ඕනෑම රටක ආර්ථික ස්ථාවරත්වය ඉතාම වැදගත් සාධකයකි. ආර්ථික මෙහෙයවන නායකයන් ප්‍රමුඛත්වය දියයුතු වැදගත්ම කාරණය වන්නේ ආර්ථික ස්ථාවරත්වයයි. ආර්ථික ස්ථාවරත්වය බාහිර සහ අභ්‍යන්තර වශයෙන් කොටස් දෙකකි. අභ්‍යන්තර ආර්ථික ස්ථාවරත්වය කෙරේ මුලින්ම අවධානය යොමු කරමු.
අභ්‍යන්තර ආර්ථික ස්ථාවරත්වය සම්පූර්ණයෙන්ම පාහේ ඇතිකර ගැනීමට උත්සාහ කරන්නේ රාජ්‍ය අයවැය සහ ඊට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය තුළය. විශේෂයෙන් 2000 සිට 2011 දක්වා යම් ආකාරයක ආර්ථික කළමනාකරණයක් කර කිසියම් වර්ධනයක් ලබා ගැනීමට උත්සාහ ගනිමින් සිටියේය. එහෙත් 2012 න් පමණක් පසුව රාජ්‍ය අයවැය ප්‍රතිපත්තිය අනාගත අභියෝග වටහාගෙන නිවැරදි කළමනාකරණයක් කර නැත.
නිදහස ලැබූදා සිට විටින් විට බලය හෙබ වූ ආණ්ඩු අපේ අවශ්‍යතා සහ රටේ ශක්‍යතා නිවැරදිව හඳුනාගෙන ආර්ථිකය කළමනාකරණය කර නැත. ඒ වගේම ආර්ථිකයට ඇතිවිය හැකි අනාගත අභියෝගවලට මුහුණ දිය හැකිවන ආකාරය රටේ ආර්ථිකය හැසිරෙව්වේ නැත.
මෙයට හොඳම උදාහරණය රජයේ ආදායම සහ වියදමයි. 2000 වසර වනවිට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රජයේ ආදායම සියයට 17ක් පමණය. 2010 වනවිට එම අගය සියයට 13 දක්වා පහත වැටුණි. ඒ වගේම 2020 වනවිට මේ අගය සියයට 9.2ක දක්වා පහළ යාමක් දැකගත හැකිය.
රජයේ ආදායම එසේ පහළ වැටෙද්දී 2000 දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් රජයේ වියදම සියයට 26.7කි. 2010 වනවිට එම අගය සියයට 20 දක්වා අඩුවී තිබේ. 2020 වන විටත් පැවැතියේ එම අගයමය. මේ අනුව රජයේ ආදායම සියයට 9කි. වියදම සියයට 20කි. සියයට 11ක පමණ හිඟයක් සහිතව 2020 වනවිට අභ්‍යන්තර ආර්ථිකය මෙහෙයවා තිබේ. ඒ වගේම මේ අගය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5ක පමණ අගයක පවත්වා ගැනීමට බොහෝ රටවල් උත්සාහ ගනී. එහෙත් ගෙවුණු කාලය පුරාවට අපේ ආර්ථිකය කළමනාකරණය නිවැරදිව මෙහෙයවීමට අපොහොසත් වීම නිසා ආදායම් වියදම් පරතරය ඉහළ අගයකට පත්ව තිබේ.
රජයේ වියදමෙන් සියයට 23ක් පමණ පවුල්, පුද්ගලයන්ට කරන සංක්‍රාම ගෙවීම්ය. 2020 වනවිට රජයේ වියදමෙන් සියයට 36ක් පමණ වැයකර ඇත්තේ ලබාගෙන ඇති ණයවලට පොලී ගෙවීමටය. ගෙවුණ කාලය පුරාවටම මේ රටේ බලය හෙබ වූ කිසිදු ආණ්ඩුවක් අභ්‍යන්තර ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට කිසිදු ප්‍රයත්නයක් දරා නොමැති බව මේ සරළ සංඛ්‍යාවලින් පැහැදිලි වන කාරණයයි. රටේ පවත්නා ඉතාමත් අකාර්යක්ෂම ආයතන ව්‍යුහයක් නඩත්තු කරන ආර්ථිකයක් බවට මෙරට ආර්ථිකය පවත්ව හමාරය.
සාමාන්‍ය ආර්ථික විද්‍යාව අනුව බලන විට පුද්ගලයකුට ගෙවන මුදල ඔහුගේ ඵලදායීතාවට සමාන විය යුතුය. රුපියල් සියයකට සරිලන වැඩක් කළා නම් ගෙවිය යුත්තේ රුපියල් සියයකි.
එහෙත් මෙරට රාජ්‍ය අංශයේ ඵලදායීතාව ඇත්තේ ඉතාම පහත් මට්ටමකය. එහෙත් එයට වඩා ඉතා ඉහළ වැටුප් බොහෝ රාජ්‍ය නිලධාරීන්ට ගෙවමින් සිටී. අඩු ඵලදායීතාවක් නඩත්තුවට ඉහළ වැටුපක් ගෙවීමෙන් රාජ්‍ය අංශයේ දිගින් දිගටම පාඩු ලබන ආර්ථිකයට අවම වශයෙන් දායක වන තත්ත්වයට පත්ව තිබේ.
මෙයට සමගාමීම කාලයක් තිස්සේ සහනාධාර ප්‍රතිපත්තියක් මෙරට පවත්වාගෙන යමින් තිබේ.
මෙරට දුප්පතුන් කවුරුන්ද යන්න තවමත් හරියට හඳුනාගෙන නැත. සමෘද්ධිය විශාල පිරිසකට දෙන්නේ මේ නිසාය. රුපියල් 5000 සෑහෙන පිරිසකට දීමට සිදු වූයේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි.
ආර්ථිකයේ වැඩක්පළක් කිරීමට නොහැකි පිරිස ඇත්තට හඳුනා නොගැනීමෙන් වැඩ කළ හැකි අය පවා වැඩ නොකර නිවසට වී සිටිමින් රජයේ සහනාධාර මත යැපෙන්නෝ වී සිටිති. මෙය අද ඊයේ පමණක් වූවක් නොවේ. මෙය අපේ ආර්ථිකයේ ව්‍යුහාත්මක ගැටලුවකි. දුර්වලතාවකි. මෙවන් පසුබිමක ස්වශක්තියෙන් නැගී සිටින ජනතාවක් බිහි වන්නේ නැත. ඒ වෙනුවට යැපුම් මානසිකත්වයෙන් හෙබි පිරිසක් බිහි කිරීමට මේ දක්වා අනුගමනය කළ රාජ්‍ය ප්‍රතිපත්ති හේතුවී තිබේ.
දේශීය ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය සානුබලයක් මොනම හේතුවකින්වත් මෙරට ආර්ථිකයේ ක්‍රියාත්මක වන්නේ නැත. මෙරට ආර්ථිකයේ පවතින ගැටලු සෑම දිනකම පැවැති ඒවාය. වී ගොවියාගේ ප්‍රශ්න එළවළු ගොවියාගේ ප්‍රශ්න අප කුඩා කලත් අසන්නට දකින්නට තිබුණි. එම ප්‍රශ්න පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන උරුමයක් බවට පත්ව ඇත්තේ රටත් ආර්ථිකයත් මෙහෙය වූ කිසිදු ආණ්ඩුවක් නිවැරැදිව ඒවා හඳුනා නොගත් නිසාය. නිවැරදි විසඳුම් දීමට අපොහොසත්වීම නිසාය.
මෙම ව්‍යුහාත්මක ගැටලුවල ප්‍රතිඵලය වී ඇත්තේ ආර්ථිකය එකතැන පල්වීමය. ආර්ථිකයක් ඉල්ලුම් සැපයුම් බලවේග මගින් මෙහෙයවෙන අතර ආණ්ඩුව කළ යුත්තේ එයට අවශ්‍ය සානුබල සැපයීමය. එයට අවශ්‍ය පසුබිම සැකසීමය. ආණ්ඩුව ව්‍යාපාරික ආයතනයක් වෙනවාට වඩා ආර්ථිකය පෞද්ගලික අංශයෙන් ගොඩනැගෙන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියේ පසුබිම් සම්පාදකයා විය යුතුය. එහෙත් අවාසනාවකට මේ කාරණා වටහාගෙන කටයුතු කළ සහ කරන ආණ්ඩු බිහිව නැත.
ඒ වෙනුවට එදාවේල පිරිමසා ගන්නා ආණ්ඩු, එදා වේල පිරිමසා ගන්නා විපක්ෂ, එදාවේල පිරිමසා ගැනීමට කටයුතු කරන විවිධ ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ, වෘත්තීය සමිතිවලින් ක්‍රියාත්මක වන රටක් බවට මේ රට පත්ව තිබේ. නිවැරදි දැක්මක් ඔස්සේ ඉදිරියට යාමට එකමුතුව කටයුතු කරන රටක් වශයෙන් මේ රට දැකිය නොහැක. දරිද්‍රතාව, සේවා වියුක්තිය, උද්ධමනය යනාදිය ඔස්සේ ආර්ථික අස්ථායීතාව තවදුරටත් පවතින්නේ ඒ නිසාය.
මේවාට සමගාමීව බාහිර රටවල් සමග කරන ගනුදෙනුව තුළනයක් තිබිය යුතුය. වෙනත් රටවලින් මිල දී ගන්නා භාණ්ඩවලට සමාන වටිනාකම් ඇති භාණ්ඩ ඒ රටවලට යැවිය යුතු බව එහි අදහසය. එහෙත් කොරෝනා වසංගතයට පෙර කාලය දෙස බලන විට මෙරට ආනයන අපනයන වෙළෙඳාම කරගෙන ගොස් ඇත්තේ ඩොලර් බිලියන 10ක පමණ පාඩුවක් සමගයි. වත්මන් ආණ්ඩුව ආනයන පාලනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ අගය ඩොලර් බිලියන 8කට අඩුවී තිබේ. 2020දී මේ අගය ඩොලර් බිලයන 6ක් පමණය. කෙසේ වුවත් කලින් වූ පාඩුව මකාගත්තේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණවලිනි. ඩොලර් බිලියන 7ක් පමණ එසේ ලැබුණි. සංචාරක ව්‍යාපාරයෙන් තවත් ඩොලර් බිලියන 4ක් පමණ ලැබුණි. ඒනිසා යම් තුළනයක් තිබුණි. එහෙත් වෙළෙඳ ගනුදෙනුවල දී රටක් දිගින් දිගටම පාඩු ලබනවා නම් එසේ නොවන්නට දිගුකාලීන ප්‍රතිපත්ති සැකසීම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි. මෙරට එවැන්නක් සිදුව නැත. එදාවේල පිරිමසා ගැනීමට ගැළපීම් කරමින් කටයුතු කිරීම නිසා දිගටම ප්‍රශ්නය එලෙසමය.
2019 වනවිට පැවැතියේ අභ්‍යන්තර තුළනයකුත් බාහිර තුළනයකුත් නැති ආර්ථිකයකි. මේ දෙයංශයේම පැවතියේ දැඩි අස්ථාවරත්වයකි. 2012 වනතෙක් සියයට පහක හයක හොඳ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළේය. ඉන්පසු රට තුළ පැවැති දේශපාලන අස්ථාවර ස්වරූපය ආර්ථිකයට අහිතකරව බලපෑවේය. මහ බැංකුවේ බැඳුම්කර වංචාව, දුර්වල කළමනාකරණය අනෙක් අස්ථාවර කරුණු ආර්ථිකය දිගින් දිගටම පහළ යාමට බලපෑවේය. මෙය නතර වූයේ 2019 දී සියයට 2.3ක ආර්ථික පහළ වර්ධනයක් සටහන් කරමිනි.
ලංකාව කොරෝනා වසංගතයට මුහුණ දෙන්නේ ආර්ථිකය මෙලෙස අඩියටම වැටී තිබු අවස්ථාවකය. මෙවන් පසුබිමක බලයට පත් වූ ආණ්ඩුව ප්‍රතිපත්තිවල යම්යම් වෙනසක් කළේය. බදු ප්‍රතිපත්තිය සංශෝධනය කළේය. ව්‍යාපාරිකයන්ට සහන විශාල වශයෙන් දුන්නේය. ආර්ථිකයේ එතෙක් තිබූ අසමතුලිතතාව තවත් තීව්‍ර කිරීමට මේ ක්‍රියාමාර්ග හේතු වුණි. කොරෝනාවේ භයානකකම දැක එයට අනුගතවන ආකාරයේ ප්‍රතිපත්ති සැලසුම් කිරීමට ආණ්ඩුව කටයුතු කළා නම් ආර්ථිකය මෙවන් අර්බුදයකට පත්වන්නේ නැත. ආණ්ඩුව තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව කටයුතු කිරීමට වෙර දරනවා මිස රට මුහුණ දෙන අභියෝග නිවැරඳිව හඳුනාගෙන අවශ්‍ය විසඳුම් සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට නැත.
අස්ථාවරත්වය දිගින් දිගටම උග්‍ර වන්නේ මේ ක්‍රියා පිළිවෙත්වල ප්‍රතිඵලයක් වශයෙනි. කොරෝනාව සහ ආණ්ඩුව සහන සැලසීමෙන් රජයේ ආදායම් විශාල වශයෙන් පහළ ගියේය. 2019 වනවිට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 86ක පමණ ණය බරක් තිබුණි. රටේ මූල්‍ය තත්ත්වය ද වාසිදායක වූයේ නැත.
මේ නිසා තවදුරටත් ණය ගැනීමට තිබූ අවස්ථා ද ඇහිරී ගියේය. රජයේ වියදම් ද තවත් ඉහළ ගියේය. ආදායම් වියදම් පරතරය වැඩිවීම හේතුවෙන් මුදල් අච්චු ගසා වියදම් පියවා ගැනීමට ආණ්ඩුව යොමු වූවේය.
වරින්වර තවත් ණය ගැනීම නිසා ණය බර සියයට 101 දක්වා වර්ධනය වීමක් ද 2020 වනවිට දක්නට ලැබුණි. 2020 වසරේදී රාජ්‍ය ණය මත පොලී ගෙවීම් රු. බිලියන 980කි. එම වසරේ මුළු ආදායම රු. බිලියන 1367කි. මුළු ආදායමෙන් සියයට 72ක්ම වැයකර තිබෙන්නේ ණයවලට පොලී ගෙවීමටය. මෙය ඉතාමත් ශෝචනීය තත්ත්වයකට පත්ව ඇති බවට ඉඟියකි. කොරෝනාවත් සමග අභ්‍යන්තර ආර්ථිකය අවුල් ජාලයක් වී තිබේ.
ආනයන පාලනයට ආණ්ඩුව පියවර ගත්තේය. එයට සාපේක්ෂව අපනයන වර්ධනයක් ද දක්නට නැත. ගෝලීය වසංගතය එයට හේතුවය. ගෝලීය ඉල්ලුම පහත යාමය. එහෙත් දැඩිව ආනයන පාලන ප්‍රතිපත්තියේ ගැටලු රැසකි. මෙවන් අවස්ථාවක ආනයන පාලනය හොඳ වුවත් එය ඉතා පරෙස්සමෙන් කළ යුත්තකි.
රසායනික පොහොර ආනයනය තහනම් කළේය. පොහොර ආනයනයට වාර්ෂිකව වැය වන්නේ ඩොලර් මිලියන දෙතුන් සියයකි. මේ පොහොර යොදාගෙන නිපදවන දෑ අතරින් එකක් ලෙස තේ ගතහොත් තේ අපනයනයෙන් 2019 දී ඩොලර් බිලියන 1.3ක් උපයා තිබේ. එනිසා මේ ආනයන පාලනය අනාගතයේ දී අපනයන තවදුරටත් වැටීමට හේතුවිය හැකිය.
ආනයන මත පදනම්ව කෙරෙන අපනයන විශාල වශයෙන් පහළ යන්නට පුළුවන. මේනිසා අපනයන ආදායම් ආනයන වියදමට වඩා දෙතුන් ගුණයකින් පහළ යා හැකිය. මෙවන් පසුබිමක විනිමය අනුපාතය දිගින් දිගටම පිරිහෙමින් තිබේ. විදේශ විනිමය ලැබීම් විශාල වශයෙන් අඩුවී තිබේ. ආර්ථිකයේ බාහිර අස්ථාවරත්වය තවත් දරුණු අතට හැරෙන බවට මේවා සාක්ෂිය.
කොරෝනාවත් සමග රට දුෂ්ට චක්‍රයකට හසුව තිබේ. අපට සංවර්ධනය කරා යාමට නොහැකි වූයේ මේ දුෂ්ට චක්‍රයට හසුව තිබීම නිසාය. යම් යම් දෑ පාලනයේ ආණ්ඩුවේ අරමුණ ආනයන වියදම් අඩුකර ගැනීමය. මේ නිසා දේශීය නිෂ්පාදන පහළ යනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස නැවතත් අපනයන පහළයාම වැළැක්විය නොහැක. ඒ හරහා අපනයන ආදායම් පිරිහෙන්නට පුළුවන. ආනයන අපනයන පරතරය තවදුරටත් වැඩිවීමට එය හේතුවකි. මෙවන් දුෂ්ට චක්‍රීයව මෙරට ආර්ථිකය දෝලනය වීමක් දැකගත හැකිය.
රටේ අවශ්‍යතා, රටේ ශක්‍යතා නිවැරදිව හඳුනාගෙන ඒ ඔස්සේ ආර්ථිකය ගොඩ නැගීමට පැවැති කිසිදු ආණ්ඩුවක් නිවැරදි දර්ශනයක් ඔස්සේ රට පාලනය කර නැත. කොරෝනාවට පෙර ආර්ථිකය දුර්වලව පැවතියේත් කොරෝනාවෙන් පසු එය තවත් උග්‍රවී ගොඩ ගැනීමට අසීරු තත්ත්වයකට පත්ව තිබේ. එවන් පසුබිමක ආණ්ඩුව, විපක්ෂය. ප්‍රගතිශීලි කණ්ඩායම් ඇතුළු සියල්ලන් එක්ව රට අගාධයට ඇදගෙන යාමට අර අඳින තත්ත්වයක් දැකගත හැකිය.
මෙරට ආර්ථිකයේ පවත්නා මේ ගැටලු සරළ විසඳුම් ඔස්සේ විසඳිය හැකිය. කොරෝනා වසංගතයට අනුගත වූ සාර්ව හා සූක්ෂම ආර්ථික සැලසුම් මෙරට ආර්ථිකය ගොඩනැගීමේ දී අවශ්‍යය. අපේ ශක්‍යතා හොඳින් අවබෝධ කර ගැනීමක් ඒ සැලසුම් තුළ තිබිය යුතුය.
මෙරට සිටින්නේ ශ්‍රමිකයන් පිටරට යවා ලබන කුලියෙන් ජීවත්වීමට උත්සාහ ගන්නා පිරිසකි. මේවා නොකර අපේ දැනුම ලෝකයට විකිණීමට නොහැකි ඇයි ? ලංකාව ඉහළ බුද්ධිමතුන් සිටින රටකි. මේ රටට විදෙස් සිසුන් ගෙන්වා ඔවුන්ට උගන්වා විදෙස් විනිමය උපයන්නට පුළුවන.
තිස් වසරක යුද්ධය නැවත වහා මිලිටරි උපාය උපක්‍රම උගන්වන කඳවුරු හැදීමට අපට නොහැකි වූයේ ඇයි? පාකිස්ථානයේ මිලිටරි කෑම්ප් තිබේ. ඒවා ආදර්ශනයට ගන්නට තිබුණි.
මෙරට හොඳ විශ්වවිද්‍යාල පද්ධතියක් තිබේ. ඒවාට විදෙස් සිසුන් ගෙන්වා අධ්‍යාපනය ලබාදී මුදල් ඉපැයීමට කටයුතු නොකරන්නේ මන්දැයි ප්‍රශ්නයකි. රුපියල් ලක්ෂ තිහ හතළිහ වියදම් කර මෙරට සිසුහු විදෙස්ගත අධ්‍යාපනය ලබති. මේවා නවත්වා ගැනීමේ ක්‍රමවේද කෙරේ අවධානයක් කිසිවකුට නැත. අපේ ශක්‍යතා අනුව සැලසුම් සකසා ඒවා ජය ගැනීමට කටයුතු කළ යුතුය.
මේ රටේ සිටින්නේ නිරන්තරයෙන්ම හැමෝම විවේචනය කරමින් ජීවත් වන පිරිසකි. දේශපාලනඥයන් කරන්නේ නිරතුරු එකිනෙකා විවේචනය පමණි. වෘත්තීය සමිති ද අනෙකා විවේචනය කරමින් තම අයිතිවාසිකම් කතා කරනු පෙනේ. මේ කිසිවකු රට ගැන සිතා කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. රටේ අධ්‍යාපනය බිඳ වැටී වසර එකහමාරකි. කොරෝනා වසංගතය මැද්දේ බොහෝ රටවල්. ජාතික ඩිජිටල් පුස්තකාල ක්‍රමවේදයක් සකස් කළේය. දක්ෂ ගුරුවරු ලවා සෑම විෂයකටම අදාළ උගැන්වීම් මේවාට ලබාගෙන පාසල් මාර්ගයෙන් ඒවා දරුවන්ට ලබාදීමේ ක්‍රමයක් මේ හරහා ක්‍රියාත්මක වුණි. එය සාර්ථකය. ආණ්ඩුව මෙවැන්නක් නොකරන්නේ නම් විශාල වියදමක් නොදරා විපක්ෂයට මේ කටයුත්ත කිරීමට පුළුවන. රට ගැන හැඟීමක් තිබේ නම් ප්‍රගතිශීලි යැයි කියන දේශපාලන පක්ෂවලට ද මෙවන් කටයුතු කළ හැකිය. දරුවන් වෙනුවෙන් පාරට බැස කෑ ගසන වෘත්තිය සමිතියකට වුව මෙවන් කාරණාවකට යොමු වන්නට පුළුවන. එහෙත් එවන් වුවමනාවක් මේ කිසිවකුටත් නැත.
මේ රටේ සිටින්නේ ඉතාමත් පසුගාමී ජන කොටසකි. අනෙකා විවේචනය කරමින්, දැඩිව හෙළා දකිමින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටිනවා මිස අවශ්‍ය දේ කරන්නේ නැත. වැඩ කිරීමට බලයම අවශ්‍ය නැත. හැකි පමණින් වැඩ කළ හැකිය. එවැන්නක් මේ රටෙන්, ජනතාවගෙන් බලාපොරොත්තු විය නොහැක.
බාහිර හා අභ්‍යන්තර ආර්ථිකය අස්ථාවර වී විදේශ විනිමය අර්බුදයකට මුහුණ දෙමින්, විනිමය අනුපාතය පිරිහුණු අගාධයකට වැටුණු ආර්ථිකයක අපි ජීවත් වන්නෙමු. මෙයින් ගොඩ ඒමක් නැතිද?
වරාය නගරය ලංකාව ගොඩගැනීමට අනගි අවස්ථාවකි. ඒ සඳහා අල්ලස්, දූෂණ, මැරවරකම්, වංචාවලින් තොර දක්ෂ කළමනාකරුවන් පිරිසකගෙන් එය මෙහෙයවිය යුතුය. වරාය නගරයට හැකි තරම් ආයෝජකයන් ගෙන්වාගෙන එතුළින් විදේශ විනිමය අර්බුදයට පිළියම් සොයාගත හැකිය.
මෙරට මුළු සේවා නියුක්තිය ලක්ෂ 81කි. මෙයින් ලක්ෂ 34ක් පෞද්ගලික අංශයේය. තවත් ලක්ෂ 32ක් ස්වයං රැකියාවල නිරත වෙති. රාජ්‍ය අංශයේ සේවයේ නිරත පිරිස ලක්ෂ 15කි.
එක් ගමකට රාජ්‍ය සේවකයෝ හතර පස් දෙනෙක් සිටිති. එහෙත් තාම දියුණුවී නැත. මේ අය වැඩ කරන්නේ නැත. ඔවුහු තම තමන්ගේ වැඩ කරගන්නවා මිස කළ යුතු සේවාව කරන්නෝ නොවෙති.
එනිසා මොවුන් නිසිලෙස කළමනාකරණය කර ඔවුන්ගෙන් නිසි සේවාව ලබාගෙන එයට සරිලන වැටුපක් ගෙවා රට දියුණු කිරීමට දායකත්වය ලබාගත හැකිය. මේවාට කල් ගත වන්නේ නැත. රාජ්‍ය අංශයේ ඵලදායිතාව නැංවීම දින කීපයකින් කළ හැකිය.
ඒ වගේම මහජන මුදල් විශාල වශයෙන් කාබාසිනියා කරන රාජය ආයතන රැසකි. මේවා එක්කෝ විකුණා දැමිය යුතුය. නැතිනම් වසා දැමිය යුතුය. ඛනිජ තෙල් සංස්ථාව මේ වනවිට බිලියන 635ක් ණය බව වාර්තාවී තිබුණි. එම ආයතනයේ වාර්ෂික වාර්තා ඇත්තේද 2018 දක්වා පමණි. වසරකට බිලියන විස්සක් තිහක් පාඩු ලබන මේ ආයතන ආර්ථිකයට විශාල බරකි. මේ ලාබ ලබන තත්ත්වයට පත් කිරීමට බැරිකමක් නැත. දක්ෂ කළමනාකරණයකින් සේවකයන්ගෙන් වැඩගෙන කාර්යක්ෂම ආයතන බවට මේවා පත්කළ යුතුය.
එසේ නොකලොත් මේ ආයතන මුළු ආර්ථිකයටම මහා බරකි. ඒ වගේම රටේ පවත්නා දැවෙන ප්‍රශ්න හඳුනාගෙන ඒවාට රැඩිකල් විසඳුම් (දැඩි විසඳුම්) ලබාදිය යුතුය. එතැන දී නායකයා අවංක විය යුතුය. එසේ නොවන්නේ නම් මොනවා කළත් වැඩක් නැත.
මේ වසර අගවන විට රට බරපතළ ආර්ථික අර්බුදයකට ලක්වන බව පැහැදිලිය. එනිසා දැන්වත් අවදානම වටහාගත යුතුය. ඇමැති මාරු කරමින් තිබේ. මන්ත්‍රීවරු කතා කරන්නේ වල්පල්ය. පාර්ලිමේන්තුවේ දී මේ අය රටේ ප්‍රශ්න කතා කරන්නේ නැත. රටේ ආර්ථිකය, සමාජය වෙනස් කළ හැකි කාරණා ධනාත්මකව කතා කිරීමට පක්ෂ විපක්ෂ කිසිවකු යොමුවන බවක් දක්නට නැත. සහයෝගයෙන් වැඩ කරන පිරිසක් බිහි නොවුණොත් මේ රට තවත් සෝමාලියාවක් වනු නොඅනුමානය.
(***)
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආර්ථික වින්නැහියේ උරුමකරුවෝ
Ariyasena Wednesday, 14 July 2021 11:50 AM
"මෙරට හොඳ විශ්වවිද්‍යාල පද්ධතියක් තිබේ. ඒවාට විදෙස් සිසුන් ගෙන්වා අධ්‍යාපනය ලබාදී මුදල් ඉපැයීමට කටයුතු නොකරන්නේ මන්දැයි ප්‍රශ්නයකි. රුපියල් ලක්ෂ තිහ හතළිහක් වියදම් කර මෙරට සිසුහු විදෙස්ගත අධ්‍යාපනය ලබති. මේවා නවත්වා ගැනීමේ ක්‍රමවේද කෙරේ අවදානයක් කිසිවකුට නැත. අපේ ශක්‍යතා අනුව සැලසුම් සකසා ඒවා ජය ගැනීමට කටයුතු කළ යුතුය.
sunil kariyawasam Wednesday, 14 July 2021 01:17 PM
නිදහස ලබන විට භාණ්ඩාගාරයේ මුදල් ඉතිරියක් තිබුණද? දැන් කරවටක් ණය වී ඇත. අපේ අය කලේ සම්පත් කාබාසිනියා කරමින් බලය තහවුරු කිරීම සහ මඩිය තර කරගැනීම පමණි. වෘත්තිකයින්ද තමන්ට වාසි වන දේවලට සටන් කරති. පිටරට උපාධිලත් වෛද්‍යවරුන්ට ඊර්ෂ්‍යා කරති. ඔවුන්ගෙන් වැඩ ගැනීමට සාධනීය ක්‍රමයක් නැත. මෙරට විශ්ව විද්‍යාල වලද යම් මුදලක් ගෙවා උපාධි ලැබීමට හැකිවනසේද, පිටරැටියන්ට අධ්‍යාපනය ලබාදීමෙන් මුදල් ඉතිරි කිරීම සහ ආදායම ලබා ගත හැකිය. ආදායම නිවැරදිව ගණනය වන්නේ නැත. දියුණු විශ්ව විද්‍යාල මෙන් අදායම නිවැරදිව ගණනය කොට ඒ අනුව, විශ්වවිද්‍යාලයට තේරුණු ළමයින්ගෙන් කොටසක් හෝ අය කිරීම යන අදහස පල වුවහොත් දරුණු ලෙස විරෝධතා මතුවිය හැකිය. යථාර්ථය තේරුම් කොට නිවැරදි අර්ථ ක්‍රමයක් හඳුන්වා දීම ඉතා අවශ්‍යයි. ඒ සඳහා ජනතා විශ්වාසය ලබාගැනීමට අවංක පාලන තන්ත්‍රයක් කැපවීමෙන් වැඩ කළ යුතුයි. මෙතරම් අහේනියක් තිබියදීත් අපට මුදල් තිබෙනවා කියන ඇමතිලත් සිටින විට කුමන කතාද?