අන්තර්ජාල භාවිත කරමින් අසැබි ඡායාරූප හා වීඩියෝ දසුන් නැරඹීමෙන් ශ්‍රී ලංකාව තුන්වැනි වරටත් ප‍්‍රථම ස්ථානයට පත්ව ඇතැයි පසුගිය සතිවල මහත් ආන්දෝලනාත්මක පුවතක් ජන මාධ්‍ය මගින් ප‍්‍රචාරය විය.
මේ සඳහා සමාජ විද්‍යාත්මකව ද විවිධ මතයන් ඉදිරිපත් වී ඇත. මෙය යුරෝපීය රටවල් ආසියාතිකයේ රටවල් වන අප හෙළා දැකීමට ගත් උත්සාහයක්ද යන ප‍්‍රශ්නය පැන නැගී තිබේ.
මේ සම්බන්ධව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප‍්‍රණීත් අබේසුන්දර මහතා සමග කළ සාකච්ඡාවකි මේ.
ලෝකයේ සමහර මුලාශ‍්‍ර පෙන්වනවා ලංකාවෙ ජනතාව අංක එකටම මත්පැන් පාවිච්චි කරන බවත්, විදෙස් රටවලින් කුඩු මෙරටට ගෙන්වන බවත්, අසභ්‍ය දර්ශන නරඹන බවත්. මෙය ඉතා බරපතළ තත්ත්වයක්.
මානවයාගෙන් පැවැතගෙන එන අද වන විට දියුණු පිරිසක් බවට පත්වෙමින් සිටින සමාජ විද්‍යාව ඉගෙන ගන්න පිරිසක් ලෙසට ජනතාව ප‍්‍රශ්න කර සිටිනවා කෙසේද මෙවැනි දේවල් ප‍්‍රකාශ කරන්නේ සහ කිනම් පරීක්ෂණයක් මතද සහ කිනම් නියදි සිද්ධාන්ත පදනමක් මතද යන්න.
උදාහරණයක් ලෙස බැලූවහොත් ”මහ බැංකු වාර්තාව” ඉදිරිපත් කළ පමණින් ජනතාව පිළිගන්නේ නැත. එසේ පිළිගන්නේ නම් ජනතාව ශ්‍රී ලාංකිකයන් ලෙස දොස් සහිත වේ. ලාංකීය ජනතාව ලෙස එය විමසුම් නුවණින් පිළිගත යුතුයි. නිගමනයට එළඹිය යුත්තේ පදනමක් ඇතිවද යන්න පිළිගත යුතුයි.
සමාජ විද්‍යාත්මක විෂයයක් අධ්‍යයනය කරන දියුණු සමාජයක් ලෙස මානව සත්වයාට කුණුහරුප, අසභ්‍ය දේවල්, විශේෂ දේවල් නොවේ. මනුෂ්‍යයන් ලෙස ජීවත්වීමේදී ආහාර පාන ලිංගිකත්වය යාන වාහන, ගෙවල් දොරවල් මිනිස් අත්‍යවශ්‍යතාවයන් වන අතර මේවායින් ප‍්‍රබලවම ජීව විද්‍යාඥයින්, මානව විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ආහාර පාන, ප‍්‍රජනනය යන බල කේන්ද්‍ර දෙක නොමැති නම් ජීවි පැවැත්මක්ද නොමැත යන්නයි.
ශ්‍රී ලංකාව පෙරදිග ආසියාතික රටක් ලෙස හැඳින්විය හැකි අතර ඉන්දියාව පාමුල තිබෙන දුපතක් ලෙස ද කිව හැකිය. අන් රටවල් ජලය, ගහකොළ සතා සිව්පාවා ආදී ශිෂ්ටාචාරයක් සංස්කෘතියක් ලෙස ගොඩ නඟා ගැනීමට උත්සාහ දරන අතර ඒ දුපත් අතරින් ශ්‍රී ලංකාවේ ඇති විශේෂත්වය වන්නේ සියවස් ගණනාවක් පරියාලෝක දෘෂ්ටියක් මත පව්, පිං ගොඩ නගාගෙන කර්ම ඵලය හොඳ නරක, සභ්‍ය අසභ්‍ය සදාචාරය දුරාචාරය, සුචරිත දුශ්චරිත යන සංකල්ප මත ජීවත් වීමයි.
අසභ්‍ය දර්ශන නැරඹීම සහ අසභ්‍ය කතා අපේ සංස්කෘතියෙන් බෞද්ධයෝ ප‍්‍රතික්ෂේප කරති. කෙසේ ද යත් අප ජීවත් වන්නේ විශ්ව ලෝකයේ තාක්‍ෂණයෙන් අභිබවා ගිය ජනමාධ්‍ය ලෝක තලයකය. 1977 අපි විවෘත වුවත් අද සමාජය දෙස බැලීමේදී මහජනයා විවෘත ද යන්න ප‍්‍රශ්නයකි. ඞී.එච්. ලෝරන්්ස් නම් ලේඛකයා ‘‘ලේඩි චැටර්ලි’’ නම් කෘතිය ප‍්‍රකාශයට පත් කළ ද ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඞී.එච්. ලෝරන්ස්ට විශාල ආන්දෝලනාත්මක අර්බුදයකට මුහුණදීමට සිදුවූවාක් සේම එවකට පැවති වික්ටෝරියානු යුගයේ දී මෙම කෘතිය අසභ්‍ය කෘතියක් ලෙස එරට අධිකරණය නඩුවක් පවා විභාග කෙරිණ. එවකට එම නඩුව ප‍්‍රසිද්ධ ප‍්‍රවෘත්තියක් බවටද පත් විය.
කෙසේ නමුත් අධිකරණයේදී විනිශ්චයකාරතුමා විසින් මෙම කෘතිය අසභ්‍ය කොතැනද කියා අසන ලද ප‍්‍රශ්නයට අවසාන විනිශ්චය වූයේ සභ්‍ය අසභ්‍ය යන වචන දෙක ඉරක් ඇඳ වෙන් කළ නොහැකිය යන්නයි.
අද වන විට ලිංගිකත්වය වාණිජ වෙළඳාමක් බවට පත්වී ඇති අතර වාණිජ වෙළෙඳාම මුල්කර ගනිමින් එහි අරමුණක් ලෙස වෙළඳ දැන්වීම්, මියුසික් වීඩියෝ ෆේස් බුක් විවිධ වෙබ් අඩවි ආදියෙන් නිරුවත වෙළෙඳාමක් බවට පත් වී ඇත.
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ බෝසතාණන් වහන්සේගේ ජීවිත කතා ඇසුරින් යම් අවස්ථාවන් මත ගොඩ නැගී ඇති මිනිස් ජීවිත මේ සංස්කෘතියෙන් වෙනස් වන ස්ථාන කිහිපයකි. ‘‘කව් සිළුමිණ, සීගිරි ගලේ ලියූ ඇතැම් කවි’’ ශෘංගාරත්වය මත නිර්මාණය වී තිබීම සංස්කෘතීන් වෙනස් වීමට යම් හේතුවකි.
මේ අතර ඉන්දීය හින්දු සංකල්පයට ලියවුණු ‘කාම සූත‍්‍රයට’ අනුව මාර්ටින් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර ඇත්තේ එම කෘතිය ‘‘වල් අසභ්‍ය’’ කෘතියක් නොව සමාජ විද්‍යාත්මකව ජීවිතය දෙස බලන කෘතියක් යනුවෙනි. ඉන්දියාව අතිශය ශෘංගාර රසයකින් යුක්ත රටක් ලෙසට දැක්විය හැකිය.
නමුත් ආසියාතික රටවල, යුරෝපයේ රටවල හෝ වේවා අන් රටවල් සමග සැසදු කළ අපේ ලංකාව ථෙරවාදී බුදු දහම ප‍්‍රබල ලෙස වැළඳගත් රටකි. ධර්ම විනය අතින් මහායානයට වඩා සීලය අතිශය රකින ජනතාවක් ඇති රටක් ලෙස දක්නට හැකියි. අපි සංවෘත සමාජයක් අප ලෝකයට විවෘත වන්නේ ඉතාමත් මෑත කාලයේදී. එකල චිත‍්‍රපටයක ශෘංගාර රසය තිබුණත් එය සීමාවෙන් මෙපිට පැවතිණි. ඉන්දීය චිත‍්‍රපට තුළද වෛජයන්තිමාලා, ශර්මිලා, රාපේශ් ඛන්නා. රාජ් කපූර්ලා රඟපාන චිත‍්‍රපට තුළ ශෘංගාර රසය තිබුණත් එය සීමාවෙන් මෙපිට පැවතිණි. බොලිවුඞ් සහ හොලිවුඞ් චිත‍්‍රපට සඳහා සෙක්ස් යොදා ගැනීමට ප‍්‍රබල හේතුවක් වී ඇත්තේ වාණිජ ව්‍යාපාරයන්ය. මේ නිසා නූතන සමාජය අවබෝධ කර ගනිමින් ජීවත් විය යුතුය. මනුෂ්‍ය සත්වයා තිරිසන් සත්වයාගෙන් වෙනස් වන්නේ මනුෂ්‍ය සත්වයාට සංස්කෘතියක්, සදාචාරයක් තිබෙන නිසාවෙනි. බටහිර රටවල මිනිසුන්ට නිරුවත එතරම් අමුතු දෙයක් නොවේ. අඩ නිරුවතින් අව්ව තැපීමේ අසංවර ජීවන රටාව ආසියාතිකයන් වන අපට විශාල වෙනසකි. ඒ වෙනස අද වාණිජ දේපල බවට පත්වී තිබේ. බුදුන් වහන්සේ ඡුායාරූපයන්ට විදේශීය කාන්තාවන්ගේ නිර්වස්ත‍්‍ර අසභ්‍ය ඡුායාරූප එක්කොට නිර්මාණය කිරීමෙන් ථෙරවාදී බුදු දහමටත් විශාල කැළලක් කර ඇති මුත්, එපමණක් නොව කි‍්‍ර.ව: 3 වැනි සියවසේ සිට මහා විහාරය, ජේතවනාරාමය ආශි‍්‍රතව ගොඩනැගුණු ධර්ම විනය පිරි රටවල් (බුරුමය, මියන්මාරය, කාම්බෝජය) සදාචාරාත්මක බැමි වලින් ගත් කල මෙය ඉතා ඛේදනීය තත්ත්වයක් බවට පත්ව ඇත.
වීතරාගී උත්තමයකුගේ පරිහානියට සරාගී දේවල් ඇතුළත් කරමින් ආසියාතික රටක් වන ශ්‍රී ලංකාව හෙළා දැකීමට යුරෝපය ගන්නා උත්සාහය කිනම් පදනමක් මත ප‍්‍රකාශ කරන්නේද යන්න ප‍්‍රශ්න නැගිය යුත්තකි. ශ්‍රී ලංකාව අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් ඇති රටකි. යුරෝපීය රටවල් වලට මහාලොකු ඉතිහාසයක් නොමැත. ලංකාවේ ජාති භේද, වර්ණ භේද සිංහල දමිළ ගැටුම් ඇති කළේද යුරෝපයයි. දැන් ලෝකයට අවශ්‍ය වී තිබෙන්නේ අපේ රට නිරුවත් කර අපට වරදින තැන් ආන්දෝලනාත්මක ලෙස ලෝකයට කියා පෑමට, රට අගාධයට ඇද දැමීමට හා පරිහාණියට පත් කිරීමටය නමුත් පෙරදිග ඥාන දර්ශනය පහතට හෙළිය නොහැක.
ශ්‍රී ලංකාව දුර්ජනයන් ජීවත් වන රටක් නොවේ. අන් රටවල් පෑගීමෙන් කි‍්‍රයා කරන රටකුත් නොවේ. ශ්‍රී ලංකාවේ මිනිසුන් මත්පැන් පානය කරන බව සැලයි. නමුත් රුසියාවෙ මිනිසුන් ඊටත් වඩා වැඩියෙන් මත්පැන් පානයේ යෙදෙනවා. ඒ වගේම අපේ රටේ අසභ්‍ය දේවල් නැරඹූ බවට අපහාසයට ලක් කරන රටවල් තමයි අසභ්‍ය දේවල් නිර්මාණය කර ෆේස් බුක් ඉන්ටනෙට්, ගූගල් විවිධ වෙබ් අඩවි හරහා බෙදා හරිමින් කරනු ලබන දුශීලාචාර ක‍්‍රියාවන්හි නිරත වනු ලබන්නේ. සෙක්ස් නැරඹීමේ අවශ්‍යතාවය අපේ රටේත් සමහරුන්ට පවතින දෙයක්. එයට හේතුව වන්නේ කුතුහලය ලංකාවෙ සමාජ ප‍්‍රශ්න වැඩියි. බොහෝ දියුණු රටවල ලිංගිකත්වය පිළිබඳ ඉගැන්වීම් කුඩා කල සිටම ආරක්ෂා කෙරුණු දකුණු ආසියාතික රටක් වන අප සංස්කෘතිය හා සදාචාරය මත ජීවත් වන ජාතියක් ලෙස ‘‘ලිංගිකත්වය’’ කතුහලය දනවන විෂයයක් ලෙසට හඳුනා ගත්හ.
අප අපගේ සංස්කෘතිය පරමයි නිර්මලයි යනුවෙන් හඳුන්වන්නේ නැත. නමුත් ආසියාතික මිනිසුන් විකෘති කරමින්, අපේ ශිෂ්ටාචාරය, සංස්කෘතිය විනාශ කිරීමට ඉඩ දිය නොහැක. ශ්‍රී ලංකාව ඇතුළුව ආසියාතික රටවල් සමීක්‍ෂණ වාර්තා වලින් තොරව අපහාසාත්මකව අගාධයට ඇද දැමීමට උත්සාහ ගන්නා යුරෝපීය රටවල් සෙක්ස් අසභ්‍ය දර්ශන ‘අ’ යන්නේ සිටම ආසියාතික රටවල් වලට විෂ පොවා පදනමකින් තොරව කරන චෝදනා සමීක්‍ෂණ වාර්තා ඇසුරින් ඉදිරිපත් කරනතෙක් බලා සිටින්නෙමු.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආසියාවේ මිනිසුන් සෙක්ස් බලනවා කීම යුරෝපයෙන් එන ප‍්‍රහාරයක් ද?
ලාල් Monday, 06 January 2014 04:40 PM
බඩගින්නේ ඉන්න මිනිහා නේ දන්නේ බඩගින්න තරම. ඇමෙරිකාව වගේ රටවල මිනිස්සුන්ට ඕන තරම් එක එක කෑම කන්න තියෙන හින්දා, බඩගින්න එච්චර දැනේනේ නැහැ. බඩගින්න දැනුනත් රස කෑම තියෙනවා. එක එක වයසවලදී අපිට එක එක අවශතා දැනෙනවා. ඒක මිනිස් වර්ගයාට පොදු දෙයක්.(නදී)
අනූ Friday, 10 January 2014 10:15 AM
අපේ වගේ ආසියාතික රටවල ඉංග්‍රීසි භාෂාව පාවිච්චි වන්නේ දෙවන භාෂාවක් ලෙසට. සෙක්ස් කියන වචනය මේ දේවල් සෙවීම සඳහා භාවිතා කරන්නා වූ බොහොම ප්‍රාථමික වචනයක්. අප පළමු තැනට පත්වන්නේ ගූග්ල් සර්ච් සඳහා මෙම වදන යොදාගත්තවුන් අතරින්. ඒ තුළින් හැඟෙන්නේ අප රටෙහි එතරම් පළල් මට්ටමක ඉංග්‍රීසි දැනුමක් නොමැති බව නොවේද? එමෙන්ම් ඉංග්‍රීසි බස තම මවුබස ලෙස යොදා ගන්නවුන් වෙනත් වදන් යොදා ඔවුනට අදාළ දේ සොයන්නට ඇති. තවද, ඔවුනට අමුතුවෙන් සර්ච් කළයුතු වන්නේද නැත. ඇවැසි වෙබ් අඩවි මතකයේ තිබේ, බුක්මාර්ක් ඇත. ගූගල් ජනප්‍රිය සර්ච් එන්ජින් එකක් ලෙස බටහිර රටවල භාවිත වන්නේද යන කරුණද මෙහිදී සැලකිල්ලට ගතයුතුය. ඔවුහු වෙනත් සර්ච් එන්ජින් භාවිතා කරති. ඊ මනි, ස්පෝකන් ඉන්ග්ලිශ්, වෙබ් හොස්ටින්ග් ආදිය සෙවීමෙන්ද අප ලොව ප්‍රමුකත්වයට පත්ව තිබේ. සෙක්ස් සෙවුම පිළිබඳව මහා ලොකුවට කතාකරනා අප ඒ පිළිබඳව අබැටක් තරමවත් කතා නොකරන්නේ මන්ද?(නදී)
සැමුවෙල් Tuesday, 07 January 2014 09:02 AM
දැන් ඇමෙරිකාව ඇතුළු ලොකු රටවල් වල බය තියෙන්නේ ආසියාවට. මොකද හොඳම මානව සම්පත් නිෂ්පාදනය අතින් අපි ඉන්නේ ඔය හැම මහද්වීපයකට වඩා ඉදිරියෙන්. ඒ නිසා තමයි අපිට විවිද අපවාද, චෝදනා මවමින් ඒ අතරම අපේ හොඳම මොළ කාරයින්ව බිලි බා ගන්නවා. මේකත් ඒ සැලස්මේම කොටසක් තමයි. (නදී)
සුනිල් පෙරේරා Thursday, 09 January 2014 05:34 PM
බටහිර අසභ්‍ය විකුර්ති කාමයෙන් අපේ දුදරුවන් විනාස විම නවත්වන්ට නොහැකි ..(අ)
එස් කේ Sunday, 05 January 2014 10:55 PM
මෝඩ සුද්දන්ගේ වාර්තා පිලි ගන්නේ සුද්දන්ට කඩේ යන කළු සුද්දන් විතරයි (දී).
කමල් Sunday, 05 January 2014 11:14 PM
සමහරවිට ඒකෙත් ඇත්තක් තියෙන්න පුලුවන්.බටහිරෙන් සමීක්ෂණ කරන්නේ නරඹන ප්‍රමාණය සොයන්න විතරයි.නමුත් මේවා අන්තර්ජාලයට වැඩියෙන්ම මුදාහරින රටවල් ගැන හොයන් නෑ (දී)
දිනේෂ් Wednesday, 08 January 2014 09:49 PM
හැබැයි අපේ රටේ වෙන කාම අපරාද වල හැටියට එහෙම වෙන්නත් පුළුවන් හරි අසහනයෙන් අපේ අය ඉන්නේ.(නදී)
ජීවන්ත Monday, 06 January 2014 09:06 PM
යුරෝපය ආසියාවට එල්ල කරන්න පුළුවන් හැම විදිහකින්ම චෝදනා එල්ල කරනවා (දී)
ජානක පුෂ්පකුමාර Monday, 06 January 2014 09:06 PM
ඔබතුමාගේ මතය මම 100% පිලි ගන්නවා. මේ තියෙන්නේ පැහැදිලිවම කුමන්ත්‍රණයක් (දී)
අනුශා Monday, 06 January 2014 09:06 PM
පරිගණකය නිවැරදිව භාවිතා කරන්න දන්නේ නැති නිසයි මේ ඔක්කොම (දී)
උපාලි Monday, 06 January 2014 02:46 PM
මෙම පුවත ගූගල් වලින් ප්‍රකාශ කර යයි ඇසූ මුල් දවසෙම මටත් මෙහෙම අදහසක්ම තමා තිබුණේ. කරන්න පුළුවන් හැම කුණුහරපයක් ම කරන බටහිර රටවල් අපේ සංස්කෘතිය අපහාසයට ලක් කිරීමට මෙය ගොතන්ට ඇති. (ස)
ග්‍රේෂන් Sunday, 05 January 2014 01:34 PM
ඉතා වටිනා ලිපියක්. (ත)