IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


අවුරුදු දොළොස්දාහක් වයසැති මී මුත්තා

හාත්පස පැතිර පවත්නේ මහා ඝන වනාන්තරයයි. ඒ මධ්‍යයේ ඇති දැවැන්ත ගල් කුළ පතාක යෝධයකු මෙන් ඈතට දිස්වේ. ගලට පහළින් දුම්රොටු සමූහයක් ඉහළට නගිනු පෙනේ. ඒ සමගම පරිසරය පුළුටු ගඳකින් වෙලී යයි. අසල ඇති දොළේ මාළුවකුට පහර දෙමින් සිටි කුඩා කොළු ගැටයාගේ බඩගින්න මේ පුළුටු ගදත් සමග දෙගුණ තෙගුණ වී ගියේය. ඔහු මින් පෙර අල්ලාගත් කුඩා මාළුවා ද රැගෙන ලහි ලහියේ කන්ද තරණය කරන්නට වූයේ තමන්ගේ ආයුධ කට්ටලය ද එක් අතකින් අල්ලාගෙනය. කන්ද උඩට නගින කොළු ගැටයාට ඈත වන්නාතර ඉම දෙසින් දුම් රොටු නගින ස්ථාන කිහිපයක් දැක ගන්නට ලැබේ. තම වරිගයේ ඥාතීන්ගේ දිවා ආහාරය සූදානම් වන්නේ ඒ ආකාරයෙනි. ශී‍්‍ර ලංකාවේ ඝර්ම කලාපීය වනාන්තර සිය වාසභූමිකැරගත් මානවයෝ තමන්ගේ ආහාර වේල එසේ සකස් කර ගත්හ. අදින් වසර 38000 ට පෙරාතුව ගින්දර භාවිතා කරමින් මස් හා ගස් ගෙඩි පුච්චා කමින් බුලත්සිංහල පාහියන්ගල ලෙනේ විසූ ප‍්‍රාග් ඓතිහාසික මානවායගේ ජීවන චරිතයේ තවත් පැතිකඩක් පසුගියාදා අනාවරණය විය. ඒ අපේ මුතුන් මිත්තන්ගේ අඛණ්ඩ ඉතිහාසයයි. තුරු මතින් බිමට බැස ශිෂ්ඨාචාරගත වූ මුල් අවධියේ පටන් නූතන දියුණු මිනිසා බවට පත්වන තුරු අඛණ්ඩව පාහියන්ගල ගල්ලෙනේ විසූ නූතන මානවයාගේ පැරණිතම ඥාතියකුගේ සම්පූර්ණ සැකිල්ලක් පාහියන්ගල ලෙනෙන් හමුවීම මානව ඉතිහාසයේ ස්වර්ණමය සොයා ගැනීමකි. පාහියන්ගල ලෙනෙන් ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ අස්ථි කොටස් හමුවූයේ අද ඊයේ නොවේ. අදින් දශක තුනකට පමණ පෙර පටන් වරින් වර එහි කරන ලද කැණීම් වලදී ප‍්‍රාග් ඓතිහාසික මානවයන්  11 දෙනකුගේ යැයි විශ්වාස කළ හැකි අස්ථිමය අවශේෂ වරින් වර හමුව තිබේ. එවැනි අස්ථි කොටස් හමුවුව ද මෙවර සම්පූර්ණ ඇටසැකිල්ලක් හමුවීම ඉතාමත්ම වැදගත් සොයා ගැනීමකි. කි‍්‍රස්තු වර්ෂ පස්වැනි සියවසේ ශී‍්‍ර ලංකාවට පැමිණියායැයි සැළකෙන පාහියන් නම් භික්ෂුව නවාතැන් ගෙන සිටි ලෙන පාහියන්ගල ලෙන නමින් ව්‍යවහාරයට එක්විය. ඒ බව සනාථ කිරීමට ප‍්‍රමාණවත් සාධක නොමැති මේ ලෙන මෙරට දැකිය හැකි විශාලතම ලෙන බව පිළිගැනීමයි. මුහුදු මට්ටමේ සිට අඩි 400 ක් පමණ ඉහළින් පිහිටා ඇති මෙහි උස අඩි 150 ක් පමණ වේ. අඩි 175 ක් පළලැති මේ ලෙනෙහි ගැඹුර අඩි 280 කි. 1986-87 කාලයේදී හා 2008-2009 කාලයේදී කරන ලද කැණීම් වලදී මෙහි වසර 38,000 ක් පමණ පැරණි මානව අවශේෂ හමුවී තිබේ. පාහියන්ගල ගල්ලෙන පිළිබඳ පුරාවිද්‍යා කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතා මෙසේ කීවේය. පාහියන්ගල කියන්නේ දකුණු ආසියාවේදී නූතන හෝමෝ සේපියන්ස්  මානවායාගේ පැරණිතම සාධක හමුවන ස්ථානය. ඒ නිසා ශී‍්‍ර ලංකාවට පමණක් නොවෙයි මුළු මහත් ලෝකයටම මෙම ස්ථානයේ කරන සොයාගැනීම් වැදගත් වනවා. ආචාර්ය ශිරාන් දැරණියගල මහතා විසින් ආරම්භ කරන ලද ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික තොරතුරු සෙවීමේ වැඩපිළිවෙල යටතේ මෙහි හයවන අදියර කැණීම් ආරම්භ කළා. මේ කැණීමේදී තමයි සම්පූර්ණ මානව ඇට සැකිල්ල හමුවුනේ. පුරාවිද්‍යාඥයන් පවසන්නේ 1986 දී එවකට කැණීම් අධ්‍යක්ෂවරයාව සිටි ආචර්ය ඩබ්ලිව්.එස්.විජේපාල මහතා විසින් ප‍්‍රාග් ඓතිහාසික පස් තට්ටු හතරක් විශ්ලේෂණය කැර තිබූ බවයි. අදින් වසර 25 කට පමණ පෙර එම කැණීම් කරන අවධියට වඩා දැන් පුරාවිද්‍යා කැණීම් වලදී භාවිතා කරන තාක්ෂණික ශිල්පිය ක‍්‍රමයන් බොහෝ සෙයින් දියුණු වී තිබේ. මෙලෙස ලබා ඇති දියුණුව ප‍්‍රයෝජනයට ගත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහු ආචාර්ය විජේපාල මහතා විසින් විශ්ලේෂණය කරන ලද පස්තට්ටු හතර සියුම් පරීක්ෂණයන්ට භාජනය කරමින් ප‍්‍රාග් ඓතිහාසික පස් තට්ටු 125 කට වෙන්කළහ.   ‘‘ අදින් වසර 38,000 සිට 4,000 දක්වා වූ පස්තට්ටු හතර ජනාවාස යුග හතරක් විශ්ලේෂණය කර තිබුණත් මෙවර කැණීම් වලින් පස්තට්ටු 125 ක් හඳුනාගැනීමට හැකිවීම ඉතාමත්ම වැදගත් දෙයක්. ඒ අනුව අපිට ඉතාමත්ම සියුම් පරීක්ෂණ වලින් තවත් වැදගත් සාධක රැසක් සොයා ගැනීමට හැකියාව ලැබුණා. ආචාර්ය නිමල් පෙරේරා මහතා වැඩිදුරටත් එසේ කීවේය.   කැණීම් ආරම්භ කළ පර්යේෂකයෝ පැරණි කැණීම් වලේ බටහිර පැතිකඩ මීටර තුනක ප‍්‍රමාණයකින් පළල් කිරීමට කටයුතු කළහ. එලෙස පුළුල් කරගෙන යන කැණීම් වළෙහි මීටර එකහමාරකට ආසන්න ප‍්‍රමාණයක් ගැඹුරට යද්දී වෙනත් ස්ථානයක තිබී තැන්පත් කරන ලදැයි සිතිය හැකි ගල් කැබලි කිහිපයක් හමුවිය. ගල් කැබලි වලට යටින් එක් පසෙකින් මානව දත් කිහිපයක් මතුවන්නට විය. එය තැන්පත්ව ඇති ආකාරයට කිසිදු හානියක් නොවන ආකාරයෙන් අවට සියුම් ලෙස කැණීම් කරගෙන යද්දී දක්නට ලැබුණේ සම්පූර්ණ මානව සිරුරක් එහි දක්නට ලැබෙන බවයි. වැළලී සිටින මානවයාගේ හිසට ඉහළින් ගල්පතුරු තබා ඇතත් ඔහුගේ එකිනෙක පැටලී ඇති දෙපා මනාව මතුකැර ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත්වූහ.   පර්යේෂණ ව්‍යාපෘති භාර නිලධාරී ඩබ්ලිව්.එම්.සී.ඔෂාන් වෙදගේ මහතා ඒ පිළිබඳ මෙසේ කීවේය. ‘‘ මේක ප‍්‍රාග් ඓතිහාසික මානව වංශ කථාවේ ඉතාමත්ම වැදගත් සොයා ගැනීමක්. මෙතැන මිහිදන්වූ මිනිසාගේ සම්පූර්ණ ඇටසැකිල්ලක් තිබෙන බව ඉතාමත්ම පැහැදිලිය. මෙය අපි හැකිතාක් මතුකැර ගත්තා. ඇට සැකිල්ල හොඳ තත්ත්වයේ තිබෙන බව පෙනෙන්ට තිබෙනවා.  ’’ ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසන්නේ ඇට සැකිල්ල එම ස්ථානයෙන් ඉවත් කිරීම නවීන විද්‍යාත්මක ක‍්‍රමවේදයන් භාවිතා කරමින් සියුම්ව කළයුතු කාර්යයක් බවයි.   ‘‘ අපි ඇටසැකිල්ල එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළොත් එයට හානි සිදුවිය හැකියි. ඒ නිසා අපි මේ සඳහා විදේශීය විශේෂඳයන්ගේ සහයෝගය ලබාගැනීමට බලාපොරොත්තු වනවා. කලින් මේ ස්ථානයෙන් හමුවූ මානව අස්ථි විශ්ලේෂණය කළේ කෝනල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කේ.ඒ.ආර්.කෙනඩි මහතා විසින්. අපේ රටේ ඔවුන්ගේ තරම් දියුණු තාක්ෂණික උපකරණ නැහැ. ඒ නිසා මෙවරත් එලෙස විදෙස් සහයෝගය ලබාගැනීමට අප කටයුතු කරනවා. දැනටමත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරල තියෙන්නේ. ’’ ඔෂාන් වෙදගේ මහතා මහතා පවසන්නේ කලින් කරන ලද කැණීම් වලින් තහවුරු වූ තොරතුරු අනුව මෙම ඇටසැකිල්ල අයත් මානවයා අදින් වසර 12,000 ට පෙරාතුව ජීවත් වූ අයකු විය හැකි බවයි.   ‘‘ කැණීම් කරගෙන යද්දී මේ මානව ඇටසැකිල්ල හමුවූ ස්ථානයේ පස් මානව කි‍්‍රයාකාරකම් හේතුවෙන් වෙනස්කම් වලට භාජනය නොවූ බව පැහැදිලි වුනා. ඒ මානවයා විසින් භාවිතා කළ ගල් ආයුධ, ආභරණ මෙන්ම ඔහු ආහාරයට ගත් ද්‍රව්‍ය පවා අපිට හුමුවුනා. පස් ස්ථරය, ගල් ආයුධ සකස් කැර ඇති ආකාරය සැළකිල්ලට ගැනීමේදී අපිට දළ වශයෙන් මානවයා ජීවත් වූ කාලය ගැන තීරණයක් ගත හැකියි. නමුත් එය ස්ථිරවම තීරණය කිරීමටනම් කාලනිර්ණය කිරීමට සිදුවනවා. ’’ පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ ඇටසැකිල්ල අයත් මානවයා මියගිය පසු ඔහුගේ හෝ ඇගේ ඥාතීන් විසින් මෙම ස්ථානයේ මිහිදන් කොට හිස ඇති ස්ථානයේ ගල් පතුරු කිහිපයක් තබා ඇති බවයි. නොගැඹුරු වළක මිහිදන් කොට ඇතත් ඉන් අනතුරුව එම ස්ථානය නැවත නැවතත් තම වාසස්ථාන ලෙස භාවිතා කළ බවට ද කැණීම් වලදී සාක්ෂි හමුවී තිබේ. වැළලූ මානවයා ආසන්නයේම ලිප් බැඳ ගිනිමොළවා ඇති බව එම ස්ථානයේ පිළිස්සී ගොස් ඇති පස් කොටස් ඇතුළු අවශේෂයන්ගෙන් පැහැදිලි වේ. මේ සොයා ගැනීමේදී අපගේ ආදි ප‍්‍රාග් ඓතිහාසික මානවයකු මියගියාට පසු අනුගමනය කළ අභිචාරවිධි පිළිබඳ මෙහිදී අපට තීරණයට එළඹීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම සියුම පර්යේෂණ කිරීමෙන් ඔහු ගේ බඩවැල් කොටස් දිරාපත්ව ඇති ආකාරය. සිරුරේ අනෙක් කොටස් වල රසායනික අවශේෂයන් පවා විශ්ලේෂණය කරමින් ආහාර රටාව, ජීර්ණමය හැකියාවන් පමණක් නොවේ වැළඳී ඇති ලෙඩ රෝග පිලිබඳ පවා අපට නිගමනය කිරීමට හැකියාව තිබෙනවා. ආචාර්ය නිමල් පෙරේරා මහතා එසේ කීවේය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සත්ත්ව විද්‍යා විශ්ලේෂක ජූඞ් පෙරේරා මහතා එම මානවයා විසින් ආහාරයට ගත් සතුන්ගේ අස්ථි කොටස් විශාල ප‍්‍රාණයක් විශ්ලේෂණය කර තිබිණි. ඒ අතර මේ වනවිට ශී‍්‍ර ලංකාවේ දැකිය නොහැකි ව්‍යාඝ‍්‍රයාගේ අස්ථි කොටසක් ද දක්නට ලැබීම විශේෂත්වයකි. වඳුරන් ඇතුළු සියළුම ආකාරයේ වානරයන්, මුගටි, තලගොයි, ඉත්තෑවුන්, දඩු ලේනුන්, සර්පයන්, මසුන් හා බෙල්ලන් බහුල වශයෙන් ආහාරටය ගෙන ඇති මේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා මිහිතලයේ දැවැන්තයා වූ අලින් ද මරා කා ඇති බවට අස්ථිමය සාධක ලැබී තිබේ.   ඔහු වැඩිදුරටත් මෙසේ කීවේය. මේ මානවයාගේ ආහාර අතර මුහුදු බෙල්ලන්, මිරිදිය බෙල්ලන් හා ගස් බෙල්ලන් ද සිටිනවා. ඒ වගේම මෝර දත් හමුවුනා. බොහෝ අවස්ථාවලදී ආදි මානවයා තමන්ගේ ආභරණ ලෙස මෝරදත් යොදාගෙන තිබෙනවා. ඒ අනුව අපට පැහැදිලියි පාහියන්ගල සිටි මානවයා පවා මුහුදු බඩ ප‍්‍රදේශ සමග සම්බන්ධතා පැවැත්වූ බව. ඒ වගේම කැකුණ ඇට පුළුස්සා ආහාරයට ගෙන තිබෙනවා. ආචාර්ය නිමල් පෙරේරා මහතා කියා සිටියේ බෙල්ලන්ගේ කවච අතර ලූණු බෙල්ලන්ගේ කවච පවා දක්නට ලැබුණු බවයි. ලූණු බෙල්ලන් මේ අතර සිටීමෙන් පාහියන්ගල ලෙනේ විසූ ආදි මානවයන් ලූණු රස හඳුනන මානවයකු බව ද ඇතැම් විට පිළිස්සූ මස් ලූණු සමග මිශ‍්‍ර කරන්නට ඇති බවට ද ඔහු සැක පහළ කළේය. විවිධ ප‍්‍රමාණයේ හා විවිධ හැඩයේ ගල් ආයුධ හා ක්ෂුද්‍ර ශිලා මෙවලම් රැුසක් හමුවී ඇති මෙහි ආයුධයක් ලෙස භාවිතා කළ ගෝන අගක කොටසක් ද හමුවීම විශේෂත්වයකි. එමෙන්ම ඉතාමත්ම පිරිසිදු තත්ත්වයේ පවතින මිනිරන් කැබලි කිහිපයක් ද හමුවී තිබේ. අදින් වසර 12,000 ට පෙර සිරිලක සිටි ප‍්‍රාග් ඓතිහාසික මානවයා තම ආභරණ ලෙස මිනිරන් කොටස් භාවිතා කළ බවට එය හොඳ සාක්ෂියකි. හමුවූ ඇට සැකිල්ල අසලින් ඉතාමත් සියුම්ව තෝරාබේරාගන්නා ලද කාබන් නියැදි හතරක් වෙන්කැරගෙන තිබේ. ඒවා ඇමරිකාවේ ෆ්ලොරිඩා හි නියාම් රසායනාගාරයට යැවීමට නියමිතව තිබේ. පසුගිය බ‍්‍රහස්පතින්දා සවස මේ මානව සැකිල්ල යළි වසා දැමුණි. ඉදිරි දිනක විදෙස් පර්යේෂකයන් පැමිණ එහි පර්යේෂණ කටයුතු ආරම්භ කරනතුරු මුද්‍රා තැබෙනු ඇත. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතාගේ මගපෙන්වීමෙන්, අමාත්‍යාංශ ලේකම් කාන්ති විජේතුංග මහත්මියගේ කි‍්‍රයාකාරී දායකත්වය ද අතිරේක ලේකම් සමරසිංහ මහතාගේද  සහයෝගය ඇතිව මෙම කැණීම් කටයුතු සඳහා ඉතාමත් ඉහළ රාජ්‍ය අනුග‍්‍රහයක් ලැබෙන බව ද එය ඉදිරි කටයුතු සඳහා අයෝමය ශක්තියක් බව ද කැණීම් ස්ථානයේ සිටින පුරාවිද්‍යාඥයෝ පවසති. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා සහ කැණීම් උපදේශක ආචාර්ය ශිරාන් දැරණියගල මහතා මෙහි කටයුතු නිරන්තරවම අධීක්ෂණය කරති. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ නායකත්වයෙන් ඩබ්ලිව්.එම්.සී. ඔෂාන් වෙදගේ මහතා පර්යේෂණ ව්‍යාපෘතිය භාරව කටයුතු කරයි. පාලිත වීරසිංහ මහතා, කමල් නන්ද සිරිසේන මහතා, යූ.ඩබ්ලිව්.කරුණාරත්න මහතා, සමන් කුමාර ඇරෑගම මහතා, සුසන්ත නිහාල් මහතා, ඒ.වී.ඒ.ද මෙල් මහතා, පී.ජී.ගුණදාස මහතා, එච්.ජූඞ් පෙරේරා මහතා, කේ.පී.රුවන් ප‍්‍රමෝද් මහතා සහ කේ.පී.සුමනදාස මහතා පාහියන්ගල ගල්ලෙන් විහාරස්ථානයේ කඳවුරු බැද මාස හයක කාලයක සිට කැණීම් කටයුතු වල නිරත වෙති. ඔවුන් සියල්ලෝම තම ගෙවල් දොරවල් ඇතුළු පෞද්ගලික දිවියට මදකට අමතක කොට තිබේ. හිමිදිරි පාන්දර තම අහර කිස සාදා ගෙන පාහියන්ගල ගල් ලෙනට නගින ඔවුත් නැවත ආපසු පහළට එන්නේ මළ හිරු බැස ගිය පසුය. රාති‍්‍රයේ කරවල හොද්ද ඇතළුපහසුවෙන් සපයා ගත හැකි ව්‍යංජනයක් ඔවුන්ගේ ආහාරය වී ඇත්තේ නිවෙස් වල රස මසවුළු පිසෙද්දීය. තම සැපවත් දිවිය මදකට අමතක කොට ඔවුන් මේ වෙහෙසෙන්නේ අදින් වසර 12,000 ට පෙරාතුව තම මව මස් පුළුස්සන සුවඳට ලොල් බැඳ පාහියන්ගල ලෙනේ තම නිවස්නට දිවගිය කොළු ගැටයාගේ පරපුරේ කතාන්තරය අනාවරණය කිරීමේ කාර්යය වෙනුවෙනි.

සටහන සහ ඡායාරූප - සජීව විජේවීර
පාහියන්ගල මතුව ඇති දත් කොටස් මතුවූ මානව සැකිල්ල කැකුණ ඇට පුළුස්සා ආහාරයට ගෙන ඇති ආකාරය අලියකුගේ දතක්



අදහස් (0)

අවුරුදු දොළොස්දාහක් වයසැති මී මුත්තා

කෙනත් (USA ) Tuesday, 26 June 2012 04:21 AM

ගොඩක් අයට දිරවගන්න බැරි අපිට 'මහා වංශය' කියල ජාතියේ ඉතිහාසය ඒ ඒ කාලෙට ලියාගෙන ආපු ලෝකෙම පිළිගන්න මහා ග්‍රන්ථයක් තිබීමයි. ඉතින් ඒ පාර 'මහාවංශය' ගොතන ලද , අධි වර්ණනා කරන ලද කවයක් මිසක් ඇත්ත නොවෙයි කියල කියාගෙන යනවා, "මහාවංශය" ඉන්දියාවේ රාමයණයටත් වඩා පරණයි. දකුණු ඉන්දියාවේ ඉතිහාසයේ නොපැහැදිලි තැන ගැටගහගන්නත් උපයෝගී කර ගන්නේ 'මහාවංශයේ' ඒ ඒ යුගවල ලියවෙච්චි කරුණුයි. ඉතින් අපේ සමහර අයත් එකට නොදෙන නිග්‍රහයක් නෑ. අපි නැවත මහාවංශය එලියට ගත යුතුයි, පාසල් වල ඉගැන්විය යුතුයි, හැමෝටම ගන්න අච්චු ගසා විකිණිය යුතුයි, විදේශ භාෂා වලට පරිවර්තනය කල යුතුයි. වයස 14 දී මට මේ ග්‍රන්ථය කියවන්න ලැබුන, ආසාවට කීපවිටක්ම මම කියෙව්වා, මේ ජාතිය ගැන මහා හැගීමක් හිතට ගතට එන්නේ එතකොටයි. මේ වගේ හෙළිදරව් මහාවංශයෙන් විස්තර නොවෙන ඒවා, ප්‍රාග් ඵෙතිහාසික යුග ගැන තව පරේෂණ කර ඒවා ඉක්මනට ප්‍රචාරය කර සම්මත කර ගත්තේ නැත්නම් මේ සැකිල්ලටත් දෙමල ලේබලය ගහනවා සිකුරුයි. "සිංහලයෙනි , පමා නොවන්න , අවධිවන්න , මහාවංශය රැක ගන්න"

:       0       0

සන්ජීව Tuesday, 26 June 2012 04:10 AM

අම්පාරේ අයියා, දැන් සුද්දා ගොඩක් ක්ෂේත්‍රවල වැඩ පෙන්නන්න පටන් අරන්.ඒත් අපි තාමත් කියවනවා ඇරෙන්න කිසිම ධනාත්මක ආකල්පයක් නෑ නේද?

:       0       0

අම්පාර Monday, 25 June 2012 09:44 PM

සුද්ද ගහෙන් ගහට පනින කලේ අපේ අය උයාගෙනත් කලානේ ...

:       0       0

සදා Monday, 25 June 2012 03:05 PM

අපේ රටට ලොකු ආඩම්බරයක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 533 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 666 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 119 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 379 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 547 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 919 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 494 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 710 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1998 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site