IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අහිමි පෙමට පෙම්වතියට පිහියෙන් ඇන්න පෙම්වතෙක්

 5   

 

පාතිමා රුක්ෂානා ඉස්මි හා අරුණාචලම් දිනේෂ් කුමාර් ආදරය කරන්නට පටන්ගත්තේ ජාතිය හා ආගම නමැති පවුරු පදනම් බිඳ දමාය.


ඒ තරමට ඔවුන් දෙදෙනාගේ ආදරය පිවිතුරු විය. ජාතිය ආගම ඔවුන්ගේ ආදරයට බාධාවක් කර ගෙන නොතිබිණි.


දිනේෂ් කුමාර් නව යොවුන් වියේ පසුවූ කඩවසම් තරුණයෙක් විය.


”උඹට ගෙදරින් ඔය සම්බන්dsfhදෙට කැමැතිවෙයිද? අකමැති වුණොත් උඹ මොකද කරන්නේ? උඹලා දෙන්න ජාති දෙකක නිසයි අපි කියන්නේ. හොඳට හිතලා බලලා තීරණ ගන්න  ඕනෑ. නැත්නම්  ඕවා කොහොම කොතනින් කෙළවර වෙයිද කියන්න බැහැ.


රුක්ෂානා ඉස්මි එක්ක එකට වැඩ කරන හිතවත් මිතුරියක් ඇයට පවසා ඇත.


මම කොහොම හරි අම්මා කැමති කරවා ගන්නවා. මට ඒක කරන්න පුළුවනි. මොනවා වුණත් මම දිනේෂ් අමතක කරන්නේ නැහැ. එයා දෙමළ කොල්ලෙක් කියන එක මට ප‍්‍රශ්නයක් නෙවේ.


රුක්ෂානා ඉස්මි සිය මිතුරියන්ට පවසා ඇත්තේ සැහැල්ලූ සිතිනි.


වත්තල නගරයේ සුපිරි රෙදි සාප්පුවක රුක්ෂානා ඉස්මි හා දිනේෂ් කුමාර් සේවය කළෝය.


රෙදි සාප්පුවේ අයිතිකරු රුක්ෂානා ඉස්මි සේවයෙන් ඉවත්කර ඇත්තේ මේ ආදර සම්බන්ධතාව ඔහුගේ කන වැකුණු පසුව ය.


එකට වැඩ කරන දෙන්නෙක් එක්ක පෙම් පලහිලව් තිබුණාම ඒක මෙතැන වැඩට බාධාවක් යැයි කියා රෙදි සාප්පුවේ මුදලාලි ඇය ඉවත්කර ඇත.


රෙදි සාප්පුවේ සේවයෙන් ඉවත් කළ රුක්ෂානා ඉස්මි කලින් වැඩ කළ රෙදි සාප්පුව කිට්ටුවම ඇති වෙනත් රෙදි සාප්පුවක සේවයට ගියාය.

SLMA 08


දිනය පසුගිය 7 වැනිදා ය.


වේලාව රාත‍්‍රී 7.00 ආසන්න වෙමින් තිබිණි.


ස්ථානය වත්තල නගරයේ රෙදි සාප්පුවකි.


රෙදි සාප්පුවට පැමිණියේ තරුණයෙකි. ඔහු වෙන කවුරුවත් නොව දිනේෂ් කුමාර් ය. ඔහු පැමිණියේ සිය පෙම්වතිය වූ රුක්ෂානා ඉස්මි සොයාගෙන ය.

AHIMI-PEMA_P8
වෙනදාට ආදරයෙන් හදවත පුරවාගෙන ඇය සොයා පැමිණෙන ඔහු එදා ආවේ එහෙම නොවේ.


වෛරයේ ගිනි දැල් ඔහුගේ හදවතින් බුර බුරා නැගෙමින් තිබිණි.


පෙම්වතිය අල්ලාගත් දිනේෂ් කුමාර් ඇයට පිහියකින් ඇන්නේය. පිහි පහර කෑ ඇය බිම ඇදගෙන වැටුණේ කපා හෙළු කෙසෙල් ගසක් මෙනි.


සාප්පුවට රෙදිගන්න ආ කස්ටමර්ස්ලා සීසීකඩ දිව ගොස් ඇත්තේ තමන් දුටු දර්ශනයෙන් බියට පත්ව ය.


සහෝදර සේවක සේවිකාවන් ද ඈතට දිව ගොස් මේ බිහිසුණු දර්ශනය බලා සිටියේ අනේ ඉස්මිව මරන්න එපා යැයි මරහඬ දෙමිනි.


රෙදි සාප්පුවේ ආරක්ෂකයා සිය ජීවිතය ගැන ද නොතකා ගොස් දිනේෂ් කුමාර්ට පාපහරවල් කිහිපයක් එල්ල කළේ කෙසේ හෝ ඇය බේරාගැනීමේ අපේක්ෂාවෙන් ය. එහෙත් ඔහුගත් වෑයම වැඩක් වූයේ නැත.


පෙම්වතියට පිහියෙන් ඇන ඇය ඝාතනය කළ දිනේෂ් ද ගෙලකපා ගත්තේ ඇය ගිය ලෝකයටම යාම සඳහා වුවත් රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ යන්ත‍්‍රයක ආධාරයෙන් ඔහු අදටත් ජීවිතය ගෙවමින් සිටියි.


වත්තල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එරික් පෙරේරා මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් අපරාධය සිදුවූ තැනට පැමිණියේ සාප්පුවෙන් කරන ලද දැනුම්දීමක් මතය.


පොලිස් කණ්ඩායම සිද්ධිය දුටු අයගෙන් විස්තර විමසා දැනගත් අතර ඔවුන්ගෙන් ප‍්‍රකාශ ද සටහන් කරගනු ලැබීය.

SLMA 08


පෙම්වතිය ඝාතනය කිරීමට යොදාගත් බවට සැලකෙන අඟල් 08 ක් පමණ දිග පිහියක් ද අපරාධය සිදුවූ ස්ථානයේ තිබී සොයාගත් අතර දිනේෂ් කුමාර් රෝහලට ගෙන යාමෙන් පසු ඔහුගේ කලිසම් සාක්කු දෙකේ දමාගෙන සිටි තවත් තියුණු පිහි දෙකක් සොයාගෙන තිබිණි.


පෙම්වතිය එක්ක විනෝද සවාරි ගිය අවස්ථාවල දී ගත් ඡුායාරූප, පෙම්හසුන්, චිත‍්‍රපටි නැරඹීමට හා සත්තුවත්ත නැරඹීමට ගිය අවස්ථාවල දී මිලදීගත් ප‍්‍රවේශපත‍්‍ර රැුසක් තිබූ පොතක් ද අපරාධය සිදුවූ ස්ථානයේ තිබී පොලිසිය භාරයට ගත්තේය.පිහි පහරවල් 13 ක් පමණ ඇයගේ සිරුර පුරාවට තිබෙන බව පොලිසියට පෙනී ගොස් ඇත. එය පේ‍්‍රමය ආදරය වෛරයකට පෙරළීමේ බිහිසුණුකම කියාපාන කදිම සාධකයක් යැයි කෙනෙකුට සිතිය හැකිය.
රෙදි සාප්පුවේ සවිකර ඇති සීසීටීවී කැමරා පරික්ෂා කර බැලීමේදී එක් කැමරාවක මෙම ඝාතනය සිදුකරන අයුරු රූපගතවී තිබෙන බව එහි දර්ශන පරික්ෂා කර බැලීමේදී පොලිසියට දක්නට ලැබී ඇත.


කුරිරු අන්දමින් ඉSLMA 08ස්මි ඝාතනයට ලක්වන විට ඇයගේ වයස අවුරුදු 19 පමණ පසුවන්නියක් වූවාය.


ඇය පදිංචිව සිටියේ වත්තල හුණුපිටිය පාරේ නිවසක ය.


පෙම්වතිය ඝාතනය කළ බව කියන දිනේෂ් කුමාර්ගේ වයස අවුරුදු 25 ක් පමණ වූ අතර ඔහු නුවරඑළිය ලබුකැලේ ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
දිනේෂ් කුමාර් ඔහු සේවය කරන රෙදි සාප්පුවෙන් දවස් පහකට නිවාඩු ලබාගෙන ලබුකැලේ ප‍්‍රදේශයට ගියේ මව්පියන් දැක බලාගෙන ඒමට ය.


නිවාඩුව ගත කිරීමට ගෙදර ගිය දිනේෂ් කුමාර් පෙම්වතිය සොයාගෙන ඇවිත් මෙවැනි බිහිසුණු අපරාධයක් කරන්නේ ඇය වෙනත් තරුණයකුගේ අත ගැනීමට සූදානම් වන බවට ආරංචිවීමෙන් පසුව ය.


මගේ මහත්තයා මාව දාලා ගිහින්. මට පුත්තු දෙදෙනෙක් ඉන්නවා. මරා දාලා තියෙන්නේ මට හිටිය එකම දුවයි. එයා පවුලේ බාලයා. දුව මේ ආදර සම්බන්ධය පටන් අරන් අවුරුදු 1 1/2 ක් විතර වෙනවා. දුව දෙමළ ළමයෙක් එක්ක ආදර සම්බන්ධයක් පවත්වාගෙන යන බවට මට ආරංචි වුණා. මම මේ ගැන දුවගෙන් ඇසුවාම ඇය ඔව් කිව්වා. අපේ ආගමට එනවා නම් දුවට ඒ ළමයා කසාද බඳින්න කැමති බව මම කිව්වා. මගේ පුත්තු දෙන්නත් මගේ කීමට කැමති වුණා” යැයි රුක්ෂානා ඉස්මිගේ මව හඬා වැළපෙමින් පොලිස් නිලධාරීන් සමග කියා සිටියාය.


රුක්ෂානා ඉස්මිගේ මව පොලිස් නිලධාරීන් සමග මෙසේ ද පවසා ඇත.


”අපි කිව්ව දෙය දුව ඒ ළමයා එක්ක කියා තිබෙනවා. නමුත් ඒ ළමයා එයාගේ ආගම වෙනස් කරන්න කැමති වෙලා නැහැ. දුව යහළු වෙලා හිටිය පිරිමි ළමයා මාව හම්බවෙන්නත් අපේ ගෙදර ආවා. අපේ ආගමට ආවොත් දුව කසාද බැඳගන්න කැමැත්ත දෙන බව ඔහුට කිව්වා. නමුත් ඔහු ඒකට කැමති වුණේ නැහැ. දුවත් එක්ක තියන ආදර සම්බන්ධයට ආගම ජාතිය ප‍්‍රශ්නයක් කරගන්න එපා කියා තමා ඔහු කිව්වේ.


දුවගේ පෙම්වතා ජාතිය ආගම වෙනස් කරගන්න කැමති වුණේ නැති නිසා අපි දුවට වෙනත් විවාහයක් කරදෙන්න තීරණය කළා. අපේ ජාතියේම තරුණයකුට දුව විවාහ කරදෙන්න සූදානම් කර මනමාලයාගේ පාර්ශවයේ අයට පසුගිය 10 වැනිදා අපේ ගෙදරට එන්න කියා අපි ආරාධනයක් කර තිබුණා. ඒ මේ කසාදය ගැන කථාකර ගන්නයි. මේ ගැන ආරංචිවෙලා තමා දුව යහළුවෙලා හිටිය කොල්ලා ඇවිත් මේ අපරාධය දුවට කරලා තියෙන්නේ” යැයි ද ඉස්මිගේ මව පොලිස් නිලධාරීන් සමග පවසා ඇත.


ඉස්මි ද අවසානයේ ගෙදරින් ගෙනා යෝජනාවට කැමතිවී ඇත්තේ අම්මා හා සහෝදරයන්ට ද්‍රෝහිවීමට නොහැකි නිසාය.


එහෙත් පෙම්වතා තමන්ට මෙවැනි දෙයක් කරාවි යැයි ඇය සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.


කොළඹ දිසා බාර සහ බස්නාහිර උතුරු දිසාවේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කැලණිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කැලණිය සහකාර පොලිස් අධිකාරි උදය හේමන්ත මහතාගේ මෙහෙයවීම යටතේ වත්තල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එරික් පෙරේරා මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.


වත්තල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ෂාරුක් මොහොමඞ් පිලඩවුස්, උපපොලිස් පරීක්ෂක ඩිලාන් මධුරංග විජේසූරිය කාන්තා උපපොලිස් පරීක්ෂිකා සෙව්වන්දි, පොලිස් සැරයන් දිසානායක (3261) සහ කොස්තාපල් ජයරත්න (8387* යන මහත්වරුන් සහ මෙනවිය ඇතුළු පොලිස් කණ්ඩායමක් ද මෙම පරීක්ෂණවලට හවුල්වී සිටිති.

 

m



අදහස් (0)

අහිමි පෙමට පෙම්වතියට පිහියෙන් ඇන්න පෙම්වතෙක්

කසුන් ධර්මවංශ Wednesday, 20 May 2015 10:53 AM

සෆාර් මුස්ලිම් ආගමට තරම් ආගමට මුවා වෙලා කාම අපරාද කරන්න පුළුවන් කිසිම ආගමක් නැ. (ම)

:       0       0

සම්පත්- ඩුබායි Wednesday, 20 May 2015 11:07 AM

සෆාර්...මෙතන තියෙන්නේ කාම ආශාව නෙමෙයි. නියම ආදරේ කරපු කොල්ලෙක්. එ්කයි වෙන කෙනෙකුට නොදුන්නේ.අපි ඉන්න රටට ඇවිල්ල බලන්න.ඔයාගේ ජාතියේ අයගේ කාම ආශාවල් ගැන.නිකන් බයිලා කතා කරන්න එපා. (බ)

:       0       0

ඉසුර Wednesday, 20 May 2015 11:41 AM

අම්මා හා සහෝදරයන්ට ද්‍රෝහිවීමට නොහැකි නිසා නොව එසේ නොකලොහොත් ඇයට මරණය නියත නිසාවෙනි. (ම)

:       0       0

ප්‍රිය Tuesday, 19 May 2015 09:45 PM

තමුන් ආදරය කළ කෙනා වෙන කෙනෙක්ට අයිතිවෙනවා බල‍න එක හරි අමාරු වැඩක්. ඇත්තටම ආදරය කරන අය තමා දන්නේ වේදනාව. ඒ නිසා ආදරය කරන්න ඉස්සර හිතා බලන්න. (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Wednesday, 20 May 2015 06:35 AM

අපිනම් බලන්නේ කොල්ල ගුණයහපත්ද ? ආදායමක් තියෙනවද ? වගේ දේවල්. මෙතනදී බලලා තියෙන්නේ ආගම. පුද්ගලයට විරුද්ධ වෙලා නෑ. විරුද්ධ වෙලා තියෙන්නේ ආගමට. ඒක වැරදියි. ඒ වැරැද්ද මුස්ලිම් අය දුර දිග නොබලා කරනවා. එකේ අනිටු ප්‍රතිපලයක් මේක. (බ)

:       0       0

සේකර Tuesday, 19 May 2015 11:54 PM

ආගම් ජාති කුලමල කරපින්නා ගත්තොත් මේක තමා රටකට වුණත් වෙන විනාශය. මිනිසුනේ, ඔය වැඩකට නැති දේවල් ඔළුවෙන් අයින්කර මිනිසුන් ලෙස හිතාපල්ලා (නි)

:       0       0

නුවන් Wednesday, 20 May 2015 01:09 PM

ආදරය වෛරයට පෙරලෙන්න කාලයක් යන්නේ නැති බව මේ සිද්ධියෙන්ම පෙනී යනවා.(හේ)

:       0       0

අතුල Wednesday, 20 May 2015 01:18 PM

ආගම් ප්‍රශ්නය අවේ නැත්තම් මේ දෙන්න තවමත් සතුටින් ඉන්නවානේ.(හේ)

:       0       0

අකලංක Wednesday, 20 May 2015 01:20 PM

දුක්බර කතාවක්.(හේ)

:       0       0

නුවන් Tuesday, 19 May 2015 10:21 AM

ඕක දෙවියන්ගේ කැමැත්තට වෙච්ච දෙයක්!(හේ)

:       0       0

සිතුම් Tuesday, 19 May 2015 10:24 AM

මුස්ලිම් අය වෙළදාම් කරනකොට ජාති ආගම් බලන්නේ නැහැ නමුත් මේ වගේ ඒවාට මිනි මරාගන්න තැනටම වැඩ සිද්ධ කරනවා!(හේ)

:       0       0

විජිතා Wednesday, 20 May 2015 01:22 PM

මේ වගේ දෙයක් සිදු නොවේවා කියා ප්‍රර්ථනා කරනවා.(හේ)

:       0       0

ගුණසිංහ-කටාර් Wednesday, 20 May 2015 01:25 PM

සෆාර්,විහිළු කතා කියන්න එපා මනුස්සයෝ.මම ඉන්න රටේ මිනිස්සුන්ට තියෙන කාම විකෘතිය දැක්කම පාරක යන්න හිතෙන්නේ නැහැ! (බ)

:       0       0

විමුක්ති Wednesday, 20 May 2015 01:31 PM

සෆාර්,ආදරය කියන්නේ කාම ආශාවට කියල ඔයගොල්ලන්ගේ ආගමේද උගන්වන්නේ?? (බ)

:       0       0

ක්‍රිෂ්ණ Wednesday, 20 May 2015 01:39 PM

මෙවැනි දෙයක් යළි සිදු නොවෙන්න වග බලා ගන්න ඕනේ.නැත්නම් මෙවැනි ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ වී යයි.(හේ)

:       0       0

ජනිත් Tuesday, 19 May 2015 11:32 AM

මේ වගේ දෙයක් යළි සිදු නොවේවා.(හේ)

:       0       0

අනුරුද්ද Wednesday, 20 May 2015 01:58 AM

අම්මාට හොඳ වැඩේ. දරුවන්ට වඩා ඉස්සරහට ආගම දාගත් එකේ දඬුවම. එයා විඳවනවා මැරෙනතුරු. මනුස්සකමට මුලින් ජාති ආගම දාගන්න අයට මේක හොඳ පාඩමක්. (නි)

:       0       0

භානුක Tuesday, 19 May 2015 12:04 PM

මහා පවුකාර වැඩ ඕවා. තමන් ආදරය කරපු කෙල්ලව මරනවා නම් මේක මානසික ලෙඩක් විතරයි!!!(හේ)

:       0       0

ලංකා Wednesday, 20 May 2015 08:27 AM

මනුස්සෙයකුට කරදරයක් උනාම ආගම ගාව ගන්න එක හරිම පහත් වැඩක් සමහරු හොද වැඩේ කියල කියන්නේ තමනට වුනාම තෙරෙය් අමාරුව අනුන්ගේ දුකේදී සතුටු නොවෙන්න හතුරෙක් වුනත් කමක් නැහැ (බ)

:       0       0

ධනුෂ්ක Wednesday, 20 May 2015 02:45 AM

ප්‍රියාගේ සහ අනුරගේ කතාව හරියටම හරි (නි)

:       0       0

චින්තන Wednesday, 20 May 2015 03:46 PM

හොද රැකියාවක් , මිල මුදල් ,යාන වාහන ,පවුල් පසුබිම ,හොද නමක් ඒ එකක්වත් මුස්ලිම් ආගමට වැඩක් නැ.ආගම මොක වුනත් හරවන්න වෙනවා (බ)

:       0       0

කුමාර Wednesday, 20 May 2015 09:03 AM

මේ ලෝකේ ජිවත් වෙන මෝඩ මිනිසුනේ දැන්වත් හිතන්න ආගම , ජාතිය නොවෙයි ආදරයක නියම අරුත .. දෙන්නට දෙන්නා තේරුම් ගැනීම නොවේද? (ස)

:       0       0

රවී Wednesday, 20 May 2015 05:24 PM

මට හිතෙන විදිහට වැදගත්ම දෙය මේ අදහස් අතර කියවිලා නැහැ. මේ පාපතර ක්‍රියාව සාධාරණය නොකලත්, පිරිමි අය තමන් නියම පිරිමියෙක් කියල පෙන්නුවා තමන්ගේ ආගම අතහැරීම ප්‍රතික්‍ෂේප කරලා. නමුත් ප්‍රාණඝාතයක් කරලා විශේෂයෙන් ස්ත‍්‍රියකට අත උස්සලා තමුන් නපුන්සකයෙක් කියල ලොවටම පෙන්නුම් කලා. තමන්ගේ ආගමට නීචයෙක් නොවන ඕනෑම කෙනෙක් ආදරෙයි. ඒ උතුම් දේ තමන්ගේ ලේ වලයි තියෙන්නේ. උපතින්ම මුස්ලිම් අයට එයාලගේ ආගම හැම දෙයකටම මූලික වෙනවා වගේ එයාලත් දැනගන්න ඕනෑ ලෝකේ තව ඕනෑතරම් මිනිස්සු ඉන්නවා කියලා තමන්ගේ ආදරයට නෙමේ තමන්ගේ පණටත් වඩා තමන්ගේ ආගම වටින හා එයට ආදරය කරන !! තව කෙනෙකුගේ ආගම සුලුවෙන් තකා අවතක්සේරු නොකරන්න..... කිමද ඔබට නොවටිනා නමුත් එම ආගම අදහන ඔහුට එය අසීමිතව වටියි. (නදී)

:       0       0

ලක් කුමාර Thursday, 21 May 2015 07:02 AM

ආදරය භාවනාවකි. හිත අවුල් වුනොත් අයාලේ යනවා. මේවා ගැන ගොඩක් හිතන්න ඕනා. (නදී)

:       0       0

සෆාර් Wednesday, 20 May 2015 09:25 AM

කුමාර මොනා කිව්වත් මුස්ලිම් කෙනකුට ඔවුන්ගේ ආගම මේ කාමාශාවන්ට වහල් කරන්න බැහැ ඒ වගේම ආදරය දෙන කාමාශාවන් විඳගන්න තමුන්නාසේල ඇති කරලා තියන දෙයක් පේනවනේ එ්කේ කුරිරු කම දැන්වත් කොල්ලනේ හැදියල්ල (බ)

:       0       0

ප්‍රියානි Wednesday, 20 May 2015 06:41 PM

ආගම නිසා මේ අය ආදරය අමතක කළාද? (නි)

:       0       0

සමන් Friday, 22 May 2015 05:55 AM

මේවා හොඳ පාඩම් මුස්ලිම් කොල්ලොත් එක්ක යාළුවෙන අනිත් කෙල්ලන්ට, ක්‍රිස්තියානි උදවියත් එහෙමයි ආගමට හැරෙන්න ඕනේ, බුද්ධාගමේ විතරයි එහෙම නැත්තේ (බ)

:       0       0

ශ්‍යාමා Saturday, 23 May 2015 02:06 AM

මරපු එක නම් වැරදියි. (නදී)

:       0       0

කුමාර Tuesday, 19 May 2015 04:04 PM

මරන්න තිබුනේ ස්වභාවයට අකමැති බොරු ආගම් විශ්වාස කරන රූකඩ වැඩිහිටියෝ (බ) .

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4351 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 538 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1140 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 99 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 186 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 244 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site