IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


අහසේ සිට වෙඩි තිබ්බ රාවණගේ සහශ‍්‍රගත යානය

 

29_PAGE_04_T

29_PAGE

 

Untitled-3(121)(1)
රාවණා රජතුමා පිළිබඳ ජාතික පිළිගැනීමක් ඇතිවී තිබේ. එතුමා හෙළ රජ පරපුරේ ආදි මුත්තෙක් බව ඇසීම කෙනෙකුට රිදීමක් වන්නට පුළුවන. නමුත් අපි ලියන්නේ විජාතික බලයක් හෝ විජාතික බලවේගයක් ගැන නොවේ. අපි රාම ගැන ලියුවා නම් එතැන ගැටලූවක් වීම සාධාරණය.
Untitled-3(121)(1)
 

 

mirando-obesekaraරාවණ රජතුමා, රාම ගේ දෘෂ්ඨියෙන් දැකීම බරපතළ දොසකි. රාම කුමරු හින්දුන්ගේ පූජාවට පත්වන බව නොරහසකි. නමුත් හින්දුන් විසින් රාවණාට එම තැන ලබා දී නැත. එයට හේතු වන්නට ඇත්තේ එක්කෝ රාවණ රජතුමා රාමට විරුද්ධවීම විය හැකිය. නැතිනම් රාවණ ලක්දිව රජකු වීමත් රාම ඉන්දීය රාජ පරපුරකවීමත් විය හැකිය. මේ දෙදෙනාම හින්දු අය ලෙස සලකනවා නම් එය නිවැරදි දැනුමින් පිටස්තර දෙයක් බව අපි විශ්වාස කරමු.


රාවණ රජතුමා යුද ශිල්පයෙහි ප‍්‍රමුඛයෙකි. එතුමා යුදයට අවශ්‍ය ආයුධ සෑම අතින්ම සන්නද්ධ කොට ගෙන සිටියෙකි. න්‍යෂ්ටික අවි පවා රාවණා සතුව තිබූ බව පුරාණ තොරතුරු ඇසුරේදී පෙනී යයි. කෙසේ වෙතත් බොහෝ දෙනාගේ හිත සුව පිණිස රාවණ රජතුමා ඇතැම් යුද උපකරණ භාවිත කළේ නැත. එයට හොඳම උදාහරණයක් මේ ලිපිය ඔස්සේ සපයමු. රාවණාට සහශ‍්‍රගත නම් විශිෂ්ට යුද යානයක් තිබිණි. මෙම යුද යානය අද ”මල්ටි බැරල්” යුධෝපකරණයට වඩා බෙහෙවින් දියුණු වූවකි.


සහශ‍්‍රගත ගුවන් යානය නිෂ්පාදනය කළේ එවකට සිටි දක්ෂ ගුවන් යානා ඉංජිනේරුවකු වූ ධීර රකුසාය. ඔහු මහා රාවණාගේ උපදෙස් අනුව මේ යානය නිපදවා ඇත.


දක්ෂිණ ලංකාවේ කතළු පුරයේ කතළු කුමරු විසින් සපයන ලද රත්තරන්ද, වීර රකුසා සැපයූ රිදීද, අටකලම්පන්නේ ඉන්දීර රකුසා විසින් ලබා දුන් පිරිසිදු වානේද ඊට යොදා ගත් බව කියැවේ. මෙම සහශ‍්‍රගත යානය වෙනත් ග‍්‍රහලෝකයකට වුවද පහසුවෙන් පහරදිය හැකි තරම් බලවත් නිෂ්පාදනයක් විය.
විශේෂයෙන් රාවණ රජතුමා මෙම යුද ගුවන් යානය මගින් අඟහරු ලෝකය වැනි ජනාවාස ගත ග‍්‍රහලොවක බලය අල්වා ගැනීමට බලාපොරොත්තු වූවා වන්නටද පුළුවන. විටෙක මෙය අපට පුදුම උපදවන්නක් වුවද ගැඹුරින් කල්පනා කර බැලීමේ දී කිසියම් මතයක පිහිටන්නට බැරි නැත.


ලෝකය සම්පූර්ණයෙන් නොදියුණු යුගයක රටක් විසින් තවත් රටක් අල්ලා ගනු ලැබීම දුෂ්කරය. නමුත් බලසම්පන්න ආයුධ ඇති කලෙක ප‍්‍රබල රටක් විසින් දුර්වල රටක් අල්වා ගැනීම දුෂ්කර නොවේ. අප බැලිය යුත්තේ මේ න්‍යාය මත පිහිටා රාවණ යුගය යනු නොදියුණු යුගයක් ලෙස නොව වර්තමානයටත් වඩා දහස් සංඛ්‍යාත දියුණු තැනක සිටය. එවැනි තැනෙක සිට බලද්දී ග‍්‍රහලෝක අල්ලා ගන්නා තරමේ යුද උපකරණ තිබීම ගැන පුදුම ඉපදවිය යුතු නැත.


සහශ‍්‍රගත යානය සෑදීමේදී ඉන්දියාවේ හිමාල කඳුකරයෙන් ගෙන්වන ලද ”මයුර දණ්ඩ” නමැති ලී කොටස්ද මෙහි සවිකර තිබිණි. එය රියදුරුගේ ආරක්ෂාවට සවිකරන ලද බව රාවණා කතා තල්පතෙහි සඳහන් වෙයි.


විශේෂයෙන් සහශ‍්‍රගත යානය යුද්ධයට යොදා ගැනීමෙන් බලවත් මිනිස් සංහාරයක් වන බව දැන සිටි රජතුමා එය රාම හා සටනට යොදා ගත් බව නොපෙනේ. 


මෙම නව ගුවන් යානය නිපදවන පුවත විභීෂණගෙන් රාමට දැන ගන්නට ලැබුණු අතර, යුද්ධය අතරමග නවතා දමා ආපසු යා යුතුයැයි යෝජනා කළේ රාමගේ අග‍්‍ර පුරෝහිත හනුමන්ත් ය. 


”මම ආවේ ලංකාව බලන්න නෙවෙයි, මෙහි සඟවා සිටින සීතා රැුගෙන යන්නයි. එම නිසා ඔබ කවුරු ආපසු ගියත් මා ආපසු හැරෙන්නේ නෑ” 
සිරුරින් කුඩා වුවත් රාම විසින් හනුමන්ත්ට පවසන ලද්දේ දැවැන්ත රණකාමියෙකු පරිද්දෙනි. 


රාවණා රජතුමා දක්ෂ සටන්කාමියෙක්. එතුමා මේ සටනට සහශ‍්‍රගත යානය යොදා ගන්නේ නෑ. එතුමා මේ සටන සලකන්නේ පුංචි සටනක් ලෙසයි. 
රාවණා රජතුමා පිළිබඳ මනා අවබෝධයක් තිබූ විභීෂණ රාමාට දැන්වූයේය. මේ විභීෂණ රාවණ රජතුමාගේ බාල සහෝදරයා වූ නමුත් ඔහු කටයුතු කළේ රාම කුමරුගේ පැත්තගෙනය.


සහශ‍්‍රගත යානය ගුවනේ එක තැනක හෝරාවක් වුවද නවතා සටන් කළ හැක්කක් බව කියැවේ. එකවර වෙඩි උණ්ඩ දහස් ගාණක් මුදාහල හැකි යානයකි. වෙඩි උණ්ඩ පොකුරු පිටින් මුදාහරින අතර උණ්ඩ නිකුත් කරන ප‍්‍රමාණය අවශ්‍ය පරිදි අඩු වැඩි කරවා ගත හැකිය.


සහශ‍්‍රගත යානය නිපදවා එහි ශක්තිය උරගා බැලීමේ අවස්ථාවක් කල්පිටිය මුහුදු ප‍්‍රදේශයේ පැවැත්විණි. එහි පහසුව පිණිස එවක එහි සිටි ධීවර ප‍්‍රජාවද ඉවත් කෙරිණි. මෙම යානය පණ ගැන්වූ පසු පළාතක් ගිනිබත් වන තරමට යානය බලවත් විය.


කල්පිටියේ යුද අභ්‍යාසයක් සඳහා සහශ‍්‍රගත යානය ලකේගල සිට පදවාගෙන ආවේ මේඝනාද (ඉන්ද්‍රජිත්) කුමරුය. යානය කල්පිටියේ විශාල ගල් පීඨිකාව මත ස්ථානගත කෙරිණි. මේ යුද අභ්‍යාසය දුර ඈත සිට නරඹන්නට විශාල ජනතාවක් ඒකාරාශි වූහ. ඔවුහු මෙය මහා වික‍්‍රමාන්විත ක‍්‍රියාවලියක් හැටියට දැක ප‍්‍රීති ඝෝෂා නඟමින් සතුට ප‍්‍රකාශ කරන්නට වූහ. 


එදා කල්පිටිය වෙරළට රාවණ රජතුමා ද පැමිණ සිටියේය. යානය රජතුමාට පිළිගැන්වූයේ මේඝනාද කුමරු විසිනි. මේ සහශ‍්‍රගත යානය නිෂ්පාදනය වුණේ ලකේගල කන්දේය. එහි මංගල ගමන රාවණ රජුට භාර විය.


”මෙම ගුවන් යානයෙන් මේ රටේ කිසිම මිනිසෙක් ඝාතනය කිරීමට මම අදහස් නොකරමි. මෙය වෙනත් ග‍්‍රහලෝක සමග සටනට පිළියෙල කළ එකකි. දරුවනි, සහශ‍්‍රගත යානය තොපගේ ජයකි” යි කී රාවණ රජතුමා යානයට ගොඩ විය.


යානය පණගැන්වූ රජතුමා අහසට නැගුණේ දක්ෂ යුද නියමුවකුගේ ලක්ෂණ පෙන්නුම් කරමිනි. යානයෙහි හඬ කල්පිටියේ සිට පුත්තලම දක්වා හෙණ ගසන්නාක් මෙන් පැතිර ගියේය. එම ප‍්‍රදේශයේ සිටි වන සතුන් බියට පත්ව වන රොදවල, ගල්ගුහාවල, ගස් බෙනවල සැඟවී දින ගණනක් විසූ බව රාවණ කතා පුස්කොලහි සඳහන් වේ.

 

29_PAGE_04_Tt

29_PAGE_01


සහශ‍්‍රගත යානය මුහුදේ හා ගංගාවල පවා ස්ථාන ගත කර තැබීමට වුවද දියුණු එකක් විය.


යානය අහසේ දස්කම් පාද්දී කිතුල්ගල අසල වන රොදක් යානයේ බලවත්කම ඉදිරියේ ගිනිබත් විය. එම ගිනිදැල් ඉතා ශීඝ‍්‍රයෙන් කිතුල්ගල සිට යටියන්තොටට පැතිර ගියේය.


සහශ‍්‍රගත යානය නිසා ගිනිබත් වූ මේ ප‍්‍රදේශයට දැන් ගිනිගත්හේන යැයි කියන බව ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකර මහතා කියයි. එදා මෙම යානය නිසා සිදුවූ බලවත් විනාශය දුටු රාවණ රජතුමා බොහෝ සෙයින් කම්පාවට පත්විය.


සහශ‍්‍ර ගුවන් යානය පෘථිවිය මත කිසිම යුද්ධයකට භාවිත නොකරන ලෙස මේඝනාද කුමරුට තදබල ආඥාවක් නියම කළේය.


රාම සමඟ සටන බලවත් සටනක් බව රාවණ සිතුවේම නැත. රාම බලවත් තර්ජනයක් බව රාවණ සිතුවා නම් ඉතා පහසුවෙන් ඔහු මැඩපැවැත්වීමේ ශක්තිය රාවණ ලබා සිටියේය.


සහශ‍්‍රගත යානය රාමට එරෙහිව ක‍්‍රියාත්මක කළේ නම් රාම, හනුමන්ත් පමණක් නොව රාම සහායකයන් සියල්ලන් එක තැනක ඝාතනය කිරීමේ කාර්යය රාවණට සරල කාරණයක් විය.


රාවණ රජතුමා බොහෝ දුරදක්නා නුවණින් කටයුතු කළ අතරම, බොහෝ දෙනාගේ හිත සුව පැතූ බවද ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය. රාවණා රජතුමා තමන්ගේ ආත්මාභිලාෂය පමණක් තැකුවා නම් රාවණා පිළිබඳ වෙනස් ආකාරයකට මේ ලිපි ලියැවෙන්නට තිබිණි. 


රාවණා යනු හෙළයාගේ ”පෞරුෂය” රැුකගෙන යුද බිමට ගිය හා අභීත තීන්දු ගත් රජකු හැටියට සටහන් කළ යුතුය. එතුමා හෙළයා රැුකගත්තා මිස හෙළයා නැසුවේ නැත. හෙළයා නසන්නට පැමිණි රාමා ට රාවණ රජතුමා සටන් කළ පිළිවෙලක් තිබිණි. එබැවින් රාවණ ගැන දකින බොහෝ දොස් නිවැරදි කර ගැනීමට මේ කාලයයි.


 

asanka-atigala-futter



අදහස් (0)

අහසේ සිට වෙඩි තිබ්බ රාවණගේ සහශ‍්‍රගත යානය

සමන්ති Tuesday, 02 December 2014 01:35 PM

වයසය යනකොට ඔහොම තමයි. ගණන් ගන්න එපා. (ස)

:       0       0

ශිරන්ති Wednesday, 03 December 2014 03:13 AM

අපේ ලොකුම අඩුව තමයි ඉතිහාසය නොදැනීම හා දැනගන්නට උවමනාවක් නැතිවීම (නි)

:       0       0

ලසිත් Tuesday, 02 December 2014 08:52 AM

මට නිකන් පිස්සු වගේ (නදී)

:       0       0

රවී - ඕමාන් Wednesday, 03 December 2014 01:01 PM

මම වැඩකරන පිටරට ආයතනයේ ඉන්දියාවේ අයට ගහන්න හිතෙනවා එයාලා රාමා ගැනයි හනුමා ගැනයි ගහන කයිවාරු වලට (නි)

:       0       0

සිල්වා Wednesday, 03 December 2014 02:06 PM

පොළොන්නරුව කියන්නේ රාවණා උඩ සිට සතුරන්ට පොළඟුන් අතහැරීම සඳහා පොළඟුන් ඇතිකළ ගම කියලයි මම නම් කියන්නේ. මොකද අදත් ඒ පැත්තේ හරියට උන් ඉන්නවා. (නි)

:       0       0

උපුල් Tuesday, 02 December 2014 09:31 AM

ෂා නියමියි. පුදුම කතාවක් මේක නම් සම්පුර්ණ ඇත්ත වෙන්න ඕනා. තව මේ ගැන හොයන්න ඕනා. අපේ ඉතිහාසය වලලන්න දෙන්න හොද නැහැ (නදී)

:       0       0

ලියොන් ගුණවර්ධන Wednesday, 03 December 2014 03:47 PM

මෙම ලිපිය ඉංග්‍රීසි බසින්ද පළකළොත් ලෝකයේම අවධානයට ලක්වනු ඇත (නි)

:       0       0

නාමල් Tuesday, 02 December 2014 10:31 AM

ඕනෑම බොරුවක් අඩුම වශයෙන් 21 පාරක් කියල බලන්න. ඇත්ත වගේ මුහුණුවරක්, ස්වභාවයක් ගන්නවා. (අ)

:       0       0

නුවන් කටාර් Tuesday, 02 December 2014 08:41 PM

මම මෙතෙක් මෙම කතාව බොහොම උනන්දුවෙන් කියවාගෙන ආවා. ඒත් අවුරුදු 7000 තරම් ඈත අතීතයේ ගිනිගත් යායක් නැත්නම් හේනක් ගිනිගත් හේන කියලා නම වැටෙන්නේ කොහොමද? මොකද ඒ කාලේ භාවිතා කළ භාෂාව අද පවතින භාෂාවට කිසිසේත්ම සමානවිය නොහැකි නිසා. අවුරුදු 7000 නෙමෙයි, අවුරුදු 500 කට කලින් තිබුණු භාෂාවක්වත් අපිට හරියට කියවාගන්න අමාරුයි. (නි)

:       0       0

ලංකා Thursday, 04 December 2014 02:11 PM

ඉතිහාසය ගැන කිසි අවබෝදයක් නැති නාමල්, ලසිත්, වගේ අය ගැන ලැජ්ජා හිතෙනවා. (ර) .

:       0       0

ප්‍රශීන් Tuesday, 02 December 2014 12:56 PM

ලාංකිකයෙක් වීම ගැන ආඩම්බරයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 91 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 78 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 33 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 81 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 47 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 576 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 596 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site