එජාපයේ 75 වැනි සංවත්සරය අදට (6) යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
1946 සැප්තම්බර් 06 දින ස්ථාපනය කරන ලද එක්සත් ජාතික පක්ෂය 75 සංවත්සරය සමරන මෙම අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයත් එහි නායකයන් සහ සමස්ත සමාජිකත්වය එක්ව පොදුවේ රටටත් සමස්ත ශ්‍රී ලාංකික ජනතාවටත් දිනාදුන් දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික දායාදයන් කෙරෙහි ආපසු හැරී බැලීම ජාතික යුතුකමකි.
1931 සිට ක්‍රියාත්මක කළ ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යටතේ අභ්‍යයන්තර කටයුතු පාලනය කරන්නන්ට සර්ව ජන ඡන්ද බලය යටතේ තේරී පත්වුණ ශ්‍රී ලාංකික දේශපාලනඥයනට අවස්ථාව ලැබීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ සමාරම්භක නායකයන්ට කෘෂිකර්ම කර්මාන්ත හා වාණිජ සෞඛ්‍ය අධ්‍යාපන කේෂත්‍රවල ප්‍රබල ප්‍රතිසංස්කරණ ජාතික අභිලාෂයන්ට සරිලන පරිදි හඳුන්වාදීමට අවස්ථාව ලැබිණ. මෙම පසුබිම යටතේ 1946 ස්ථාපනය කළ එක්සත් ජාතික පක්ෂය 1947 අවසාන භාගයේ පැවත්වුණ පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දුන්නේ තම මැතිවරණ ප්‍රකාශයෙන් ‘පංචවිධ නිදහසත්’ ශ්‍රී ලාංකික ජනතාවට අත්කර දෙන බවට ප්‍රතිඥා දෙමිනුයි.
එම පංචවිධ නිදහස ජනතාවට උරුමකර දීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රථම නායකත්වයට පත් මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක ශ්‍රීමතාණන් ස්වාධීන ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අවශ්‍ය පියවර ගනු ලැබීය. පොරොන්දු වූ පරිදිම 1948 පෙබරවාරි 4 වන දින වනවිට බ්‍රිතාන්‍ය පාලකයන් සමග එකඟත්වයට පත්ව තිබූ පරිදිම ශ්‍රී ලංකාව නිදහස් ස්වාධීන රාජ්‍යයක් බවට පත්වෙයි.
මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඩී.ඇස්. සේනානායක ප්‍රමුඛ ශ්‍රී ලාංකික දේශපාලන නායකත්වය සමත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලන නිදහස සඳහා වූ අවසාන අදියර වඩාත් සාමකාමි ලෙස වෙනත් වචනවලින් කියනවා නම් නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්නට ශ්‍රී ලාංකිකයනට සිදු නොවීය. එහෙත් 1815 මහනුවර ගිවිසුම මත මහා බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාවේ පාලනය අල්ලා ගත් පසු 1817/18 ආරම්භ වූ උඩරට කැරල්ලේ සිට 1915 ඇති වූ ආගමික ගැටුම දඩම්මාකරගෙන යටත් විජිත පාලකයන් විසින් නිදහස් අරගලය වෙනුවෙන් සටන් කළ ලාංකිකයනට එරෙහිව සිදුකළ මර්දනයන් හමුවේ ශ්‍රී ලාංකිකයන් සියවසක් පුරා සිදුකළ ජීවිත පරිත්‍යාග ඇතුළු කැපවීම් අප අවතක්සේරු නොකළ යුතුය. මිත්‍ර පාක්ෂික හමුදාවල ආසියානු මුලස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීම ශ්‍රී ලංකාවට ලැබුණ වෙස්වලාගත් ආශිර්වාදය වූයේ මෙම යුද්ධමය වියදම් ශ්‍රී ලංකාවේ ජාතික ආදායමට ලබාදුන් ප්‍රතිශතය ජාතික ආදායමෙන් 1/4 ක් පමණ වීමයි. ඇතැමුන් අප නිදහස ලබාගන්නා විට ඉතා ශක්තිමත් ආර්ථිකයක් යටත්විජිත පාලනයක් අපහට ඉතිරිකර ගිය බවට අර්ථ දක්වන්නේ යුද්ධමය වියදම් නිසා ශ්‍රී ලාංකික ආර්ථිකයේ ඇතිවූ කෘත්‍රිම ප්‍රසාරණයයි. සංඛ්‍යා ලේඛන සෘජුව විග්‍රහ කරන විට ශක්තිමත් විදේශ සංචිතයකුත් ආසියානු කලාපයේ ඉහළ ඒක පුද්ගල ආදායමකුත් 1947 අවසන්වන විට ශ්‍රී ලංකාව සතුවීම ප්‍රධාන හේතුවක් වූයේ මිත්‍ර පාක්ෂික ආසියානු මුලස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථානගත කිරීමට ගත් තීරණයයි.
1948 - 56 අතර අග්‍රාමාත්‍යවරු තිදෙනෙක් යටතේ එක්සත් ජාතික පක්ෂය ඉතා විශිෂ්ට රාජ්‍ය පාලනයක් ශ්‍රී ලාංකිකයනට ලබාදුන්හ. 1948 - 52 යුගය තුළ මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක මැතිතුමාත් 1952- 53 යුගයේ දී ඩඩ්ලි සේනානායක මැතිතුමාත්, 1953- 56 අවසන් අධියර සර්ජොන් කොතලාවල මැතිතුමාත් වසර අටහමාරක් නිදහස් ලංකාවේ රාජ්‍ය පාලනයට ඉතාමත් ශක්තිමත් අත්තිවාරමක් දමන්නට සමත් වූහ. නිදහස් ලංකාව් ප්‍රථම මුදල් අමාත්‍යධුරයට පත් ජේ.ආර්. ජයවර්ධන මහතා සය අවුරුදු ආයෝජන සැලස්මක් යටතේ ක්‍රමවත් ආර්ථික වර්ධනයක් ස්වාධීන මුදල් ඒකකයක් ද හඳුන්වා දෙමින් ආරම්භ කළ අතර ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් පසු මුදල් ඇමතිවරයා වූ ඇම්.ඩී.එච්. ජයවර්ධන මහතා සාර්ථක ලෙස ආර්ථික ප්‍රගතියේ අවසාන අධියර නිමකරනු ලැබීය. කෙටියෙන් කියනවානම් 1948 දී යටත් විජිත පාලකයන්ගෙන් උරුම වූ ආර්ථිකයට වඩා ශක්තිමත් ආර්ථිකයක් 1956 දී බලයට පත්වූ බංඩාරනායක රජයට උරුමකර දෙන්නට 1948 - 56 අතර රටපාලනය කළ එක්සත් ජාතික පක්ෂය සමත්විය.
විදේශ සංචිත වශයෙන් 1947 වනවිට රුපියල් මිලියන 947 පැවැති අතර එය රටට සිදුකළ ආනයන වටිනාකම අනුව මාස 11.8 එනම් අවුරුද්දක ආසන්න කාලයක ආනයන සඳහා ප්‍රමාණවත් විය. 1956 සර් ජෝන් කොතලාවල මහතාගේ රජය පරාජය වනවිට විදේශ සංචිත ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය වී රුපියල් මිලියන 127.7ක් දක්වා වර්ධනය විය. 1952/53 වසරවල සහල් ඇතුළු ආනයන මිල ලෝක වෙළඳපොලේ මිල ගණන් ඉහළයාම නිසා යම්කිසි පසුබෑමකට ලක්වුවත් යළි 1956 වනවිට රටට අවශ්‍ය ආනයන ප්‍රමාණය වශයෙන් ගත්විට මාස වශයෙන් 9.2 කට ප්‍රමාණවත් විය. 1956 මැතිවරණ වේදිකාවේ ආර්ථික ප්‍රශ්න සැබවින්ම මාර්තෘකාවක් නොවන තරමට දකුණු ආසියාවේ 1956 මැතිවරණයේ ප්‍රධාන සාධක බවට පත්වූයේ සිංහල භාෂාව පමණක් පැය විසි හතරින් රාජ්‍ය භාෂාව කිරීම ඇතුළු සාමාන්‍ය ජනතාවගේ හැඟීම් දනවන මාතෘකාවන්ය.
එජාපය 1956 මැතිවරණ පරාජයෙන් ආසන 8කට සීමා වුවද 1956 මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු වේ නොසිටි ඩඩ්ලි සේනානායක මහතා සහ ජේ.ආර්. ජයවර්ධන මහතා පක්ෂය යළි ජයග්‍රහණය කරවීමේ අරමුණ ඇතිව රට වටා යමින් පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කළ අතර මේ කාර්ය භාරයට ඇම්.ඩී. බණ්ඩා මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනාත් කොළඹ නාගරික මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණය අත්කරගත් වී.ඒ. සුගතපාල නගරාධිපතිවරයා සහ රණසිංහ ප්‍රේමදාස නියෝජ්‍ය නගරාධිපතිවරයා ලබා දුන් දායකත්වය අවසන් වූයේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී එනම් 1960 මාර්තු මස පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී වැඩිම ආසන ගණනක් ලබාගත් පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර මේ වනවිට පක්ෂයේ නායකත්වය දැරූ ඩඩ්ලි සේනානායක මැතිතුමා යළි අග්‍රාමාතවරයා බවට පත්වෙමිනි.
එහෙත් එසේ බලයට පත්වුණ රජය ශ්‍රී.ල.නි.ප. මෙන්ම ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂයත් උතුරේ බහුතර ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ ෆෙඩරල් පක්ෂය එකට එක්ව එජාප රජය පාර්ලිමේන්තුව තුළ පරාජය කරනු ලබයි. මෙම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය වී පාර්ලිමේන්තුවේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වී 1965 පැවති මැතිවරණයේ දී යළි බලයට පත්වෙයි. මේ වනවිට රටේ ආර්ථිකය ක්‍රමයෙන් පරිහානිය කරා යමින් තිබූ හෙයින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය යළි ප්‍රකෘතිමත් කිරීම එජාප රජයේ ප්‍රධාන වගකීමක් බවට පත්විය. එමෙන්ම 1956 ජයග්‍රහණයෙන් පසු සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කිරීමෙන් ද්‍රවිඩ භාෂාව කතා කරන බහුතරයක් සිටින උතුරු නැගෙනහිර පළාත්වල වර්ධනය වෙමින් තිබු ප්‍රශ්නවලට විසඳුම් සෙවීමක් ජාතික අවශ්‍යතාවක් විය. ඒ අනුව උතුරු නැගෙනහිර පළාත්වල ද්‍රවිඩ භාෂාව කතා කරන ජනතාවට තමන්ගේ මව් භාෂාව වන ද්‍රවිඩ භාෂාවෙන් තමන්ගේ රාජකාරි කරගැනීමට පුලුවන්වන අන්දමට ද්‍රවිඩ භාෂා විශේෂ විධිවිධාන විරුද්ධ පක්ෂයේ බලවත් විරෝධය මත පාර්ලිමේන්තුවේ සම්මත කර නීතිගත කළ අතර දේශපාලන බලය දිස්ත්‍රික් මට්ටමින් විමධ්‍යගත කිරීමට ගත් උත්සාහය විරුද්ධ පක්ෂයේ බලවත් විරෝධය මත එජාපය ප්‍රමුඛ සභාග රජයට හකුලා ගැනීමට සිදුවිය.
දිස්ත්‍රික් මට්ටමින් බලය විමධ්‍යගත කිරීමට භාර ගැනීමට ෆෙඩරල් පක්ෂය ඇතුළු උතුරේ ප්‍රධාන ද්‍රවිඩ දේශපාලන පක්ෂ ප්‍රමාණයක් එකඟත්වය පළකර සිටින අතර එම අවස්ථාව පැහැර හැරීමක් 1970 මැතිවරණයෙන් පසු බලයට පත්වූ ශ්‍රී.ල.නි.ප., ල.ස.ස.ප, කො.ප. ප්‍රධාන සමගි පෙරමුණ ක්‍රියාත්මක කළ නව ආණ්ඩුව ව්‍යවස්ථාව හා භාෂාව මත විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටින සිසුන්ගේ උත්තර පත්‍ර ප්‍රමිතිකරණය වැනි විවිධ පියවර නිසා 1976 වනවිට සියලු ද්‍රවිඩ දේශපාලන පක්ෂ එක්ව‘‘ වෙන්වීම හැර වෙනත් විකල්පයක් නැත’’ යන්න අන්තවාදයට ද්‍රවිඩ දේශපාලනය තල්ලු කරනු ලැබීය. දිස්ත්‍රික් මට්ටමින් බලය විමධ්‍යගත කිරීමට ගත් උත්සාහය පරාජය කිරීමේ අවසන් ප්‍රතිඵලය වූයේ 30 අවුරුදු යුද්ධයක් වෙත ශ්‍රී ලංකාව යොමු කරලීමයි.
1965-70 රජය ගත් සාධනීය පියවර අතර යෝධ මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කිරීම, නව තාක්ෂණය සම්බන්ධිකරගෙන හරිත විප්ලවය හඳුන්වා දීමෙන් අපගේ මූලික ආහාරය වන සහල් ඇතුළු කෘෂි භෝගවලින් ස්වයංපෝෂිත කරලීමට ගත් පියවර, රටේ ප්‍රධාන ආර්ථික කර්මාන්තයක් බවට අලුතෙන් හඳුන්වා දුන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය හා හෝටල් සංස්ථාව තුළින් රාජ්‍ය අනුගහයෙන් සංචාරක මණ්ඩලය හා හෝටල් සංස්ථාව තුළින් රාජ්‍ය අනුග්‍රහයෙන් සංචාරක ව්‍යාපාරය හඳුන්වා දීම රටේ පැවති විශ්‍ව විද්‍යාල තුන නව පනතක් මගින් ප්‍රතිසංස්කරණය කර එකම උසස් අධ්‍යාපන පනතක් යටතේ ස්වාධීන විශ්වවිද්‍යාල හතරක් බිහිකිරීම, වේගවත් ආර්ථික සංවර්ධනයක් සඳහා ප්‍රබල බාධකයක්ව පැවති ප්‍රාග්ධන හිඟයට පිළියමක් ලෙස ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ලෝකයේ ප්‍රධාන දියුණු රටවල සහභාගීත්වයෙන් ‘‘ආධාර සමුළුවක්’’ Aid Consartium සංවිධානය කර ඒ මගින් වාර්ෂිකව සහන පොලි යටතේ හෝ ආපසු ගෙවීමට අවශ්‍ය නොවන දීමනා ලබා ගැනීමට අවස්ථාව උදාවීමත් ප්‍රමුඛවෙයි.
එජාප සමාරම්භක නායකයන් ඩොනමෝර් යුගයේ දී ප්‍රථම දේශීය බැංකුවක් ලෙස 1938 දී ලංකා බැංකුව ස්ථාපනය කිරීමෙන් අපෙක්ෂා කළ මූලික අරමුණ වූයේ ශ්‍රී ලාංකික ව්‍යවසායක පංතියට අවශ්‍ය ප්‍රාග්ධන පහසුකම් ලබාදීම සඳහා පියවර ගැනීමයි.
රටේ සියලු අංශවල ප්‍රගතියක් එක්සත් ජාතික පක්ෂය රජය යටතේ සිදු වූවත් 1970 පැවති මැතිවරණයෙන් ද එක්සත් ජාතික පක්ෂය රජය පරාජයට පත්වන අතර 1973 දී පක්ෂයේ නායකත්වය දැරූ ඩඩ්ලි සේනානායක මහතා ද අභාවයට පත්වෙයි. 1973 දී පක්ෂ නායකත්වය භාරගන්නා ජේ.ආර්. ජයවර්ධන මහතා පක්ෂය යළි ප්‍රතිසංවිධානය කර 1977 මැතිවරණයේ දී විශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් විධායක ජනාධිපති ධූරය මූලිකත්වය කරගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙයි, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ධූරයට අමතරව අග්‍රාමාත්‍ය ධූරය තවදුරටත් ක්‍රියාත්මක වීමත් සමග ඒ වනවිට එජාප නියෝජ්‍ය නායකයාව සිටි රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරයට පත්වෙයි. පෞද්ගලික අංශයේ මෙන්ම විදේශ ආයෝජන ද අධෛර්යමත් කරමින් ක්‍රියාත්මක වුණ 1970-77 ආර්ථික ප්‍රතිපත්ති අහෝසිකර පුළුල් ආර්ථික ප්‍රතිපත්තිකරණ හඳුන්වා දීම මෙම යුගයේ සිදු වූ කැපී පෙනෙන වෙනසයි. ආනයන + අපනයන වෙෙළඳාම පුළුල් වූ අතර විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන්ට දොරවල් 1977 න් පසු විවෘත කරනු ලැබීය.
මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය අවුරුදු 30ක් තිස්සේ ක්‍රියාත්මක කරනු වෙනුවට අවුරුදු හයක් ඇතුළත සියලු ව්‍යාපෘති සමගාමීව ක්‍රියාත්මක කිරීම තුළින් කෘෂිකර්ම කේෂත්‍රයෙන් ජලවිදුලි නිෂ්පාදනයේත් ඉදිරි පිම්මක් ඇති කරනු ලැබීය. පැවති විශ්වවිද්‍යාල හතර 1972 ප්‍රතිසංස්කරණ තුළින් එක විශ්වවිද්‍යාලයක් ලෙස නිර්මාණය කරමින් ස්වාධීන විශ්වවිද්‍යාල පද්ධතිය අහෝසිකර ඇතිකර තිබු සීමාවන් ඉවත්කර 1978 විශ්වවිද්‍යාල පනත මගින් ආරම්භයේ දී ස්වාධීන විශ්වවිද්‍යාල හයක් සහ අනුබද්ධ විශ්වවිද්‍යාල මංඩප ඇතිකර ක්‍රමයෙන් එම මණ්ඩප ස්වාධින විශ්වවිද්‍යාල බවට පරිවර්තනය කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය විවෘත විශ්ව විද්‍යාලය ද ඇතුළත්ව ස්වාධීන විශ්වවිද්‍යාල 15ක් දක්වා නිර්මාණය කර ඇත.
වෛද්‍ය පීඨ අලුතෙන් ස්ථාපනය කරමින් විද්‍යා + තාක්ෂණ පීඨවල ද විශාල පුළුල් වීමක් සිදුකර ඇත.
සාමාන්‍ය අධ්‍යාපනයේ ද පුළුල් සංවර්ධනයක් ඇතිකරමින් යළි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගතවෙමින් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ක්‍රමය යළි හඳුන්වා දෙනු ලැබීය. විද්‍යා + පරිගණක අධ්‍යාපනය මෙන්ම ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයද පුළුල් කර දැනුමෙන් පරිපූර්ණ ගුරුභවතුන් නිර්මාණය කිරීම සඳහා සම්ප්‍රදායික ගුරු විද්‍යාල වෙනුවට නවීන අධ්‍යාපන විද්‍යා පීඨ රටපුරා විවෘත කරනු ලැබීය. තරුණ සේවාවන්වල මෙන්ම වෘත්තීය පුහුණූ අංශයේ ද විශ්මයජනක පරිවර්තනයක් 1977-94 යුගයේ දී සිදුවිය.
නාගරික සහ ග්‍රාමීය සංවර්ධනයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් පරිපාලන අගනුවර කොළඹ නගරයෙන් ඉවත් කර ශ්‍රී ජයවර්ධනපුරයට විමධ්‍යගත කර ශ්‍රී ජයවර්ධනපුර හා අවට උප නගර පුළුල් සංවර්ධනය යොමුකරනු ලැබීය. නිදහස් වෙළඳ කලාප, ග්‍රාමීය ඇඟලුම් කර්මාන්ත හා ගම තුළ නිර්මාණය කිරීම රට පුරා ව්‍යාප්ත වූ අතර විවෘත ආර්ථික ප්‍රතිසංස්කරණ හා සමගාමීව යමින් කොළඹ වරාය ජාත්‍යන්තර නාවික මාර්ගවල දකුණු ආසියානු සන්ධිස්ථානය බවට පත්විය. තේ + පොල් + රබර් + පාරම්පරික කෘෂිකර්මය හා සීමාසහිතව බැඳී තිබුණ ආර්ථිකයට ඇඟලුම් ඇතුලු කාර්මික අපනයන + සංචාරක ව්‍යාපාරය + විදේශ රැකියා ආදායම් එකතු කරමින් ආර්ථික සංවර්ධනයේ පුළුල් ඉදිරි පිම්මක් නිර්මාණය කරන්නට එක්සත් ජාතික පක්ෂය සමත් විය. ජාත්‍යන්තර සම්බන්ධතා ඇතිකරගනිමින් රූපවාහිනි මාධ්‍ය හා විද්‍යුත් සන්නීවේදන ජාලා හඳුන්වාදෙමින් තොරතුරු හා මාධ්‍ය කේෂත්‍රයේ සිදුවූ දැවැන්ත වෙනස තුළින් දැනුමෙන් සන්නද්ධ ශ්‍රී ලාංකික ප්‍රජාවක් ඇතිකරන්නට එක්සත් ජාතික පක්ෂයට නැති විය.
2001-2004 සහ 2015-2019 යුගය තුළ වර්තමාන එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් වෙනත් දේශපාලන පක්ෂයකට අයත් වූ ජනාධිපතිවරුන් දෙදෙනෙක් යටතේ රාජ්‍ය පරිපාලයේ පුළුල් කාර්ය භාරයක් සිදුකරන්නට එක්සත් ජාතික පක්ෂයට අවස්ථාව ලැබිණ. තනිකරම එජාප පාලනයක් මෙම අවස්ථාවන් දෙකේ ලැබුණොත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය තවත් වේගවත් ඉදිරිපිම්මක් තබනු ඇත. 2001 එජාප රජය භාරගත්තේ සෘණ වර්ධනයක් සහිත ආර්ථිකයක් සමගින්. 2015 දී අත්වූයේ සෘන වර්ධනයක් සහිත ආර්ථිකයක් නොවුණත් දේශීය හා විදේශීය ණය බරින් පීඩිත වූ ආර්ථිකයකි. ඒ සියලු ණය බර සමඟින් ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය දිනා ගනිමින් විචක්ෂනශීව විදේශීය ණය කළමනාකරණය කර ගනිමින් ජානතාවගේ පිට බර පටවන්නේ නැතිව 2015-19 කාලය තුළ සිදුවූ ප්‍රශස්ත ආර්ථික කළමනාකරණය මෙ වනවිට ජනතාව පසන් කරගෙන ඇත.
එක්සත් ජාතික පක්ෂයේ වසර 75 ක ඉතිහාසය දෙස බලනවිට රටට ණය නැති පක්ෂයක් ලෙස ආඩම්බර විය හැක.
එහෙත් එජාපය මේ වසර 75 පුරාම අසමත් වූ එක් පොදු සාධකයක් ඇත. එනම් මිත්‍යාව මත එක්සත් ජාතික පක්ෂයට එරෙහිව එල්ල වූ චෝදනා මත බොහෝ මැතිවරණ එජප පරාජය වී ඇත.
මැතිවරණවලින් පසුව ටික දිනක් යනවිට බහුතර ජනතාවට මෙය අවබෝධ වූවත් ඒ වනවිට ප්‍රමාද වැඩිය. රට අර්බූදවලට මුහුණ දුන් සෑම අවස්ථාවකම රටේ ගැලවුම්කාරය බවට ජනතා විශ්වාසය ආකර්ෂණය කරගත්තේ එක්සත් ජාතික පක්ෂයයි. සාවද්‍ය මතවාද මත හැඟීම්වලින් තොරව බුද්ධිමත් තීරණවලට ජනතාව යොමුවන දිනක එක්සත් ජාතික පක්ෂයේ අගය ජනතාව අවබෝධ කරගනු ඇත. ශත සංවත්සරය සැමරීමට අවස්ථාව ලැබෙන 2046 දී ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂ අතර ප්‍රදීපස්ථම්භයක් ලෙස යළි නැගීසිටින්නට ආශිර්වාද කරමි.
(*** ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අහිමිවූ ජාතික නිදහස යළි දිනාදුන් එක්සත් ජාතික පක්ෂය
chandima Tuesday, 07 September 2021 07:15 PM
ඒදා ඉදලා මේ වෙනකල්ම කට්ටිටිය ඒකතු වෙලා රටට කලේ මොකදද
senaWednesday, 08 September 2021 06:10 AM
ඉදිරි මැතිවරණයේදී සමස්ත ශ්‍රී ලංකා දේශපාලන විවුහයම වෙනත් මගකට/ නව දිශාවකට ගැනීමේ බාරදුර ක්‍රියාදාමය කිරීමට සහ වර්තමාන දුෂිත දේශපාලනයට තිත තැබීමේ සහ ශ්‍රී ලාංකීය දේශපාලනය නව ක්‍රමවේදයක් / නව මොඩලයක් ඔස්සේ ඉදිරියට ගැනීමට ඩී.ඇස්. සේනානායක ශ්‍රීමතාණන් බිහිකළ සියලු ජාතීනට අයත් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලාංකිකයන්ගේ පක්ෂය බවට පත් කරමු.
chandimaWednesday, 08 September 2021 05:52 PM
මොන මොඩ්ල් ගැහුවත් කරත්තේ අදින්නේ පරණ ගොනාම නේද? ඩී.එස් සේනානායක තියා එයා ළඟින්වත් තියන්න කෙනෙක් පක්ෂයේ ඉන්නවද? ඔක්කොම පැන්නුවා... ඔයිට වඩා හොඳයි ‘‘රට කන්නන් දිනවමු‘‘ කිව්වා නම්...
SENAThursday, 09 September 2021 05:05 AM
චන්දිම, බලාගෙන ඉන්න ඔබලාට තව මස 24ක පමණ තිබෙන නිසා සතුටින් ඉන්න. දසක 7ක ලංකා දේශපාලන ඉතිහාසයේ සිදුනොවුණු පෙරලියක් කිරීමට ජනතාව සුදානම් වෙමින් ඉන්නේ.
ganegoda Wednesday, 08 September 2021 07:45 PM
රනිල් හිතාගෙන ඉන්නේ මුළු රටටම අමතකවීමේ රෝගය හැදිලා කියලා.
ashok Thursday, 09 September 2021 01:23 PM
එජාප කියන්නේ ලැබුණු නිදහස නිසා එයාලට අයිති රටක් කියල. පොහොට්ටුව කියන්නේ යුද්දේ දිනපු නිසා මේ එයාලගේ රට කියල. ඒත් මේ වෙනකන් හිටපු කිසිම රජයකින් රටට ජාතියට නම් කිසිම සෙතක් වෙලා නැහැ