IMG-LOGO

2025 අප්‍රේල් මස 07 වන සඳුදා


ආර්ථිකයේ පිබිදෙන නව ගැම්ම

සංචාරක ව්‍යාපාරයත්, ඉන් ලැබෙන ආදායමත් රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයේදී වැදගත් මෙහෙවරක් ඉටුකරනු ලබයි. අපනයන සහ විදේශ ප්‍රේෂණ යන ආදායම් මාර්ග දෙකට අමතරව ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබාදෙන ප්‍රධාන ආදායම් මාර්ගයක් වී ඇත්තේ සංචාරක ව්‍යාපාරයයි. කෝවිඩ් වසංගතය සහ ඉන් පසුව ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැත්තටම නැතිවී යන තත්වයකට පත්වූ නමුත් අද වනවිට එය යළිත් වරක් රටට විදේශ විනිමය ලබාදෙන ආදායම් මාර්ගයක් බවට පත්වෙමින් තිබේ.

විදේශ විනිමය ලබාගැනීම සඳහා විවිධ ආර්ථික අංශවල කෙරෙන ආයෝජන සමග සසඳා බැලීමේදී සංචාරක ව්‍යාපාරය සඳහා යොදවන ආයෝජන ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින්නේ යැයි ප්‍රකාශ කළ නොහැක. වැඩි වියදමක් දැරීමට සිදුවන්නේ සංචාරකයන්ගේ නවාතැන් සැපයීම වෙනුවෙනි. විවිධ මට්ටම්වල සංචාරකයන් රටට පැමිණෙන අතර ඔවුන්ගේ තරාතිරම අනුව නවාතැන් සැපයීම සඳහා සැලකිය යුතු ආයෝජනයක් යෙදවීමට සිදුවේ. සංචාරකයන් රටේ මහජනතාව භාවිතා කරන මාර්ග, ප්‍රවාහන ක්‍රම ආදිය භාවිතා කරන බැවින් සංචාරකයන් සඳහාම යෙදවීමට සිදුවන්නේ විශේෂ බස් රථ ආදිය පමණි. සංචාරකයෝ රටට පැමිණ ස්වදේශිකයන් ද නරඹන ස්ථාන නැරඹීම, රටේ ආකර්ශනයක් ඇති ස්ථාන නැරඹීම සහ එම ස්ථානවල කාලය ගත කිරීමෙන් තෘප්තියට පත්වෙති.

කෙසේ වුවද විවිධ අවස්ථාවලදී රටේ සිදුවන අස්ථාවර හා අනතුරුදායක තත්වය සහ සිදුවීම් හේතුවෙන් ක්ෂණිකවම බලපාන ආර්ථික අංශයක් වන්නේ සංචාරක ව්‍යාපාරයයි. නිදහස ලබාගැනීමෙන් පසු ශ්‍රී ලංකාව බොහෝ අතුරු අන්තරාවලට සහ අනතුරුදායක තත්වයට මුහුණ දුන්නේය. ඒ සෑම අවස්ථාවකදීම මුලින්ම බලපෑමට ලක්වූයේ සංචාරක ව්‍යාපාරය බව පෙනේ. ඔවුන්ට ලැබෙන තොරතුරු අනුව සංචාරකයෝ වහාම තම සංචාර නවතා දමති. එසේ නොමැති නම් ශ්‍රී ලංකාවට පැමිණීමට කැමති වුවද විවිධ බාධකවලට, විවිධ අවස්ථාවලදී මුහුණදීමට සිදුවීමෙන් සංචාරය නතර කර දමති. ළඟම උදාහරණය කෝවිඩ් වසංගතයයි. කෝවිඩ් වසංගතය ඇරඹෙත්ම රටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව අඩුවිය. කෝවිඩ් මැද්දේම සමහර විදේශීය සංචාරකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය වුවද ගුවන් යානා නොමැතිවීම සහ විවිධ තහංචි ආදිය නිසා ඔවුන්ට පැමිණීමට නොහැකි විය.

සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යවසායක් බවට පත්වුයේ 1966 වසරින් පසුවය. ඒ දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් නොපැමිණියා නොවේ. කොළඹ කොටුවේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය සහ ගාලු‍ මුවදොර හෝටලය, ගල්කිස්සේ මවුන්ට් ලැවිනියා හෝටලය ආදිය කොළඹ සංචාරකයන් සඳහා නවාතැන් පොළ බවට පත්ව තිබියදී මහනුවර ක්වීන්ස් සහ ස්විස් හෝටල් ද නුවරඑළියේ ග්‍රෑන්ඩ් හෝටලය ද බොහෝ කලක සිට සංචාරකයන්ට සෙවණ ලබා දුන්නේය. ඉන් පෙනී යන්නේ 1966 ට පෙරද ශ්‍රී ලංකාවේ රාජ්‍ය අනුග්‍රහය නොලැබුණද සංචාරක ව්‍යාපාරය පැවැති බවයි.

1965 බලයට පත්වූ ඩඩ්ලි සේනානායක රජයේ රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ ජේ.ආර්. ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැක. රටේ ආර්ථික ව්‍යවසායක් ලෙස සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීම සඳහා ඔහු මූලික වී කටයුතු කළේය. එහි මුල්ම පියවර ලෙස හැඳින්විය හැක්කේ 1966 අංක 10 දරණ සංචාරක මණ්ඩල පනත සම්මත කර ගැනීමයි. එමගින් ලංකා සංචාරක මණ්ඩලය පිහිටුවීම සඳහා අවශ්‍ය විධිවිධාන සැලැස්වීමට කටයුතු කළේය. ඒ අතරම එම වසරේදීම ශ්‍රී ලංකා හොටෙල් සංස්ථා පනත සම්මත කර ගැනීම මගින් රට තුළ හෝටල් ඇති කිරීම සඳහා සහ නියාමනය කිරීම සඳහා වූ නීතිරීති සම්මත කරගනු ලැබීය. එතැන් පටන් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය අඛණ්ඩවම සංවර්ධනය වූ අතර පසුබෑමට ලක්වු අවස්ථාද පැවැති බව පෙන්වාදිය හැකිය.

1971 ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදය 1983 ජුලි කලබල සහ ඉන්පසුව ඇති වූ උතුරේ ත්‍රස්තවාදය, 1989 න් පසු නැවතවරක් ජ.වි.පෙ. ත්‍රස්තවාදය, ඉන්පසු සිවිල් යුද්ධය, සුනාමිය, පාස්කුදා ප්‍රහාරය, කෝවිඩ් මේ සියල්ලම සංචාරක ව්‍යාපරය කෙරෙහි ඉතා අහිතකර බලපෑම් එකතු කළේය. 1970 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි මුළු සංචාරකයන්ගේ සංඛ්‍යාව 46,247 ක් විය. එහෙත් 1971 කැරැල්ල නිසා එය සියයට 14 කින් අඩුවු අතර මුළු පැමිණීම 39,654 ක් විය. 1975 දී රටේ සංචාරක පැමිණීම ප්‍රථම වරට ලක්ෂය ඉක්මවා ගියේය. සංචාරකයෝ 103,204 ක් රටට පැමිණියහ.

ඉන්පසු අඛණ්ඩවම සංචාරක පැමිණීම වර්ධනය විය. 1982 සංචාරකයෝ 407,230 ක් ලංකාවට පැමිණියහ. එහෙත් 1983 ජුලි මස ඇතිවු කලබල සංචාරක ව්‍යාපාරයට විශාල පසුබැස්මක් ළඟා කළ අතර එම වර්ෂයේ සිට 1989 දක්වාම අඛණ්ඩවම පැමිණීම අඩුවිය. 1987 වර්ෂයේදී මුළු සංචාරක සංඛ්‍යාව 182,620 ක් විය. එතැන් පටන් සංචාරක පැමිණීම ක්‍රමයෙන් වර්ධනය වන්නට විය. 2006 වර්ෂයේදී මුළු සංචාරක පැමිණීම 559,603 ක් විය. එහෙත් අභ්‍යන්තර යුද්ධය ව්‍යාප්තවීමත් සමග සංචාරක පැමිණීම අඩුවන්නට පටන් ගත් අතර 2008 වර්ෂයේදී 438,475 දක්වා අඩුවිය.

යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ස්වර්ණමය යුගය උදා වුයේ යැයි ප්‍රකාශ කළ හැකිය. ඉන්පසු සංචාරක පැමිණීම වසරින් වසර විශාල ලෙස වැඩිවු අතර 2012 වසරේදී ප්‍රථමවරට දශ ලක්ෂය ඉක්මවා ගියේය. එම වසරේ සංචාරකයෝ 10,05,605 ක් ශ්‍රී ලංකාවට පැමිණියහ. 2016 දී සංචාරක පැමිණීම 20,00,000 ඉක්මවා ගියේය. මුළු පැමිණීම 20,50,832 ක් විය. 2016 වසරේදී මෙතෙක් සංචාරක පැමිණීමේ ඉහළම වාර්තාව සටහන් විය. මුළු සංචාරක පැමිණීම 23,33,796 ක් විය.

එහෙත් එම වාර්තාව පැවතියේ ඉතා කෙටි කාලයකි. ඊළඟ වසරේදී, 2019 දී පාස්කු ප්‍රහාරයට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවිය. සංචාරකයෝ නැවතුණහ. පැමිණීම 19,13,702 දක්වා අඩුවිය. ඊළඟ වසරේදී සංචාරක පැමිණීම සියයට 73.47 කින් අඩුවිය. පැමිණි සංඛ්‍යාව 507,704 ක් විය. ඒ සමග කෝවිඩ් පැමිණියේය. සංචාරක ව්‍යාපාරය පහළටම වැටුණේය. 2021 දී මුළු සංචාරක සංඛ්‍යාව 194,595 ක් විය. 1983 ජුලි කලබල වලින් පසු ඇතිවු බිඳ වැටීමට සමාන බිඳ වැටීමක් මේ අවස්ථාවේදී ද සිදුවිය.

2022 දී ශ්‍රී ලංකාව බංකොළොත් බව ප්‍රකාශයට පත් කළේය. ඉන්ධන, ගෑස් සහ විදුලිය හිඟය සහ පෝලිම් පිළිබඳ තොරතුරු ලොව පුරා පැතිර ගියේය. ශ්‍රී ලංකාවට සංචාරයේ නොයෙදෙන ලෙස විවිධ රටවලින් අනතුරු ඇගවීම් නිකුත් විය. එවැනි තත්වයක් මධ්‍යයේ වුවද සංචාරක පැමිණීම 719,978 දක්වා ඉහළ ගියේය. රට බංකොළොත්වීමෙන් පසු සංචාරක පැමිණීම අඩු වුවද රට නැවත ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමේ ප්‍රයත්නයේදී වැඩි අවධානයක් යොමුකළ ආර්ථික අංශයන් වුයේ සංචාරක ව්‍යාපාරයයි.

පාස්කු ප්‍රහාරයෙන් ආරම්භ වී කෝවිඩ් හමුවේ බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීමට ප්‍රමුඛත්වයක් ලබාදීමට රජය කල්පනා කළේ පවතින සම්පත් උපයෝගී කරගෙන කෙටි පිරිවැයකින් යළි නගා සිටුවිය හැකි කර්මාන්තය එය වීම නිසාය. පාස්කු සහ කෝවිඩ් හමුවේ සංචාරක ව්‍යාපාරය කඩා වැටුණද රජය ප්‍රකාශ කර සිටියේ අඩු පිරිවැයකින් යළි යථා තත්වයට ගෙන ආ හැකි ප්‍රධාන ව්‍යවසාය වන්නේ සංචාරක කර්මාන්තය යන්නයි. එබැවින් ආර්ථික ප්‍රතිසංස්කරණවලදී එයට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවයි. කෝවිඩ් හමුවේ සංචරණ සීමා ඇති කිරීම ආදිය නිසා සංචාරකයන් අඩුවිය. සේවකයන් තම නිවෙස්වලට යෑමෙන් පසු නැවත පැමිණීම අඩුවී තිබුණි. සමහර හොටල්වලට ණය ගෙවා ගැනීම සහ නඩත්තු කිරීම ආදිය පිළිබඳව ප්‍රශ්න පැන නැගී තිබුණි.

විවිධ ක්‍රම මගින් රජය සංචාරක ව්‍යාපාරයට සහන ලබාදී එය යළි ගොඩනැගීම සඳහා කටයුතු කළේය. ඉතා කෙටි කලෙකින් සංචාරක ව්‍යාපාරය තුළ විශාල වර්ධනයක් අත්කර ගැනීමට හැකිවී තිබේ. 2023 වසරේ මුළු සංචාරක පැමිණීම 14,87,303 ක් විය. මේ වසරේ ජුලි මාසය අවසන් වනවිට මුළු සංචාරක සංඛ්‍යාව 11,98,059 දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් පැහැදිලි වන්නේ ඉතා කෙටි කලක් තුළදී සංචාරක පැමිණීම පිළිබඳව නව වාර්තාවක් පිහිටුවීමට හැකිවන තත්වයකට එය පත්ව ඇති බවයි. ආර්ථික අර්බුදය නිම කිරීම සඳහා වූ ප්‍රයත්නයේදී රටේ සේවා නියුක්තිය වැඩිවීම, විදේශ විනිමය ගලා ඒම ආදී හේතු නිසා එහි වැදගත්කම ඉහළ මට්මක පවතින බව පෙන්වාදිය හැකිය. උදාහරණයක් ලෙස 2023 මාර්තු මාසයේදී සංචාරක ව්‍යාපාරයේ මුළු ආදායම ඩොලර් මිලියන 189 ක් විය. 2024 මාර්තු මාසයේදී එය ඩොලර් මිලියන 338 ක් වී තිබුණි. සංචාරක පැමිණීම ඉහළ යාමත් සමග රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යන ආකාරය ඉන් පැහැදිලි වේ.

සංචාරක ව්‍යාපාරය ඉහළ පහළ යෑම තීරණය වන්නේ යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් රටට පැමිණීමට බලා සිටින පිරිස දක්වන සංවේදීතාව අනුව බව පෙන්වාදිය යුතුව ඇත. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් පවතින, විදුලිය කප්පාදු කර ඇති රටකට සංචාරකයන් පැමිණෙන්නේ නැත. එහෙත් ස්ථාවරභාවය ඇතිවන විට සංචාරකයන්ගේ සංඛ්‍යාවද ඉහළ යයි. මේ වනවිට අපි අත්දකිමින් සිටින්නේ රටේ ස්ථාවරත්වයත් සමග සංචාරකයන්ගේ පැමිණීම වැඩිවී, රැකියා ප්‍රමාණය වැඩිවී, රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යෑම පිළිබඳ අත්දැකීමයි.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (0)

ආර්ථිකයේ පිබිදෙන නව ගැම්ම

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කැනඩාවේ අධිකරණ ඇමැති පුටුවට ගිය යාපනයේ උපන් දෙමළ ජාතිකයා
2025 අප්‍රේල් මස 05 702 2

කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ


දූෂිතයින් පිටුදැකීමේ අභියෝගය
2025 අප්‍රේල් මස 05 112 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්


නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 234 2

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 444 2

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 100 1

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 78 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 430 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 478 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 974 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site