රටේ ආර්ථික ප්‍රශ්න එන්න එන්නම වැඩිවෙමින් තිබේ. පොහොර නොමැති වීම, ආදායම් සහ ජීවනෝපය අහිමි වීම යනාදියට එරෙහිව ගොවියෝ විරෝධතාවල යෙදෙති. මිල දර්ශකවල දක්වා ඇති ගණන් ඉක්මවා යමින් ආහාර මිල ගණන් ඉහළ යමින් තිබේ. බොහෝ දෙනකුට සිය ජීවනෝපාය අහිමි වී තිබෙන අතර කුසගින්නට ගොදුරු වී තිබේ. අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන, ඖෂධ යනාදියේ හිඟ ඇතිවීමේ අවදානමක් නිර්මාණය වෙමින් තිබේ.
දේශපාලන සහ සමාජ විරෝධතා
රටේ දේශපාලන සහ සමාජ ප්‍රශ්න ද මතභේදාත්මක තත්ත්වයකට පත්ව තිබේ. විරෝධතා රට පුරා ව්‍යාප්ත වී තිබේ. රටේ ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය එක තැන හිර වී තිබේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පනත් කෙටුම්පතට දක්වන විරෝධය හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද අර්බුදයට ගොස් ඇත. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම අකර්මණ්‍ය වී තිබේ. මේ ප්‍රශ්න කිසිවකට සුදුසු සහ යෝග්‍ය විසඳුම් ලැබෙන පාටක් ද පෙනෙන්නට නැත.
විදේශ මූල්‍ය
ඉකුත් දිනවල වැඩි අවධානයක් යොමු වූයේ රටේ විදේශ මූල්‍ය තත්ත්වය දෙසට ය. රටේ විදේශ මූල්‍ය තත්ත්වය එන්න එන්නම පිරිහෙමින් තිබේ. විදෙස් සංචිත වාර්තාගත අන්දමින් පහළ යමින් තිබේ. එමෙන්ම විදේශ ණය වගකීම් ගෙවීමට ඇති හැකියාව ද අඩු වෙමින් තිබේ.
ඉකුත් අඟහරුවාදා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් ගෙවා දැමීය. ඒත් සමඟ රටේ සංචිත මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන තුනටත් අඩු අගයකට වැටිණි.
සංචිත මෙලෙස අඩු වීමත් සමඟ ආහාර, ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ කර්මාන්ත සහ අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ අර්බුදවලට මුහුණ දීමට සිදුවනු ඇත. මෙම සීමා තේරුම් ගනිමින් ඇතැම් ආනයන සීමා ඉවත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බවක් පෙනෙන්නට තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
රජය විදේශ මූල්‍යයේ තිබෙන හිඟ/ දුර්වලතා විසඳාගන්නේ කෙසේ ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගයකින් තොරව විදේශ විනිමය අර්බුදය විසඳාගන්න බව ආණ්ඩුව ප්‍රබලව කියා සිටියි.
මෙම ප්‍රශ්න විසඳාගැනීමට මේ අවස්ථාවේ ඇති වියදම්/ පිරිවැය අඩු සහ හොඳම විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම යැයි බොහෝ ආර්ථික විද්‍යාඥයන්ගේ සහ විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. එවැනි සහායක් අවශ්‍ය නැති බවත් එවැනි ණය දීම්වලට කොන්දේසිවලට අනුකූල වීමට අවශ්‍ය නැති බවත් ආණ්ඩුව අවධාරණය කරයි.
රජයේ ස්ථාවරය
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයන බව රජයේ ප්‍රකාශකයන් කිහිපදෙනෙක්ම ඉකුත් දිනවල අවධාරණය කළහ. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ද මෑතකදී එම ස්ථාවරය තහවුරු කළේය. රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගන්නා බව හෙතෙම ඉකුත් දිනෙක පැහැදිලිව ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට රජයට මේ අවස්ථාවේ/ කඩිනම් සැලසුමක් නොමැති බව හෙතෙම පැවැසීය.
වාසියක් නැහැ
මේ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමෙන් කිසිදු වාසියක් නොමැති බව හෙතෙම සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමෙන් මේ අවස්ථාවේ ආයෝජන වැඩි නොවන බවත් සංචාරක කර්මාන්තයේ හෝ කෘෂි හා කර්මාන්ත වැනි ආර්ථිකයේ ප්‍රධාන අංශ වර්ධනය නොවන බවත් හෙතෙම කීය.
අපේක්ෂාව
තොරතුරු තාක්ෂණික සේවාවලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක මුදලක් උපයාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ආචාර්ය පී.බී. ජයසුන්දර බලාපොරොත්තු තබා ඇත. විදේශ අරමුදල්/ මූල්‍ය සපයන ව්‍යාපෘති රට තුළට ගෙන්වා ගැනීමත් ඒවා වේගවත් කරගැනීමත් තුළින් රට තුළට මුදල් ගලා එනු ඇති බවටත් විදේශ ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් බිලියන 7.8ක් වනු ඇති බවටත් අපේක්ෂා කරන බව ඔහු කීය.
ඊට අමතරව මේ වසරේ දී ඉන්දියාව, බංග්ලාදේශය සහ චීනය යන රටවල් සමඟ මුදල් හුවමාරු (ස්වැප්) පහසුකම් එළැඹීමට අපේක්ෂිත බව ද හෙතෙම පැවැසීය.
විදේශ ණය
විදේශ ණය ගැනීම් වැඩි නොකරන බව ආචාර්ය ජයසුන්දර අවධාරණය කළේය. ඒ වෙනුවට ඉන්දියාව, බංග්ලාදේශය සහ චීනය වැනි මිත්‍ර රටවල් සමඟ විදේශ මුදල් හුවමාරු (ස්වැප්) පහසුකම්වලට එළැඹීමට බලාපොරොත්තු වන බව ද ඔහු කීය. මේ වසරේ මුල් අර්ධයේදී අපනයන හොඳ තත්ත්වයක් පෙන්නුම් කර ඇති බැවින් ඉදිරි කාලයේ දී ද අපනයන ආදායමේ වර්ධනයක් සිදුවනු ඇතැයි අපේක්ෂිත ය. ආනයන සීමා පනවා තිබුණ ද ආනයන වියදම ඉහළ ගොස් තිබෙන අතර මේ හේතුවෙන් වෙළෙඳ හිඟය ද පුළුල් වී තිබේ.
ගෙවුම් ශේෂය
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක ආදායමක් ලැබීමට නියමිත හෙයින් ගෙවුම් ශේෂය පටු වනු ඇතැයි අපේක්ෂිත ය. ගිය වසරේ ලද ප්‍රේෂණ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 7.1ක් වූ අතර එය මේ වසරේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 7.8ක් දක්වා වැඩි වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. සංචාරක කර්මාන්තයෙන් ද තරමක ආදායමක් ලැබෙනු ඇතැයි අපේක්ෂිත ය. එය ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සිට ඩොලර් බිලියන 1.5ක් දක්වා වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අවදානම්
දරුණු තර්ජන සහ අවදානම් තිබෙන බැවින් මෙම බලාපොරොත්තු/ අපේක්ෂා යථාර්ථයක් බවට පත්කරගැනීමට හැකියාව ලැබෙයි ද යන්න මේ අවස්ථාවේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය යි. නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයේ සිවුවැනි රැල්ල ද මේ අවදානම් හා තර්ජන ගොන්නට ඇතුළත් ය. ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වීම සහ ආහාර බෝග සහ තේ අස්වැන්න අඩු වීම අනෙක් තර්ජන සහ අවදානම් ය.
කොවිඩ්-19
රට තුළ ‘කොවිඩ්-19’ වසංගතයේ සිවුවැනි රැල්ලක් පැතිර යෑමේ අවදානම් ඇතැයි ද නව ප්‍රබේදය වේගයෙන් පැතිර යනු ඇතැයි ද වෛද්‍ය අංශ මේ වනවිට අනතුරු අඟවා ඇත. ඒ නිසා ‘කොවිඩ්-19’ වයිරසය පැතිර යෑම පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමෙන් භයානක ප්‍රතිවිපාක ඇතිවීමේ අවදානමක් තිබේ. විශේෂයෙන්ම මෙමඟින් නිෂ්පාදන කර්මාන්ත සහ අපනයන ක්ෂේත්‍රයට භයානක ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇත.
වෙළෙඳ ශේෂය සහ ගෙවුම් ශේෂය
ජූලි මාසය අග වනවිට රටේ විදෙස් සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන තුනට අඩු වී තිබේ. මේ තත්ත්වයත් සමඟ වෙළෙඳ ශේෂයේ සහ ගෙවුම් ශේෂයේ ප්‍රතිඵල රටේ විදේශ මූල්‍ය ස්ථාවරත්වයට අත්‍යවශ්‍ය සහ තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබේ. මේ වසරේ දෙවැනි අර්ධයේ දී වෙළෙඳ ශේෂය සහ ගෙවුම් ශේෂය වර්ධනය වනු ඇතැයි අපට අපේක්ෂා කළ හැකි කරුණු මොනවාද? රජයේ අපේක්ෂා ඉටු වේවි ද?
පුළුල් වන වෙළෙඳ හිඟය
මේ වසරේ මුල් අර්ධයේ දී විදෙස් සංචිත පිරිහීමට ප්‍රධාන වශයෙන් බලපෑවේ වෙළෙඳ ශේෂය (වෙළෙඳ ගිණුමේ හිඟය) පුළුල් වීමත් විදේශ ණය නැවත ගෙවීම් යන කරුණු දෙක නිසා ය.
වෙළෙඳ හිඟය
ආනයන වියදම් වැඩි වීම නිසා මේ වසරේ පළමු අර්ධයේ දී වෙළෙඳ හිඟය පුළුල් විය. අනෙක් අතට අපනයන ආදායම හොඳ මට්ටමක පැවැතුණි. මේ වසරේ පළමු අර්ධයේ දී අපනයන ආදායම ඉහළ ගියේ ය. ආහාර සහ ඉන්ධන ආනයන වෙනුවෙන් දැරීමට සිදුවන ඉහළ පිරිවැය හේතුවෙන් මේ වසරේ දෙවැනි අර්ධයේ දී ද ආනයන වියදම ඉහළ යන බව පෙනෙන්නට තිබේ.
සාමාන්‍ය තත්ත්ව
එන්නත්කරණ වැඩසටහන පුළුල් වීමත් සමඟ රටේ තත්ත්වය සැප්තැම්බර් මාසය වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව ආචාර්ය පී.බී. ජයසුන්දර පැවැසීය. ඒත් සමඟ අපනයන නිෂ්පාදන වැඩිවනු ඇති අතර ආර්ථික ක්‍රියාකාරකම් වැඩි වනු ඇතැයි ද හෙතෙම විශ්වාසය පළ කළේය. එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වුවද ඉදිරි මාසවලදී කොවිඩ්-19 වයිරසය ව්‍යාප්ත වීමේ අවදානමක් ද තිබේ.
සාරාංශය සහ අවසාන වශයෙන්
රට මේ වනවිට මුහුණ දෙන ප්‍රශ්න විසඳෙන හෝ විසඳන බවක් පෙනෙන්නට නැත. ආණ්ඩුවේ අර්ථ දැක්වීමක් නොමැති විකල්ප ආර්ථික ප්‍රතිපත්ති සාර්ථක වනුයේ 1970-77 කාලයටත් වඩා හිඟයක් රට තුළ ඇති කිරීමෙන් පමණි.
රටේ විදේශ මූල්‍ය අර්බුදය විසඳීමට ආණ්ඩුවට ඇත්තේ පැලැස්තර විසඳුම් ය. ඒ ඒ අවස්ථාවේ ඇතිවන දුෂ්කරතාවලට පිළියම් ලෙස රටවලින් ණය ගනිමින් හෝ රටවල් සමඟ මුදල් හුවමාරු පහසුකම්වලට ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය/ තීරණය වී තිබේ.
ප්‍රේෂණ වැඩිවීම, තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායම් වැඩි වීම හිතකර ලක්ෂණය. ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (එස්.ඩී.ආර්./ ජාත්‍යන්තර සංචිත වත්කම්) යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 780ක ප්‍රදානයක් හිමිවනු ඇති අතර එය ද හිතකර තත්ත්වයකි. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කර ඉහළ පිරිවැයක් යටතේ ණය ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය නොවුණ ද එය සිදුවනු ඇති බවක් පෙනෙන්නට තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිගැනීමට ආණ්ඩුව නොවුවමනා නිසා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොගන්නා බව දැනට පෙනෙන්නට තිබේ. ඒ අනුව ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය පහසුකම් ලබානොගෙන සිටිනු ඇත.
කෙසේ නමුත් අඩු පොලියක් යටතේ වාරික කිහිපයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එම පහසුකම ලබාගැනීම දීර්ඝකාලීනව රටට හිතකර තත්ත්වයකි. එමඟින් ආර්ථිකයේ විශ්වාසනීයත්වය ඉහළ දමන අතර වඩාත් හිතකර තත්ත්ව යටතේ ණය ගැනීමට ද අවස්ථාව හිමි වේ.
අවසාන වශයෙන්
රටේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවට ප්‍රඥාව පහළ වනවාද නැද්ද යන්න දැක බලාගැනීමට හැකිවන්නේ කාලයාගේ ඇවෑමත් සමඟ ය.
ආචාර්ය - නිමල් සඳරත්න විසිනි
(***)
සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියේ
පරිවර්තනය
හර්ෂණ තුෂාර සිල්වා
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආර්ථික අර්බුදයට විසඳුම් නැතිද?
asanka Tuesday, 10 August 2021 05:12 PM
ජාත්‍යන්තර මූල්‍ය අර්බුද ගිනි පොළියට ණය දෙන ආයතනයක් විනා, ලංකාව වැනි දුප්පත් රටවලට නොමිලේ ආධාර දෙන ආයතනයක් නොවේ. ඔවුන් රටකට ණය දෙන්නේ දැඩි කොන්දේසි යටතේ වන අතර, ඔවුන් බොහෝවිට රජයෙන් ජනතාවට ලබාදෙන සුබසාධක සේවා කපා හැරීමට බල කරයි. අද අප රට පත්ව ඇති තත්වයට මුල නම් දැරිය නොහැකි ලෙස ණය ගැනීමයි. එබැවින් කළ යුත්තේ වියදම් කපා හැර, අපට දැරිය හැකි ලෙස ජීවත්වීම විනා තවත් ජාත්‍යන්තරයට ණය වීම නොවේ...
NM Wednesday, 11 August 2021 04:36 AM
ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම් තිබේ. ඉදිරි මැතිවරණයේදී අවංක කණ්ඩායමක් සහ දැනට දේශපාලනයේ සිටින පරිනත දේශපාලකයන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුවට පත්කිරීමට ජනතව තීරණය කළහොත් ජනතාවගේ චන්දය පමණක් ගෙන ඔවුන් අමතක කරන්නා වූ යුගය අවසන් කර ජනතාවගේ රජයක් පමණක් නොව ජනතාවගේ සහබාගිත්වයෙන් රට සංවර්ධනය කරන රජයක් ගොඩනැගීමට හැකියාව පවතී. ඉදිරි රජයක් යටතේ වර්තමාන දේශපාලකයා මෙන් සියල්ල දේශපාලනීකරණයෙන් තොරව අනාගත පරපුර වෙනුවෙන් කැපවීම් කර සියලු ශ්‍රී ලාංකිකයන් වශයෙන් එක්වී ලංකාව දියුණු කලේ අප කියා කීමට රටේ ජනතාවට අවස්ථාවක් ලබාදීමට හැකියාව මෙන්ම එම අවස්ථාව ලබා ගැනීමට හැකියාවක් සහ ශ්‍රී ලංකාව අපේ කියා කීමට අවස්ථාවක් රටේ ජනතාවට උදා කර දීමට හැකිය. වර්තමානයේ පවතින්නාවූ දේශපාලන ක්‍රමවේදයට වඩා වෙනස් එම අවස්ථාව උදා කර ගත හැකිවන්නේ රටේ අනාගත පරපුර වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකිකයන් බුද්දිමත් තීරණයක් ගත හොත් පමණි.