IMF සමාලෝචනය සහ ආර්ථිකයේ හෙට දවස
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ප්‍රකාශ කළ පරිදි ලබා ඇති සාර්ථකත්වය මත වැඩසටහන යටතේ එන හතර වැනි වාරිකය වන ඇ.ඩොලර් 330 පමණ මුදලක් නිදහස් කිරීමට අදාළ කර්ය මණ්ඩල එකඟතාව ලබාදී ඇත. එම සමාලෝචනයෙන් පසුව පවත්වන ලද මධ්‍ය සාකච්ඡාවේදී සමාලෝචනයට අදාළ ඇතැම් කරුණු සාරංශව ඉදිරිපත් කරන ලදී.
මෙතෙක් ආ ගමනට මල් මිටක්
අයි.එම්.එෆ්. නියෝජිතයන්ට අනුව මෙතෙක් වැඩසටහනට අදාළව අත්කරගෙන ඇති ප්‍රගතිය ප්‍රශංසනීය වේ. විශේෂයෙන්ම පසුගිය ආණ්ඩුව විවිධ අභියෝග මැද ණය වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙනයාමේ ප්‍රතිඵලයක් ලෙස රටේ ජනතාවට දැනටමත් එහි ප්‍රතිලාභ අත්කර දී ඇති බව ප්‍රකාශ වී ඇත. ඒ අනුව 2024 ජූනි මාසයෙන් අවසන් වූ කාර්තු හතර ඇතුළත ආර්ථිකය සියයට 4 කින් ප්‍රසාරණය වී ඇති අතර අයි.එම්.එෆ්. නියෝජිතයන්ට අනුව අධි-සංඛ්‍යාත දර්ශක (high frequency indicators) වලින් පෙන්නුම් කෙරෙන පරිදි ආර්ථිකයේ සෑම අංශයකම අඛණ්ඩ ව්‍යාප්තියක් පෙන්නුම් කරයි. එමෙන්ම සියයට 70 ට ආසන්නයට ගමන් කළ උද්ධමන අනුපාතිකය මේ වසරේ තුන්වන කාර්තුව අවසන් වනවිට ඍණ අගයක් වාර්තා කරමින් සිටී. දළ නිල සංචිත 2024 ඔක්තෝබර් අවසානයේ දී ඇමරිකානු ඩොලර් බිලියන 6.4 දක්වා වැඩි විය. සැලකිය යුතු රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණවලින් පසු රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වී ඇත. විශේෂයෙන්ම, දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 7 ක පමණ මට්ටමකට කඩාවැටී තිබුණු රාජ්‍ය ආදායම මේ වසර අවසන් වනවිට සියයට 12.5 පමණ මට්ටමක් දක්වා සියයට 5 කින් පමණ ඉහළ නංවා ඇති බව ප්‍රකාශ විය. අයි.එම්.එෆ්. නියෝජිතයන්ට අනුව මෙම සාර්ථකත්වය ඉතාමත් ප්‍රසංශනීය වේ. එමෙන්ම සියලුම ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක සහ දර්ශක ඉලක්ක සමඟින් වැඩසටහන් කාර්ය සාධනය ශක්තිමත් විය. 2024 ජූනි අවසානය සඳහා මෙන්ම, 2024 සැප්තැම්බර් අවසානය සඳහා, සමාජ ආරක්ෂණ වියදම් හැර, ඔක්තෝබර්-2024 ට පෙර සපුරාලිය යුතුව පැවතුණ බොහෝ ව්‍යුහාත්මක මිණුම්/ඉලක්ක සපුරාලන ලදී. සමාජ ආරක්ෂණ වියදම් අයි.එම්.එෆ්. ඉලක්කවලට ළඟා නොවීමට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ රාජ්‍ය අංශයේ ක්‍රියාත්මක වෘත්තීය සමීති අස්වැසුම වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය ලබානොදීම නිසාය. සමාජයේ අසරණම කොටස තවදුරටත් අසරණභායට පත්කරන ලද්දේ අන් කවරකු නොව වෘත්තීය සංගම් මෙහය වූ නායකයන් බව මහජනතාව තේරුම් ගතයු තුව ඇත.
හතර වැනි වාරිකය කවදාද?
අයි.එම්.එෆ්. නියෝජිතයන්ට අනුව හතර වැනි වාරිකය මුදාහැරීම සිදුවන්නේ යම් ප්‍රමාදයක් සහිතවය. එම ප්‍රමාදයට මූලික වශයෙන්ම හේතු වූයේ මැතිවරණ ක්‍රියාවලියයි. නව ආණ්ඩුවට ඉහළ ජන ප්‍රසාදයකින් ලැබීමත් සමග හොඳ දේශපාලන ස්ථාවත්වයක් රටේ ඇතිවීම යහපත් බව අයි.එම්.එෆ්. නියෝජිතයන්ගේ මතයයි. ඒ මන්ද යත්, ඉහළ දේශපාලන ස්ථාවරත්වයක් පැවතීම යහපත් සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් ළඟාකර ගැනීම සඳහා අවශ්‍ය වන ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ කිරීමේ හැකියාව ඇති කරන බැවිනි. එමෙන්ම, ආර්ථිකයේ විභවතා ළඟාකර ගැනීම සඳහා අවශ්‍ය වන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කිරීමටද දේශපාලන ස්ථාවරත්වය ඉතා වැදගත් බව අවධාරණය කරන ලදී. අයි.එම්.එෆ්. නියෝජියන්ට අනුව හතර වැනි වාරිකය මුදාහැරීම සඳහා ආණ්ඩුව ඉදිරි අයවැය, අයි.එම්.එෆ්. වැඩසටහනට අනුගත වන අයුරින් ඉදිරිපත් කළ යුතුව ඇත. එහිදී විශේෂයෙන්ම ප්‍රාථමික ගිණුමේ ධන ශේෂයක් ඇතිකර ගැනීම ඉලක්ක කරමින් තවදුරටත් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම ඉලක්ක කළ යුතු වන අතර රාජ්‍ය වියදම් කාර්යක්ෂමව හා පලදායි ලෙස පවත්වා ගෙනයාම සහතික කළ යුතුව ඇත. ප්‍රාථමික ගිණුමේ ධන ශේෂයක් ඇතිකර ගැනීමට නම් රාජ්‍ය වියදමට (ණය සඳහා පොලී ගෙවීම් හැර) වඩා රාජ්‍ය ආදායම ඉහළ මට්ටමක පැවතිය යුතුවේ. මෙම වසරට අදාළව ප්‍රාථමික ගිණුමේ ධන ශේෂයක් ඇතිකර ගැනීමට සමත්ව ඇතැයි අයි.එම්.එෆ්. නියෝජිතයෝ ප්‍රකාශ කළහ. ඒ අනුව නව ආණ්ඩුව 2025 වර්ෂය සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂිත අයවැය අයි.එම්.එෆ්. වැඩසටහනට අනුව සැකසිය යුතුවේ. ආණ්ඩුව ඒ අනුව කටයුතු කළ හොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හතර වැනි වාරිකය 2025 පෙබරවාරි මාසය අවසන් වීමට පෙර ලැබෙතැයි අපේක්ෂා කළ හැකි වේ.
මැතිවරණ පොරොන්දු සහ ආර්ථික යථාර්ථය
සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ ණය තිරසාරභාවය යථාතත්වයට පත් කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය සුරක්ෂිත කිරීම සඳහා වැදගත් වන බවත් අර්බුදයෙන් පැන නගින බර, බදු ගෙවන්නන්ගේ දායක වීමේ හැකියාවට සමානුපාතිකව බෙදී යා යුතු බවත් අයි.එම්.එෆ්. නියෝජිතයෝ පැවසූහ. නව බදු නිදහස් කිරීම් වළක්වා ගැනීම, රාජ්‍ය මූල්‍ය ආදායම් කාන්දුවීම් සහ දූෂණ අවදානම් සහ ගොඩනැගීම් අවම කිරීමට උපකාරී වන බවත් එහිදී ප්‍රකාශ විණි. සමාජ ආරක්ෂණ වියදම් සඳහා සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි අයට සහාය වීම සඳහා රාජ්‍ය මූල්‍ය ඉතිරියක් අවශ්‍ය වන බව ද අවධාරණය විය. ඉන්ධන සහ විදුලි මිලෙහි පිරිවැය නිරූපිත මිල ගණන් පවත්වා ගැනීම සහ දැනටමත් ලබා ඇති ණය ආපසු ගෙවා දැමීමට කටයුතු කළ යුතුවේ. එමෙන්ම රාජ්‍ය ව්‍යවසායයන්ගෙන් රාජ්‍ය අයවැය මත බරක් ඇති නොවීම සඳහා අවශ්‍ය වන ප්‍රතිසංස්කරණ කළ යුතු බව ද අවධාරණය කරන ලදී. මෙහිදී මතු කළ තවත් කරුණක් වූයේ රජ්‍ය මූල්‍ය කළමනාකරණයට අහිතකර බලපෑමක් නොවන පරිදි රාජ්‍ය ව්‍යවසාය පවත්වාගෙන යමේ වැදගත්කමයි.
මැතිවරණ වේදිකාවේ අයි.එම්.එෆ්. වැඩසටහනට අදාළව නොයෙකුත් විවේචන එල්ල කරන ලද අතර එම වැඩසටහන සංශෝධනයට ලක්කිරීම පිළිබඳව අදහස් ඉදිරිපත් විය. ඉන් එක් අදහසක් වූයේ විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් (Debt Sustainability Analysis – DSA) මගින් දැනට ක්‍රියාත්මක වන වැඩසටහනට අදාළව මානව හිතකාමී වෙනස්කම් හඳුන්වා දෙන බවයි. එහෙත් එවැනි ණය තිරසර විශ්ලේෂණයක් සිදුව නොමැති බව පැහැදිලි කරුණකි. අයි.එම්.එෆ්. නියෝජිතයන් අනුව ගිවිසුමට අදාළ මුල් ඉලක්ක සහ අරමුණු නොවෙනස්ව පවතින අතර එම ඉලක්ක ළඟා කර ගැනීම සඳහා ගනු ලබන පියවර මොනවාද යන්න තීරණය කිරීම ආණ්ඩුව සතු වගකීමකි. ඔවුන් අවධාරණය කරන එක් ප්‍රධාන කරුණක් නම්, නව ජනවරමක් සහිතව ආණ්ඩුවක් බලයට පැමිණිය ද ආර්ථිකයේ පවත්නා දුර්වලතා සහ එය මුහුණ දෙන අභියෝග පෙර පැවති ආකාරයෙන්ම පවතින බවයි.
මේ දක්වා වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් යම් ධනාත්මක තත්ව වර්ධනය වෙමින් පැවතියද ආර්ථිකයට අදාළ අවදානම් සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැති බවයි. එහෙත් තිරසාර ලෙස ආර්ථීකය වර්ධනය කර ගැනීමට මෙන්ම පවත්නා ණය බර පහත හෙළීම සඳහා අඛණ්ඩව ආර්ථීක ප්‍රතිසංස්කරණ කළ යුතුව ඇත. එමෙන්ම, අපේක්ෂිත බදු සංශෝධන (expected) කිහිපයක් පිළිබඳව මැතිවරණ වේදිකාවල කියවිණ. ඒ අතරින් එකතු කළ අගය මත බද්ද (VAT) සහ උපයන විට ගෙවන බද්ද (PAYE) ට අදාළව සංශෝධන ගෙන එන බවට පොරොන්දු විය. විශේෂයෙන්ම තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා වැට් බද්දෙන් නිදහස් කරන බවට පොරොන්දු ලබාදෙන ලදී. එහෙත් බදු සහන සහ බදු නිදහස් කිරීම් සිදුකිරීමට යාම නිසා සැලකිය යුතු බදු ආදායමක් අහිමි වන බව අයි.එම්.එෆ්. විසින් කරනු ලැබූ අධ්‍යයනයකින් හෙළිව පවතින බව ප්‍රකාශ විය. 2024 වර්ෂයේදී සිදු කරනු ලැබූ එම අධ්‍යයනයට අනුව, විවිධ බදු සහන සහ නිදහස් කිරීම් නිසා දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 4 පමණ බදු ආදායමක් අහිමිව ගොස් තිබිණ. පසුගිය වසරේ වැට් බදු සහන අහෝසි කිරීමත් සමග රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 1.2 පමණ අමතර බදු ආදායමක් ලබාගැනීමට හැකි විය. අනෙක් අභියෝගය වන්නේ අයි.එම්.එෆ්. වැඩසටහන මූලික වශයෙන්ම ආදායම් පාදක වූවක් වන බවයි. ඒ අනුව, එම වැඩසටහන යටතේ අදාළ ඉලක්ක වෙත ළඟා වීමට නම් රජය දැනට තිබෙන බදු ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 1.5 කින් වැඩි කළ යුතුව අත. එවැනි තත්වයක් යටතේ බදු ආදායම වැඩි කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇත. අයි.එම්.එෆ්. වැඩසටහන යටතේ දේපළ බද්ධ 2025 සිට ක්‍රියාත්මක කළ යුතුව පවතින අතර එය එලෙසින්ම ක්‍රියාත්මක වේ යැයි සිතිය හැකිය. ඒ අනුව ඉදිරි අයවැය මගින් VAT/PAYE බදුවලට අදාළව සහනයක් ලැබීමට ඇති ඉඩකඩ ඉතා අල්ප බව කිව යුතුව ඇත. එසේම තවදුරටත් රාජ්‍ය වියදම් දැඩි පාලනයකින් යුතුව කළ යුතු වේ. කොතරම් අහිතකර වුවත්, අයවැය මගින් ප්‍රාග්ධන වියදම් සඳහා කරනු ලබන වෙන්කිරීම් තවදුරටත් පහළ මට්ටමක පවත්වාගෙන යාමට සිදුවනු ඇත. රාජ්‍ය ව්‍යවසාය කාගේ හිමිකාරීත්වය යටතේ පවත්වා ගෙන ගියද ඒවා ව්‍යාපාරික අර්ථයෙන් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව අයි.එම්.එෆ්. නියෝජිතයෝ පෙන්වා දුන්හ.
ඉදිරි ආර්ථික අභියෝග
ඉදිරියේදී නැවතත් ආර්ථික අර්බුදයක් ඇතිවීම වළක්වා ගැනීම ඉලක්ක කරගනිමින් නව නීති සම්මත කරගන්නා ලදී. ඒ අතර ස්වාධීන මහ බැංකු පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත, අල්ලස් සහ දූෂණය පිටු දැකීමේ පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සහ ආර්ථික පරිවර්තන පනත සුවිශේෂී වේ. මෙම පනත් මගින් එක් අතකින් රාජ්‍ය මූල්‍ය විනය ඇති කරගැනීම, යහපත් සාර්ව ආර්ථික පරිසරයක් සඳහා අඩිතාලම දැමීම මෙන්ම අපනයන ප්‍රවර්ධනය සහ ඉහළ ආර්ථික වර්ධනයකට අවශ්‍ය ආයෝජන, ශ්‍රම වෙළෙඳපොළ සාභාගීත්වය සහ ඵලදායීතාව වැඩි කිරීම ඉලක්ක කරන ලදී. ඉහත ඉදිරිපත් කොට ඇති පනත් ඒවායේ සැබෑ අර්ථයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුව ඇත. දැනටමත් අවසන් අදියරේ පවත්නා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ඉක්මනින් අවසන් කිරීම අත්‍යවශ්‍ය වේ. අයි.එම්.එෆ්. නියෝජිතයන් පෙන්වා දුන් පරිදි දේශීය සහ ගෝලීය ආර්ථිකයේ පවත්නා අවිනිශ්චිත තත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය වන හැකියාව ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. එහිලා විදේශ සංචිත තවදුරටත් ඉහළ නංවා ගැනීම මෙන්ම රාජ්‍ය මූල්‍යයට අදාළව යම් ඉතිරියක් පවත්වා ගැනීම ද ඉතා වැදගත්ය. දැනට ආර්ථිකයේ ඇති ගැටලු දිගුකාලීනව විසඳා ගැනීමට නම් යම් සංවර්ධන සැලැස්මක් මත කටයුතු කිරීම ඉතා වැදගත්ය. නව ආණ්ඩුව එවැනි දිගුකාලීන සැලැසුමක් සකස්කිරීමට පියවර ගත යුතුය. නවක අමාත්‍යවරුන් අමාත්‍යාංශවල වැඩ බාර ගන්නා අවස්ථාවලදී ඒ ඒ අමත්‍යාංශ යටතේ කිරීමට අපේක්ෂිත කටයුතු පිළිබඳව විවිධ අදහස් පළ කළත් එවැනි සංවර්ධන කටයුතු යම් ජාතික සංවර්ධන සැලැසුමක කොටස් වන බවක් පෙනෙන්නට නැත. ලෝකයේ සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා රටවල් ද අවුරුදු 10-20 වැනි ජාතික සංවර්ධන සැලසුම් මත ක්‍රියාත්මක වෙමින් පවතී.
(***)
පළාත් පාලන ආයතන 227ක මන්ත්‍රීවරුන්ගේ නිල කාලය ලබන ජූනි 2වැනිදා ආරම්භ වනු ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න
ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප
ඩිජිටල් තාක්‍ෂණය අද වන විට අප සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. සමහරකුට එය තම ජීවිතයේ ම අංගයක් වී අවසානය. අද වන විට ලෝක ජනගහනය ආසන්න
සමහරු අතුරුදන් ය. සමහරු හිරගෙදර සිය ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටිති. සාමාන්‍යයෙන් පාතාල නායකයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ ඔවුන්ට තිබෙන ජීවිත අවදානම
2025 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කෙරුණු මෙම අවස්ථාවේ රටේ පවත්නා පොදු ආර්ථික තත්වයත් රාජ්‍ය මූල්‍ය තත්වයත් සම්බන්ධයෙන් ජනතාව තුළ යම් අවබෝධයක් තිබීම අවශ්
ජාතික ජන බලවේග රජයේ ප්‍රථම අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සහිත නව ආර්ථික පුනරුදයක සමාරම්භය
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
sene Tuesday, 26 November 2024 04:36 PM
ජවිපි/එන්පීපී ඡන්දයේදී කළ වැරැදි ප්‍රචාරක තුලින් හුවාදැක්වු දේ දැන් නොකල හැකි දෑ බවට පෙනීගොස් ඇත. නමුත් ඔවුන් තවමත් මෙය නිවැරැදි කර කෙලින් ජනතාව ඉදිරියට ගෙන ඒමට තරම් එඩිතර අවංක බවක් ඇති බව නොපෙනේ. ආණ්ඩුව කල් මරයි , ජනතාව තවම බලාපොරොත්තු තබාගෙන. තෙල් විදුලිය ජලය ආහාර මෙකී නොකී දේ මිල අඩුවන තෙක් බලාගෙන ඇ ත.