IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අහිංසක මල් කැකුළක් තලාදැමූ නරුම බාප්පා

02_page_3-rs  

 

‘‘මහ එවුන්ගෙ වැරදි නිසා අපා දුක් ගෙවන්නෙ අහිංසක දරුවො’’

  •  පරිවාස නිලධාරියෙක්

 

‘‘අම්මා අප්ප හොඳනම් දරුවන්ට ඔහොම වෙන්නෙ නැහැ’’
‘‘මහ එවුන් ඒජන්තල වුණත් වැඩක් නැහැ තමන්ගෙ දරුවො හරියට හදාගන්න බැරි නම්’’

  •  නීතිඥවරයෙක්

 

 

යුක්තිය පසිඳලන භූමියෙ වැඩ ඉන්න දෙවියනි! යදින උදවියගෙ මුවින් පිටවන මේ වදන් අපේ දෙස5වන් හට අමුත්තක් නෙමෙයි. දරුවන්ගෙ වැරදි නිසා කඳුළු බොන මව්පියවරුන් අතරෙම මවුපියන්ගෙ වැරදි නිසා අපා දුක් ගෙවන අහිංසක දරුවනුත් මේ සමාජයේ එන්න එන්නම වැඩිවෙලා. වැරැුද්ද කාගෙද කියලා සොයන්න කලින් වැරැුද්ද කොතැනද කියලා සොයන සමාජයක් අද අපට නැහැ. දූෂිතයො නිදැල්ලෙ ඉඳිද්දි අසරණ වෙච්ච දරුවන් අනාථ නිවාසවල.... එහෙම නැත්නම් හයක් හතරක් නොතේරෙන පුංචි මල් කැකුළු දූෂණය කරලා මරලා දානවා. සමහර ඉස්කෝලෙ යන වයසේ දියණිවරුන් ගැබ්බර වෙලා.
සමහර මව්පියන් ලෝකෙට පේන්න යාන වාහන, ලොකු රස්සාවල්, තාන්න මාන්න හරි ලොකුවට හිසේ තියාගෙන ලෝකයාව හිනස්සවනවා. ඒ අයගේ ගෙවල් ඇතුළෙ ගත්තම අමු සොහොන්. බිරින්දෑවරු තමන්ගෙ මහත්තයට ලෝකෙම නැති පරුෂ වචන දාලා අර මනුස්සයගෙ මුළු ඉතිහාසෙම හාර අවුස්සනවා. අවසානයේ දෙන්න දෙමහල්ලො විරසක වෙලා අසරණ වෙන දරු පැටව් ගැන අනේ අපොයි! කියන්න කෙනෙක් නැහැ. අවසානයේ ඒ දරුපැටවුන්ට ඉතුරු වෙන්නෙ මහ පාර. එහෙම නැත්නම් අනාථ නිවාස.


එවැනිම අඳුරු අතීතයක් එක්ක ජීවත් වෙන කේතකී මට මුණ ගැහුණෙ එක්තරා ළමා නිවාසයකදි. කඳුළුත් එක්ක ලියැවුණු මේ ජීවිත ගැන කථා කිරීම අප සතු අභාග්‍යයක් වුණත් අද සමාජය ඒ අභාග්‍යයට ඇද දමලා හමාරයි.


සැබවින්ම කේතකී කියන්නෙ දෙවරක් හැරී බලන්න තරමටම රූමත් දියණියක්. පුංචි අහිංසක සිනහවකින් අපව පිළිගත්ත ඇය ඇගේ කතාව දිගහැරියෙ මේ විදිහට.


කේතකී කියන්නෙ පවුලේ හුරතලේට හැදිච්ච එකම දරුවා. කේතකීගෙ අම්මා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරක් දරපු කෙනෙක්. ඇගේ පියා පෞද්ගලික අංශයේ රැුකියාවක් කරපු කෙනෙක්. කේතකීට මිල මුදල් සැප සම්පත්වලින් අඩුවක් පාඩුවක් තිබුණෙ නැහැ. ඒ කොයි තරම් සැප සම්පත් තිබුණත් ඇය හැදුනෙ මාපියන්ගෙ ආදරේට වඩා සේවිකාවගෙ සෙනෙහස මැද්දේ.


රැුකියාව නිසා කේතකීගෙ අම්මා ගතකළේ කාර්ය බහුල ජීවිතයක්. ඔය අතරතුර කේතකීගෙ අම්මාගෙ අනියම් සම්බන්ධයක් පිළිබඳ කේතකීගෙ තාත්තගෙ කන වැටෙනවා. මේ නිසා මේ ගෙදර අඩදබර ටිකෙන් ටික වැඩි වෙන්න ගත්තා.


කේතකීගෙ අම්මා එයාගෙ වංශවත් කුලයයි අධ්‍යාපනයයි ඉස්සරහට දාලා කේතකීගෙ තාත්තව හෑල්ලූවට ලක්කළා. ඒ වෙනකොට ඇගේ අනියම් පේ‍්‍රමය දළුලා වැඩෙමින් තිබුණ නිසා පුංචි කේතකී ගැනවත් ඇයට සොයා බලන්න වෙලාවක් තිබුණෙ නැහැ.


කේතකීගෙ තාත්තගෙ රැුකියාව, රූපය කේතකීගෙ අම්මගෙ උසස්වීම් එක්ක ගැළපුනේ නැහැ. මේ නිසා කේතකීගෙ ගෙදර අඩදබර පරුෂ වචන නැති දවසක් නැති තරම්.


පුංචි කාලෙ ඉඳලම අම්මාට වඩා මං කිට්ටු වුණේ තාත්තට. අම්මා හැමදාම ගතකළේ කාර්ය බහුල ජීවිතයක්. මම දැනුම් තේරුම් තියෙන අවදියේ ඉඳලම අම්මයි තාත්තයි අතර පොඩි පොඩි අඬදබර තිබුණා. ප‍්‍රධාන හේතුව අම්මා ගෙදර ගැන, තාත්තා, මම මේ කිසිම දෙයක් ගැන හෙව්වෙ බැලූවෙ නැහැ. තාත්තා නිතරම රණ්ඩු වුණේ ඒක. අම්මා ටිකෙන් ටික රැුකියාවෙන් ඉහළට යද්දි තාත්තගෙ රස්සාව, රූපය අඩුපාඩුකම් ගොඩක් අම්මට මදිකමක් වුණා. තාත්තා මේ ප‍්‍රශ්න නිසා බොන්න පටන් ගත්තා.


අවසානයේ තාත්තා අම්මගෙන් නීතියෙන් වෙන්වුණා. වෙන් වෙලා අම්මා වෙන විවාහයක් කරගත්තා.


තාත්තා අම්මගෙන් වෙන් වුණාට පස්සෙ මට පාසල් ගමන පවා එපා වුණා. ගුරුවරු පවා මාව අම්මා දාලා ගිය ළමයෙක් කියලා අනෙක් අයට පෙන්නන්න ගත්තා. ගෙදර ජීවත් වුණේ තාත්තයි මමයි විතරයි. ජීවිතේ ඉතින් සුපුරුදු විදිහට ගලාගෙන ගියා. අම්මා නැහැ කියලා මට ලොකු දුකක් දැනුණෙ නැහැ. සමහර විට එයා මගේ ළඟ වැඩිය රැුඳුණෙ නැති නිසා වෙන්නත් ඇති. මගේ තාත්තා හරිම අහිංසකයි. මට උගන්නන්න තාත්තා ගොඩක් දුක් මහන්සි වුණා. අම්මගෙ කොච්චර වැරදි තිබුණත්, තාත්තට නොසැලකුවත් මම නිසා තාත්තා නිතරම බැලූවෙ හොඳින් ඉන්න.


ඒත් අම්මගෙ වෙන්වීම තාත්තා පුදුම විදිහට දරාගෙන හිටපු මනුස්සයෙක්. අම්මා වෙනම ජීවත් වුණත් මං ගැන ඉඳලා හිටලා සොයලා බැලූවා. ඒත් අම්මගෙ දෙවෙනි විවාහයෙන් පස්සෙ ඉඳලා හිටලවත් කථා කරලා සොයලා බැලූවේ නැහැ.


ජීවිතේ කියන්නෙ කසාද බැඳලා දරුවො හම්බ වුණාට පස්සෙ මහත්තයගෙ වැරදි කප්පරක් සොය සොයා ඒ විවාහයෙන් වෙන් වෙලා තව කෙනෙක් බඳින එක නෙමෙයි. අද දික්කසාදෙ විලාසිතාවක් වෙලා. දරුවො ලොකු වුණාම තමයි මතක් වෙන්නෙ දෙන්න දෙමහල්ලන්ගෙ නොගැළපීම්. අවසානයේ අහිංසක දරුවො අසරණ වෙලා පාරට වැටෙනවා.


කේතකීගෙ තාත්තා තමන්ගෙ බිරිඳගෙ වෙන්වීම දරා ගත්තෙ පුළුවන් කමකට නෙමේ. තමන්ගෙ දරුවා ගැන හිතලා වෙන විවාහයකට වඩා පුංචි කේතකීට හොඳ අනාගතයක් දෙන්න  ඕන කියන සිහිනය කේතකීගෙ තාත්තගෙ හිතේ තදින්ම තිබුණ නිසා.


තාත්තා වැඩට ගියහම ගොඩක් වෙලාවට මම හිටියෙ තනියම. මේ අතරතුරේ නිතරම වගේ බාප්පත් අපේ ගෙදර නිතර ඇවිත් ගියා. බාප්පා රැුකියාව කළෙත් පෞද්ගලික ආයතනයක. බාප්පා ගෙදර ඉන්න දවසට තාත්තා බය නැතුව රැුකියාවට ගියේ බාප්ප මාව හොඳට බලාගිනිවි කියලා හිතලා. ඒත් බාප්පා මගේ මුළු ජීවිතේම විනාශ කළා. ඒ ගැන මතක් කරන්නවත් මම කැමති නැහැ. මට මං ගැනම මහා පිළිකුලක් දැනෙනවා.


ඇගේ හඬ එකවරම නිහඬ වුණේ හරියට විදුලි අකුණක් වැදුණ වගේ. එතනින් එහාට කිසිවක් අහන්න තරම් ශක්තියත් මට තිබුණෙ නැහැ.


කේතකීගෙ තාත්තා තමන්ගෙ සහෝදරයව මහා මෙරක් තරම් විශ්වාස තියලා තමන්ගෙ බිරිඳගෙන් පස්සෙ ජීවත් වෙන්න  ඕන කියලා ඉතුරු වුණ එකම මැණික කේතකී තමන්ගෙ එකම සහෝදරයා ළඟ තියලා රැුකියාවට ගියේ බියක් සැකක් නැතුව. අනේ... මගේ සහෝදරයට වඩා විශ්වාසවන්ත පුද්ගලයෙක් තවත් ඉන්නවද කියන අදහසත් එක්ක. ඒත් කේතකීගෙ තාත්තගෙ සහෝදරයා වුණාට ඒ තාත්තගෙ ගතිගුණ ඒ සහෝදරයගෙ කෙස් ගසකවත් ගෑවිලා තිබුණෙ නැහැ. තමන්ගෙ එකම අයියගෙ දුව මේ විදිහට තලාපෙලා දැම්මෙ ඒකයි.


තාත්තගෙ සෙනෙහසට පස්සෙ බාප්පා කියන්නෙ හරියට දෙවැනි තාත්ත වගේ. හැබැයි ඒ විශ්වාසය තිබුණෙ අතීතයේ. ඒත් අද තමන්ගෙ තාත්තා, සහෝදරයවත් විශ්වාස නැති කාලයක් බවට පත්වෙලා. තමන්ගෙ ලෙයින් උපන් දියණියව දූෂණයට ලක් කරන තාත්තලා ඉන්න සමාජයෙ තමන්ගෙ සහෝදරයා, බාප්පා, මාමා විශ්වාස කරන්නෙ කොහොමද? පුංචි දරුවන්ගෙ ජීවිත එතරම්ම අද අනාරක්‍ෂිත වෙලා.


නිවෙසේ තනි වෙච්ච කේතකීව තාත්තගෙම සහෝදරයා වෙච්ච තමන්ගෙ බාප්පා අතින් වරින්වර දූෂණයට ලක් වුණා. පුංචි මල තලාපෙලා දැම්ම විතරක් නෙමෙයි තර්ජන පවා කරල කේතකීගෙ අහිංසකකමින් ප‍්‍රයෝජන ගත්තා.


‘‘උඹ හැමදාම මාත් එක්ක ඉන්න  ඕන. කාට හරි කියලා තිබුණොත් තෝව මරනවා.’’


මේ විදිහට ඒ තිරිසන් මනුෂ්‍යා කේතකීව බිය වද්දලා තමන්ගෙ ආසාවන් ඉටුකරගත්තා. හිතක් පපුවක් නැතිව අහිංසක මල් කැකුළ තලාපෙළා දැම්මා විතරක් නෙමෙයි බිය වද්දලා මානසිකව වධ හිංසා කළා. මරන බියටම ඇය මේ පිළිබඳ කිසිවෙකුටත් පැවසුවෙ නැහැ.. කේතකීගෙ අහිංසකකමින් ප‍්‍රයෝජන ගත්තා. ඒ තිරිසන් බාප්පා කිහිපවරක්ම ඇයව දූෂණය කළා.


මම හැමදේම දරාගෙන හිටියෙ බයට. ජීවිතේ නැති කරගන්න මම විවිධ දේවල් කරගත්තා. ඒත් හවසට ගෙදර එන තාත්තගෙ මූණ දැක්කම දුකක් දෙන්න හිත දුන්නෙ නැහැ. පස්සෙ බැරිම තැන  ඕන දෙයක් වෙද්දෙන් කියලා තාත්තට කිව්වා.


පණටත් වඩා ආදරෙන් රැුක බලාගත්ත තමන්ගෙ දරුවාට මේ විනාශය කළේ තමන්ගෙම සහෝදරයා කියලා මතක් වෙනකොට කේතකීගෙ තාත්තගෙ ඉවසීම ඉහවහා ගිහින් තිබුණේ.


ඒ වෙනකොට කේතකීගෙ තාත්තා හිටියෙ මාරයාගෙ වේසයෙන්. දෛවය කියන දේ හැමදේටම ඉඩ දුන්නා. කේතකීගෙ බාප්පා පොලිස් භාරයට පත්වුණා. ඔහු ඒ වෙනකොටත් මත්ද්‍රව්‍ය සම්බන්ධ සිදුවීමකට පොලිස් ඇස යොමු වෙලා තිබුණු පුද්ගලයෙක්. බාල වයස්කාර දැරියක් නිසා ඇය පුනරුත්ථාපනයට යොමු කෙරුණා.


මේ කථාව තවත් එක් පුංචි මල් කැකුළකගේ අවාසනාවන්ත කථාවක් විතරයි. ඒ ලියපු හැම වචනයකම ගැබ්වෙලා තියෙන්නෙ කේතකීගේ අසරණකම. මේ කථාව රටක් බලාවි, අනේ අපොයි! කියාවී. ඒත් පුංචි කේතකීගෙ අසරණ වෙච්ච ජීවිතේ මේ වචනවලට ගන්න බැහැ. පොඞ්ඩක් හිතන්න, මේ දේ හෙට ඔබේ දරුවට වෙන්න පුළුවන්.


කොයිතරම් ලොකු රැකියාවක් කරන, කොයි තරම් ඉහළට ඉගෙන ගත්තත් තමන්ගෙ දරුවා, සැමියා පයට පෑගෙන දූවිල්ලක් තරමටවත් වටින්නෙ නැත්නම් ඒ මව් පදවියෙන් වැඩක් තියෙනවද? අද කේතකීගෙ තාත්තා මේ දේවල් දරාගත නොහැකිව මානසික රෝගියෙක් වෙලා.


අද ඒ අම්මා බොහොම ඉහළින් මේ සමාජයේ වැජඹෙනව ඇති. මොහොතක් හිතන්න අම්මගෙ අරක්‍ෂාව දරුවට සෙවණැල්ල වගේ. ඔයාලගෙ ජීවිත ඇතුළේ ප‍්‍රශ්න, ගහ බැණ ගැනීම්  ඕන තරම් තියෙන්න පුළුවන්. සමහර විට උසාවි පොලිසි ඉසේ කෙස් ගාණට තියෙන්න ඇති. ඒත් ඔයාලගෙ විරසක වීම් පුංචි දරුවන්ගෙ ජීවිත විනාශ කරන මහ පාරට ඇද දාන තෝතැන්න බව හොඳට මතක තියාගන්න.


කේතකීගෙ අනුවේදනීය කථාවත් එක්ක එක්තරා පුවත්පතක තිබුණ පුංචි කවියක් මතක් වුණා.


ලෝක තලයට කුසුමක් වී ඉපදුනද
කුඩා වියේදීම දරදඬු දෑතට පොඩි වුණ ඔබ
නෙතට ගින්දරක් ගනු බැරිව හඬමින් කල් ගෙවන
මක් කරන්නද නිහඬයි තවම සමාජය....


(මෙහි එන නම් ගම් මනඃකල්පිතයි)

 

m



අදහස් (0)

අහිංසක මල් කැකුළක් තලාදැමූ නරුම බාප්පා

රෝමි Friday, 08 May 2015 09:41 AM

දුක්බර කතතාවක්.දෙමව්පියන්ට එකට ඉන්න බැරිනම් වෙන්වීම සාධාරණයි කියමුකො.ඒත් අම්මෙක්ට පුළුවන්ද තමන්ගෙ දරුවව මේ විදියට අතාරින්න. (බ)

:       0       0

රොහිනි Friday, 08 May 2015 03:21 AM

මේ තාත්තා කිසිම දෙයක් දන්නෙ නැති අතදරුවෙක් වගේ කෙනෙක් බවයි පේන්න‍ේ. ඒ නිසාම වෙන් ඇති උගත් අම්මට මෙයත් එක්ක පවුල් කන්න එපා වුනේ සමහර විට. ළමයට බාප්පට දාලා යනවද? ඇරත් මෙච්චර හරියක් වෙනකම් දන්නෙ නැහැ. (අ)

:       0       0

හසිත Friday, 08 May 2015 03:23 AM

වැඩිහිටියන්ගේ වැරැදි නිසා අහිංසක දරුවන් දුක් විදිනවා.(හේ)

:       0       0

නයෝමි Friday, 08 May 2015 09:59 AM

ඒ අම්මා අතඇරියද උසාවියෙදි ඒ තාත්තා තමන් ළඟ තමයි දරුවා ඉන්න ඕනෙ කියලා බලෙන්ම දරුවව තමාගේ භාරයට ගත්තද කියලා අපි දන්නෙ නැහැනේ. හැබැයි ඉතිං දරදඬු අම්මලත් ඉන්නවා අදකාලේ ඕන තරම්. තමන්ගෙ ගැහැනු දරුවට වඩා තරුන වෙන්න දඟලන විසේ ඇති අම්මලත් වැහි වැහැලා‍. (නදී)

:       0       0

අතුල Friday, 08 May 2015 03:26 AM

ගැහැනු දරුවෙක් බාප්පට දාලා ගිහින් දැන් ඉතිං මානසික රෝග හදා ගෙන පලක් නැහැ. මේවා බලලා අනිත් දෙමව්පියන්ටවත් හැදෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. හැබැයි කොච්චර කිව්වත් නොකරන්නෙත් ඒකමයි. ඒකනේ හැමදාම අඩුවක් නැතුව මේ වගේ කතා අහන්න ලැබෙන්නේ.(හේ)

:       0       0

පියදාස Friday, 08 May 2015 03:30 AM

දෙමාපියො වෙන්වුණාද නැද්ද නෙමෙයි ප්‍රශ්නේ. දරුවො ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි. එකට හිටියත් දරුවෝ ගැන බලන්නේ නැත්නම් මේවා වෙනවා. අම්මා තාත්තා දෙන්නම නැති දරුවොත් ආච්චිලා සීයලා ලඟ හොඳට හැදෙනවා මම දැකලා තියෙනවා. දරුවෝ හදන්න දැනුමයි ඕනේ. නැතුව අම්මයි තාත්තයි තුරුල් වෙලා හිටියත් කියලා ළමයි හරියට හැදෙන්නෙ නැහැ.(හේ)

:       0       0

රසල් Friday, 08 May 2015 04:06 AM

අපේ රටේ දික්කසාද වෙනවා කියන්නේ ඊට පස්සෙ මරනෙකටවත් යන්නෙ නැති තරමට තරහා වෙනවා කියන එකනේ. ඒකනේ අම්මට දරුවා ගැන බලන්න එන්න බැරි. නමුත් දියුණු රටවල නම් දෙමව්පියො දික්කසාද වුනත් මරා ගන්නෙ නැහැ. ගෙදරට පය තියන්න තහනම් නැහැ. දරුවො එක්ක එහෙ මෙහෙ යන්න තහනම් නැහැ. ඒ නිසා අම්මා තාත්තා වෙන් වුනත් දෙන්නම දරුවො ගැන බලනවා. (බ)

:       0       0

නාලක Friday, 08 May 2015 04:07 AM

සමහර ගැහැනුත් ඉන්නවා දරුවො වදනවා විතරයි. කිසිම හැඟිමක් නැහැ ඊට පස්සේ. ගැහැණු දරුවෙක් නිසා අම්මට තිබුනනේ දරුවව අරන් යන්න. (බ)

:       0       0

දුමින්ද Thursday, 07 May 2015 02:13 PM

මවක් කළ විනයක්.(හේ)

:       0       0

කුමාරි Sunday, 24 May 2015 09:05 AM

පව් හරිම ලස්සන අක්කෙක් . මේ වගේ මාමලා මොකටද මේ රටට. (ත)

:       0       0

හංසි Friday, 08 May 2015 05:35 AM

ඔය අම්මට මේ කරපු දේට කවදහරි විපාක ලැබෙයි උඩත් දෙවියෙක් ඉන්නවා නේ අහිසංක ජිවිත දෙකක් මේ අම්මා නිසා දුක් විදිනවා (බ)

:       0       0

සමන් Thursday, 07 May 2015 03:50 PM

කවදාහරි දවසක ඔය අම්මට කරපු දේට උත්තර ලැබේවි ... අන්න එදාට ඔය කඳුළු ඒ ඇස් වලින් වැටේවි ... ළමයෙක් වදාපු පලියට අම්ම කෙනෙක් වෙන්නෙ නැ.. (බ)

:       0       0

ධම්ම Friday, 08 May 2015 05:51 AM

මෙවන් ලිපි කියවන කළ හදවතේ සැබෑ සෙනෙහස ඇති බාප්පලා අසරණ වෙනවා.(හේ)

:       0       0

දීපිකා Friday, 08 May 2015 05:55 AM

හැම කතාවකම පැති හතර පහක් තියෙනවා. කවුද දන්නෙ මේ තාත්තාගෙත් මොන වැරදි තියෙනවද කියලා. ළමයව හරියට බලා ගන්නවත් දන්නෙනැති තාත්තා කෙනෙක්නේ. දික්කසාද වුනු පලියට වැරැද්ද ඒ පැත්තට දාන්න එපා පරන කාලේ වගේ. නමුත් දෙමව්පියො දෙන්න දරුවා ගැන සොයලා බැලුවා නම් මදි.(ත)

:       0       0

සඳරේකා Friday, 08 May 2015 05:59 AM

අනේ ධම්ම. ඔයා කනගාටු වෙන්න එපා. දරුවන්ට දෙමව්පියන්ට වැඩිය ආදරෙන් සලනක බාප්පලා ඕන තරම් ලංකාවේ ඉන්නවා. මගේ සහෝදරයොත් මගේ දරුවන්ට තාත්තා වගේම ආදරෙයි. ඒ අතර මේ වගේ අයත් ඉන්නවා. අපි බනින්නේ එවන් නරක අයටයි.(හේ)

:       0       0

ලසන්ති Friday, 08 May 2015 06:13 AM

දුක්බර කතාවක්.(හේ)

:       0       0

රමේෂ් Friday, 08 May 2015 06:34 AM

පියදාස මහතාගේ කතාව හරියටම හරි. (බ)

:       0       0

කෙවින් Thursday, 07 May 2015 11:04 PM

"ගුරුවරු පවා මාව අම්මා දාලා ගිය ළමයෙක් කියලා අනෙක් අයට පෙන්නන්න ගත්තා. " මේක මානසික රෝගයක් වගේ තිබෙන දාහට එක්කෙනෙක් කරන්න පුළුවන්. නියම ගුරුවරු මෙහෙම කරන්නේ නැහැ. වැඩියෙන් සළකනවා මිසක්. (නි)

:       0       0

කරුණාදාස Thursday, 07 May 2015 11:07 PM

බාප්පලා තියා තාත්තලාවත් විශ්වාස නැති අද දවසේ ඇයි මේ තාත්තා දරුවා බාප්පට දීලා ගියේ. පත්තර පොත් කියවන්නෙ නැති රටේ ලෝකේ ගැන දන්නෙ නැති කෙනෙක්ද? (නි)

:       0       0

දිල්ෂානි Thursday, 07 May 2015 11:09 PM

අම්මා තාත්තගෙ ප්‍රශ්න අපි දන්නෙ නැහැ. අපිට ඒකට ගොඩ පෙරකදෝරුකම් කරන්න බැහැ. එකට ඉන්න පුළුවන්ද බැරිද කියලා දන්නෙ ඒ දෙන්නනේ. මරාගන්නෙ නැතුව නීතියෙන් වෙන්වෙන එක හොඳයි හිරේ යනවට වැඩිය. නමුත් අම්මා වෙන්වුණත් දරුවා ගැන හොයලා බලන්න තිබුනා මීට වැඩිය. (නි)

:       0       0

අශෝක Thursday, 07 May 2015 11:11 PM

ළමයෙක් වදාපු පළියට අම්මා කෙනෙක් වෙන්නෙ නැහැ. ඒ කතාව නම් සහතික ඇත්ත. අද කාලේ ඉන්න සමහර අම්මණ්ඩිලා ගැන කතාකරලා වැඩක් නැහැ. අමුතුම ලෝකවල ඉන්නේ. (නි)

:       1       0

කපිල Thursday, 07 May 2015 11:15 PM

මත්ද්‍රව්‍ය පවා ගන්න, උපන්දා සිට එකට හැදුනු වැඩුනු මල්ලිගෙ හැටි දන්නෙ නැහැ. තොත්ත බබා. අපරාදෙ අහිංසක නොදරුවා විනාශ වුණා (නි)

:       0       0

කරුණාදාස Thursday, 07 May 2015 11:17 PM

පොතක් පතක් බලනවා නම් අද සමාජය කොච්චර පිරිහිලාද කියලා දැනගන්න පුළුවන්. කවුද ගැහැණු දරුවො බාප්පා ළඟ දාලා යන්නේ? (නි)

:       0       0

සේකර Friday, 08 May 2015 12:33 AM

අම්මා වෙන්වුණා කියලා ළමයි කොන්කරන්න තරම් හණමිටි අදහස් ඇති ගුරුවරු නම් අද කාලේ සාපේක්ෂව ගත්තොත් අඩුවක් මම දකිනවා (නි)

:       0       0

කපිල Friday, 08 May 2015 12:34 AM

අනේ පවු! (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 08 May 2015 12:57 AM

දරුවා පව්. හැබැයි මට මේකට අර්ථකතනයක් දෙන්න බැහැ, දෙමාපියො වෙන්වුණ නිසා මෙය වුණා කියලා. දෙන්නා දෙමහල්ලො හොඳට ඉන්න තැන් වල දරුවොත් මේ වගේ දේවල් වලට ගොදුරුවෙනවා. ඒ දෙමාපියන්ගේ මෝඩකම හා නොසැළකිල්ල නිසයි. (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1042 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4543 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 411 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1679 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site