රස කවියක දෙපදයක් සේ ළඟට ළංව සිටි ගජමන් නෝනාගේත් තල්පෙ මුහන්දිරම්ගේත් පේ‍්‍රමය දෛවයේ මහා සරදමකට ලක්වූයේය. ඒ තල්පේ මුහන්දිරම් අකාලයේම මෙලොවින් සමුගෙන ගිය බැවිනි.
අත දරුවකුත් තුරුළු කරගෙන මෙලොව හුදෙකලා වූ තරුණ වැන්දඹුව තම ආදරණීය සැමියාගේ නිසල දේහය දෙස බෙහෝවර බලා සිටියාය. ඔහු සමග ආගිය ගමන් ඔහු සමග ගතකළ ආදරණීය මතකයන්, යළි යළිත් සිහිපත් කරමින් සුුසුම් හෙළු ඇයට දුක්බර කවියක් ද නොකියවුනා නොවේ.
කෙසේ හෝ වේවා යුග දිවියේ සුන්දරත්වය වසර දෙකකට පමණක් සීමා වූ ගජමන් නෝනා ආපසු පිය සෙවනට ගියාය. නිකම්ම නොවේ දරු පැටවකුද කර පින්නාගෙනය.
ජීවිතය බෙහෙවින්ම ඛේද ජනක බව සිහි කරමින් මාස දෙකතුනක් සුසුම් හෙලූ ගජමන් නෝනා කවියේ පිහිටෙන් ජීවත් වූවාය.
‘‘දුව දැන් ඉතින් අඬ අඬා හිටිය මදැයි. ආයෙමත් කසාදයක් කර ගත්තොත් නරකද?’’
වසරකට පමණ පසු එක්තරා දවසක තාත්තා ප‍්‍රැන්සිස්කු ගජමන් නෝනාගෙන් ඇසුවේය.
‘‘අනේ බෑ තාත්තෙ. මං වින්ඳ දුක මේ හොඳටම ඇති. ආයෙනම් මම කසාදයක් ගැන හිතන්නෙ නෑ.”
ගජමන් නෝනා කීවේ හිතුවක්කාර ලෙසය”
”එහෙම කොහොමද? ඔයාටත් අනාගතයක් කියල දෙයක් තියෙන්න එපායැ දුවේ.’’
‘‘එක පාරක් බැඳලා මෙහෙම නම් තව පාරක් බැන්ඳොත් කොහොම වේවිද?’’ ගජමන් ඇසුවාය.
”ඔයා ඒකෙන් අදහස් කළේ?
”බැඳල අවුරුදු දෙකයි ගියේ. මනුස්සයා මිය පරලොව ගියා. මං ආයෙ බැන්දත් එහෙම වුණොත් එහෙම එතකොට තවත් දුකක් විතරයි තාත්තෙ”
”එහෙම හිතන්න එපා දුව. එක පාරක් එහෙම වුණාට දෙවැනි පාරටත් එහෙම වෙනවද? තල්පෙ මුහන්දිරම් ගෙනා ආයුෂ ඔච්චරයි”
ප‍්‍රැන්සිස්කු තර්ක කළේය.
‘‘අපේ නෝනා ආයෙ කසාදයක් කර ගන්නෙ නැද්ද?’’
ගමේ අහල පහළ කාන්තාවෝ ද ගජමන් නෝනාගෙන් විමසූහ.
”තාම ඔයාට අවුරුදු 24යිනෙ. මේ ජීවිතේ පැණි බේරෙන වයසනෙ තනියෙන් ඉන්න එපා.
ඔය අතරවාරයේ ගජමන් නෝනාට විවාහ යෝජනා ද ගලා ආවේය. ඇය වන්දඹුවක බවත් ඇය එක්දරු මවක් බවක්වත් ඒ විවාහ යෝජනා ඉදිරිපත් කළ මනමාලයන් කල්පනා කළේ නැත. ගජමන්ගේ ලස්සන ඒ කරුණු දෙකම පැරද්දුවේය.
”මම ජීවිතේ කලකිරිලයි ඉන්නෙ. මට ආයෙ කසාද එපා. මම මේ දරුවා හදාගෙන ඉන්නවා. අලූතින් හම්බවෙන තාත්තා මේ කොල්ලට වෙනස්කමක් එහෙම කළොත්”
ගජමන් නෝනා කීවාය.
එහෙත් ප‍්‍රැන්සිස්කු හැම විටම හිටියේ අනෙක් පැත්තේය. අවසානයේ ඔහු ජය ගත්තේය. ගජමන් නෝනා දෙවැනි වරටත් විවාහ වූවාය. එවර ඇගේ අත ගත්තේ මාතර පදිංචිව සිටි තවත් මුහන්දිරම් කෙනෙකි. දොන් ගේ‍්‍රබියෙල් හෙන්ද්‍රික් සිරිවර්ධන විජය විමලසේකර ඔහුය.
ඔහු හා විවාහ වී තම දරු පැටියා ද කරපින්නා ගත් ගජමන් නෝනා මුහන්දිරම්ගේ වලව්වට ගියාය.
ඇය තම දරු පැටියා නලවන්නට අලූත් අලූත් කවි හද හදා කියවන විට මුහන්දිරම් ඒ කවි සතුටින් අසා සිටියේය.
‘‘ඔයා කොහොමද ඔච්චර ලස්සනට කවි හදන්නෙ.’’
මුහන්දිරම් තම අලූත් මනාලියගෙන් ඇසුවේය.
‘‘මම කරතොට හාමුදුරුවන්ගෙන්නෙ ශිල්ප ලැබුවේ.’’
”බොරු කියන්න එපා”
”බොරු නෙමෙයි. මමයි ඇලපාත සාමනේර හාමුදුරුවොයි දෙන්නම ඉගෙන ගත්තෙ එකට”
‘‘බොරු කියන්න එපා. කරතොට හාමුදුරුවො ගෑනුන්ට ශිල්ප දෙන්නෙ නෑ.’’
මුහන්දිරම් එවර පැවසුවේය.
”ඔහේ දන්නවද මම ශිල්ප ලැබුවේ පිරිමි ළමයෙක් වගේ ගිහින්. එතකොට මට යාම්තම් අවුරුදු දාහතරක් ඇති.
මාතර මුහන්දිරම් ඇස් දෙක නලලට ගෙන ගජමන් දෙස බලා සිටියේය.
හාමුදුරුවන්ට තේරුණේ නැද්ද, ඔහේ ගැහැනු ළමයෙක් විත්තිය”
”කොන්ඩෙ කොට කරල කපල මම කොල්ලෙක් වගේමයි හිටියෙ”
ගජමන් කීවේ වීරකමක් කළ කලෙකමෙන් සිනාසෙමිනි.
”ඔහේ නම් යස වැඩක් කරල තියෙන්නෙ. වෙලාවක කරතොට උන්නාන්සෙට කියන්න ඕනෑ ඔහේ කළ හපන්කම.’’
‘‘අපොයි එපා. මුහන්දිරම්, අපේ හාමුදුරුවන්ට තරහ යයි.’’
ගජමන් කීවේ දෝත එක්කර වඳිමිනි.
ගවුම ගුලිකර අල්ලාගෙන මඟුල් කරත්තයෙන් බිමට බට ගජමන් නෝනා මුහන්දිරම්ගේ අතගෙන ඔහුගේ බංගලාවට ඇවිද ගියාය.
”මේක තමයි පුතේ ඔයාගෙ අලූත් ගෙදර.’’
ගජමන් තම පුත‍්‍රයාට පැවසුවාය.
පොඩි එකා ඒ ගෙදර වූ මිදුලට බැස දණගාන්නට වූයේ ප‍්‍රීතියෙනි.
එතැන් පටන් ගජමන්ගේ ජීවිතය යළිත් සතුටින් පිරී ගියේය. මාතර මුහන්දිරම් ද තල්පේ මුහන්දරම් සේම ගුණ යහපත් මනුස්සයකු වූයේය. ඔහුගේ කරුණාව සහ ආදරය ගජමන්ට පමණක් නොව ඇගේ පුංචි පුතන්ඩියාට ද නොමදව ලැබුණේය. ගජමන්ගේ කවියටත් ඇලූම්කළ මේ අලූත් මහත්තයා ගජමන්ට කවි කියන්නටද කවි ලියන්නටද විවේකය ලබා දුන්නේය. දරුවා බලන්නට එකෙකුත් ගෙදර වැඩට තවත් එකෙකුත් වශයෙන් ගජමන්ගේ අතට පයට වැඩකාරයන් ද සොයා දුන්නේය.
ප‍්‍රැන්සිස්කු සේනාරත්න විටින් විට ගෙදරට පැමිණ තම දියණියගේ සැප දුක සොයා බැලූවේය.
‘‘කොහොමද දුවේ මුහන්දිරම්’’
විටෙක ඔහු දියණිය ඇමතුවේය.
‘‘හොඳයි තාත්තෙ.
‘‘පොඩි දරුවට එහෙම වෙනසක් කරන්නෙ නැහැනෙ.’’
‘‘අනේ නෑ. දැන් දරුවා මට වැඩියෙ මුහන්දිරම්ට එකතුයි.’’
ප‍්‍රැන්සිස්කු සිනාසුනේ සතුටෙනි.
අරුමයක මහත!
ගජමන් නෝනා යළිත් මව් පදවිය ලැබුවාය. යළි යළිත් දරුවන් බිහි කරමින් මාතර මුහන්දිරම් ආඩම්බරකාර තාත්තකු බවට පත් කළාය.
මාතර මුහන්දිරම්ගේ ගෙදර පුංචි එවුන් දණගාන හැටි බලන්නට ලස්සනය. එකෙක් දණගාන විට අනෙකා ඇවිදින්නේය. මේ පුංචි එවුන්ගේ හුරතලය සහ දඟකාරකම නිසා ගජමන්ට කවි කියන්නටවත් වෙලාවක් නොවීය.
හැබැයි ඇය දරුවන් නළවන්නට නම් අලූත් අලූත් විරිත්වලට අලූත් අලූත් කවි හදා කීවාය.
මේ කවි වලින් නැළවෙන දරුවන් නිදා ගනිද්දී මුහන්දිරම් අවදි වන්නේය.
මේ දෙමහල්ලන්ගේ ආදරය ඉවුරු තලා යන ගංගාවක් මෙන් සුන්දරව ගලා ගියේය.
හැබැයි ටික කාලයකට පමණි. තල්පේ මුහන්දිරම් සේම මාතර මුහන්දිරම් ද ඉක්මනින්ම යන්නට ගියේය.
තම දුර්දෛවය ගැන සිතා ගැනීමටවත් ගජමන් නෝනාට නොහැකි විය. තමන්ට පිරිමින් පෑහෙන්නේ නැත්දැයි විටෙක ගජමන් නෝනා කල්පනා කළාය.
නැත්නම් පළමු සැමියා සේම දෙවැනි සැමියාද තමා අතහැර ජීවිතය ද අතහැර යන්නේ කෙසේද? නැවත වරක් වැන්දඹුවක වූ ගජමන් නෝනා දැන් සිව් දරු මවකි. වගකීම් පෙරටත් වැඩිය.
මාතර මුහම්දිරම්ගෙන් හිස්වූ නිවෙසේ ආහාර පානද හිස් විය. දැසි දස්සන් ද හිස් විය.
ඒ වෙනුවට ප‍්‍රැන්සිස්කු සේනාරත්න නම් තම දියණියගේත් මුණුබුරන්ගේත් තනි නොතනිය මකන්නට රැඳී සිටියේය.
එහෙත් ඔහුට ද රාජකාරී බහුලය. මේ වනවිට තවදුරටත් ඉහළට ගොස් සිටි බැවින් ඔහුට මාතර තෝම්බුවේ රාජකාරී බහුල විය.
තාත්තෙ මං මෙච්චරම පව් කරල තියෙන්නෙ කොහොමද ? පළවෙනි මිනිහ වගේම දෙවැනි මිනිහත් මළේ මගෙ පව්කාරකමටද ?
ගජමන් නෝනා විටෙක තාත්තාගෙන් ඇසුවාය.
එවිට තාත්තාට කට උත්තර තිබුණේ නැත. ඔහු නිහඬව සිට දෑසට කදුළු පුරවා ගත්තේය.
ගජමන් නෝනා අහන දේම ඔහුට ද කලින් සිතී තිබිණි. ඇත්තටම මේතරම් දක්ෂ ගජමන් නෝනාට පිරිමින් අකැපද?
ප‍්‍රැන්සිස්කු හැකි හැම විටකම කරත්තයක් පිරෙන්නට කෑම බීම රැගෙන ආවේය. දියණියගේත් මුණුබුරන්ගේත් බඩකට පුරවන්නට ඔහු හැකි හැම විටෙකම උත්සාහ ගත්තේය.
‘‘කොහොම හරි මේ කොල්ලො ටික ලොකු මහත් කර ගත්තොත් මට ඒ ඇති. ඊට පස්සේ උන් ටික අම්මව බලා ගනීවිනෙ.’’
ප‍්‍රැන්සිස්කු තමන්ටම කියා ගත්තේය.
‘‘මම ආපසු ගෙදර එනවා තාත්තේ.’’
ගජමන් නෝනා කීවාය. ප‍්‍රැන්සිස්කු සේනාරත්න ඒ යෝජනාවට සතුටු විය. ගජමන් තම දරු පැටවුනුත් සමග තුුප්පහිවත්තේ ගෙදරට ගියාය.
ගජමන් නෝනාට සුර ලොවක්වූ ඒ නිවෙසට අද වයස අවුරුදු සීයකට වඩා වැඩිය. එනිසාම පුරාවිද්‍යා ස්මාරකයක් බවට පත්ව ඇති එය රජය සතු පුරාවිද්‍යා දේපලකි.
අපි මේ ගෙය බලන්නට ගියෙමු.
කාමර හතරකට පහකට වඩා නැති පොඩි පහේ ගෙයක් වන මෙහි ආලින්දයක්ද, ඒ ආලින්දය වටකළ ලැටිස් වැටක්ද ඇත. වහලය සෙවිලි තහඩු වලින් නිර්මිතය. ඊට උඩින් සිංහල උළු තබා තිබේ.
මට හිතෙන්නේ මේ නිවෙස සංරක්ෂණය කරද්දී වහලයට තහඩු සෙවිලි කරන්නට ඇත කියාය. මන්දයත් ඉංග‍්‍රීසි ආණ්ඩු කාලයේ වහලවලට සෙවිලි කළේ උළු බැවිනි.
කෙසේ හෝ වේවා අද නිවෙසට පමණක් සීමා වී තිබෙන මේ ගජමන් නිවෙසට එදානම් අක්කරයක් දෙකකවත් වත්තක් පිටියක් හිිමිව තිබෙන්නට ඇත. වසර සියයක කාලය කර ඇති අරුමයක මහත.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අවුරුදු අටකින් කෙළවර වූ දෙවැනි විවාහය
මුණසිංහ Tuesday, 14 July 2015 06:45 AM
ඊතා වැදගත් ලිපියක් මෙවැනි අය ගැන ඉදිරියේදීත් ලිපි ලියන්න.(හේ)
කසුනි Thursday, 10 September 2015 06:22 AM
ගජමන් නෝනාගේ දරුවෝ සිටි නිසා පෙළපත ගැන ලියන්න (ම)
සුහදිනී Thursday, 17 September 2015 04:04 PM
ගොඩක් වටිනා ලිපියක්.ඉදිරියටත් මේ වගේ වටිනා දේවල් ලියන්න. ඔබට ජය! (නි)
ලියොන් ගුණවර්ධන Thursday, 12 November 2015 10:18 PM
කවුරුත් දන්නා සුප්‍රසිද්ධ කවිකාර ගජමන් නෝනාගේ අප නොදන්නා ජීවිත කතාව පබැඳුමක් සේ සකස්කර ඇති අයුරු ප්‍රශංසනීයයි. (නි)
උපාලි Friday, 13 November 2015 12:08 AM
රසවත් කතාවක් (නි)
නිමල් Wednesday, 05 August 2015 04:58 AM
කණගාටුදායක පුවතක්. ගජමන් නොනගේ පෙළපත තාම ඉන්නවද? (නි)
සම්පත් Monday, 20 July 2015 12:33 PM
ඇත්තටම ඔබට ගොඩක් ස්තුතියි මෙසේ ලිපි ලිවීමට වන මහන්සියට. ඔබට සොයා ගැනීමට නොහැකි වූ තොතුරු කොහොම හරි හොයා ගන්න ලබෙයි මම ප්‍රර්ථනා කරනවා. පළමු සැමියාගේ වලව්ව වැනි දෑ, ඔබ සොයා ගන්න හැම තොරතුරක්ම පල කරන්න. ඔබට ස්තුතියි. (ර)