IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ආණ්ඩුවත් සමිතිත් රට ගැන සිතන්න ඕනෑ

වැටුප් විසමතා ප්‍රශ්නයක් මත ආරම්භ කර තිබෙන දුම්රිය වැඩවර්ජනය සතිපතා සිදුකරන්නට දුම්රිය වෘත්තීය සංගම් තීන්දු කර තිබේ. සෑම සතියකම බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට සතිඅන්තයේ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව වෘත්තීය සංගම් ප්‍රකාශ කර තිබුණි.

මෙලෙස වැඩවර්ජනය කිරීම නිසා ජනතාවට සිදුවන හානි අවම කිරීම සඳහා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය රාජ්‍ය සේවයක් බවට පත්කොට ඇතත් ඊට අවනත නොවී වර්ජනය පවත්වාගෙන යන බව වර්ජනයට එක්ව සිටින දුම්රිය රියැදුරු නියාමක දුම්රිය පාලක හා ස්ථානාධිපතිවරුන්ගේ සංගම් ප්‍රකාශ කර ඇත. මෙය රජයේ අත්‍යවශ්‍ය සේවා විධි විධාන  උල්ලංඝනයක් බැවින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඒ සම්බන්ධව පොලිසියට පැමිණිලි කොට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව සඳහන්ව තිබුණි.

ඊට ප්‍රතිචාර දැක්වූ දුම්රිය වෘත්තීය සංගම් කියා සිටියේ රටේ පවතින හදිසි නීතිය උපයෝගී කරගෙන දුම්රිය වැඩවර්ජනය මැඬපවත්වන්නට තැත් කළහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකිරීමටත් එයට සෙසු වෘත්තීය සංගම්ද එක් කරගෙන ඒකාබද්ධව වෘත්තීය අරගලයක් දක්වා ව්‍යාප්ත කරන්නටත් සූදානම් බවයි. දැනටමත් බැංකු සේවක සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වරාය හා ඛනිජ තෙල් අංශවල වෘත්තීය සංගම්ද මේ සඳහා සූදානමින් පසුවන බවට දුම්රිය වෘත්තීය සංගම් රජයට අනතුරු අඟවා තිබිණි.

ස්වකීය වෘත්තීය අයිතීන් දිනාගැනීම සඳහා සටන් කිරීම, අරගල කිරීම වරදක් නොවේ. මෙරටට වෘත්තීය සමිති සටන් හඳුන්වා දුන් වාමාංශික දේශපාලන නායකයන් එදා කීවේ සටනින් තොර ජයක් නැත කියායි. එහෙත් ඔවුන් තරයේම අවධාරණය කළේ වැඩවර්ජනය වෘත්තීය අරගලයක අවසන් අවිය විය යුතු බවය. දුම්රිය, බස්, ජලය, විදුලිය, වරාය ඛනිජ තෙල් වැනි අත්‍යවශ්‍ය සේවාවල නියුතු වෘත්තිකයන් මෙරට ඉතා වැදගත් සමාජ මෙහෙවරක නියුතුවූවෝ වෙති.

මේ අය වැටුප වෙනුවෙන් සේවය කරන්නන්ටත් වඩා සමාජය වෙනුවෙන් ගරුකටයුතු සාධනීය වෘත්තියක නියුතු වෘත්තිකයන් පිරිසක් ලෙස පිළිගැනීමට ලක්ව සිටිති. අන් අයට කළ නොහැකි සුවිශේෂ වෘත්තීන්හි නියැලි පිරිස් තමන්ගේ වෘත්තිය අයිතීන් දිනාගන්නට යාමේදී සමාජය ගැන වඩාත් සංවේදීව කල්පනා කළ යුතු යැයි අප පවසන්නේ ඔවුන්ගේ සේවාව මනුෂ්‍යයාගේ සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන බැවිනි.

දැනට සංකේතාත්මකව සිදුවන දුම්රිය වර්ජනය හේතුවෙන් දසලක්ෂ සංඛ්‍යාත මගීහු පිරිසක් අපහසුතාවට දුකට හා පීඩනයට ලක්වෙති. බොහෝ දෙනා සතියේ සේවය නිමවා නිවෙස් බලා යන දිනයේ ඊට අවශ්‍ය ප්‍රවාහන පහසුකම නොමැතිනම් ඇතිවන තත්ත්වය අමුතුවෙන් කිවයුතු නැත. ඇතැමුන් දුම්රියෙන් ගමන් කරන්නේ සීසන් ටිකට් හෙවත් වාර ප්‍රවේශපත්‍ර භාවිත කරමිනි. දුම්රිය නොමැති වුවහොත් විකල්ප ප්‍රවාහන ක්‍රමයක පිහිට පතන්නට වන ඔවුනට තවත් අතිරේක වියදමක් දැරීම ඉතාමත් අසීරු කටයුත්තකි. 

දෛනික දුම්රිය ගමන් කාලසටහන අනුව භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ඇතුළුව දුම්රිය ගමන්වාර 380ක් ක්‍රියාත්මකය. ඇතැම්විට මෙය ගමන්වාර 400ක් පමණ වන අවස්ථාද තිබේ. දිනකට දුම්රිය සේවාව උපයෝගී කරගෙන ගමන්බිමන් යන මගීන් සංඛ්‍යාව ලක්ෂ හතර හමාර ඉක්මවයි. මෙයින් වැඩිපුරම මගීන් ගමන් කරන්නේ කාර්යාල දුම්රියවල බව කීම නිවැරැදිය.

දිනකට කාර්යාල දුම්රිය 100ක් පමණ ක්‍රියාත්මක වෙයි. එය සමස්ත දෛනික දුම්රිය ප්‍රමාණයෙන් හතරෙන් එකකි. එහෙත් වැඩවර්ජන කාලයේ අත්‍යවශ්‍ය සේවාවක් නිසා දිනකට දුම්රිය 8ක් හෝ 10ක් පමණක් ධාවනය කරන බව වෘත්තීය සංගම් ප්‍රකාශ කර ඇත. මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට දිනකට සිදුවන පාඩුව රුපියල් පන්කෝටිය ඉක්මවන බවද සඳහන්ය.

බස් රථයටත් වඩා රජයේ කාර්යාල සේවක සේවිකාවන් දුම්රිය ස්වකීය ගමන් සඳහා තෝරාගෙන තිබේ. ගාල්ල, මාතර, හලාවත, මහනුවර, කුරුණෑගල ආදී ඈත දුර පළාත්වලින් පවා දිනපතා රාජ්‍ය සේවාවට කොළඹට පැමිණෙන මගීන් ගණන දස දහස් සංඛ්‍යාතය. මෙලෙස දිනකට හෝ දුම්රිය වර්ජනයක් සිදුවන විට නිසිකලට සිය කාර්යාලයට පැමිණීමට රාජ්‍ය සේවකයන්ට නොහැකි වීමෙන් රාජ්‍ය සේවයට සිදුවන පාඩුවද සුළු පටු නොවේ. පීඩාවට පත්වන මහජනතාවගේ වේදනාව මනින්නට ඒකකයක් නැත. එහෙත් මෙවන් අර්බුදවලදී රජය හා වෘත්තීය සංගම් කඹ අදින්නට යාමෙන් තැලී පොඩිවන්නේ අහිංසක මගී ජනතාව බව අමුතුවෙන් නොකිව මනාය. ප්‍රශ්නයක් තිබේනම් එය විසඳීමේ වගකීම රජයටත්, තිබෙන ප්‍රශ්නය මහජන පීඩාව අවම වන ලෙස විසඳාගැනීම වෘත්තීය සංගම්වලටත් පැවරෙන වගකීමයි.

දුම්රිය සේවය අදටත් දුවන්නේ පාඩුවටය. වාර්ෂිකව මහාභාණ්ඩාගාරය පොම්ප කරන මිලියන සිය ගණනක සහනාධාරය නැතිනම් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යා නොහැක. මෙබඳු මූල්‍ය තත්ත්වයන් තිබියදී ළඟදී චීනයෙන් මිලදී ගන්නට යන දුම්රිය සම්බන්ධයෙන් අධ්‍යයනයට හා නිරීක්ෂණයට දුම්රිය සේවකයෝ 100ක් මේ දිනවල කණ්ඩායම් වශයෙන් චීනයට චාරිකා කරමින් සිටිති. මේ එක් අයකුට චීනයට ගොස් පැමිණීමට සෑහෙන වියදමක් දරන්නටද සිදුවෙයි. ඒවා එසේ තිබියදී අනෙක් පැත්තෙන් දියත් කර තිබෙන වෘත්තීය සමිති සටන් නිසා පීඩාවට පත්වූ ජනතාව සිටින්නේ ආවේගයෙනි. වෙනදා දුම්රිය වර්ජනවලට එල්ල නොවූ ජනතා විරෝධය දැන් දැන් දුම්රියපොළවලදී දක්නට ලැබෙන්නේ එහෙයිනි.

කෙසේ වෙතත් රටේ රාජ්‍ය සේවාව නඩත්තු වන්නේ ජනතාවගේ බදු මුදලිනි. වාර්ෂික ආර්ථික වර්ධනය සියයට 3.2ටත් වඩා පහළට කඩාවැටී තිබෙන රටක ආණ්ඩුවකට සියලු_ වෘත්තීය සමිති ඉල්ලීම් ඉටුකරන්නටද හැකියාවක් නැත. ඒ නිසා දෙපක්ෂයටම මධ්‍යස්ථව ක්‍රියා කරනු වටී. රජයේ සහනාධාර මත ක්‍රියාත්මක වන අත්‍යවශ්‍ය සේවාවක් බිත්තියටම හේත්තු කර තමන්ගේ වැඬේ කරගන්නට යාම හොඳ නැත. එසේම ආණ්ඩුවද හැකිතාක් සාධාරණව දුම්රිය සේවක අයිතීන් සුරක්ෂිත කළ යුතුය.

එසේ නොකොට සෑම වෘත්තීය ගැටලුවකටම වර්ජන අවිය භාවිත කරන්නට ගියහොත් එයින් දඬුවම් විඳින්නේ ජනතාවයි. මහජනතාව යනු රජයේ නඩත්තුවේ වැය බර දරන හාම්පුතුන්ය. අන්තිමේදී මෙවැනි වෘත්තීය අරගලවලදී සිදුවන්නේ හාම්පුතුන්ට දඬුවම් දීමය. රජයේ වෘත්තීය සමිතිද සිහිනුවණින් සාවධානව ඒ ගැන කල්පනා නොකළහොත් ඒ අය ජනතා විරෝධයේ අමිහිරි අත්දැකීම් විඳගන්නට සූදානම් විය යුතුය.

 



අදහස් (4)

ආණ්ඩුවත් සමිතිත් රට ගැන සිතන්න ඕනෑ

magiya Wednesday, 03 July 2019 06:11 AM

රජයට හා දුම්රිය වෘත්තීය සංගම් මෙම ගැටලුව විසදාගැනීමට නොහැකි නම් විකුණා හෝ මජනතාවට සහනයක් දෙනු! දුම්රිය දෙපාර්තමේන්තුව හෝ පරීක්ෂකවරු මහජනතාවට සිදුවන පාඩුව ගෙවනු (වාර ප්‍රවේශපත්‍ර සදහා)! නව සේවකයන් බදවා ගැනීමේදී පෞද්ගලික අංශයට ලැබෙන වරප්‍රසාද පමණක් ලබාදී බදවගන්න.

:       0       16

Otuwa Wednesday, 03 July 2019 07:30 AM

වාර්ෂික දුම්රිය අදායමෙන්, වාර ප්‍රවේස පත්‍ර හිමියන් සදහා වෙනම රක්ෂණයක් හදුන්වාදෙන්න, මන්ද දුම්රිය ගමන්වාර 100ක් 8ක් දක්වා අඩු කිරීම හේතුවෙන් සිදුවන රෝගී තත්වයන්ට හා අනතුරු,- ජීවිත අනතුරු සදහා බෙහෙත් ගැනීමට,

:       0       4

lalithm Friday, 05 July 2019 07:54 AM

ඕක පෞද්ගලික අංශයට භාර දෙන්න. ඉස්සර ටෙලිකොම් එකත් ඔහොම තමා තිබුනේ... දැන් බලන්න සේවා දෙන්න පොරකන හැටි. ආරක්ෂක, අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශ හැර අනිත් ඔක්කොම පෞද්ගලික අංශයට හොඳින් කරන්න පුළුවන්... උසස් අධ්‍යාපනයත් ඇතුළුව. සේවාවන් දියුණු කරන්න නව චින්තන සහ අදහස් තිබෙන කාර්යක්ෂම පුද්ගලික සමාගම් වලට පිළුණු වුණු රාජ්‍ය සේවාවට වඩා හොඳින් හැකියාව තිබෙනවා.

:       0       130

sampath Friday, 05 July 2019 12:31 PM

ජනතාව කෝච්චි වර්ජනය කරන්න සතියක් මාසයක් කෝච්චිවල නොයා ඉන්න පඩි නැති වෙනකොට ඔය අසනීප ඔක්කොම සනීප වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 521 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1031 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 961 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 174 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 115 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 1003 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18450 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site