අනුන්ගේ වත්තකින් පුවක් වල්ලක් කැඩීමට ගොස් ඇදවැටී මියගිය පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් පැවැති පරීක්‍ෂණයේදී එම පුද්ගලයා දින දෙකක් තිස්සේ කුසගින්නේ සිටි අයකු බවට තොරතුරු හෙළි වී යැයි මහනුවර ජාතික රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය ඒ.පී. ජයසූරිය මහතා පැවැසූ බව සඳහන් වාර්තාවක් අප පුවත්පතේ ඉකුත්දා වාර්තා වූයේය. කඩුගන්නාව නාවුල්ල ප්‍රදේශයේ තරුණයකු මෙසේ මියගොස් ඇති අතර, ආහාර නොමැතිව කුසගින්න දරාගත නොහැකිව ඔහු මෙලෙස අනුන්ගේ වත්තකින් පුවක් වල්ලක් කඩන්නට යන්නට ඇතැයි සැක කරන බව එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
මෙය සාමාන්‍ය සරල හුදෙකලා සිද්ධියක් ලෙස නොසැලකිය යුතුය. දරුණු ආර්ථික අර්බුදයක ගිලී තිබෙන රටක ඇත්ත ඇතුළාන්තය මෙබඳු සිදුවීම්වලින් මනාව නිරූපණය වන්නේ යැයි සැලකීම යුක්ති සහගතය. පන්ති බේදයකින් තොරව මෙරට ජනී ජනයා මෙම ආර්ථික අර්බුදයෙන් බරපතළ ලෙස පීඩාවට පත්ව සිටින බව වසන් කළ නොහැකි කාරණයකි.
එබඳු පරිසරයක කලකට පසුව යම් සහනයක් රැගෙන ඒමට සමත් වූ ප්‍රවෘත්තියක් ද අප පුවත්පත වාර්තා කර තිබිණි. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ, වසර 9කට පසුව ලාභයක් ලැබූ ලංකා විදුලිබල මණ්ඩලය ලබන මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 3.34කින් විදුලිය බිල අඩු කිරීමට සූදානම් බවය. විදුලිය බිල වැඩි කළේ සියයට 40කින් 50කින් නොවේ දැයි වැනි පණ්ඩිත ප්‍රශ්න කිරීම්වලට මේ මොහොතේ නොයා යුතුය.
අප ප්‍රවෘත්තියට අනුව, කිලෝ වොට් පැය 0–30 අතර විදුලි භාවිත කරන ගෘහස්ථ විදුලිය පාරිභෝගිකයන්ගේ ගෙවනු ලබන ස්ථාවර ගාස්තුව රුපියල් 180 සිට 165 දක්වා රුපියල් 15කින් අඩු වනු ඇති අතර, ඒකක 91 සිට 120 දක්වා භාවිත කරනු ලබන පාරිභෝගිකයන්ගේ ස්ථාවර ගාස්තුව රුපියල් 1,180 සිට 1,120 දක්වා රුපියල් 60ක මුදලකින් අඩු වේ.
විදුලිය බිල ගෙවීමට නොහැකි වීම නිසා පාරිභෝගිකයන් ලක්‍ෂ 11කට වැඩි ගණනකගේ විදුලිය විසන්ධි කර තිබේ. මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් සිටින නිවෙස් කොපමණ ගණනක් ඒ අතර වේ දැයි විමසිය යුතුය.
මෙරට පොදු ජනයා කිසි විටෙකත් නොමිලේ විදුලිය ලබා නොගනිති. වේලක් නොකා හෝ එම මුදලෙන් විදුලිය බිල ගෙවා දමති. මන්ද යත්, එම හුදී ජනයාගේ විදුලිය බිල ගෙවා දැමීමට ඇමැති මිතුරන් ඉදිරිපත් නොවන හෙයිනි. එහෙත්, විදුලිබල මණ්ඩලයේ ව්‍යවස්ථාපිත ගිණුම්වලට අනුව 2013 වසරේ සිට 2023 වසර දක්වා ලබා ඇති පාඩුව රුපියල් කෝටි 38,800කි. විදුලි ගාස්තු සංශෝධනයෙන් පසු සූර්ය බලශක්ති නිෂ්පාදකයන්ට හා සැපැයුම්කරුවන්ට ගෙවිය යුතු ණය ආපසු ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය සමත් වුව ද, පසුගිය වසර අවසන් වන විට ලංකා විදුලිබල මණ්ඩලය ගෙවිය යුතු ශේෂය රුපියල් කෝටි 44,300ක් බව අප ප්‍රවෘත්තියේ සඳහන්ය.
කෙසේ වෙතත්, විදුලිබල මණ්ඩලය ලාභයක් ලැබුව ද ඒ ලාභය ලැබුවේ කෙසේ දැයි මෙරට ජනයා හොඳින් දනිති. විදුලිබල මණ්ඩලයට ලාභ ඉපැයීමට මෙරට කර්මාන්තශාලා කීයක් වසා දමා කී දාහක් ජනයාට පාරට වැටීමට සිදු වූයේ දැයි සොයා බැලිය යුතු තරම්ය. දැනට පවත්වාගෙන යන කර්මාන්තශාලා, ව්‍යාපාරික ස්ථාන විදුලිය බිලෙහි සංශෝධනය හෙවත් මිල ඉහළ දැමීම නිසා පවත්වාගෙන යනු ලබන්නේ අතිශය දුෂ්කර තත්වයකය. අමු මිරිස් කරලක් රුපියල් 15ක් වූ රටක කැරට් කිලෝවක මිල රුපියල් 2000ක් වූ රටක මේසා විශාල විදුලි බිලක් ගෙවිය නොහැකි බව යථාර්ථය වේ. එවන් පරිසරයක සියයට 3කින් විදුලි බිල අඩු කිරීම ප්‍රශ්නයට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන උත්තරයකි.
(***)
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආර්ථිකයේ පීඩා විඳිද්දී විදුලි බිලේ සහනය