IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ආදරය කළ තරුණියගෙන් පලිගන්න පුළුවන් කාටද ?

    

ghk

තප්පරයෙන් තප්පරය කාලය ගෙවිලා යනවා දවස් අවසන් වෙනවා. ආයෙත් අලූත් දවස් එනවා. ඒ අලූත් දවස් එක්කම අලූත් ප‍්‍රවෘත්තිත් ලැබෙනවා. මෙපමණ දවස් මා පරිගණකයෙන් ජීවිතය වරද්දාගත් යුවතියන්ගේ කතා ගොතා ඇත. ඒත් අද කතා කරන්නේ තාත්තා කෙනෙක් ගැන පරිගණකයෙන් ජීවිතය වරද්දාගත් තාත්තා කෙනෙක් ගැන. අද ඔහුට සිදුවූ දේ හෙට ඔබට විය හැකියි. ඒ නිසා හිතන්න තේරුම් ගන්න. ජීවිතය අවබෝධකර ගන්න. ඔහු ගයාන්. පවුලේ වැඩිමල් දරුවා වසර ගණනාවක් දරු සුරතල් නොලැබූ මවුපියන්ගේ සිහිනය ඒ  නිසාම ඥාතීන්ගේ අතින් අතට ගිහින් සුරතලේට හැදුණා. ඔහු ජීවිතේ ගැන බරක් පතලක් දැනන් හිටියේ නැහැ.


ඔහුගේ පියා ව්‍යාපාරිකයෙක්. ඒ නිසා  ඔහුට කවදාවත් ආර්ථික අඩුපාඩුකම් දැනුණෙත් නැහැ. උසස් පෙළින් පසු පාසල් අධ්‍යාපනයට සමුදුන්නේ රැුකියාවක අවශ්‍යතාවය ඔහුට නොතිබූ නිසා. ඒත් නිවසේ කාලය ගත කිරීම ඔහුට අපහසු කරුණක් වුණා. ඒ නිසාමයි පියාත් සමඟ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වෙන්න තීරණය කළේ ගයාන් හැමදාම පියාගේ කාර්යාලයට ගියා. 

1

 

නිලූෂි පියාගේ පෞද්ගලික ලේකම්වරිය ලාබාල තරුණියක්.  හරිම විනෝදකාමී. ඒ නිසාම ගයාන් නිලූෂිගේ සමාගම පි‍්‍රය කළා. නව යොවුන් තාරණ්‍යයේ සිටි ඔවුන්ගේ සිත්වලට ආදරය එබිකම් කළේ ඒ අතරතුරේයි.


 ගයාන් නිලූෂි ආදර කතාව ගයාන්ගේ පියාගෙන් එතරම් දවසක් වසන්කර තියන්නට බැරිවුණා. දුප්පත් පවුලක යුවතියක් වූ නිලූෂිට කාර්යාලයෙන් යන්නට ඒ ආදරය හේතුවුණා.

sss
ගයාන් යළිත් කාර්යාලයේ තනිවුණා. නිලූෂි නැතිව දැනුණු හුදකලාව ගයාන් දරදඬු මුරණ්ඩු පුද්ගලයෙක් කළා. ගයාන්ගේ පියා හිතුවේ ගැලපෙන පවුලකින් ගෑණු ළමයෙක් විවාහ කරලා දුන්නොත් ගයාන්ගේ මුරණ්ඩුකම නැතිවෙයි කියලා. ඒ ආකාරයටයි ගයාන්ගේ ජීවිතයට සමදරා ආවේ. සමදරා ගයාන්ගේ පියාගේ යාළුවකුගේ දුවක්. හරිම නිහඬ චරිතයක්. නිලූෂි වගේ විනෝදකාමී නැහැ. ඒ නිසා ගයාන්ගේ ලෝකයේ රැජින වෙන්න සමදරාට බැරිවුණා. ඒත් මවුපියන්ගේ අවශ්‍යතාව මත ඔවුන් විවාහ වුණා. දරුවොත් ලැබුණා. ඒත් ඔවුන් ලෝක දෙකක ජීවත් වුණා.

 

 උදේම කාර්යාලයට යන ගයාන් ගෙදර එන්නේ හොඳටම ? වෙලා. ආවත් ඔහු කළේ ඔෆිස් කාමරයේ තනිවෙලා පරිගණකයේ රැඳී සිටීම සමදරාත් නිවෙසේ වැඩකටයුතුයි දරුවන්ගේ කටයුතු පිළිබඳ සොයා බැලූවා මිස ගයාන් ගැන හොයන්න ගියේ නෑ. 


දවසක් ගයාන් පරිගණකයේ රැඳී සිටිද්දී  අපූරු මිතුරියක් මුණ ගැහුණා. ඇය ඔහුගේ කලින් පෙම්වතියව සිටි නිලූෂි වගේමයි. ඔහු ඇයගේ පින්තූරය දෙස බලා සිටියා. ඊට පසු කළේ මේ නොදුටු මිතුරියට  රික්වෙස්ට් එකක් දැමීම.

දවසක් ගයාන් පරිගණකයේ රැඳී සිටිද්දී  අපූරු මිතුරියක් මුණ ගැහුණා. ඇය ඔහුගේ කලින් පෙම්වතියව සිටි නිලූෂි වගේමයි. ඔහු ඇයගේ පින්තූරය දෙස බලා සිටියා. ඊට පසු කළේ මේ නොදුටු මිතුරියට  රික්වෙස්ට් එකක් දැමීම. ඇයත් ඒ මොහොතේම ඔහුගේ ආරාධනය පිළිගත්තා. හැමදාම හවසට නිවෙසට එන ගයාන් මේ ෆේෂ්බුක් මිතුරියත් සමඟ සුවදුක් කතා කරන්න පුරුදු වුණා.


 ඇයත් ඒ මොහොතේම ඔහුගේ ආරාධනය පිළිගත්තා. හැමදාම හවසට නිවෙසට එන ගයාන් මේ ෆේෂ්බුක් මිතුරියත් සමඟ සුවදුක් කතා කරන්න පුරුදු වුණා.


 ඇයගේ රූපයත්. දඟකාර වචනත් ගයාන් නව  තාරුණයට ගෙන ගියා. පැරැුණි කියමනක් කියනවා. -පැණි හැළියේ  වැටිච්ච ඇඹලයා වගේ” කියලා. ගයානුත් ඒ තත්ත්වයටම පත්වුණා. ඒ  නිසා ඔහු විවාහක බවත් ඔහුට දරුවෝ ඉන්න බවත් සඟවා ඔහුගේ සියලූ තතු දිගහැරියා. එහිදී ඔහුගේ ධනවත් බව ඇය සොයා ගත්තා. ඊළඟට ඇය කළේ ස්කයිප් එන්න කතා කරපු එක. ගයානුත් එයට එක පයින්ම කැමති වුණා. ඔහුටත් වුවමනා වූයේ ඇයව හැබැහින්ම දැකගන්න.


 ඔහු පෙරුම්පුරාගෙන ස්කයිප් එකෙන් ඇයව හමුවුණා. ඒත් ස්කයිප් එක ඉදිරියේ හිටියේ ඔහු දුටුසුන්දර කාන්තාව නොවෙයි. ඒ සොඳුරු රුවැත්තිය වෙනුවට මැදිවයස් තරබාරු ගැහැණු කෙනෙක් පෙනී හිටියා.


 ගයාන්ට මෙය ඉහිලූම් නොදෙන්නක් වුණා. ඒ නිසා එම ගැහැණියත් සමඟ බහින් බස් වුණා.  පරුෂ වචනවලින් බැන ගත්තා. අන්තිමට ඇය ඔහුට ඇගේ පස්වාත් භාගය පෙන්නුවා. ගැහැණියක් ඉදිරියේ පරාදවීම නොහැකි නිසා ඔහුත් ඔහුට කළහැකි හැම ඉදිරියව්වක්ම කර පෙන්නුවා.


 කතාව එතනින් ඉවරවුනේ නෑ. පසුදින  ඔහුගේ ඊ තැපැල් ගිණුමට අලූත් ලිපියක් ඇවිල්ලා එකේ අමුණුම් කළ විඩියෝ එකකුත් තියනවා.
 ඔහු මුලින්ම කළේ විඩියෝ එක බැලීම.

ඔහු පෙරුම්පුරාගෙන ස්කයිප් එකෙන් ඇයව හමුවුණා. ඒත් ස්කයිප් එක ඉදිරියේ හිටියේ ඔහු දුටු සුන්දර කාන්තාව නොවෙයි. ඒ සොඳුරු රුවැත්තිය වෙනුවට මැදිවයස් තරබාරු ගැහැණු කෙනෙක් පෙනී හිටියා. ගයාන්ට මෙය ඉහිලූම් නොදෙන්නක් වුණා. ඒ නිසා එම ගැහැණියත් සමඟ බහින් බස් වුණා.  පරුෂ වචනවලින් බැණ ගත්තා. අන්තිමට ඇය ඔහුට ඇගේ පස්වාත් භාගය පෙන්නුවා. ගැහැණියක ඉදිරියේ පරාදවීමට නොහැකි නිසා ඔහුත් ඔහුට කළහැකි හැම ඉරියව්වක්ම කර පෙන්නුවා.


ඔහුට දවල් තරු පෙනුනේ ඒ වෙලාවේ ඔහු ස්කයිප් එකෙන් කුණුහරුප කියන විදියත් විවිධ නිරුවත් ඉරියව් පෙන්නන ආකාරයත් එහි  තියනවා.  ඔහුගේ මුළු ගතම අප‍්‍රාණික වුණා. ඊළඟට ඔහු ගැහෙන හදවතින් යුතුව  විද්‍යුත් ලිපිය විවෘත කළා.


-”රුපියල් ලක්‍ෂ  15ක් දෙන්න නැත්නම් විඩියෝ එක අන්තර්ජාලයට දානවා.” ඔහුගේ මුවකට වියලූණා. මුළු ගතම ගැහෙන්න ගත්තා. කරපු මෝඩකම ඇතුන් ලවාවත් අද්දවන්න බෑ කියන්නෙ නිකන් නොවෙයිනේ. ඔහු මුළු ලොවම කඩාවැටිලා වගේ කල්පනා කළා.


 කෑම බීම ගැන වුණත් උනන්දුවක් තිබුණේ නෑ. සිතේ තිබුණ බියටම කාර්යාලයට ගියෙත් නෑ. ෆේස්බුක් ගියෙත් නෑ.


ඒ නිසා දවස් ගානක් ඔෆිස් නාව මිතුරා බලන්න ගජනායක ගයාන්ගේ නිවෙසට ගියා. ගජනායක කියන්නේ ගයාන්ගේ පාසල් කාලයේ සිටම හොඳ මිතුරෙක්. දැන්් ළඟම ව්‍යාපාරික හිතවතෙක්. දෙන්නා අතරේ රහසක් නම් තිබුණේ නෑ.


 ගයාන් දැක්ක ගජනායකටත් දවල් තරු පෙනුනා. හේතුව ගහක් ගලක් වගේ හිටිය මිතුරා දවසට දෙකට ඇදිලා ගිහිල්ලා. මූණත් කළුවෙලා හරියට මහ ලෙඩෙක් වගේ.


 ගයාන්ට තියෙන්නේ මානසික ගැටලූවක් කියලා ගජනායකට තේරුණා. ඒ නිසයි ඔහු ගයාන්වත් එක්කරගෙන එළියට ගියේ. එහිදී ගයාන් සිදුවූ සියලූ දේ ගජනායකට කිව්වා. සියලූ දේම සාවදානව අසාගෙන සිටි ගජනායක නැගී සිටියා. ගයාන් සමඟ පරිගණක සංසදයට ගිහින් ඔහුගේ ගැටලූව ඉදිරිපත් කළා.
ඔබට සිතන්න බොහෝ දේ එහි ඉතිරි කළා. සැබෑ ආදරවන්තයින් අතරට මුදල් සාධකයක් විය යුතුද? ආදරය කළ කෙනාම නොලැබීම නිසා තවත් එක් ගැහැණියකගෙන් පළිගත යුතු ද? කවුරුන් සමග විවාහ වුවත් ඇය බිහිකළ දරුවන්ගේ පියා ලෙස ඔබ ඔවුනට සාධාරණයක් කර ඇති ද? ඔබේ ජීවිතය වැරදුන බවට මතයක් ගොඩනගා ගනිමින් අන් අයගේ ජීවිත විනාශ කළ යුතුද?


ඒ සියලූ දේ සදාචාරාත්මක ගැටලූය. මේ සියලූ දේට අමතරව තාක්‍ෂණික ගැටලූ ද බොහෝය. එනම් ෆේස්බුක් යනු යහළුවන්  ඇසුරු කිරීමටත් තොරතුරු හුවමාරුවටත් භාවිත කරන සමාජ ජාල වෙබ් අඩවියක්. එහි සැරිසැරීමේදී ව්‍යාජ ගිණුම්වලින් ව්‍යාජ පින්තුර භාවිත කරමින් සිටින විවිධාකාර ගැහැණුන් හා මිනිසුන් හමුවිය හැකිය. කාගේ කවුදැයි නොදන්නා එවැන්නන් මුහුණ පොතට එකතු කරගෙන ඔබේ පෞද්ගලිකත්වය  ඔවුන් පාමුල තැබීම කෙතරම් යෝග්‍ය ද යන්න ඔබ සිතා බැලිය යුතුය.


 ඔබ ස්කයිප් ඉදිරියේ කරන කියන දේ පටිගත කිරීමට එවැන්නන්ට හැකියාව ඇති බවත් අමතක නොකළ යුතුය. මෙවැනි හේතු නිසා ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවිවල අතරමං වන ඔබට ඔබේ රැුකවරණය සඳහා ආරක්‍ෂණ විදි කෙසේ භාවිත කළ යුතු ද යන්න හඳුන්වාදීමට පරිගණක හදිසි ප‍්‍රතිකාර සංසදයේ ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සම්බන්ධ කර  ගනිමු. 


ඔබත් Skype භාවිත කරන්නෙක් නම් මේ පිළිබඳව සැලකිළිමත් වන්න.


ඔබගේ Facebook, Twitter වැනි සමාජ ජාල ගිණුම්වල ස්කයිප් ලිපිනය හොඳින්  දන්නා යාළුවන්ට පමණක් පෙනෙන ලෙස එකතු කිරීම ආරක්‍ෂිතය. ඔබ පරිගණකය පරිශීලනය කරන මොහොතකදී ඔබට හමුවන නාඳුනන පුද්ගලයකුට ස්කයිප් ලිපිනය දීමට අවශ්‍ය නම් ඊට ප‍්‍රථමයෙන් ඔහු පිළිබඳ හොඳ දැනුමක් ලබාගත යුතුය. එහිදී ඔහු හෝ ඇය හඳුනා ගැනීම සඳහා දුරකථන මාර්ගයන් භාවිත කර තොරතුරු දැනගැනීම ආරක්‍ෂාකාරීය. ස්කයිප් භාවිතයට ප‍්‍රථම ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික තොරතුරු දැනගනීමත්, පින්තූර මාර්ගයෙන් එහි සත්‍යතාව තහවුරු කරගැනීමත් කළ යුත්තකි. හැකි හැම අවස්ථාවකදීම ඔබ හඳුනන මිතුරන්  පමණක්  Contact List එකට එකතු කරගැනීම සුදුසුය. 


අන්තර්ජාලය භාවිතයේදී විවිධ Chat Room වලදී හඳුනා ගන්තා පුද්ගලයින්ට ස්කයිප් ලිපිනය දීමෙන් වැළකීම ඔබේ ආරක්‍ෂාවට කළ යුත්තකි. ඔබ හඳුනන අයකුගෙන් ස්කයිප් පණිවිඩ ලැබී ඇත්නම් ඊට ප‍්‍රතිචාර දැක්වීමද නොකළ යුත්තකි. නොදන්නා අයට ඔබේ සියලූ පෞද්ගලික තොරතුරු අනාවරණය කිරීම මගින් ඉන් අපහසුතාවට හා අනතුරට පත්වන්නේ ඔබමය. කිසි විටෙකත් නාඳුනන අය සමග වීඩියෝ සංවාද නොකළ යුත්තකි. ඔබ කැමරාව ඉදිරිපිටදී කතා කරන සියලූ දේ ඔබේ රූපයත් සමගින්ම අනෙකාට සටහන් තබාගැනීමට හැකි බව අමතක නොකරන්න. ඔබ දන්නා පුද්ගලයකු සමග වුවද වීඩියෝ සංවාද (Video Chat) කරන්නේ නම් ඔබගේ පෞද්ගලිකත්වය සුරැකෙන අයුරින් සංවාදයේ යෙදිය යුතු බව සිහියට ගත යුතු කරුණකි. 

13-Page-3-B


M



අදහස් (0)

ආදරය කළ තරුණියගෙන් පලිගන්න පුළුවන් කාටද ?

ප්‍රසංග Friday, 19 December 2014 02:39 PM

හොඳයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 102 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 84 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 35 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 84 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 52 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 579 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 598 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site