IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ආනන්ද මෛත්‍රෙය නා හිමියන්ගේ ගුරුපරපුරේ මුල්බිම රාස්සගල ගල් ලෙන් සෙනසුන

2

 

 

ව්‍යවහාර වර්ෂවලින් 19 වැනි සියවස ආරම්භ වූයේ ලංකා දූපතට යහපත් ලකුණු රැුගෙන නොවේ. එම සියවසේ මුල් වසර ආක‍්‍රමණ වලින්ද අවිචාර පාලනයකින්ද පීඩාවට පත් වූ ලේ වැගුරුණු දුක්දොම්නස් පැතුරුණු මුරුගසන් වරුසාවට තෙමුණු මිනිසුන්ගෙන් පිරීගිය සමාජයක් වීය. එහි ද දරුණුම සිදුවීම් සිදුවූයේ කන්ද උඩරට මහනුවරය. ඒ අතර 1812 ඉංග‍්‍රීසි ආක‍්‍රමණය, 1815 සිංහල රාජ්‍යයේ නිමාවීම, 1818 මහ කැරැුල්ල එහි අමතක නොවන සටහන්ය. ඒ සියල්ල මහනුවර නගරය තුළ සිදුවෙද්දි එම නගරයේ ම උඩවත්ත කැලේට වී භාවනා යෝගීව සිටි තරුණ භික්ෂුවකි. උන්වහන්සේ නමින් සලකුණු ආරේ සුමංගල නම් වූහ.

 


සුමංගල ස්වාමීන්වහන්සේ මහනුවර නගරයට පැමිණෙන්නේ බලං9_SLTK_P_19ගොඩ ආසන්නයේ කොට්ටිඹුල්වල නම් රජමහා විහාරයේ සිටය. එම ස්ථානය, වරින්වර රණගුලූ පොල, අලූලෙන, කොට්ටිඹුල්වල යන නම්වලින් හඳුන්වා තිබේ. ඉතාම ඈත යුගයේ සිට අඛණ්ඩව පැවත ආ සඟපරපුරක් මේ විහාරස්ථානයේ වැඩ සිටි අතර මහනුවර යුගයට අයත් සාසනික පරිහානිය එම ස්ථානයටද අදාළ වූවද එය පැවිද්දන්ගෙන් හිස් නොවීය. සුමංගල හිමියන් මහනුවරට වැඩමකරන්නේ දහම් අධ්‍යාපනය ලබන්නටත් භාවනා පුහුණුව ලබාගන්නටත්ය. ඒ අනුව උන්වහන්සේ උඩවත්ත කැලේ පිහිටි අස්ගිරි පාර්ශ්වයට අයත් රාම විහාරය කේන්ද්‍ර කොටගෙන දහම් අධ්‍යාපනය ද භාවනා පුහුණුව ද ලබාගන්නා ලදී. දහම් අධ්‍යාපනය නිමාකළ උන්වහන්සේ අස්ගිරි මහා විහාරයේ දී උපසම්පදාව ලැබ ගත්හ. පසුකලෙක උන්වහන්සේ සිය ගම්බිම් බලා පිටත් වූහ. නැවත කොට්ටිඹුල්වලට ම සපැමිණි එතුමෝ ඉහත සඳහන් කොට්ටඹුල්වල රජමහා විහාරයේ ම නවාතැන් ගත්තහ. ඒ සමග මහනුවර සිට පැමිණි තවත් භික්ෂු පිරිසක් වූහ. මේ වන විට නව ප‍්‍රවණතාවක් ලෙස බිහිවූ අමරපුර නිකාය රටපුරා ව්‍යාප්ත වෙමින් පැවැතිණි. එම සඟපරපුරට අයත් භික්ෂුන්වහන්සේලා පිරිසක් සබරගමුව දිසාවට වැඩමකර සිටියහ. සුමංගල හිමියන් සෙසු සහෝදර භික්ෂූන් සමග අමරපුර නිකායික භික්ෂූන් වහන්සේලා සමග එක්වූහ.


ආරෝහ පරිනාහ සම්පත්තියෙන් හා සුපේසල ශික්ෂාකාමිත්වයෙන් යුතු සුමංගල හිමියන් වෙත මහජනයාගේ ප‍්‍රසාදය නිරන්තරයෙන් පැවතිනි. පසුව උන්වහන්සේ කොට්ටිඹුල්වල රජමහා විහාරස්ථානය අතහැර බලංගොඩ රාස්සගල වනාන්තරය වෙත වැඩම කරන ලදහ. එහි කටාරම් කොටා සකසන ලද ගල්ලෙන් සහිත භූමියක් විය. උන්වහන්සේ ඇතුළු භාවනායෝගී භික්ෂු පිරිසක් එහි නවාතැන් ගනිමින් භාවනා කටයුතුවල නියැලෙන්නට පටන් ගත්හ. එම සඟපරපුර ක‍්‍රමයෙන් ව්‍යාප්තව විහාරස්ථාන කීපයක් ම බිහිවිය. මහවලතැන්න චන්ද්‍රසේකර මුදලින්දාරාමය, උඩුමුල්ල ශ‍්‍රී නන්දාරාමය ඉන් වැදගත් විහාරස්ථානයන්ය. එම පරපුරේ කීර්තිමත් ම චරිතය වන්නේ අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනා හිමියන්ය.  


1850 න් පසුව බංලගොඩ ප‍්‍රදේශය ද වතුකාර සංස්කෘතියේ ආක‍්‍රමණවලට ලක්විය. රාස්සගල ආරණ්‍ය සේනාසන භූමියද වතුකරයට පවරාගන්නේ මුඩු ඉඩම් පනත යටතේය. ඒ නිසා ආරණ්‍යවාසී භීක්ෂූන්ට එම ස්ථානය හැරයන්නට සිදුවිය. ඒ නිසාම සුමංගල හිමියන් ඇතුළුපිරිසට තැන්තැන්වල වාසය කරන්නට සිදුවිය. ඇල්ලේ පොල, බෙලිගල්ලෙන් විහාරය ද එයින් එක් ස්ථානයකි. අවසාන කාලයේ බලංගොඩ ආසන්නයේ දහාමාන  ප‍්‍රදේශයේ ඉඩමක ඉදිකරන ලද සෙනසුනක වැඩ  සිට පසු කලෙක අපවත්වූහ.


කාලයත් සමග ආරණ්‍ය භූමිය ප‍්‍රවාදයක් පමණක් බවට පත්ව තිබූ අතර එම ස්ථානය පිහිටි ඉසව්ව දැන සිටියද ආරණ්‍ය භූමිය මේ වන විට කුමන තත්ත්වයක තිබේද යන්න පිළිබඳව වැටහීමක් නොවීය. ආරණ්‍ය භූමියට අයත් ගල්ලෙන් ආදිය ප‍්‍රදේශයේ ජනයා දැන සිටියද එහි ඉතිහාසය කුමක් ද කවරෙක් මේ ස්ථාන භාවිත කරන ලද්දේ ද යන්න දැන සිටියේ නැත. එසේ හෙයින් රාස්සගල සෙනසුන ඉතිහාසයෙන්  ගිලිහී යමින් පැවතින.


රාස්සගල පාර්ශ්වයේ (අමරපුර සද්ධම්මවංශ නි කාය) සංඝ සභා  රැස්වීමක දි මෙම ස්ථානය සොයා  හඳුනාගැනීම පිළිබදව අවධානය යොමුවී තිබිණි. මා මේ ස්ථානය සොයාගැනීම පිළිබදව උනන්දුවෙන් සිටියේ ආනන්ද මෛත්‍රෙය නා හිමිපාණන් වහන්සේ සමග කරන ලද සාකච්ඡුාවල දී මේ ස්ථානය පිළිබදව දැනුමක් තිබූ නිසාවෙන්ය. රාස්සගල පරපුරේ වත්මන් මහනායක කරගොඩ උයන්ගොඩ මෛත‍්‍රීමූර්ති නායක මාහිමිපාණන් වහන්සේගෙන් ද තොරතුරු විමසා සටහන් කොටගෙන තිබුණෙමි. ඒ අතර මේ ස්ථානය සොයාගැනීම සහ එහි කරුණු එක්රැස් කරගැනීම සම්බන්ධව විශාල උවමනාවකින් යුතුව කටයුතු කරමින් සිටියේ රාස්සගල පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ගරු ගැටන්ගම මේධංකර නා හිමිපාණන් වහන්සේය. උන්වහන්සේ  සමග එක්ව මේ ස්ථානය පිළිබදව සොයා බලන්නට තීරණය කොට  ඒ සඳහා දිනයක් වෙන් කොට ගතිමි. ඒ අනුව පසුගිය මාර්තු 24 වැනි දින මේ ස්ථානය සොයාගැනීම සඳහා පිටත්වීමි.


මේධංකර නා හිමියන් මේ සඳහා සහය කොටගත යුතු වැදගත්ම කෙනා ලෙස සැලකුයේ රාස්සගල සුදර්ශන රන්කොත්  විහාරාධිපති ගරු බුලත්ගම විමලානන්ද රාස්සගල පාර්ශ්වයේ අනුනායක මහාස්වාමීන් වහන්සේය. වයෝවෘධව සිටින උන්වහන්සේගේ ශරීර සෞඛ්‍ය ද එතරම් හොද නැත. ඒත් මේ ස්ථානය සොයාගැනීම තමන්ගේ වගකීමක් ලෙස සලකන උන්වහන්සේ තමන් දන්නා තොරතුරු අනුව ඉසව්ව සොයා යන්නට අපත් සමග පිටත් වූහ. විශ‍්‍රාම ලත් අධ්‍යාපන නිලධාරී කේ.පී. ආරියසේන  මහත්මා ද අප සමග එක් වීය.


අනු නා හිමියන් ගේ දැනුමේ හැටියට පෙනීී ගියේ පැරණි ගල්ලෙන මේ වන විට එහි නොමැති බවයි. කලකට පෙර නාය යෑමකින් එම ස්ථානය විනාශ වූ බව උන්වහන්සේ ප‍්‍රකාශ කළහ. මින් පෙර ද මෙවන් අදහසක් අප වෙත ලැබී තිබිණි. ඒත් එම ස්ථානය පිහිටි භූමිය හෝ හඳුනාගැනීම වැදගත් බව අපි තීරණය කළෙමු. ඒත් එක් ගල්ලෙනක් නොව කීපයක්  ම තිබූ බව දැන සිටි නිසාවෙන් එහි සෙසු ගල්ලෙන් ද ශේෂව තිබිය යුතුය යන අදහස ද අපතුළ විය.


රාස්සගල කඩමංඩියේ පටු මග අයිනේ වාහනය නතර කළ අපි පඩිපෙළකින් බැස පටු අඩිපාරක් දිගේ ගමන් කළෙමු. එම ප‍්‍රදේශයේ තොරතුරු දන්න පුද්ගලයෙක් සොයමින් නා හිමියන් ගෙවල් කීපයකටම ගියද අදාළ පුද්ගලයා එහි නොවීය. ගෙවල්වල සිටි අය ද එවන් ගල්ලෙනක් ගැන දැන සිටියේ නැත.
විමලානන්ද අනු නා හිමිපාණන් වහන්සේ රාස්සගල ගමේ උපන් කෙනෙකි. උන්වහන්සේ පාසල් අවධියේ සිටම මේ ප‍්‍රදේශයේ සැරිසරා තිබේ. කුඩා අවධියේ පාසල් යද්දි මග අසල තිබූ ගල්ලෙනක් පිළිබඳව උන්වහන්සේට මතකය. උන්වහන්සේ මේ ගමන් කරන්නේ ඒ මග ඔස්සේය. පටුපාර දිගේ ගමන් ගත් උන්වහන්සේ පඩිපෙළක් ද නගිමින් නිවසක් අසල පිහිටි හිස් බිම් කොටසක් වෙත පැමිණියහ. එහි නාය යෑමක ලකුණු දකින්නට තිබිණි. නා හිමිපාණන් වහන්සේගේ මතකය ලෙන පිහිටියේ  එම ස්ථානයේ බව හා දැනට කිසිදු සලකුණක් ඉතිරි නොකරම ගල්ලෙන විනාශයට පත්ව ඇති බවත්ය.


ඒ අතර නා හිමි පාණන් වහන්සේ සොයමින් සිටි පුද්ගලයා එහි පැමිණියේ නා හිමියන් පැමිණි බව ආරංචිවය. එතුමා නමින් එම්.ඞී.එම්.එස්.කේ. දිසානායකයි. ඔහු පැමිණ පැවසුවේ  කඩාවැටී බිඳීගිය ස්ථානය එය නොවන බවත් එය මඳක් ඉහළින් තිබෙන බවත්ය. ඊට අමතරව ඔහු පවසා සිටියේ අතීතයේ භික්ෂූන් වහන්සේලා වැඩසිටි ගල්ලෙන මෙයින් තරමක් දුරින් පිහිටා ඇති බවත්ය. එය තරමක දුරක  පිහිටි බවත්ය. වයෝවෘධව සිටින නා හිමි පාණන් වහන්සේලා දෙනමට ඒ දුර යෑම පහසු නොවන බව පෙනේ. එසේ හෙයින් මග පෙන්වන්නෙකු සමග මම එම ස්ථානයට යෑමට තීරණය කළෙමි. එහෙත් උන්වහන්සේලාගේ දිරිය සුලූපටු නොවීය. උන්වහන්සේලා ගතින් කෙසේ වෙතත් සිතින් සවිමත් වූහ. එමෙන්ම තමන්ගේ ගුරුපරපුරේ මුල් වාසස්ථානය වෙත යන්නට, එය දැකබලාගන්නට උන්වහන්සේලා තුළ මහත් රුචියක් වීය. ඒ නිසාම උන්වහන්සේලා ඉස්සර වූහ.


තේවත්ත මැදින් වැටුණු පටු මග ඔස්සේ සෑහෙන දුරක් ගමන් කළ අප කුඩා අඩිපාරක් දිගේ53 ගියෙමු. එහි තේ වැවුනු කොටසේ තරමක විශාල ගලක් පිහිටි අතර එහි පැරණි ගල්ලෙන දක්නට ලැබිණි. එහෙත් එහි වූයේ උසින් අඩු කුඩා ගල්ලෙනකි. එසේ වුවද එය පරීක්ෂා කරමින් සිටිද්දී අපට පැහැදිලි වූයේ වසර සීයක පමණ කාලයක් අතහැර තිබූ මේ ලෙන මැදින් දිය පහරක් ගමන් කරන බවයි. ඒ නිසාම ගල්ලෙන ගොඩවී ඇති බවත් එය තවදුරටත් ඇතුළට පිහිටි විශාල ලෙනක් ද බවයි. රොන් මඩ විශාල වශයෙන් ගොඩ ගැසී තිබෙන බැවින් එහි ඇතුළට යෑම අපහසුය. අප ඒ සඳහා සූදානම් ව පැමිණියේද නැත. එම ස්ථානයට පැමිණි ගම්වැසි තරුණයෙක් ඇතුළට යවන්නට උත්සාහ කළ ද ප‍්‍රමාණවත් ආලෝකයක් නොතිබීමත් ඔහුට ගමන් කිරීමට අපහසු වීමත් නිසා අභ්‍යන්තර කොටසේ විස්තරයක් බලා ගත නොහැකි වීය. බාහිර කොටස පරීක්ෂා කොට බලද්දි දක්නට ලැබුණේ මේ ලෙන කටාරම් කොටා ඇති බවයි. එම කටාරම හොඳින් පරීක්ෂා කොට බැලූවේ හේතු දෙකක් ඇතිවය. බොහෝ ලෙන්වල කටාරමට යටින් අකුරු පේලි කොටා තිබේ. එහෙත් එහි බැලූබැල්මට එවැන්නක් දක්නට නැත. එහෙත් ගලේ පාසි බැඳී ඇති බැවින් එය නිවැරදි ව පරීක්ෂා කිරීමක් නොවීය. දෙවැනිව අවධානයට යොමු වූයේ කටාරමේ ස්වරූපයයි. අනුරාධපුර යුගයට අයත් ගල්ලෙන්වල කටාරම ගැඹුරුය. එහෙත් මේ කටාරම එතරම් ගැඹුරු නැත. එයින් අදහස් වන්නේ මේ ලෙන පසුකාලීනව සකසා ගත්තක්ය යන්නද. රාස්සගල සෙනසුනේ සුමංගල මා හිමියන් වැඩ සිටියේ 1836 ත් 1855 අතර කාලයේ විය යුතුය. එසේනම් මේ කටාරම් එම යුගයේ සකස්කරන ලද්දේ ද. එහෙත් කූරගල ආශ‍්‍රිතව ගවේශණවල නියුතු වූ රාජ් සෝමදේව මහත්මා නව අදහසක් පළකරමින් ප‍්‍රකාශකර ඇත්තේ ගල්ලෙන්වල නොගැඹුරු කටාරම් කොටන ලද්දේ මහින්දාගමනයට පෙර බවය. එසේ නම් මෙම ස්ථානය පිළිබඳව ඉතිහාසය මීට වඩා වෙනස් ආකාරයකට හාරා ඇවිස්සිය යුතුව තිබේ. තවදුරටත් පරීක්ෂා කරද්දි දක්නට ලැබුණේ පැරණි බිත්තියේ ශේෂ වූ කොටස්ය. එය අහම්බයක් ලෙසින් භාග්‍යයකට ඉතිරි වූවක්ය. මේ ස්ථානයේ ඉතිහාසය ගවේෂණයේ දී හා කාලනිර්ණයේ දී එය ඉතාම වැදගත් සාධකයක් වනු ඇත.


දිසානායක  මහත්මාට තවත් මතකයක් තිබිණි. ඒ හැටේ දශකයේ තමා පාසල් සිසුවකුව සිටියදී සිදුවූ සිදුවීමකි. ඒ දියපාර සැඩව පස සෝදා යෑමක දී ලෙන තුළ මතු වූ කිරිගරුඩ බුදුපිළිමයක් පිළිබඳව මතකයකි. එම පිළිමය එවකට ආසන්නයේ පැවති පාසලට රැුගෙන ගොස් එතැන් සිට පාසල් ළමුන්ගෙන් සැදුම්ලත් පෙරහැරකින් රාස්සගල විහාරයට රැුගෙන ගිය බව ද ඔහුට මතක තිබිණි. එම විස්තරය  අනු නා හිමියන්ගේ මතකය අවදි කරන්නක් වූ අතර එම පිළිමය රත්නපුර කෞතුකාගාරයට බාරදෙන ලද බවද උන්වහන්සේ ප‍්‍රකාශකරන ලදී. එය ගල්ලෙන පිළිබදව ඉතාම වැදගත් කරුණක් වූ අතර මේ පිළිබඳව කෞතුකාගාරය පරීක්ෂා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරගතිමු.


පසු දින ගැටන්ගම මේධංකර නා හිමිපාණන් වහන්සේ සමග ගොස් රත්නපුර කෞතුකාගාරය පරීක්ෂා කළෙමු. එහි දී කෞතුකාගාර අධ්‍යක්ෂිකා තමරා ජයසේකර  මහත්මිය ඉතාමත්ම කාරුණිකව සහ උනන්දුවෙන් යුතුව තොරතුරු සොයාගැනීමට උපකාර වූවාය. එම ස්ථානයේ ඉතාම සුරක්ෂිතව ප‍්‍රතිමා වහන්සේ තැන්පත්ව තිබිණි. එය බුරුමයේ සිට රැුගෙන එන ලද කිරිගරුඬ පිළිමයකි. සමාධි මූද්‍රාවෙන් යුතු අඩි එකහාමාරක පමණ පිළිමයකි. එය තවදුරටත් රාස්සගල ඉතිහාසය තහවුරු කරන්නකි. අමරපුර නිකාය ආරම්භ වෙන්නේ බුරුම භික්ෂූන් වහන්සේලාගේ සහය ඇතිවය. යටත්විජිත යුගයේ අසරණව සිටි බෞද්ධයින්ට අතහිත දුන්නේ බුරුමය සහ තායිලන්තයයි. එම යුගයේ සිව්රු පිරිකරද අපට එවනු ලැබුවේ බුරුම බෞද්ධයින් විසිනි. දළදා මාලිගාවේ නවකම් කර නව ගොඩනැගිලි ඉදිකරන ලද්දේ ද ඔවුන්ය. රුවන්වැලි සෑයේ චූඩාමාණික්‍ය ලබා දුන්නේ ද ඔවුන්ය. එම ආකාරයටම එම යුගයේ අමරපුර සහ රාමඤ්ඤ දෙනිකායික පන්සල්වලට බුරුම කිරිගරුඬ ප‍්‍රතිමාද ලබාදෙන ලදී. සුමංගල මාහිමිපාණන් වහන්සේ අමරපුර නිකාය හා සම්බන්ධව සබරගමුවේ වැදගත් විහාරස්ථාන අරඹනවිට එම විහාරවලට බුරුම ප‍්‍රතිමා ලබාදුන් බව පැහැදිලිය. එයින් එක් පිළිමයක් මහවලතැන්න චන්ද්‍රසේකර මුදලින්දාරාමයේ ද තැන්පත්ව තිබේ. සුමංගල මා හිමිපාණන් වහන්සේ තමන්ට ලැබුණ පිළිම  අතරින් එක් පිළිමයක් මේ පූජනීය ගල්ලෙනේ තැන්පත් කොට වැඳුම් පිදුම් කළ බව පැහැදිලිය. පසුකලෙක උන්වහන්සේ ලා ගල්ලෙන අතහැර යද්දී මේ වටිනා පිළිමය එහිම තබා යන්නට හේතුව කුමක් වන්නට ඇත්දැයි විමසිය යුතුය.

එය නිකම්ම තබා තිබුණි නම් වතු කම්කරුවන් හෝ ගැමියන් දකින්න ඉඩ තිබේ. එය වටිනා පිළිමයක් නිසාවෙන් රැගෙන යන්නට ඉඩ තිබේ. එහෙත් පිටින් බැලූ විට දැකිය හැකි ආකාරයට  එය නොතබා යන්නට ඇතැයි සිතිය හැකිය. උන්වහන්සේලා එය එසේ තබා යන්නට ඇත්තේ අනාගතයේ දවසක මෙහි සාසනික උරුමය පිළිබදව සටහනක් ලෙස වන්නට පිළිවන. ඒ මතුයම් යුගයක මේ ස්ථානය යළිත් භාවනා යෝගීන්ගේ වාසස්ථානයක් වියයුතුය යන අදිටනින්ම වියයුතුය.   


(මෙම ස්ථානය පිළිබදව තව තොරතුරු දන්නේ නම්, කුඹල්ගම මේධංකර නාහිමි, විජයාරාමය, ඤාණාලංකාර මාවත, ගැටන්ගම, රත්නපුර යන ලිපිනයට ලියා එවන්න.)

m



අදහස් (0)

ආනන්ද මෛත්‍රෙය නා හිමියන්ගේ ගුරුපරපුරේ මුල්බිම රාස්සගල ගල් ලෙන් සෙනසුන

මදුරංග Tuesday, 09 June 2015 08:58 AM

මේවා ඉතාම හොඳ වැඩ.(හේ)

:       0       0

සංජය Friday, 15 May 2015 10:14 AM

ඉතාමත් වටිනා ලිපියක් !!! තෙරුවන් සරණයි (ම)

:       0       0

ප්‍රභාත් කරුණාචන්ද්‍ර Saturday, 16 May 2015 04:01 PM

මේ වගේ වැදගත් ලිපි ඉදිරියටත් පලකරන්න ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි!!! (කේ)

:       0       0

සුරංග Sunday, 17 May 2015 01:01 PM

ඉතා වැදගත් ලිපියක්. කතෘට බොහොම ස්තුතියි (නදී)

:       0       0

ප්‍රසාන්ත Friday, 22 May 2015 03:55 AM

මෙවැනි පර්යේෂණ ඉතාමත් වැදගත්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 276 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 900 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1403 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 213 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 435 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 601 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 523 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site