IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ආණ්ඩුවට එරෙහි අළු යට ගිනි

පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පිළිබඳව මේ දිනවල ආණ්ඩුවේ වැඩි අවධානයක් යොමු වී තිබේ. පළාත් සභාවල නිල කාලය අවසන් වී මේ වනවිට වසර දෙකකටත් වඩා වැඩිය. මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය කීවේ පළාත් සභා ඡන්දය අතුරුදන්ව තිබෙන බවකි. කෙසේ වෙතත් ආණ්ඩුව සැරසෙන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමටය. මුලදී ආණ්ඩුවේ මත දෙකක් තිබිණි. ඉන් එකක් පළාත් සභා රටට අවශ්‍ය බවය.

අනෙක් මතය රටට පළාත් සභා අනවශ්‍ය බවය. ආණ්ඩුවේ ඇමතිවරු පළාත් සභා සම්බන්ධව තම තමන්ගේ මතය ඉකුත් කාලයේ පළ කළහ. කෙසේ වෙතත් ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුව සූදානම්ව සිටින බවය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයාත්, නියෝජ්‍ය මහකොමසාරිස්වරයාත් ඉකුත් කාලයේදී මෙරට දේශපාලන පක්ෂ නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වීය.  ඒ හැම සාකච්ඡාවකදීම අවධාරණය කර තිබුණේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැනය. ‘‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අනුව බලය බෙදාහැරිය යුතුය. පළාත් සභා ක්‍රමය අලුතින් ලංකාවට හඳුන්වා දුන්නේ ඉන්දියාවේ අවශ්‍යතාව මතයි. ඉන්දියාව හැමදාමත් ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා’’ යැයි ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් සඳහන් කළේය. ‘‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහත්තයා  පළාත් සභා ගැන උනන්දුයි. එතුමාගේ අදහස පළාත් සභා ක්‍රමය පවත්වාගෙන යාමටයි’’ යැයි තවත් ඇමැතිවරයෙක් ප්‍රකාශ කර තිබුණේය.

මේ අතර සියලුම මැතිවරණ ක්‍රම ගැන සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කමිටුවක් පත්කර තිබේ. මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉකුත් බදාදා රැස්විය. සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී එම රැස්වීම පැවැත්විණි. නිමල් සිරිපාල ද සිල්වා, සාගර කාරියවසම්, මධුර විතාන, කබීර් හෂීම්, රංජිත් මද්දුමබණ්ඩාර, එම්.ඒ. සුමන්තිරන්, අනුර දිසානායක, මනෝ ගනේෂන්, ජීවන් තොණ්ඩමන් ඇතුළු පිරිසක් එදින රැස්වීමට සහභාගි වූහ.

එහිදී පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල ඡන්ද ක්‍රමය කුමනාකාර වියයුතුද යන්න සම්බන්ධයෙන් මැති ඇමැතිවරු අදහස් පළ කළහ. පළාත් පාලන ආයතන සඳහා දැනට ක්‍රියාත්මක වන සමානුපාතික හා කොට්ඨාස ක්‍රම දෙකම ඇතුළත් මිශ්‍ර ඡන්ද ක්‍රමයේ දුර්වලතා නිවැරැදි කර එම ක්‍රමයම අනෙකුත් මැතිවරණ සඳහා  යොදාගන්නේද නැත හොත් වෙනත් ඡන්ද ක්‍රමයක් රටට හඳුන්වා දෙන්නේද යන්න මැතිවරණ ක්‍රමය සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවධානය යොමු වූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. එම අවස්ථාවට සහභාගි වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි එම සංවිධානයේ යෝජනා තේරීම් කාරක සභාවට ඉදිරිපත් කළේය. මැති ඇමැතිවරු විවිධ ප්‍රශ්න නගමින් හා තර්ක විතර්ක ගොඩගමින් එම යෝජනා සැලකිල්ලට බඳුන් කළහ.

‘‘අපි හිතන්නේ සමානුපාතික හා කොට්ඨාස යන දෙකම මිශ්‍ර ක්‍රමය වඩාත් හොඳයි. දැනට පවතින පළාත් මැතිවරණ ක්‍රමයේ මූලධර්ම හොඳයි ඒත් ක්‍රියාත්මක වෙද්දී ගැටලු මතුවෙනවා. පළාත් පාලන ආයතනවලට පත්වන නියෝජිතයන් ගණන වැඩියි. එය රටට බරක් යැයි අදහසක් තිබෙනවා. ඇතැම් පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් පත්කිරීමේදී ගැටලු රැසක් මතු වෙනවා. එවැනි ප්‍රායෝගික ප්‍රශ්න විසඳා ගත යුතුයි’’ යැයි ආණ්ඩුවේ ඇමැතිවරයෙක් කීවේය.

අතුරුදන් වූවන්ගේ පවුල් එකමුතුව නමැති සංවිධානය ඉකුත්දා ආණ්ඩුවට චෝදනා එල්ල කළේය. ඒ ඉකුත් ආණ්ඩු සමයේ එම පවුල්වලට ලබාදුන් සහන කිසිවක් ලබා නොදෙන බව කියමිනි. අතුරුදන් වූවන්ගේ පවුල් එකමුතුව ‘‘අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ලේකම්වරිය වෙත ඉකුත් දා ලිපියක් යොමුකර තිබුණේය. ‘‘අතුරුදන් වූවන්ගේ පවුල් එකතුව 1989 භීෂණ කාලයේ සිට අතුරුදන්වීම්වලට විරුද්ධව ක්‍රියාත්මක වන ස්වේච්ඡා සංවිධානයකි. එම සංවිධානය ලේකම්වරියට යවා ඇති ලිපියේ සඳහන් කර ඇත්තේ කරුණු තුනක් ගැනය. ඉන් පළමු වැන්න නම් ආයතනය මගින් ලියාපදිංචි කළ පැමිණිලි සම්බන්ධවය. ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ගැන ද ප්‍රශ්න කර තිබේ. ඉකුත් ආණ්ඩු සමයේ අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල්වලට ලබාදුන් රුපියල් 6000 ක මාසික දීමනාව වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ පසුව නතර කර ඇතැයි එම සංවිධානය චෝදනා කර තිබුණේය.

‘‘ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම ජාත්‍යන්තර දිනය රාජ්‍ය උත්සවයක් ලෙස 2018 සහ2019 වසරවලදී පැවැත්වූවා. එය මෙම පවුල් ලැබූ සුවිෂේශී ජයග්‍රහණයක්.  මේ වසරේ අගෝස්තු මස 30 වැනි දින ජාත්‍යන්තර දිනය පවත්වන්නේද නැද්ද සම්බන්ධයෙන් පිළිතුරක් අවශ්‍යයි.’’ යැයි ද එම සංවිධානය ලේකම්වරියට යවා ඇති ලිපියේ සඳහන් කර තිබේ.

සමුපකාර ව්‍යාපාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිසි තැන ලබාදෙන්නැයි මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුවට යෝජනාවක් කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය අන්තර් ජාතික සමුපකාර දිනය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ලෝක සමුපකාර ව්‍යාපාරය සිය 99 වැනි සංවත්සරය සමරද්දී දීර්ඝ ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරයේ තිබෙන ශක්තිය යළිත් අවධාරණය කළ යුතුයැයි මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන කියන්නේය.

‘‘මෙරට ආර්ථික හා සමාජීය ඉදිරි ගමනේ දී රාජ්‍ය හා පෞද්ගලික අංශ සමඟ  කරට කර ගමන් කළ හැකි දැවැන්ත ව්‍යාපාරයක් ලෙස අද වන විට ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරය පත්ව තිබෙනවා. ඒත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිවිය යුතු නෛතික ඉඩකඩ තවමත් ලැබී නැහැ. විවිධ සේවා සමුපකාර පනත සම්මත කර 1956 මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීමට දැවැන්ත මෙහෙවරක් ඉටු කළා. පිලිප් ගුණවර්ධනයන්ගේ සහ ටී.බී. ඉලංගරත්නයන්ගේ මැදිහත්වීමෙන් මහජන බැංකුව ආරම්භ කිරීමේදී එම බැංකුවට පැවරුණු කාර්යයන් අතර සමුපකාර සමිතිවලට මුදල් වෙන් කිරීම සමුපකාර ව්‍යාපාරය සංවර්ධනය කිරීම ද වන බව මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාවේදී ඉකුත් දා ප්‍රකාශ වූ බවද ඇමති දිනේෂ් ගුණවර්ධන ආණ්ඩුවට මතක්කර දෙන්නේය.

සමගි ජනබලවේගය පක්ෂයේ නායකයන් අතර කසුකුසුවක් හටගෙන තිබේ. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ කටයුතු ගැනය. ‘‘මැතිවරණ කොමිෂන් සභාවේ සුදුසුකම් සහිත ඉහළ නිලධාරීන් කීප දෙනෙක්ම මාරුවීම් අරගෙන ගිහින් තියෙනවා. දක්ෂ පළපුරුදු නිලධාරීන් එලෙස කොමිසමෙන් ඉවත්ව යාම සැක සහිතයි. ළඟදී මැතිවරණයක් පැවැත්වීමට තිබෙන හෙයින් එම නිලධාරීන් මාරුකරන්න ඇතැයි සැකයක් තිබෙනවා’’ යනුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර කියන්නේය. එහෙත් මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළේ ඉහළ නිලධාරීන් කීප දෙනෙකු මාරුවීම් ලබා ගොස් ඇත්තේ ඔවුන්ගේ කැමැත්තෙන් බවය. එම නිලධාරීන් පෞද්ගලික අභිලාෂ මත ස්ථාන මාරුවීම් ලබාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන්  කොමිසමේ හෝ කිසිදු පාර්ශ්වයක හෝ  බලපෑමක් නැතැයිද මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග කියයි.

මේ දිනවල දේශපාලන කරළිය රත්වී ඇත්තේ උද්ඝෝෂණවලට එරෙහිව පොලිසිය ගන්නා ක්‍රියා මාර්ග හේතුවෙනි. උද්ඝෝෂණයේ නිරත ගුරු සංගම් නායකයන් හා සමාජ ක්‍රියාකාරකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම නිරෝධායනයට රඳවා ගැනීම පිළිබඳව දේශපාලන ක්‍රියාකාරකයෝ  හා වෘත්තීය සමිති ආණ්ඩු විරෝධී ක්‍රියාමාර්ග ගනිමින් සිටිති. ඉකුත් දින කීපයේදී කොළඹ දී උද්ඝෝෂණ හා විරෝධතා රැසක්ම පැවැත්විණි. එම විරෝධතාවලට බොහෝ පිරිසක් සහභාගි වී සිටීම නිසා ආණ්ඩුව ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුකර තිබේ.’ ආණ්ඩුව මුලදී උද්ඝෝෂණය කළ පිරිස් අත්අඩංගුවට ගත්තා. නිරෝධායනයට යොමු කළා පස්සේ සමාජයෙන් දැඩි විරෝධතාවයක් එල්ල වුණා. ආණ්ඩුවට මර්දනකාරී වැඩපිළිවෙළ නතර කරන්න හෝ ආපස්සට ගන්න හෝ සිද්ධ වේවි’’ යනුවෙන් වෘත්තීය සමිති නායකයෝ අදහස් පළකරති. මේ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වන බවට ඉකුත්දා ආරංචි  පැතිර ගියේය. විපක්ෂය හා වෘත්තීය සමිති එක්ව ආණ්ඩුවට එරෙහි විරෝධතාවයක් ගොඩනැගීමේ සාකච්ඡා ආරම්භ කර ඇතැයිද එම ආරංචි  සඳහන් කළේය.

නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශයේ කටයුතුවලට අතගසා තිබේ. ඒ අනුව අදහස් හා යෝජනා ලබා ගැනීමේ කමිටු වැඩපිළිවෙළ සම්බන්ධ සාකච්ඡාවක් ද ඉකුත්ද‌ා මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණ. ජීවනෝපාය කමිටුවට අද‌ාළ නියෝජිතයෝ එම සාකච්ඡාවට කැඳවනු ලැබ සිටියහ. එහිදී සිය ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ජීවනෝපාය කමිටුව මගින් හඳුනාගන්න යෝජනා අමාත්‍යාංශයට ලැබීමට සැලැස්විය යුතු බවය. ‘‘යෝජනා කිව්ව පළියට මහා පරිමාණ ව්‍යාපෘති යෝජනා එවන්න එපා. මොකද මම තමයි මේ රටේ මුදල් නැති මුදල් ඇමැති’ යැයි එහිදී බැසිල් කීවේ සිනාසෙමිනි.

‘මට පුළුවන් උපරිමයෙන් වැඩකරනවා. අපි මීට වැඩිය අමාරු අවස්ථා පසුකළා. ඒ නිසා මේ අවස්ථාවේ ජයගන්න අපට බැරිවෙන එකක් නැහැ.’ යැයි බැසිල් කීවේය.

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙළක් ජනාධිපතිවරයා ආරම්භ කර තිබේ. එම වැඩපිළිවෙළේ මූලික අදියරක් වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරු විසිදෙනෙක් ඉකුත්ද‌ා ජනාධිපතිවරයා හමුවූහ. එහිදී වැඩි දෙනෙකු අදහස් දැක්වූයේ පොහොර ප්‍රශ්නය ගැනය. උද්ඝෝෂණවලට එන අය නිරෝධායනයට ගැනීම නිසා ආණ්ඩුවට දොස් අසන්නට වී ඇතැයි එම මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට කීහ. ‘අවශ්‍ය තරම් පොහොර මේ වෙනකොටත් රට ඇතුළේ තිබෙනවා. පොහොර සඟවා ගැනීම තමයි මෙතන තියෙන ප්‍රශ්නය. ආණ්ඩුවක් විදියට අපි ඒකට යම් පියවරක් ගන්න බලාපොරොත්තු වෙනවා.’ යැයි ජනාධිපතිවරයා කීවේය.

‘පුළුවන් ඉක්මනට රට සම්පූර්ණයෙන්ම විවෘත කරනවා. පාසල් අධ්‍යාපනය ආරම්භ කරන්න ඕනේ. ටියුෂන්, විශ්ව විද්‍යාල පටන් ගන්නවා. අතරමග නතරවුණු වැඩබිම් නැවත පටන් ගන්න ඕනේ’ යැයි ජනාධිපති ගෝඨාභය කීවේය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ වැඩි වේලාවක් යෙදවූයේ පක්ෂ සංවිධාන ජාලය ශක්තිමත් කිරීම ආදී කටයුතුවලටය. මේ අතර සිරිකොතට පැමිණි පිරිසට නායකයා හමුවීමට බොහෝ වේලාවක් එළියේ සිටීමට සිදුවිය. රනිල්ගේ උපදෙස් මත නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ගොඩනැගිල්ලේ පිටත සිටි පිරිසගේ පහසුකම් සොයා බැලුවේය. ‘තරහා වෙන්න එපා. මේ වසංගතය නිසා තමයි මෙහෙම ඉන්න වුණේ. නිරෝධායන නීතිය නිසා එක සැරේට ඔක්කෝම ඇතුළට ගන්න බැහැ.’ රුවන් පිරිසට කියද්දී ඔවුන් කීවේ සොයාබලන එකත් වටිනා බවය.

බලශක්ති ඇමති උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව සංශෝධනය කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කළ ඉල්ලීම පිළිබඳව අනෙක් පක්ෂ ද සාකච්ඡා කරමින් ඇතැයි රුවන් කීවේ සිරිකොත පැවැති නිලධාරි හමුවේදීය. ‘ලබන 18 වැනිද‌ා ජනාධිපතිගෙ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැඳවලා තියෙනවා. ලැබෙන ආරංචි අනුව උදයගෙ විශ්වාසභංග යෝජනාව පරාජය කරන්න හැමෝම එකතුවෙන්න කියන පණිවුඩය තමයි දෙන්න යන්නේ. මුළු ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංගය ගේන එක තමයි මෙතන දී කළ යුතු හොඳම වැඩේ.’ යැයි වජිර අබේවර්ධන එහිදී කීවේය. ‘අපට පුළුවන් විශ්වාසභංගය සංශෝධනය කරන්න කියලා යෝජනාවක් කතානායකවරයාට ඉදිරිපත් කරන්න. එතකොට මුළු ආණ්ඩුවම ෆේල් කියලා අපට රටට කියන්න පුළුවන්. එහෙම නැත්නම් උදය ගම්මන්පිල විතරක් ෆේල් කියන මතය  රටට යනවා.’ යැයි එහිදී රංගේ බණ්ඩාර කීවේය. ඒ පිළිබඳව සෙසු පක්ෂ සමඟ සම්බන්ධ වී සාකච්ඡා කරන්නැයි රනිල් රුවන්ට අලුත් මෙහෙයුමක් බාර දුන්නේය.

(*** කස්තුරි)



අදහස් (1)

ආණ්ඩුවට එරෙහි අළු යට ගිනි

gamunu Monday, 19 July 2021 03:54 AM

රොටිය පුච්චාගැනීමට තැටිය රත් කළහැකි බව පෙනේ... එසේ වුවත් අනවශ්‍ය ආකාරයට තැටිය රත්කිරීමට අනවශ්‍ය වේ. අනවශ්‍ය ආකාරයට, අනවශ්‍ය වෙලාවට තැටිය රත් කිරීමට උත්සාහ ගතහොත් අනවශ්‍ය පුද්ගලයන් (අවස්ථාවාදීන්) විසින් රොටිය පුච්චා යලිත් වරක් රොටිය කර කරනු ඇත. තණ්හාව සහ තනතුරු වෙනුවෙන් ඉක්මන් වුවහොත් රටට වෙනසක් සහ දේශපාලනයට අවංක අලුත් කණ්ඩායමක් පැමිණීමට තිබෙන අවස්ථාව ගිලිහී යනු ඇත. එය වළක්වා ගැනීමට වගබලා ගත යුතුවේ. තැටිය රත් කිරීම තාවකාලිකව නවතා දැමිය යුතුවේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 432 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 394 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 65 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 40 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 852 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට
2024 සැප්තැම්බර් මස 18 439 8

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14562 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 148 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site