IMG-LOGO

2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා


ආර්ථිකයේ විප්ලවයකට බර අයවැයක්

2025 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කෙරුණු මෙම අවස්ථාවේ රටේ පවත්නා පොදු ආර්ථික තත්වයත් රාජ්‍ය මූල්‍ය තත්වයත් සම්බන්ධයෙන් ජනතාව තුළ යම් අවබෝධයක් තිබීම අවශ්‍ය වේ. අයවැයක් ඉදිරිපත් කළ පසු ඒ පිළිබඳ න්‍යායාත්මකව විවිධ දෑ ප්‍රකාශ කළ හැකි හෙයින් අප අයවැය දෙස නිරීක්ෂණාත්මකව බැලිය යුත්තේ රටේ මේ මොහොතේ පවත්නා තත්වයද සැලකිල්ලට ගෙනය.

ලංකාවේ සම්ප්‍රදායට අනුව අයවැයකින් ඉදිරි වර්ෂයක් සඳහා ඇස්තමේන්තුගත ආදායමත්, වියදමත් සැලකිල්ලට ගැනේ. එසේම මැදි කාලයේ ආර්ථිකයේ ඉදිරි ගමන් මග පිළිබඳ කිසියම් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හැටියටත් වාර්ෂික අයවැය පෙන්වා දිය හැකිය.

අප මෙහිදී තේරුම් ගත යුතු කරුණ වන්නේ මෙම අයවැය රටට ඉදිරිපත් කෙරෙන්නේ ආර්ථික අර්බුදයකට ගොදුරු වී තිබී ඉන් අසීරුවෙන් ගොඩයමින් සිටින කාලයකය. එම ආර්ථික අර්බුදයෙන් ඇතිවූ පීඩාකාරී පරිසරය තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නැත. එම අර්බුදය හමුවේ දිළිඳුකම, විරැකියාව, ආදියේ තවදුරටත් වර්ධනයක් දැකිය හැකිය. එසේම බිඳවැටී තිබුණු නිෂ්පාදන අංශ නැවත කිසියම් ප්‍රමාණයකට යළි යථා තත්වයට පත්වෙමින් තිබුණත් එහි සම්පූර්ණ වර්ධනයක් දැකිය නොහැකිය. එබැවින් අප මෙවර අයවැය විශ්ලේශනය කළ යුත්තේ මේ ආර්ථික පරිසරය තේරුම් ගනිමිනි. කොතරම් මූල්‍ය ශක්තියක් ආණ්ඩුවට පවතීද, ආර්ථික ස්ථායිතාව කෙබඳු ද යන කරුණු සැලකිල්ලට ගෙන මෙම අයවැය විග්‍රහ කරගත යුතුය.

එම කෝණයෙන් බැලූ විට මෙම අයවැයේ මූලික සාර්ව ආර්ථික දැක්ම නිවැරැදි එකක් බව කිව යුතුය. නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකරගැනීම සඳහා ආර්ථික වර්ධන වේගය සියයට 5කට වඩා ඉලක්ක කිරීමට මෙමගින් ආණ්ඩුව අපේක්ෂා කරන බව පෙනේ. නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම යන කාරණය කෙරෙහි මූලික අවධානයක් මේ සාර්ව ආර්ථික දැක්ම තුළ යොමු කර ඇති බව මේ අනුව පෙනේ. එසේම සියලු‍ම ජනතාව නිෂ්පාදන ක්‍රියාවලියට සහභාගී කරවා ගැනීමේ සංකල්පය පදනම් කරගෙන ප්‍රාදේශීය වශයෙන් වන ජන කණ්ඩායම් කෙරෙහිද පසුගාමී හා පීඩාවට පත් ජන කොටස් කෙරෙහිද මෙම අයවැයේදී අවධානයට යොමු වී ඇති බව පැහැදිලිය. ශ්‍රී ලංකාවේ සමාජ සාධාරණත්වය පිළිබඳව සමාජයේ බරපතළ ගැටලු‍වක් පවතී. දල දේශීය නිෂ්පාදිතයෙන් අතිවිශාල ප්‍රතිශතයක් ඉතාම සීමිත ජනකොටසකට ලැබෙද්දී, ජනගහනයෙන් අතිවිශාල පිරිසකට ඉතාම අඩු දල දේශීය නිෂ්පාදිතයක් බෙදී යයි. මේ නිසා සමාජ අසමානතාව, ආර්ථික සමාජ සාධාරණත්වය බිඳවැටීම බරපතළ වී තිබේ. එබඳු තත්වයක මේ සාර්ව ආර්ථික දැක්ම තුළ සමාජ සාධාරණත්වය ඇති කිරීම කෙරෙහිද යම් අවධානයක් ගෙන ඇති බව පැහැදිලිය. සාර්ව ආර්ථික දැක්මේ අවසාන කාරණය නම් ආණ්ඩුව සහ වෙළෙදපොළ ක්‍රියාවලිය සඳහා ආර්ථිකයේ දෙන වැදගත්කම කුමක්ද යන්නයි. ඒ කෙරෙහි වන අවධානයද මෙම අයවැය පුරාම සැලකිල්ලට ගෙන ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

වෙළෙඳපොළ ආර්ථිකයකදී ආණ්ඩු සාමාන්‍යයෙන් ක්‍රියා කරන්නේ නියාමනය සහ පහසුකම් සැපයීම සම්බන්ධයෙනි. පෞද්ගලික අංශයේ කටයුතු නියාමනය හා පහසුකම් සැපයීමට අමතරව නිෂ්පාදන ක්‍රියාවලිය සහ භාණ්ඩ හා සේවා බෙදාහැරීමේ ක්‍රියාවලියට දායක වෙමින් ආණ්ඩුවට කිසියම් ප්‍රතිලාභයක් අත්පත් කර ගැනීමේ උපායමාර්ගික සැලසුමක් ද මේ අයවැය තුළ දැකිය හැකිය. මේ අනුව කෙටිකාලයේදීත්, මැදි කාලයේදීත් අප බලාපොරොත්තුවන සාර්ව ආර්ථික දැක්මක් මෙවර අයවැය මගින් ඉදිරිපත් වී ඇති බව පිළිගත යුතුය. මේ දැක්ම තුළ අප අත්පත් කරගැනීමට අපේක්ෂා කරන මධ්‍යකාලීන සැලසුම් මොනවාදැයි සොයා බැලීම වැදගත් වේ.

දැනට යෝජනා වී ඇති පරිදි සියයට 5ක ට වැඩි ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කිරීමත්, සැපයුම් පාර්ශ්වයේ බලපෑමෙන් මිල මට්ටම් වර්ධනය කිරීමත්, වෙළෙඳ ශේෂයේ ධන තත්වයක් ඇති කර ගැනීමත් මෙම අයවැයෙන් අපේක්ෂා කරන බව පෙනේ. විනිමය අනුපාතය වෙළෙඳපොළ මගින් ස්ථායිකරණය කරගැනීම සඳහා ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ යහපත් තත්වයක් ඇතිකරගැනීම ද රජයේ අපේක්ෂාවයි. එයින් වක්‍රව විනිමය අනුපාතිකය වෙළෙඳපොළ මගින් තීරණය වනවාට වඩා අවශ්‍ය අවස්ථාවලදී විනිමය වෙළෙඳපොළට මහබැංකුවේ විදේශ විනිමය මිලදී ගැනීමේ විකිණීමේ ක්‍රියාවලියට කිසියම් බලපෑමක් සිදු කිරීමට හැකිවනු ඇත. ඒ අනුව සාර්ව ආර්ථික පසුබිම සහ අයවැයෙන් පසුකාලීනව අපේක්ෂා කරන ඉලක්ක මොනවාද යන්න හඳුනාගත හැකිය.

මෙහිදී අපගේ අවධානයට යොමුවිය යුතු වැදගත් කාරණය නම් දැනට ආර්ථිකයේ පවත්නා තත්වයත් මේ මොහොතේ රටට අත්‍යවශ්‍ය කාරණා කවරේ ද යන්නත් හඳුනාගෙන ආරම්භ කළ හැකි වැඩසටහනක සැලසුමක් පවත්නේද යන්නයි. ඒ අනුව සමස්ත ආර්ථික ක්‍රියාවලිය පණ ගැන්වීම සඳහා නියාමනය පහසුකම් සැපයීම සහ නිෂ්පාදන ක්‍රියාවලියේ කොටසක් අත්පත් කරගැනීම සඳහා පැහැදිලි මැදිහත්වීමේ වැඩපිළිවෙළක් සියලු‍ම ක්ෂේත්‍ර ඉලක්ක වන පරිදි ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමේ සූදානමක් පවතින බව පෙනෙන්නට ඇත.‍ රටේ ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය වන පදනම සැකසීම සඳහා යම් පැහැදිලි වැඩපිළිවෙළක් මේ තුළ පවත්නා බව පෙනේ. උදාහරණ ලෙස අපනයන පුළුල් කිරීම සඳහා වන යම් යම් ප්‍රවේශ, ආයෝජන ප්‍රවර්ධනයට අවශ්‍ය වන ආයතන ව්‍යුහයේ ප්‍රතිසංස්කරණ, ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම පදනම් කරගෙන ගුවන් නාවික සහ අනිකුත් ක්ෂේත්‍රවල භාවිත කිරීම සඳහා පහසුකම් ඇති කිරීම, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, පර්‌යේෂණ සහ සංවර්ධන ආදිය කෙරෙහි අවධානය යොමුවීම දැක්විය හැකිය.

නිෂ්පාදන ආර්ථිකය පුළුල් කිරීම සඳහා මේ වසරේ ගතහැකි ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය වන ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයක්ම ඉලක්ක වන පරිදි ප්‍රතිපත්ති හා නෛතික ප්‍රතිසංස්කරණ, නියාමන ප්‍රතිසංස්කරණ සහ ආයතනික ප්‍රතිසංස්කරණ ආණ්ඩුව හඳුනාගෙන තිබෙන බවත්, නිෂ්පාදන ආර්ථිකය නියාමනය කිරීමටත් පහසුකම් සැපයීමටත් අයවැය මගින් ප්‍රතිපාදන හැකි ආකාරයට වෙන්කර තිබෙන බවත් මේ අනුව පැහැදිලිය. මෙය ඉතා වැදගත් කාරණයකි. අප කාලයක් තිස්සේ අවධාරණය කළ කරුණක් නම් මේ රටේ පවත්නා ඇත්ත ප්‍රශ්න කෙටිකාලීනව සහ දිගුකාලීනව විසඳීමට සේවා සහ කර්මාන්ත පදනම් කර ගත් නිෂ්පාදන ක්‍රියාවලිය බරපතළ ලෙස පුළුල් වන විවිධාංගීකරණය වන නිෂ්පාදන ආර්ථික ප්‍රවර්ධන වැඩපිළිවෙළක් අවශ්‍ය වන බවයි. ඒ කෙරෙහි වන අවධානය මෙම අයවැය දෙස බලන විට පෙනෙන්නට තිබේ.

මේ රටේ ආර්ථික අර්බුදය අවස්ථාවේදීත් ඊට පෙරත් අප නිරන්තරයෙන් පෙන්වා දුන් කරුණක් වෙයි. මේ රට කඩාවැටීමටත් දියුණු නොවීමටත් ප්‍රධාන හේතුව රජය අතිශයින් නාස්තිකාර, දූෂණයෙන් පිරුණු, අකාර්යක්ෂම, අඩු ඵලදායීතාවකින් යුත්, සංවර්ධනයට හිතකර නොවන එකක් ලෙස පසුගිය කාලය පුරාම පැවතීමයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අයවැය කතාවෙන් ආණ්ඩුවේ නාස්තිය දූෂණය තුරන් කිරීම සඳහා ප්‍රමුඛ අවධානයක් යොමු වී තිබෙන බව දැකිය හැකිය. ආණ්ඩුවට ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලියේ දී එම ආදායම් නිසිපරිදි එකතු නොවී ආදායම් කාන්දුවීම වළක්වාගැනීම සඳහා ඩිජිටල්කරණය හා බදු පරිපාලනය පදනම් කරගත් යම් වැඩපිළිවෙළක් සැකසීමේ අවධානය යොමු වී තිබීම වැදගත් කාරණයකි.

මෙවර අයවැය යෝජනා බොහොමයකින් අවධාරණය වන තවත් කාරණයක් නම් රාජ්‍ය සේවයේ පුළුල් ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව හඳුනා ගෙන තිබීමය. මෙම ප්‍රතිසංස්කරණ කියූ සැණින් බොහෝ දෙනා සිතන්නේ රැකියා අහිමිවීම් වැනි කාරණා සම්බන්ධයෙනි. එහෙත් මෙතැනදී අවධානයට යොමුවන්නේ එවන් කාරණයක් නොවේ. සේවයේ යෙදී සිටින කිසිවකුට රැකියා අහිමි නොවන පරිදි අත්‍යවශ්‍ය සේවා පුරප්පාඩු සඳහා යම් සේවක පිරිසක් බඳවා ගනිමින් රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීමේ කිසියම් අරමුණු සහගත වැඩපිළිවෙළක් සඳහා යොමුවීම අවශ්‍ය වේ. ආණ්ඩුව අපේක්ෂා කරන්නේ ද එවන් තත්වයකි. එය අත්‍යවශ්‍ය කාරණයක් වන අතර, ඊට කිසිවකුට විරුද්ධ වීමට සාධාරණ කාරණයක් නොවේ. එයින් දැනට සිදුවන අනවශ්‍ය කරණා බොහොමයක් පාලනය කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. එයින් මහජනතාවට සාධාරණයක් ඉටුවනවා පමණක් නොව රාජ්‍ය කටයුතු වඩාත් ඵලදායී අන්දමින් ක්‍රියාත්මක වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වනු ඇත. රාජ්‍ය කටයුතු ප්‍රමුඛතාගත කර ඒ අනුව ක්‍රියාත්මක වීමෙන් වඩාත් හිතකර පරිසරයක් සකසාගත හැකිවේ.

අනෙක් වැදගත් කාරණය රාජ්‍ය ව්‍යවසායයන් සම්බන්ධයෙන් දක්වන සැලකිල්ලය. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් සම්බන්ධයෙන් අපි බොහෝ විට කතා කරමු. මෙම අලාභ ගෙවීමට ආණ්ඩුව වියදම් කරන මුදල සුවිශාලය. මේ ආයතන ඉදිරියේදී පාඩු නොවන අන්දමින් පවත්වාගෙන යාම කෙරෙහි අවධානය යොමු වීම වැදගත් ය. එසේ හඳුනාගත් පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ලම නව පරිපාලන ව්‍යුහයක් යටතේ පාලනය කිරීමට මෙම අයවැයෙන් යෝජනාවක් කර තිබේ. පෞද්ගලිකකරණයට හෝ විකිණීමට යොමු නොවී එබදු ප්‍රතිසංස්කරණයක් වෙත අවධානය යොමු කිරීම වැදගත් ය. එම ප්‍රතිසංස්කරණ රජ්‍ය සේවයේ ඉහළ මට්ටමේ පමණක් නොව පහළ මට්ටමේ සිටම ක්‍රියාත්මක විය යුතුය. එසේම ඊට අභ්‍යන්තර අධීක්ෂණයක් අවශ්‍ය ය. රාජ්‍ය සේවයේ ඵලදායීතාව ඉහළ නැංවීමටද එය හේතුවක් වනු ඇත.

එසේම අධ්‍යපනය, සෞඛ්‍ය සේවා, පීඩාවට පත් කණ්ඩායම් ආදි ක්ෂේත්‍ර ඉලක්ක කරගෙන විවිධ ආකාරයට මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබීම දැකිය හැකිය. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් වෙන් කිරීම විශේෂත්වයකි. එම නිසාම එම ක්ෂේත්‍ර දෙකෙහිම සැලකිය යුතු වර්ධනයක් ඉදිරියේදී ඇතිවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ආණ්ඩුව යෝජනා කරන මේ වැඩ සෑම එකක්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි මුදල් වෙන් කර තිබීම වැදගත් කාරණයකි. එම මුදල් වෙන් කිරීමේ දී එක් එක් ආයතනවලට වියදම් කිරීමේ සීමා සැලසුම් කෙරෙහිද මේ අනුව අවධානය යොමු කළ හැකිය. එසේ නොවුණහොත් සිදුවන්නේ මෙම යෝජනා ව්‍යාපෘති ක්‍රියාත්මක කරගෙන යාමේ දී අතරමග නවතා දැමීමට සිදුවීමය.

සමස්තයක් ලෙස බලන විට මේ වසරේ අයවැය යෝජනාවලින් අවධානය යොමු කළ යුතු සියලු‍ අංශ කෙරෙහි අවධානය ලබා දී ඇති බව කිව යුතුය. පීඩාවට පත් සියලු‍ අංශ කෙරෙහි අවධානයක් යොමු කිරීමත් අනෙක් පැත්තෙන් නිෂ්පාදන ආර්ථිකයක් සඳහා විභව අංශ සියල්ල සම්බන්ධයෙන් ආණ්ඩුවට කළ හැකි කාර්ය භාරය හඳුනාගැනීමත් මේ අයවැයේ කැපී පෙනේ. බොහෝ දෙනා කතා කළ හා අපේක්ෂා කළ ආර්ථික ක්‍රමයේ වෙනස සඳහා අවශ්‍ය වන ආයතනික, නෛතික ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ මෙම අයවැයේ ඇතුළත් වන බව පෙන්වා දිය හැකිය.

(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)



අදහස් (1)

ආර්ථිකයේ විප්ලවයකට බර අයවැයක්

AB Friday, 21 February 2025 08:20 AM

ඇමෙරිකානු ජනාධිපති ගනිමින් සහ වෙනස් කරමින් තිබෙන්වූ ආර්ථික සහ විදෙස් ප්‍රතිපත්තීන් නිසා ලෝකයේ ඇති බහුතරයක් රටවලට ආර්ථික සජ දේශපාලන පසුබෑම්වලට ලක්වනු ඇත. ලංකවේ වරතමන ආණ්ඩුව සහ ජනධිපතිවරයා මේ පිළිබදව කිසිදු සුදානමක් නොමැත. ගෝලීය දේශපාලන සහ ආර්ථික වෙනස්කම් පිළිබදව නිහඩ ප්‍රතිපත්තියක් වර්තමාන රජය අනුගමනය කරමින් සිටි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

දැක්මක් නැති ආණ්ඩුවේ අයවැය
2025 පෙබරවාරි මස 21 473 5

ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප


ඩිජිටල් තාක්ෂණයට ඇබ්බැහිවීම නතර කරන්න රජරටින් අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 20 425 1

ඩිජිටල් තාක්‍ෂණය අද වන විට අප සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. සමහරකුට එය තම ජීවිතයේ ම අංගයක් වී අවසානය. අද වන විට ලෝක ජනගහනය ආසන්න


ලෙයට ලෙය ඉල්ලන පාතාලය
2025 පෙබරවාරි මස 20 357 0

සමහරු අතුරුදන් ය. සමහරු හිරගෙදර සිය ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටිති. සාමාන්‍යයෙන් පාතාල නායකයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ ඔවුන්ට තිබෙන ජීවිත අවදානම


ආර්ථිකයේ විප්ලවයකට බර අයවැයක්
2025 පෙබරවාරි මස 20 113 1

2025 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කෙරුණු මෙම අවස්ථාවේ රටේ පවත්නා පොදු ආර්ථික තත්වයත් රාජ්‍ය මූල්‍ය තත්වයත් සම්බන්ධයෙන් ජනතාව තුළ යම් අවබෝධයක් තිබීම අවශ්‍


අයි.එම්.එෆ්. මග යන අයවැයක්
2025 පෙබරවාරි මස 19 723 1

ජාතික ජන බලවේග රජයේ ප්‍රථම අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සහිත නව ආර්ථික පුනරුදයක සමාරම්භය


අයවැය විමසුම් ඇසකින්
2025 පෙබරවාරි මස 18 737 1

ජාතික ජන බලවේග ආණ්ඩුවේ මංගල අයවැය පාර්ලිමේන්තුවේදී ඊයේ ඉදිරිපත් කරනු ලැබීය. ඒ 2025 වර්ෂය වෙනුවෙනි. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය ලේඛනය නිරීක්ෂණය කිරීම


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 94 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 383 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 166 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site