IMG-LOGO

2025 මාර්තු මස 09 වන ඉරිදා


ආණ්ඩුවේ ගමන් මග නිවැරැදිද?

ආණ්ඩුවේ ජනප්‍රියත්වය කොතරම් අඩුවී ඇතිදැයි කිවහොත් සහ එය ආණ්ඩුවට ද කොතරම් දැනී ගොස් ඇතිදැයි සිතුවොත්, ජනාධිපති අනුර කුමාර මහතා දළදා ප්‍රදර්ශනයක් තැබීමට පවා යෝජනා කරන්නේ ය. තකහනියක් නුවර ගොස් එම යෝජනාව ගෙන එන්නේ තම ගිලිහී යන ජනප්‍රියත්වය වෙනත් අයුරකින් ලබා ගැනීම හැර හිටි හැටියේ ආණ්ඩුවට බුද්ධාලම්භන ප්‍රමිතියක් ඇති කිරීමට කිසිදු ඕනෑකමක් ඇති නිසා නොවේ.

ඒ අනුව, ආණ්ඩුවේ ඉච්ඡාභංගත්වය උත්සන්න වීම පිළිබඳ නියැදියක් ලෙස ද දළදා ප්‍රදර්ශනය සැලකිය හැක. ජනතාව ඇඳබැඳ තබා ගන්නා අලු‍ත් අදහස් හා වැඩපිළිවෙළක් ආණ්ඩුවට තිබුණේ නම් කිසිසේත්ම ඔවුන්ට දළදා පිහිට පතන්නට වන්නේ නැත. 

අනිත් අතින් ආණ්ඩුව ආගමිකත්වය පැතීම දේශපාලන දෛවයේ සරදමක් ලෙස ද ගිනිය හැක. වත්මන් මාලිමා ආණ්ඩුවේ අනුගාමික කණ්ඩායම්වල පළමු කවය දැනුදු ප්‍රවර්ධනය කරන්නේ අනාගමික ලංකාවකි. ඔවුන්ට පන්සල් පේන්නට බැරි ය. ආගමික වතාවත් වහකදුරු සේ ය. නුවර දළදා පෙරහර ගැන පවා විවිධ විරෝධතා මත නිර්මාණය කරනු පෙනුණි. ඇත්ත වශයෙන්ම පසුගිය කාලය පුරා ම බුද්ධාගම සම්බන්ධයෙන් යම් විරෝධයක් නිර්මාණය කළේ නම් එහි මූලිකත්වය ගත්තෝ මාලිමා අනුගාමිකයෝය. එවන් පසුබිමක තමන්ට ද තමාගේ විවේචනයම වැළඳ ගැනීමට සිදුවීම මාලිමා දේශපාලනයේ ප්‍රායෝගිකත්වය හා දාර්ශනිකත්වය පිළිබඳ පරතරය තවත් විශාල කර පෙන්වයි.

මෙම සිදුවීම මෙන්ම ආණ්ඩුවේ පොදු භාවිතාව සැලකිල්ලට ගත් විට පෙනී යන වැදගත්ම දෙය වන්නේ මේ වන විට ආණ්ඩුව විසින් ඔවුන් පසුගිය කාලය පුරාම නිෂේධාත්මකව දුටු සියල්ල මේ වන විට ධනාත්මකව බැලීමට පටන් ගෙන තිබෙන බවයි. එනම් මාලිමාව කියන ආකාරයට ඔවුන් හැත්තෑ හතේ ශාපය ලෙස දැක අත්හළ දෑ නැවත බාරගෙන තිබෙන බවයි.

මින් කියැවෙන දේශපාලන පාඩම ඉතා වැදගත් ය. අප නිතර නිතර මෙම ලිපිවල කියන ආකාරයට මාලිමාව බලයට ආවේ තමා සතුව ‘මාර’ එකක් තිබෙන බව කියමිනි. ඒ ‘මාර’ එක අන් සියලු‍ දෙනාගෙන් වෙනස් බව ද ඔවුහු කීහ. එහෙත් මේ වන විට ආණ්ඩුව නොකියාම කියන්නේ, ‘අපටත් උඹලගේ සිස්ටම් එක හැර අමුතු එකක්’ නැති බවයි.

මෙම සැසඳීම සාමාන්‍ය ආණ්ඩු මාරුවක දී නම් වැදගැම්මකට නැති දෙයකි. මන්ද එවන් අවස්ථාවල පද්ධතිය සපුරා අලු‍තින් ලිවීමක් පොරොන්දු නොවන බැවිනි. එහෙත් මාලිමා ආණ්ඩුව පැමිණියේ ක්‍රීඩාවට අලු‍ත් නීති දමා එය ක්‍රීඩා කරන ආකාරය පූර්ණ වෙනසකට බඳුන් කරන බව කියමිනි. එහෙත් එවන් සැබෑ වෙනසක් පිළිබඳ දැන් ආණ්ඩුවට අදහසක් හෝ නැත.

නිසැකයෙන්ම මේ මාලිමා අවුරුදු පහ ගැන අපට ඉදිරියේ දී කතා කළ හැකිවනු ඇත්තේ අහිමි කාලයක් වශයෙනි. අපට මෑත ඉතිහාසයේ එවැනි තවත් අහිමි කාලයක් තිබුණි. ඒ යහපාලන සමයේ අපට අහිමි වූ වසර පහයි. එම ආණ්ඩුව ගෙන ඒමට ද වත්මන් මාලිමා බලවේගය ප්‍රධානතම දායකත්වයක් ලබා දුන්නේ ය. යහපාලන සමය යනු රටේ ප්‍රශ්න එහෙම් පිටින්ම 2005ට පෙර තිබූ තත්වයට ආපසු ගෙන යෑමකි. එය පටන් ගත්තේ ඒ වන විට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් උරුම කරගත් දැවැන්ත ආර්ථික පිම්ම සිතාගත නොහැකි ලෙස ආපසු හරවරමිනි.

පාස්කුදා ප්‍රහාරය මෙන්ම මහ බැංකු වංචාව වැනි රටේ ආත්මයට අද ද බලපාන තීරණාත්මක ප්‍රශ්න දෙකක් නිර්මාණය කළේ යහපාලන ආණ්ඩුව මගිනි. ඊට අමතරම 19 වැනි සංශෝධනය ගෙනැවිත් රාජ්‍ය නිලධාරීන්ගේ තීන්දු ගැනීමේ හැකියාව අහිමි කරන ලද්දේ ය. රාජ්‍ය නිලධාරියා ඇඟ බේරාගෙන කාලය ගත කොට මාසය අවසානයේ වැටුප පමණක් ගන්නා තැනක හිරකර දැම්මේ ය. රටේ රාජ්‍ය ද ජනාධිපති-අගමැති අතර කඹ ඇදිල්ලක තැනට පත් කරනු ලැබුණි. එම තත්වයේ යම් විදියකට නිවැරැදි කිරීමයක් 21 වැනි සංශෝධනය හරහා සිදුවිය. ඒත් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ ප්‍රශ්නය ඉන් විසඳුණේ නැත. දේශපාලන ආධිකාරිය නම් යම් ආකාරයක ඒකීයත්වයකට ගොනු වන තැනට පත්විය. මේ ප්‍රශ්නය පිළිබඳ දියුණු සංවාදයක් වත්මන් ලංකාවේ කිසිදු තලයක සිදුවන්නේ නැත.

වත්මන් ආණ්ඩුව තුළ ද පැහැදිලිවම පෙනී යන්නේ යහපාලන ආණ්ඩුව තුළ දක්නට තිබූ ලක්ෂණම ය. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ අසාර්ථක යහපාලන ආණ්ඩුව ගෙන ඒමට කටයුතු කළ පිරිස්ම වර්තමාන ආණ්ඩුවේ ද ඉහළම තීරය තුළ සිටීමයි. යහපාලන ආණ්ඩුව ආර්ථික වශයෙන් අසාර්ථක වීමට ප්‍රධාන වශයෙන් බලපෑවේ එමගින් ‌‌ගෙනගිය ඊනියා හොරු ඇල්ලීමේ ව්‍යාපාරයයි. එහි දී අල්ලපු සොරෙකු නැති අතර ජනතාව ආණ්ඩුවේ රියැලිටි නාට්‍ය රසවිඳිමින් කල්ගත කළේ ය. යම්කිසි මහා වෙනසක් දැන් දැන් සිදුවෙතැයි බලා සිටි ජනතාවට අවසානයේ නටපු නැටුමකුත් නැති බෙරේ පළුවකුත් නැති රටක් ඉතිරි විය. මහින්ද ආණ්ඩුව 2015 වන විට පවත්වාගෙන පැමිණි සියයට 5ක ආර්ථික වර්ධන වේගය එන්න එන්නම කඩා වැටුණු අතර 2019 වන විට එය සියයට 2කට ඇද වැටුණේ ය. ආර්ථිකය අඩපණ වී ඩොලර් හිඳෙන විට එම ආණ්ඩුව කළේ අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කරවලින් ණය ගෙන සංචිත පිරවීමයි. 

වර්තමාන ආණ්ඩුවට සිදුවීමට නියමිත වන්නේ ද මේ දෙයමයි. බලයට පැමිණි දා සිට ඔවුන් හොරු අල්ලන වැඩේ පටන් ගත් අතර විවිධ මාර්ගවලින් උත්සාහ කළේ රාජපක්ෂ පවුලට පහර දෙමින්-විශේෂයෙන් ම මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස සහ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය උඩට ගෙන- ඒ මතින් ඔහු කෙරෙහි වෛරය පැතිරවීමයි. ආණ්ඩුවට ඒ හරහා අවශ්‍ය වූයේ මෙරට සහ විදේශගත වී සිටින රාජපක්ෂ විරෝධී මනස සතුටු කිරීමයි. කෙසේ වෙතත්, සියල්ල එසේ සිදුවන විට සැබෑ ආණ්ඩුකරණය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ආණ්ඩුවෙන් ගිලිහී ගිය අතර, එය කෙළවර වූයේ තැන තැන පාතාල කල්ලි විසින් ඝාතන රැල්ලක් මෙහෙය වන තත්වයකිනි. අවසානයේ අධිකරණය තුළත් පුද්ගලයන් ඝාතනය කරන තැනට රටේ ආරක්ෂාව බාල්දු විය. 

ආණ්ඩුව වටහාගත යුත්තේ කුමන නාට්‍ය පෙන්නුව ද අවසානයේ පුරවැසියා ආණ්ඩුව මනිනු ඇත්තේ රටේ කේන්ද්‍රීය ප්‍රශ්නය වන ආර්ථික ප්‍රශ්නයට ආණ්ඩුව දෙන විසඳුම් මතින් ය. එසේම තම ජීවන තත්වය වඩාත් යහපත් තැනකට ගෙන ඒමට ගන්නා ක්‍රියාමාර්ග මතින් ය. ඒ සම්බන්ධයෙන් නම් ආණ්ඩුවට කිසිදු අදහසක් ඇති බවක් නොපෙනේ.

මෙරට මෑත ඉතිහාසයේ ජනතාවගේ ජීවිතවල සැබෑ වෙනසක් ඇති කළ එකම කාල වකවානුව 2005-2015 අතර කාලයයි. සාමය ගෙන ඒමට අමතරව අපගේ ජීවන මට්ටම්වල සියලු‍ අංශ එම කාලය තුළ විශාල ප්‍රමාණවලින් පුළුල් විය. අපගේ ඒකපුද්ගල ආදායම ඩොලර් 1200 සිට 3835දක්වා වැඩි විය. ඒ සියලු‍ ජයග්‍රහණ අත්කරගත හැකි වූයේ එම ආණ්ඩුව ජනතාවට ප්‍රයෝජනවත් වන තැනට රටේ දේශපාලන සංවාදය හැසිරවීම මතයි. ව්‍යාජ නාටකවල සතපවා ජනතාව ඇන්දවීම එම යුගයේ සිදු නොවී ය. ජනතාවට දැක්මක් සහ වැඩපිළිවෙළක් දුන් අතර ඒ දෙසට සියල්ල පෙළගැස්සවී ය. ඩොලර් බිලියන 24ක තිබූ ආර්ථිකය ඩොලර් බිලියන 85 දක්වා වර්ධනය වන්නේ එම පසුබිම තුළය.

එහෙත් මාලිමා ආණ්ඩුවට එවැනි දැක්මක් සේම එම දැක්ම ක්‍රියාවට නංවන වැඩපිළිවෙළක් ද ඇති බවක් නොපෙනේ. එවැනි වැඩපිළිවෙළක් ගැන විස්වාසයක් ද ඇති බවක් නොපෙනේ. ඔවුන්ගේ දැක්ම මෙන්ම වැඩපිළිවෙළ ද වන්නේ සතියකට වරක්වත් රාජපක්ෂ කෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා අත්අඩංගුවට ගෙන තම ගොදුරු ජනයා සතුටු කිරීමයි.

කෙසේ වෙතත්, ඉන්ද ආණ්ඩුවට අපේක්ෂිත ප්‍රතිඵල අත්වන බවක් නොපෙනේ. අත්අඩංගුවට ගන්නා පිරිස් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය හරහා ආණ්ඩුව ඉල්ලා සිටිය ද, අධිකරණය විසින් ඇප නියම කරන්නේ එම නඩු දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතියක් මිස සැබෑ යුක්තිය පිළිබඳ ඉල්ලු‍මක් හෝ ඒ තුළ වන සාරයක් නැති හෙයිනි. ඒ අනුවයි ආණ්ඩුව දැන් දළදා ප්‍රදර්ශනයක් කර ඉන් හෝ මද කලක් යැපෙන මාර්ගයක් සොයන්නේ.

කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව ජනතාවට ලබාදී තිබෙන පොරොන්දු ගොන්න දෙස බලන විට සහ සැබෑ ජනතා අපේක්ෂා ඉටු කිරීම ප්‍රමාද වන විට මේ වන විට ජනතාවගේ රතු කට්ට පැනීමට ඔන්න මෙන්න තැනක සිටින බව පෙනේ. එහි දී එන විරෝධය සාමාන්‍ය ආණ්ඩුවකට ද වඩා තීව්‍රතාවකින් එනු ඇත්තේ, තමන් අන් සියලු‍ දෙනාට වඩා වෙනස් බවට ඔවුන් විසින් ම නිර්මාණය කරනු ලැබ බෙදාහැරි ප්‍රචාරක බුබුල නිසා ය.

ආණ්ඩුවට ගොඩ යෑමට තිබෙන එකම මාර්ගය ව්‍යාජ නාටකවලින් මිදී අවංකව වැඩට බැසීම පමණි. එම මාර්ගයට ප්‍රවේශ වුවහොත් පමණක් යම් දිගුකාලීන ජනතා කැමැත්කත් තබාගත හැකිවනු ඇත. ඇත්ත වශයෙන්ම එය අප මේ ආණ්ඩුව යටතේ ගත කරන කාලයට ද සාධාරණය ඉටුකිරීමකි. කෙසේ වෙතත්, තාවකාලික වින්දනය වෙනුවෙන් දිගුකාලීන ප්‍රායෝගික ආණ්ඩුකරණ පාවා දුනහොත් ශ්‍රී දළදාවට මතු නොව, දෙයියන්‌ට බුදුන්ටවත් ආණ්ඩුව ගොඩ දැමිය නොහැක.

 

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ



අදහස් (3)

ආණ්ඩුවේ ගමන් මග නිවැරැදිද?

මැක්ස් Friday, 07 March 2025 05:31 PM

මාලිමාන්ඩුව දුවන්නේම වයිරය සහ ක්‍රෝධය මතයි. ආණ්ඩුව පසුපස යන සේදුම් බලකායට ද අවැසි එපමණයි. ලෙඩා මළත් බඩ සුද්දයි කීවා සේ හැසිරෙන එක්තරා සමාජ ස්ථරයකගේ අවශ්‍යතාව රට අන්ධකාරයේ පතුළට වැටුණත් රාජපක්ෂවරුන්ට කොක්කෙන් හෝ කෙක්කෙන් දඬුවම් කිරීමයි. නමුත් එය ද හිතන තරම් පහසු නොවන්නේ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් ඔවුන්ගේ ඡන්දයෙන් තම පක්ෂපාතීත්වය පෙන්වූයේ නැතත්, මහින්ද රාජපක්ෂ මහතා කෙරේ දක්වන ලැදියාවයි. ඔහුගේ වසර 10 තුළ ත්‍රස්තවාදය අතුගා දැමීමට අමතරව ආර්ථිකයේ ද සැලකිය යුතු වර්ධනයක් ලබා ගත් බැවිනි. සමාජවාදී සිහිනයක ජීවත්වෙමින් වයිරය වපුරන ජවිපෙ සහ අපගේ සමාජ වටිනාකම්වලට පහර දෙන ලිබරල්වාදීන්ගෙන් සැදුම්ලත් හරිනි ප්‍රමුඛ ජන බලවේග නඩයත් රාජපක්ෂ මුවහමට තඩි බාන්නේ 2009 මැයි 9 නන්දිකඩාල් හිදී අවසන් ගමන් ගිය එල්ටීටීඊයේ ආයුධ අංශය වෙනුවෙන් බව කිසියම් දේශපාලනික සවිඥානික බවක් ඇති අයට අවබෝධ කර ගැනීම අපහසු නොවනු ඇත.

:       5       1

Nimal Saturday, 08 March 2025 04:06 AM

මාලිමා 2/3 හවුල් ආණ්ඩුවට සමජවාදී මල්වටිය හිසතබාගෙන ලිබරල් මාවතේ ඉදිරියට ගමන් කළහැකිද ?

:       2       0

දිසානායක Saturday, 08 March 2025 03:24 PM

රනිල්ගේ සජිත් පිළිබඳ වෛරයත්, සජිත්ගේ දුර්වල දේශපාලන නායකත්වයත් හේතුවෙන් සහ අවස්ථාවාදී මහජන නියෝජිතයින් පිරිකගේ අදූර දර්ශී ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස මොවුන් බලයට පැමිණියද ආරම්භයේ සිටම තිරසාර දේශපාලන දැක්මක් නොතිබුණි. තම නොහැකියාව වසාගන්නට රාජපක්ෂවරුන් දඩයම් කිරීමේ යෙදුණද එයින්ද ඔවුන් බලාපොරොත්තු වූ මහජන ප්‍රසාදයක් නොමැතිවීම හේතුවෙන් දැන් දළදා දැක්මකට සූදානම් වෙයි... මේ යන ආකාරයට මේ රජය වසර දෙකක්වත් ගෙනයා නොහැකියි. දිනෙන්දින වැඩෙන අපේක්ෂාභංගත්වය තුළ ඇතිවන ජනතා කෝපය වැඩිකල් නොයවා ආණ්ඩුව මට්ටුකරන්නට පෙළඹෙනු ඇත.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

විශේෂාංග

සංස්කෘතික ජීවිතය අහිමි කාන්තාව
2025 මාර්තු මස 08 48 0

නව පරපුරකට ජීවය ලබා දෙමින් මිනිස් පරපුරේ පැවත්ම තීරණය කරනු ලබන්නේ කාන්තාව විසිනි. තවත් විටෙකදී කාන්තාව යනු වච නයේ පරිසමාප්ත අර්ථයෙන්ම දරා ගැනීමේ සංතෙ


ශ්‍රී ලංකාවේ මානව හිමිකම් එදා සහ අද
2025 මාර්තු මස 08 56 0

විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා පෙබරවාරි 25 වැනිදා එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි ස්ථාවර සැසිවාරය ඇමතීය. එදිනම තරුණ පිරිසක් සමග පැවැති හමුවක දී


ආණ්ඩුවේ ගමන් මග නිවැරැදිද?
2025 මාර්තු මස 07 257 3

ආණ්ඩුවේ ජනප්‍රියත්වය කොතරම් අඩුවී ඇතිදැයි කිවහොත් සහ එය ආණ්ඩුවට ද කොතරම් දැනී ගොස් ඇතිදැයි සිතුවොත්, ජනාධිපති අනුර කුමාර මහතා දළදා ප්‍රදර්ශනයක් තැබී


ජාතික ආරක්ෂාව සුරක්ෂිතද?
2025 මාර්තු මස 06 146 0

අප රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව සමාජ කථිකාවක් හදිසියේ මතු වන්නේ පසුගිය සති කිහිපය තුළ නැවත ඉදිරියට පැමිණි සංවිධානාත්මක අපරාධ සිදුවීම් සමගිනි. විපක්‍ෂයේ


අතුරුදන්වූවන්ට යුක්තිය ඉල්ලන අරගලය
2025 මාර්තු මස 05 190 1

ශ්‍රී ලංකාව තුළ ‘‘බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්”‍ සංසිද්ධිය නිර්මාණය කර ඇත්තේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර පැවත


ගෝඨාභය යැව්වාද? ගියාද?
2025 මාර්තු මස 05 1281 0

ගෝල්ෆේස් අරගලය සහ ඒ හේතුවෙන් රට තුළ ඇති වූ දේශපාලන පෙරළි පිළිබඳවත්, ඒවාට බලපෑම් එල්ල වූ දෙස් විදෙස් බලවේග පිළිබඳවත් කරුණු විස්තර කෙරෙන ග්‍රන්ථ කිහිපය


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 27 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 169 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 531 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Our Group Site