IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ආණ්ඩුවේ ව්‍යාපෘති ආපස්සට හැරවීම අපේ බලාපොරොත්තුවයි

  25_PAGE_12_M

 

ලබන වසරේ ආණ්ඩුවට එරෙහිව රටම රත් කරනවා යැයි කියූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මෙවර  “මුහුණට-මුහුණ” ප්‍රශ්න හමුවේ පෙනී සිටී.

 

●මේ අපි 2016 වසරට හමුවෙන අවසන් අවස්ථාව. ඊළඟට අපි මුණ ගැහෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ගිනියම් කෙරුණු රටේදීද?
මෛත්‍රී-රනිල් ආණ්ඩුව මතුපිට තලයට නොගෙනා රටේ ආර්ථිකයටත් රටේ පැවැත්මටත් අතිශය හානිකර ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරමින් තියෙන මොහොතක් මේක. රේගු ආඥා පනත සංශෝධනය, දේශීය ආදායම් පනත සංශෝධනය, එට්කා ගිවිසුම හරහා එළඹෙමින් තිබෙන එකඟතාවන්, තනි බලයක් නිර්මාණය කර ගැනීම සඳහා ගෙන එන ලද නීති කෙටුම්පත් අධ්‍යාපනයේ විනාශයට සකසන පිඹුරුපත්, රටේ දේපොළ සහ ස්වභාවික සම්පත් විකුණා දැමීම සඳහා වන සූදානම ආදී කාරණා ගණනාවක් මේ වෙනකොටත් ආරම්භ කරලා ඉවරයි. මේ ව්‍යාපෘති සියල්ල 2017 වසරේ මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්ක. ඒ නිසා අපේ අභිප්‍රායවෙලා තියෙන්නේ 2017 මේ විනාශකාරී ආර්ථික ගමනට එරෙහිව ජනතාව පෙළ ගැස්වීමක් ඒ වෙනුවෙන් සටන් ක්‍රියාමාර්ගවලට එළැඹීමත්. එමගින් ආණ්ඩුවේ මේ ව්‍යාපෘති ආපස්සට හැරවීම අපේ බලාපොරොත්තුව. එවැනි විනාසකාරී පාලනයක් වෙනුවට වඩා ප්‍රගතිශීලී යහපත් පාලනයක් ගොඩනැගීම ඒ හරහා අපි උත්සාහ කරන දෙයක්. 

 


●මොකක්ද රට රත් කරන වැඩ පිළිවෙළ?1
ආර්ථිකයේ මේ විනාසකාරී ගමන වැළැක්විය යුතුයි. කොළඹ වරාය සම්බන්ධ අනතුරක් තියෙනවා. කොළඹ වරායේ පිහිටීම අනුව ඒ සඳහා විශාල ජාත්‍යන්තර වටිනාකමක් හිමිවෙලා තියෙනවා. පහුගිය ආණ්ඩු දකුණු ජැටිය සංවර්ධන සඳහා කියල චීනයට පැවරුවා. චන්ද්‍රිකාගෙ ආණ්ඩුව රැජින ජැටිය තවත් සමාගමකට පවරලා ඒක දැන් ඒ අය පාලනය කරනවා. වරාය අධිකාරිය සතුව තිබුණු ප්‍රධානම ජැටිය තමයි නැගෙනහිර පර්යන්තය. දැන් ඒක අලෙවි කිරීම සඳහා සූදානම් වෙනවා. මේක වරායේ සේවකයන්ගෙ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මේක සමස්ත රටේ ආර්ථික දේහයේ ප්‍රශ්නයක්. අපි මේක නැවැත්වීමේ දැවැන්ත අරගලයක් අරගෙන යනවා. ඒ වගේම තමයි හම්බන්තොට වරායේ උද්ගතවෙලා තියෙන තත්ත්වය. ආණ්ඩුව සූදානම් වෙමින් තියෙන්නේ දිගු කාලයකට ඒක චීන සමාගමකට පැවැරීමට. මෙම ගිවිසුමට රටට විනාශකාරී කොන්දේසි රාශියක් අන්තර්ගතයි. ඇත්තටම හම්බන්තොට වරාය ඉදිකිරීමේදීත් දැවැන්ත හොරකම් සිදුවෙලා තියෙනවා. දැන් ඒක චීනයට පැවැරීමේදීත් හොරකමක් සිද්ධ වෙන්න යනවා. මේක රාජ්‍ය දේපොළක් ලෙස වර්ධනය කිරීම සඳහා වූ අරගලයක් අපි ආරම්භ කරනවා. හම්බන්තොට ජනතාවත් වරාය සේවකයිනුත් එක්ක එකතුවෙලා අපි සටන මෙහෙයවනවා. හම්බන්තොට අක්කර පහළොස් දහසක ඉඩම් වෙනුවෙන් පවරා ගැනීමක් සිද්ධ කරන්නත් ආණ්ඩුව පිඹුරුපත් සකසමින් ඉන්නවා. කහටගහ මිනිරන් පතල විකිණීම සඳහා ආණ්ඩුව කැසකවමින් සිටිනවා. පුල්මුඬේ ඛනිජ වැලි නිධිය විකිණීමට ආණ්ඩුව සූදානම් වෙනවා. අපි මේ සියල්ල ආපස්සට හරවන්න අරගල කරනවා. මේ අරගලය නොනවතින එකක් වේවි. සියලු විරෝධතාවන්වල අවසන් ප්‍රතිඵලයක් විදියට විශාල ජනකායක් කොළඹ නගරයට රැස් කරලා ආණ්ඩුවට රිදෙන විරෝධතාවක් අපි පෙන්නනවා. මේ මහපොළොව රත් කරන සටන 2017 වසරේ වඩාත් දරුණුම අරගලය වේවි මේ රටේ.

 


●මේ අරගලය ආරම්භ කරන්න සටන් මධ්‍යස්ථානයක් ඇති කරනවා කියලා ඔබ කියලා තිබුණා. මොකක්ද මේක?
එක් එක් බලවේගයන් තමන්ට දැනෙන ප්‍රශ්නවලට එරෙහිව අරගල කරමින් සිටිනවා. තැන තැන පවතින මේ සටන් ඒකරාශි කිරීමේ අවශ්‍යතාවක් තියෙනවා. මේ මොහොතේ මේවා හුදෙකලා සටන් ලෙස පැවැතීමට වඩා ඒකරාශිවීම අරගලයේ ශක්තිය වැඩි කිරීමට හේතුවක් වෙනවා. මෛත්‍රී-රනිල් ආණ්ඩුව රටේ ආර්ථික විනාසය කොයි තරම් ශක්තිමත්ව සිදුකරන්න හදනවද ඊට එරෙහි සටන ඊටත් වඩා ශක්තිමත් විය යුතුයි. විසිරී තිබෙන සටන් ඒකරාශි කරලා එක මධ්‍යස්ථානයකට ගෙන ආ යුතුව තිබෙනවා. සටන්වලට මැදිහත්වන අතරම සියලු සටන් එකතු කරන පොදු සටන් මධ්‍යස්ථානයක් බිහිකිරීම අත්‍යවශ්‍ය දෙයක්.

 


●ඒ සටන් මධ්‍යස්ථානයේ නායකත්වය සහ මෙහෙයවීම අතට ගන්නේ ජේ. වී. පී. එකද?6
අපිත් ඉන්න මේ රටේ මාතෘ භූමියට ආදරය කරන විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිවෙන සියලු දෙනාටම එකඟවිය හැකි පොදු සටන් පාඨයක් යටතේ තමයි මේ සටන් මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙන්නේ.

 


●මේ සියලු අරගලකරුවන්ගේ මහන්සියේ අවසන් ප්‍රතිඵලය විදියට ඉදිරියේ ආණ්ඩු බලය ලබා ගැනීමේ ජවිපෙ න්‍යාය පත්‍රයත් මේක ඇතුළෙ තියෙනවද? 
ඔව් එවැනි බලාපොරොත්තුවකුත් මේ තුළ තියෙනවා. ඒක අපි හංගලා නෑ. මේ විනාශකාරී ආර්ථික ගමන පසුපසට තල්ලු කිරීමේ අරගලය වගේම ඊට හාත්පසින්ම වෙනස් රට සුරක්ෂිත වෙන පාලනයක් බිහිකර ගැනීමත් අපේ සටනේ ඉලක්කයක්. 78 ඉඳලා ක්‍රියාත්මක වුණු විනාසකාරී ආර්ථික ගමනේ බිහිසුණුම කඩ ඉම තමයි අපි මේ පසුකරමින් ඉන්නේ. මේ විනාසය නතර කරපු තැනින් අලුත් ගමනක් ආරම්භ කරන්න අලුත් බලවේගයක් අවශ්‍යයි. මේ අරගලයේ කෙළවර එවැනි බලවේගයක් බලයට පත්විය යුතුයි. ඒ ගැන විවාදයක් නෑ.

 


●රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බෙදන ලක්ෂෙ ජවිපෙ මන්ත්‍රීවරු අරගන්නවාද?
පැහැදිලිවම අපි ඒ මුදල අරගන්නවා.

 


●ජනතාව වෙනුවෙන් වියදම් කරනවා කිව්වට ගොඩක් අය වගේ ඔබලත් මේ මුදල සාක්කුවට දාගන්නද කල්පනාව?
කොහෙත්ම නෑ. මම පැහැදිලි කරන්නම් අපි ඒ මුදලට මොකද කරන්නේ. ඒ වගේම ඇයි අපි ඒ මුදල අරගන්නේ කියලා. අමාත්‍යධුර සහ නියෝජ්‍ය අමාත්‍යධුර දරන අයට අති විශාල මුදලක් මේ නායකයෝ වෙනකර ගත්තා. පරිපූර්ණ ඇස්තමේන්තු හරහා වරින්වර තමන්ට මේ අය බෙදා ගත්තා. මහා භාණ්ඩාගාරයෙන් මේ ආණ්ඩුවෙ මැති ඇමැතිවරුන්ගේ සුඛ විහරණය සඳහා කෝටි ගණනක මුදලක් වෙන්කරගෙන ඉවරයි දැනටමත්. ආණ්ඩුවෙ ඉන්න ඇමැතිවරුන්ට ලැබෙන සියලු වරප්‍රසාද ආණ්ඩුවෙ ඉන්න මන්ත්‍රීවරුන්ට ලැබෙන්නේ නෑ. ඒ නිසා ඒ අයගෙ නාහෙන් ඇඬීමක් තියෙනවා. මෙන්න මේ අයගෙ හිත හදන්න රනිල් වික්‍රමසිංහ කරපු වැඩක් තමයි ඔය ලක්ෂෙ බෙදිල්ල. මේ නාහෙන් ඇඬිල්ල වැඩියෙන්ම එන්නෙ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන්. මේ අය සතුටු කරන්න එක එක ජාතියෙ ටොෆි බෙදනවා.


අපේ රටේ ආර්ථිකය විශාල බිඳ වැටීමකට ලක්වෙලා තියෙන වෙලාවක මෙවැනි සල්ලි බෙදිල්ලක් අපි අනුමත කරන්නේ නෑ කිසිසේත්ම. නමුත් අපි මේ මුදල ගන්නේ අපි මේක නොගත්තොත් මේ මුදලත් ආණ්ඩුවෙ අය මංකොල්ලකා ගන්නවා. ඒක සහතිකයි. ඒකයි අපි මේ මුදල අරගන්නේ.

 


●ඒ රුපියල් ලක්ෂ හයට මොකද වෙන්නේ එතකොට?
අපේ මන්ත්‍රීවරුන් හයදෙනාට ලැබෙන ඒ ලක්ෂ හය සෑම මසකම අපේ රටේ දුප්පත් පාසලක් වෙනුවෙන් අපි ලබා දෙනවා. ඒක ඉතාම විනිවිද භාවයෙන් තමයි අපි කරන්නේ. මාධ්‍යයට මේ අවස්ථාවට එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. එතකොට ඔබට බලාගන්න පුළුවන් ඒ මුදලට සිද්ධවෙන දේ.

 


●ආණ්ඩුව විවේචනය කිරීමට ප්‍රතික්‍රියාවක් විදියට ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණට අකමැති වෙන්න පුළුවන්. හැබැයි ඔබ කියනවා කාලයක් එක මල්ලේ ලුණු කාපු ඔබලාගෙන් ගැලවිලා ගියපු පෙරටුගාමී පක්ෂයේ අය ඔබලාගේ විනාශය ප්‍රාර්ථනා කරන පිරිසක් කියලා. ඇයි මේ තරම් එකට ඉඳපු අයගෙ ද්‍රෝහිකම්?
හැමදාම පාලක පන්තිය එක්ක අපිට ගැටුමක් තිබුණා. එය එක් අවස්ථාවක සන්නද්ධ ස්වභාවයකට පැන නැගිලා තිබුණා. තව විටෙක එය උද්ඝෝෂණ පෙරමුණක් ලෙස පැවතුණා. තව විටෙක එය මතවාදී පෙරමුණක් ලෙස තිබුණා. හැමදාම මේ ගැටුම තිබුණා. ඉතිහාසය පුරාම පාලක පන්තිය අපට එරෙහි තමන්ගේ ගැටුම තමන්ම පෙරමුණට ඇවිල්ලා කරනවා වගේම අතුරු සංවිධාන හරහත් කළා. සන්නද්ධ ව්‍යාපාරය අවධියේ නම් “ප්‍රා”, “කළු බළල්ලු”, “කහ බලල්ලු” වගේ හමුදා කණ්ඩායම් හරහා ඒක කළා. දේශපාලන පෙරමුණේදී නම් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වූ අය උපයෝගී කරගෙන ඒ කාර්යය කළා. පාලක පන්තිය ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට එරෙහිව හැමදාම මේ විදියට ක්‍රියාත්මක කළා. අදත් ඒක සිද්ධ වෙනවා.

 


●ඔබ කියන ඔය ආණ්ඩුවෙ කොන්ත්‍රාත් එකද පෙරටුගාමී පක්ෂය කරන්නේ?
එම කණ්ඩායම අපේ අනෙකා නෙවෙයි. අපිට ඔවුන් සමඟ කිසිදු ගනුදෙනුවක් නෑ. මොකද ඔවුන් සළකා බැලීමටවත් තරම් පිරිසක් නෙවෙයි අපට ඒත් ඔවුන් දිගින් දිගටම අපේ විනාසය ප්‍රාර්ථනා කරමින් අපට එරෙහිව අවලාද නගමින් සිටිනවා. කුමාර් ගුණරත්නම් සම්බන්ධව පෙළ ගැහුණු සිදුවීම් මාලාව සියුම්ව නිරීක්ෂණය කිරීමෙන් ඔවුන් මහින්ද රාජපක්ෂලාගේ වුවමනාවට කටයුතු කළ ආකාරයත් අද මේ පාලක පක්ෂයේ වුවමනාවට අනුව කටයුතු කරන ආකාරයත් දකින්න පුළුවන්. එදා මහින්ද රාජපක්ෂ කඳවුර මේ පිරිස පාවිච්චි කරලා අපිව කොනිත්තන්න උත්සාහ කළා වගේම දැන් රනිල් වික්‍රමසිංහ කඳවුර මේ පිරිස පාව්චිචි කරමින් ජනතා විමුක්ති පෙරමුණ කොනිත්තන්න හදනවා.

 


●කුමාර් ගුණරත්නම් නැවත කරළියට පැමිණි ජවිපෙට අභියෝගයක්ද?
ඔය කණ්ඩායම පක්ෂෙ කඩාගෙන ගිහින් අවුරුදු පහක් වෙනවා. අපට කිසිම අභියෝගයක් වුණාද? අපට මේ පිරිස කිසිම අභියෝගයක් නෙවෙයි. අපි මේ අය ගැන මොකට කලබල වෙනවද?

 


●දූෂණ විරෝධී පෙරමුණේ උලපනේ සුමංගල හාමුදුරුවො අනුර කුමාර එක්ක හැප්පෙනවා නේද මේ දවස්වල? 
අපේ රටේ පශූ ෂම්පත් ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේදී විශාල වැදගත්කමක් තිබුණු තැනක්. මම පශූ සම්පත් අමාත්‍යවරයා විදියට කටයුතු කරන කාලේ පාඩු ලබලා තිබුණු මිල්කෝ ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කළා. ඒකෙ මිලියන දෙසීයක ස්ථාවර තැන්පතුවක් ඇති කරලා තමයි අපි එතනින් එළියට ආවේ. අපේ රටේ ආර්ථිකයට වැදගත් වුණු මේ මිල්කෝ ආයතනය සතුව තිබුණු ඉඩම් ප්‍රමාණයක් මේ හිමියන්ගේ පංසලට පැවැරීම ගැන තමයි මම හෙළිදරව් කළේ. මිල්කෝ ආයතනයට පාරම්පරිකව වතුර ගත්තු ළිඳත් වහලා තමයි මේ ඉඩම් කොටස පංසලට පවරල දීලා තිබෙන්නේ. මේ කතාවෙන් උන්වහන්සේ කෝපයට පත්වෙලා කලබලයට පත්වෙලා මාධ්‍ය සාකච්ඡා පවත්වලා මට අභියෝග කරලා තියෙනවා. මම පැහැදිලිව සියලු සාක්ෂි ඇතුව තමයි මේ හෙළිදරව්ව කළේ. ඒ මිල්කෝ ආයතනය පරිහරණය කරපු නාරාහේන්පිට ඉතා මිල අධික ඉඩම් ප්‍රමාණයක් පංසලකට පූජා කිරීමෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ. ආණ්ඩුවේ දූෂණ හොයනවා කියන පෙරමුණේ කටයුතු කරන හිමියන්ට ආණ්ඩුවට ඉඩමක් පූජා කිරීම හරහා සිදුවිය හැකි දේ ඕනම සිහි බුද්ධිය තියෙන කෙනෙකුට පැහැදිලියි.



අදහස් (0)

ආණ්ඩුවේ ව්‍යාපෘති ආපස්සට හැරවීම අපේ බලාපොරොත්තුවයි

ජයකොඩි Sunday, 01 January 2017 02:30 PM

මේ ආපස්සට හරවන්නේ ජනතාවගේ බලාපොරොත්තුයි (නි)

:       0       0

පසිඳු Tuesday, 03 January 2017 07:02 PM

මමත් මේ මතයේයි ඉන්නේ. අපේ බලපොරොත්තුව මේ රට හොඳ රටක් කරන්න (නි)

:       0       0

රෝහණ Monday, 09 January 2017 01:07 PM

මෙයාල කවදාද රටකට යමක් කළේ. අයිතිවාසිකම් නෙවෙයි යුතුකම් ඉටු කරපල්ලා. (අ)

:       0       0

රෝහණ Saturday, 31 December 2016 03:07 AM

ධම්ම හරි (නි)

:       0       0

ජයවර්ධන Friday, 30 December 2016 12:37 PM

ජය වේවා! රටේ එකම බලාපොරොත්තුව ජවිපෙයි (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 31 December 2016 03:26 PM

ජනතාවට විරුද්ධව නොසෑහෙන ලෙස රුපියල් 25000 බදු ගහනකොට ඔබ පාර්ලිමේන්තුව තුළ ප්‍රබල හඬක් නොනැඟුවේ මොකද? (නි)

:       0       0

ධම්ම Friday, 30 December 2016 02:22 PM

තුඹස හදන්නේ වේයා. ඒත් පදිංචි වෙන්නේ නයා. ඒ වගේම මේ මහපොළොව රත් කරලා ඔබ තුඹස හදාවි. එහි තවත් නයෙකුට පදිංචිවෙන්න නොදෙන්න වගබලාගන්න. (නි)

:       0       0

අරුණ සිරිවර්ධන Monday, 02 January 2017 01:26 PM

ජයවේවා...!!! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 320 0

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 78 0

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 789 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 70 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 172 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 215 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38856 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25498 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site