IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ආනන්දෙදි බෝලෙ වැදිලා කටින් ලේ පෙරාගෙන ආවා

අද මුළු ක‍්‍රිකට් ලෝකයේම අවධානය නතුව ඇත්තේ ඔහු වෙතය. ඒ ඔහු පන්දුව දමා ගසනවා යැයි එංගලන්තය කළ චෝදනා නිසාය. එංගලන්තය මෙසේ ප‍්‍රකාශ කළේ ශ්‍රී ලංකාව හමුවේ එක් දින තරගාවලිය පරාජය වීමත් සමගය. එම තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගැනීම වෙනුවෙන් තාරුණ්‍යයේ මේ හැඩකාර ක‍්‍රීඩකයා වෙතින් ලැබුණේ මහඟු මෙහෙවරකි. අවසන් එක් දින තරගයේ දී ලකුණු 15කට අඩු සංඛ්‍යාවක දී එංගලන්ත පිලේ කඩුළු 4ක්ම දවා ගැනීමට මේ අපූරු දක්ෂයාට හැකි විණි.

 


සුද්දන් මේ ක‍්‍රීඩකයා සමග උරණ වීමට එය නිසැකවම බලපාන්නට ඇත. පරාජය ඉවසා දරා ගැනීමට නොහැකි වූ මහන්තන්ත සුද්දන් සචිත‍්‍ර සේනානායක පන්දුව දමා ගසන්නේ යැයි චෝදනා කළේ එනිසාම වන්නට ඇත. කෙසේ වෙතත් මෙලෙසින් ලෝකයේම අවධානය අපේ සචිත‍්‍ර සේනානායක වෙත නතුව තිබෙන මොහොතක අප මේ සූදානම් වන්නේ ඔහුගේ යටගියාව ගැන මව ශීලා සේනානායකගෙන් විමසීමටය.


සචිත‍්‍ර කොහොම කෙනෙක් ද?
දරුවා නිසා කියනවා නෙවෙයි, ඇත්තටම එයා හොඳ දරුවෙක්. හරි ගුණවත් වගේම පිංවන්ත දරුවෙක්.


ඇයි එහෙම කියන්නෙ?
මෙයාගෙ ගතිගුණ හොඳ නිසයි.


සිහිපත් කළොත් එයාගේ ළදරු අවදිය ගැන?
මෙයා පවුලේ තුන් වැනියා. ලොකු පුතා පළවැනියා. දෙවැනියට දුව. මෙයා උපන්නෙ කොළඹදීයි. උපදින්න හිටපු කාලයේ දී ලෙහෙසියට අපි කොළඹ ඇවිත් නතර වුණා. ජී.එච්. බුද්ධදාස මහත්තයා අපේ මහත්තයාගේ හොඳම යාළුවෙක්. ඉතින් අපි ලෙහෙසියට නතර වෙලා හිටියෙ එහේ. එයාලා අපට හරියට උදව් කළා. සචිත‍්‍ර උපදින්නට පෙර මම ගොඩාක් සුබ සිහින දැක්කා. මෙයා උපන්නට පස්සෙ නර්ස්ලා මෙන්න ඔයාට තවත් කොළු පැටියෙක් කියලා මගේ ළඟින් ගෙනැත් තිබ්බා. ළමයෙක් උපන්න හැටියෙ කිරි පොවන්න හරි අමාරුයිනෙ. ඒත් මෙයා හරියට හොඳට පුරුදුයි වගේ කිරි බීලා හොඳ නින්දක් නිදා ගත්තා. අපි ඔක්කොමලා පුදුම වුණා. ඒ වෙලාවෙ එතැන හිටපු බුද්ධදාස මහත්මිය කිව්වෙ මෙයාගෙ තාත්තා වගේ මෙයත් කවදා හරි ප‍්‍රසිද්ධ වෙන්නෙ නැතෑ කියලයි.


සචිත‍්‍රගෙ තාත්තා මොනවද කළේ?
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළේ. කරුණාරත්න අබේසේකර මහතා යටතේ සේවය කළා. අමරපාල සේනානායක මහත්තයගෙ නමයි.
 

සචිත‍්‍රගෙ කේන්දරයෙ මොනවද ලියැවෙලා තියෙන්නෙ?

 

මෙයා මාලවි යෝගයෙන් උපන්න දරුවෙක්. දෙස් විදෙස් සුපතල චරිතයක් වන බව සඳහන් වෙලා තිබුණා. බලවත් කේන්දරයක් නිසා මේ දරුවා හරියට ආරක්ෂා කරගන්න කියලා කිව්වා. ඒ පාර අපි අනෙක් දරු දෙන්නා වගේම මේ දරුවාවත් ඖෂධ වර්ග ගල්වලා නැහැව්වා. තවත් පුද පූජා එහෙමත් කළා. දවසක් අපි පූජාවකට ගිහින් හිටියා. ඒ පූජාව අංගසම්පූර්ණව කරන්න නම් මල් වර්ගයක්  ඕනෑ වුණා. ඒත් ඒ මල් අපට සොයා ගන්න බැරි වුණා. නමුත් කවුදෝ නාඳුනන කෙනෙක් ඇවිත් අපට ඒ මල් දීලා ගියා. ඉතින් එය අංගසම්පූර්ණ පූජාවක් වුණා. ඒ සිදු වීම අදටත් අපට හරි පුදුම දෙයක්.


ළමා වියේ කොහොමද හැසිරීම එහෙම?
හරිම දඟයා. වැඩි හරියක්ම දඟ වැඩ කළේ ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන්න ගිහිල්ලයි. කුඩා කාලයේ දී උපන් දිනයකට අපි බයිසිකලයක් අරන් දුන්නා. ඒත් එයාට ලැබුණ තෑගි අතරින් ක‍්‍රිකට් පිත්ත සහ බෝලය තමයි තෝරා ගත්තෙ. මේ බෝලය සහ පිත්ත අරගෙන මෙයා ගෙදර බිත්තියකට නිතරම ගැහුවා. කොච්චර සැරයක් එය කළාද කිව්වොත් ඒ බිත්තිය බොල් වෙලා. අදටත් තීන්ත ආලේප කළත් ඒ බිත්තිය බොල් වෙච්ච තැන දැක ගන්න පුළුවනි. පාසලේ හතර වසරේ විතර ඉඳලා ක‍්‍රිකට් ගහන්න පටන් ගත්තා. මම කටයුතු කළේ ගුරුවරියක ලෙසයි. බණ්ඩාරවත්ත පරාක‍්‍රම විද්‍යාලයට මුලින්ම ගියේ. මෙයා ක‍්‍රීඩාවට ගොඩාක් දක්ෂ වුණා. ඉගෙනීමටත් දක්ෂ වුණා. ඒ නිසා කොළඹ ආනන්දයට ඇතුළත් වෙන්න ලැබුණා. මුලින්ම කළේ මලල ක‍්‍රීඩා. හැබැයි මලල ක‍්‍රීඩා කරන අතරේ දී මෙයා ක‍්‍රිකට් බෝලය ග‍්‍රවුන්ඞ් එකේ ඈතට විසි කරලා ඒ දිහා බලා ඉන්නවලූ. ඒ පාර වීරසූරිය සර් කිව්වෙ මට පේන්නෙ මෙයා මලල ක‍්‍රීඩා අත් හැරලා ක‍්‍රිකට් ගහන්න හදනවා වගෙයි කියලයි.


ඒ පාර ක‍්‍රිකට් ක‍්‍රීඩාවට යොමු වුණා ද?
දවසක් මලල ක‍්‍රීඩා කරන අතරේ මෙයා මගේ ළඟට ඇවිත් -”ඇයි අම්මට බැරිද මාව ක‍්‍රිකට්වලට දාන්න” කියලා දඟකාරකමට ඇහුවා. සර්ට තිබුණු බය නිසා අපි එක පාරටම අහන්න ගියේ නැහැ. ඒත් මෙයා ප‍්‍රධාන ශිෂ්‍ය නායකයට කියලා, අයියෙ මාව ක‍්‍රිකට් සර්ව මුණගස්වන්න කියලා. ඊට පස්සෙ ක‍්‍රිකට් සර් ළඟට එක්කගෙන ගියාම එයා කිව්වෙ මෙයා ක‍්‍රිකට්වලටම උපන් දරුවෙක් කියලයි. ඒ තාක්ෂණය දැනුම ඔක්කෝම තියෙන බව කිව්වා. ඒ විදියට මෙයා තමුන්ගෙ අරමුණ වෙනුවෙන් යන්න පැකිළුණෙත් නැහැ.

 

කි‍්‍රකට්වලට එන්න කලින් මලල කී‍්‍රඩා කළා


ක‍්‍රිකට් ගහන්න ගිහින් වෙච්ච සිදු වීම් එහෙමත් ඇති නේද?
ගොඩාක් තියෙනවා. දවසක් ආනන්දයේ දී බෝලය වැදිලා ලේ පෙරාගෙන දත් දෙකකට විතර හානි වෙලා ඇක්සිඩන්ට් වෝඞ් එකට ගෙනිච්චා. එදා නම් මම පුදුම විදියට බය වුණා. දවසක් ගෙදර බෝල ගගහා ඉඳලා බෝලය සීලිමට ගියාම මෙයා එය අරගන්න වහලයට නැගලා එදා අත කපා ගෙන ලේ පෙරා ගෙන ආවා. ඇවිත් අත වසාගෙන ඉඳලා -අම්මා මගෙන් දවසක් රුපියල් හතරක් ගත්තා නේද? මට දැන් ඒක දෙන්න කීවා”. අපෝ මෙයාගෙ මහ ලොකු රුපියල් හතර කියලා මම ඒක දුන්නා. මෙයා එයින් ප්ලාස්ටර් දෙකක් අරගෙන අපට හොරෙන් දාගෙන සැටියට වෙලා හිටියා. දන්නෙම නැතුව මිනිහට නින්දකුත් ගිහින්. අපට හරියට දුක හිතුණා.


"මාස්ටර්" කියලා මෙයාට නමක් පටබැඳිලා තිබුණ ද?
තාත්තා තමයි එයාට එහෙම කිව්වෙ. තාත්තා මෙයාට ගොඩාක් ආදරෙයි. ඒ නිසා තමයි ආදරයට එහෙම කිව්වෙ.


තාත්තා ආදරයට කීවේ ‘මාස්ටර්’ කියලා

 

පාසලේදීත් නමක් පටබැඳිලා තිබුණලූ නේද?
පාසලේ දී මෙයා ගොඩාක් ජනප‍්‍රිය වෙලා හිටියෙ -ජොන්ටි” කියලයි. ජොන්ටි රෝඞ්ස් වගේ දක්ෂ විදියට පන්දු රකින නිසා ඒ නම මෙයාට පටබැඳිලා. වෝල්ටර් පෙරේරා සහ පොලොන්නෝවිට මහතා පවා මෙයාට කතා කරලා තියෙන්නෙ ඒ නමින්. මේ නම කොච්චර පටබැඳිලා තිබුණද කිව්වොත් දවසක් මම මෙයාගෙ කෑම පැකට් එකේ සචිත‍්‍ර කියලා නම ලියලා ගේට්ටුවට දීලා ගියා. ඒත් ඒක හම්බ වෙලා තිබුණෙ නැහැ. මොකද සචිත‍්‍ර කියන්නෙ කවුද කියලා කවුරුවත් දැනගෙන ඉඳලා නැහැ. පසුව හැමෝම කිව්වෙ අයියෝ ජොන්ටි කියලා ලියලා එවන්න මීට පස්සෙ කියලයි.


අයියා සහ අක්කා එක්ක සචිත‍්‍ර හරි එකතු ද?
පුදුම විදියට එකතුයි. ඒ දවස්වල මහත්තයා මිය යන්නට පෙර පුරුද්දක් තිබුණා. ඒ තමයි දරුවෝ තුන් දෙනාට එක බත් පිඟානක් බෙදාගෙන ඇවිත් කවපු එක. මම මෙහෙම කරන්නෙ හැමදාම ඔය තුන් දෙනා මේ විදියට ශක්තිමත්ව මැරෙන කල්ම ඉන්න  ඕනෑ නිසයි කියලා මහත්තයා මෙයාලාට කිව්වා. අපරාදෙ කියන්න නරකයි, දරුවො තුන් දෙනා හරි එකතුයි. තාත්තා නැති වුණාම සචිත‍්‍රට තාත්තා වුණේ අයියා. අදටත් කොහේ ගියත් අයියට කියලා තමයි මේ මල්ලි යන්නේ. අක්කාටත් හරිම ආදරෙයි. එච්චරටම බැඳීමක් තියෙන්නෙ. වාසනාවට සචිත‍්‍ර විවාහ වෙච්ච දුවත් හරිම හොඳයි. අපේ පවුලටම ගැලපෙන හොඳ දරුවෙක්.


බිස්කට් කෑමට හරි කැමැතියි කියන්නෙ ඇත්ත ද?
ඒ කතාව සම්පූර්ණ ඇත්ත. මාරි බිස්කට් කන්න හරි ආසයි. බිස්කට් පැකට් එකක් අරන් දුන්නාම බොරුවට අපෙන් ඇහුවෙ එකක්  ඕනෑද කියලයි. එහෙම ඇහුවට ඒක දෙන්න ලෝභ බව අපි දැනගෙන හිටියා. අදටත් මේ බිස්කට් කන පුරුද්ද තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඉස්සර කවුරු හරි ගෙදරට ආවාම මෙයා දුවගෙන ඇවිත් අම්මෙ කිරි තේ හදමු නේද කියලා යෝජනා කළා. මොකද මෙයා හරිම ආසයි කිරි තේවලට. එයාට කිරි තේ බොන්න  ඕනෑ නිසා තමයි එහෙම කළේ.


ක‍්‍රිකට් ක‍්‍රීඩා නොකළා නම් සචිත‍්‍ර මොන වගේ තැනක සිටීවි ද?
කතා දෙකක් නැහැ. එහෙනම් ගායනය, සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න ඉඩ තිබුණා. සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා යටතේ සංගීතය ඉගෙන ගත්ත හොඳ ගෝලයෙක්. එතුමා මෙයාට හරි ආදරෙයි. ගායනයටත් හරි දක්ෂයි.


සචිත‍්‍රගෙ ප‍්‍රියතම ක‍්‍රීඩකයා වුණේ කවු ද?
සනත් ජයසූරිය එයාගේ වීරයා වුණා. සනත්ගෙ ක‍්‍රිකට් ගැන  ඕනෑම දෙයක් මෙයාගෙන් අහන්න. මෙයා ළඟ තොරතුරු විස්තර ඡුායාරූප එකතු කරලා තියෙනවා. සනත්ට පුදුම විදියට ආසා කළා.


කුඩා කාලයේ -කම්පන” බලන්න ගිහින් අපූරු සිද්ධියක් වුණාලූ නේද?
මෙයා සංගීතයට ආසා නිසා කට ඇරගෙන -”කම්පන” නරඹමින් හිටියෙ. අතේ ටොෆි අහුරක් තිබුණා. මෙයා කොච්චර දුරට සංගීතයට සමවැදිලා හිටියද කිව්වොත් අර ටොෆි ඔක්කෝම එහා කෙනාගෙ ඔඩොක්කුවට වැටිලා. ආයෙත් දවසක මහත්තයගෙ යාළුවෝ වන ලූෂන් බුලත්සිංහල සහ අනුලා බුලත්සිංහල ගම්පහ -”තාරාවෝ ඉගිලෙති” පෙන්වන්න ආ දවසක අපේ ගෙදර ඇවිත් හිටියා. අපේ කතාවට මෙයා සවන් දිදී ඉඳලා දන්නෙම නැතිව අතේ තිබුණු වීදුරුව හප හපා හිටපු මෙයාගෙ කටේ එය හිර වෙලා. අනුලා මහත්මිය එය දැකලා වහාම මෙයාව මුනින් අතට තබා වීදුරුව ඉවත් කරලා. නැත්නම් එදා ලොකු ප‍්‍රශ්නයක් වෙන්න තිබුණෙ. වාසනාවට අනුලා අක්කා එය දැකලා තිබුණා.

 

එයාට පාසලේදී කීවේ ජොන්ටි කියලා. සචිත‍්‍ර කියලා නම ලියපු බත් පාර්සලේවත් ලැබිල තිබුණෙ නෑ.


 

සචිත‍්‍රට ලොතරැයි දිනුමකුත් ඇදුණලූ නේද?
ඒක වුණේ මෙහෙමයි. දවසක් පැන්ෂන් පඩි ගන්න මම බැංකුවට ගියා. එදා මෙයාවත් එක්කගෙන ගියේ. රිදී රේඛා ගන්න කියලා එදා එක් මහත්මියක් බල කළා. බැරිම තැන මම සචිත‍්‍රගෙ නමට රිදී රේඛා ගත්තා. මෙයාගෙ නමට ගත්ත රිදී රේඛා නිසා තවත් අවුරුදු කීපයකට පස්සෙ පළමු ත්‍යාගය ලෙස ලක්ෂ 25ක් ලැබුණා. ඒත් දරුවා එය ලැබුණාම අම්මනෙ ඒවා ගත්තෙ අම්මම ඒ සල්ලි තියා ගන්න කියලා මට කීවා. ඒ වගේ හරි ගුණවත් දරුවෙක්. කාටවත් කරදරයක් වෙනවට අකැමැති හොඳ පුද්ගලයෙක්.


 



අදහස් (0)

ආනන්දෙදි බෝලෙ වැදිලා කටින් ලේ පෙරාගෙන ආවා

හාමිඩ් හස්සන් Friday, 11 July 2014 06:44 PM

නියම කොල්ලෙක්නේ... (නි)

:       0       0

පන්සිළු Sunday, 06 July 2014 08:24 AM

ශ්‍රී ලංකා කොල්ලෝ වසයි.... (නි)

:       0       0

සුනිල් පෙරේරා Sunday, 29 June 2014 01:06 PM

එංගලන්තේ සුද්දන්ගේ හුලන් බහිනකොට ඔබේ දක්ෂතාවයට ඉරිසියා කිරීමේ වරදට ක්‍රීඩා තුනෙන්ම පරා ද උන නිසා ඔබ අපේ රටට වාසනාව ගෙනා ක්‍රීඩකයා කියල ඔප්පු කරලා තියෙනවා .(දී)

:       0       0

පුසුබන් Saturday, 28 June 2014 05:19 AM

මගේ රත්තරන් පුතේ පුතාලට මම හරි ආදරෙයි. ඒත් සෙල්ලම් කරන විට හරක් වගේ චුවින්ගම් හපන්න එපා. හරිම කැතයි බලන අපිට හරි අප්පිරියි .එම නිසා කට වගෙනෙ හපන්න. අනිත් අයටත් කියන්න බුදු සරණයි (නදී)

:       0       0

ටෙනිසන් Wednesday, 02 July 2014 04:50 AM

හරිම දඟකාර දරුවෙක්නේ මෙයා බලනකොට (නි)

:       0       0

ජයශ්‍රී Wednesday, 02 July 2014 02:49 PM

හොද කොල්ලෙක් බොරු චෝදෙනා වලට නොසැලෙන්න මුළු ලෝකයේ සිටින ලාංකිකයින් ඔබසමග (දී)

:       0       0

බ්‍රිආන් Wednesday, 02 July 2014 09:22 AM

මතිවුස් කොලුවට පින් දෙන්න (දී)

:       0       0

සෝමා Monday, 30 June 2014 06:06 PM

අනේ ඔව් අර හපන ඒවා හපන්න හොරෙන්,(දී)

:       0       0

අජිත් Thursday, 26 June 2014 07:48 PM

අපට ඔබ ගැන බොහොම ආඩම්බරෛ, ඔබට දිගු ගමනක් යන්න වාසනාව ශක්තිය ධෛරයය ලැබේවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 119 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 779 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1310 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 178 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 413 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 580 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2039 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site