IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ආණ්ඩුව හෙල්ලිලා

ඒකාබද්ධ විපක්ෂය රජයට විරුද්ධව පැවැත්වූ පෙරළියක ඇරඹුම  ජනරැලිය සහ රටේ ජනමතය, එළඹෙන පළාත් පාලන ආයතන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය වෙනම තරග කරන බවට හිටපු ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය මේ ආදී සාකච්ඡාවට බඳුන්ව තිබෙන දේශපාලන කරුණු රැසක් පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණී ලොකුගේ මහතා සඳුදා හමුවට මෙසේ සිය අදහස් ඉදිරිපත් කරයි.

ප්‍රශ්නය - ජනමතය ඒකාබද්ධ විපක්ෂයත් එක්ක ඉන්නවා කියලා කොහොමද කියන්නේ?

පිළිතුර - දැන් මම අහන්නේ අපේ රැස්වීමට සෙනග ආවේ අපි බස් දාලා තිබුණ නිසාද? අපි බස් නොදා මේ තරම් සෙනගක් නුගේගොඩ රැලියට ආවා. ඒ ආපු ජනතාවගේ ජනමතය මනින්න විධියක් නෑනේ. ජනමතය මනින්න නම් ප‍්‍රාදේශීය සභා ඡන්දයක් එන්න  නෑ. නැත්නම් පළාත් සභා මැතිවරණයක් එන්න  නෑ. ඒත් ඒ දෙකම මේ ආණ්ඩුව තියන්නේ නෑනේ. පුළුවන්නම් එකම අවස්ථාවකදී මේ ඡන්ද දෙකම තියන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ බලයේ ඉන්න කොට නිසි කලට වෙලාවට මැතිවරණ තිබ්බනෙ. උතුරු නැගෙනහිර පළාත්වල පවා මැතිවරණ තියන්න එතුමා කටයුතු කළා. ඒ නිසා අද උතුරු නැගෙනහිර පළාත්වලට වෙනම පළාත් සභායි මහා ඇමැතිවරුයි පත්වෙලා ඉන්නවා. උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන් මහත්තයගෙ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් අද ආණ්ඩුව ඇතුළෙම විවිධ මතවාද ඇතිවෙලා තියෙනවා. මම දැක්කා දයාසිරි ජයසේකර ඇමැතිතුමා කියලා තියෙනවා විග්නේෂ්වරන් නමැති සුනඛයව බැඳලා දැම්මේ නැත්නම් ඒක ලොකු ප‍්‍රශ්නයක් කියලා.

ප‍්‍රශ්නය - ආණ්ඩුවට තවම අවුරුදු දෙකක්වත් සම්පූර් වෙලා නෑ. ඔබලා කියන විධියට වැඩ බැරි ආණ්ඩුවක් කියලා කියන්න මේ කාලය ප‍්‍රමාණවත් කියලා හිතනවද?

පිළිතුර - අපි මේ ආණ්ඩුවට වැඩ බැරි ආණ්ඩුවක් කියලා කියන්නේ මේ ආණ්ඩුව පත්වෙන්න කලින් කියපු දේවල් දිහා බලලනෙ. ආණ්ඩුව පිහිටුවන කොට කියපු කරුණු එකක්වත් ඉෂ්ට කරලා නෑනෙ. මුදල් ඇමැතිතුමා පස්වතාවක් විතර බඩු මිල අඩු කළා. ඒ ගණන්වලට කඩවල බඩු ගන්න නෑ. අද ලුණු පොල්කට්ටෙ ඉඳන් බඩු මිල වැඩි වෙලා. හැමපැත්තෙන්ම බදු වැදිලා. අපි සමීක්ෂණයක් කළා හතර දෙනෙක් ඉන්න පවුලකට මාසයක් ජීවත් වෙන්න කොච්චර මුදලක් යනවද කියලා. රුපියල් හතළිස් හය දාහක්  නේ. ඒකෙනුත් රුපියල් 4300ක්ම බදු.‍

ප‍්‍රශ්නය- පසුගිය ආණ්ඩුව කාලේ වරාය, ගුවන් තොටුපොළ වගේ හදපු ව්‍යාපෘති දියුණු කරලා රටේ තරුණ ප‍්‍රජාවට රැකියා අවස්ථා ලබා දෙනවා කියලා ආණ්ඩුව කියනවා. ඒක හොඳ නැද්ද?

පිළිතුර - අනේ කිසිම වැරැද්දක් නෑ. හොඳයි. හැබැයි මෙයාලා ඒවා විකුණලයි ඒවා කරන්න යන්නේ. හම්බන්තොට වරාය අනූනව අවුරුදු බද්දට චීනෙට දෙන්න ආණ්ඩුව තීරණය කරලා තියෙන්නේ. ඒ එක්කම වරායෙ අයිතියෙන් සීයට අසුවක් අයිති වෙන්නෙත් ඒ චීන සමාගමට. එතකොට අපට තියෙන අයිතිය මොකක්ද?

ප‍්‍රශ්නය - ඒත් ආණ්ඩුව නම් කියන්නේ හම්බන්තොට වරාය හදන්න පහුගිය ආණ්ඩුව ගත්ත අධික ණය කන්දරාව නිසා එහෙම ගනුදෙනුවකට යන්න සිද්ධ වෙලා තියෙනවා කියලා.

පිළිතුර - ණය කන්දරාව ගෙවන්න බැරි නම් මොකටද ආණ්ඩුව බාර ගත්තේ. රනිල් මහත්තයා මත්තල ගුවන් තොටුපොළේ වී දැම්මනෙ. ඒත් අද බලන්න කටුනායක ගුවන්තොටුපොළ රෙපයාර් කරන නිසා මත්තල ගුවන් තොටුපොළ කොච්චර ප‍්‍රයෝජනවත් වෙනවද කියලා. අද මත්තලට ගුවන් යානා කොච්චර නම් එනවද. අද සංචාරක කර්මාන්තය කඩා වැටිලා තියෙන්නේ. මේ ගොල්ලො කරන්නේ අදුරදර්ශී විධියට වැඩකරලා බොරුවට මහින්ද මහත්තයට බණින එක. මහින්ද මහත්තයා පාරවල් හදන්න වැඩිගාණට කොන්ත‍්‍රාත් දුන්නා කිව්වා. ඒත් දැන් අද ඊටත් වඩා වැඩියෙන්නේ පාරවල් හදන්න කොන්ත‍්‍රාත් දීලා තියෙන්නේ. හොරකමෙත් වංචාවෙත් සීමාවක් තියෙන්න එපැයි. හරි නම් අපි කියන දේවල්වල සත්‍ය මොකක්ද කියලා විමර්ශනය කරලා බලන්න එපැයි.

ප‍්‍රශ්නය - ජනාධිපතිතුමා කියලා තිබුණෙ මේ ආණ්ඩුවෙත් හොරකම් කරන අය ඉන්නවා නම් ඒ අයට විරුද්ධවත් පියවර ගන්නවා කියලා. ඔබලා ඒ ගැන විශ්වාසයක් නැද්ද?

පිළිතුර - මේ ආණ්ඩුවේ හොරු ඉන්නවද නැද්ද කියන එක ගැන අහන්න දෙයක් නෑනෙ. හොරු අල්ලන්න පරක්කුයිනෙ. බැඳුම්කර වංචාව ගැන දැනට අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ තමයි ඒ ගැන හොයන්න කොමිසමක් පත් කළේ. හොරාගත්ත සල්ලි වියදම් කළාටත් පස්සේ තමයි ඒවා හොයන්න කටයුතු කරන්නේ. කතාවට කිව්වට ක‍්‍රියාවට නගන්නේ නැති එකනෙ ප‍්‍රශ්නෙ. මේ වෙනකන් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ බැංකු ගිණුම් තහනම් කරලා නෑ. රජයේ සේවකයෙක් පැන්සල් දෙකක් හොරකම් කළොත් පරීක්ෂණ පවත්වන්නේ ඒ සේවකයන්ගේ වැඩ තහනම් කරලා. ඒත් මෙතන කෝටි ප‍්‍රකෝටි ගණනින් මුදල් වංචා කරපු සමාගමට විරුද්ධව කිසිම ක‍්‍රියාමාර්ගයක් අරගෙන නෑනෙ.

ප‍්‍රශ්නය - බැඳුම්කර නිකුතු ගනුදෙනුව ගැන හොයන්න ජනාධිපතිවරයා කොමිසමක් පත් කරපු එක හොඳ නැද්ද?

පිළිතුර - ඒ කොමිසම පත් කළෙත් වංචාව වෙලා අවුරුදු දෙකක් ගියාට පස්සෙනෙ. අපි ඒකට කැමැතියි. ඒත් බලමුකො ඔය විභාගය කොහොමද වෙන්නේ කියලා. විගණකාධිපතිතුමාගේ වාර්තාවෙනුයි කෝප් එකේ වාර්තාවෙනුයි වැරදිකාරයො කවුද කියලා හෙළි කරලා තියෙන්නේ. දැන් විමල් වීරවංශට මොකද කරලා තියෙන්නේ. වාහන පාවිච්චි කරන්න අනුබල දුන්නා කියලා හිරේ දාලා.

ප‍්‍රශ්නය- ඒක වැරැද්දක් නොවෙයිද?

පිළිතුර - ඒක වැරැද්දක් වෙන්නේ කොහොමද? ඒවා දෙන්න නියෝග දුන්න අය ගැන අහන්නේ නැහැනේ. නියෝජ්‍ය ඇමැති හැටියට හිටපු ලසන්ත අලගියවන්නත් ලියුමක් දීලා වාහනයක් අරගෙන තියෙනවා. ඒත් එයාට එරෙහි කිසිම පරීක්ෂණයක් නෑ.

ප‍්‍රශ්නය - ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරු රැසකට විරුද්ධව වංචා දුෂණ චෝදනා එල්ල වෙලා. සමහරුන්ට එරෙහි නඩුත් මේවන කොට විභාග වෙනවා. තව සමහරු රිමාන්ඩ්. මෙහෙම ගියොත් ඒකාබද්ධ විපක්ෂ මන්ත‍්‍රීවරුන්ගෙ දේශපාලන ගමනට මොකක් වෙයිද?

පිළිතුර - මේවා ද්වේෂ සහගතව කරන වෛරක්කාරී වැඩ. මේවා විභාග කරලා තීරණ එළියට දෙන කොට බලමුකො.

ප‍්‍රශ්නය - ආණ්ඩුව නම් කියන්නේ මේ කරන්නේ වැරදි කරපු අයට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමක් කියලා.

පිළිතුර - හරි, එහෙනම් උසාවියේදී මේවා විභාග වෙන කොට බලන්න පුළුවන්. දැන් බලන්න රිමාන්ඩ් කරලා ඉන්න අයට දුන්නු තීරණ වැරදියි කියලා ඉහළ උසාවි වලින් කිව්වනෙ. ඒ විතරක් නොවෙයි ඇපත් දුන්නනෙ. තිස්ස අත්තනායක මහත්තයා දවස් හතළිස් පහක් රිමාන්ඩ් කරලා තිබුණට එතුමට ඇප දෙනකොට අධිකරණය කිව්වා එතුමා රිමාන්ඩ් කරපු එක වැරදියි කියලා.

ප‍්‍රශ්නය - ඔය කියන විදියට පසුගිය ආණ්ඩුව කාලේ වැරදි කරපු එක ඇමැතිවරයෙක් වත් හිටියේ නැද්ද?

පිළිතුර - එහෙම අය හිටියා. ඒ අය තමයි මේ ආණ්ඩුවට ගිහින් ඇමැති කටු සූප්පු කරකර ඉන්නේ.

ප‍්‍රශ්නය - ආණ්ඩුවේ ඉද්දි ඔබතුමාල ඒ අය ගැන කටක් ඇරලා කතා කළේ නෑනේ.

පිළිතුර - අපිට කතා කරන්න වුවමනාවක් තිබුණා. අපි ඒ අය ගැන හැමදාම කතා කරලත් තියෙනවා.

ප‍්‍රශ්නය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතඅරින්නෙ නෑ කියපු මහින්ද රාජපක්ෂ මහත්තය ඊයෙ පෙරයිද දවසක කියලා තිබුණා ඒකාබද්ධ විපක්ෂය ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයේදී වෙනම ඉල්ලන එක ස්ථිරයි කියලා. මේ මොකක්ද වෙන්න යන්නේ?

පිළිතුර - ඒක හරිනෙ. ශ්‍රී ලංකා එක එක්සත් ජාතික පක්ෂයට හේත්තු වෙලා තියෙන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්ති තියෙන්නේ අපි ළඟ. ඒ නිසයි මහින්ද රාජපක්ෂ මහත්තයා එහෙම කියන්නේ. රජයේ දේපළ විකුණන ප‍්‍රතිපත්ති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නෑනෙ. අපේ පක්ෂයේ ආදි කර්තෘවරු එහෙම දේවල් කියලා නෑනෙ. ඒ හින්දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියම ප‍්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟ. ඒ නිසයි එතුමා කිව්වේ වෙනම තරග කරනවා කියලා.

ප‍්‍රශ්නය - නියම බණ්ඩාරනායක ප‍්‍රතිපත්ති රාජපක්ෂ මහත්තයා ළඟ තියෙනවා කියලා ඔබ කිව්වාට එතුමා පක්ෂෙ සභාපති වෙලා හිටපු කාලේ පක්ෂ කාර්යාලයේ එල්ලලා තිබුණු බණ්ඩාරනායකවරුන්ගේ ඡායාරූප පවා ගලවා දැමු බවට තොරතුරු වාර්තා වුණා.

පිළිතුර - මහින්ද රාජපක්ෂ මහත්තයා කොහෙදිවත් බණ්ඩාරනායක මහත්තයගෙවත් සිරිමාවෝ මැතිනියගෙවත් පින්තූර ගලවලා අයින් කරලා නෑ.

ප‍්‍රශ්නය- ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයො තරග කරන්නේ පොදු ජන පෙරමුණෙන්ද?

පිළිතුර - අපි ඒකෙන් තමයි තරග කරන්නේ? මොකද අපිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධුරවලින් අයින් කරනවනෙ. ඒ නිසා අපි ඡන්දය ඉල්ලන්න කොහෙට හරි එන්න එපැයි.

ප‍්‍රශ්නය - ඒත් ඔබලා තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරු. පක්ෂය අතඇරලා නෑ.

පිළිතුර - අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවෙයි පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරු.

ප‍්‍රශ්නය - ඇත්තටම මහින්ද මහත්තයයි මහ ඇමැතිවරු අතරයි සාකච්ඡාවක් පැවැත්වූවේ ඇයි?

පිළිතුර- ඒගොල්ලො බයවෙලා ආවා මහින්ද රාජපක්ෂ මහත්තයත් එකතු කර ගෙන එකට ඡන්දෙ ඉල්ලන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම නැතුව මහින්ද මහත්තයා ඒගොල්ලන්ට එන්න කිව්වේ නෑ.

ප‍්‍රශ්නය- මීට කලිනුත් පක්ෂය ඇතුළේ මහින්දxමෛත‍්‍රී එකතු කිරීම ගැන සාකච්ඡා ගියා. මේකත් එහෙම එකක්ද?

පිළිතුර- මහින්දයි මෛත‍්‍රීයි කොහොමද එකතු කරන්නේ. ගිය පාර්ලිමේන්තු ඡන්දදෙදී වැටුණු වළේ අපිට ආයිත් වැටෙන්න බෑ.

ප‍්‍රශ්නය- එහෙම එකතුවක් වෙනවා නම් හොඳයි කියලා ආණ්ඩුවට එකතු වෙලා ඉන්න සමහර ශ්‍රීලනිප ඇමැතිවරුන් කියනවා. ඒ ගැන ඔබ මොකද හිතන්නේ?

පිළිතුර - ඒ අයට පැවැත්මක් නැති නිසානෙ එහෙම කියන්නේ. අපි රැස්වීම් තියනකොට එයාල බය වෙනවා. ඒ නිසා බලනවා පසුගිය මහ ඡන්දෙදි අටවපු උගුලෙ මේ පාර කොහොමද අහුකරන්නේ කියලා.

ප‍්‍රශ්නය - රතන හාමුදුරුවන්ගේ ස්වාධීනවීම ඒකාබද්ධ විපක්ෂය මොන විදියටද දකින්නේ?

පිළිතුර - රතන හාමුදුරුවො ආණ්ඩුවේ කාලසටහනකට යන්නයි හදන්නේ.

ප‍්‍රශ්නය- මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න යන බවට ඒකාබද්ධ විපක්ෂය කියන කතාව බොරුවක් කියලා ආණ්ඩුව කියනවා. ඔබලා ඒ විධියේ කතාවක් කිව්වේ බොරුවටද?

පිළිතුර - ආණ්ඩුව හදන්නේ අපේ පැත්තට තව කට්ටිය එයි කියලා හිතලා තර්ජනය කරමින් ඒ අය එන එක නවත්වන්න. මොනදේ කළත් එන අය නවත්තන්න බෑ.

ප‍්‍රශ්නය- තවම අලුත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් හදලා නැති වුණාට ඒකාබද්ධ විපක්ෂය නිතර කියන කාරණයක් තමයි බෙදුම්වාදී ෆෙඩරල් ව්‍යවස්ථාවක් මේ ආණ්ඩුව ගේන්න හදනවා කියලා. කොහොමද එහෙම කියන්නේ?

පිළිතුර - පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු කාරණාවල ඒ ගැන සඳහන් වෙලා තියෙනවානේ.

ප‍්‍රශ්නය- ඒත් ඒවා අනු කමිටු හතේ වාර්තා මිසක් අවසන් ව්‍යවස්ථා කෙටුම්පත නොවෙයි නේද මන්ත‍්‍රීතුමනි,

පිළිතුර - කෙටුම්පතේ තියෙන ඒවට විරුද්ධව අපි ජනතාව දැනුවත් කරනවා. අලුත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අපේ යෝජනා දාහතරක් බාර දීලා තියෙනවා. ඒවා පිළිගත්තොත් අපි ව්‍යවස්ථාවට සහයෝගය දෙනවා. කොළේ වහලා ගහන්න ජනාධිපතිතුමාට වත් අගමැතිතුමාට වත් අපි ඉඩ දෙන්නේ නෑ.

ප‍්‍රශ්නය- රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයාගෙ හැසිරීම ගැන අද ඔබලා දැඩිව කතා කළත් ඒ කාලේ රාජ්‍ය නිලධාරීන් ගස් බැඳපු මර්වින් සිල්වලා ගැන ඔහොම කතා කළේ නෑ නේද?

පිළිතුර - මර්වින් සිල්වා කටයුතු කරපු විදිය වැරදියි. ඒක ගැන කතා නොකරපු නිසා අද අපි කොච්චර දුක් විඳිනවද?

ප‍්‍රශ්නය- ඒ කාලේ  ඒවා ගැන කතා නොකළේ බය නිසාද?

පිළිතුර - ඒ කාලේ අපි කතා නොකළෙ එකෙක් හින්දා අපි අමාරුවෙ වැටෙන්නේ මොකටද? කියලා හිතලා.



අදහස් (0)

ආණ්ඩුව හෙල්ලිලා

ධනුෂ්ක Thursday, 09 February 2017 01:29 PM

මෙයාලගේ ප්‍රතිපත්ති අායෙත් ක්‍රියාත්මක කළොත් රට ඉවරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 716 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 116 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1053 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 133 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 226 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 448 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 725 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 507 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site