IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ආරුගම්බේ ධීවරයන්ගේ හා හෝටල් හිමියන්ගේ සීතල යුද්ධය

04-page1-S2-7   

 

ලංකාව වටා පිහිටි සමස්ත වෙරළ තීරයන් පිළිබඳව සලකා බැලූ කළ ධීවර කර්මාන්තයට හිතකර වෙරළ තීරයන් මෙන්ම සංචාරක කර්මාන්තයට හිතකර වෙරළ තීරයන් ලෙස ඒවා පැහැදිලිව වෙන් වෙන්ව හඳුනාගත හැකිය. එනිසා ධීවර කර්මාන්තයට හිතකර වෙරළ තීරය සංචාරක කර්මාන්තයටත්, සංචාරක කර්මාන්තයට හිතකර වෙරළ තීරය ධීවර කර්මාන්තයටත් යොදාගත හොත් ඒ තුළ නිර්මාණය වන්නේ පැහැදිලි අර්බුදයකි. එවන් වූ අර්බුදයක් පසුගිය කාලයේ නිර්මාණය වූයේ හික්කඩුවේය.


හික්කඩුව නිරායාසයෙ2න්ම සංචාරකයන් වෙනුවෙන්ම වෙන්වූ වෙරළ තීරයක් බව එහි නිබඳ ගැවසෙන අති විශාල සංචාරකයන්ගෙන් මෙන්ම වෙරළ ආශි‍්‍රතව පිහිටි රමණීය හෝටල් සංකීර්ණ මොනවට සාක්ෂි දරයි. එහෙත් පසුගිය වකවානුවේ එම වෙරළ තීරය ධීවරයන් ආක‍්‍රමණය කිරීම නිසා ඇතිවූ අර්බුදය නිරාකරණය කිරීමට අදාළ බලධාරීන්ට ඉතා වෙහෙසක් ගැනීමට සිදුවිය. මේ වනවිට එම ප‍්‍රශ්නය සැලකිය යුතු මට්ටමකින් සමනය වී තිබුණද වසර ගණනක් තිස්සේ ඔඩු දුවමින් පවතින එවැනිම අර්බුදයක් අප දුටුවේ නැගෙනහිර කලාපයේ කළ සංචාරයකදී ආරුගම්බේ වෙරළ තීරයෙහිදීය.


ආරුගම්බේ නගරයේ සිට පොතුවිල්-පානම මාර්ගයේ ආරුගම්බේ කළපුව හා මුහුද යාවන ස්ථානයෙහි වූ දැවැන්ත පාලම පසුකර කිලෝ මීටරයක් පමණ ගිය තැන හමුවන උල්ල ආරුගම්බේ නම් වෙරළ තීරය සංචාරක කර්මාන්තයෙහි තෝතැන්නක් වූ නිසාම එම වෙරළ තීරය හඳුන්වනුයේ ”හාට් ඔෆ් ආරුගම්බේ” යනුවෙනි.


මෙම වෙරළ තීරය සංචාරකයන් අතර වඩාත් ප‍්‍රචලිතව ඇත්තේ ලෝකයේ දැනට ජනපි‍්‍රයම කී‍්‍රඩාවක් වන ”සර්ෆින්” කී‍්‍රඩාව සඳහාය. වසරේ වැඩි කාල සීමාවක් ලෝකයේ විවිධ රටවලින් එහි පැමිණෙන සංචාරකයෝ එම වෙරළ තීරයේ ”සර්ෆින්” කී‍්‍රඩාවේ යෙදෙති. එසේම ලාහුගල රක්ෂිතයේ අලි නැරැුඹීමටද, කුමන ජාතික වනෝද්‍යානයේ සතුන් නැරැුඹීමට මෙන්ම අපේ රටේ සංස්කෘතික වටිනාකමකින් යුත් ඓතිහාසික වෙහෙර විහාර ඇතුළු සිද්ධස්ථාන නැරැුඹීමටද ඔවුහු මහත් රුචියක් දක්වති.


උල්ල - ආරුගම්බේ තුඩුව ආශි‍්‍රත වෙරළ ආසියාවේම ”සර්ෆින්” කී‍්‍රඩාව සඳහා පරසිදු තුන්වැනි ස්ථානය වෙයි. එය ලෝකයේම නව වැනි තැනට ඒ සඳහා පරසිදුය. මෙවන් වූ වටිනාකමක් ආරුගම්බේ වෙරළ තීරයට හිමිවන නිසාම එම වෙරළ තීරය ආසන්නව පිහිටි සංචාරක හෝටල් හිමියන්ගේ ආර්ථිකය බෙහෙවින් ඉහළ නැංවෙන අතරම අපේ රටේ සංචාරක ව්‍යපාරය ප‍්‍රවර්ධණයට එය මහත් පිටිවහලක් වෙයි.


නමුත් තත්ත්වය මෙසේ තිබියදී දැනට වසර කිහිපයක සිට ඒ වෙරළ තීරය එහි ධීවර කටයුතුවල නියැළෙන ධීවරයන් 600 ක පමණ පිරිසක් ආක‍්‍රමණය කිරීම නිසා හෝටල් හිමියන්ට මෙන්ම එහි පැමිණෙන සංචාරකයන්ටද දැඩි අපහසුතාවයකට මුහුණදීමට සිදුවී තිබේ. අපේ රටේ සංචාරක කර්මාන්තයට සුබදායක තත්ත්වයක් නිර්මාණය වූයේ සුනාමි ඛේදවාචකය අවසන් වීමත් සමගය. එදා සිටම මෙම ධීවරයන් තමන්ගේ බෝට්ටු එම වෙරළේ ගොඩගසා අල්ලන මසුන් වෙළෙඳාම් කිරීමෙන් පසු ඉවතලන මසුන්ගේ අප ද්‍රව්‍ය එම වෙරළේම තැන තැන දැමීම නිසා එහි ඇත්තේ අධික දුර්ගන්ධයකි. කිහිප වතාවක්ම ධීවර සංගම් හා හෝටල් හිමියන්ගේ සංගම් සංචාරක කර්මාන්තයට අදාළ බලධාරීන් සමග මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡුා කළද මෙම දෙපාර්ශ්වයටම පැහැදිලි විසඳුමක් ලබාදීමට බලධාරිහු සමත් වී නැත. මේ සම්බන්ධයෙන් ධීවර ප‍්‍රජාව වෙනුවෙන් අප හා අදහස් පෙළ ගැස්වීමට ඉදිරිපත් වූයේ නිලන්තය. ඔහු වසර 3ක් තිස්සේ ආරුගම්බේ ධීවර කර්මාන්තයේ නියැළෙයි.


”හෝටල් හිමියෝ ආරුගම්බේ හෝටල් හදන්න ඉස්සර ඉඳන් මේ වෙරළේ ධීවරයෝ ධීවර කටයුතු කළා. දැන් ඒ අය කියනවා ඒ අයගේ සංචාරක කර්මාන්තය කරගෙන යන්න අපට මෙතැනින් අයින් වෙන්න කියලා. ඒක සාධාරණ නැහැ. අපි අවුරුද්දේ මාස 6 යි මේ කර්මාන්තය කරන්නෙ. අපේ පවුල් රැුකෙන්නේ මේ කර්මාන්තයෙන්. අපි මීගමුවෙ කෙරෙනවා වගේ මාළු වෙළෙඳාමක් මේ වෙරළෙ කරන්නෙ නැහැ. අපි අල්ලන මාළු ගොඩාක් යවන්නෙ කොළඹට. ඒ නිසා මේ වෙරළ අපි මාළු කෑලි දාලා අවලස්සන කරනවා කියන චෝදනාවට එකඟ නැහැ. අපි බොහොම දුෂ්කරතා මැද්දෙ මේ කර්මාන්තය කරගෙන යන්නෙ. අපිට ධීවර උපකරණ නැහැ. අවශ්‍ය පහසුකම් නැහැ. ඒ නිසා අපිව මේ වෙරළෙන් ඉවත් කරනවා නම් අපිට වෙනත් තැනක මේ කටයුත්ත නිදහසේ කරගෙන යන්න පුළුවන් පරිසරයක් හදා දෙන්න.”


තාජුඞීන් මහතාද වෘත්තීය මට්ටමෙන් ආරුගම්බේ වෙරළ තීරයෙහි වසර 5 ක පමණ සිට ධීවර කර්මාන්තයේ නියැළෙන්නෙකි. ඔහු දරණ අදහස්ද බලධාරීන්ට එල්ල කරන චෝදනාවක් වැනිය.

04-page1-S2-2

මාළු දැමීම නිසා අපවිත‍්‍ර වූ වෙරළ

 


”අපි ආරුගම්බේ ධීවර කටයුතු කරන්නෙ පෙබරවාරි ඉඳලා අගෝස්තු කියන මාස හයේ විතරයි. ඒක සංචාරකයන් නොපැමිණෙන කාලයක්. ඒ නිසා අපෙන් සංචාරකයන්ට ලොකු අවහිරයක් වෙන්නෙ නැහැ. එහෙම නම් අපටත් හික්කඩුවෙ වගෙ ධීවර කටයුතු නිදහසේ කරගෙන යන්න ඉඩකඩක් හදලා දෙන්න  ඕනෑ. සංචාරකයෝ අපි එක්ක සුහදව කතා කරද්දි මේ හෝටල් හිමියන් අපට නගනවා වගේ චෝදනාවක් එයාලා නගන්නෙ නැහැ. අපට චෝදනා කරන්නෙ ආරුගම්බේ හෝටල් හදලා තියෙන දේශපාලනඥයන්ගෙ හිතවතුන් කීප දෙනෙක් විතරයි. ආරුගම්බේ වෙරළේ සමහර තැන්වල තියෙන ගල්පර ඔවුන්ගේ ”සර්ෆින්” කී‍්‍රඩාවට බාධාවක් කියලා විතරයි ඔවුන් කියන්නෙ. සමහර අවස්ථාවල අපේ බෝට්ටු වැල්ලේ නවතා තිබීමෙන් යම්තාක්දුරකට වෙරළේ නාන්න එන සංචාරකයන්ට හා ”සර්ෆින්” කරන සංචාරකයන්ට අවහිරයක් කියලා අපි පිළිගන්නවා. අපි කියන්නෙ බලධාරීන් මේ ගැන හොයලා බලලා අපි දොගොල්ලන්ටම සාධාරණයක් කරලා දෙන්න කියලයි. නමුත් මෙතන අපිට ධීවර වරායක් හදලා දුන්නොත් සර්ෆින් කී‍්‍රඩාවට ඒක බාධාවක් කියලත් අපි පිළිගන්නවා. එහෙම නම් මේ ස්ථානයට ඈතින් අපේ අවශ්‍යතාව ඉටු කරලා දෙන්න  ඕනෑ.


ඒ ධීවරයන්ගේ මැසිවිලිය. එහෙත් ආරුගම්බේ හෝටල් හිමියන් නගන්නේ ඊට ප‍්‍රතිවිරුද්ධ චෝදනාය. මේ ”බේ විස්ටා” නිවාඩු නිකේතනයේ හිමිකරු ගැමුණු විශ්වජිත් මහතාය.


”අපි රුපියල් කෝටි ගණනක් වියදම් කරලා මේ වගේ හෝටල් හැදුවෙ අපේ ආදායම් මාර්ග වගේම රටේ සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමේ පරම පිරිසුදු චේතනාවෙන්. අපි මේ කටයුතු කරගෙන යන්නෙ අපේ ගම්වල ඉඳලා සැතපුම් තුන් හාරසියක් ගෙවාගෙන ඇවිත් විශාල ප‍්‍රශ්න මැද්දෙ. ආරුගම්බේ වෙරළ තීරයට ආදරය කරන බොහෝ සංචාරකයින්ට අවශ්‍ය කරන හිතකර වටපිටාවක් සලසා දෙන්න සංචාරක ව්‍යාපාරයට අදාළ බලධාරීන් ගෙන ඇති කි‍්‍රයා මාර්ග ගැන හෝටල් හිමියන් විදිහට අපට සතුටු වෙන්න බැහැ. සුනාමියෙන් පස්සෙ විකසිත වුණු සංචාරක ව්‍යාපාරය ආරුගම්බේ ගොඩනැගීම වෙනුවෙන් අපි විශාල කැපවීමක් කරනවා. ඒකට අවශ්‍ය යටිතල පහසුකම් බොහොමයක් තව වනතුරු සකස් වෙලා නැහැ. ප‍්‍රධාන මාර්ගවලින් යන අතුරු මාර්ග බොහොමයක් තවමත් අබලන්.


ආරුගම්බේ වෙරළේ සිදුවන අවිධිමත් ධීවර කර්මාන්තය අද අපට වගේම සංචාරකයන්ටත් විශාල හිසරදයක් වෙලා. අපි ධීවරයන්ගේ ජීවන මාර්ග අහුරන්න කතා කරනවා නොවෙයි. සංචාරක කර්මාන්තය මූලික කරගන්න ආරුගම්බේ වෙරළේ ධීවර කර්මාන්තයට වෙනත් ඉඩකඩක් බලධාරීන් ලබා දෙනවා නම් අපටත් ඔවුන්ටත් අපේ අභිමතාර්ථ ඉටුකරගන්න පුළුවන්.”

04-page1-S2-3

සර්ෆින් ක‍්‍රීඩාවට ආ සංචාරකයෝ

 


”දිවයිනේ විවිධ පළාත්වලින් කිලෝ මීටර් 300 - 400ක් පමණ දුර ගෙවාගෙන දේශීය වගේම විදේශීය සංචාරකයෝ මෙහි එන්නේ තමන්ගේ ඒකාකාරී බවින් මිදිලා විනෝදවෙන්න. නමුත් එහෙම පසුබිමක් මේ වෙරළ තීරයේ නැත්තේ ධීවරයන් මාළු වෙළඳාම මෙහි සිදුකිරීම නිසා මසුන්ගේ අප ද්‍රව්‍ය විසිකර වෙරළ අපවිත‍්‍ර කිරීම නිසයි. ලංකාවේ සංචාරකයන් සඳහා වෙන්වුණු දකුණේ වෙරළ තීරයත්, පාසිකුඩා, නිලාවේලි, වයික්කාල, හික්කඩුව, වැනි වෙරළ තීරයන් හා සන්සන්දනය කරද්දි ආරුගම්බේ වෙරළ තීරය ඒවට හාත්පසින්ම වෙනස් ආකාරයට විනාශවෙලා. ඒ නිසා මේ ප‍්‍රශ්නයට ඉතා ඉක්මනින් බලධාරීන් විසඳුම් නොයෙදුවොත් හෝටල් හිමියන් බොහොමයක් මේ හෝටල් අතහැර යන්නත් පුළුවන්.”


මෙම ප‍්‍රශ්නයෙන්ම බැටකන ආරුගම්බේ වෙරළ තීරයට ඔබ්බෙන් වූ පැසිපික් හෝටලයේ කළමනාකාර සුරේෂ් ඉන්දික මහතා දරන්නේද මෙවන් අදහසකි.
”ආරුගම්බේ වෙරළ තීරයට යාවුණු හෝටල් 65ක් පමණ මේ ප‍්‍රශ්නයෙන් බැටකනවා. ධීවරයොත් අපිත් රැුකෙන්නේ මේ වෙරළ තීරයෙන් තමයි. නමුත් මේ ප‍්‍රශ්නයට ඉක්මන් විසඳුමක් බලධාරීන් නොගෙනාවොත් හෝටල් හිමියො විදිහට අපි ලොකු අමාරුවක වැටෙනවා. එදාට වඩා අද එන්න එන්නම වෙරළේ බෝට්ටු ප‍්‍රමාණය වැඩිවෙනවා. වෙරළ හැම තැනම ධීවර පැල්පත් ඉදිකරලා. මාළු අලෙවි කරන වෙළෙඳුන් ඉවතලන මාළු කොටස් දාලා වෙරළ අපවිත‍්‍ර කරලා. සංචාරකයෝ නාන ස්ථාන අවහිර කරලා. ”සර්ෆින්” කී‍්‍රඩාවට එන සංචාරකයින්ට ඒ කටයුත්ත නිදහසේ කරගන්න නොහැකිවෙලා.


මේ වගේ ප‍්‍රශ්නත් එක්ක සංචාරක කර්මාන්තය දියුණු කරන්න අමාරුයි. සංචාරකයො එන්නෙ වෙරළේ නිදහසේ ගත කරන්න විනෝද වෙන්න. ඒත් එහෙම වටපිටාවක් මේ වෙරළේ නැහැ. වර්තමාන සංචාරක අමාත්‍ය නවීන් දිසානායක මහතා එක්ක හෝටල් හිමියන්ගේ සංගමය කතා කළා. ඔහු කියන්නෙ කලින් රජය පෙරළිලා නව රජය පත්වෙලා තවම සුළු කාලයයි. ඉක්මනින් මේ ප‍්‍රශ්නයට විසඳුම් දෙන්න බැහැ කියලයි.”


කෙසේ වුවද වසර ගණනක් තිස්සේ මෙම ප‍්‍රශ්නය විසඳුම් නොමැතිව එහෙ මෙහෙ දෝලනය වෙයි. මේ ප‍්‍රශ්නයට ඉක්මන් විසඳුම් නොලැබීමෙන් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රවර්ධනයට සිදුවන්නේ සුළු පටු හානියක් නොවේ. සංචාරකයන් විශාල ලෙස මුදල් වියදම් කරමින් මේ කලාපයට පැමිණෙන්නේ නිදහසේ විනෝදවීමට විනා වධ විඳීමට නොවේ. එනිසා තිස් වසරක යුද්ධයෙන් හා සුනාමි ව්‍යසනයෙන් පසුව අපේ රටේ විකසිත වෙමින් තිබෙන සංචාරක ව්‍යාපාරයේ හෙට දවස සුඛිත මුදිත කිරීම වෙනුවෙන් බලධාරීන්ට පෙළගැසීමට කාලය පැමිණ ඇති වග පමණක් අප අවසන් වශයෙන් ලියා තබමු.

 

m



අදහස් (0)

ආරුගම්බේ ධීවරයන්ගේ හා හෝටල් හිමියන්ගේ සීතල යුද්ධය

කවින්ද Tuesday, 14 April 2015 12:17 PM

දේශපාලකයන් ගැන කොච්චර ලිවුවත් මදි වගේ (නි)

:       0       0

ටිකිරි Saturday, 11 April 2015 06:12 AM

ලංකාවේ හෝටල් වලට මායිම් වූ මුහුදු තීර සියල්ලම දුෂණයකට ලක්වෙලා. මොරටුව විශ්ව විද්‍යාලය මගින් වසර පූරා කරන විපරම් දත්ත වලට අනුව සමහර මුහුදු තීරවල නාන එකෙයි, ගෙදර වැසිකිළි පල්දෝරු ටැංකියේ නාන එකයි අතර කිසි වෙනසක් නැහැ. ප්‍රධාන හේතුව හෝටල් හිමියන් මධ්‍යම රාත්‍රියට පල්දෝරු ටැංකි වල ඇති අපවිත්‍ර ජලය මුහුදට හොරෙන් මුදා හැරීමයි. මේකේ අනිත් පැත්ත නම් එම අපවිත්‍ර ජලයේ ඇති ජීරක ද්‍රව්‍ය හොඳ මත්ස්‍ය ආහාරයක් වීම නිසා හෝටල් ආසන්න මුහුදු තීරයේ ධීවරයන්ට හොඳ කල දවසක් යන නිසා ඔවුන් එවැනි මුහුදු තීර ආක්‍රමණය කිරීම දැන් එන්න එන්නම වැඩිවෙනවා. (නි)

:       0       0

මරීනා Friday, 17 April 2015 11:59 AM

අලුත් ආණ්ඩුව පත්වුණේ හැමඑකටම විසඳුම් දෙනවා කියලනේ. බැලුවහම මොකුත් කරන්න බැහැනේ! (නි)

:       0       0

සොපී Tuesday, 14 April 2015 05:57 AM

නිසි කළමනාකරණයක් නැතිකමින් රටේ ප්‍රධාන අදායම් මාර්ග ඇහිරියාම සුළුකොට තැකිය නොහැක (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 237 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 862 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1372 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 202 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 427 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 597 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 516 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2052 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site