IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ආණ්ඩුවත් විහිළුවක්

(සාකච්ඡා කළේ- චමින්ද මුණසිංහ)

ආසන සංවිධායකකම අහිමිවීම, ශ්‍රී.ල.නි.ප.යට වෙන්නේ මොකද්ද? දේශපාලනයෙන් සමුගන්නවාද? යහපාලනය පිළිබඳ දරන අදහස කුමක්ද? යනාදී කරුණු සම්බන්ධයෙන් එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සමග කළ සාකච්ඡාවකි මේ.

ප‍්‍රශ්නය:- ශ්‍රී.ල.නි.ප.යට මොකක්ද මේ වෙන්නේ?

පිළිතුර: ශ්‍රී.ල.නි.ප.යට මොකද වුණේ කියල තමයි අපි කල්පනා කරන්නේ. ඇත්තටම ශ්‍රී.ල.නි.ප.ය නැති කිරීමේ ව්‍යාපාරයක් තිබෙනව වගේ පේනවා. ශ්‍රී.ල.නි.ප.ය 1951 ආරම්භ වන විට මගේ ආදරණීය අප්පච්චී ටී.බී. තෙන්නකෝන් මැතිතුමා එහි කැඳවුම්කරුවකු වුණා. ඒ වෙලාවේ ශ්‍රී.ල.නි.ප. ය නිර්ධන පන්තියේ ජනතාවගේත් පක්‍ෂයක් කියන්න පිළිබිඹු වෙච්ච චරිතයක් තමයි ටී.බී. තෙන්නකෝන් කියන්නේ. මගේ අප්පච්චී කවිකොළ විකුණපු දුප්පත් අහිංසක මනුස්සයෙක්. කවිය අවියක් කරගෙන ජීවත් වෙච්ච මනුස්සයෙක්. අවංක ශ්‍රී ලංකාකාරයෙක්. කවදාවත් පක්‍ෂය දාල ගියේ නැහැ. අපිත් ඒ ආභාෂය ගත්ත දරුවෝ. මගේ අප්පච්චි ශ්‍රී.ල.නි.ප. සම ලේකම් කෙනෙක් හැටියට කටයුතු කළා. මගේ අයියා ශ්‍රී.ල.නි.ප. නියෝජ්‍ය ලේකම්. මම ජ්‍යෙෂ්ඨ උපසභාපති. අපි ශ්‍රී.ල.නි.ප.යේ මුල් අරටු.

හිටපු ගමන්ම මම ශ්‍රී.ල.නි.ප. ආසන සංවිධායකකමෙන් ඉවත් කළා කියා තවම පණිවිඩයක් නැහැ. හැබැයි ඒ වෙනුවට තවත් දෙන්නෙක් පත්කළා කිව්වාම මානසිකව විශාල දුකක් මට දැනුණා. මගේ අප්පච්චි හිටියනම් ඒ පණිවිඩය අහල ඒ අවස්ථාවේ අභාවප‍්‍රාප්ත වෙන බව කිව්වේ ඒ නිසයි. ඒ තරමටම අපි ශ්‍රී ලංකාකාරයෝ. අපිට මේ කරපු දේ නිසාම ශ්‍රී.ල.නි.ප.ය මුළු රටේම ලොකු පසුබෑමකට ලක්වුණා කියා මම සිතනවා. මම පළාත් සභා මන්ත‍්‍රීවරයෙක්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්, නියෝජ්‍ය ඇමැතිවරයෙක්, කැබිනට් ඇමැතිවරයෙක් වෙච්ච වෙලාවකවත් ආවෙ නැති දුරකතන ඇමතුම් සංඛ්‍යාවක් මම ඉවත් කළා කියන ආරංචිය ඇසූ අය මට දුන්නා. ඒ තරම් මිනිස්සු කතා කළා. ඒ හැම කෙනෙක්ම පක්‍ෂයේ දැන් ඉන්න නිලධාරීන්ට බැන්නා. ශාප කළා. මට කනගාටුව පළකළා. ශ්‍රී.ල.නි.ප.ය මේ විධියට නැති කරන්න වැඩපිළිවෙළක් එ.ජා.පය හරහා ක‍්‍රියාත්මක වෙනවා කියලයි මම සිතන්නේ.

ප‍්‍රශ්නය:- රටේ නායකයා ඔබේ පක්‍ෂයේ නායකයා. වෙනත් පක්‍ෂයක පදයට නටන්න හෝ තම පක්‍ෂය විනාශ කර ගැනීමේ වුවමනාවක් ඔහුට තිබෙනවාද?

පිළිතුර:- ඒක තමයි අපටත් තිබෙන ප‍්‍රශ්නය. අපි අහන්නෙත් ඒක තමයි. ජනාධිපතිතුමා අද කියන එක හෙට වෙනස් කරනවා. හෙට කියන එක අනිද්දට වෙනස් වෙනවා. කියන දේවල් වෙන්නේ නැහැ. වෙන දේවල් දන්නෙත් නැහැ. දැන් තියෙන්නේ මහ පුදුම ආණ්ඩුවක්. සරත් ෆොන්සේකාට බලය දෙන බව රාජිත ඇමැති කිව්වා. එහෙම එකක් කිව්වේ නැහැ කළේ විහිළුවක් කියා ජෝන් සෙනෙවිරත්න ඇමැති කියනවා. ජෝන් සෙනෙවිරත්න කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඉන්න බව තව කෙනෙක් කියනවා. වසර දහයක් මම කැබිනට් ඇමැති කෙනෙක් හැටියට වැඩ කළා. අපි කවදාවත් එහෙම හැසිරිලා නැහැ. එහෙම සිතුවෙවත් නැහැ. මේක ජරා ජීර්ණ ආණ්ඩුවක්. ඇතුළෙ ඉන්න අය එකෙකුට එකෙක් නැහැ. සාමුහික වගකීමක් පේන්නවත් නැහැ. හැරිසන් ඇමැති කියනවා විහිළුවක් කළා කියා. කැබිනට් ප‍්‍රකාශක කියනවා වගකීමෙන් ඒ ප‍්‍රකාශය කළ බව. ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමා ජනාධිපතිතුමාගේ අනුමැතියක් නැතිව ඔය කතා කිව්වා කියලා ඔබ සිතනවාද? ඩිලාන් සහෝදරයා කියන්නේ ජනාධිපතිතුමාගේ අදහස්. මේ රටේ තත්ත්වය ගැන කනගාටුයි.

ඇත්තටම ජනාධිපතිතුමා සිතන දේවල් රටක් වශයෙන් කරන්න ලැබෙන්නේ නැහැ. පක්‍ෂයක් වශයෙන් යම් යම් දේ කරන්න ඔහුට බලය තිබෙනවා. අර මොකද්ද එකට බෙහෙත් නැහැ කියනවනේ. නැතිනම් මම වගේ මිනිහෙක් අයින් කරයිද? මගේ දෙනෙත්වලට කඳුළු ආවා. මගේ පුතා අයින් වුණා. අප්පච්චි නැති පක්‍ෂයේ මට ඉන්න බැහැ කියා පුතා කිව්වා. පැරදිච්ච අයත් තනතුරු අරගෙන එන කාලෙක වැඩිම මනාප ගත්ත මගේ පුතා තනතුරු අතහැරියා. ඒක මේ රටට දුන් ලොකු ආදර්ශයක්. මම ඒ ගැන ආඩම්බර වෙනවා. අපි සමාජයට ආදරෙයි. එනිසා අපට වරදින්න විධියක් නැහැ.

ප‍්‍රශ්නය:- වැඩ බැරි සහ වැඩ නොකරන සංවිධායකයන් ඉවත් කළ බවයි. ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් කියා තිබුණේ?

පිළිතුර:- අපිට හරි පුදුමයි. අපටත් වඩා ලොකු වැඩ කාරයෙක් ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් හැටියට කටයුතු කරනවා. ඒකට හිනාවෙන්න තැනක් අපට නැහැ. හැමදාම මැයි රැුලියට වැඩිම සෙනඟ ගේන මනුස්සයා මමයි. ඒක වාර්තාවක්. අවුරුදු 24ක් මම තමයි වැඩිම සෙනඟ ගෙනාවේ. මේ සැරෙත් මම තමයි වැඩිම සෙනඟ ගේන්නේ. මේ සැරේ උනන්දුව ගිය අවස්ථාවලට වඩා වැඩියි. පළමු වතාවට අපි ශ්‍රී.ල.නි.ප. නැතුව යනවා. හැබැයි අපි තාම නිල්පාටයි. ඒක තමයි අපේ වෙනස. අපිට වැඩ බැරි ද කියල ඒකෙන්ම පේනවා.

ප‍්‍රශ්නය:- ඔබලා ශ්‍රී.ල.නි.ප. උරුමක්කාරයොද? හැමදාමත් ඔබලා තියාගන්න  ඕන කියලා නියමයක් තිබෙනවාද?

පිළිතුර:- අපි එහෙම හිතන්නේ නැහැ. හැබැයි ශ්‍රී.ල.නි.ප.යට තිබෙන ආදරය නිසා ශ්‍රී.ල.නි.ප.යේ ඉන්නවා කියන හැඟීම අපි ළඟ තිබෙනවා. උරුමක්කාරයෝ කරුමක්කාරයෝ වෙන්න අපට වුමනාවක් නැහැ. හැබැයි යුතුකම් කියල ජාතියක් මේ සමාජයේ තිබෙනවා. මේ වෙන දේවල් ගැන අපි පුදුම වෙන්නෙත් නැහැ. දැන් ඉන්න සමහර දරුවො මවුපියන් මහ පාරෙ දමල යනවා. දරුවො සුවිසල් මැදුරුවල ඉන්නවා. මෙහෙම ලෝකෙක මේක සුළු සිද්ධියක්. මේවා ආදර්ශයට අරගෙන වැඩ කරනවද දන්නෙත් නැහැ.

ප‍්‍රශ්නය:- රාජපක්‍ෂ ආණ්ඩුවටත් ඔබ විවේචන එල්ල කළා. ජනාධිපතිවරණය කාලයේ ඔබේ භූමිකාව ගැනත් මත තිබුණා. ඔබේ රඟපෑම මොකද්ද?

පිළිතුර:- ඒක වැරැදි තේරුම් ගැනීමක්. මම ඉන්න තැන කෙළින් ඉන්න මිනිහෙක්. මට කොන්දක් තිබෙනවා. මම හිටපු පොලිස් නිලධාරියෙක්. වැරැද්දක් දැක්කාම බලාගෙන ඉන්න බැහැ. එදා මම හරි දේ කිව්වා. එදා ගිය විධියට ගියොත් පරදින බව කිව්වා. ඒක වැරැදිද? මම එදා කියපු දේවල් ඇසුවානම් මෙහෙම වෙන්නේ නැති බව බොහෝ දෙනෙක් මට කිව්වා. මහින්ද මහත්තය පවා ඒ  කතාව කිව්වා. හැබැයි කොයි වෙලාවකවත් මම පක්ෂය දාලා ගියේ නැහැ. ආණ්ඩුව පෙරළලා මෛත‍්‍රී එක්ක යන්න වුවමනාවක් තිබුණ නම් පක්ෂය දාලා යන්න වෙනවා. මම එහෙම කළේ නැහැ. මම හැඟීම්බර වුණේ පක්ෂය වෙනුවෙන්. පක්ෂය පරදිනවට මම කැමැති නැහැ.

මහින්ද මහත්තය විවේචනය කළ බව ඇත්ත. හැබැයි මහින්ද මහත්තය කළ දේවල් සහ අද මේ අය කරන දේවල් දිහා බැලූවාම මහින්ද මහත්තයා රත්තරං කඳක්. අද මේ අයගේ වැරැදි එක්ක ගත්තාම ඒ මනුස්සය උතුම්. මෙහෙම පාලනයක් ඒවි කියලා අපි සිතුවේ නෑ. තිබූ එක හදාගන්න උත්සාහ කළා. එදා ඒවා හදා ගත්තා නම් අදටත් අපි බලයේ ඉන්නවා. ජාති ආගම්, කුලවාදී වෙන්න හොඳ නැහැ. එතුමා එදා උදව් කළ අය අද කෝ.

ප‍්‍රශ්නය:- දඹුල්ල, මාතලේ තෙන්නකෝන්ලට ලියල දීලද තියෙන්නේ. වෙන අයට මේවායෙ වැඩ කරන්න අවසරයක් නැතිද?

පිළිතුර:- මේව අපට ලියාගන්න පුළුවන්ද? බැහැනේ. ජනතාවනේ මේවා අපට ලියල දෙන්නේ. අපි හැමදාමත් ඇවිත් තියෙන්නේ ඡුන්දෙන්. ලිස්ට්වලින් හොරෙන් පැනලා හෝ ඡුන්දයෙන් පැරදිලා ලිස්ට්වලින් හෝ අපි ඇවිත් නැහැ. ජනතාවගේ කැමැත්තෙන් මනාපයෙන් අපි එන්නේ. මේවා ඔප්පුවකින් ලියලා හොර අත්සන් ගහලා ගත්ත දේවල් නෙමෙයි.

ප‍්‍රශ්නය:- ඔබ දැන් ගුණ ගායනා කරන රාජපක්ෂ ආණ්ඩුවෙනුත් එදා අසාධාරණයක් නේද වුණේ?

පිළිතුර:- ඒක තමයි. අසාධාරණයක් වුණාම අනෙක් අය වගේ වලිගෙ පස්ස පැත්තේ ගහගෙන මම හිටියේ නැහැ. අසාධාරණය නිවැරැදි නොවූවත් ඒවා පෙන්න පෙන්න මම සිටියා. එහෙම කොන්දක් මට තිබුණා. මම කාටවත් බය නැහැ. ඒ මම වැරැදි නොකරන නිසයි. නායකත්වයට ගරුකිරීමත් බයවීමත් කියන්නේ දෙකක්. මවුපියන්ට අපි ගෞරව කරනවානේ. හැබැයි වැරැදිනම් ඒක කියන්න පසුබට වෙන්නේ නැහැ.

ප‍්‍රශ්නය:- ඔබට වත්මන් ජනාධිපතිත් එක්ක කටයුතු කරන්න බැරි ඇයි?

පිළිතුර:- මේ අය බලයට ගේන්න මම ශත පහක වැඩක් කළේ නැහැ. මම සිටියේ පක්ෂයේ. මම වැඩ කළේ මහින්ද මහත්තය දිනවන්න. මෛත‍්‍රීපාල මහත්තය මට කීප වතාවක් කතා කළා. මම සමහර වෙලාවට දුරකතනයට ගියේ නැහැ. මම පක්ෂය දාලා එන්නේ නැති බව කිව්වා. එහෙම කෙළින් මිනිහෙක් මම.

ප‍්‍රශ්නය:- පක්ෂය දාලා යන්නේ නැති බව ඔබ කිව්වත් දැන් පක්ෂය තිබෙන්නේ ජනාධිපතිවරයා වටේ නේද? නැත්තම් වෙනත් තැනකද?

පිළිතුර:- ඒක තමයි මේ හිතේ අමාරුවෙන් කතා කරන්නේ. මේ ජීවිත කාලය පුරාවටම මම වැඩියෙන්ම මානසිකව පීඩා වින්දේ වෙනත් සංවිධායකවරු පත්කළ දිනයේදීයි. හරිම නරක දෙයක් වුණේ. සියල්ල සිද්ධ වෙන්නේ යහපතටයි කියා කතාවක් තිබෙනවා. ඒ අනුව පන්දුව එන හැටියට පිති හරඹයක යෙදෙනවා.

ප‍්‍රශ්නය:- ඔබ කොහොම කිව්වත් ජනක තෙන්නකෝන්ලගේ දේශපාලනය මෙතනින් නවතීවි නේද?

පිළිතුර:- නැහැ. මේක නව ගමනක සාර්ථක ගමනක ආරම්භයක්. හැබැයි ශ්‍රී.ල.නි.පයේ ගමනක අවසානය බව පේනවා.

ප‍්‍රශ්නය:- ශ්‍රී.ල.නි.පය දාලා යන්නෙත් නැති නම් ශ්‍රී.ල.නි.පය තියෙන්නෙත් වෙනත් තැනක නම් ඔබලා බැට් කරන්නේ මොන පිටියේද?

පිළිතුර:- අදාළ පිටිය සකස් වුණාම ඒකට බැහැලා ඒ ගේම ගහනවා. ඒක නවතින්නේ නැහැ. අපි දේශපාලනයම කරපු මිනිස්සු. වෙනත් දෙයක් කරන්න බැහැ. අපි ගෝල්ෆේස් එක සොයා ගත්තා වගේ අනිවාර්යෙන්ම හොඳ පිට්ටනියක් සොයාගෙන ඒ ගේම ගහනවා. ඒක නවත්වන්න කාටවත් බැහැ.

ප‍්‍රශ්නය:- මෙතෙක් ඔබලා පත් කළේ ශ්‍රී.ල.නි.ප පාක්ෂිකයන්. ඔබලා වෙනත් පිටියකට බැස්සොත් ඔය ජනතාව ඔබලත් එක්ක හිටගනීවිද?

පිළිතුර:- අන්න හොඳ ප‍්‍රශ්නයක්. අපි ශ්‍රී.ල.නි.ප. බලමණ්ඩලය කැඳෙව්වා. අපි ශ්‍රී.ල.නි.ප හැටියට නෙමෙයි මහින්ද මහත්තයගේ පක්ෂය හැටියට ඉඳිමු කියා බලමණ්ඩලයේ ලේකම් යෝජනාවක් ගෙනාවා. මුළු සභාවම නැගිට ඔවුන්ගේ එකඟතාව ප‍්‍රකාශ කළා. පසුව ඒ අය මගේ මතය විමසුවා. මම දේශපාලනඥයෙක් නිසා මම ඉන්නේ ජනතාව සමඟ බවත් ජනතාව කියනවට වඩා උඩින් යන්නේ නැති බවත් කිව්වා. ජනතාව කියන දේ කරන බව මම කිව්වා. ජනතාව එදා මාව උස්සගෙන නැටුවා. එහෙම නම් ජනතාව ඉන්නේ කොතැනද කියා පැහැදිලියිනේ. දැන් ලංකාවෙ ඉන්න ජනප‍්‍රියම නායකයා කවුද? මහින්ද. එයා වටා තමයි ජනතාව ඉන්නේ. ඇත්ත ඒක තමයි. ආණ්ඩුව පිස්සු නටන නිසා මහින්ද මහත්තය තවත් ජනප‍්‍රිය වෙනවා. පොලිසියට අලූතෙන් ගන්න විට උස, පපුව බලනවා. ඇයි ඒ? අඟුටුමිට්ටෙක් යුනිෆෝම් එක ඇන්දොත් අවුල් නිසා. ඒවත් මේකට අදාළයි.

ප‍්‍රශ්නය:- මෛත‍්‍රී - මහින්ද එකතු කරන්න සාකච්ඡා කරන බව වාර්තා වෙනවා. මේ දෙන්නා එකතු වූවොත් ඔබලා හිටගන්නේ කොතැනද?

පිළිතුරු:- ඔය සාකච්ඡා තිබුණට ඒවා සාර්ථක වෙන්නේ නැහැ. වෙන්න ක‍්‍රමයකුත් නැහැ. දෙන්න එකතුවෙලා ශ්‍රී.ල.නි.ප ආණ්ඩුවක් හදනවා නම් ඒකට එන්න කියල මහින්ද මහත්තය අපට කිව්වොත් සලකා බලන්න පුළුවන්.

ප‍්‍රශ්නය:- ඔබ ඔය කියන ජනප‍්‍රිය නායකයා පසුගිය මැතිවරණ දෙකකින් පරාජය වූවා. ඉදිරිය ගැන බලාපොරොත්තු තබන්න පුළුවන්ද?

පිළිතුරු:- පැරදුණේ යම් යම් වැරැදි, දුර්වලකම් නිසා. දැන් ජනතාවටත් ඒක තේරිලා. මහින්දට තවත් බලය දෙන්න  ඕනෑ කියන සිතුවිලි සමහර අයට එදා පහළවුණා. එහෙම සිතලා ඡුන්දය නොදුන් අය සිටියා. දැන් ඒ අය දුක් වෙනවා. මම දැන් දේවල් කියන්නේ තිබෙන සමාජ කතිකාව අනුවයි. ආවාට ගියාට මම සිතෙන දේවල් කියන්නේ නැහැ. පැරදිච්ච මිනිස්සු ආයෙ දිනල නැද්ද? සමහරු පෙරට වඩා හොඳට දිනනවා.

ප‍්‍රශ්නය:- රටේ යහපාලනයක් ඇති කර යහපත් වාතාවරණයක් ගොඩනගා තිබීම ගැන ඔබලා සතුටු වෙන්නේ නැතිද?

පිළිතුරු:- ඒකට සභාවෙන් සිනා තමයි. ඔය කියන වාතාවරණය තියෙන්නේ කොහේද? තියෙන්නේ වචන සෙට් එකක් විතරයි. ප‍්‍රායෝගික දෙයක් නෑ. මිනිස්සු අවුුරුදු කෑවද? ලෙව කෑවද? ආර්ථිකය, සමාජය පිරිහිලා. මේක ආණ්ඩුවක් නැති රටක්. බලන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මිනිස්සු පාරට බහිනවා. ඒක නවත්වන්න බැහැ. ඒවා නවත්වන්න බලාගෙන දැන් එක එක මුට්ටි දානවා. අපි ඒවට බය නැහැ. අපි  ඕන ගේමකට ලෑස්තියි. මිනිස්සු රැවටීම විතරයි වෙලා තිබෙන්නේ.

ප‍්‍රශ්නය:- ඔබ කියන ආකාරයට රාජපක්ෂ ප‍්‍රමුඛව රජයකට පාර කැපෙන බවයි හැෙඟන්නේ. ඔය කියන තරම් පහසුවට එවැන්නකට මේ සමාජයේ ඉඩ තිබේද?

පිළිතුරු:- ඉඩ හැදී තිබෙනවා. ඡුන්දයක් එන තුරු ජනතාව බලාගෙන ඉන්නවා. මේ අය ඡුන්දයක් දෙන්නෑ. පළාත් පාලන ඡුන්දය තිබ්බොත් මහින්ද පාර්ශ්වය දිනන බව රජයේ රහස් වාර්තා කියා තිබෙනවා. ඒකයි ඡුන්ද නොතියන්නේ. මම හිටපු පොලිස් නිලධාරියෙක්. මටත් තොරතුරු එනවා.

ප‍්‍රශ්නය:- නව සංවිධායකවරු ඔබට වඩා සුදුසු නැද්ද?

පිළිතුර:- ඇයි දෙන්නෙක්ම පත් කළේ. ඒකෙන්ම තේරෙනවා නේද මගේ අගේ. මම ආපු හැමදාම දඹුල්ල දිනුම්. දැන් බලන්නකො මොකද වෙන්නේ කියලා. ඒ අය දැනටමත් පරාජය පිළිඅරන්. මම කාටවත් අපහාස කරන්නේ නැහැ. දන්නෝ දනිති.



අදහස් (5)

ආණ්ඩුවත් විහිළුවක්

amarakoon Wednesday, 03 May 2017 04:16 AM

ඔබතුමා හොද දේශපාන අරටුවක් තමා නමුත් එක විතරක් මදි පක්ෂයක් වුනාම විනයක් තියෙනවා විනයානුකුලව කටත් පොදුයි ඔබගේ ඉවත් කිරීම අපට මහත් දුකකි

:       61       25

Vipula Wednesday, 03 May 2017 02:00 PM

අපොයි ලංකාවේ දේශපාලනයට ගිය කලක්,... මෙයා නේද 2015 ජනවාරි වේදිකාවේ ඇඬුවේ...

:       9       3

Chanak Los angrles Friday, 05 May 2017 06:41 AM

අපිට දේශපාලනයේ පිහිට නොමැතිව ජීවත් වීමට නොහැකිය,.. කියා මොහු ලැජ්ජා නැතුව කියා තිබෙනවානේ... පිරිමි කමටත් නින්දාවක්...

:       0       2

lalith Friday, 05 May 2017 10:56 AM

එ්කනේ කියන්නේ... ගහෙන් බිමට බැහැල බලන්න ඕනේ ගහේ උස බලන්න. ගහ උඩ ඉන්නකොට තේරෙන්නේ නැහැ. අපිනම් උපන් දවසේ ඉඳලම උස ගස් දකිනවා.

:       0       1

bandara Saturday, 06 May 2017 08:26 PM

මෙයාට තියෙන රෝගී තත්ත්වය නිසාවත් සංවිධායක ධුරයෙන් අයින්වෙන එක ඉතාම කාලෝචිතයි !!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 987 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 122 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1068 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 133 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 228 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 449 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 730 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site