IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


අවුරුදු හැටකට කලින් ගාල්ලේ අවුරුදු කෑවේ මෙහෙමයි

Page-2-H 

 

ධීවර කාර්මිකයන්ගේ රැකියා කාලය අවසන් කරමින් වසරේ අපේ‍්‍රල් මස ආරම්භ වීමත් සමඟ හරාය කාලය කෙළවර වෙයි. ඒ සමඟ වාරකන් කාලය උදාවෙයි. මේ අයුරු හරාය කාලය මාස හයකට ද වසරේ ඉතිරි හය මස වාරකන් කාලයට ද සීමාවේ. ධීවරයන් ධීවර කර්මාන්තයේ යෙදෙන හරාය කාලය තුළ මුහුද විලක් නැතහොත් වැවක් මෙන් ඉතා ශාන්ත ස්වරූපයක් ගනියි. වාරකන් කාලය තුළ මුහුද ඉතා රළු රුදුරු වෙසක් ගනියි. විශාල රළ පතුල් උස්සා වෙරළේ ගසා ගලන භයංකාර දෝර පාර හේතුවෙන් වෙරළේ රළයන් පෑගීමට නොහැකි තත්ත්වයක් ඇති කරයි. මෙසේ හරාය කාලය කෙළවර වනවාත් සමඟ ධීවර කාර්මිකයෝ ස්වකීය ඔරුදැල් ආම්පන්න ආදිය වෙරළ ආශ‍්‍රිත පොල් ගස් කැටිය පෙදෙසට ඇද පොල් අතු පැළලි ආදියෙන් වසා මුහුදෙන් ගොඩට ගලා එන ජලයත් සමග ආපසු මුහුදට ඇදීයාම වැළැක්වීමට ධීවර කාර්මිකයෝ නොයෙක් අයුරින් ආරක්ෂිත කටයුතු කරති.


ධීවර කාර්මිකයෝ18-awurudu-60-kata-kalin-copy හරාය කාලය තුළ නන් අයුරින් මසුන් මැරීමේ කර්මාන්තයේ යෙදෙමින් මුදල් උපයා ගනිති. අපේ‍්‍රල් මාසය ආරම්භ වීමත් සමඟ වහා අවුරුදු කාලය ළඟාවෙයි. අවුරුදු කාලය ප‍්‍රීතිමත් අයුරින් ගත කිරීමට සියලූදෙනා වහ වහා ලහිලහියේ මුදල් රැුස්කරති. කාන්තාවෝ කොහු කර්මාන්තයේ සහ ලණු කර්මාන්තයේද යෙදී මුදල් උපයති. තරුණ කාන්තාවෝ අවුරුදු සමයට ඇඳීම පිණිස ඇඳුම් ආදිය මසාදී මුදල් රැුස්කරති. පුළුවන් සෑම කෙනෙක්ම ඔවුන්ට පුළුවන් කුමන හෝ කර්මාන්තයක හෝ යෙදී අවුරුද්ද ඉතාමත් ප‍්‍රීතියෙන් හා සතුටින් ගත කිරීමට යුහුසුළුව වෙහෙසෙති.


දැනට වසර හැටකට පමණ පෙරාතුව දකුණේ මුහුදුබඩ ජනයා අවුරුදු කාලය ගත කළ අසිරිමත් ආකාරය නූතන කාලයේ නවීන පන්නයට අනුගමනය කරමින් දැනට ජීවත්වන ළමා තරුණ බාල මහලූ සියලූදෙනා ගත කරන ආකාරයට වෙනස්ය. එය බෙහෙවින්ම කැපීපෙනේ. එදා ජනයා වර්තමාන ජනයාට වඩා වත් පොහොසත්කමින් වතුපිටි හිමිකමින් යාන වාහන පහසුව අතින් මෙන්ම උගත්කමින්ද වෙනත් නන් අයුරින් නූතන ජනයා මෙන් ඉදිරියෙන් නොසිටියා වුවද, අවුරුදු කාලය තුළ පිළිපැදිය යුතු චාරිත‍්‍ර වාරිත‍්‍ර අනුගමනය කළ යුතු වත් පිළිවෙත් ආදිය දැන අනුගමනය කිරීම අතින් බෙහෙවින් ඉදිරියෙන් සිටියහ. සිංහල අවුරුද්ද ආශ‍්‍රිතව වත්පිළිවෙත් බොහෝය. අනුගමනය කළ යුතු චාරිත‍්‍ර වාරිත‍්‍ර මෙන්ම නැකත් ආදියද ඇත. පැරැුන්නෝ මේවා හොඳින් දැන සිටියහ. නූතන අය ඒවා පුවත්පත් මගින් නැතහොත් අවුරුදු ලිත් මගින් ඒ පිළිබඳව දැනුම ලබති. එසේ ඒ පිළිබඳ යම්කිසි දැනුමක් ලැබුවා වුවද, ඒ දැනුම අනුව කොතෙක් දුරට අනුගමනය කරනවාද යන්න තවත් ප‍්‍රශ්නයකි. කෙසේ වෙතත් ඒ සියලූ කරුණු පිළිබඳ මෙහිලා තරමක විග‍්‍රහයක් කිරීමට අදහස් කරමි. දැනට වසර හැටකට ඉහතදී සිට ඉහත කී සියල්ල පිළිබඳ දැනුමක් අප තුළ ඇත. ඒ දැනුම අනුසාරයෙන් වත්මන් අවුරුදු සමය ආශ‍්‍රිතව එදා තිබූ තත්ත්වය අද දක්නට නැති බව පැවසීම සිරිත් විරිත් සසැඳීමෙන් පහදාගත හැකිය.


අවුරුදු කාලය එළැඹීමත් සමඟ එදා බොහෝ SLD_20150419_B002නිවෙස්වල ඔන්චිල්ලාවක් බඳිනු ලබයි. ආසන්නයේ පිහිටි ගස් දෙකක පැහිච්ච පුවක් කොටයක් බැඳ ඒ අනුසාරයෙන් එයින් එල්ලෙන කඹ දෙකකින් ඔංචිල්ලාව සාදා ගනු ලබයි. එහි ශක්ති ප‍්‍රමාණය අනුව බොහෝවිට බාල දරුවන් මෙන්ම වැඩිමහල් අය ද ඔංචිලි පැදීමට යුහුසුළුවෙති. ඔංචිල්ලාව පැදීමට පිවිසෙන තරුණ කාන්තාවෝ ඔංචිලි වාරම් ගයමින් ඔංචිල්ලාව පදිති. එදා සෑම නිවසකම දකින මෙවන් ඔංචිල්ලා දැන් කාලයේ දක්නට නැත.


කාන්තාවන් එක්වී රබන් වාදනය කිරීම එදා සුලබව දක්නට තිබූ දර්ශනයකි. අවුරුදු දින රාත‍්‍රී කාලයේ රබන් ගැසීම සෑම ගෙදරකම දක්නට ලැබිණි. විශාල රබන් සාදා විකිණීම පිණිස බොහෝදෙනා රබන් අතැතිව මහා මාර්ගය දිගේ වෙළෙඳාමේ යන අයුරු දැකගත හැකිවේ. ගාලූ පළාතේ හික්කඩුවේ නලාගස්දෙණියේ රබන් නිෂ්පාදනය කිරීම සිදු කෙරෙයි. අවබෝධකොට ගැනීමට අසීරු රබන් පද අනුව රබාන වාදනය කිරීම අවුරුදු සමයේ මහත් ප‍්‍රීතිය ගෙන දේ. ගෘහස්ථව සිදු කෙරුණු මේ රබන් වැයීම පමණක් නොව රබන් සෑදීමේ කර්මාන්තය ද දැනට අභාවයට යමින් පවතී.


කෑම මේසය රසවත් කිරීමට සාදනු ලබන කැවුම් කොකිස් අතිරහ ආදී නොයෙක් රසකැවිලි සාදා ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ලම පාහේ සපයා ගනු ලබන්නේ වතුපිටියෙනි. ගෘහණියෝ ඒ සියල්ල කලක සිට ගෙදර දොරේ රැුස්කරති. කජු ගසෙන් බිමට වැටෙන කජු පුහුලමේ කජු ගෙඩිය කජු ගස් යටින් ඇහිඳ හැලියක දමා කුස්සිය අසල රැුස්කරති. අවුරුදු දිනය ළඟාවෙත්ම ඒවා ගෙන පුච්චා ඒවායේ මදගෙන මුංගෙඩි තනනු ලැබේ. ලිපේ තැබූ කැකෑරෙන තෙල් හට්ටියේ දමා ඉබේමෙන් ඇතැමුන් කැවුම් කොකිස් සාදනු ලබන ක‍්‍රමය දැන ඉගෙනීමට නොව එකක් දෙකක් හොරා කටේ දමා ගැනීමට කොල්ලෝ කුරුට්ටෝ ලිප වටේ ඇන තබා ගනිමින් හිඳගනිති. කැවුම් කොකිස් සාදා තෙල් බේරී ඒවායේ තිබෙන තෙල් හැලපත මත එලා ඇති කඩදාසි කොළයට දමති. අම්මාට හෝ අක්කට හොරා එයින් එකක් රහසේ ලබා ගන්නේ කැකෑරෙන තෙල් හට්ටියේ තබා ඇති හැන්දෙන් පුච්චන බවට කෙරෙන තර්ජනය මධ්‍යයේය. මේ සියල්ල මනස්කාන්ත දර්ශනයක් මවයි. වසර ගණනාවකට ප‍්‍රථම මේවා මෙසේ සිදුවුවත් දැන් සිදුවන්නේ මැෂින්වලින් සාදන මේ කැවිලි පෙවිලි සියල්ල අවුරුදු දිනට පෙර දිනක ගෙදර යන ගමන් පාර දෙපස පිහිටි ෆුඞ් සිටි එකෙන් මිලදී ගැනීමෙනි. අම්මා සහ අක්කලා එකතුවී සාදනු ලබන රස කැවිලි මැටි කලයක් තුළ බහා කඩදාසියකින් කට බැඳ ආරක්ෂිතව තබති. ඒවා අවුරුදු දිනය තුළ කෑමට පමණක් නොව දවස් කිහිපයක් පුරාම කෑමට ප‍්‍රමාණවත්ව සෑහේ.
තවත් වැදගත් අවුරුදු සිරිතක් වන්නේ නැකත් වෙලාවට අවුරුදු මේසය ඉඳුල් කිරීම හෙවත් ගේ අලෙවි කිරීමය. එය නැකතක් අනුව සිදු කෙරේ. එය දහවල් කෑම වේලාවට නොව දවසේ වෙනත්  ඕනෑම වේලාවක යෙදිය හැක. ගෙය ඉඳුල් කිරීම පිණිස අම්මා සහ අක්කලා ඉතා වෙහෙසිව කටයුතු කරති. නොයෙක් වර්ගයේ කෑම මේසයට පිළියෙල කරති.


දකුණේ ඇඹුල් තියල් මාළු සම්බලට සාදන පොතුබරු ගල්මාළු වෙතොත් ඒවා නොයෙකුත් වර්ගයේ අච්චාරු සහ බිලිං අච්චාරුවලින් වෙනත් කෑම වර්ග වලින් මේසය අලංකාරව පවතී. මෙවන් කෑම මේස හැම නිවසකම පාහේ පිළියෙල කරනු ලබයි. අවුරුදු මේසය ඉඳුල් කිරීම නැතහොත් ගේ අලෙවි කිරීමට ආරාධනා ලබන්නේ ගමේ ප‍්‍රභූවරයෙකුටය. ඔහුට බොහෝ නිවෙස්වලින් ආරාධනා ලැබේ. එබැවින් ඔහු එක් එක් නිවසකට පැමිණෙන වේලාව නැකත් වේලාවට අනුකූල නොවේ. කෙසේ වෙතත් කුමන වේලාවකදී හෝ ඔහු නිවසට පැමිණෙනු දැකීම නිවසේ සියලූදෙනාට අතිශයින් සතුට හා ප‍්‍රීතිය ගෙන දේ.

නිවෙස් කිහිපයකට කෑම මේස ඉඳුල්කොට පැමිණෙන ඔහුට මේ නිවසේ වැඩි යමක් කෑමට නොහැකි වෙනවා පමණක් නොව තවත් නිවෙස්වලට යාමට ද වේලාවක් ප‍්‍රමාණවත්ව නැත. එබැවින් යම්කිසි කෑම මේසයක් ඉඳුල්කොට නිවසේ ප‍්‍රධානියා සමඟ මුදල් ගනුදෙනුවක් කොට නිවස අලෙවි කරයි. නිවසේ ගෘහමූලිකයාට පමණක් නොව සෙසු අයට ද මුදල් ඉක්මනටදී ඔවුන් සමග ද ගනුදෙනුකොට ඉක්මනින් පිටව යන්නේ ඔහු තවත් නිවෙස් කිහිපයකට ගොඩවීමට ඇති නිසාය. මේ චාරිත‍්‍රය එදා නාමික වශයෙන් සිදුවුවද අතීතයේ අවුරුදු දින එවැනි දෙයක් සිදුකිරීමට එවැනි චාරිත‍්‍රයක් එදින සිදුකළ බවට ගෘහයේ සියලූදෙනාට සතුටක් ඇති කරයි. නූතන කාලයේ මෙවැනි චාරිත‍්‍රයන් මේ අයුරින්වත් සිදුවෙනවා දෝ සැකයකි.


අවුරුදු දින අවුරුදු කෑම කෑමෙන් අනතුරුව බොහෝදෙනා විවේක සුවයෙන් මඳ වේලාවක් ගත කරති. සමහර තැන්වල මඩුවල පිළිකනුවල මුදලට සූදු කෙළිති. අතේ මිටේ ගැවසෙන මුදල් ටික රැුගෙන බූරු පිටියට යන සමහරු මුදල්වලට ඔට්ටු අල්ලති. තවත් තැනක යාළු මිත‍්‍රාදීන් එක්ව  ඕමි ගසති. නැතහොත් බේබි කපති. මෙවන් සෙල්ලම්වලට පිරිමි පක්ෂය පමණක් නොව පංචි කෙළින්නට කාන්තා පක්ෂය ද එක්වෙති. පොල්කටුවක් මතට කවඩි හයදෙනකු දමා කවඩි පෙරළෙන ආකාරයට ඔවුහුද පංචි කෙළියට සහභාගි වෙමින් මුදල් දිනති. එසේම පැරදෙති.


සවස් ජාමය එළඹෙනවාත් සමඟ ගමේ කවුරුත් ප‍්‍රියකරන මට්ටේ කැඞීමේ ක‍්‍රීඩාව අරඹති. මට්ටේ කැඞීමේ ක‍්‍රීඩාවට ගන්නේ ගාලූ කොළඹ මහ පාරය. එය මහා මාර්ගයක් වුවත් වාහන ගමන් කිරීම සිදුවන්නේ සාමාන්‍යයෙනි. ඉතා කලාතුරකිනි. මට්ටේ කැඞීමේ ක‍්‍රීඩාව සඳහා හොඳට සකස් කෙරුන පොල් කෝම්බ දෙකක් අවශ්‍ය වේ. පාර මැද ආසන්නව තබන පොල් කෝම්බ දෙක මත කෝටු කෑල්ලක් තබා පොල් කෝම්බයට ඔට්ට පාලූ පන්දුවකින් යාර විස්සක් දුර සිට ගසා වට්ටන තෙක් දෙපැත්තේ රැුඳෙන දෙපිලට අයත් ක‍්‍රීඩකයන් විසින් මාරුවෙන් මාරුවට කෝම්බයට ගසනු ලැබේ. ඔට්ටයට වැඩි වාර ගණනක් කඩන පිල ජයග‍්‍රාහී වේ. එක් පිලකට ක‍්‍රීඩකයෝ දස දෙනෙක් අයත් වෙති. සහභාගීවන ක‍්‍රීඩකයෝ තරුණ අය වෙති. මේස් බැනියමක් හැඳ සරමක් වටා සිල්ක් ලේන්සුවක් ඔතා ගන්නා ඔවුහු යාර විස්සක පමණ දුර සිට කෝම්බයක ගසා මට්ටලි කෑල්ල වට්ටවති. මට්ටලිය කැඩෙන එක් වාරයකට ප‍්‍රතිවාදී පිලේ එක් ක‍්‍රීඩකයකු දැවී ගියාසේ සලකා ක‍්‍රීඩාවෙන් ඉවත්විය යුතුවේ. එක් පිලකට දසදෙනා බැගින් අයත් වෙති. ඉක්මනට ඉවත්වී යන පිල පරාජිත පිලසේ සැලකේ. ඔවුහු ජල්ලි කෑමට යටත් වෙති. පරාජිත දසදෙනා පාර මැද වාඩිකොට ජයග‍්‍රාහී දසදෙනා ඔවුන් වටා යමින් ඔවුහු අපහාසයට හා උපහාසයට ලක් කරමින් මේ අයුරින් ජල්ලි ගීතය ගායනා කරති. ගමේ කාන්තාවෝ ඇතුළු විශාල පිරිසක් මැද ඔවුහු මෙසේ මහත් ලැජ්ජාවට පත්වෙති. ජල්ලි ගීතය මෙසේය.


හෝ හෝ ජල්ලියා ජල්ලි ජකර ජල්ලියා
ජල්ලි චකර වංචාකොට අරගෙන ගියේ මුගෙ ගෙදරට
මුන් නියම පල්හොරාගෙ මුගෙ අ.... පල්හොරාය.
රාය රාය කුමන රාය කොට කිතුරෙන් බාන රාය.


ගස මුල තියා උනුකරාය. එයින් එකක් බලාය බීලත් කට තොල ලොවීය.
කන්ද උඩ ගෙයි දුරයගෙ වත්තේ වතුතැන කැපු වේ මූමයි සත්තේ
වතුගහෙ වැදගෙන දුන්නු දෙපැත්තේ තවමත් නොගියේ පුවාලූ රින්නේ
හෝ හෝ ජල්ලියා ජල්ලි චකර ජල්ලියා.


මෙසේ අපහාස විඳිමින් එක් පිලක් ජල්ලි කෑමක් අවසානයේදී ඔවුහු සියලූදෙන එක්ව සුහදව ආශිර්වාද පතමින් ජල්ලි කෙළිය අවසන් කරති. ක‍්‍රමයෙන් ? බෝවන විට ගෙවල් ඉදිරිපිටින් රබන් වාදන හඬ ඇසෙන්නට පටන් ගනියි. බොහෝ විට ගෙවල් කිහිපයකට කාන්තාවන් පමණක් නොව පිරිමින්ද එකතුව නොයෙක් රබන් පද පවසමින් විනෝදවනු දැකීම ඉතා ප‍්‍රියජනක දර්ශනයක් වේ.


මේ දේවල් සියල්ල සලකා බැලීමේදී දැනට වසර හැටකට පෙරාතුව මුහුදුබඩ ගම්මානවල ජනයා අවුරුදු උත්සවය කොතරම් ප‍්‍රීතිමත් අයුරින් ගතකළ ද යනු පෙනේ. අවුරුදු චාරිත‍්‍ර අනුගමනය කිරීම ගමේ වෙසෙන සියලූදෙනා අවුරුදු දවස තුළ කොතරම් කෙළිදෙළෙන් සහ ප‍්‍රීතිමත්ව ගත කළ ද යන්න ද පෙන්නුම් කෙරේ. ගම්මානවල පමණක් නොව වෙනත් ප‍්‍රදේශවල ද මේ කාලය තුළ ජනයා අතර සමීප සම්බන්ධතාවක් බෙහෙවින් ප‍්‍රදර්ශනය විය. කැවිලි ආදිය රැුගෙන නෑදෑ හිත මිතුරන්ගේ ගෙවල්වලට යාමට ගම්වැසියෝ කිසිවෙක් අමතක නොකරති. අවුරුදු සිරිත් විරිත් අනුගමනය කිරීම සහ කෙළිසෙල්ලම් තුළින් ජනයා තුළ වර්ධනය වන තද බැඳීම මෙන්ම පරණ වාද බේද අමතක කොට අලූත් සබැඳියා ගොඩනැගීමට අවුරුදු කාලය බෙහෙවින්ම ඉවහල් වේ. අවුරුදු චාරිත‍්‍ර වාරිත‍්‍ර අනුගමනය කරමින් කොතරම් කෙළිසෙල්ලම් කරමින් අවුරුදු කාලය ගත කළත් අවුරුදු දවස තුළ ආගමික වතාවත් සිදු කිරීමට පූජනීය ස්ථානවලට යාමටත්, ආගමික වතාවත් සිදුකිරීමට ඔවුහු අමතක නොකරති. ගමේ එකමුතු බව විදහා දක්වමින් නෑකම, හිතවත්කම ලෙන්ගතුකම විදහා දක්වමින් ඉහත දැක්වූ අයුරු පමණක් නොව වෙනත් විවිධ අයුරින් කටයුතු කරමින් දැනට වසර පනහකට හැටකට පෙරාතුව ජීවත්වූ අපේ මුතුන් මිත්තෝ සමගියේ මග යහතින් පෙන්වා දුන්හ.



අදහස් (0)

අවුරුදු හැටකට කලින් ගාල්ලේ අවුරුදු කෑවේ මෙහෙමයි

ගමගේ Friday, 24 April 2015 03:29 AM

මමත් ගාල්ලේ. මගේ පියා ගුරුවරයෙක්. තද නීතිකාරයා.හැබැයි අවුරුද්ද දවසට කාසි ඔට්ටුවට සෙල්ලම් කරන්න අවසරය දුන්නා. අහළ පහළ කාන්තා පක්ෂය මගේ අම්මාත් සමඟ එකතුවෙලා ඔක්කොම ගෙවල් වලට සැහෙන්න කැවුම්, කොකිස්, දෝසි, අලුවා හදපු හැටි මතකයි. මගේ බිරිඳ කොළඹ. ඇයගේ මාපියන් දකුණේ වුණාට කොළඹ ගෙදර කිසිදවසක අවුරුදු චාරිත්‍ර කළේ නැතිලු. නමුත් විවාහයෙන් පස්සේ පළමු අවුරෙද්දේ ඉඳලා අපේ කොළඹ ගෙදර අලුත් අවුරුදු චාරිත්‍ර කෙරෙනවා. මගේ පුතා සහ දුව ඔවුන්ගේ පාසල්වල කනිෂ්ඨ අංශයේදී ලබපු අලුත් අවුරුදු අත්දැකීම් නිසා අපිට කලින් ඒ දෙන්නා උත්සවයට සුදානම්වීමට අපිව පොළඹවනවා. (නි)

:       0       0

කිරි ගමරාල Friday, 24 April 2015 03:47 AM

මට තව දේවල් මතක් වුන. ලිපිය ලියපු විමලසේන ගඟේ මහත්මයත් ඒ කාලේ පදිංචිවෙලා හිටියේ ගාල්ලේ අපේ ගෙදෙර කිට්ටුව. ඔහුගේ බිරිඳ ගාල්ල මහින්ද විද්‍යාලයේ ගුරුවරියක්ව සිටිය. අප්‍රේල් 15 වනදා තාත්තාගේ සහ අම්මාගෙ සහෝදර සහෝදරියන් සහ ඔවුන්ගේ පවුල්වල අයට දිවා ආහාරය පිළියෙළ වුනේ අපේ ගෙදර. පිට පලාත්වල සේවය කරපු ඥාතීන් දිවා ආහාරයෙන් පස්සේ රැකියා ප්‍රදේශවලට පිටත්වෙන්න ඉස්සෙල්ල සමු ගත්තු හැටි තාමත් මතකයි. අපේ ගෙදර අවට මුස්ලිම් පවුල් කීපයක් පදිංචිවෙලා හිටිය. ඔවුන්ගේ ගෙවල් වලට කැවිලි බන්දේසි අරන්ගියේ අපි පොඩි එවුන්. ඒ හින්ද අපිට තවමත් ජාත්වාදී හැගීමක් ඇතිවෙන්නේ නැහැ. ඒ මඟ පෙන්වූ තාත්තාත් අම්මාත් සිහි කරලා හැම අව්රුද්දේම දෙසැම්බර් මාසෙදි සාංඝික දානයක් දීල පින් පැමිණවීම නොකඩවා කරනවා. (ස)

:       0       0

අජිත් Tuesday, 21 April 2015 02:23 PM

මමත් ගාල්ලේ කෙනෙක්. හරිම විනොදයි ඒ දවස්වල (අසුගනන්වල) අවුරුදු. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 254 1

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 878 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1382 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 205 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 431 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 599 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 519 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2056 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site