IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ආණ්ඩුව බැංකු තැන්පතු සුද්ද කරයිද?

දේශීය ණය ප්‍රශස්ථකරණය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ සමහර නායකයන් විසින් කරනු ලැබ තිබූ ප්‍රකාශ සහ අනතුරු ඇගවීම් සමාජ මාධ්‍යයන්හි වේගයෙන් පැතිර ගියේය. බොහෝ දෙනකු, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බැංකුවල මුදල් තැන්පත් කර තිබූ බොහෝ පිරිස් එකී ප්‍රචාරවලින් නොමග ගොස් විශාල කම්පනයකට ගොදුරුව සිටි බව සමාජ මාධ්‍ය ජාලාවල එම අය විසින් ප්‍රකාශ කර තිබූ අදහස්වලින් පැහැදිලි වේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ප්‍රකාශ කර තිබුණේ ණය ප්‍රශස්ථකරණයෙන් රටේ බැංකු කඩා වැටෙනු ඇති බවත් රජය  දීර්ඝ නිවාඩුවක් ලබා දී සූදානම් වන්නේ  මහජනතාවගේ බැංකු තැන්පතු ‘සුද්ද කිරීමට’ බවත්ය.

කෙසේ වුවද බැංකු කඩා වැටීමකින් හෝ මහජනතාවගේ බැංකු තැන්පතුවලට අත තැබීමකින් හෝ තොරව දේශීය ණය ප්‍රශස්ථකරණය කෙරෙන යෝජනා පාර්ලිමේන්තුව විසින්  සම්මත කරනු ලැබීය.

ආණ්ඩුව ජුනි 29 වැනිදා හජ් නිවාඩුවට පසුව එළැඹුණ 30 වැනිදා සිකුරාදා ද බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. ජුලි 03 වැනිදා සඳුදා දින පොහොය යෙදීම නිසා මුළු බැංකු නිවාඩු දින ගණන දවස් 5ක් දක්වා දීර්ඝ විය. සෙනසුරාදා පාර්ලිමේන්තුව පවත්වා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කර ගැනීමට කටයුතු කරනු ලැබීය. දේශීය ණය  ප්‍රශස්ථකරණය පිළිබඳව විවිධාකාරයේ ප්‍රචාර එය ආරම්භ කිරීමට පෙරම  සමාජ මාධ්‍ය ඔස්සේ ද වෙනත් මාධ්‍ය ඔස්සේ ද පතුරුවා හැර තිබුණි.

ආණ්ඩුව විසින් එම කාලය නිවාඩු ලබා දී බැංකු වසා තැබීම නිසා කිසියම් හෝ අවදානම් තත්ත්වයක් රට තුළ ඇතිවීම වළක්වා ගැනීමට හැකි වූ බව කිව යුතුව ඇත. එසේ නොවන්නට බැංකු තැන්පතු ‘සුද්ද කිරීමට’ රජය විසින් සූදානම්ව සිටින බව වැනි ප්‍රචාර හේතුවෙන් වෙනදාට වැඩි පිරිසක් එක බැංකු ශාඛාවකින් හෝ තම තැන්පතු ඉවත් කර ගැනීමට සූදානම් වූයේ නම් එයින්ම රටේ බැංකු පද්ධතිය බිඳ වැටීමට ඉඩ තිබුණි. දින පහක් අඛණ්ඩව බැංකුවලට නිවාඩු ලබා දී සෙනසුරාදා පාර්ලිමේන්තුව රැස් කර එම කටයුතු නිම කිරීමෙන් එවැනි අවදානමක් ඇති වීම වළක්වා ගැනීමට ද සාර්ථක ලෙස කටයුතු කර ඇති ආකාරය ප්‍රශස්ථය.

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන එක් අප්‍රසන්න සහ අවාසනාවන්ත තත්ත්වයක් වන්නේ රටේ මුල්‍ය ආයතන සහ ව්‍යාපාර අංශවලට හානි කරන එවැනි ප්‍රකාශ කිරීමට දේශපාලනඥයන් සහ අනෙක් අයට ඉඩ ලබා දී තිබීමයි.  නිශ්චිත තොරතුරුවලින් තොරව එවැනි අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශ කර මුල්‍ය හා  ව්‍යාපාරවලට හානි කරන අවස්ථාවලදී එම අයට විරුද්ධව කටයුතු කිරීම සඳහා නීතිමය විධිවිධාන ශ්‍රී ලංකාවේ පවතී. එසේ වුවද එම ප්‍රකාශ කරන අයට විරුද්ධව එම විධිවිධාන යටතේ නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට නැත.

මහජන බැංකුව විසින් ව්‍යපාරිකයන් පිරිසකගේ ණය අහෝසි කරන බවට නාමලේඛනයක් සහිතව අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාලාවල නොබෝදා ප්‍රකාශයට පත් කර තිබුණි. මහජන බැංකුව එවැනි පියවරක් ගැනීමට කිසිසේත්ම කටයුතු කර නැති බවට ප්‍රකාශයක් නිකුත් කර  එය දැන්වීම් මගින් ද ප්‍රචාරය කිරීමට කටයුතු කළ නමුත් තවමත් සමහර පිරිස් එම අසත්‍ය ප්‍රචාරය අඛණ්ඩව පතුරවමින් සිටිති. බැංකු කඩා වැටීම පිළිබඳව පැතිර වූ අසත්‍ය ප්‍රචාරය බැංකු වැඩ කරන දිනවල ප්‍රචාරය වූයේ නම් සමහර විට මීට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වක් රට තුළ ඇති වීමට ඉඩ තිබුණි.  

IMF ආයතනය සමග ශ්‍රී ලංකාව විස්තීරණ ණය ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව අදහසක් ප්‍රකාශ වී තිබුණේ නැත. එසේ වුවද  ශ්‍රී ලංකාවට ණය ලබා දී තිබූ විදේශ රටවල්, ආයතන සහ පුද්ගලයන් සමග විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව සාකච්ඡා පවත්වද්දී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අවශ්‍යතාව ද මතු විය. විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී ගෙවීම් කාල සීමාව දීර්ඝ කිරීම, පොලිය අඩු කිරීම සහ කපා හැරීම සහ මුල් ණය මුදල් කපා හැරීම වැනි කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් යෝජනා ඉදිරිපත් වෙනු ඇත.  විදේශ ණය හිමියන් සමග එවැනි කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නම් දේශීය වශයෙන් ද එවැනි කරුණු ක්‍රියාත්මක කර ඇති බව පෙන්වා දීමට ශ්‍රී ලංකාවට සිදු වේ. 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 3.4කට ආසන්න මුදලක් ග්‍රීක රජයේ බැඳුම්කරවල ආයෝජනය කර තිබුණි. එසේ වුව ද එකවරම ග්‍රීසිය විශාල මුල්‍ය අර්බුදයකට මුහුණ දුන්නේය. එබැවින් ශ්‍රී ලංකා මහ බැංකුවට එම බැඳුම්කර  ඉතා අඩු මිලකට අලෙවි කිරීමට සිදුවිය. ශ්‍රී ලංකා මහ බැංකුවට විශාල පාඩුවක් දැරීමට සිදුවිය. ශ්‍රී ලංකාවේ ද රජය විසින් නිකුත් කරන ලද ස්වෛරීත්ව බැඳුම්කර විශාල ප්‍රමාණයක් ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතී.

එබැවින් එම බැඳුම්කර සම්බන්ධයෙන් ඒවායේ ආයෝජනය කර ඇති පුද්ගලයන්ට ද වැඩි අලාභයක් නොවන ආකාරයට කවර පියවරක් ගන්නේ ද යන්න  ශ්‍රී ලංකාව විසින් ලෝකයට පෙන්වා දිය යුතුව ඇත. ශ්‍රී ලංකාවට යම් සහනයක් සැලසෙන කොන්දේසි මත ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නම් දේශීය වශයෙන් ද ප්‍රශස්ථ ආකාරයේ පියවර ගත යුතුව ඇත. එවැනි තත්ත්වයක් තුළ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වූ වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට අවසානයේ දී ශ්‍රී ලංකාවට සිදු විය. 

එසේ  දේශීය ණය ප්‍රශස්ථකරණයකට එළැඹීමේ දී බැංකු හා මුල්‍ය පද්ධතියට හානියක් සිදු නොවන අයුරින් සහ බැංකු සහ මුල්‍ය ආයතනවල තැන්පත්කරුවන්ගේ සහ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට සිදු වේ. ආණ්ඩුව විසින් එහිදී  ගනු ලැබූ ක්‍රියාමාර්ග කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එහි අනුමැතිය ලබා ගෙන  ඉන්පසු පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ ද අනුමැතිය ලබා ගෙන අවසානයේ දී  පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබීය. එම යෝජනාවලින් යම් යම් වෙනස්කම් ඇති කිරීමට යෝජනා කර ඇත්තේ අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල විසින් මේ දක්වා මිලදී ගෙන ඇති බැඳුම්කර සම්බන්ධයෙනි.

එම බැඳුම්කර වෙනුවට අලු‍ත් බැඳුම්කර නිකුත් කර  ඒවායේ පොලී අනුපාතය පළමු වසර තුන සඳහා සියයට 12ක් ලෙස ද  ඉන් පසු  සියයට 9ක් ලෙස ද  නියම කරනු ලැබීය.  කිසිදු අවස්ථාවක සාමාජික පොලී අනුපාතය සියයට 9කට වඩා අඩු වීමට  ඉඩ නොතබනු ඇත. දේශීය ණය ප්‍රශස්ථකරණයේ දෙවැනි පියවර ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිල දී ගෙන ඇති භාණ්ඩාගාර බිල්පත් සඳහා ආපසු ගෙවීමේ කාල සීමාව දීර්ඝ කර ඒවා භාණ්ඩාගාර බැඳුම්කර බවට පරිවර්තනය කරනු ඇත. දේශීය ණය ප්‍රශස්ථකරණය සම්බන්ධයෙන් රජය විසින්  අනුගමනය කරනු ලබන්නේ මෙම ක්‍රියාමාර්ග පමණි.  

කෙසේ වුවද මේ වනවිට ආර්ථික විද්‍යාඥයන් ද නොවන, මුල්‍ය විශේෂඥයන් ද නොවන,  ඒවා පිළිබඳ කිසිදු දැනුමක් නොමැති පුද්ගලයන් විසින් විවිධ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරමින් මේ තුළින් අර්ථසාධක අරමුදල් හිමියන්ට විශාල පාඩුවක් සිදු වනු ඇතැයි පෙන්වා දීමට උත්සාහ කරන බව පෙනේ. රජය විසින් දේශීය ණය ප්‍රශස්ථකරණයේ දී තෝරා ගනු ලැබුවේ මුල්‍ය ක්ෂේත්‍රය තුළ හිමිකම් කියන පිරිස්වලට අවම මට්ටමේ පීඩනයක් ගෙන දෙමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමටය. මෙහි දී උපයෝගි කරගෙන ඇති මූලික උපායමාර්ගය වන්නේ ලබාගෙන ඇති ණය ආපසු ගෙවීමේ කාලපරිච්ඡේදය සම්බන්ධයෙන් වෙනසක් ඇති කිරීමය. එම ණය කපා හැරීමක් කිසිසේත්ම සිදුව නැත. 

බංකොලොත් බව ප්‍රකාශයට පත් කළ රටවල මුල්‍යකරණය යළි ස්ථාපිත කර ගැනීමේ දී එම රටවලට බොහෝ අවාසි සහගත තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය. බැංකු සහ මූල්‍ය ආයතන බිඳ වැටුණි. විශ්‍රාම වැටුප් අරමුදල්, අර්ථසාධක අරමුදල්, රක්ෂණ අරමුදල් සහ සුබසාධක අරමුදල් ආදිය ද බිඳ වැටුණි. එහෙත් මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉතා විචක්ෂණ අන්දමකින් සිදුවන නිසා එවැනි බරපතළ තත්ත්වයකට මුහුණ නොදී අර්බුදය විසඳා ගැනීමේ හැකියාවක් රටට සහ ජනතාවට ලැබී ඇත.

එවැනි තත්ත්වයක් තුළ සියල්ල දත් පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් අර්ථසාධක අරමුදල් හිමියන්ට  මහ පාඩුවක් සිදුවන බවට ගෙන එන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව පෙනේ. රටේ උද්ධමන අනුපාතය විශාල ලෙස  පහත වැටී ඇති බැවින්  මුල්‍ය වෙළෙඳපොළේ පොලී අනුපාත විශාල ලෙස අඩුවීමට ඉඩ තිබේ. එවැනි තත්ත්වයක් තුළ අර්ථසාධක අරමුදල් විසින් ආයෝජනය කරනු ලබන අරමුදල්වල පොලී අනුපාත පහත වැටීමට ඉඩ ඇත. එබැවින් පොලී අනුපාත පිළිබඳ  ගණන් බැලීමේ දී එවැනි තත්ත්වයන් සැලකිල්ලට ගත යුතුව ඇත.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම ආයතන බංකොලොත් බව ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම ශ්‍රී ලංකාවේ මුල්‍ය තත්ත්වය පිළිබඳව දිගින් දිගටම අනතුරු ඇගවීම් කළ අතර කෙටි කලකින් ආර්ථිකය හොඳ අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ද පෙන්වා දෙනු ලැබීය. එසේ වුවද ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ආර්ථික නිරීක්ෂණ ආයතනයක් වන Bloomberg විසින් ජූනි 30 වැනිදා නිකුත් කර ඇති වාර්තාවකින් ප්‍රකාශ වන්නේ ශ්‍රී ලංකාව මේ වනවිට හරි මගට පිවිස ඇති බවත් ඉතා කෙටි කලකින් ඉතා හොඳ ආර්ථික තත්ත්වයක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවන බවත්ය. අප විශ්වාස කළ යුතු වන්නේ බැංකු කඩා වැටී රජය විසින් මහජනතාවගේ ඉතුරුම් ‘සුද්ද කරනු’ ඇතැයි ප්‍රකාශ කරන දේශපාලනඥයන්ද? කෙටි කලකින් ශ්‍රී ලංකාවට හොඳ කලක් උදාවනු ඇතැයි පවසන ජාත්‍යන්තර ආර්ථික දත්ත නිරීක්ෂණ ආයතනද?


කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (10)

ආණ්ඩුව බැංකු තැන්පතු සුද්ද කරයිද?

SUNIL MILANO Wednesday, 05 July 2023 04:00 PM

මේ කාලකණ්ණින්ට ඕනෑ.. ගල්පැලෙන කෙබර ඇදබාලා, රටේ ජනතාව කුලප්පු කරලා, කැළඹීමක් ඇතිකිරීමටයි. මේ කාලකණ්ණි අපතයින්ට රජකාලේ දඬුවම් දෙන්න ඕනෑ...

:       11       13

නිහාල් Wednesday, 05 July 2023 07:01 PM

මහාචාර්‍යවරු සමග හැප්පෙන්න කැමැති නෑ. නමුත් විශ්‍රාමිකයෙක් වන මාහට 2000 දශකයේදී EPF පොලිය 13.5% දක්වා පවා ලැබුණු අවස්ථා තිබුණා... 9% දක්වා කවදාවත් අඩුවුනේ නෑ. පසුගිය කාලයේ බැංකු පොලී අනුපාතය 25% ඉක්මවා ලැබුණා. භාණ්ඩාගාර බිල්පත්වලට පසුගිය කාලයේ 30% ඉක්මවා පොලිය ලැබුණා. EPF වලින් ආණ්ඩුව ගත්තු සල්ලිවලට ඒ පොලිය ලැබුණාද? දන්නා කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න. විරුද්ධ මත පලකරපු අයට විෂය දැනුම නැතිලු. U ටියුබ් එකේ සහ රූපවාහිනී වැඩසටහන්වල විශේෂඥ දැනුම ඇති දේශපාලනයේ නොයෙදෙන අය ඕනෑතරම් විකල්ප මතපල කළා. EPF එකට පමණක් මේ බර දුන්නේ ඇයි? විකල්ප මත දරන අයගේ ප්‍රධාන තර්කය ඒකයි. බැඳුම්කර වල ඉතා ඉහළ පොලියට අත තිබ්බේ නැතිලු. කොහොම වුණත් මේ මහචාර්‍යවරයා දේශපාලන පසුබිමක් තියන කෙනෙක් නේද?

:       3       27

senaThursday, 06 July 2023 12:49 PM

ආණ්ඩුවේ පස්ස හෝදනවා කියන එක ඔයාට තේරුණේ නැද්ද?

:       0       8

himalFriday, 07 July 2023 03:52 PM

ඉතින් රටේ පොළී අනුපාත අඩුවෙන කොට වැඩි අනුපාතයක් ගෙවනවා කියන්නේ අමුතුවෙන් ඒකටත් ආයි ණයට ගන්න වෙන සිද්ධියක්නේ... එතකොට මේක ඉවරයක් වෙන්නේ නෑනේ...

:       0       2

PGPThilak Thursday, 06 July 2023 09:26 AM

ලංකාව හරි මගට පිවිසිලද? නැද්ද? යන්න තීරණය කරන්න Bloomberg වාර්තා, IMF වාර්තා ඕනෑ නෑ...! ලක්ෂ තිහකට අධික ගණනක් රජයේ සේවකයින්...! හැම 7කටම 1ක් රජයේ සේවකයින්..! පඩි, දීමනා ලක්ෂ ගණන්! ණය කන්ද ඩොලර් බිලියන 52යිලු...! ණය වාරික ගෙවන්නේ නැතිවත් බෙහෙත් ටික ගන්න සල්ලි නෑ! ණය වාරික ගෙවන්න පටන් ගත්තොත් කොහොමද? මහාචාරියෙක් නෙවෙයි සාමාන්‍ය මිනිසෙක්ට හෘද සාක්ෂියක් තිබිය යුතුයි..!

:       0       3

vernonFriday, 07 July 2023 03:54 PM

ඔය රජයේ සේවකයින්ගෙන් වැඩිහරියක් ඉන්නේ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ.... එතකොට ඒවා අඩු කරනවට එකඟද?

:       1       2

pakeer Thursday, 06 July 2023 09:27 AM

සරලවම කියනවා නම්... ශ්‍රී ලංකාවේ කිසිම ආර්ථික ප්‍රශ්නයක් නොමැත... අපි ලෝකයේ අංක එකේ... ආර්ථික ප්‍රගතියක සිටිමු... එය දරාගැනීමට නොහැකි අමනයින් බොරු ගොතනවා...

:       0       4

Nimal Thursday, 06 July 2023 11:35 AM

ආණ්ඩුවේ බැංකු තැන්පතු සුද්ද කරයිද? කතා දෙකක් නැහැ නොසෑහෙන්න සුද්ද කරනවා. ආණ්ඩුව මෙවැනි ක්‍රියාවලට අතිදක්ෂයි.

:       0       4

Ruwan Friday, 07 July 2023 01:48 PM

මේ අයගෙන් Econ ඉගෙන ගත්තු අය රජයේ සේවයට ආවොත් දෙවියන්ගේ පිහිටයි.

:       0       6

LGP. JATHUNARACHCHI. Thursday, 13 July 2023 07:09 AM

වැඩේට ලෑස්තියි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 481 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 61 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 149 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 370 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 240 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 967 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 551 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 451 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site