IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ආයුර්වේද සම්බාහන මුවාවෙන් කෙරෙන ලිංගික ජාවාරම

  Beautiful couple enjoying in the back massage.

 

වර්තමානයේදි ස්පා (Spa) යන්න කුමක්ද යන්න කිසිවෙකු ඔබෙන් ඇසුවහොත් ඔබට දීමට සිදුවන පිළිතුර කුමක්ද?


ශරීර සම්බාහන මධ්‍යස්ථානයක්.


කේෂාන්තයේ සිට පාදන්තය දක්වා තෙරපීවරුන් විසින් තෙරපමින් උත්තේජනය ලබාදෙන ස්ථානයක්, නැතහොත් ආයුර්වේදය නම අලෙවි කරමින් කාන්තාවන් අලෙවි කරනා ගණිකා මඩමක් යන්න ඔබට දීමට සිදුවන පිළිතුර බව නොවනුමානය.


නිරෝගී පුද්ගලයන්ගේ නිරෝගිකම ආරක්‍ෂා කර ගැනීමටත්, රෝගීන්ගේ රෝග සමනය (දුරු කිරීම) සඳහාත් වසර දහස් ගණනකට පෙර සිට පැවත එන ආයුර්වේදයේ ඇතැම් පංචකර්ම චිකිත්සා මධ්‍යස්ථානවලට අද අත් වී ඇත්තේ මෙවැනි අවාසනාවන්ත ඉරණමකි.


ස්පා (Spa) යන නාමය ලොව ප‍්‍රචලිත වන්නේ 1326 දී එනම් මධ්‍යකාලීන යුගයේදීය. ඖෂධීය ගුණයකින් යුතු දිය ස්නානය කිරීම ස්පා (Spa) යන්නෙහි තේරුම විය.

 

8


මෙහිදී ස්පා යනුවෙන් බොහෝ බටහිර මිනිසුන් හඳුනාගෙන තිබුණේ දියඇළි වලින් ගලා එන ස්වාභාවික ජලය ස්නානය කිරීම, ස්වාභාවික උණු දිය උල්පත්වලින් ගලා එන ජලය ස්නානය කිරීම සහ මුහුදු ජලයෙන් ස්නානය කිරීම, ආදී ඖෂධීය ස්නානයන්ය.


එලෙස ස්වාභාවික ඖෂධීය ජල ස්නානායන් කිරීමෙන් පුද්ගලයා ශාරිරිකවත්, අධ්‍යාත්මිකවත් පිරිසිදු වන බව ඔවුහු විශ්වාස කළහ.


ග‍්‍රික සහ රෝමානුවන්ගේ කාලයේදී මෙලෙස ප‍්‍රචලිත වෙමින් තිබූ ස්පා ක‍්‍රමය රෝග නිවාරණයටත්, නිරෝගිකම ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් 16 වන සියවස වන විට එංගලන්තය දක්වාම ව්‍යාප්ත වී ගියේ. මෙහි සැබෑවටම ඖෂධීය ගුණයක් තිබූ නිසා විය හැකිය. රතු ඉන්දියානුවන්, පර්සියානුවන්, බැබිලෝනියානුවන්, ග‍්‍රීකවරුන් සහ රෝමවරුන් විසින් මෙලෙස ලොව පුරා ව්‍යාප්ත කෙරුණු ඖෂධ ස්නානය පසුකාලීනව ආගම් ඇදහීමේදී පිරිසිදු වීමේ අභිචාරි ක‍්‍රමයක් ලෙසට භාවිත වූ බව ඉතිහාසයේ සඳහන්.


නමුත් අවාසනාවකට වර්තමානයේ බොහෝ විට ස්පා නම භාවිත කරනුයේ සම්බාහන මධ්‍යස්ථානවලටය. ආයුර්වේදීය නාමයට මුවා වී සිදු කරණා බොහෝ මෙවැනි ස්පා මධ්‍යස්ථාන වලින් ශරීර සම්බාහන, අත්පා සම්බාහනය, මුහුණ සම්බාහනය, ලිංගික උත්තේජනයන් ලබා දීම හැරෙන්නට, ආයුර්වේද ප‍්‍රතිකාර කිරීමක් සිදුවන්නේ නැත.


ආයුර්වේදයේ පංචකර්ම ප‍්‍රතිකාර කරනා මුවාවෙන් පවත්වගෙන යන බොහොමයක් සම්බාහන මධ්‍යස්ථාන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති අතර, එහි සේවා සපයන තෙරපිවරියෝ හා තෙරපිවරු මනා පුහුණුවක් ලැබුවෝ නොවෙති. වාර්තාවන ආකාරයට ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ලියාපදිංචි ආයතන සංඛ්‍යාවට 135 කට අඩුය.


ආයුර්වේදීය ඉගැන්වීම අනුව පංච කර්ම චිකිත්සා යටතේ, පංචකර්ම, විරේචන කර්ම, නෂ්‍ය කර්ම, අනුවාසන ව්‍යනි, නිරූපා වස්ති යනුවෙන් රෝගී අවශ්‍යතාව අනුව පස් ආකාරයකින් ප‍්‍රතිකාර කෙරේ.


ආයුර්වේදයට අනුව පංචකර්ම ප‍්‍රතිකාර කළ හැක්කේ ආයුර්වේද ශල්‍යවේදී සහ ආයුර්වේද විද්‍යාවේදී උපාධිධාරි සුදුසුකම් ලත් වෛද්‍යවරුන්ට පමණි. ලංකාවේදී ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කළ උපාධිධාරී වෛද්‍යවරුන් සිටිනුයේ දෙදහසක් වැනි සීමිත පිරිසකි. ඉන්දියාවෙන්ද මෙම උපාධිය ලබාගෙන රෝගි ප‍්‍රතිකාර සඳහා යොමු වී ඇති සුදුසුකම් ලත් වෛද්‍යවරුන් මෙරට සිටින අතර ඔවුන් සියලූ දෙනා පංචකර්ම ප‍්‍රතිකාර කිරීමට විශේෂ පුහුණුවක් ලද පිරිසක් වේ. එසේ හැරෙන්නට උසස් පෙළට ජීව විද්‍යා විෂයයන්වත් හැදෑරීමක් නොකර, සාමාන්‍ය පෙළ පමණක් සමත් ඇතැම් ශිෂ්‍යයන් මුදල් ගෙවා සුළු පාඨමාලාවක් හදාරා, වෛද්‍යවරයෙකු යටතේ ටිකකාලයක් සේවය කර, හොර සහතිකවලින් ආයුර්වේද වෛද්‍යවරුන් ලෙසට පෙනී සිටින බවට වගකීමෙන් යුතු ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරයි.


සුදුසුකම් නොලත්, විෂය ප‍්‍රගුණ නොකළ වෛද්‍යවරයෙකුට හෝ අවම වශයෙන් පාරම්පරික වෙදමහතෙකුට හෝ පංචකර්ම ප‍්‍රතිකාර කිරීමට නොහැකිය. එහෙත් මෙවැනි වෛද්‍යවරුන්ද පංචකර්ම ප‍්‍රතිකාර වල නිරත වනු දැකිය හැකිය.


විශේෂයෙන්ම ආයුර්වේදය පොත්පත්වල සඳහන් වන ආකාරයට පංචකර්ම කිරීමේදී වෛද්‍යවරයාට සහයක කාර්යය මණ්ඩලයක්ද  සිටිය යුතු අතර සහයක කාර්ය මණ්ඩලයක්ද පුුහුණුවලත් අය විය යුතුය.


දැනට මහරගම නාවින්න දේශීය වෛද්‍ය ක‍්‍රමය පිළිබඳ ජාතික ආයතනයෙන් රජයේ ආයුර්වේද ප‍්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය සහයකයන් පුහුණු කිරීම සිදුවේ.


නමුත් පෞද්ගලික අංශයෙන් සහයකයන් පුහුණු කරන පිළිගත් ආයතනයක් අප රටේ තවමත් ස්ථාපනය කර නැත.


විවිධ ආචාර්යවරුන් මෙලෙස පංචකර්ම පුහුණු කරන මුවාවෙන් රුපියල් 25,000, 30,000 මුදල් අයකරගෙන සුදුසුකම් නොමැති පුද්ගලයන්ට ශිල්පීය දැනුම ලබා දීමට උත්සහා ගන්නා අතර එය මාෆියාවක් බවට පත්ව ඇත්තේ වසර දහස් ගණනක් පැරණි ආයුර්වේදීය ශිල්පි ක‍්‍රමයන්ද උකසට තබමිනි. බොහෝ ආයුර්වේද පංච කර්ම මධ්‍යස්ථානවලින් සිදුවන්නේ රෝගීන්ට අවශ්‍ය පංචකර්ම ප‍්‍රතිකාර නොව ‘පූර්ව කර්ම’ ප‍්‍රතිකාරය. පූර්ව කර්ම යනු පංච කර්ම කිරීමට පෙර රෝගියා සූදානම් කිරීමය. උදාහරණයක් ලෙසට නස්නයක් කිරීමට පෙර රෝගියා ඊට සූදානම් කරනුයේ තෙල් ගා, ශරීරය හොඳින් සම්බාහනය කිරීමෙන් අනතුරුවය.


වර්තමානයේදී ඇතැම් හෝටල් ආශ‍්‍රිතව මෙන්ම හන්දියක් හන්දියක් ගානේ ඇති ස්පා මධ්‍යස්ථානවලින් හුදෙක් සිදුකරනුයේ කාමුක ආශාවන් සංසිඳවා ගැනීමට පාරිභෝගිකයා පෙළඹ වීමය. පුවත්පත් සහ සඟරා දැන්වීම් පළකර, පාරිභෝගිකයන් ගෙන්වා ගැනීම සිදුවන අතර බොහෝ සම්බාහන මධ්‍යස්ථානවලට පැමිණෙන පාරිභෝගිකයන්ට, මුදල් ගෙවා තමා වඩාත් සිත් ගන්නා රූමත් කාන්තාවන් ලවා ශරීරය සම්බාහනය කරවා ගැනීමටත්, මධුවිත පානය කරමින් තමන් කැමති කාලයක් ගත කිරීමටත් අවකාශය සලසා තිබේ. ආයුර්වේද සම්ප‍්‍රදාය අනුව රෝගී හෝ වේවා, නිරෝගි හෝ වේවා පුරුෂයෙකුට තෙල් ගැල්වීම හෝ ශරීර සම්බාහනයෙන් සිදු කරනුයේ පුහුණුවලත් තෙරපිවරුන්ය. කාන්තාවකට එම කාර්යය ඉටු කරනුයේ තෙරපීවරියන්ය.

නමුත්, ලිංගික සේවාවන් සැපයීම මූලික කරගත් සම්බාහන මධ්‍යස්ථානවල සහ ඇතැම් පංචකර්ම මධ්‍යස්ථානවල දී සිදුවන්නේ විරුද්ධ ලිංගිකයන් යොදවමින් සේවාවන් ලබාදීමය. සියලූම රෝග සඳහා ප‍්‍රතිකාර කරන බව සඳහන් කළද හුදෙක් මෙවැනි ආයතවලින් සිදුවන්නේ පංචකර්මයට කිසිසේත්ම අදාළ නොවනා ප‍්‍රතිකර්ම කිහිපයකි.

 


නිවැරදිව පංචකර්ම නොකිරීමෙන් රෝගීන්ට අත්විය හැකි ඉරණම.


පංචකර්ම මධ්‍යස්ථානයකට පැමිණෙන රෝගියෙකු හෝ පාරිභෝගිකයෙකු හෝ පළමුව සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු විසින් පරීක්‍ෂාවට ලක් කෙරෙන අතර, එහිදී රෝගියාගේ වයස, පදිංචි වී සිටින ස්ථානය, රැකියාව, බෝ නොවනා රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නේද යන්න වග, ශරීරය ක්‍ෂය වී ගෙන යන රෝගවලට ගොදුරු වී ඇද්ද යන වග, සහ රෝගියාගේ දරා ගැනීමේ හැකියාව සලකා බැලේ. මීට අමතරව සම්ප‍්‍රදායක් ලෙසට වයසක පුද්ගලයන්ටත්, ගර්භිණී මව්වරුන්ටත් සහ මාස් ශුද්ධිය සෑදී ඇති කාලයේදී කාන්තාවන්ටත් පංචකර්ම ප‍්‍රතිකාර කරනු නොලැබේ. පංචකර්ම මධ්‍යස්ථාන සඳහා ලියාපදිංචි බලපත‍්‍ර නිකුත් කරනුයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ, ශිල්පීය අංශයෙනි.


නීත්‍යානුකූලව ලියාපදිංචිය ලබා දීමට ප‍්‍රථම, කරුණු කිහිපයක් පිළිබඳ මෙහිදි සලකා බලනු ලැබේ. පංචකර්ම මධ්‍යස්ථානයෙහි සුදුසුකම්ලත් උපාධිධාරී පුහුණුව ලැබූ වෛද්‍යවරයෙකු සිටීම එහිදී ප‍්‍රධාන වශයෙන්ම සලකා බැලේ.


රෝගීන්ට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් විය යුතුය.


පංචකර්ම කිරීමට අවශ්‍ය උපකරණ තිබිය යුතුය. :ස්වේධ යන්ත‍්‍ර, තෙල් ගැල්වීමට ඇඳක්, ශිරෝධාර සඳහා අවශ්‍ය උපකරණ ආදී* පුහුණු සේවිකාවන් සිටීමද ප‍්‍රධානම නොවූණද සලකා බලන කරුණකි. පංචකර්ම මධ්‍යස්ථානයේදී රෝගීන් සඳහා භාවිත කළ යුත්තේද ඖෂධීය තෙල්වර්ග පමණි. ඒ සියල්ලද රෝගියාට ගැලපෙන අයුරින් පමණක් භාවිත කළ යුතුය. එසේ නොමැතිව ශරීර සම්බාහනය සඳහා බොඩි ලෝෂන් වර්ග සහ බාල වර්ගයේ ආලේපන වර්ග භාවිත කිරීම සපුරා තහනම්ය.


නියමාකාරයෙන් පංචකර්ම මධ්‍යස්ථානයක් පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳ මෙලෙස ආයුර්වේදයේ සටහන්ව ඇති අතර, වර්තමානයේ බලපත‍්‍ර නිකුත් කිරීමේදී මේ කරුණු කිසිවක් සොයා බලන්නේ නැත. ආයුර්වේද දෙපාර්තමේන්තුවේම නිලධාරින් බලපත‍්‍ර ලබාදීමේදී කිසිදු සොයා බැලීමකින් තොරව සම්බාහන මධ්‍යස්ථානවලට මුදල් මත බලපත‍්‍ර ලබාදීමට පියවර ගෙන ඇති බවටද අනාවරණ වී තිබේ.

 


පංචකර්ම නිවැරදි ආකාරයෙන් නොකිරීමේදී :


ආයුර්වේද ඉගැන්වීමට අනුව පංචකර්ම මධ්‍යස්ථානයක සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු සහ පුහුණුවලත් සහයිකාවන් සිටීම අනිවාර්යය කරුණකි. මන්ද ප‍්‍රසිද්ධ නොවූවද නීති්‍යානුකූල නොවනා සම්බාහන මධ්‍යස්ථාන, පංචකර්ම මධ්‍යස්ථානවලට ගොස් පුද්ගලයන්ට ජීවිතවලින් පවා වන්දි ගෙවීමට සිදු වී ඇති අවස්ථා වාර්තා වේ.


සිරස්රෝග, අක්‍ෂි රෝග සඳහා සිදු කරනා ශිරෝධාර වැනි ප‍්‍රතිකර්ම ක‍්‍රමයක් නිවැරදිව නොකිරිමෙන් උණුසුම් තෙල් වැටී දෑස් අන්ධවීම, හිස පිලිස්සීම් ආදිය විය හැක.


අධි රුධිර පීඩනය ඇති රෝගියෙකුට කිසිඳු සොයා බැලීමකින් තොරව ‘නස්න’ ප‍්‍රතිකාරයක් කළ හොත් ඇතැම් විට නහර පිපිරී ගොස් අංශභාග වැනි රෝගී තත්ත්වයකටද රෝගියා ගොදුරුවීමට ඇති ඉඩකඩ වැඩිය. සුදුසු නොවන රෝගියෙකුට නස්න කිරීමෙන් රුධිර නාළ පුපුරා ගොස් අභන්තර විශාල ලේ වහනයකින්ද රෝගියා මරණයට පවා පත් විය හැක.


තවද නිවැරදි ආකාරයෙන් තෝරාගත් තෙල්වර්ග භාවිත නොකිරීමේ සම ආශ‍්‍රිත රෝග සේම, කුෂ්ට දද ආදියද ඇති විය හැක.


වමන කර්ම කිරීමේදී සුදුසු නොවනා තෙල් වර්ග රෝගියෙකුට භාවිතා කිරීමෙන් එම තෙල් පෙණහළුවලට ගොස් නියුමෝනියා තත්ත්වයක්ද ඇති විය හැකිය. සුදුසු නොවන වස්ති ප‍්‍රතිකර්ම කිරීමෙන් රෝගියාට උදරය ආශ‍්‍රිත  ඕනැම රෝගී තත්ත්වයක් ඇති විය බවද වෛද්‍යවරුන් පෙන්වා දේ.


විශේෂයෙන්ම ප‍්‍රමිතියෙන් තොර ස්වේත යන්ත‍්‍ර මගින් රෝගියා හුමාලයට පිලිස්සී, බරපතළ තත්ත්වයන්ටද ගොදුරු විය හැකිය.


සම්බාහන ක‍්‍රමය ගැන ආයුර්වේදයේ සඳහන් නොවන අතර, පංචකර්මය කියා අද සිදුවන්නේ, සම්බාහනය පමණි.

 


සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ උප සභාපති චමල් ආර්. කුලතිලක :


වර්තමානය වන විට සම්බාහන මධ්‍යස්ථාන ලංකාවේ ක‍්‍රියාත්මක වන්නේ ගණිකා මඩම් මට්ටමින්. මෙම ආයතනවලින් ආයුර්වේදයට අදාළ කිසිදු ප‍්‍රතිකාරයක් සිදු නොවන අතර, සිදුවන්නේ මුදල් ලබාගෙන එම ආයතන වෙතට පැමිණෙන පාරිභෝගිකයන්ගේ ලිංගික ආශාවන් ඉටුකිරීම පමණි.


ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ව්‍යාජ ලෙසින් පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථානවලට බලපත‍්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන බවට දැනුම් දී තිබුණත්, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ, ශිල්පිය අංශයෙන් අදටත් මුදල් ලබාගෙන නීත්‍යානුකූළ නොවනා මාර්ගවලින් බලපත‍්‍ර ලබා දීම සිදුවෙනවා.


සාමාන්‍යයෙන් නීත්‍යානුකූල ලෙසට ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ආයතනයකට බලපත‍්‍රයක් ලබා ගැනීමට වැය වන්නේ රුපියල් තුන්දහසක් හෝ ඊට ආසන්න මුදලක්. නමුත් බොහෝ සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්, ලියාපදිංචිය ලබාදීමට පැමිණෙන වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමට මූල්‍යමය වශයෙන් රුපියල් ලක්‍ෂ තුන හතරක් දී අලූන් බලපත‍්‍ර කිසිඳු අපහසුතාවයකින් තොරව ලබා ගනු ලබනවා. මූල්‍යමය අල්ලස් පමණක් නොවේ ලිංගික අල්ලස් පවා ලබා ගෙන බලපත‍්‍ර නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා. අලූතින් බලපත‍්‍ර ලබා ගැනීමේදී මෙන්ම, වාර්ෂික බලපත‍්‍ර අලූන් කිරීමේදීත්, පොලිස් වැටලීම්වලට ලක් වී, උසාවිවල නඩු පැවරී ඇති ආයතනවලට පවා, නැවත ලියාපදිංචිය ලබා දීමට බලධාරීන් පියවර ගෙන ඇත්තේ හුදෙක් මුදල මතය.


රටේ පවතින මෙම අවාසනාවන්ත තත්ත්වය සැලකිල්ලට ගෙන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ශිල්පීය අංශය විධිමත් කරනා ලෙසටත්, ඖෂධ නිෂ්පාදන ආයතන, ඖෂධ ගෙන්වීමේ ආයතන ආදී මේ සියල්ලෙහිම ලියාපදිංචි කිරීම් කිරීමේදී විධිමත් විනිවිදබාවයකින් කරන ලෙසට විෂය භාර සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා සිටියත්, මෙම දින සියයක කාලයේදී පැහැදිලිව පිළිතුරක් ඊට ලැබි නැත.

m

 



අදහස් (0)

ආයුර්වේද සම්බාහන මුවාවෙන් කෙරෙන ලිංගික ජාවාරම

සොපී Saturday, 20 June 2015 04:25 AM

අපේ මිනිස්සුත් නිවැරදි සුදුසුකම් ඇති තැන් වලට හොයල බලලා යනවනම් මේ ජාවාරම් වලට පැවැත්මක් නැහැ (නදී)

:       0       0

ද සිල්වා Saturday, 20 June 2015 06:43 PM

යුරෝපයේ වගේ ගණිකා වෘත්තිය ලංකාවෙත් නීතිගත කළා නම් මොකද? එතකොට ආයුර්වේදයේ නම කැත වෙන්නෙත් නැහැ ගණිකාවන් සුරාකෑමත් නවතිනවා , (නි)

:       0       1

රන්ජිත් Sunday, 21 June 2015 03:04 AM

මෙම ලිපිය ඉතාමත් වැදගත්. ගණිකා ස්ථාන ලෙස පවත්වාගෙන යන ස්ථාන සොයා බැලීමට හා පැමිණිලි කිරිමට පොලිසිය හැර වෙනත් සෞඛ්‍යය අමාත්‍යංශයේ බලයලත් අධිකාරියක් තිබේද? (නි)

:       0       0

දිමුත් Monday, 22 June 2015 05:11 AM

මේවත් ඉතින් මිනිස් අවශ්‍යතානේ. නමුත් එහෙමයි කියලා සදාචාර විරෝධි විදිහට හොඳ නෑ (ම)

:       0       0

සමන්තිකා පෙරේරා Friday, 19 June 2015 10:11 AM

හොඳ ලිපියක්. මෙවන් දේවල් සමාජය දැනුවත් කිරිම ඉතා අගනෙයි (ම)

:       0       0

සුකිරි Tuesday, 23 June 2015 10:48 AM

මහා සංස්කෘතිය ගැන ඔද වඩමින් පුරාජේරු වයන සංස්කෘතික ඔස්තාර්ලා කෝ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4044 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 483 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1101 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 96 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 185 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 243 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site