IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අලි-මිනිස් ගැටුම් වළක්වන ක්‍රමවේද සොයාගන්න බැරිද?

සෝමාවතිය රක්ෂිතයේ ඇතකු සහ අලි රංචුවක අලි සිව්දෙනකු මැදිරිගිරිය වටදාගෙය රක්ෂිතයේ කුඩා ප්‍රදේශයක දින පහක් තිස්සේ රැඳී සිටිමින් මැදිරිගිරිය නගරය අවට ගම්මානවලට රාත්‍රියේ සහ දිවා කාලයේ කඩා වැදීම නිසා ප්‍රදේශවාසීන් භීතියට පත් වීමේ පුවත නොබෝදා අප පුවත්පතේ, ‘‘අලි රංචුවක් කඩාවැදී මැදිරිගිරියේ ගම් පහක ගම්මු බියෙන්’’ යන හිසින් පළ වූයේය.

මේ වන විට අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව ඒ ඒ  අවස්ථානුකූලව තාවකාලික පියවර ගත් අවස්ථා බොහෝය.

වනජීවී රක්ෂිත පිහිටුවීම, මිනීමරු තනි අලි අල්ලා වෙනත් සුදුසු ප්‍රදේශවලට ඉවත් කිරීම අලි රංචු රක්ෂිත ප්‍රදේශ වෙත පලවා හැරීම යම් ප්‍රදේශයක හෝ ගම්මානයක වගා හානි කරන වන අලි වෙඩි සහ රතිඤ්ඤා පාවිච්චි කොට පලවා හැරීම, ගම්මාන හා වගාබිම්වලට වන අලින්ට පැමිණිය නොහැකි වන ලෙස විදුලි වැට ඉදිකිරීම හා පළල් කාණු කැපීම වැනි බාධක ගොඩ නැගීම වන අලින්ගෙන් සිදුවන අනතුරු සහ දේපොළ සඳහා වන්දි ලබා දීම, එම පියවර අතර විය.

මෙවැනි වැදගත් පියවර වනජීවී  දෙපාර්තමේන්තුව එක් එක් අවස්ථාවල ගෙන ඇතත් පසුගිය දශක දෙක හමාරක පමණ කාලය තුළ සිදුව ඇත්තේ මෙරට අලි මිනිස් ගැටුම් තීව්‍ර ලෙස වැඩිවීමයි. වාර්ෂිකව සාමාන්‍යයෙන් අලින් 250 ක් පමණ ද මිනිසුන් 50ක් පමණ ද අලි මිනිස් ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වන බව, මේ සම්බන්ධයෙන් සම්පාදිත විගණන වාර්තාවක දැක්වේ. 2011 දී වනජීවිය  විසින් කරන ලද අලි සංගණනයට අනුව මෙරට අලි ගහණය 5879කි. 1951  වර්ෂයේ දී 1000- 1500ක් පමණ වූ මෙරට අලි ගහණය කෙමෙන් වැඩිවී මෙම තත්ත්වයට පත්ව තිබේ.

කෙසේවුවද අලි - මිනිස් ගැටුමට යම් තරමක ස්ථාවර ප්‍රතිකර්මයක් යෙදීම සඳහා මෙරට ජනාවාස හා අලින්ගේ සංක්‍රමණය පිළිබඳව තරමක් අතීත තතු සොයා බැලීම රසවත් හා ප්‍රයෝජනවත් වේ.

ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන්ම අලියා ශ්‍රී ලාංකික මිනිසාට හුරුපුරුදු සත්වයෙක් විය. ඉතිහාසයේ මූලාරම්භයේ පටන් අලින් සහ මිනිසා අතර ගැටුමක් පැවතියේ නැත. කෘෂි අස්වැන්නට අලියා හානි සිදුකළ අවස්ථාවල පවා දුරදිග යන ගැටුමක් බවට පත් නොකොට එය ගොඩින් බේරා ගන්නා ලදී.

දහනව වැනි සියවස වන විට උඩරට කඳුකර කලාප බහුල නිසා අලි ගැවසෙන වනාන්තර වලින් යුක්ත විය. බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් තේ කෝපි සහ රබර් වගා සඳහා වනාන්තර හෙළි පෙහෙළි කරද්දී එවකට කඳුකරයේ අරක්ගත් අලින්ට සිය වාසභූමි අහිමි විය.

වියළි කලාපයේ ජනයා තෙත් කලාපයට විතැන් වූ පසු එම ප්‍රදේශයේ වාරි පද්ධතිය ද බිඳ වැටිණි කඳුකර ප්‍රදේශ වලින් හා තෙත් කලාපයේ අලින් වියළි කලාපයට සංක්‍රමණය වූ බව ද ඒ පිළිබඳව වාර්තා සමීක්ෂණයේ දී  පෙනී යයි. බිඳ වැටුණු වාරි පද්ධතිය  හා වියළි කලාපයේ ද්විතීය වනාන්තර සහිත ප්‍රදේශ අලින්ට හිතකර වාසභූමි බවට පත් වූයේය.

කෘෂිකාර්මික උන්නතිය උදෙසා වියළි කලාපයේ අලුත් ප්‍රදේශය වගා කිරීමත් නව ගම්මාන ව්‍යාප්ත වීමත් වගාබිම් ඇතිවීමත් පසුගිය දශක කිහිපය තුළ වැඩි වූයේය. එම ප්‍රදේශවල අලි මිනිස් ගැටුම් ආරම්භ වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ පද්මා කුමාරි අලි මිනිස් ගැටුම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පර්‌යේෂණ වාර්තාවක් අන්තර්ජාලයේ පවතී. මෙම ගැටුම නිරාකරණය උදෙසා කෙටි කාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග එහි යෝජනා කර තිබේ.

මිනීමරු අලි ඉවත් කිරීම (තනි සුහුඹුල් අලි - සියයට 75ක් හානි සිදුකර ඇත්තේ මෙම අලින් ය) ගම්මානවලට කඩා වදින වන අලි පලවා හැරීම සහ ඒ සඳහා අවශ්‍ය දෑ ජනතාවට සැපයිම ඇතුළු කාරණා  එහි කෙටි කාලීන පියවර ලෙස යෝජනා කර ඇත. එසේම ඵලදායි මධ්‍ය කාලීන හා දිගුකාලීන පියවර ද එහි දැක්වේ.

අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් එවැනි ඵලදායි පර්‌යේෂණ සිදු කොට ඇති බැවින් එම ගැටුම් අවම කිරීම සඳහා සැලසුම් සහගත ක්‍රියා පිළිවෙළකට යොමුවීමෙන්, මෙම සත්වයනුත් මිනිස් ජීවිතත් දේපළත් බේරාගත හැකි වේ.

(***)



අදහස් (5)

අලි-මිනිස් ගැටුම් වළක්වන ක්‍රමවේද සොයාගන්න බැරිද?

AB Thursday, 23 November 2023 06:18 AM

අලි-මිනිස් ගැටුම් වලක්වා ලීම / අවම කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේද සහ තාක්ෂණික ක්‍රමවේද සමාජයට ඉදිරිපත් කිරීමට පෙර ඒ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනයක් සහ සකච්ඡාවක් කළයුතුව තිබේ. ඒ සඳහා මහජන සහයෝගයද අවශ්‍ය වේ..

:       0       1

Nisha Friday, 24 November 2023 08:01 AM

බොරු.. ඇත්ත හංගන්න හදන්න එපා... සිද්ද කරන මහා පරිසර විනාශය සාධාරණය කරන්න හිතාමතාම ඇත්ත හංගනවා.

:       0       2

Perera Saturday, 25 November 2023 08:39 AM

රටේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න පුළුවන්... මිනිස්සු පාර්ලිමේන්තුවේ නැති එකයි ප්‍රශ්නේ...

:       0       1

Ariyasena Lelwala Wednesday, 29 November 2023 09:39 AM

අලි මිනිස් ගැටුමට මුල, අලින්ගේ නිජබිම් වල මිනිසුන් පදිංචි වීම. එයට විසඳුම මිනිසුන් අලින්ට අයිති නිජබිම් වලින් ඉවත් කර අලින්ට අයිති කැළෑ ප්‍රදේශය අලින්ට ලබාදීම...! 

:       0       0

Sampath Abeygunasekara Wednesday, 29 November 2023 10:03 PM

කටු උණ වවන්න අලි වැටක් විදිහට පහසුවෙන් අලි වැටක් විදිහට පෙතන්ගොඩ කටු උණ යොදාගන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 667 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 299 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 726 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 628 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 417 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


රටට අහිමි වූ අසහාය බැලරිනාව වජිරා
2024 සැප්තැම්බර් මස 25 433 1

ජගත් නර්තන කලාව හා සමසුන් ගත හැකි විශිෂ්ට නර්තන කලාවක් බිහිකළ අසහාය බැලරිනාව - වජිරා චිත්‍රසේන අද (25) ජාතියෙන් සමුගෙන යන්නීය. ඇය පුරා වසර හැටකට අධික කාලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site