IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


අවසන් සටනේ මතක සටහන්

ලෝකයේ දරුණුතම ත‍්‍රස්තවාදී සංවිධානය ලෙස හැඳින්වූ කොටි සංවිධානයේ නායකයාව සිටි වේලූපිල්ලේ ප‍්‍රභාකරන් වන්නි මානුෂීය මෙහෙයුමේ නිරතව සිටි අපේ රණවිරුවන්ගේ වෙඩි ප‍්‍රහාරයන්ට ලක්ව මැරුම්කෑවේ මීට වසර තුනක පමණ ඉහතදීය. නන්දිකඩාල් කළපුවේ කඩොලාන වගුරුබිමේ බැස මරණභයේ ගැහෙමින් ශරීරාරක්ෂකයින් 30 දෙනකුගේ පමණ දැඩි රැකවල් මැද සැඟව සිටි ප‍්‍රභාකරන් නමැති ජන ඝාතකයා රණවිරුවන්ගේ වෙඩි ප‍්‍රහාරයට ලක්ව මැරුම්කෑවේ 2009 මැයි මස 18 වැනිදා රාත‍්‍රී කාලයේදීය. පසුදින ඔහුගේ සිරුර සොයා ගත් රණවිරුවෝ සිරුර ඔසවාගෙන පැමිණියේ අහසට වෙඩි තබමින් ජයඝෝෂා කරමිනි. මෙම අවස්ථාවට දහසකට ආසන්න රණවිරුවෝ පිරිසක් එක්ව සිටියහ. දශක තුනක පමණ කාලයක් තිස්සේ මර බියෙන් ගැහෙමින් වෙවුලමින් සිටි සුවහසක් ජනතාවගේ ඒ මර බිය මුළුමනින්ම පහව ගියේ ප‍්‍රභාකරන් නැමැති මහා ජන ඝාතකයාගේ සිරුර දැකීමෙන් පසුවය. රටේ සමස්ත ජනතාවටම සැබෑ නිදහසක් උරුමවූයේ එදා සිට යැයි කීම අතිශයෝක්තියක් නොවේ. එදා ගමනක් බිමනක් ගියේ කොයි මොහොතේ කොතන බෝම්බයක් පුපුරායාවිදැයි සිතමින් හා කොයි මොහොතේ ගමට කඩා වැද කපා කොටා ඝාතනය කරාවිදැයි සිතමින් මරණය දෝතේ තුරුළු කරගෙනය. ඒ මරණබිය පහව ගියේ මීට වසර 3කට ඉහතදීය. තමාගෙන් ලැබුණු නියෝග අනුව කපා කොටා සමූහ වශයෙන් ඝාතනය කෙරුණු වැඩිහිටියන්ගේ පමණක් නොව ළමා ළපටියන්ගේ පවා සිරුරු වලින් ගලා ගිය ලේ දෙස බලමින් නරුම වින්දනයක් ලැබූ මහ ජන ඝාතකයා මැරුම්කෑ පුවත අසා සමස්ත රටවැසියන් වීදි බැස ජයඝෝෂා කරමින් කිරිබත් උයා කෑවේ නිම්හිම් නැති ඒ සතුට නිසාමය. දශක තුනක පමණ කාලයක් ගිණි අවියෙන් බෝම්බයෙන් රටේ හරි අඩක් පමණ පාලනයට නතුකරගෙන ඒ පාලන ප‍්‍රදේශවල කැලෑ නීතිය ක‍්‍රියාත්මක කර ජනතාව කුරිරුවධ බන්ධන හිංසා පීඩා වලට ලක්කර කොටි සංවිධානයේ නායකයින් හා ඔවුන්ගේ ගෝල බාලයන් වැඩි දෙනෙක් මැරුම්කෑවේ අපේ රණවිරුවන්ගේ ගිනි අවිවලින් නිකුත්වූ වෙඩි උණ්ඩ වලිනි. කොටින්ගේ පාලන ප‍්‍රදේශවලට යාමට වීසා ලබාගැනීමට සිදුවූ යුගය ද දැන් අවසන්වී වසර තුනකුත් ගතවී හමාරයි. දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුවට අතීතයේ මෙන් නිදහසේ ගමන් කිරීමට වාසනාව අද ජනතාවට ලැබී ඇත. එවැනි නිදහසක්  ලබාදීමට අපේ රණවිරුවන් සිය දහස් ගණනකට ඇස් හිස් මස් ලේ පූජා කිරීමට සිදුවිය. ඔවුන්ද අපි මේ මොහොතේ සිහිපත් කළ යුතුව ඇත. පරාජය පෙනි පෙනී ප‍්‍රභාකරන් සිය නායක නායිකාවන් හා ගෝලබාලයන්ට කීවේ කෙසේ හෝ තමන්ට අහිමි වූ බලප‍්‍රදේශ යළි අල්ලාගන ඊළමක් පිහිටුවන බවය. අහිමිවූ පාලන ප‍්‍රදේශ යළි අත්පත්කර ගැනීම සඳහා ප‍්‍රභාකරන් නොගත් උත්සාහයක් නැත. ගිලිහී ගිය බලය යළි තහවුරුකර ගැනීම සඳහා ඔහු යොදාගත් ක‍්‍රමෝපායන් අතිශය දරුණුය. ඒ ක‍්‍රමෝපායන් ක‍්‍රියාත්මක කරනු ලැබ ඇත්තේ මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කරමිනි. වන්නි මානුෂීය මෙහෙයුමේ නිරතව සිටි රණවිරුවන් ඉදිරියට යෑම වැළැක්වීම සඳහා ප‍්‍රහාර එල්ල කිරීමට ගොස් අත්පා අහිමිව රෝහල් ගතකර සිටින කොටි සාමාජික සාමාජිකාවන් බලහත්කාරයෙන් රැගෙනගොස් ඔවුන්ද මිනිස් බෝම්බ වශයෙන් යොදාගෙන ඇත. අත්පා අහිමිවන අනේක දුක් විඳිමින් සිටි කොටින්ට අධි බලැති බෝම්බ ඇඳුම් කට්ටල අන්දවා හමුදා භට කණ්ඩායම් ඉදිරියට එන මාර්ග වල තැනින් තැන දමා ගොස් තිබේ. හමුදා කණ්ඩායම් මෙවැනි අය ළඟට ඔවුන්ට පිහිටවීමේ උදාර අරමුණින් ඔවුන් ළඟට කිට්ටුවෙනවාත් සමඟම අත් පා අහිමිව සිටි ඒ කොටින් ගේ සිරුරුවල බැඳ ඇති බෝම්බ පුපුරා යන්නේ රණවිරුවන්ගේ සිය ගණනක් ජීවිත අහිමිකරමිනි. එහෙමත් නැත්නම් අත්පා අහිමි කරමිනි. යුද්ධය දරුණු අතට හැරෙද්දී සිය ගණනක් කොටි පලා ගොස් හමුදාවට බාරවූ අතර මෙසේ පලා යද්දී අසුවන කොටි සාමාජිකයින්ද මිනිස් බෝම්බ වශයෙන් යොදාගෙන ඇත. පලා යද්දී අසුවන කොටි සාමාජික සාමාජිකාවන් ගේ අත් පා වලට යකඩ දම්වැල් දමා වෑල්ඩින් කර ඔවුන්ගේ සිරුරුවල අධිබලැති බෝම්බ ඇඳුම් අන්දවා තැනින් තැන අත්හැර දමා යන්නේ ද ඔවුනට කෑගැසීමට නොහැකිවන අන්දමින් කටවල් වලට පාන්කඩ ඔබාය. කොටින්ගේ වධ බන්ධනවලට ලක්වූ සාමාන්‍ය වැසියන් යැයි සිතා ඔවුන් මුදාගැනීමට හමුදා භට කණ්ඩායම ලංවනවාත් සමඟම ඒ මිනිස් බෝම්බ පුපුරා යන්නේ මහහඬ නගමිනි. මෙවැනි මිනිස් බෝම්බ පුපුරුවා හරිනු ලබන්නේ රූස්ස ගස්උඩ සැඟව සිටින කොටින් ඔවුන් අත තිබෙන දුරස්ථ පාලක යන්ත‍්‍ර උපයෝගී කරගනිමින්ය. කොටි සංවිධානයට ද්‍රෝහිවූ සාමාන්‍ය වැසියන් ද මෙවැනි ආකාරයට මිනිස් බෝම්බ වශයෙන් යොදා ගැනීමට තරම් කොටි නායකයන් සැහැසිවී ඇත. මේ තොරුතුරු හමුදාව විසින් හෙළිකරගෙන ඇත්තේ වන්නි මානුෂීය මෙහෙයුම සමයේ බාරවූ හා අල්ලාගත් කොටි ත‍්‍රස්තවාදීන් ගෙනි. කොටි ග‍්‍රහණයෙන් මිදී රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණෙන සාමාන්‍ය වැසියන් ලියාපදිංචි කිරීම සඳහා මුලතිව් විශ්වමඩු සුන්දරපුරම් ප‍්‍රදේශයේදී පිවිසුම් මුරපොලක් ස්ථාපිතකර තිබිණි. සාමාන්‍ය වැසියන් සමඟ පැමිණි කොටිකතක් ඇයගේ සිරුරේ බැඳගෙන තිබූ බෝම්බයක් පුපුරුවා ගැනීම නිසා හමුදා කපිතාවන්වරයකු ඇතුළු හමුදාවේ විසි දෙනෙකු හා සාමාන්‍යවැසියන් 8 දෙනෙකු මිය ගොස් සාමාන්‍ය වැසියන් 40ක් පමණ බරපතල තුවාල ලැබුවේ 2009 පෙබරවාරි මස 9 වැනිදාය. මෙම සිද්ධියෙන් හමුදාවේ 24 දෙනෙක්ද තුවාල ලබා තිබූ අතර මේ සිද්ධියෙන් මිය ගිය හා බරපතල තුවාල ලැබූවන් අතර අත දරුවන්ද සිට ඇත. මුලතිව් යුදමුක්ත කලාපයට ඇතුළුවූ හමුදා කණ්ඩායම් බලහත්කාරයෙන් රඳවාගෙන මිනිස් පළිහක් ලෙස යොදාගෙන සිටි සාමාන්‍යවැසියන් මුදා ගැනීමේ නිරතව සිටියදී සාමාන්‍ය වැසියන් ලෙස වෙස්වලාගෙන සිටි කොටිකතුන් තිදෙනකු සිරුරේ බැඳගෙන සිටි බෝම්බ පුපුරාගැනීමෙන් සාමාන්‍ය වැසියන් 17ක් පමණ මියගොස් තවත් 200ක් පමණ දෙනාට බරපතල තුවාල සිදුවූයේ 2009 වසරේ අපේ‍්‍රල් මාසයේ 20 වැනිදාය. මෙම සිද්ධියේදීද මිය ගිය හා තුවාල ලැබූවන් අතර අත දරුවන් වයෝවෘද්ධ කාන්තාවන් හා පිරිමින් ද පාසල් සිසු සිසුවියන්ද සිට ඇත. සාමාන්‍ය ජනතාව ගැන කිසිදු හැඟීමක් හෝ තැකීමක් නොකර ප‍්‍රභාකරන් මෙවැනි ක‍්‍රමෝපායන් යොදා ගත්තේ ගිලිහී යන බලය කෙසේ හෝ රැක ගැනීමේ අරමුණ මුදුන්පත් කර ගැනීම සඳහාය. උතුරේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී සිටි විමුක්ති කාමියකු ලෙස ඇතැමුන් හඳුන්වනු ලබන්නේ මෙවැනි මිලේච්චයෙකි. ගම්මාන වලට කඩා වැදී අහිංසක වැසියන් සිය ගණන් කපා කොට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ ප‍්‍රභාකරන්ගේ අණින් ගිය කොටි ත‍්‍රස්තවාදීන්ය. මව ඇකයේ කිරි බොමින් සිටි දරුවන් පවා ඔසවා පොළොවේ ගසා මරා දමනු ලැබුවේ මව් වරුන්ටද වෙඩි තබා මරා දැමීමෙන් පසුවය. මිය ගිය අය ගේ බඩවල් පලා බඩ වැල් බොකු එළියට ඇද දමා යාමට කිරි දරුවන් පණ පිටින් වැට වල් වල ඉනි වල ගැසීම කුරිරු ත‍්‍රස්තයන් කළ අතිශය බිහිසුණු ක‍්‍රියා ම්ලේච්ච ක‍්‍රියාය. මේවා සියල්ල කොටි සංවිධානයේ ඡායාරූප හා වීඩියෝ අංශයේ සාමාජික සාමාජිකාවෝ වීඩියෝ හා ඡායාරූප ගත කරති. සාමාන්‍ය වැසියන් අමු අමුවේ ඝාතනය කරන දර්ශන ඇතැම් වීඩියෝ පටි නැරඹීමට ප‍්‍රභාකරන් පුරුදුව සිට ඇත. ජීවිතයත් මරණයත් අතර ගතකරමින් වතුර පොදක් ඉල්ලා වේදනාවෙන් කෑමොර දෙන මිනිසුන්ගේ දර්ශනද කිරි දරුවන් පොළොවේ ගසා සිය සගයන් විසින් ඝාතනය කරනු ලබන දර්ශනද නැරඹීමට ප‍්‍රභාකරන් දැඩි රුචියක් දක්වා ඇති අයෙකි. මෙවැනි දර්ශන ඔහු නරඹා ඇත්තේ වියරුවෙන් සිනා සෙමිනි. ගම්මානවලට කඩා වැද අහිංසකයින් අමු අමුවේ ඝාතනය කරන දර්ශන නරඹා තවමත් වධ බන්ධනවලට ලක්කර මරා දැමිය යුතු ක‍්‍රමෝපායන් පවා ප‍්‍රභාකරන් සිය නායකයන්ට පවසා මින් ඉදිරියට එවැනි ක‍්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවටද නියෝග කරන අවස්ථාද තිබී ඇත. ප‍්‍රභාකරන්ට එරෙහිව ඔහුගේ නියෝගවලට අවනත නොවූ නායකයන් ද ඝාතනයට ලක්වූ අවස්ථා ඒ කාලයේ  ඕනෑතරම් තිබිණි. ද්‍රෝහින් ලෙස සලකා ප‍්‍රභාකරන්ගේ අතින් ඝාතනයට ලක්වූ අයගේ සිරුරු තිබෙන තැන්වලට ගොස් ඒ සිරුරුවලින් ගලායන ලේ දෙස බලමින් ඔහු සිනාසී ඇත්තේ වියරුවෙන් මෙනි. හමුදාව විසින් මේ තොරතුරු හෙළිකරගනු ලැබ ඇත්තේ වන්නි මානුෂීය මෙහෙයුම පැවති සමයේ බාරවූ හා අල්වාගත් ප‍්‍රභාකරන් සමීපයේ සිටි කොටි ප‍්‍රබලයන්ගේ මාර්ගයෙන්ය. වන්නි මානුෂීය මෙහෙයුම ආරම්භ වී ටික කාලයකට පසු කොටිනායක ප‍්‍රභාකරන් කොටිනායක නායිකාවන්ට සාමාජික සාමජිකාවන්ට පනවා තිබූ බොහෝමයක් තහංචි ඉවත් කර ඇත. කොටි සාමාජික සාමාජිකාවන් ලිංගික සම්බන්ධකම් පවත්වා අසුවුවහොත් දැඩි දඬුවම් ලබා දෙනු ලැබූ අතර පසුව එම තහනමද ඉවත් කර ඇත. උපත්පාලන කොපු තොග වශයෙන් ඉන්දියාවෙන් ගෙන්වා කොටි සාමාජික සාමාජිකාවන් අතරේ බෙදාහැර ඇත්තේ වන්නි මානුෂීය මෙහෙයුම ආරම්භකර ටික කාලයක් ගතවීමත් සමඟය. කොටින්ගේ බංකර් හා කඳවුරු වල උපත් පාලන කොපු තොග වශයෙන් තිබී හමුවීමෙන් මේ බව තහවුරුවිය. කොටි නායකයාව සිටි වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ගේ ඊළාම් සිහින රාජ්‍යයේ අගනගරය වූ කිලිනොච්චිය හමුදා පාලනයට නතුවීම ඔහුගේ පරාජයේ ආරම්භය විය. කිලිනොච්චිය කොටි ග‍්‍රහණයට නතුවූයේ 1998 වසරේදී වන අතර කොටි ග‍්‍රහණයෙන් කිලිනොච්චිය මුළුමනින්ම මුදා ගනු ලැබවේ ඉන් වසර 10ක පමණ කාලයකට පසුවය. 2009 වසරේ ජනවාරි මස 2 වැනිදා ඒ ඓතිහාසික ජයග‍්‍රහණය අපේ රණවිරුවෝ අත්පත් කරගනු ලැබුවේ මාස කිහිපයක් එක දිගට පැවති දරුණු සටන්වලින් පසුවය. කොටි නායක ප‍්‍රභාකරන් ඇතුළු ඔහුට ඒ වනවිට ඉතිරිව සිටි කොටි නායක-නායිකාවන් සමඟ වෙල්ලමුල්ලි වයික්කාල් ප‍්‍රදේශයේ තව දුරටත් සැඟව සිටීම අවදානම් බව වටහාගෙන ඊළඟට පැන ගත්තේ කරයමුල්ලිවෛයික්කාල් ප‍්‍රදේශයටය. කරයමුල්ලිවෛයිකාල් ප‍්‍රදේශයද එතරම් ආරක්ෂිත ප‍්‍රදේශයක් නොවන බව දවස් දෙක තුනක් තුළ තේරුම් ගත් ප‍්‍රභාකරන් ඇතුළු ඔහුගේ නඩය නන්දිකඩාල් කලපු තීරයේ වගුරු බිමක් සහිත කඩොලාන කැලෑවට පැනගෙන ඇත. නන්දිකඩාල් කළපුවේ දුපත් හයක් පිහිටා තිබෙන අතර ප‍්‍රදේශයේ දරුණු ගැටුම ඇවිලී යද්දී ප‍්‍රභාකරන් ඇතුළු නඩය මේ දුපත් හයෙන් එක එකට පැන ගොස් තිබේ. යාපනය පුරපති ඇල්ප‍්‍රඞ් දොරේඅප්පා 1975 වසරේ ජූලි මස 25 වැනිදා ඝාතනය කරමින් ප‍්‍රභාකරන් නමැති මහා ජන ඝාතකයා ආරම්භ කරන ලද ඊළාම් රාජ්‍යයක් ඇති කිරීමේ සිහින සටන දශක තුනක පමණ කාලයකට පසු නන්දිකඩාල් කළපුවේ වගුරු බිමේදී නිමාවට පත්වූයේ මුළු දේශයටම නිදහස හා සාමය උදාකර දෙමිනි. ඒ ප‍්‍රභාකරන් නමැති මස්වැද්දාගේ සිරුර නන්දිකඩාල් වගුරු බිමේ සොයා ගැනීමත් සමගය. වේලූපිල්ලේ ප‍්‍රභාකරන් යනු කිසිදා පරාජයට පත්කළ නොහැකි කොටි සංවිධානයට නායකත්වය දෙන රණශූරයකු බව බොහෝ දෙනකුගේ සිත්තුළ මුල් බැස ගෙන තිබූ අදහස විය. ඇතැම් දේශපාලනඥයින් ද මේ අතර විය. පසුගිය එක්සත් ජාතික පක්‍ෂ රජය කාලයේ කොටි සංවිධානය සමඟ අවබෝධතා ගිවිසුමක් (සාම ගිවිසුමක්) ඇති කරගත් පසු කොටිනායක ප‍්‍රභාකරන් මාධ්‍ය සාකච්ඡුාවක් කැඳවා තිබිණි. දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් සහභාගිවූ මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුණේ කිලිනොච්චිය වටකච්චි ප‍්‍රදේශයේදීය. එදා පැවති මාධ්‍ය සාකච්ඡාව වෙනුවෙන් දැවැන්ත ආරක්ෂක වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කර තිබුණේ දෙස් විදෙස් මාධ්‍යවේදීන්ට එය කොටි සංවිධානයේ බලය ද පෙන්වීමට හොඳ අවස්ථාවක් කර ගනිමිනි. ඒ බව මෙම මාධ්‍ය සාකච්ඡාවට ගිය අපට පැහැදිලිවම පෙනී ගිය කරුණකි. එදා යොදා තිබූ දැවැන්ත ආරක්‍ෂක වැඩ පිළිවෙල පමණක් නොව වෙනම රාජ්‍යක් තුළ ක‍්‍රියාත්මක කෙරෙන ක‍්‍රමවේදයන් දුටු දෙස් විදෙස් මාධ්‍යවේදීන් සමහරක් දැරුවේ කොටි සංවිධානය ඉතාම බලසම්පන්න නිසා කවදාවත් යුද්ධයෙන් පරාජය කළ නොහැකිය යන මතයකි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවැරදි දේශපාලන නායකත්වය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම හා හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ යුද සැලසුම් මෙන්ම යුදබිමේ සිටි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ඇතුළු විවිධතරාතිරම්වල නිලධාරීන්ගේ හා සෙබළුන්ගේ අධිෂ්ඨානය චිත්ත ධෛර්ය මත කැපවීම හා නිර්භීතකම මෙවැනි ජයග‍්‍රහණයක් අපේ දේශයට ලැබීමට ප‍්‍රබල සාධක විය.

විස්තරය - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය



අදහස් (0)

අවසන් සටනේ මතක සටහන්

අනුර Sunday, 15 July 2012 08:50 PM

ජනාධිපතිතුමනි, ඔබ තුමා අපේ දෙවි කෙනෙක්. අද අපි නිදහසේ ඉන්නේ රණවිරුවන් නිසා සදා ණය ගැතියි. සියළුම දෙනාට (ස)

:       0       0

තසංක වීරකෝන් Monday, 14 May 2012 12:56 AM

මලින්ද, මොකද ගුවන් හමුදාපති සහ නාවික හමුදාපති විතරක්.... සරත් ෆොන්සේකා මහත්මය සිපිරි ගෙදර නිසාද... ?? ඔහුටත් මේ ගෞරවය එලෙසම හිමි වෙනවා....සෙන්පතියෙක් ලෙස ඔහුටත් මෙවර උත්සයේදී හෝ කුඩාවට සිරගෙදරදී හෝ ගෞරවාචාරයක් සුදානම්ව තිබුනම් තමා හොද. දිනු අලුත් නිදහසට ජාති, ආගම්, කුල මල, පටු දේශපාලන අදහස් එපා...

:       0       0

පුෂ්පා Monday, 14 May 2012 06:13 PM

රටේ ජනගහනයට සමානුපාතිකව ගත හොත් ප්‍රභාකරන් නිසා නැති වූ ජීවිත ගණන හිට්ලර් අතින් මියගිය ගන්නට වඩා වැඩි කියලයි මට හිතෙන්නේ

:       0       0

ප්‍රෑන්ක් Monday, 14 May 2012 07:23 AM

මලින්ද, එතකොට ෆොන්සේකා මහත්තයා කවුද?

:       0       0

දළු බණ්ඩා Sunday, 13 May 2012 02:55 PM

ජය ශ්‍රී.......... ජය ශ්‍රී.......... ජය ශ්‍රී.........බොහොම සතුටුයි අපිට.

:       0       0

සානිවා Monday, 14 May 2012 09:18 PM

බදු ගෙවන ජනතාවටත් ප්‍රණාමය හිමිවිය යුතුයි...

:       0       0

සුප්රා Monday, 14 May 2012 11:23 AM

ෆොන්සේකා මහත්තය වීරයෙක් තමයි.නමුත් ඔහු අන්තිමේ සතුරන්ගෙ ගොඩට එකතු වුණා.ෆොන්සේකා මහත්තයව දේශපාලනයට ගෙනාපු සියඵම දෙනා මේවට වගකිව යුතුයි.

:       0       0

ෂාන්- සෞදි අරාබි Monday, 14 May 2012 12:22 PM

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපතිවරයාටද හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහත්මයාටද විශේෂ කාර්‍ය බලකායට වන්නි මානුෂීය මෙහෙයුමේ නිරතව සිටි සියඵම රණවිරුවන්ටත් මෙම ගෞරවය හිමිවිය යුතුය. අපේ මවුබිම බේරා ගැනීමට දායක වූ සැමට අපේ ප්‍රණාමය.

:       0       0

අනුරාධ Sunday, 13 May 2012 09:16 PM

අපේ මවුබිම බේරා ගැනීමට දායක වූ සැමට අපේ ප්‍රණාමය

:       0       0

මලින්ද. Sunday, 13 May 2012 09:51 PM

නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපතිවරයාටද මෙම ගෞරවය හිමිවිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 495 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 547 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 107 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 378 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 544 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 917 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 490 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1989 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site