”මරියාණෙනි, බිය නොවන්න ඔබ දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ලද්දෙහිය. ඔබ පිළිසිඳගෙන පුතකු ලබන්නෙහිය. උන් වහන්සේට ජේසු යන නාමය තබන්න. උන් වහන්සේට උතුම්වූ මහෝත්තමයාණන්ගේ පුත‍්‍රයා යැයි කියනු ලබන්නේය. උන් වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය.
|
”අපට ළදරුවෙක් උපන්නේය. එතුමා අපේ රජ වන සේක. එතුමා අසිරිමත් උපදේශකයාණෝය. පරාක‍්‍රමවත් දෙවියන් වහන්සේය. සදාතන පියාණෝය. සාමයේ කුමාරයාණෝය” (යෙසායා)
දිවැස්වරුන්ගේ අනාවැකි සම්පූර්ණ වී ජේසු තුමාණන්ගේ අසිරිමත් උපත සිදුවන්නට අවශ්‍ය කටයුතු සූදානම් විය. ගාබි‍්‍රයෙල් දේවදූතයා කන්‍ය මරිය තුමියට මංගලම් කීමේ පණිවිඩය ශුද්ධ වූ ලූක් තුමාගේ සුවිශේෂයේ රමණීය ලෙසින් ඉදිරිපත් කර ඇත.
”සවැනි මස ගාබි‍්‍රයෙල් නම් දේවදූතයා දෙවියන් වහන්සේ විසින් ගලීලයේ නාසරෙත් නම් නුවර විසූ දාවිත් රජ පරපුරෙන් පැවත එන ජෝසප් නම් මනුෂ්‍යයකුට විවාහ ගිවිසුම් දී සිටි කන්‍යාවක වෙත යවන ලදී. ඒ කන්‍යාවගේ නම මරියාය. දේව දූතයා ඈ සිටි තැනට පැමිණ විපුල ප‍්‍රසාද ලත් උත්තමිය! ඔබට මංගල වේ. ස්වාමීන් වහන්සේ ඔබ සමග යැයි කීය”
එහෙත් ඒ වදන් අසා විවාහ ගිවිසුම්දී සිටි මේ කාන්තාව අතිශයින් කැළඹුනාය. ඇයට එය විශ්වාස කළ නොහැකි සිදුවීමක් විය.
දේව දූතයා ඇයට කතාකොට ”මරියාණෙනි, බිය නොවන්න ඔබ දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ලද්දීය. ඔබ පිළිසිඳගෙන පුතකු ලබන්නේය. උන් වහන්සේට ජේසු යන නාමය තබන්න. උන් වහන්සේ උතුම්ව මහෝත්තමයාණන්ගේ පුත‍්‍රයා යැයි කියනු ලබන්නේය. උන් වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය.
සම්ප‍්‍රදායික යුදා කාන්තාවක් වූ ඇය තිගැස්සී දේව දූතයාට කතා කොට ”මට පුරුෂයකු නැති බැවින් මේක වන්නේ කෙසේ දැයි ඇසීය”
දේව දූතයා උත්තර දෙමින්
”ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක. පරමෝත්තමයාණන්ගේ ආනුභාවද ඔබ වසා ගන්නේය. ඒ නිසා උපදින්නට සිටින තැනැත්තේ ශුද්ධය. දෙවියන් වහන්සේගේ පුත‍්‍රයාණෝ යැයි කියනු ලබන්නේය”
”මරියා ද බැලූව මැනව. ස්වාමීන් වහන්සේගේ දාසීය, ඔබගේ වචනය ලෙස මට වේවා යැයි කීවාය”
ශුද්ධ වූ මතෙව් තුමා ශ‍්‍රාස්ත‍්‍රවන්තයන් තිදෙනාගේ පැමිණීම ආශ්චර්යවත් විලසින් සඳහන් කරයි. ප‍්‍රභාෂ්වරව පායා ඇති වල්ගාතරුවක් දුටු ඔවුහු ඒ ඔස්සේ ජේසුස් වහන්සේ උපන් ස්ථානය සොයා පැමිණියෝය.
|
මෙහි දී ඔගස්ටස් අධිරාජයා පැනවූ නියෝගයක් මත ජන සංගණනයක් පැවැත්වීම සඳහා ජෝසප් ද දාවිත්ගේ වංශයට අයත් බැවින් තම විවාහ බස් දී සිටි මරියා ද සමග ගලීලියේ නාසරෙත් නුවරින් පිටත්ව යුදයාවේ බෙත්ලෙහෙම් දාවිත්ගේ නුවරට ගියේය. මරියතුමී ජුසේ තුමා විසින් රැුගෙන යන දුෂ්කර ගමනේදී මරිය තුමියගේ ප‍්‍රසව කාලය සම්පූර්ණ විය. තානායම්වල ඉඩ කඩ නොවූ බැවින් ඈ කුළුදුල් පුත‍්‍රයා වදා රෙදි වලින් ඔතා ගවයන් කන ඔරුවක තැබුවාය.
එෙඬ්රු රාත‍්‍රියේ බැටළු රැුළ පරෙස්සම් කරමින් පිට්ටනියේ සිටියහ. ස්වාමීන් වහන්සේගේ තේජස ඔවුන් අවට බැබළුනි. ඔවුහු අතිශය බයට පත්වූහ.
දේව දූතයා ඔවුනට කතාකොට
”බය නොවෙල්ලා, මුළු සෙනඟට ඉමහත් ආනන්ද ජනක මංගල පුවතක් මම ඔබ වෙත ගෙනෙමි. මක් නිසාදයත් ස්වාමි වූ ක‍්‍රිස්තුස් නම් ගැලවුම්කාරයෙක් නුඹලාට දාවිත්ගේ නුවර උපන් සේක. රෙදි වලින් ඔතා ගවයන් කන ඔරුවක බාවා ඉන්න ළදරුවෙක් නුඹලාට සම්බ වන්නේය. මේක නුඹලාට ලකුණ යැයි කීවේය”
එකෙනෙහිම දේව ¥තයා සමග මහත් ස්වර්ගීය සේනා සමූහයක් දෙවියන් වහන්සේට ප‍්‍රශංසා කළෝය.
”ඉතා උසස් තැන්හි දෙවියන් වහන්සේට මහිමයද මෙලොවෙහි සුසිත් ජනයන්ට සාමය ද වේවා”
එෙඬ්රු එහි ගොස් ළදරුවා දුටුවෝය. දෙවියන් වහන්සේට ඔවුහු ප‍්‍රශංසා කළෝය.
ශුද්ධ වූ මතෙව් තුමා ශ‍්‍රාස්ත‍්‍රවන්තයන් තිදෙනාගේ පැමිණීම ආශ්චර්යමත් විලසින් සඳහන් කරයි. ප‍්‍රභාෂ්වරව පායා ඇති වල්ගාතරුවක් දුටු ඔවුහු ඒ ඔස්සේ ජේසුස් වහන්සේ උපන් ස්ථානය සොයා පැමිණියෝය.
”පෙරදිග ඔවුන් දුටු තාරකාව ළදරුවා උපන් තැනට අවුත් ඉහළින් නවතිනතුරු ඔවුනට පෙරටුවෙන් ගියේය. තාරකාව දැක ඔවුහු අතිශයින් ප‍්‍රීති ප‍්‍රමෝද වූහ. ඔවුහු ගෙට වැද ළදරුවා සිය මව වූ මරියා සමග සිටිනු දැක පසඟ පිහිටුවා වැඳ සිය කරඬු හැර රන්ද, තුවරලා ද ගන්ධ රසද යන පඬුරු උන් වහන්සේට පිදූහ”.
තමාට වඩා උසස් රාජයකුගේ උත්පත්තිය සිදු වූ බව දැනගත් හෙරොද් රජ ශ‍්‍රාස්ත‍්‍රවන්තයන්ගෙන් තොරතුරු නොලැබීම හේතුවෙන් කෝපවී කුඩා දරුවන් සියල්ලම මැරීමට අණ කළේය. ඔවුන් ගිය කල්හි ස්වාමීන් වහන්සේගේ දූතයෙක් ස්වප්නයකින් ජෝසප්ට දර්ශනය වී ”දරුවාද මෑණියන් ද රැුගෙන මිසරයට පලා ගොස් මා දන්වනතුරු එහි සිටින්නට අණ කළේය.
”ඔහු රාත‍්‍රියේම ළදරුවා ද මෑණියන් ද රැගෙන මිසරයට ගොස් හෙරොද්ගේ මරණය තෙක් එහි සිටියෝය.
ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග
අලුත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ
ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක
ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක
ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී
ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අසිරිමත් කිතු උපත
විමුක්ති Wednesday, 07 January 2015 09:31 AM
මාගලී, නිකන්මෝඩ කතා කියන්න එපා. (නි)
ශිරන්ති Tuesday, 23 December 2014 06:41 PM
ලෝකයට සාමය ගෙනා සාම කුමරාගේ පුනරාගමනය කතෝලිකයන්ගේ බලාපොරොත්තුවයි. (නි)
සරසි Wednesday, 24 December 2014 06:20 AM
මේ අපගේ ආනන් දජනක මංගල දිනයි සැමට සුබ නත්තලක් වේවා (නදී)
මගලී ෆොන්සේකා Wednesday, 24 December 2014 07:39 PM
දැන් ලෝකෙට සාමයක් තියෙනවද අනේ ඉතින් (නදී)
විමුක්ති Wednesday, 24 December 2014 11:21 AM
සීනු හඬින් ලොව පිබිදෙනවා. නත්තල දොර ළඟ හිනැහෙනවා. ගවහලකට තරුවක් යනවා. අහසට පොලොව ගැටේ.අහසට පොලොව ගැටේ. (අ)