IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ආපසු පාසල් ගොස් ඉගෙන ගන්නැයි ප‍්‍රභාකරන් සාමාජිකයන්ට කියයි

 

1987 අගෝස්තු හය වැනිදා සවස ප‍්‍රභාකරන් හදිසි සාකච්ඡාවක් කැඳවා තිබිණි. එයට සහභාගිවූවෝ යාපනයේ එල්.ටී.ටී.ඊ. ප‍්‍රාදේශීය අණදෙන නිලධාරීහු හා ඔවුන්ගේ කිට්ටුම සහායකයෝ වූහ. යතුරුපැදි සියයකට වැඩි ප‍්‍රමාණයක් එල්.ටී.ටී.ඊ. මූලස්ථානය ඉදිරිපිට නවතා තිබිණි. තවත් වාහන කිහිපයක්ද එහි නවතා තිබිණි.

මේ ලියුම්කරු බලා සිටියදී එල්.ටී.ටී.ඊ. ප‍්‍රාදේශීය නායකයන්ගේ අවි එකතු කිරීමත් සිදු විය. පිස්තෝල, රිවෝල්වර්, ඒ කේ 47 හා ටී 56 ස්වයංකී‍්‍රය රයිෆල් ආදිය රැස්කරන ලද්දේ එල්.ටී.ටී.ඊ. දේශපාලන නායක තිලීපන්ගේ සහායකයකු වන නවිනන් විසිනි. පෙනෙන්නට තුබුණේ භාරදීම සඳහා අවි රැස් කරන බවකි. එසේ වුවද සත්‍යය එය නොවේ.

සැබැවින්ම සිදුවන දේ දැනසිටියේ ප‍්‍රභාකරන් සහ ඔහුගේ කිට්ටුවන්තයන් වන ජ්‍යෙෂ්ඨ නායකයන් පමණකි. පුලේන්ද්‍රන්, කුමාරප්පා, මහත්තයා, යෝගි, තිලීපන්, ෂන්කර් සහ මූර්ති ආදීහු සිදු වන දේ දැන සිටියහ. මෙම අවි රැුස්කරන ලද්දේ පසු දින ඉන්දීය හමුදාවට භාරදීමට නොවේ. හොඳින් ග‍්‍රීස් යොදා පොලිතින් වල ඔතා වල දැමීම සඳහාය.

එල්.ටී.ටී.ඊය තම අවි ආයුධ සැඟවීම සඳහා ග‍්‍රීස් හා පොලිතීන් විශාල ප‍්‍රමාණයක් මිලදී ගත් බව ඉන්දියානු බුද්ධි අංශ වෙත වාර්තා වී තිබිණ. ජෙනරාල් දීපෙන්ද්‍රසින් ප‍්‍රභාකරන් හමු වී ඒ ගැන ප‍්‍රශ්න කළේය. එල්.ටී.ටී.ඊය ග‍්‍රීස් හා පොලිතීන් මිලදී ගත් බව හා අවි ආයුධ සැඟවීමට යන බව සත්‍ය දැයි ඔහු ප‍්‍රශ්න කළේය. ප‍්‍රභාකරන් පිළිතුරු දුන්නේ තම සංවිධානය නොව වෙනත් කණ්ඩායම් එසේ කරන බවයි. ප‍්‍රභාකරන් වැඩිදුරටත් කීවේ තම සංවිධානය අවි අත් හැරියහොත් විරුද්ධ කණ්ඩායම් තමන්ට පහරදෙනු ඇති බවයි. ඉන්දියානු රෝ ඔත්තු සේවයේ හා බුද්ධි අංශයේ නිලධාරීහු අවි භාර දෙන ලෙස ප‍්‍රභාකරන්ට දැන්වූහ.

අගෝස්තු හත්වැනිදා මෙම ලියුම්කරු පලාලි බලා ගොස් යාපනයේ ආරක්‍ෂක හමුදා අණදෙන නිලධාරී කර්නල් (පසුව මේජර් ජනරාල්) විජය විමලරත්න මහතා සමඟ යාපනයේ කොටුවට එල්.ටී.ටී.ඊයේ දෙවැනි අවි භාරදීම නිරීක්‍ෂණය සඳහාය. එය ප‍්‍රසිද්ධ අවස්ථාවක් ලෙස සංවිධානය කොට නෙතිබිණ. රතු කුරුසයේ විශාල පිරිසක් එහි දක්නට ලැබිණි. යෝගි, පැමිණි සිටියේ නැත. එල්.ටී.ටී.ඊ. ප‍්‍රාදේශීය නායකයකු වූ කුමාරප්පා සමග නාරායන්, රාජු සහ රාජා එහි පැමිණ සිටියහ. එහිදී භාර දෙන ලද්දේ ආයුධ 20ක් පමණි. කලින් දින රාත‍්‍රියේ එකතු කළ ආයුධ කිසිවක් එහි වූයේ නැත.

කෙසේ වෙතත් ඉන්දියානු මහ කොමසාරිස් ඩික්සිත් කොළඹ පුවත් පත් සාකච්ඡාවකදී ප‍්‍රකාශ කළේ එල්.ටී.ටී.ඊ. ය මුල් දිනයේ ආයුධ 800ක් හා 2 වැනි දිනයේදී ආයුධ 300ක් භාරදුන් බවයි. එල.්ටී.ටී.ඊ.ය සතුව ඇති ආයුධ 2200ක් ගැන ශ්‍රී ලංකා රජය සතුව තොරතුරු ඇති බව ඔහු ප‍්‍රකාශ කෙළේය. ඒ අනුව ආයුධ වලින් සියයට 65 ක් හා බර ආයුධ වලින් සියයට 85ක් එල්ටීටීඊ ය විසින් භාරදෙන ලද බව ඔහු ප‍්‍රකාශ කළේය. ඔහු එසේ ප‍්‍රකාශ කළේ සාමාන්‍ය ජනයා සැනසීමටද නැතහොත් වෙනත් හේතුවක් නිසාද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් සිදුවූවායැයි යයි පුවත්පත්වල වාර්තා වූ දෙය සැබැවින්ම සිදුවූයේ නැත.

ඊළඟ දින උදයේ තවත් වැදගත් යමත් සිදුවීය. එයාර් ලංකාවට සම්බන්ධව සේවය කළ පියාසර ලූතිනන් ලසන්ත වෛද්‍යරත්න සමඟ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් නාගදීපයට ගියේ දැන් යාපනය නිදහස් කරගෙන ඇතැයි යන්න පෙන්නුම් කිරීමේ මෙහෙයුමක් වශයෙනි. ගුවන් යානයේ සිටි ඔහු ඇතුළු පිරිසට දැකගන්නට ලැබුණේ යාපනය අර්ධද්වීපයේ මානිපායිහි බටහිර පෙදෙසේ යුද පුහුණුව ලබමින් සිටි පිරිසකි. වීඩියෝ කැමරා කරුවකු සමග යළි එහි ගිය වෛද්‍යරත්න පුහුණුවීම පටිගත කළේය. ඒ අවස්ථාවේ එහි සිටියේ අඩු පිරිසකි. එසේ වුවද පුහුණුව දිගටම කරමින් තිබිණි. පසුව ඉන්දියා හමුදාවේ බි‍්‍රගේඩියර් ෆර්නැන්ඩස්ගේ මෙහෙයැවීම යටතේ ප‍්‍රදේශය විමර්ශනය කිරීම සිදුවිය. එසේ වුවද ඒ වන විට ප‍්‍රදේශය නිදහස්ව පැවැති අතර පුහුණුවන කිසිවකු දක්නට නොවීය.

අගෝස්තු දෙවැනි සතිය වන විට එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කිහිප දෙනකු වෙනත් කණ්ඩායම් මරා දැමීමේ සිදුවීම් කිහිපයක් මෙන්ම අනෙක් කණ්ඩායම් වල අය එල්.ටී.ටී.ඊ. ය විසින් මරාදමනු ලැබීමේ සිදුවීම් කිහිපයක්ද වාර්තා විය. මේවාට එල්.ටී.ටී.ඊ. ය විශාල ප‍්‍රචාරයක් ලබා දුන්නේය.

ලූතිනන් ජෙනරාල් ඩිපෙන්ද්‍රසිංගේ වාර්තාවක සඳහන් වූයේ මේ ආකාරයෙනි. ”1987 අගොස්තු 15දා හෝ ආසන්න දිනයක ප‍්‍රභාකරන් සමග මගේ හමුවකදී ඔහු ප‍්‍රකාශ කළේ එල්.ටී.ටී.ඊ. ය අවි භාරදී දුර්වලව සිටින නිසා ඔවුන්ට ප‍්‍රහාර එල්ල කරන ලෙස රෝ සංවිධානය අනෙක් සන්නද්ධ කණ්ඩායම්වලට උපදෙස් දී ඇති බව තමන්ට දැනගන්නට ලැබුණු බවයි. මෙය බරපතළ චෝදනාවක් වූ බැවින් පරීක්‍ෂා කොට වහාම වාර්තා කරන ලෙස හමුදා මූලස්ථානයට එදිනම දන්වා යවනු ලැබීය.

එය සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන බවට ලැබුණු පිළිතුර ප‍්‍රභාකරන්ට දැන්වූ විට ඔහු ප‍්‍රකාශ කළේ මා එය ප‍්‍රකාශ කරන නිසා එය පිළිගන්නා නමුත් දිල්ලියෙන් මට දැනුම්දී තිබෙන දේ බොරුවක් නිසා තමන්ගේ චෝදනා ඉවත් කර නොගන්නා බවයි.

පසුව එල්.ටී.ටී.ඊ. ය ප‍්‍රකාශ කළේ තමන්ගේ කඳවුරක් වටලා ප‍්‍රහාර එල්ල කරද්දී ඒ බව ඉන්දියානු සාම සාධක හමුදාවට දැන්වුවද ඔවුන් නොපැමිණි බවයි. ප්ලොට් සංවිධානය මන්නාරමේදී එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් තිදෙනකු ඝාතනය කළ බවද ඔවුහු ප‍්‍රකාශ කළහ.
ප‍්‍රභාකරන් කීයේ මෙම තත්ත්වය ඇතිවන බව ඉන්දියානු සාම සාධක හමුදා ප‍්‍රධානීන්ට තමා කල්තියා පෙන්වා දුන් බවයි. ප‍්‍රති ප‍්‍රහාර එල්ල කරන ලෙස ප‍්‍රභාකරන් තම සාමාජිකයන්ට නියෝග කළේය. එල්.ටී.ටී.ඊ. ය කළ එම ප‍්‍රහාරයේදී ප්ලොට් සංවිධානයේ සියයකට වැඩි පිරිසක් මරණයට පත් වූහ.


ඩිපෙන්ද්‍රසිංහ මෙසේ සටහන් කරයි.
ශ්‍රී ලංකාවේ පුවත්පත් ප‍්‍රශ්න කළේ මෙලෙස මිනිස් ඝාතනයක් සිදුවෙද්දී ඉන්දියානු හමුදා බලාසිටියේ ඇයි කියාය. මා කීවේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම අපගේ හමුදාවේ කාර්යයක් නොවන බවත්, මන්නාරමේ පොලීසියෙන් එම ප‍්‍රදේශය පාලනය වන නිසා හමුදාව බැරුක්කවලට සීමා වී සිටියත් පොලිසියට මැදිහත්වීමක් කළ හැකිව තිබූ බවත්ය. ඊළඟ දිනයේදී ඉන්දියානු සාමසාධක හමුදාවේ මූලස්ථානයට ලැබුණු නියෝගයක් මගින් නීතිය හා සාමය රැකීමේ බලයද පවරාදෙනු ලැබීය.

එල්.ටී.ටී.ඊ. නායකයා හා ඔහුගේ කිට්ටුවන්තයන්ගේ ප‍්‍රකාශත්, එකතු කළ අවි ප‍්‍රමාණය හා භාරදුන් අවි ප‍්‍රමාණයත්, යුද පුහුණුව දිගටම කරගෙන යාමත් මගින් පෙන්නුම් කළේ ඔවුන්ගේ ඉදිරි ක‍්‍රියාමරේග මොනවාද යන්නයි. ඉන් පසුව සිදු වූ බොහෝ දේ හොඳින් වාර්තාගතව ඇත. එසේ වුවද සාම ගිවිසුම හා එල්.ටී.ටී.ඊ. ය අතර සම්බන්ධතාව පරීක්‍ෂා කිරීමේදී පෙනෙන්නේ අඩු තරමින් මුල් අවස්ථාවේ එල්.ටී.ටී.ඊ. ය ගිවිසුම පිළිගෙන ක‍්‍රියා කළ බවයි. එල්.ටී.ටී.ඊ. ය තම ආයුධ රජයට 600ක්   භාරදීමත් ශ්‍රී ලංකා රජයෙන් පොදු සමාවත් ලබාගත්තේ සාම ගිවිසුම යටතේය.

රජයේ අත් අඩංගුවේ සිටි එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ නිදහස් කළහ. එමෙන්ම විවෘතව ගමන් බිමන් කළ හඳුනාගත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අත් අඩංගුවට ගැනීමද නතරවිය.. මෙම පොදු සමාව ගැන අවි භාරදීමේ අවස්ථාවේදීම ප‍්‍රකාශ කළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්ව සිටි ජෙනරාල් සේපාල ආටිගලය.

මෙම ලිපිකරුට දැනගන්නට ලැබුණේ එම අවස්ථාවේ ප‍්‍රභාකරන්ට විරුද්ධ වූ එල්.ටී.ටී.ඊ. නායකයකු පසුව මරා දමනු ලැබූ බවය. ඔහු තර්ක කර තිබෙන්නේ පොදු සමාව පිළිගැනීම මගින් එල්.ටී.ටී.ඊ. ය අතීතයේ වැරදි කළ බවත් දැන් එයට සමාව ලැබුණු බවත් පිළිගැනීමත් සිදුවන බවටය.

1987 අගෝස්තු අවසානයේදී එල.්ටී.ටී.ඊ ය ඉන්දියාවට දැන්වූයේ දෙපාර්ශවය අතර එකඟ වූ ආකාරයට ඉන්දියාව එල්ටීටීඊ යට ලබාදෙන මුදලේ පළමු කොටස ලබා දිය යුතු බවයි. මෙය ප‍්‍රභාකරන් හා රජීව් ගාන්ධි අතර රහස් එකඟතාවක් නොවන බව සිතූ ජෙනරාල් හර්කිරාත් සිං මෙම කරුණ මාධ්‍යයට හෙළිදරව් කළේය.

එසේ වුවද කිසියම් හේතුවක් නිසා මාධ්‍යය එම ප‍්‍රකාශ ප‍්‍රචාරය කළේ නැත. ප‍්‍රභාකරන් සමග සාකච්ඡාවට සම්බන්ධ වූ නිලධාරියෙක් ප‍්‍රකාශ කළේ මෙම මුදල් ලැබුණු විට ප‍්‍රභාකරන් ප‍්‍රීතිමත් වූ බවයි.

එම මොහොත වන විටත් තමන් ඊළඟට කළ යුත්තේ කුමක්ද යන්න ගැන එල්.ටී.ටී.ඊ. නායකයාට හරි අදහසක් තිබුණේ නැත. එල්.ටී.ටී.ඊ ය හා අනෙක් සංවිධාන අතර ගැටුම් කිහිපයක් හැරුණු විට සියල්ල සිදුවෙමින් තුබුණේ සාමය සඳහාය.

සංවිධානය හැර යාමට කැමැති අයට එසේ යන ලෙස උපදෙස් දුන් ප‍්‍රභාකරන් අධ්‍යාපනය අතරමග නතර කොට පැමිණි අයට නැවත පාසල් වලට හා විශ්ව විද්‍යාලවලට ගොස් එම කටයුතු නැවත ආරම්භ කරන ලෙසත් උපදෙස් දුන්නේය.

(මතු සම්බන්ධයි)
(ශ්‍රී ලංකාවේ ඉන්දියානු මැදිහත්වීම් - රොහාන් ගුණරත්න පොත ඇසුරෙනි)

 

පරිවර්තනය හා සැකසුම සී.ජේ. අමරතුංග



අදහස් (0)

ආපසු පාසල් ගොස් ඉගෙන ගන්නැයි ප‍්‍රභාකරන් සාමාජිකයන්ට කියයි

ක්‍රිස්ටි Monday, 14 October 2013 09:52 PM

අනුන්ගේ දරුවන් ‍පෝරකයටත් තමන්ගේ දරුවන් මල් උයනටත් යවන්නේ අවස්ථාවාදීන්ය (නි)

:       0       0

පහන් Wednesday, 09 October 2013 10:27 AM

අපිට කවදාවත් යුද්ධය දිනන්න බැහැ කියලා ඒ කාලේ කෙනෙක් කිවුවා මට මතකයි (නි)

:       0       1

ජගත් Monday, 07 October 2013 08:54 PM

ප්‍රබාකරන් කරපු දේවල් හොද නැති උනත් නියම නායකයෙක්.(නදී)

:       0       0

ජුට්‍ර්‍ Saturday, 19 October 2013 06:20 PM

සියලු ජාතිකයන්ම සහජිවනය කියන පාඩම හරියට ඉගෙන ගත් විට අපෙ රට පෙරදිග මුතුපලසක්ම වෙන බව ඒකාන්තයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5403 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 764 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1331 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 118 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 205 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 273 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site