IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ආරක්ෂාවත්-පිරිමැස්මත් එකට: ගෙදර සිට රාජකාරිය

රැකියාව හා පෞද්ගලික ජීවිතය සමබර කරන පිළිවෙළ ගැන විවාදයක් කාලයක සිට පවතී. කොරෝනා වසංගත තත්ත්වය සමග එය තවත් අලුත් පැතිවලට යොමු වී තිබේ. ලෝකයේ ඕනෑම තැනක සිට සේවය කළ හැක. තාක්ෂණය එයට පසුබිම සකසයි. එක තැනක ස්ථිරව රාජකාරි කරන පිළිවෙළ ද අවලංගු වෙමින් තිබේ. නිදහස් වෘත්තිකයන් වශයෙන් නොයෙක් ආයතනවලට, සේවා සපයන අවස්ථා නිර්මාණය වී තිබේ.

ජගත් ආර්ථික සංසදය පසුගිය කාලයේ ප්‍රකාශයට පත් කරන ලද සමීක්ෂණයකට අනුව වැඩ කරන ජනතාවගෙන් තුනෙන් දෙකක් නිවෙසේ සිට රාජකාරි කරන්නට කැමැත්ත පළ කර තිබේ. රටවල් විසි නවයක තෝරාගත් පිරිසකගෙන් අදහස් විමසන ලද බව දැක්වෙයි. ලෝක ජනගහනයෙන් හරි අඩක් පමණ කොරෝනා ලොක්ඩවුන් කිරීමට යටත් වී ඇත. එය දීර්ඝ කාලයක් රාජකාරිවලින් බැහැරව සිටීමට
හේතුවකි.

නරක ප්‍රතිඵල ඇති කරන බව දැක්වේ. ආදායම පහත වැටෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික සංකෝචනයක් සිදුවෙයි. එක දිගට සේවයට සුපුරුදු පරිදි වාර්තා කරන්නට නොහැකි වන ජන කොටස් මුහුණ දෙන මානසික ව්‍යාධි ගැන ද සමාජ විද්‍යාඥයන් සහ කළමනාකරණ විශේෂඥයන් අවධානය යොමු කර ඇත.

දැනට පවතින තාක්ෂණය අනුව නිවෙසේ කොටසක් කාර්යාලයක් බවට හරවා එහි සේවය කරන ආකාරය දුරස්ථව අධීක්ෂණය කිරීමට හැකියාවක් තිබේ. ඇතැම් ආයතන ප්‍රධානීහු දක්වන පරිදි නිවෙසේ පරිසරය සමග එකට රාජකාරි කටයුතු කිරීම කාර්ය මණ්ඩලයේ ආතතිය දුරු කරන පිළිවෙළකි. එහෙත් කාර්යාල විධිවිධාන සහ සාමූහිකව වැඩ කිරීම යනාදිය අභියෝගයට ලක්වෙයි. ආර්ථික සංසදය කරන ලද සමීක්ෂණයෙන් අනාවරණය වන වැදගත් කරුණක් තිබේ. පසු කාලයක කාර්යාලයට කැඳවුවහොත් එයට එකඟ නැති බව පිරිසක් ස්ථිර වශයෙන්ම දක්වා තිබේ. නිවෙසේ සිට සේවයට හුරු වූ තුනෙන් එකක පිරිසක් එයට අයත්ය. රැකියාවේ ස්වභාවය නම්‍යශීලී වීම ගැන ඔවුහු තෘප්තිමත්ව සිටිති.

නිවෙසේ සිට සේවය කිරීමෙන් ඉහළ ඵලදායීතාවක් අත්පත් කරගත හැකි වූ බව සමීක්ෂණයට භාජනවූවෝ කියති. හරි අඩක් දෙනා සිය කාර්යාල සගයන්ගෙන් දුරස්ථ වීම ගැන කනස්සල්ලකින් පසුවන නමුත් එදිනෙදා රාජකාරි අන්තර්ජාලය භාවිත කර නොපිරිහෙලා ඉටු කළ හැකි බව දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධානීහු පවතින ව්‍යුහයට එපිටින් ඇති අවස්ථා ගැන අවධානය යොමු කළ යුතුය. නිරෝධායන ඇඳිරිනීතිය පනවන වකවානු තුළ ද නිසි පරිදි කාර්යාල කටයුතු කළ හැකිය. කාර්යාලයේ ලිපිගොනුවලට ලෝකයේ ඕනෑම තැනක සිට ප්‍රවේශ වන පද්ධති තිබේ. සාකච්ඡා කර තීරණ ගැනීමට අතිශය දියුණු සන්නිවේදන ක්‍රම භාවිත කළ හැක. වසංගත තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමෙන් පසු පවා හයිබ්‍රිඩ් එනම් සතියේ එක කාලසීමාවක් නිවෙසේ සිටින අතර තවත් කාලසීමාවක් කාර්යාලයට එන පරිදි රාජකාරි කටයුතු කරගෙන යන සැලසුම් වැදගත් බව අනාවරණය වී තිබේ.

පැය අටක රාජකාරි සඳහා කාර්යාලයට එන්නට සහ ආපසු නිවෙස බලා යන්නට සෑහෙන කාලයක් ගතවෙයි. එයට වැය කරන ධනය සුළුපටු නොවේ. කාර්යාලවලින් ප්‍රවාහන පහසුකම් සපයන ආයතනවලට එය මහත් පිරිවැයකි. පොදු ප්‍රවාහන සේවාවල පවතින තදබදය දකිනවිට නිවෙසේ සිට රාජකාරි කරන ක්‍රමයකට පරිවර්තනය වුවහොත් විශාල වාසියකි.

මහාමාර්ගවල තදබදය අවම කරන අතර කාර්යාල ඉඩකඩ සඳහා අලුතින් ඉදිකරන ගොඩනැගිලි වෙනුවෙන් සෑහෙන ආයෝජනයක් කරන්නට සිදුවෙයි. මෙම මුදල් තාක්ෂණය දියුණු කරන අලුත් සැලසුම්වලට යෙදවුවහොත් ක්‍රමය වෙනස් කරගත හැකිය. අධික තදබදයක, බලවත් මානසික පීඩනයක් සහිතව සේවය කිරීමට වඩා නිදහසේ වැඩ කරන සමාජයක් ගොඩනගාගතහොත් සෞඛ්‍ය පැත්තෙන් ද වාසිදායකය. වාර්තා පෙන්වන පරිදි ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකාය වයස්ගත වෙමින් සිටී.

 දියුණුව සඳහා ශ්‍රම බළකාය වැදගත් සාධකයකි. තරුණ ශ්‍රමය වෙනුවට තාක්ෂණයෙන් පොහොසත් සමාජයක් වැඩදායක වනු ඇත. වසංගත තත්ත්වයෙහි අවසානය කොතැන කෙලෙසෙක සිදුවනු ඇත් ද යන විශ්වාසයක් නැත. ඇතැම් අංශවල දී ශ්‍රමය ඉතාම කාර්යක්ෂමව උපයෝගි කරගත හැකි පරිදි තාක්ෂණික වටපිටාවක් නිර්මාණය වෙමින් තිබේ. මෙහි අවස්ථා හා අභියෝග ගැන වෙනම සාකච්ඡා කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයෝ අවධානය යොමු කළ යුතුය.


(***)


- මිලින්ද මොරගොඩ



අදහස් (1)

ආරක්ෂාවත්-පිරිමැස්මත් එකට: ගෙදර සිට රාජකාරිය

kasun Friday, 27 August 2021 11:17 AM

ඔබතුමා ඇත්තටම ගොඩක් වටින අදහසක් ඉදිරිපත් කරන්නේ. නමුත් ඕක හැමෝටම කරන්න බැහැ නේද? ත්‍රි රෝද රථ එළවන අය රටේ ආර්ථිකයට 2.7% ක් වගේ දායකත්වයක් දෙනවා. ප්‍රවාහන සේවා වලින් 11%. තව කර්මාන්ත ශාලාවලින්... අනික රජයේ සේවකයන් ගත්තත් හැමෝටම ඕක කරන්න බැහැනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1046 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4544 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 411 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1679 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site