IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ආණ්ඩුවෙන් විපක්ෂයක්

පසුගිය සමයේ ඉවත් කරගන්නා ලද විශ‍්‍රාම වැටුප් පනතට එරෙහි අරගලය රටේ ප‍්‍රධාන විපක්ෂය අතින් ගිලිහිණ. එය ඔවුන්ගේ පාර්ලිමේන්තු වාද විවාද ප‍්‍රකාශ හා ප‍්‍රවෘත්ති සාකච්ඡාවලට සීමා වුණා වාගේය. එහෙත් පාරට බැස සටන්කරන වෘත්තීය සමිති අරගලයක් ලෙස මේ පනත අතට ගත්තේ ආණ්ඩු විරෝධී වෘත්තීය සමිතිය. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති සටන් මධ්‍යස්ථානය එහි පෙරමුණ ගෙන තිබුණි. අවසානයේ කටුනායක වෙළෙඳ කලාපයේ සේවකයකු බිලි ගනිමින් කි‍්‍රයාත්මක වූ විවෘත වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ග අබියස ආණ්ඩුවට විශ‍්‍රාම වැටුප් පනත ඉවත් කර ගැනීමට සිදුවිය. එය හොඳ පනතක් වුවද වැඩ කරන ජනතාවගේ හඬට කන්දීමට ආණ්ඩුවට සිදුවිය. එසේ වූයේ අවශ්‍ය නම් තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකයට ලෙහෙසියෙන්ම මෙම පනත සම්මත කර ගැනීමට ඉඩ තිබියදීය. ආණ්ඩු විරෝධී වෘත්තීය සමිති මෙය සලකන්නේ ඔවුන් ලැබූ ජයග‍්‍රහණයක් ලෙසය. ඊට නායකත්‍වය දීමට මේ රටේ ප‍්‍රධාන විපක්ෂයට නොහැකි වූ බව පොදු මතයයි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ප‍්‍රශ්නය ද එවැනිම අරගලයක් දක්වා දුරදිග යෑමේ ලකුණු පහළ වුණි. එයද ප‍්‍රධාන විපක්ෂයේ බලපෑමෙන් තොරවය. ප‍්‍රධාන විපක්ෂයෙන් තොරව වෘත්තීය සමිති හරහා වෙනම සටන් මධ්‍යස්ථානයක් බිහි වීමේ ලකුණු පහළ වීම නිවැරැදිව ගණන් බැලූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ ඊට මැදිහත් විය. අවසානයේ ඔහු මෙහෙයවන ලද පලදායී සාකච්ඡාමය කි‍්‍රයාමාර්ගයක් මාර්ගයෙන් එම ප‍්‍රශ්නය නිරාකරණය කරගැනීමට රජයට හැකිවිය. අමාත්‍ය බැසිල් රාජපක්‍ෂගේ මැදිහත් වීම නිසා විශ‍්‍රාම වැටුප් පනතට සිදු වූ දෙය මෙතැන සිදුවූයේ නැත. දෙපාර්ශවයට ජය අත් පත්කර දෙමින් ප‍්‍රශ්නය නිරාකරණය විය. මේ ප‍්‍රශ්න දෙකම අබියස විපක්ෂය දැක් වූ අධි කුසීත උදාසීනත්‍වය හා සියල්ල සාම්ප‍්‍රදායයික වාග් මාලා විරෝධතාවයකට පමණක් සීමාවීම මෑත ඉතිහාසයේ විපක්ෂ කි‍්‍රයාමාර්ගයක දක්නට ලැබෙන සුවිශේෂී සිදුවීම් දෙකකි. විපක්ෂයක් හැම කාරණයකදීම අවිචාරවත්ව ආණ්ඩුවට පෙරළා පහර දීම අදට නොගැළපෙන බව සත්‍යයකි. එහෙත් අනිවාර්යෙන්ම විපක්ෂයක් ලෙසින් ඉටුවිය යුතු කාර්යය මඟහැර සිටින්නේ නම් එය රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන් යහපත් වන්නේ ද නැත. එය රටක විපක්ෂයට මෙන්ම ආණ්ඩුවට ද හොඳ නැත. ඊට හේතුව එම රික්තය පිරවීමට වෙනත් බලවේග කල්පනා කිරීමය. මේ නිසා හැමදාම විපක්ෂයට වී සිටිමින් ඊට අදාළ වරප‍්‍රසාද ටික භුක්ති විඳීම හෝ කල් යෑමේ දී ඉබේම ආණ්ඩුව තමන්ගේ ඔඩොක්කුවට කඩා වැටේදෝයි කල්පනා කිරීම දේශපාලන වශයෙන් අනුවණකමකි. මේ සඳහා සිදුවිය හැකි එක් ප‍්‍රවණතාවක් වන්නේ ආණ්ඩුවෙන්ම විපක්ෂයක් බිහිවීමය. එය ප‍්‍රථමයෙන් ඇරඹෙන්නේ ආණ්ඩුව තුළ මතුවන සුරතල් මතවාදී අරගලයක් ලෙසිනි. එම අරගලය මෙහෙයවන අයට ආණ්ඩුවේම සිටින අනෙක් පාර්ශව දුර්වලයැයි හැඟුනොත් තම මතවාදයට පක්ෂපාතී අයගේ පෙරමුණක් නිර්මාණය කිරීම දක්වා ගමන් කිරීමට ද ඔවුහු පෙළඹෙති. එයද මුලින් මතවාදී පෙරමුණක් වී පසුව එක අත්තක ළගින එකම මතවාදයකට පක්ෂපාතී විවිධ ජාතියේ කුරුල්ලන්ගේ කණ්ඩායමක් විය හැකිය. මෙම කණ්ඩායමට රටේ පවතින දුර්වල විපක්ෂය අබියස විපක්ෂයේ කාර්යභාරයට වුවද අනුගත වීමට හැකියාවක් ඇතැයි කල්පනා වීමට ඉඩ තිබේ. ඊට හේතුව ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් මේ සියල්ලම දේශපාලනය කරන පෘථග්ජන මිනිසුන් නිසාය. අද ආණ්ඩුව තුළින් මතුවන 13 වැනි සංශෝධනයට එරෙහි මතවාදය ජනමාධ්‍ය ඔස්සේ දෙගොඩතලා යන්නේ මෙවන් පුළුල් අදහසකින් දැයි කියන්න දන්නේ නැත. 13 වැනි සංශෝධනයට එරෙහිව  ”ආණ්ඩුව ඇතුළේ පුළුල් පෙරමුණක්” සමහර මාධ්‍ය වාර්තා කරන්නේ එහෙමය. දැනට මෙය මතවාදී පෙරමුණක් වාගේය. එහෙත් හෙට දවසේ එය ස්ථිර පෙරමුණක් විය හැකිය. සමහර කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව සමඟ මානසිකව විරසක වී සිටින අය හා දේශපාලන කණ්ඩායම්වලට ආණ්ඩුව තුළ සිටිමින්ම යම් පෙරළියක් කිරීමට 13 හොඳ උත්තේජකයක් වැනිය. 13 හා පළාත් සභා අහෝසි කිරීම ජන ආකර්ෂණීය සටන් පාඨයකි. බුද්ධියට වඩා හදවතින් තීරණ ගතහැකි අවස්ථාවකි. මේ සටන් පාඨය වටා පුළුල් ජනපි‍්‍රය පෙරමුණක් බිහිකර ගත හැකිය. විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ.ය සන්නද්ධව නිහඬ කළ යුද ජයග‍්‍රහණයත් සමඟම 13 වැනි සංශෝධනය හා පළාත් සභා අහෝසි කිරීමට තටු ලැබීම ස්වාභාවිකය.   ”යුද්ධය දිනුවනේ දැන් මොන බම්බුවකටද බලය බෙදන්නෙ” ”සුදු අලියෙක් වගේ පළාත් සභා තියාගෙන වැඩක් නෑ. ‘‘මේක දැන් විශ‍්‍රාම යෑමට නියමිත දේශපාලඥයින්ගේ දරු මුණුපුරන් පුහුණු කරන මොන්ටිසෝරියක් වගේ.” මේ ආදී කතා දැනටමත් පළාත් සභාවලට එරෙහිව සමාජ ගතවෙමින් පවතී. මේ නිසා ඒ ඇසුරින් ශක්තිමත් පෙරමුණක් ගොඩ නඟා ගැනීම පහසුය. මේ සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම්වරයාගේ මතය නව පෙරමුණට ශක්තිමත් උත්තේජනයක් වී තිබේ.   ‘‘පළාත් සභාවලට පක්ෂ මතවාදයක් ආණ්ඩුවේ නැද්ද ?’’ ‘‘තියනවා’’ ඒ අය නිහඬය. වමේ අයගේ පමණක් හීන් කෙඳිරියක් මතුවෙලාය. එතකොට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම වාගේ නිහඬය. හරියට ලමිස්සියක් ගෙට වූ ගානය. සමහරු කල්පනා කරන්නේ මෙහෙමය. අමාත්‍ය ඩිලාන් පෙරේරා ශී‍්‍ර ලංකා කාරයකු ලෙස පැරණි මතයේම ඍජුව සිටී. පුත්තලම් දිස්ති‍්‍රක්කයෙන් පැමිණි අරුන්දික ප‍්‍රනාන්දු වැනි ශී‍්‍ර.ල.නි.ප. තරුණ මන්තී‍්‍රවරුන්ට සිදුවීමට යන දේ පෙනෙනවා දැයි කියන්න දන්නේ නැත. දිගු නින්දක පසුවන ජ්‍යෙෂ්ඨයන්ගේ නිහඬතාව තුළ තරුණ මන්තී‍්‍රවරුන්ට ද කළහැකි දෙයක් නොමැති ගානය. එක අතකින් නිහඬතාවය ද අනියමින් පක්ෂපාතීවීමට සමානය. මේ නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ඉවත්කර පළාත් සභා අහෝසි කිරීමේ මතවාදය රට පුරා ශීඝ‍්‍රයෙන් දළුලමින් පවතී. එසේම ඊට නායකත්‍වය දෙන නායකයෝද ඊට සමගාමීව ශීඝ‍්‍රයෙන් ඉදිරියට එමින් සිටිති. මෙහෙම ගියොත් ආණ්ඩුවෙන් සුළු ජාතීහු ඉවත් වෙත්ද?   ”ඉවත් වුණත් නැතත් ඒක ඉදිරි ඡන්දවලට ප‍්‍රශ්නයක් වෙන්නේ නැහැ. ‘‘2005 හා 2010දී සිංහල බෞද්ධ පදනමින් වුවද ඡන්ද දිනා තිබෙනවා.’’ 13 අහෝසි කිරීමට කතා කරන අය තර්ක කරන්නේ එහෙමය. මේ නිසා ආණ්ඩුවට මැතිවරණ ජයග‍්‍රහණවල ප‍්‍රශ්නයක් නැත යන්න ඔවුන්ගේ නිගමනයයි. ‘‘ මෙහෙම කල්පනා කිරීම නිවැරදි ද ?’’ මධ්‍යස්ථව කල්පනා කරන කෙනකුට මතභේදාත්මක වුවත්, වැරදි වුණත්, පළාත් සභා අහෝසි කිරීමේ අදහසේ සිටින අයට නම් නිවැරැදිය. උතුරු නැගෙනහිර ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක ඇති අවශ්‍යතාව හෝ ”බලය බෙදීම” ඊට විසඳුමක් වශයෙන් හෝ මෙම මතවාදය දරන අය කවදත් පිළිගත්තේ නැත. එහෙත් මේ පිරිසේ සමහරු ඉඩම් හා පොලිස් බලතල නැති පළාත් සභාවකට මීට ඉහත තම කැමැත්ත ප‍්‍රකාශ කළෝය. දැන් ඒ කැමැත්ත ද අකුලාගෙන වාගේය. එහෙම නම් නව පෙරමුණක් හෝ විකල්ප විපක්ෂයක් බිහි කරලීමේ පෙරහුරුවකට ආණ්ඩුවේම කණ්ඩායමක් 13 වැනි සංශෝධනය උපයෝගී කර ගැනීමට සැරසෙනවාදැයි කෙනකුට තර්ක කළ හැකිය. එසේ නම් මෙම මතවාදය නිදැල්ලේ වැඩෙන්නට ඉඩදීම එය දරන්නන්ගේ ජයග‍්‍රහණයකි. මෙමඟින් පළාත් සභා අහෝසිකර ගත හැකි වන්නේ නම් එය ඔවුන්ගේ විජයග‍්‍රහණයක් වනු ඇත. අවසානයේ විකල්ප විපක්ෂයක් හදනු කෙසේ වෙතත් මෙම කණ්ඩායම අන් සියල්ල නැටවිය හැකි ආණ්ඩුවේ ගාමක බලවේගය වීමට ඉඩ තිබේ. එය ඔවුන්ගේ හැකියාව මෙන්ම අන් අයගේ නොහැකියාවද වේ. 13 වැනි සංශෝධනය යම් විධියකින් පළාත් සභා අහෝසි කිරීමට නොහැකි වුවහොත් එම මතවාදය ගෙනගිය කණ්ඩායමට අත්වන්නේ පසුබෑමකි. එවන් පසුබෑමක් සහිතව මෙවන් කි‍්‍රයාශීලී කණ්ඩායමක් කුමක් කරන්නේ දැයි කියන්න දන්නේ නැත. සමහර අය විපක්ෂ මෙහෙය වීමේ සිහින මතුකරගන්නේ එවන් පසුබෑම් ඇසුරෙනි. එයද ආණ්ඩුවට හෝ පවතින විපක්ෂයට යහපත් වන්නේ නැත. මේ අතර රටේ ප‍්‍රධානම විධායකයා වන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ආණ්ඩු පක්ෂයේ සිටින දේශපාලන අත්දැකීම් ඇති පැරණිතම තිදෙනාගෙන් එක් අයෙකි. මින් ප‍්‍රායෝගික දේශපාලන අත්දැකීම් සහිත ජනතාව අතර ප‍්‍රචලිතම නායකයා ජනාධිපති මහින්දය. මේ නිසා ඔහුට සවන්දීම දේශපාලනය කරන ආණ්ඩුවේ අයට විශේෂයෙන්ම වැදගත්ය. ඔහු උතුරු - නැගෙනහිර ප‍්‍රශ්නයට අදාළ දේශපාලන විසඳුම, බලය බෙදීම හා පළාත් සභා සම්බන්ධයෙන් දරන මතය විවිධ අවස්ථාවලදී මෙසේ දක්වා තිබේ.   ”මා ජනතාව අතර බලය වඩාත් විමධ්‍යගත වනු දැකීමට කැමැතියි. එය ඉතා පළල් මට්ටමක් දක්වා යා යුතුයි.” ”දේශපාලන ප‍්‍රශ්නවලට යුදමය විසඳුම් නැහැ. මා සෑම අවස්ථාවකදීම එ් බව අවධාරණය කරනවා. යුදමය විසඳුම ත‍්‍රස්තවාදීන් සඳහායි. දේශපාලන විසඳුම මේ රටේ ජීවත් වන ජනතාව සඳහායි.”

(ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හින්දු පුවත්පත සමඟ පැවැති සාකච්ඡාව උපුටා ගැනීම 3. 11. 08 සිළුමිණ)
  ”දේශපාලන විසඳුම සම්බන්ධයෙන් මම බොහොම කැමැත්තෙන් ඉන්නේ දිය යුත්තේ මොනවද කියලත්, නොදිය යුත්තේ මොනවද කියලත්, මම දන්නවා. ජනතාව මට අවශ්‍ය බලය දීලයි තියෙන්නේ. ඉතින් මං ඒක පාවිච්චි කරනවා.”   ”13 වැනි සංශෝධනය එහි ආරම්භක ලක්ෂය බව මම විවෘතව කියා තිබෙනවා. එය ඉන්දියාවටත් පිළිගත හැකියි. ලංකාවත් එය පිළිගෙන තිබෙනවා.”
(ඉන්දියාවේ තෙහෙල්කා සඟරාව සමඟ කළ සාකච්ඡාවඋපුටා ගැනීම 2. 08. 2009 - ලංකාදීප)
  ”ශී‍්‍ර ලංකා මොඩලය උපරිම අන්දමින් බලය බෙදා හැරීමේ අපට ගැළපෙන අපේම ක‍්‍රමයක් සැකසීමයි.”
(රිවිර 21. 05. 2006)

වසන්තප‍්‍රිය රාමනායක



අදහස් (0)

ආණ්ඩුවෙන් විපක්ෂයක්

නුවන් Thursday, 08 November 2012 12:16 PM

අපේ පිනට බිහිවුණු පිරිසක්. (නි)

:       0       0

ජනහිත Tuesday, 13 November 2012 06:05 PM

පළාත් සභා ජනතාව ඉල්ලුවෙත් නැහැ අනිත්මට වුනේ රටට සුදු අලියෙක් වුණ එක විතරයි.. අශෝක දිලීප නුවන් වන්නියා බහුතරයක් ඉන්න නිසා තමයි අපේ රටට අගාදයකට වැටිලා තියෙන්නේ....(නු)

:       0       0

අශෝක Tuesday, 13 November 2012 06:26 PM

කුමාරට මගේ අදහස තේරිලා නැහැ හරියට..!(නු)

:       0       0

ප්‍රේම Sunday, 18 November 2012 07:35 PM

මොකද්ද ඒ කතාව

:       0       0

සරා Wednesday, 14 November 2012 11:22 PM

මිනිස්සු ආදරේ සඳට, ඒත් මුළු ලෝකෙටම ශක්තිය දෙන්නේ ඉර , ඉර එළියෙනුයි හඳ බබළන්නේ, ඒත් මිනිස්සු..................??? (ස)

:       0       0

ෆාරුක් Saturday, 17 November 2012 05:39 PM

කොහොමද එසේ වෙන්නේ

:       0       0

අචිනි Wednesday, 14 November 2012 12:51 PM

ශ්‍රී ලංකාවේ සංවර්ධනය කරාගිය ගමනේ ආපසු හැරී බැලූ කල, "හතර දෙනාම සූ‍රයෝ" (නි)

:       0       0

හෂාන් Tuesday, 06 November 2012 03:15 AM

මට හිනා යනවා

:       0       0

වජිර Monday, 05 November 2012 07:11 PM

මට හිනා යනවා

:       0       0

දිලිප් Tuesday, 06 November 2012 09:09 PM

ජාතික හැගීම් ඇති කිහිප දෙනාගෙන් කිහිප දෙනෙක්. (නි)

:       0       0

හේරත් Friday, 11 January 2013 02:52 PM

මේ ගැන මට ටිකක් තේරෙනවා අඩුයි (දී)

:       0       0

කුමාර Sunday, 11 November 2012 05:31 AM

අශෝක්ලා වගේ මිනිස්සු ඉන්න තාක්කල් අපේ රටට හරියන්නෙ නැහැ. (නි)

:       0       0

අජිනි Friday, 16 November 2012 05:44 PM

රට වනසන්නේ මෙයාලා තමයි (ස)

:       0       0

සංජිව Sunday, 18 November 2012 01:08 PM

මට මේ මොකුත් තේරෙන්නේ නැහැ

:       0       0

නාලක Saturday, 03 November 2012 07:10 PM

අයියෝ සල්ලි

:       0       0

නාලක Saturday, 03 November 2012 07:10 PM

මම මොකුත් කියන්න උත්සාහ කරන්නේ නැහැ

:       0       0

නිශාන්ත Thursday, 08 November 2012 10:47 AM

අදහස් දැක්කහම තේරෙනවා ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ ඇයි කියල (ස)

:       0       0

අචිනි Friday, 02 November 2012 04:00 PM

අනාගතය අපැහැදිලියි ලංකාවේ

:       0       0

චන්දන Saturday, 03 November 2012 09:58 PM

අයියෝ සල්ලි

:       0       0

අශෝක් Monday, 05 November 2012 09:42 AM

ලංකාවේ උතුම්ම පුද්ගලායෝ හතර දෙනා. (ස)

:       0       0

අමිල Wednesday, 14 November 2012 07:55 PM

රටේ ඉන්න හොදම හතරදෙනා... (නි)

:       0       0

ටැපලා Monday, 12 November 2012 03:38 PM

මේක නැති කරන එක රටට සෙතක් මංත්‍රී වරුන්ට හතක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 173 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 645 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 168 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 157 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 358 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 682 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site