඒ නිසාය.

ඊළඟට විදුලි වැට පිළිබඳ ගැටලුව ගනිමු. ඉදි කළ පසුව වැටවල් නිරන්තර නිරීක්ෂණයට ලක් විය යුතුය. විදුලි වැටවල් ආරක්ෂිත ප්‍රදේශ උපක්‍රමශීලී ලෙස කාණු වලින් ද වට කිරීම උචිතය.

ලැව් ගිනි පිළිබඳව පරීක්ෂාකාරී වීම සඳහා කැනඩාවේ ඩ්‍රෝන තාක්ෂණ හැරුණු විට මුර කුලුනු භාවිතය ද සිදුවේ. ශ්‍රී ලංකාවේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ගැමියන් ඒවායේ (මුර කුලුනු වල) රඳවා තැබීම ද යෝග්‍යය. රජයක් කෙරේම විශ්වාසය නොතබා එම ගැටලුවට ඍජුව මුහුණ දෙන ජනයා හට ද ඒ අයුරින් විසඳුම් සඳහා දායක විය හැකිය.

වර්තමානයේ සැරි සැරීම උදෙසා අලින් හට වෙන් කර දී ඇති ප්‍රදේශ තවදුරටත් මිනිස් ආක්‍රමණිකයන්ට අල්ලා ගැනීමට ඉඩ නොලැබෙන අයුරින් ඊට අවශ්‍ය පියවර ගත යුතුය. යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ බොහෝ සංචාරක සමාගම්, වල් අලි නැරඹීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වැදගත්කම ගැන පුළුල් ප්‍රචාරයක් දෙයි. මෙම ජාතික සම්පත් ප්‍රදර්ශනය කිරීමෙන් විදේශ සංචාරකයන් වෙතින් උපයන ආදායම අලින්ගේ ප්‍රයෝජනය තකා වෙන් කිරීම කළ යුත්තකි.

මෙම ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය ප්‍රවීණයන් වෙතින්, අලි මිනිස් ගැටුම යම් තරමකින් සමථයකට පත් කිරීම උදෙසා උපදෙස් ගැනීමෙන් අනතුරුව මෙම අඩු වියදම් සහිත පහසුවෙන් භාවිතයට ගත හැකි ක්‍රම 2 ක් පහත ඉදිරිපත් කරමි.

මා විස්තර කිරීමට බලාපොරොත්තු වන තාක්ෂණය නම්

චලන සක්‍රීය ප්‍රොපේන් කාලතුවක්කුව
ඩ්‍රෝන මගින් පරීක්ෂාකාරී වීම සහ අලින් පලවා හැරීම සඳහා ඩ්‍රෝන භාවිතයයි.  
 

   
චලන සක්‍රීය ප්‍රොපේන් කාලතුවක්කුව
මෙය රටවල් බොහෝවක සත්ව වර්ග පාලනය කිරීම සඳහා භාවිත වූ පැරණි හා නව තාක්ෂණයේ සංකලනයකි. නිවෙස්වල භාවිත ප්‍රොපේන් වායු සිලින්ඩරයක් මෙහිදී උපයෝගී කර ගැනේ. මෙම උපකරණයේදී ප්‍රොපේන් වායුව දහනය වන්නේ වෙඩි හඬක් නිකුත් වන ආකාරයටයි. ඉලෙක්ට්‍රොනික දල්වනයක් යොදා ක්‍රමලේඛනය කළ ටයිමරයකට (කාල උපකරණයකට) ගෑස් වෑල්වයකට එය සවි කර තිබේ.

ප්‍රොපේන් කාලතුවක්කු බොහෝ රටවල ගුවන්තොටුපොළ ඛනිජ තෙල් කම්හල් ආදියේ කුරුල්ලන් පළවා හැරීම සඳහා සාර්ථකව යොදා ගැනේ. මේවා මුලින්ම යොදා ගැනුණේ කාලාන්තරයට වරක් ඉබේ පත්තු වන ආකාරයටයි. එවිට සතුන් ඊට හුරුවන නිසා පසුව සත්ව රංචු පැමිණෙන විට පමණක් පත්තු වන ආකාරයට ඒවා සැකසුණේය. මේවායේ බැටරිය සූර්ය කෝෂයකින් ක්‍රියාත්මක වන ආකාරයට ද සවි කළ හැකිය.

අලින් පළවා හැරීම උදෙසා මේවා නවීකරණය කොට ඉහළ ස්ථානවල සවි කළ හැකිය. එවිට අලින්ට ඒවා විනාශ කළ හැකි නොවේ.


ඩ්‍රෝන මගින් පරීක්ෂාකාරීවීම සහ ඩ්‍රෝන භාවිතයෙන් අලින් පළවා හැරීම.

අලින්ගේ හැසිරීම, උන් ගැවසෙන ස්ථාන ඩ්‍රෝන මගින් පරීක්ෂාවට ලක් කිරීම පළමු වැන්නයි. පරෙස්සම්සහගතව දුරක සිට දිවා රෑ දෙකේම (රැයේ පෙනෙන තාප සංවේදකය මගින්) මෙම පරීක්ෂාව කළ හැකිවේ.

දෙවැන්න, මී මැස්සන්ගේ ගුමු ගුමුව ඩ්‍රෝන මගින් පතුරවා හැරීමයි. අලි මී මැසි රංචු වල ගුමු ගුමුවට බෙහෙවින් බිය වෙති.

බටහිර අප්‍රිකාවේ සැවාන පෙදෙස්වල  වෙසෙන අලි මිනිසුන්ගේ සහ සිංහයන්ගේ තර්ජනය හැරුණු කොට මී මැසි රංචුවල තර්ජනවලට ද ලක් වෙති. මී මැස්සෝ අලින්ගේ ඇස් හා හොඬය ආශ්‍රිත සංවේදී ස්ථානවලට විඳිති. කුඩා මී මැස්සන්ගේ ගුමු ගුමුව ඇසෙන විට සද්දන්ත අලි පළා යන බව එම රට වල වීඩියෝ දර්ශන වලින් පැහැදිලිය.


යොදා ගත හැකි වෙනත් සරළ ක්‍රම.

අලින්ගෙන් සිදුවන කෘෂි බෝග අස්වනු හානි වළක්වා ගැනීමට වෙනත් සරළ ක්‍රම ද වේ. කුඹුරු අද්දර කටු සහිත ගස් වැවීම එක් ක්‍රමයකි.

අප්‍රිකානු රටවල බහුලව භාවිත කෙරෙන ක්‍රමයකි ගොවිපොළ සමීපයේ මී මැස්සන් බෝ කිරීම හා සැර මිරිස් වර්ග වගා කිරීම. මේ මගින් ගොවීන්ට අමතර ආදායමක් ද ලබා ගත හැකිය.

අලින්ගේ ප්‍රහාරයට ලක් වන ප්‍රදේශවල පැණි රස ආහාර බෝග වගා නොකර සිටීමට වගා බලා ගැනීමද තවත් ක්‍රමයකි. උක් සහ පැණි පුහුල් (මෙලන් වර්ග) වගා බිම් අලින්ගේ ප්‍රහාරයට ලක් වීම සුලභ කරුණකි.

(***)

ආචාර්ය නිමල් රාජපක්ෂ විසිනි
(එඩ්මන්ටන්, ඇල්බර්ටා, කැනඩාව)
පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ


 

 



අදහස් (5)

අලි-මිනිස් ගැටුමට සරල විසඳුම්

sugath Thursday, 28 January 2021 08:18 PM

වල්අලින් අද බොහෝවිට ගම් වදින්නේ හේන් ඵලදාවේ සහ ගොවීන්ගේ අස්වනු කපාගත් වී වල රස වැටීම නිසයි. මෙවැනි දේට රස වැටුණු වල්අලින් වැටවල් ගැසීමෙන්, ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කිරීමෙන්, මී මැස්සන්ගේ ගුමුගුමුව පැතිරවීමෙන් හෝ සිංහයින්ගේ නාදය පැතිරවීමෙන් පලවා හැරිය නොහැකිය. ඕනෑම ජෛව පද්ධතියක දිගුකල් පැවැත්ම සඳහා විලෝපිකයින් අවශ්‍යයි. ලංකාවේ වල් අලින්ට සහ දිවියන්ට ස්වභාවික විලෝපිකයින් නොමැත. එවැනි තත්වයක් යටතේ අකමැත්තෙන් හෝ ඔවුන්ව යම් කෘත්‍රිම ක්‍රමයකින් පාලනය කළ යුතුයි. එවැන්නක් නොකළහොත් සිදුවන්නේ එවැනි සතුන්ගේ වර්ධනයෙන් මිනිසුන්ගේ පැවැත්මට තර්ජනයක් වීමයි.

:       8       4

චිත්‍රනන්ද Thursday, 28 January 2021 11:26 PM

අලි එලවන එකයි, කොටු කරන එකයි විතරයි විසඳුම් විදියට දීලා තියෙන්නේ. ඒවා තාවකාලික විසඳුම්...

:       2       5

asanka Tuesday, 02 February 2021 04:33 PM

අපේ රටේ අලි තර්ජනය අප්‍රිකාවේ තත්වය සමග සැසඳිය නොහැක. අප්‍රිකාවේ සෆාරි උද්‍යාන ඉතා විශාල භූමි භාගයකින් සමන්විත වන අතර, ඒ අවට මනුෂ්‍ය වාසස්ථාන ඇත්තේ අඩුවෙනි. එබැවින් එරට අලි මිනිස් ගැටුම අවමයි. ලංකාවේ ඇත්තේ කුඩා භූමියක් බැවින් අලි මිනිස් ගැටුම වඩා ඉහළ අනුපාතයකින් සිදුවේ. මෙහිදී අප ප්‍රමුඛත්වය දිය යුත්තේ දුප්පත් ගොවීන් ආරක්ෂා කර ගැනීමටයි.

:       1       4

sampath Tuesday, 02 February 2021 05:32 PM

වන ගහනය වැඩිකිරීම හැර වෙන එක බහුබූතයක් වත් ලංකාවට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා සීඝ්‍රයෙන් සිදුකරන වන විනාශය බිංදුවටම අඩුකිරීමට කටයුතු කළ යුතුයි...

:       3       6

dilip Wednesday, 03 February 2021 09:51 AM

වනාන්තර තුළ අලින්ට ජීවත් වීමට සුදුසු පරිසරයක් සෑදිය යුතුය. ජලය සහ කෑම.

:       0       6

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 38 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1251 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 588 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 189 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4556 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12916 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38451 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site