අවුරුදු දෙදහසකට අධික ඉතිහාසයක් කොළඹ වරාය සතුව ඇත. අරාබි, චීන සහ රෝම ජාතික නාවිකයෝ වෙළෙඳාම සඳහා මෙහි පැමිණියහ. පසුව ලන්දේසි, පෘතුගීසි හා ඉංග්‍රීසි ජාතිකයෝ වරාය කේන්ද්‍ර කරගෙන කටයුතු කර ඇති බව ඉතිහාසය දක්වයි. නිදහස ලැබීමෙන් පසු වරාය මෙහෙයුම් දියුණු තියුණු වී තිබේ.
විශේෂයෙන් විවෘත ආර්ථික ක්‍රමය සමග ජාත්‍යන්තරයට විවෘත වූ දොරටු කොළඹ වරාය හේතු කොටගෙන වඩාත් උපාය මාර්ගික වැදගත් තැනක් බවට පත්විය. කන්ටේනර් මෙහෙයවීම සඳහා කොළඹ වරායේ පහසුකම් ඇති කිරීමත්, එහි ස්වාභාවික ගැඹුර හේතු කොටගෙන භාණ්ඩ ප්‍රවාහනයේ නිරත විශාල නැව්වලට සේන්දුවීමට ඇති හැකියාවත් සැලකිය යුතු වාසියකි. මෙහි මෙහෙයුම්වලින් සියයට හැටක ප්‍රතිශතයක් ඉන්දියාව බව වාර්තා දක්වයි. ඉන්දීය වරායවලට ළඟාවිය නොහැකි ලොකු නැව් මෙහි බහා තබන කන්ටේනර් පසුව කුඩා නැව්වලින් නැවත නැව්ගත කෙරේ.
භාණ්ඩ ප්‍රවාහනය නොනවත්වා සිදුවේ. වසරකට කන්ටේනර් මිලියන 250 ක් පමණ ලොව පුරා එහා මෙහා ගමන් කරන අතර නැව් හය දහසක් පමණ එයට සම්බන්ධ වේ. අවුරුද්දක් පාසා මෙම ගණන සියයට දෙකකින් පමණ ඉහළ යන බව දැක්වේ. විසිදහස ඉක්මවන කන්ටේනර් ප්‍රවාහනය කරන දැවැන්ත නෞකා ඇත. මේවායේ පැටවීම් හා ගොඩබෑම් ඉක්මන් කරවීම වැදගත්ය. ලෝකයේ පවතින දර්ශක අනුව හොඳම වරායවල විනාඩියක් ඇතුළත ගොඩබෑමක් හෝ පැටැවීමක් සිදුවිය යුතුය. දින ගණන් ප්‍රමාදවන පසු මේවායේ අවුරුද්දකට හසුරුවන අමරිකානු ඩොලර් ට්‍රිලියන හත ඉක්මවන භාණ්ඩවල පිරිවැය තවත් වැඩිවේ. ඒවා ගෙවන්නෝ පාරිභෝගිකයෝය.
කොළඹ වරායේ අකාර්යක්ෂමතා ගැන තීන්දු
කොළඹ වරායේ කන්ටේනර් මෙහෙයුම් කෙසේ වෙතත් වරායෙන් පිට කරන හෝ අපනයනය සඳහා වරායට ඇතුළු කරන අවස්ථාවල විශාල ප්‍රමාදයක් සිදුවන බව ප්‍රකාශ කෙරිණ. වරාය ඇමැති විජිත හේරත් මහතා පසුගියදා වරාය පරිශ්‍රයේ නිරීක්ෂණයක නිරත වූ අතර එහි දී සෑම අංශයකින්ම පැමිණිලි ලැබුණි. වරාය රාජකාරි කටයුතුවල පවතින දුබලතා ගැන වරායෙන් භාණ්ඩ ගෙන යන්නට පැමිණි පිරිස හා නියෝජිතයෝ මහත් කනස්සල්ලෙන් කතා කළහ.
වරාය මෙහෙයුම් ඉතාම සංකීර්ණ කටයුත්තකි. කෙසේ වෙතත් පැය විසිහතර පුරා අඛණ්ඩ සේවයක් සැපයිය යුතුවේ. දැනට කොළඹ වරයේ පවතින ජය, යුනිටි හා නැගෙනහිර පර්යන්ත සම්පූර්ණයෙන්ම රජයට අයත්ය. සවුත් ඒෂියා හා චයිනා මර්චන්ට් යන පර්යන්ත පෞද්ගලික අංශයට අයත් අතර සවුත් ඒෂියා ගේට්වේ පර්යන්තය තවත් වසර පහකින් රජයට අයිතිවන ව්‍යවසායයකි. බටහිර පර්යන්තය අදානි සමූහ ව්‍යාපාරයේ කොටස් හිමිකාරීත්වය සමග ඉදිවෙමින් පවතී.
2022 වසරේ කන්ටේනර් ලක්ෂ22 ක සංඛ්‍යාවක් හසුරුවා තිබේ. වරායට ඇතුළු වන භාණ්ඩ ප්‍රවාහන නැවක් ආපසු පිටත්ව යන තෙක් රට විනිමය උත්පාදනය කරයි. එය හසුරුවන කාර්යක්ෂම ක්‍රමවේද අනුව ජාත්‍යන්තර ප්‍රසාදය හිමිවේ. රටින් රටකට ගමන් කරන භාණ්ඩ ප්‍රවාහන නෞකා කොළඹ වරායේ දී ප්‍රමාදයකට හසුවුවහොත් එහි අවසන් වරායේ අවසන් කන්ටේනරය නිදහස් කරන තෙක් වන්දි ගෙවන්නට සිදුවේ. කරුණු මෙසේ හෙයින් කාර්යක්ෂමතාව ඉතාම වැදගත්ය. ප්‍රමාදය වළක්වන පියවර අවශ්‍යය.
ගෙන්වන භාණ්ඩ හා අපනයන අංශ
ශ්‍රී ලංකාවට එන යන කන්ටේනර් සංඛ්‍යාව අවුරුද්දකට ලක්ෂ අටක් පමණ වේ. දිනකට කන්ටේනර් දෙදහසක් පමණ බව දළ වශයෙන් දැක්විය හැකිය. රටට ගෙන්වන ආහාර ද්‍රව්‍ය, ඇඟලුම් නිෂ්පාදනය සඳහා වන රෙදිපිළි ඇතුළු මෙවලම්, අපනයනය කරන තේ, රබර් හෝ පොල් යනාදිය ඇතුළු සෑම භාණ්ඩයකම වටිනාකමක් තිබේ. කාලය ගතවන විට තවත් පිරිවැයක් එකතුවේ. ඇඟලුම් නිපදවා ආපසු යවන දිනය ප්‍රමාද වුවහොත් ගැනුම්කරු සතුටට පත් නොවේ. මෙරටට ගෙන්වන ආහාර ද්‍රව්‍ය පවා පරීක්ෂා කිරීමේ දී හෝ වරායෙන් පිටත්කර යැවීමේ ප්‍රමාද හේතු කොටගෙන එකතුවන වියදම ඒවායේ විකිණුම් මිලට එකතුවේ. කන්ටේනර් නිෂ්කාෂණයේ දී සිදුවන අත යට ගනුදෙනු හෝ දූෂණ වැනි අවස්ථාවලදී ද එහි මිල ගෙවන්නේ පාරිභෝගිකයන් බව කිසිසේත් අමතක කළ යුතු නැත. ජාත්‍යන්තරව හෝ දේශීයව මෙහෙයවෙන භාණ්ඩ සඳහා ප්‍රමිතියක් සහිත වේගවත් ක්‍රමවේද හඳුන්වා දිය යුතුව ඇත.
පසුගිය කාලය තුළ වරාය වැඩවර්ජන සිදුවිය. වර්ජනයක දී වරාය අකර්මණ්‍ය වනවිට එහි පීඩනය ලෝකයේ සෑම රටකටම බලපෑමක් ඇති කරයි. දිගින් දිගටම සිදුවන අකාර්යක්ෂමතාව හෝ වර්ජන හේතු කොටගෙන කන්ටේනර් මෙහෙයුම් වෙනත් වරායවලට යැවෙන අවදානමක් ඇත. ඉන්දියාව ආර්ථික වර්ධනයක පසුවන අතර ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා කොළඹ වරාය වැදගත්ය. කොළඹ අකර්මණ්‍ය වුවහොත් විකල්පයක් වශයෙන් අන්දමන් දූපත් හි වරායක් නිර්මාණය කරන්නට සූදානම් වේ. ඉන්දියාවට අවශ්‍ය කාර්යක්ෂම සේවා මෙහිදී ලබාදිය හැකි වෙතොත් එය රටට ආර්ථික වාසියකි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ගොඩබිමින් සම්බන්ධ කෙරෙන මාර්ගයක් ඉදිකිරීම ගැන සාකච්ඡා කෙරේ. කිලෝමීටර් විසි තුනක පාලමක් ඉදිකළහොත් දනුෂ්කොටි සිට තලෙයිමන්නාරම සම්බන්ධ කළ හැකි අතර එමගින් දුම්රිය ගමනාගමනය ආරම්භ කළ හැකි වෙතැයි පර් යේෂකයෝ පෙන්වා දෙති. එය කොළඹ වරායේ කන්ටේනර් පැය ගණනකින් ඉන්දියාවට යැවිය හැකි වේගවත් ක්‍රමයක් වනු ඇත. ඇමරිකානු ඩොලර් බිලියන පහක් පමණ ගොඩබිම් මාර්ගයට ආයෝජනය කළ යුතු බව ගණන් බලා ඇත. කොළඹ වරාය නගරයට ආයෝජනය කළ මුදල මෙන් තුන් ගුණය ඉක්මවයි.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය ගැන තක්සේරු කරන පසු වරායේ කන්ටේනර් මෙහෙයවන නිලධාරීන්ගේ දුබලතා ගැන සෙවීම හා සමානව මෙම අවශ්‍යතා පුඵල් කරන ආකාරය ගැන අවධානය යොමු කළ හැකිය. ඉදිකිරීම්වලට සමබන්ධවන අතර, සැපයුම්කරුවන්, පුහුණු හා නුපුහුණු ශ්‍රමිකයන් යෙදෙවෙන පසු එහි වාසිය රටට ලැබේ. දුර්වල තැනක පසුවන ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා පදනමක් වනු ඇත.
ගොඩනැගිලි හා මාර්ග පමණක් ප්‍රමාණවත් නැත
ලෝකයේ වරාය සම්බන්ධ කෙරෙන මාර්ග හා කන්ටේනර් ගබඩා කළ හැකි අංගන පමණක් ප්‍රමාණවත් නැත. වරාය ස්මාට් විය යුතුය. තොරතුරු තාක්ෂණයෙන් බලගැන්විය යුතුව තිබේ. නැවක් වෙනත් වරායකින් පිටත්වන විට එහි ඇති ඇසුරුම් ගැන දත්ත ලැබෙන අතර නිෂ්කාෂණය කරන ආකාරය ගැන නැව වරායට සේන්දුවීමටත් කලින් නිගමනය වේ. අනෙක් අතට කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගැනේ. මිනිස් ශ්‍රමයෙන් මෙහෙයවන ලද දැවැන්ත දොඹකර හා කන්ටේනර් ගබඩා කරනතැන් දක්වා වරාය තුළ ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කර ඇත. මෙම පරිගණක පද්ධති මෙහෙයැවීම කාන්තාවන්ට පැවැරී තිබේ.
සිංගප්පූරුව 2018 දී වරාය කෘත්‍රිම බුද්ධියට හරවන ඉලක්ක සූදානම් කළේය. මලයාසියාව එරට වරාය පස්වැනි පරම්පරාවේ තොරතුරු තාක්ෂණය සමග කෘත්‍රිම බුද්ධියට පවරන්නට සූදානම් වෙයි. චීනයේ යැන්ගුෂාන් වරාය මෙම සංකල්පය සාර්ථක කළ තැනකි. එහි රියැදුරන් රහිත ට්‍රක්රථ පන්සියයක් දිනකට සේවයෙහි යොදවා ඇත. චියැන්ජින් වරායේ දිනකට දස දහසක් සේවකයන්ට කෘත්‍රිම බුද්ධිය යොදවා වරාය මෙහෙයවන්නට ඉඩ දී ඇති අතර එය කටයුතු වේගවත් කර තිබේ. ජාත්‍යන්තර අවස්ථා සලකා බලන පසු ස්මාට් වරාය, කෘත්‍රිම බුද්ධිය මෙහෙයවන කටයුතු හේතු කොටගෙන භාණ්ඩ ප්‍රවාහනය වේගවත් කර ඇත. මෙම අවස්ථා සලකා බැලීම ශ්‍රී ලංකාවට අලුත් ආර්ථික අවකාශයක් සම්පාදනය කරයි.
චීනයේ යැන්ගුෂාන්, ඔමානයේ සලාලාස් කොළොම්බියාවේ කාර්ටගේනා වැනි වරාය මෑත කාලය තුළ ඉහළටම පැමිණ ඇත. ආනයන හා අපනයන අංශවලට පහසුකම් සපයා දී තිබේ. ලෝකයේ හොඳම වරාය අතරට ඉන්දියාවේ වරාය නමයක් ද ඇතුලත් බව මතක තබා ගත යුතු කරුණකි’. අවස්ථා ඇති අතර ඒවා අහිමිකරගැනීම වෙනුවට වැඩි දියුණුවට ගත යුතු ක්‍රියාමර්ග ගැන පර්යේෂණ කළ යුතුව තිබේ.
පස්වැනි පරම්පරාවේ තාක්ෂණයට මඟ
තොරතුරු තාක්ෂණය කෙරෙහි ආණ්ඩුව වැඩි බරක් තබමින් කටයුතු කරන්නට සූදානම් බව පෙනේ. තාක්ෂණයේ වාසි ලබාගැනීම සඳහා විශාල ආයෝජනයක් කරන්නට සිදුවේ. රජයට කොටස් හිමි ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම එවැනි සූදානමක නැත. පෞද්ගලික අංශයේ දුරකතන සමාගම් කිහිපයක් මෙරට ආයෝජනය කර ඇති නමුත් ව්‍යාප්තිය සඳහා අඩු අවධානයක පසුවේ. ඇමතුම් හා දත්ත සඳහා ආණ්ඩුව අය කරන අධික බදු හේතු කොටගෙන පරිහරණය අවමය. පාරිභෝගිකයෝ අඩුම අයක්‍රමවලට නැඹුරු වී ඇත්තාහ. සන්නිවේදන ජාලා අඩු ප්‍රදේශ සඳහා සේවා ව්‍යාප්තිය දුෂ්කර බව පෙනේ. පසුගිය කාලයේ පනවන ලද බදු හේතු කොටගෙන දුරකතන කුලුනුවලට පවා ගෙවන්නට සිදුවී ඇත. එවැනි පසුබිමක් තුළ කෘත්‍රිම බුද්ධිය ව්‍යාප්ත කිරීම කෙසේ වෙතත් තොරතුරු තාක්ෂණයට නැඹුරුව පවා පහසු නැත.
විසඳුමක් වශයෙන් පියවරෙන් පියවර ගමන් කළ යුතුව ඇත. වරාය ඇතුළු තෝරාගත් කලාපවලට පස්වැනි පරම්පරාවේ සන්නිවේදනය ලබාදී ඒවා භාවිත කළ හැකි මෙවලම් ආනයනයට බදු ඉවත් කළ හැකිය. අනෙක් අතට බලශක්ති පිරිවැය අඩු කරන ආයෝජන දිරිගැන්විය යුතුවේ. වරාය පරිශ්‍ර ඛනිජ තෙල් හා විදුලිය අධිකව භාවිත කරන තැන්වන අතර ඒවායේ වෙනස්කම් ඇති කිරීම ආර්ථික වශයෙන් ලාභදායකය.
සමාජය ඉල්ලා සිටින පරිවර්තනය සියුම්ය. වැදගත් ස්ථාන ගැන පර්යේෂණ කළ යුතුවේ. ලෝකයේ අනෙක් රටවල් තරගකාරීව කටයුතු කරන ආකාරය සොයා බැලිය යුතු අතර එයට ඉදිරියෙන් සිටින්නට පියවර ගැනීම මෙම මොහොතේ දී වැදගත්ය.
කොළඹ වරාය ප්‍රගතිය අතින් හොඳම තැනක් වශයෙන් ගැනේ. ලෝකයේ වරාය අතර විසිතුන් වැනි තැන පසුවේ. එහෙත් මෙහි ඇතිකරන වෙනස්කම්වලින් තවත් වාසි ලබාගත හැකිය. ප්‍රති අපනයන මධ්‍යස්ථානයක් වශයෙන් දියුණු කිරීම උපාය විය යුතුය. ශ්‍රී ලංකාවට අපනයනය සඳහා අවස්ථා සීමිතය. ඇගලුම්, තේ, රබර් හෝ පොල් වැනි අපනයන උපරිම තැනට පැමිණ තිබේ. සේවා ආර්ථිකයක් වශයෙන් දියුණු කිරීම හැර විකල්පයක් නැත. රටට අවශ්‍ය විනිමය උපයා ගැනීමේ ක්‍රියාවලියේ දී වරාය මෙහෙයුම් තීරණාත්මක සාධකයකි. අවසානයේ දී වෙනස්ව හිතන, ඉක්මන් තීරණ ගත හැකි රාමුව තුළ පමණක් ප්‍රතිඵල ලැබේ. ශ්‍රී ලංකාව ගමන් කළ යුතු පැරැණි රාමුවෙන් පසුආකෘති වෙනසකට බව සඳහන් කළ යුතුය.
(*** සාරා කන්දෙගොඩ)
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් සිය මංගල විදේශ සංචාරය ඉන්දියාවේ කිරීම චාරිත්‍රයක් බවට පත්වී ඇත. එය මේ ශත වර්ෂය ආරම්භයේ සිටම (2000 සිටම) දක්නට ඇති තත්
රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීමත්, එම සංචාරයේදී දෙරට විසින් ගනු ල
ශ්රී ලංකාව 2022 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද විදේශ ණය නොගෙවා සිටීමේ තීරණය හේතුවෙන් රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා වූ තවත් පියවරක් ඉදිරියට
නව රජයක් බලයට පත් වී ඇත. නව ජනාධිපතිවරයකු සහ නව පාර්ලිමේන්තුවක්ද පත්කරගෙන තීන්ත වේළීමටත් පෙර එතෙක් දශක ගණනාවක පටන්ම පවතින දහසකුත් එකක් නිදන්ගත රෝග නව
සහල් අර්බුදය යනු ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් නොවන්නේය. මන්ද මෙම සහල් මිල ඉහළ යාම සහ සහල් හිඟය අද ඊයෙක පටන් සිදු වූවක් නොවන නිසාය. 1960 හර්තාලය ඇති වන්නේද හ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ආර්ථිකයට වරායෙන් උත්තර
ජනරළ Wednesday, 13 November 2024 12:12 PM
මෙන්න බලනවා නම් ලිපි. ඉතාම වැදගත් තොරතුරු රැසක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඇත්ත තමයි අපේ රටේ තාමත් වැඩක් කරන විදිය දන්නා අය අඩුයි. ඒ නිසානේ හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල ණයවෙලා හදලා ඔහේ බලන් ඉන්න වුනේ. මොරටු සරසවියෙ උගන්වනවා උපාධියක් transport and logistic mgt කියලා. නමුත් රටේ බලධාරීන් ඒ අයගේ දැනුම ගැන දන්නේ නැහැ. ඔය තැන්වලට අවශ්‍ය දැනුම රටේ උගත් තරුණ අරපුරට ලබා දී රටේ සංවර්ධනයට ඔවුන්ගේ සේවය ලබා ගත යුතුයි. තව දෙයක් තමයි මේ කලාපයේ ඉන්දියාවට කොළඹ වරාය වැනි වරායක් හදා ගන්න බැරි භූ ගොලිය සාධක නිසා බවට මතයක් තියෙනවා. ඔවුන්ගේ වරායවල් නිතරම වැලි වලින් පිරි යන නිසා. ඒ නිසා තමයි ඔය අදානිලා කාගෙන එන්න හදන්නේ කොළඹ වරයේම කොටසක් අල්ල ගන්න. වරාය තමයි අපිට අගනුවර තියෙන ලොකුම ඩොලර් උල්පත. පසුගිය කාලේ හිටපු දුෂිත දේශපාලකයනට උවමනා කලේ රටට යහපතක් කරන්න නෙමෙයි ඔවුනට ගසා කන්න විතරයි. ඒ නිසා ඔවුන් ගහපු තරමක් ගිවිසුම් ගැහුවේ රටටම අවාසිය වෙන විදියටයි. දැන් වත් අපි අලුතින් හිතලා කඩිනම් නිවැරදි වැඩ පිළිවෙලක් කලොත් රට පහසුවෙන් ගොඩ ගත හැකියි.