IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ආර්ථික ගිනි නිවීමේ අභියෝගය

අපේ රට ආර්ථික ගැටලු කන්දරාවකට මුහුණ දෙමින් සිටී. මෙයින් වඩාත් සාකච්ඡාවට බඳුන් වූයේ රටේ විදේශ විනිමය සංචිත දරුණු අන්දමින් පහත වැටී තිබීම පිළිබඳ ප්‍රශ්නයයි. අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සීමාකරණය සහ ජනතාවට එදිනෙදා ජීවිතයට අවශ්‍ය දෑ හිඟවීමත්, බඩු මිල නිරන්තරයෙන් ඉහළ යාමත් නිසා මෙම කාරණය බෙහෙවින්ම අවධානයට නතු වී තිබේ.

 

ව්‍යුහාත්මක දුර්වලතා

ඇත්ත වශයෙන්ම විදේශ විනිමය අර්බුදය යනු ව්‍යුහාත්මක දුර්වලතාවල සහ ශ්‍රී ලංකීය ආර්ථිකයේ බිඳවැටීම ප්‍රදර්ශනය කරන්නකි. දිගින් දිගටම පවතින ආදායම් හා වෙළඳ හිඟය, රාජ්‍ය ව්‍යවසාය අධිකතර පාඩු ලැබීම, ලාභ නොලැබෙන යටිතල පහසුකම් ව්‍යාපෘති උදෙසා නාස්තිකාර වියදම්, වැරැදි ආර්ථික කළමනාකරණයට මූලික උදාහරණ වේ.

 

ආර්ථික ගැටලු

රාජ්‍ය ණය වැඩි වීම සහ ගොඩගැසීමත්, එම ණය පියවා දැමීමට රජයේ ආදායම්වලින් වැඩි කොටසක් වැය කරන්නට සිදු වීමත් මූලික ආර්ථික ගැටලුවලට අයත් වෙයි. මේ නිසා සංවර්ධන අවශ්‍යතාවලට මුදල් හිඟ වීමත්, ප්‍රමුඛතාව දිය යුතු රාජ්‍ය වියදම් වෙනස් වීමත් සිදුවේ.

 

මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා ඵලදායිතාව නැංවීම ආර්ථිකයේ ප්‍රබල අවශ්‍යතාවකි. මෙම ගැටලු බොහෝමයකට මුල් වී ඇත්තේත් දූෂණයයි. ඒවාට විසඳුම් දීම අසීරු වී ඇත්තේ ද දූෂණය නිසාය.

 

විදේශ විනිමය සංචිත

කෙසේ වුවද අර්බුදයේ දරුණුකම නිසාත්, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟවීමටත් විදේශ සංචිත බලපා ඇති නිසා සාකච්ඡාවලදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු වී ඇත්තේ විදේශ විනිමය සංචිත පිළිබඳ අර්බුදයයි. රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පිණිස යොමුවිය යුතුද නැතිද යන්න පිළිබඳ බොහෝ වාද විවාද පැවතිනි.

මෑතකදී “අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහයෝගය නොමැතිව ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳන්නේ කෙසේද” යන මැයෙන් සම්මන්ත්‍රණයක් පැවැත්විණි. එයින් බලාපොරොත්තු වූයේ මෙම ගැටලුවට විසඳුම් සෙවීමයි. ඒ සඳහා වැදගත් දායකත්වයක් දැක්වූ ආචාර්ය නිශාන් ද මෙල්, රටේ මූලික ආර්ථික ගැටලු විසඳීම සඳහා දීර්ඝ කාලීන ස්ථිරසාර ක්‍රමෝපායක අවශ්‍යතාව පැහැදිලි කළේය. එය දීර්ඝ කාලීන දැක්මක් සහිතව ක්‍රියාත්මක විය යුතුය යන තැනට කතිකාව තල්ලු වූයේය.

 

ඇඩ්වොකාටා ආයතනයේ සම්මන්ත්‍රණය

වෙරිටේ පර් යේෂණ ආයතනයේ විධායක අධ්‍යක්‍ෂවරයා වූ ආචාර්ය නිශාන් ද මෙල්, ශ්‍රී ලංකාව ණය අර්බුදය විසඳාගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යොමු විය යුතුද යන ප්‍රශ්නයට පිළිතුරු දීමට වඩා ශ්‍රී ලංකාව ස්ථිරසාර ලෙස සංවර්ධනය කිරීමට අදාළ මූලික සහ තීරණාත්මක ගැටලු මතුකර පෙන්වූයේය. ඇත්තෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනු දැනට පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා එක් විසඳුමකි. එහෙත් සැබැවින්ම අපට අවශ්‍ය වන්නේ අර්ථික විශ්ලේෂණයක් මත පදනම් වූ දීර්ඝ කාලීන ක්‍රමෝපායකි.

 

හොඳ ආර්ථික විග්‍රහයක්

ආචාර්ය නිශාන් ද මෙල්, ගැටලුවේ නිසි තැනින් අල්ලා ගත්තේ මෙසේ කියමිනි.

“ණය පියවා ගැනීම සහ ගත් ණය ලෝකයට ගෙවා දමන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාව කුමන තීරණය ගත්තද, වඩාත් හොඳ ආර්ථික විග්‍රහයක් විධිමත් ලෙස සකස් කරගත යුතුයි. එසේම රටේ ආර්ථිකය ප්‍රගමනය කර ඉදිරියට ඇදී යන බවට ලෝකයේ විශ්වාසය දිනාගනු වස් ප්‍රසිද්ධ කළ සැලැස්මක් තහවුරුකොට පවත්වා ගත යුතුයි.”

ඔහු තවදුරටත් මෙසේ පැවසීය.

“එවැනි විග්‍රහයක් ආර්ථිකයේ මූල්‍ය තත්ත්වය හා සැබෑ ආර්ථික ක්‍රියාකාරකම් ඉලක්ක කරගත් හොඳ ව්‍යුහයක් ඔස්සේ සකස් කරගත යුතුයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරේ ලෝකයේ අවධානය ගොඩනැංවීමට ගත යුතු පළමු පියවර එය විය යුතුයි.”

 

විශ්වාසවන්ත භාවය

විදේශ සංචිතවලට වඩා අපට අඩු වී ඇත්තේ සැබෑ විශ්වාසවන්ත භාවය බව ආචාර්ය ද මෙල් අවධාරණය කළේය.

“අප ගනුදෙනු කරන රටවල් සමග අප ගැන ඇති විශ්වාසය ගොඩනගා ගන්නට අපට හැකි වේ නම් අපේ ද්‍රවශීලතා ගැටලුව විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අපට අවශ්‍ය නොවේ. එවැනි හිතකර වාතාවරණයක් අප නිර්මාණය කරගත් විට අනෙක් රටවල් ශ්‍රී ලංකා ආර්ථිකය කෙරේ විශ්වාසය නැවත ඇතිකර ගනු ඇත. එවිට අපගේ ස්වාධීන බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම් ඉහළ යනු ඇත. එවිට සාධාරණ පොලී අනුපාතයක් මත අන්තර්ජාතික ප්‍රාග්ධන වෙළෙඳපොළෙන්, අරමුදල් සපයා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවේ. මේ සඳහා නිපුණතාව ගොඩනගා ගැනීමට විග්‍රහයක් ඉදිරිපත්කොට සැලසුම් කරගෙන ඉන්පසු ඒ අනුසාරයෙන් ක්‍රියා කිරීමේ කැපවීම ප්‍රදර්ශනය කළ යුතුයි.”

 

ප්‍රමුඛ අවශ්‍යතා.

රටේ ආර්ථිකය යහපත් අතට හරවා ගැනීම සඳහා ප්‍රමුඛ අවශ්‍යතාවක් වන්නේ ආර්ථික අර්බුදයට හේතු විග්‍රහ කර ගැනීමත් හොඳින් සිතා බලා ආර්ථික ස්ථාවරභාවය ඇතිකර ගැනීම උදෙසා සැලසුමක් සකස් කර ගැනීමත්ය. එය ආර්ථික සංවර්ධනය සම්බන්ධ දීර්ඝ කාලීන දැක්මක් ඇතිව කළ යුතු වේ.

දැනට පවතින ප්‍රතිපත්ති සකස් කර ඇත්තේ ආර්ථිකයේ මූලික ගැටලු විසඳන ආකාරයෙන් නොවේ යයි හෙතෙම කීවේය.

මූලික දුර්වලතාවක් ලෙස ඔහු අවධාරණය කළේ, ආර්ථිකයේ මූලික ගැටලු විසඳා ගැනීමට දීර්ඝ කාලීන අපේක්ෂා සහිත දැක්මක් නොමැති වීමය.

 

ආගන්තුක ප්‍රකාශය

ඊට අමතරව ප්‍රතිපත්ති කෙරේ රජයේ ඇති නොසැලකිල්ල ද රජයේ මූල්‍ය හා ගැටලු විසඳා ගැනීමේ හැකියාව දුර්වල කිරීමට බලපා ඇති බව අප කිව යුතුය. ඒ මගින් ආර්ථිකයේ දුර්වලතා තව තවත් වැඩි වී ඇත්තේ, නිෂ්පාදන අඩු වෙමින්, රැකියාවලටත් ආදායම්වලටත් ජනතාවගේ ජීවන තත්ත්වයටත් එම තත්ත්වය බලපාමිනි. මෙම දෝෂය පෙන්වන මූලික උදාහරණයක් නම් ආර්ථිකයේ ආදායම් තත්ත්වය පහත වැටීමත්, කෘෂි නිෂ්පාදනය පහත වැටීමත්ය.

මෙම දෝෂ වේගයෙන් ව්‍යාප්තවන කොරෝනා වසංගත තත්ත්වය හා බැඳී තව තවත් වැඩිවන්නේ එන්නත්කරණය සහ සෞඛ්‍ය සංරක්‍ෂණය උදෙසා රජය දැරිය යුතු වියදම් වැඩි වීමත් සමගය. ඒ සමගම වැඩිවන රැකියා වියුක්තිය හා දරිද්‍රතාව තුරන් කිරීමටද රජයට මැදිහත් වීමට සිදුවේ. මේවා නිසා රජයේ වියදම් ඉහළ යයි. එහිදී රජයේ ආදායම් ඉහළ යෑමට වඩා සිදුවන්නේ එමගින් රජයේ ආදායම් තවත් පහත වැටීමයි. රජයේ ආදායම් පහත වැටීම දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 14කට වඩා වැඩි මට්ටමකින් සිදු වේ යයි අනුමාන කෙරේ. මෙය ආර්ථිකය බැරෑරූම් ලෙස අස්ථාවරභාවය වෙත ඇද හෙළන සාධකයකි.

 

ගිනි නිවීමේ සටන

මේ වසරේ අප දකින්නේ මෙම ගින්න නිවා දැමීම සඳහා කරන ව්‍යායාමයයි. විශේෂයෙන් ගත් ණය ආපසු ගෙවීම හා අන්තරාදායක ලෙස පහත වැටෙන විදේශ සංචිත නැවත සපයා ගැනීම ඇතුළුව මතුවෙමින් පවතින තීරණාත්මක ගැටලු රාශියකින් රට සහනය ලබාගත යුතුවේ. ඇ.ඩොලර් බිලියන 3කටත් වඩා පහත වැටී ඇති සංචිත තවත් බිඳ වැටෙන්නට නොදී මුක්කු ගැසීමට හුවමාරු ණය සහ වෙනත් ණය සොයා යෑම කෙරේ රජය මූලික වශයෙන් ආර්ථික ක්‍රියාකාරකම්වල නිරත වී සිටී. දැනට පවතින අර්බුදයේදී මෙකී විදේශ විනිමය සොයා ගැනීම තීරණාත්මක ලෙස වැදගත් වනු නොඅනුමානය. එහෙත් එයින් ආර්ථිකයේ මූලික ගැටලු විසඳෙන්නේ නැත.

 

අවසාන වශයෙන් සිතා බැලීමට

රටේ ආර්ථික සහ සමාජීය සංවර්ධනය උදෙසා දීර්ඝ කාලීන දැක්මක අවශ්‍යතාව හඳුනාගෙන තිබේද? ආර්ථික හා සමාජ ගැටලු සම්බන්ධ දීර්ඝ කාලීන තර්කානුකූල වැඩපිළිවෙළකට අවතීර්ණය වීමට වඩා තීරණ ගන්නවුන් එහෙන් මෙහෙන් ආවට ගියාට සිතා තීරණ ගැනීම සිදුවේද?

දරුණු තත්ත්වයට වැටී ඇති ආර්ථික ගැටලුවලට මුහුණදෙමින් එඩිතර තීරණ ගත හැකි දේශපාලන අඩිතාලමක් අපට තිබේද? කෙටිකාලීන දේශපාලන වාසි තකා තීරණ නොගෙන විද්‍යාත්මක ලෙස හා තර්කාන්විතව තීරණ ගන්නා ආකාරයේ ආණ්ඩුවක් අපට තිබේද?

කනගාටුවට කාරණය, ආර්ථික විද්‍යාත්මකව යහපත් වීම දේශපාලන වශයෙන් කෙටි කාලයේදී නරක වන බවටත්, යහපත් දේශපාලනය හරියන්නේ දීර්ඝ කාලීනවයි යනුවෙන් කියන කියමන සැබෑවක් වීමය.

 

(ආචාර්ය නිමල් සඳරත්න විසිනි)

(***)

සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියේ පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ



අදහස් (2)

ආර්ථික ගිනි නිවීමේ අභියෝගය

nm Wednesday, 01 September 2021 04:59 AM

රටේ වර්තමාන දේශපාලන ක්‍රමය ( මාරුවෙන් මාරුවට කරන්නාවූ ) මේ ආකාරයෙන්ම පවත්වාගෙන යා යුතුද .නොඑසේනම් අලුත් පිරිසකට රට බාරදිය යුතුද කියා විද්‍යුත් මාධ්‍ය මගින් කෙටි මත විමසුමක් රටේ නගර වල සහ නගරවලින් පිට කල හැකිනම් වැදගත්වේ.

:       0       2

jagath Friday, 03 September 2021 01:37 PM

මේ රටේද

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 101 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 410 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1041 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1525 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 247 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 462 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2104 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site