කොළඹ කොටුව හා බදුල්ල දක්වා වැටී ඇති දුම්රිය මාර්ගය ඔස්සේ එදා මෙදාතුර ලක්ෂ ගණනක මගී පිරිසක් දුම්රියේ ගමන් කරන්නට ඇත. එම මගීන් පමණක් නොව දෙමෝදර හා ඇල්ල දුම්රිය ස්ථාන දෙක අතර ආරුක්කු නමයේ පාලම බ්‍රිතාන්‍ය පාලන යුගයේ ඉදිකළ විස්කම් නිර්මාණ බව බොහෝ දෙනා කියන වසර 103 ක් පැරණි මේ පාලමේ කොන්ක්‍රීට් බිංදුවක් නැත.
නමුත් මෙම ආරුක්කු නමයේ දුම්රිය මාර්ග විස්මිත පාලම ඉදිකිරීමට දායක වී ඇත්තේ ඉංජිනේරු තාක්ෂණය නොදත් වැලිමඩ කැප්පෙටිපොළ පෙල්ලවින්නේ උපන් පී.කේ. අප්පුහාමි නම් ගැමියෙකි.
ඇල්ල සිට දෙමෝදර අතර දුම්රිය මාර්ගය සැකසීමේ දී සැතපුම් 169 කණුව අසල කඳු දෙකක් අතර යකඩ පාලමක් ඔස්සේ සම්බන්ධ කිරීමට එංගලන්ත ජාතික ඉංජිනේරුවරයා සැලසුම් කර ඇත.
මෙසේ රැගෙන ආ යකඩ පාලම දිගින් අඩුවීම නිසා ඉංජිනේරුවරයා දැඩි අසීරුවකට පත්ව ජීවිතය පවා නැතිකර ගැනීමට උත්සාහ දරා ඇතැයි පැවැසේ. එම අවස්ථාවේ මේ පී.කේ. අප්පුහාමි මැදිහත්ව මේ අන්දමට පාලම මඩ වගුරක් කළු ගල් වලින් පුරවා සකසන ලද අත්තිවාරමක් මත ආරුක්කු නමයකින් යුක්තව ඉදිකිරීමට කටයුතු කර ඇත. පාලමේ සාමාන්‍ය උස අඩි 300 ක් බව පැවැසේ.
පී.කේ. අප්පුහාමි කිසිදාක පාසල් ගොස් නැත. ඔහු ගොවියකි. යාග හෝම පවත්වන තොවිල් පොළවලට ගොස් නැටීමටත් බෙර වාදනය කිරීමටත් පුදුම හැකියාවක් හා දක්ෂකමක් ඇත්තෙකි.
පී.කේ. අප්පුහාමි සමඟ දුම්රිය මාර්ගය ඉදිකළ සිංහල කම්කරුවන් එංගලන්ත ජාතික ඉංජිනේරුවරයා සමඟ එක්ව බිංගෙවල් සකසමින් අනාරක්ෂිත ස්ථාන විශාල කළුගල් බැමි වලින් ශක්තිමත් කළ බව කියති.
‘අන්තිමට ඉංජිනේරුවරයා පී.කේ. අප්පුහාමි ගෙන් අහලා තියෙනවා. පී.කේ. බාස් මේකට විසඳුමක් නැද්ද කියා. ඔහු කියා තිබෙනවා සේවකයන් දෙනවානම් පාලමක් හදන්න පුළුවන් කියලා. සුදු ජාතිකයා මේ ගැන සැක පහළ කරලා. ඔහු කියා තිබෙනවා මෙම පාලම හදන එකට වැටුප් ගෙවන්න එපා කියලා.
ඉංජිනේරුවරයා ඔහුට සේවකයන් කඳු දෙක මුදුනේ ඇති කළු ගල් කුට්ටි පිටින් පහතට පෙරළා තියෙනවා. අධික වේගයෙන් කන්ද පහළට පෙරලී එන විශාල ගල් මඩ වගුරේ පතුල දක්වා ගිලා බැහැලා. අන්තිමට කළුගල් වලින් මඩ වගුර පිරී හොඳ ශක්තිමත් අත්තිවාරමක් නිර්මාණය කර තිබෙනවා. මඩ හා කළුගල් කුට්ටි මිශ්‍රවීම නිසා සැකසුණු අත්තිවාරම උඩ මෙසේ ආරුක්කු නමයකින් අලංකාර ලෙස ඉදිකර එම පාලම මතින් දුම්රිය රේල් පාර සකසා ඇත.‘
දැන් 1913 දී විතර තමයි මෙම පාලම ඉදිකර ඇත්තේ දුම්රිය මාර්ගය ඉදි කළත් සුදු ජාතික ඉංජිනේරුවරයාට දුම්රියක් එහි ධාවනය කිරීමට බයක් දැනී තිබෙනවා. පාලමේ (දුම්රිය මාර්ගයේ ) ශක්තිය ගැන සැකයක් ඇති බව ඉංජිනේරුවරයා ඔහු පවසා ඇත.
ඔහු පවසා ඇත්තේ ප‍්‍රථම දුම්රිය පාලම මතින් ධාවනය වන විට ආරුක්කුව යට තමන් නිදා ගන්නා බවයි. ඒ වගේම දුම්රිය ධාවනය වෙද්දී ඔහු සරමක් බිමට අතුරාගෙන නිදාගෙන තිබෙනවා. දුම්රිය පාලම මතින් ධාවනය වීමත් සමඟ ඉංජිනේරුවරයා ඔහු බදාගෙන සිය සතුට ප‍්‍රකාශ කර ඇත.
අප්පුහාමි මැදිහත්වීම මත දෙමෝදර අලංකාර ආරුක්කු නමයේ පාලම ඉදිවීමෙන් සතුටට පත් ඉංජිනේරුවරයා එම පාලම ඉදිකිරීමට වැඩ කළ කාලයට වැටුප් ලබාදී තිබේ. මීට අමතරව කොළඹ දුම්රිය දෙපාර්තමේන්තුවටත් දැනුම් දීලාඇත.
‘දුම්රිය දෙපාර්තමේන්තුව කළ සේවයට පී.කේ. අප්පුහාමිට රිදී කාසි පුරවන ලද මලු අටක් තෑගි කර තිබෙනවා. එම මුදලින් කොටසක් වැයකර තම හිතවත් ඉංජිනේරුවරයාට මෝටර් රථයක් මිලදී ගෙන තෑගි කර ඇත. එසේම එම මෝටර් රථයෙන් උපන්ගම වන පෙල්ලවින්නට පැමිණ එරබද්ද යන ගම්මාන දෙකට අයත් ගැමියන්ට ආහාර වේලක් සමඟ රිදී කාසියක් ද තෑගි කර තිබෙනවා.‘
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආරුක්කු නමයේ අප්පුහාමි වික්‍රමය
ජයාත් Tuesday, 20 September 2016 01:37 AM
නියම ඉංජිනේරු ශිල්පියෙක්. මෙවැනිම ආරුක්කු පාලමක් මාවනැල්ලේද තිබෙනවා. (නි)
ශෂිකා Wednesday, 21 September 2016 03:26 PM
මේ ලිපිය පලකලාට ලංකාදීපයට අනේ කවාරයක් තුති.(අ)
මදුශාන් Monday, 26 September 2016 01:28 PM
ඔය නිර්මාණ දෙකම හදන්න තමුන්ගේ දැනුම දුන්නු අපේ දේශීය ඉංජිනේරුවෙක් වෙච්චි ඩි.ජේ. විමලසුරේන්ද්‍ර මහත්තය ගැනත් කියන්න. මේ පාලම හෙන්රි කුක්බත් මාවුඩ් කියන බ්‍රිතාන්‍ය ජාතික ඉන්ජිනේරුවා සැලසුම් කරලා හදපු එකක්. සම්පූර්ණ සැලැස්ම, වියහියදම්, හදද්දී ගත්තු පින්තූරු ඔක්කොම ඇතුලත් වාර්තා ලංකා ඉංජිනේරු සංගමයේ වගේම අන්තර්ජාලයේත් තියෙනවා. (බ)
සෙනරත් Tuesday, 27 September 2016 03:27 AM
අද අපේ සමහර උදවිය කියනවා "සුද්දා නැත්නම් අපිට මේ ටිකත් නැහැ කියලා". ඔවුන් හිතන්නේ නැහැ සුද්දා අපිට කරපු හානිය ගැන. (නි)
ඉලේපෙරුම Wednesday, 21 September 2016 03:49 PM
වැඩි වැඩියෙන් අද්භූත දේ විශ්වාස කරන්න වැඩි වැඩියෙන් සාක්ෂි අවශ්‍ය වෙනවා. පළමුවෙන් කාරණය තමා බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන්ට මෙවැනි පාලමක් හදන්න නොහැකිවුණා කීම. දුම්රිය මගක් (හෝ වෙනයම් ඉදිකිරීමක්) ඉදි කරන විට කලින් මැනුම් කටයුතු කර ඇස්තමේන්තු කිරීම අනිවාර්යයෙන්ම කරන දෙයක්. යකඩ පාලමක් ගෙනවිත් සවිකරන්න බලන විට දිග මදි බව දැනගත්තා කීම කොහෙත්ම පිළිගන්න පුළුවන් දෙයක් නොවෙයි. (කෙක්කක් අරන් ගහකින් ගෙඩියක් කඩන්න යන අපට නම් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්). වැඩි දෙනෙක් නොදන්නවා වුණාට දුම්රිය එන්ජිම නිපදවූ ජෝර්ජ් ස්ටීවන්සන් හා ඔහුගේ පුතා රොබට් ස්ටීවන්සන් දුම්රිය මාර්ග ඉන්ජිනේරුවන් ද ලෙස කටයුතු කළා. ඔවුන් එංගලන්තයේ සන්කී ගඟට ඉහළින් මෙවැනි ආරුක්කු පාලමක් හැදුවේ 1828-1830 කාලයේ දි. ඉතින් ඊට අවුරුදු 83කට පසු ලංකාවේ මෙවැනි පාලමක් ඉදි කරන්න බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන්ට නොහැකිවුණා කීම කොහෙත්ම පිළිගන් පුළුවන් දෙයක් නොවේයි. රොබට් ස්ටීවන්සන් අඩි 10,380ක් (මීටර් 3164ක්) දිග කැනඩාවේ මොන්ට්‍රියෙල් නගරයේ වික්ටෝරියා පාලම හැදුවේ 1854 දි. අප්පුහාමි කෙනෙක් මෙවැනි පාලමක් හැදූ බවට කිසිම සාක්කියක් ලංකා දුම්රිය ඉතිහාසයේ නැහැ. (අ)
සුසන්ත Tuesday, 20 September 2016 03:31 AM
ඔහු නම් සැබෑම දක්ෂයෙක් (නි)
අනුරාධ Monday, 19 September 2016 01:05 PM
අප්පුහාමි මහතා ගේ දක්ෂතාවය ඉතා අගය කරමි.ඒ වගේම සේවකයාගේ අදහසට ගරු කිරීම හා ඊට තැන දීම,ඔහුගේ කාර්යය අගය කිරීම හා ඊට නිසි ගරුත්වය ලබා දීම,ඔහුට ඊට සාධාරණය ඉෂ්ට කිරීම,ඉංජිනේරු මහතා විසින් ඒ කාර්යය තමා කළ දෙයක් කියා දෙපාර්තමේන්තුවෙන් ලකුණු දාගන්නේ නැතුව අප්පුහාමි මහතාව හා ඔහුගේ ගේ හැකියාව හා කල විශ්මය දෙපාර්තමේන්තුවට දැනුම් දී ඔහුට නිසි ගරුත්වය ලබා දීම,අප්පුහාමි මහතා විසින් තමාට ලැබුණු ත්‍යාගය බෙදාගනිමින් බුක්ති විදීම,මොන තරම් ලස්සන ද මේ සිදුවීම.කොයි තරම ලස්සන හදවත් හා හිත් ඇති මිනිස්සුද මේ.අපේ රට ඒ කාලේ කොයි තරම් ලස්සන සමාජයකින් පිරිලා තිබිලා තියෙනවාද කියලා හැඟෙනවා මේ දේවල් කියවනකොට.ලංකාදීප ටත් බොහොම ස්තුති මේ ලිපිය පළ කළාට.අද කාලේ අයටත් හොඳ ආදර්ශ ගොඩක් ගත හැකි ලිපියක් මේ (හේ)
සමන් Monday, 26 September 2016 06:40 AM
ඉලේපෙරුමගේ කතාවේ ඇත්තක් තියෙනවා, කතන්දර හදල ඇත්ත කරපු බොරු ගොඩක් ලංකා ඉතිහාසයේත් තියෙනවා. (බ)
කුමාර Monday, 19 September 2016 03:45 PM
ආඩම්බරයි අපෙ මුතුන් මිත්තන් ගැන. ඉතා හොද ලිපියක් නොදන්න දෙවල් ගොඩක් දැනගත්තා ස්තුතියි ලංකාදීප (හේ)
ඉසුරු Monday, 26 September 2016 07:10 PM
හොඳ ලිපියක්
දර්ශන Tuesday, 20 September 2016 06:54 AM
හොඳ ලිපියක් ඉතිහාසය ගැන ආඩම්බර විය හැකියි ලියු ඔබට ස්තුතියි. (ර)
ධම්ම Monday, 19 September 2016 05:02 PM
දුප්පත් අප්පුහාමීලා මෙහෙම කරනකොට පොහොසත් රදළයෝ සුද්දා ළඟ දණින් වැටී තාන්නමාන්න සම්මාන ලබාගැනීමට තම සිංහල/දෙමළ නමත් වෙනස් කල අමිහිරි ඉතිහාසයකුත් අපට තියෙනවා. (රේ)
ඉමේශ් Monday, 19 September 2016 05:29 PM
මේක නම් විශ්මිතයි (නි)
ධම්ම Thursday, 22 September 2016 02:50 PM
අප මේ කතාව මේ කියනා ලෙසින්ම පිළිගතයුතු නැහැ. ඉංජිනේරුවන් මොන විදියට සැලසුම් කළත් එය භූමියේ ප්‍රායෝගිකව ඉදිකරන විට කාර්මික ශිල්පීන් සමග සාකච්ඡා කිරීම හොඳ දෙයක්. බොහෝ විට මා අත්දැකීමෙන් දන්නා දෙයක් තමයි බාස් උන්නැහැ ළඟ කෙටි ප්‍රායෝගික ක්‍රම තියෙනවා යමක් කිරීමේදී උපයෝගී කරගත හැකි. මේ එවන් අවස්තාවක් විය හැකියි. (බ)
දමයන්ති Monday, 19 September 2016 09:28 PM
ආඩම්බරයි. මුළු කතාවම ලස්සන සිදුවීම් පෙළක් වගෙයි (නි)