ඉතිහාසයේ ආරම්භයේ සිටම ශිෂ්ටාචාර වේගයෙන් වෙනස්වන තත්වය සහ ප්‍රමුඛතා හරහා සමාජයේ මූලික අවශ්‍යතා දෙකක් වන ආරක්ෂාව සහ නිදහස යන දෙක අතර නිවැරදි සමතුලිතතාව සෙවීමේ නිරතව සිට ඇත.
වර්තමානයේ පවතින නීතිය සමාලෝචනය කිරීම, දශක ගණනාවක් මුළුල්ලේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කරන ලද යෝජනා තක්සේරු කර බැලීම සහ යෝග්‍ය ව්‍යවස්ථාපිත නීති පද්ධති අන්තර්ගතය යෝජනා කිරීම සඳහා ජනාධිපති නිතීඥ රියන්සි අර්සකුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීමට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පසුගිය සතියේ නිවේදනය කළේය.
සංකල්පමය මට්ටමින් ගත හැකි ප්‍රවේශ ගණනාවක් තිබේ.
සාමාන්‍ය නීතියේ ප්‍රමාණවත් බව
ආරක්ෂාව වෙනුවෙන් සඵලදායක ආපාදිතයක රාමුවක් ලෙස සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් බවටත්, කවර හෝ විශේෂ නීතියක් අනවශ්‍ය පමණක් නොව හානිකර බවටත් තර්ක කළ හැකිය.
1979 ට පෙර දශකවලදී, කවර හෝ විශේෂ නීති පද්ධතියක් උපයෝජනය කිරීමෙන් තොරව, හමුදා කුමන්ත්‍රණයක් හා දිවයින පුරා පොලිස් ස්ථානවලට එල්ල කරන ලද සන්නද්ධ ප්‍රහාර සම්බන්ධ වූ පුළුල්ව පැතිර ගිය කැරැල්ලක් ඇතුළු අර්බුදවලට යටපත් නොවී සිටීමට ශ්‍රී ලංකාවට හැකි විය. ශ්රී ලංකා නීති කොමිෂන් සභාව එහි 2022 පෙබරවාරි මස වාර්තාව තුළ, බහුවිධ ආකාරයෙන් විද්‍යමානවන ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කටයුතු කිරීම තව දුරටත් සාමාන්‍ය නීතිය යටතේ සිදු විය යුතු බව දැඩි ලෙස අවධාරණය කළේය.
විශේෂ ව්‍යවස්ථාපිත නීති පද්ධතියක්
1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යන විශේෂ ව්‍යවස්ථාපිත නීති පද්ධතියක් මාස 6 ක කෙටි කාලපරිච්ඡේදයක් වෙනුවෙන් අත්හදාබැලීමක් ලෙස පනවන ලදී. උත්ප්‍රාසය දනවන අයුරින් එය 46 වසරක් නොනැසී පැවත ඇත. වර්තමානයේ අපගේ නීති පද්ධතියේ අනන්‍ය කොටසක් වන එය දැඩි හෙළා දැකීමට ලක්ව තිබේ. “පටන් ගැන්මේ සිටම එය අප යෙදුම සිදු විය, මන්ද පනතේ විධිවිධාන තිබෙන්නේම ත්‍රස්තවාදය වැළැක්වීමට නොව අනිසි භාවිතය සඳහාය.” (එම්.ඒ. සුමන්තිරන් මහතා, 2022 මාර්තු 22 වැනි දින හැන්සාඩ් වාර්තාව, 804 තීරය)
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික සාරධර්ම ආක්‍රමණයට ඇති නිර්ලෝභී අවකාශය මගින් මෙම නීතියට එරෙහි ඍණාත්මක ඇගයුම පොළඹවනු ලැබ තිබේ. විමර්ශන ක්‍රියාවලිය තුළ දිරිගන්වනු ලබන ලිහිල්බව, ස්වයං අභිවෘද්ධිය පමණක් ඉලක්ක කරගත් බුද්ධි නිලධාරීන් අතර කූට ප්‍රයෝග සහ දූෂිත බව, වධහිංසා කිරීමට සමාව දෙන තරම් දුරට පවා දුර්විපාක වලින් නිදහස වීමේ පිහිට පැතීම සහ එහි විධිවිධාන මාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ වෙනත් තැනැත්තන්ට එරෙහි බාහිර අරමුණු වෙනුවෙන් තැති ගන්වන සුළු ආකාරයෙන් යොදා ගැනීම එයින් ඇති කෙරෙන අනතුරු අතරට අයත් වේ.
එය යොදාගනු ලැබූ ආකාරය වාර්ගික, ආගමික සහ සංස්කෘතික ප්‍රජාව අතර සමගිය අඩු කිරීමට දායක වී ජාතික හැඟීමක් පැන නැගීමට දැඩි ලෙස බාධා පැමිණ වූ බවට වන විවේචනය අසාධාරණ නැත. මෙය දේශීය වශයෙන් විනාශදායක ප්‍රතිවිපාකයක් වෙද්දී, එහි බාහිර මානයන් එයට නොදෙවෙනිව කනස්සලු සහගත විය. මේවා ජාතියේ එකමුතුවට සහ ස්ථාවරත්වයට, ආර්ථික ප්‍රගතිය කරා වන සාමූහික මුලපිරීම්වලට අහිතකර බලපෑම් ඇති කිරීමට හා විශ්වීය වශයෙන් පිළිගනු ලැබ ඇති මානව හිමිකම් වෙනුවෙන් කැපවීම සම්බන්ධයෙන් මුල්බැස ගත් සර්ව අශුභවාදයට හේතුවෙයි.
වෙළෙඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍ර තුළ ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් බැඳියාවන් මත මෙය බරපතළ උපද්‍රව ඇතිකරනු දක්නා ලදී. බ්‍රසල්ස්හි දී, රටේ අපනයනවලට යුරෝපා සංගමයේ සුවිසල් වෙළෙඳපොළ කරා ප්‍රවේශය ලබාදෙන GS+ ප්‍රතිලාභවල අඛණ්ඩතාව තර්ජනයට ලක්විය. ජිනීවාහිදී, මානව හිමිකම් කවුන්සලය, විවාදශීලී සභා රැස්වීමක දී, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය ඉලක්ක කිරීම පිණිස සුවිශේෂී ලෙස ආගන්තුක යාන්ත්‍රණයක් පිහිටුවීම අනුමත කළේය. මෙසේ මෙම තත්වය නරක අතට හැරෙද්දී, වඩාත් බරපතළ දුර්වලතා කෙරෙහි අවධානය කේන්ද්‍රගත කර හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා ඒවා අපශෝධනය කිරීම ඥානාන්විත බව පෙනී ගියේය.
සංශෝධන නීති පැනවීම
2022 වසරේ දී මෙම කාර්යය සිදු කෙරිණි. මම එවකට විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස, ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය මණ්ඩලයේ පූර්ණ සහාය ඇතිව, නීතිය සිවිල් සහ දේශපාලන හිමිකම් සංස්කෘතියට වඩාත් අනුකූල කිරීම පිණිස සැලසුම් කරන ලද සංශෝධන මාලාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළෙමි.
පවතින නීතියේ එක් බරපතළ දුර්වලතාවක් වූයේ රැඳවුම් නියෝගයකින් පසු සිරගත කිරීමේ සාධාරණීකරණය කළ නොහැකි දීර්ඝ කාල සීමාවයි. එක් නඩු විභාග දිනක සිට ඊළඟ දිනය අතර මාස 6 සිට 9 දක්වා තරම් දීර්ඝ විරාමයක් පැවති අවස්ථා තිබිණි. “මෙම පනත යටතේ වන සෑම නඩු විභාගයක්ම එදිනෙ දා පදනමින් පවත්වනු ලැබිය යුතු ය” (8 වැනි වගන්තිය) යන පැහැදිලි විධිවිධානය මගින් මෙයට ප්‍රතිකර්ම යොදනු ලැබිණි. මෙයට වෙනස් ආකාරයෙන් වන කවර හෝ කටයුතු කිරීමක් බලකුරු හේතු දැක්වීම් මගින් සාධාරණීකරණය අවශ්‍ය විය.
රැඳවුම් නියෝගයේ සහතික කරන ලද පිටපතක් ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයා වෙත පැය 48 ක් ඇතුළත ඉදිරිපත් කරනු ලැබීම (3 වැනි වගන්තිය) වධහිංසා කිරීම හෝ හිංසා කිරීම සිදු නොවන බව සහතික කිරීම සඳහා අවම වශයෙන් මසකට වරක් රැඳවියා බැලීමට යාමට මහේස්ත්‍රාත්වරයා වෙත පැවරෙන අන් අයකුට පැවරිය නොහැකි කර්තව්‍යයක් (13 වැනි වගන්තිය) සහ යෝග්‍ය අවස්ථාවල දී අපරාධ පටිපාටිකර අරමුණු කරගනිමින්, අධිකරණ වෛද්‍ය නිලධරයකු විසින් සපයනු ලබන වෛද්‍ය වාර්තාවක් පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබීමට විධිවිධානයක් (6 වැනි වගන්තිය (ID)) ඇතුළු අනිවාර්ය රැකවල් මාලාවක් මගින් බරපතළ අප යෙදුම පාලනය කිරීමට අපේක්ෂා කරන ලදී.
පෙර පැවති නීතියේ නීතිමය හිමිකමක් ලෙස නීතිඥයකු කරා ප්‍රවේශය අධිකරණ නීති කෘත්‍යයන්ට පමණක් සීමාවිය (අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 260 වැනි වගන්තිය). සැලකිය යුතු ලෙස අවදානමට පත්කරනු ලැබීමක් හා සම්බන්ධ වූ මෙම අඩුපාඩුව, පොලිස් ප්‍රශ්න කිරීම අතරතුර දී නීතීඥයකු කරා ප්‍රවේශයට අයිතිය සහතික කරන පැහැදිලි විධිවිධානයක් (5 වැනි වගන්තිය) මගින් නිවැරදි කරනු ලැබිණි.
නිතීඥයකුට අමතරව, පවුල හෝ සමීප ඥාතීන් සමඟ සන්නිවේදනය ද සහතික කරනු ලැබිණි. (5 වැනි වගන්තිය).
නඩුවිභාගය අවසන් කෙරෙන තෙක් රැඳවියකු රක්ෂිත බන්ධානාගාරගත කිරීම අනිවාර්යයෙන් අවශ්‍ය වූ පෙර පැවති නීතිය මෙන් නොව, සංශෝධන නීතිය මාස 12 ට පසුව රැඳවියා ඇප මත නිදහස් කිරීමේ අධිකරණ බලය අභියාචනාධිකරණය වෙත නිශ්චිත ලෙස පැවරුවේය (10 වැනි වගන්තිය).
එමෙන්ම, අත්තනෝමතික හෝ හිතුවක්කාර පරිපාලන ක්‍රියාමාර්ග මත සංවරණයක් ලෙස අධිකරණ සමාලෝචනය කැපී පෙනෙන ලෙස පුළුල් කිරීමක් ද සිදු කෙරිණි. පෙර පැවති නීතියේ අඩංගුව තිබූ බැහැර කිරීමේ වගන්තියට ප්‍රතිවිරුද්ධ ලෙස මූලික අයිතිවාසිකම්, රීට් ආඥා සහ හේබියස් කෝපුස් නීතිකෘත්‍යයන්හි දී අධිකරණ අභියෝගය වෙනුවෙන් පැහැදිලි ලෙසම අවකාශය සලසනු ලැබිණි (4 වැනි වගන්තිය).
රැඳවියකු කිසිදු ආකාරයක සන්නිවේදනයෙන් වැළැක්වීම සඳහා විධායකය වෙත පවරනු ලැබ තිබූ බලය - මෙයට විශේෂයෙන්ම මාධ්‍ය මත බියකරු බලපෑමක් ඇති කිරීමට හැකියාව තිබිණි. හුදු අඩුකිරීමක් නොව මුළුමනින්ම ඉවත් කිරීම සිදු විය (7 වැනි වගන්තිය).
ජාත්‍යන්තර අත්දැකීම් වෙතින් ව්‍යුත්පන්න වන කාලීන තත්වයට අනුකූල වන ලෙස “වධහිංසාව” අර්ථ දැක්වීම පුළුල් කිරීම මගින් ආරක්ෂාවේ විෂය සීමාව ප්‍රශංසනීය ලෙස ඉවැඩි කෙරිණි (13 වැනි වගන්තිය).
අවශ්‍ය අනුසීමාවක්
මෙම සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී, ඉදිරිපත් කෙරෙන විසඳුම සම්පූර්ණ ව්‍යවස්ථාපිත නීති පද්ධතිය නැවත සකස්කර ඒ වෙනුවට නව නීති යොදවනු ලබන තෙක් වන, ස්වභාවයෙන් තාවකාලික එකක් බව මම නොවලහා පිළිගත්තෙමි. එහි අභියෝගය හේතුවෙන් අධෛර්යවත් කරවන සුළු වූ මෙම කාර්යය, නීතිපතිවරයාගේ, ආරක්ෂක ලේකම්වරයාගේ, පොලිස්පතිවරයාගේ සහ සන්නද්ධ හමුදා ප්‍රධානීන්ගේ සක්‍රිය යෙදවුම් සහිතව, ආණ්ඩුවේ අදාළ සියලු අමාත්‍යංශවල සහයෝගිත්වයෙන් සිදු කරන ලදී. මෙම වැඩ දැනටමත් සිදුවෙමින් පැවතිණි.
උපරිම යහපත යහපතෙහි සතුරා නොකරනු ලැබිය යුතු බව ප්‍රායෝගික අදහසක් ලෙස පෙනෙන්නට තිබිණි. මාගේ සගයන්ට මා කළ ආයාචනය වූයේ හොඳම තත්වය සොයා යාමේදී වේලාවේ හැටියට බලපෑම ප්‍රශංසනීය වන සංශෝධන සමූහයක් නොසැලකිලිමත් ලෙස ඉවත දැමීම සිදු නොවිය යුතු බවයි.
පාර්ලිමේන්තුව 35 ට එරෙහිව 86 ක් වූ බහුතර ඡන්ද සංඛ්‍යාවකින් නීතියට වූ සංශෝධන පැනවීම සිදු කළේය.
ප්‍රතිසංස්කරණයේ ඉදිරි මග
නීතියේ වඩාත් තෘප්තකර සංස්කරණයක් සඳහා වන ගවේෂණය ඉතිරි දුර්වලතා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වන අධිෂ්ඨානය මගින් අභිප්‍රේරණය ලැබීය.
(අ) මෙම දෝෂ අතරින් වඩාත්ම අවධානයට ලක් වූ දෝෂය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආරක්ෂිත නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය, ස්වයං අපරාධාරෝපණයට එරෙහි වරප්‍රසාදය සහ ඔප්පු කිරීමේ භාරය පාලනය කරන ස්ථාපිත රීති වැනි පාදක මූලධර්ම උල්ලංඝනය කිරීම මගින් අපරාධ යුක්තියේ හරයම උල්ලංඝනය කළ එකක් විය.
මෙම වැරදිසහගත විධිවිධානය සහකාර පොලිස් අධිකාරිවරයකුගේ නිලයට පහළ නොවන පොලිස් නිලධරයකුට රැඳවියකු විසින් කරන ලද පාපෝච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමේ හැකියාව ලබා දුන්නේය (16 (i) වගන්තිය). බලහත්කාරයෙන් ලබාගත් පාපෝච්චාරණ මත පදනම්ව වැරදි සහගත දණ්ඩනය සිදු වීමේ අතිශයින් සැබෑ අනතුර මෙය හඳුන්වා දුන්නේය.
අවාසනාවකට මෙන්, ආරක්ෂාව හා සම්බන්ධ කණස්සල්ල දනවන කරුණු ප්‍රතික්ෂේප කිරීම යන පදනමින් ආරක්ෂක බලධරයන් විසින් දක්වන ලද දැඩි ප්‍රතිරෝධය හේතුවෙන් මෙම සාධාරණීකරණය කළ නොහැකි උපද්‍රවය ඉවත් කිරීමට නොහැකි විය.
(ආ) රැඳවුම් නියෝගයක් යටතේ අත්අඩංගුවේ තබා ගැනීමේ කාලසීමාව සම්බන්ධයෙන්, එකඟතාවයකට පැමිණීමට නොහැකිලෙස විවිධ වූ මත පැවතීම හේතුවෙන්, බලාත්මක කළ හැකි වූ උපරිම අඩු කිරීම මාස 18 සිට 12 දක්වා පමණක් විය - එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ලිහිල් කිරීම නිසි අධිකරණ අධීක්ෂණයෙන් තොරව තවදුරටත් ප්‍රමාණවත් නැත.
(ඇ) අධිකරණ බල පිළිගැටුමක්, අභියාචනාධිකරණය ඇප ලබා දී ඇති විට පවා, අධිකරණ ධූරාවලියේ පහළ මට්ටමක වන මහාධිකරණයට රක්ෂිත බන්ධනාගාරගත කිරීම නියම කිරීමට තවදුරටත් බලය පැවතීම යන නිදහසට කරුණු දැක්විය නොහැකි විෂමතාව ඇති කළේය. ඒ අවස්ථාවේදී මෙම විෂමතා අපශෝධනය කළ නොහැකි වූ බැවින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ එකඟතාව ඇතිව, පොරොන්දු වී ඇති නව නීතිය බලාත්මක කරනු ලබන තෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය මත විලම්බන කාලයක් පනවනු ලබනු ඇති බවට 2022 මාර්තු මසදී ජිනීවාහිදී මානව හිමිකම් කවුන්සලයට ගම්භීර පොරොන්දුවක් ලබා දීමට මම කටයුතු කළෙමි. එම වසරේ පසුකාලීනව රජය වෙනස් වීමෙන් පසුව මෙම සහතිකය අනුකම්පා විරහිතව නොසලකා හරිනු ලැබීම ඉමහත් කණගාටුවට කරුණකි.
අසාර්ථක වූ ප්‍රයත්නයක්
සම්පූර්ණයෙන්ම අළුත් වෙනසක අවශ්‍යතාව පිළිබඳ ස්ථිර විශ්වාසය මත පදනම්ව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පතක් කෙටුම්පත් කර, 2018 ඔක්තෝබර් මසදී ගැසට් පත්‍රයේ පළ කරන ලදී. ඒකාධිපතිවාදයේ ඉහළ දිය සලකුණ ලෙස පනත් කෙටුම්පතේ අසංගත ලක්ෂණ අතරට, ත්‍රස්තවාදය සම්බන්ධයෙන් හාස්‍යජනක ලෙස පමණට වඩා පුළුල් අර්ථ නිරූපණයක් (3 වැනි වගන්තිය); අධිචෝදනා කල් දැමීමේ කොන්දේසියක් ලෙස අනිවාර්ය පුනරුත්ථාපන වැඩසටහන් (72 වැනි වගන්තිය) මූලික අයිතිවාසිකම්වලට අනුකූල නොවනිගහනම නියෝග’ නිකුත් කිරීමට විධායකය වෙත පවරන ලද බලය (81 වැනි වගන්තිය) අනෙකුත් දේ අතර පදිංචි ස්ථානය සහ සේවා ස්ථානය අතර සාමාන්‍ය ගමන් මාර්ගයෙන් බැහැරව ගමන් කිරීම වැළැක්වීම සඳහා බව පැවසෙනි. තහනම් නියෝග’(82 වැනි වගන්තිය); මාධ්‍යවේදීන් සහ අනෙකුත් තැනැත්තන් ඡායාරූප ගැනීමෙන්, වීඩියෝ පටිගත කිරීමෙන් සහ දළ රූපසටහන් ඇඳීමෙන් වළක්වමින් ‘තහනම් අවකාශ’ හා සම්බන්ධ නියෝග (84 වැනි වගන්තිය) සහ දණ්ඩන නියමයක දැඩිබව වඩාත් බරපතළ කරවන සාධක ලෙස ශ්‍රී ලංකාවේ ජනතාවගේ සාමකාමී සහජීවනයට බලපෑම’ වැනි අපහැදිලි නිර්ණායක ඇතුළත් විය.
පුදුමයට කරුණක් නොවන ලෙසින්, යෝජිත නීතිය බලාත්මක කරනු ලැබීම කරා කවර හෝ ප්‍රගතියක් අත්කර ගැනීමට අසමත් විය.
ඉදිරි මග
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන සම්බන්ධයෙන් 2022 මාර්තු මස දී පාර්ලිමේන්තුවේ විවාදයේ දී අදහස් දැක්වූ වර්තමාන විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා එවකට විපක්ෂයේ සිට කථා කරමින්, අනවශේෂයෙන්ම දුෂ්ට එකක් ලෙස ඔහු හැඳින් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම සමාලෝපනය කිරීම වෙනුවෙන් දැඩිලෙස පෙනී සිටියේය. මෙය, දැනට පවතින පනත වෙනුවට මුළුමනින්ම අලුත් නීතියක් හැකි ඉක්මනින් පැනවීමට ආණ්ඩුව කැපවී සිටින බවට අධිකරණ අමාත්‍යවරයා විසින් දින කිහිපයකට පෙර කරන ලද නිවේදනය හා අනුකූල වේ. රෝදය නව නිපැයුමක් ලෙස ගෙන ඒමේ නිෂ්ඵල බව සම්බන්ධයෙන් ප්‍රයෝජනවත් අනතුරු ඇඟවීමක් කරනු කැමැත්තෙමි. දැනටමත් මේ සම්බන්ධයෙන් ද්‍රව්‍ය සම්භාරයක් පැවතීම ඒ වන ලැහැබට තවත් කොළයක් එක් කිරීම අනවශ්‍ය කාර්යයක් බවට පත් කරයි. කීර්තිමත් ජනාධිපති නීතීඥවරුන් තිදෙනකු වන රොමේෂ් ද සිල්වා මහතා, සංජීව ජයවර්ධන මහතා සහ මනෝහර ද සිල්වා මහතා විසින් සම්පාදනය කරන ලද නීති කොමිෂන්සභා වාර්තාවට ලැබී ඇත්තේ එයට ලැබිය යුතුවාට වඩා අඩු අවධානයකි. නීතිය උත්ශේණිගත කිරීම සහ නවීකරණය කිරීම අවශ්‍ය සමස්ත ප්‍රයත්නයේ එක් සංරචකයක් පමණක් වන බව නිවැරදිව තේරුම් ගැනීම තීරණාත්මක වේ. කිසිදු නීතියක්, කොතරම් ශක්තිමත් වුවත්, බුද්ධි සේවා තවදුරටත් වෘත්තිකභාවයෙන් යුක්ත කිරීම සඳහා සහ ක්‍රමානුකූල පුහුණුව, තාක්ෂණය කරා ප්‍රවේශය සහ ලොව වටා ආයතන සමඟ සබැඳුම සැපයීම සඳහා අවංක ප්‍රයත්නයක් හා සමඟ නොපවතී නම්, එහි අරමුණ ඉටු නොකරනු ඇත.
(***)
කුඩා කල සිටම මගේ ප්‍රියතම සිංහල චිත්‍රපට නළුවා වූයේ ගාමිණී ෆොන්සේකාය. ගාමිණී මගේ ජීවිතයට පිවිසියේ මට වයස අවුරුදු අටේදී පමණය. ඒ මරදානේ ඔහුගේම නම රැගත් “
බටලන්දේ වධකාගාරයක් පවත්වාගෙන යෑම පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කරන ලද කොමිසම සිය වාර්තාව නිකුත් කර වසර විසිහතක් ගතවූ පසු එම වාර්තාව නැවත පාර්ලිමේන්ත
මෙරට සාහිත්‍ය විචාරකයන් ගේ විග්‍රහය අනුව සිංහල පද්‍යයෙහි නූතන අවධිය කොළඹ කවිය, හෙළ හවුල් කවිය, නිසැඳැස් කවිය ආදී වශයෙන් බෙදේ. මේ ඉතා දළ, රළු බෙදුමක් සේ ප
මහාචාර්ය සිරි ගුනසිංහයන්ගේ චරිතාපදානය මවිසින් සම්පාදනය කරන ලද්දේ 2012 වසරේදීය. සිරිගුනසිංහ මහතා මට ප්‍රථම කොට මුණ ගැහුණේ 1965 වසරෙදී එතුමා මගේ “ඉරට උඩින්
මේ දිනවල රටපුරා පාස්පෝට් කන්තෝරුවල මහ පාන්දර ‘‘රැකෙම්වා මියෙම්වා” න්‍යායෙන් රටින් පැන ගන්නට පොර බදන තරුණ පිරිස දකින විට රටේ ජනතාවට ඇතිවන්නේ කම්පනයකි
ඉතිහාසයේ ආරම්භයේ සිටම ශිෂ්ටාචාර වේගයෙන් වෙනස්වන තත්වය සහ ප්‍රමුඛතා හරහා සමාජයේ මූලික අවශ්‍යතා දෙකක් වන ආරක්ෂාව සහ නිදහස යන දෙක අතර නිවැරදි සමතුලිතතා
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ආරක්ෂාව නිදහස විවරණයක්
dds Tuesday, 18 March 2025 11:02 AM
කොළඹ නීති පීඨයේ වධකාගාර පවත්වාගෙන යන කොටත් ජී. එල්. පීරිස් උපකුලපති නේද?