ජපන් ණය ආධාර යටතේ ගිවිසුම්ගත වී ආරම්භ කෙරුණු කොළඹ - මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය මගින් ඒකපාර්ශ්විකව අවලංගු කිරීමෙන් රුපියල් කෝටි 598ක පමණ මුදලක් මකර කටට ගොස් ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ කර තිබිණි. අත්තනෝමතික ලෙස එම ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් වනවිට ඒ වනතුරු වැය කරන ලද මුදල මෙසේ අපතේ ගොස් ඇති බවද වාර්තාවේ සඳහන් වෙයි.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවන අලාභය එතෙකින් අවසන් වන්නේ නැත. එතෙක් සපයන ලද උපදේශක ගාස්තු ද ඇතුළත්ව කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ව්‍යාපෘතිය අවලංගු කිරීම නිසා සිදුවන අලාභය වෙනුවෙන් ජපන් උපදේශක සමාගම රුපියල් කෝටි 516ක මුදලක් ඉල්ලා ඇති බවත් එය නොගෙවා සිටියහොත් අනාගතයේ දී සිදුවිය හැකි බේරුම්කරණ නඩුවක දී සම්පූර්ණ උපදේශක ගාස්තුව සහ වන්දි මුදල් ආදී ලෙස තවත් විශාල මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවත් දැන් එම වාර්තාව පුරෝකතනය කර තිබේ.
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ 2016දී ශ්‍රී ලංකා රජය ජපන් රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනි. ඒ සඳහා ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයෙන් වසර 12ක සහන කාලයක් සහිතව වසර 40කදී ගෙවීමට සහන පොලී පදනමක් යටතේ ණය මුදලක් අනුමත වී තිබිණි. එසේ තිබියදී 2020 වසරේ සැප්තැම්බර් 24 වැනිදා ඉදිරිපත් කෙරුණු කැබිනට් සංදේශයකින් මේ ව්‍යාපෘතිය අවලංගු කර තිබේ. ඒ සඳහා කිසිදු පිළිගත හැකි හේතු දැක්වීමක් සිදුකර නොතිබීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.
සමස්ත සිද්ධිය කෙටියෙන් දැක්වුවහොත් 2016දී තිබූ යහපාලන ආණ්ඩුව ආරම්භ කළ ශ්‍රී ලංකාවට ඉතා වාසිදායී විය හැකිව තිබූ ව්‍යාපෘතියක් 2020දී පැවති රාජපක්ෂ ආණ්ඩුව මගින් හිතූමතයේ නවත්වා දමා තිබේ. එයින් සිදුව ඇති මූල්‍යමය පාඩුවටත් වඩා දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සම්බන්ධතාවල කල්‍යාණ මිත්‍රයකු වන ජපානය අමනාප කර ගැනීම බරපතළ පාඩුවක් විය. ජපානය එයට ප්‍රතිචාර දැක්වූයේ ඉතා වේදනාත්මකව බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි.
එහෙත් එය අවලංගු කිරීමේ තීරණය ගත් බලධරයන් කිසිවකුත් ජපානය වැනි ශ්‍රී ලංකාව සමඟ පුළුල් අවබෝධයකින් ක්‍රියාකරන මිත්‍රශීලී රටක් අමනාප කර ගැනීමෙන් සිදුවිය හැකි බරපතළ හානි පිළිබඳව තුට්ටුවක සැලකීමක් සිදුකර නැත. මෙවැනි බහුබූත තීන්දු තීරණ යට ඇත්තේ මහා අසික්කිත කුණු ගනුදෙනු බවත් රටට සිදුවන වාසියට වඩා කිහිප දෙනකුට තමන්ගේ සාක්කු පුරවා ගැනීමෙන් ලැබෙන වාසියට මුල්තැන දීමට මෙවැනි තීන්දු ගන්නා බවත් කෙනකුට සැක පහළ වීම නොවැළැක්විය හැක. එම තකතීරු තීන්දුව රටේ යහපතට ගනු ලැබූ තීන්දුවක් වශයෙන් පෙන්වීමට ඒ කාලයේ මාධ්‍ය මෙහෙයුම් පවා ක්‍රියාත්මක වූ බව පැහැදිලිව පෙනිණි.
මෙම ව්‍යාපෘතිය අහෝසි කිරීමේදී එය නොකළ යුත්තක් බවට ද මත පළ විය. එම මතවාදවලට ආණ්ඩුව පිළිතුරු ලබාදීමට උනන්දුවක් දැක්වූයේ නැත. වරක් ප්‍රකාශ වී තිබුණේ යහපාලන රජයේ හිටපු අමාත්‍යවරයකුගේ කොමිස් ඉල්ලීමක් හේතුවෙන් එම ව්‍යාපෘතිය ඇණහිටි බවකි. එහෙත් ජපානය කිසිදු ආණ්ඩුවක් සමඟ එවැනි ගනුදෙනුවලට නොයන රටක් වශයෙන් චිර ප්‍රසිද්ධියක් උසුලයි. මේ හේතුවෙන් එම කතාවටද තටු නොලැබිණි. සිදුවූ එකම දෙය ශ්‍රී ලංකාවට හොඳම ව්‍යාපෘතියක් අහිමිවීමත් රුපියල් බිලියන ගණනාවක් මකර කටට යාමත් පමණි.
දැනට කඩා වැටී තිබෙන ආර්ථිකය ගොඩගැනීමට හොඳම ක්‍රමය අායෝජන හැකිතරම් රටට ආකර්ෂණය කර ගැනීමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂිත ඩොලර් බිලියන 2.9 ලබාගැනීමටත් එයින් ඉහළ ප්‍රතිඵල ගැනීමටත් ආයෝජන අවස්ථා වර්ධනය කර ගැනීම අත්‍යාවශ්‍යම පියවරකි. ඒ සඳහා සෑම ආණ්ඩුවක්ම විනිවිද පෙනෙන ආකාරයකින් කටයුතු කිරීම අපේක්ෂිතය. මෙහිදී වඩාත් වැදගත් වන්නේ ආයෝජන සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් ඇතිකර ගැනීමය. එවැනි ප්‍රතිපත්තියක් තිබේ නම් එක් ආණ්ඩුවකින් ගිවිසුම්ගතවන ආයෝජනයක් ඊළඟ ආණ්ඩුවෙන් අත්හිටුවීමට ඉඩක් ලැබෙන්නේ නැත. එහෙත් එවැනි ජාතික ප්‍රතිපත්තියක් ඇතිකර ගැනීමට සෑම ආණ්ඩුවක්ම උනන්දු නොවීම පිටුපස ඇත්තේ අත යට සිදුවන බිලියන ගණන් කළු ගනුදෙනුවලට තිබෙන ඉඩකඩ එයින් ඇහිරෙන බැවිනි.
ශ්‍රී ලංකාවට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ලබාදීමට කැමැත්ත පළකර ඇතැයි පසුගියදා මාධ්‍ය වාර්තා පළවිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල එකඟතා ලද විගස එය ක්‍රියාත්මක කළ හැකි බව ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී සඳහන් කර තිබිණි. එය යහපත් ඉදිරි පියවරකි. එහෙත් වඩාත් වැදගත් වන්නේ ජපානය වැනි ශ්‍රී ලංකාවට ආධාර කිරීමට සූදානමින් සිටින රටවල් සමඟ හොඳහිත පවත්වාගෙන යාමය. ගිවිසුම්ගත ආයෝජන එක පෑන් පහරින් කපා හරින ආණ්ඩු තිබෙන තුරු ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව හුදෙකලාවීම වළක්වාගත නොහැකි වනු ඇත.
(***)
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලුවී ද සොයිසා විජයසේකර ජයතිල
මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආයෝජන එපා කරවන ශ්‍රී ලංකාවේ අනිසි තීරණ