කොවිඩ් 19 වසංගතයෙන් පසු කලාපයේ බොහෝ රටවල් වසංගතයට පෙර පැවති ආර්ථික වර්ධන වේගයට මේ වන විට ළඟා වී ඇත. එම වසංගතයේ බලපෑම හා අදූරදර්ශී කළමනාකරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දරුණු කඩා වැටීමකට ලක් විය.
එම බිඳවැටීම සැලකිය හැක්කේ වැටුණු එකකට වඩා වට්ටවන ලද ආර්ථික කඩාවැටීමක් වශයෙනි. එම පසුබෑම නතර වූයේ ලංකාව බංකොලොත් රටක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙනි. 2002 දී මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ අගයක් වාර්තා කළේය. 2023 දී ද ආර්ථිකය සියයට 2.3 කින් හැකිළිණි. ආර්ථිකය තවමත් සෘණ අගයක් ගන්නා අතර සෘණ තත්වය යම් අගයකින් පහළ යෑම පමණක් සැනසිල්ලට හේතුවක්ව පවතී. ඊට අමතරව 2022 මුල් කාලයේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පැවති පෝලිම් ආදිය නැති වී සාර්ව ආර්ථික ස්ථායීතාවක් මතුපිටින් දැකිය හැකිය. මේ තත්වය ගැඹුරින් විශ්ලේෂණය කිරීමේ දී පැහැදිලි වෙන්නේ ආර්ථිකය වසර හත අටකින් ආපස්සට ගොස් ඇති බවය. 2014 දී ආර්ථිකයේ මුළු වටිනාකම දැක්වුණේ රුපියල් බිලියන 11,100 ක් ලෙසය. 2023 අවසන් වෙද්දීත් ආර්ථිකයේ වටිනාකම රුපියල් බිලියන 11,657 ක් අගයක් ගත්තේය.
එහෙත් අප මෙහිදී අමතක නොකළ යුතු කාරණය නම් ආසියානු කලාපයේ රටවල් රාශියක් ශ්‍රී ලංකාව පසුකරමින් ඉදිරියට ගමන් කර ඇති බවය.
ආර්ථිකය ධාවන තරගයකට සමාන කළ හොත් තරගයේ යෙදී සිටියදී ශ්‍රී ලංකාව එක් තැනකදී ඇද වැටුණ ද ඉන්දියාව, චීනය, වියට්නාමය, දකුණු කොරියාව වැනි රටවල් වේගයෙන් ධාවනයේ යෙදෙමින් සිටියි.
ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවූ නිසා වසර 2022 දී පමණක් ඩොලර් මිලියන 3,489 ක ණය වාරික සහ සේවා ගාස්තු අපි නොගෙ වූයෙමු. 2023 දී එම අගය සටහන් වූයේ ඩොලර් මිලියන 5,860 ක් වශයෙනි. 2024 වසරේ දී අප ගෙවිය යුතු ණය වාරික හා සේවා ගාස්තුවල මුළු වටිනාකම ඩොලර් මිලියන 4,916 කි. 2025 වසර සඳහා එම වියදම ඩොලර් මිලියන 6,287 ක් වෙනු ඇත. මෙපරිදි නොගෙවා සිටින ණය කළමනාකරණය කරන්නේ කෙසේද? යන්න ගැන නිශ්චිත අදහසක් ඇති බවක් නොපෙනේ. යම් යම් අදහස් ප්‍රකාශ වුව ද ලිඛිත ලියැවිල්ලක් මේ දක්වා ප්‍රසිද්ධ කර නොමැත. 2027 දී පමණක් අප ගෙවි යුතු ණය වාරික හා සේවා ගාස්තුවල මුළු වටිනාකම ඩොලර් බිලියන 28 කි.
කවුරුන් කැමැති වුවත් අකැමැති වුවත් ශ්‍රී ලංකාව මේ වෙනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගැටගසා අවසන්ය. එයින් මිදීමට නම්, රාජ්‍යතාන්ත්‍රිකව සාකච්ඡා කළ යුතුය. ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් ගත් ණය සම්බන්ධයෙන් ද කළ හැක්කේ සාකච්ඡා කිරීම පමණි. ද්වීපාර්ශ්වික ණය හිමියන් සමග ඇති කර ගත් අවබෝධතා ගිවිසුම පිළිබඳ නිශ්චිත ලේඛනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත. එවැන්නක් ප්‍රකාශයට පත් කර තිබුණේ නම් අදාළ එකඟතාව සාධරණ එකක් ද? නැද්ද? යන්න සහ එහි වෙනස්කම් කළ යුතුව තිබුණේ ද යන්න ගැන මතයක් පළ කිරීමට පිළිවන. එබැවින් එම ගිවිසුම් සම්බන්ධයෙන් වැඩියමක් පැවසිය නොහැකිය. දේශීය ණය ප්‍රශස්තකරණය යටතේ දේශීය ණය විශාල ප්‍රමාණයක් කපා හැරිණි. එම සන්දර්භයේ ද්වීපාර්ශ්වික ණය හා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණයවලට අදාළව ද ණය කප්පාදුවක් ලබා ගත යුතුය. ග්‍රීසිය ඇතුළු ණය අර්බුදවලට මුහුණ දුන් ලෝකයේ අනෙකුත් රටවල් ද ණය කප්පාදු කර ගත් හෙයින් ශ්‍රී ලංකාවත් ඒ අරබයා සාකච්ඡා කළ යුතුය.
ලංකාව ලබා ගත් විදේශ ණය ඵලදායී තැන්වල අයෝජනය කළේ ද යන ප්‍රශ්නය අදටත් වලංගුය. එමෙන්ම ඇතැම් ණයවලට වූයේ කුමක්දැයි අපි නොදනිමු. ණයවලට අදාළ වංචා දූෂණ සිදු වූ බව ද නිතර ප්‍රකාශ වේ.
ශ්‍රී ලංකාව ගත් විදේශ ණය සම්බන්ධයෙන් විනිවිදභාවයක් නොමැති බව ලෝක බැංකුව පවා ප්‍රකාශ කර ඇත. එම ණයවලට සමාන වත්කම් ප්‍රමාණයක් රටේ නොමැති බවට විගණන වාර්තාවලින් ද තොරතුරු හෙළි කර තිබේ.
ණය ගෙවීමේ හැකියාවක් තවම අපට නැත. ණය ගැනීම වරදක් නොවේ. ජපානය පවා විශාල වශයෙන් ණය ගත් රටකි. එම ණය සාර්ථකව ආයෝජනය කළ හෙයින් එරටට ණය බරක් වූයේ නැත. එහෙත් ලංකාවේ අත්දැකීම වෙනස්ය.
අපට දහ හත් වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට සිදු වූයේ එයින් ගත් ණය නිවැරදි ලෙස ආයෝජනය කර ප්‍රතිලාභ ගැනීමට නොහැකි වූ නිසාය.
ඉදිරියේදී බලයට පත් වන පාලකයන්ට මේ සියලු දේවල් ගැන මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට සිදු වේ.
ආර්ථිකය කඩා වැට්ටවීම නිසා 2019 සිට මේ දක්වා දුප්පතුන්ගේ සංඛ්‍යාව මිලියන හතරකින් පමණ ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. එම අගය ප්‍රතිශතාත්මකව සියයට 31 කි. 2019 දී දරිද්‍රතාව පැවතියේ සියයට 14 ක මට්ටමේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් වැඩසටහන මගින් ද දුප්පතුන් වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බව නිර්දේශ කර ඇත. එමෙන්ම මේ වෙනවිට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විශාල සංඛ්‍යාවක් බිඳ වැටී ඇත. ඒ ගැනත් අවධානය යොමු කළ යුතුය.
ඉදිරියේදී බලයට පත් වන ජනාධිපතිවරයා කවුරුන් වුවත් ණය ගෙවීම හා විදේශ විනිමය ඉපැයීම් ගැන දැඩිව සැලකිල්ල යොමු කිරීමට සිදු වේ. ශ්‍රී ලංකාව නිදහස ලබා ගත් අවධියේ ආසියාවේ සමෘද්ධිමත් රටවල් කිහිපය අතරින් එකක් බව අප අමතක නොකළ යුතුය. එමෙන්ම ශක්තිමත් ආනයන අපනයන ආර්ථිකයකට හිමිකම් කීවේය. එහෙත් අපට ඒ තත්වය අඛණ්ඩව පවත්වා ගෙන යෑමට නොහැකි විය.
ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් බිඳ වැටෙද්දී අපට වඩා පසුපසින් සිටි දකුණු කොරියාව, වියට්නාමය වැනි රටවල් අපනයන විවිධාංගීකරණය කරමින් නව නිෂ්පාදන හඳුන්වා දෙමින් ආර්ථික වශයෙන් ජවසම්පන්න මාවතක ගමන් ගනිමින් සිටියි.
තවදුරටත් සාම්ප්‍රදායික ලෙස ලැබෙන විදේශ ප්‍රේෂණවලින් හෝ තවත් ණය ලබා ගනිමින් හෝ ආර්ථිකය හැසිරවිය නොහැකිය. විදේශ සංචිත අඩු වන සෑම විටම අපි විදේශ මූලාශ්‍රවලින් ණය ගත්තෙමු. මේ මාර්ගයේම තවදුරටත් ගමන් කළ නොහැකිය. ඒ වෙනුවට ගෝලීය සැපයුම් ජාලයට ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම එකතු විය යුතුය.
ශ්‍රී ලංකා ආර්ථිකයේ උද්ගතව ඇති ප්‍රධාන ප්‍රශ්න දෙකක් හඳුනාගත හැකිය. එනම්, තාක්ෂණික ඌනතාව හා ප්‍රාග්ධන හිඟකමයි. අපි මේ ප්‍රශ්නවලට කඩිනමින් ආමන්ත්‍රණය කළ යුතු වෙමු. ඒ වෙනුවෙන් සුදුසු වැඩ පිළිවෙළක් සහිත නායකත්වයක් ගොඩනගා ගත යුතුය. නිදසුනක් ලෙස අපට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් නොමැති නම්, විදේශ සෘජු ආයෝජන ලබා ගැනීමට කටයුතු කළ හැකිය. ශ්‍රී ලංකාවට වැඩිම සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ලැබුණේ 2017 දීය. වටිනාකම ඩොලර් මිලියන 961.4 කි. එහෙත් 2023 දී රටට ලැබී ඇත්තේ ඩොලර් මිලියන 250.9 ක් වටිනා සෘජු විදේශ ආයෝජන පමණි. එසේ වුවත් ඉන්දියාවට 2021 දී ඩොලර් බිලියන 81 ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ලැබී ඇත. වියට්නාමයට ඩොලර් බිලියන 19.5 ක විදේශ ආයෝජන 2022 දී හිමි වී තිබේ. අප ඉන්නේ කොතැනද?
අවශ්‍ය තාක්ෂණය හා ප්‍රාග්ධනය නොමැති නම් ඒවා ඇති පාර්ශ්වයක් සමග ඉදිරියට යා යුතුය. නිදසුනක් ලෙස අවශ්‍ය තාක්ෂණය හා ප්‍රාග්ධනය නැති අවස්ථාවක ඉන්දියාවේ මරුති ආයතනය කළේ ජපානයේ සුසුකි ආයතනය සමග සම්බන්ධ වී ව්‍යාපාර කිරීමය. සෘජු විදේශ ආයෝජන රටකට ඉබේ ලැබෙන්නේ නැත. විදේශ ආයෝජකයෝ අපේ ප්‍රතිපත්ති, දේශපාලන නායකත්වයේ දූරදර්ශීභාවය, රජයේ ආර්ථික වැඩ පිළිවෙළ, බදු ප්‍රතිපත්තිය යන මේ සියලු දේවල් ගැන සැලකිලිමත් වෙති. එබැවින් මේ අංශ දියුණු කර ගැනීමට අපි කටයුතු කළ යුතු වෙමු. තෝරා ගත් අයට ආයෝජන අවස්ථා ලැබෙන ක්‍රමයක් වෙනුවට සියලු දෙනාට සමාන අවස්ථා ලැබෙන ව්‍යුහයක් ගොඩනැගිය යුතුය. එය රජයේ වගකීමකි. සාර්ව ආර්ථික ප්‍රතිපත්ති උපයෝගී කරගෙන ආයෝජන හිතකාමී පරිසරයක් ගොඩනැගුව හොත් විදේශ ආයෝජන ගෙන්වා ගැනීම තවදුරටත් අභියෝගයක් නොවේ.
එමෙන්ම ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී අපේ විදේශ සේවය ඵලදායීව යොදා ගත හැකිය. එහෙත් අද වෙනවිට ශ්‍රී ලංකාවේ විදේශ සේවය ඥාති සංග්‍රහයක් බවට පත්ව ඇත.
මෙම ප්‍රශ්නවලට ආමන්ත්‍රණය නොකර කොතරම් හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළ ද අපේක්ෂිත අරමුණු ළඟා කර ගත නොහැකිය.
මේවාට අමතරව වංචා දූෂණ යනු ආමන්ත්‍රණය කළ යුතු තවත් අත්‍යවශ්‍ය ප්‍රශ්නයකි. රටින් බැහැරට ගෙන ගිය මුදල් යළි ලංකාවට ගෙන්වා ගැනීමේ ක්‍රමයක් ගැන ද කල්පනා කළ යුතුය. සොරා කන ලද මුදල් විදේශ රටවලට ගෙන ගිය බවට විදේශීය වාර්තා මගින් ද කරුණු අනාවරණය කර තිබිණි. ඒවට සම්බන්ධ දේශපාලනඥයන් හා නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ද සිදු වනු ඇත. එසේම බදු දැල ශක්තිමත් කිරීම අරබයා අවැසි යාන්ත්‍රණය සකස් කර ගැනීම ද අවශ්‍යතාවකි. මේ සියලු දෙයින් පැහැදිලි වෙන්නේ අප හමුවේ ඇති අභියෝගය සරල එකක් නොවෙන බවය. ඒ සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් අවශ්‍යය. වියට්නාමය ඩොලර් බිලියන ගණනින් විදේශ ආයෝජන ලබා ගන්නා විට මූලෝපායික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවට තවමත් ඒසා දියුණුවක් අත් කර ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි ද යන්න ගැන අපි ගැඹුරින් කල්පනා කළ යුතු වෙමු. නිවැරදි ප්‍රතිකර්ම ලබා දීමෙන් පසු රට නිෂ්පාදන ආර්ථිකයකට යොමු කළ යුතුය.
(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව ජාතික ජන බලවේග රජය දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සුදානම් වන බව ලංකාදීප පුවත්පතේ
නුවරඑළිය තැපැල් කාර්යාලය තරම් කතාබහට ලක් වූ වෙනත් තැපැල් කාර්යාලයක් මෑත භාගයේ මෙරට නොතිබිණි. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික
රජයේ පාසල්වල ගුරුවරුන් විසින් තමන් උගන්වනු ලබන සිසුන් සඳහා මුදල් අයකර උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශ
නූතන සිංහල කවියේ මාවත සුනිසි කොට එය සුවිසල් මාවතක් සේ තනා පොදු රසික හදවත් යුග යුග ගණනක් ප්‍රකම්පනය කළ යුගයේ මහා කවියා ඔහුය. 1929 අප්‍රේල් 07 වැනිදා උපත ලද මහ
ජාතික ජන බලවේගය රජය රට වෙනුවෙන් සකස් කොට ඇති අභිලාෂකාමී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ධුරය හොබවන විෂ
මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනම බිහිකිරීමට මුල්වූ මහාචාර්ය අබය ආර්යසිංහ මහතා අභාවප්‍රාප්ත වී අදට (14) වසර 14ක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ආර්ථිකයේ හරිපාර නොතේරීම
විජිත Wednesday, 07 August 2024 09:24 PM
රටක් නෙවෙයි කුඩාම ගමක් වුණත් හරි නායකත්වයක් නැත්නම් විනාශ මුඛයට තමයි ගමන් කරන්නේ. මහජනයා පීඩාවට පත් කරන අණ පනත් මිස වෙනත් සාධනීය කාර්‍ය්යක් පාලකයාගෙන් වසර 75ක් තුළ නොවීමේ ශාපයට ජාතියම මුහුණ දී ඇත.