IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ඇත්තට තඩිබෑම

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඇමෙරිකාවේ නියෝජ්‍ය සහකාර ලේකම්වරුන් වන (වමේ සිට) ජේම්ස් ආර්. මුවර්, ජේන් සිමර්මන් සහ වික‍්‍රම් සිං

 

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරු තිදෙනෙක් මේ දිනවල ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටිති. ඒ අතරම ශ‍්‍රී ලංකාවේ මාධ්‍යවලට ඇමෙරිකානු පාර්ශව ප‍්‍රකාශ කර තිබුණේ මීළඟ මානව හිමිකම් කවුන්සිල රැස්වීමේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඇමෙරිකානු එක්සත් ජනපදය සූදානම් වන බවයි. ඇමෙරිකාව ඇතුළු සමහර බටහිර රටවලට ඇඟිිලි ගැසීමට ශ‍්‍රී ලංකාව හැරුණුකොට වෙනත් රටක් නැතැයි සිතෙන තරමට එම රටවල් ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට දිගින් දිගටම ඇඟිලි ගැසීම් කරති. ලේකම්වරුන් තිදෙනාගේ ශ‍්‍රී ලංකා සංචාරයේ අරමුණ වී ඇත්තේ ද ඒ ආකාරයට රට කෙරෙහි බලපෑම් ඇතිකරන්නටය යන්න නොරහසකි.

ඇමෙරිකානු නියෝජිත පිරිසගේ ශ‍්‍රී ලංකා සංචාරය සිදුවන අතරතුරම පසුගිය අඟහරුවාදා (29) පුවත්පත් වාර්තාකර තිබුණේ මේ වසරේ මාර්තු මස පවත්වන මීළඟ මානව හිමිකම් කවුන්සිල රැස්වීම වර්ජනය කිරීමට ඊශ‍්‍රායලය විසින් තීරණය  කර ඇති බවයි. ඊශ‍්‍රායලය අල්ලාගෙන සිටින බටහිර ඉවුර ප‍්‍රදේශයේ මානව හිමිකම් පිළිබඳව විමර්ශනය කිරීමට එම කවුන්සිලය තීරණය කිරීම නිසා මේ ආකාරයේ පියවරක් ගැනීමට සිදුවූ බවද ඊශ‍්‍රායෙල්  රජයේ ප‍්‍රකාශකයකු සඳහන් කර තිබුණි.

ඊශ‍්‍රායලය ඇමෙරිකාවේ කිට්ටුම හිතවතෙකි. ඊශ‍්‍රායලය විසින් පලස්තීනය සම්බන්ධව අනුගමනය කරනු ලබන ක‍්‍රියා පිළිවෙත පිළිබඳව ලොව බොහෝ රටවල් කැමැත්තක් දක්වන්නේ නැත. එක්සත් ජාතීන්ගේ  සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවලදී ඒ සම්බන්ධයෙන් ඊශ‍්‍රායලයට එරෙහිව විවිධ යෝජනා සම්මත වී ඇත. එවැනි අවස්ථාවලදී ඊශ‍්‍රායලයට සහාය දක්වන ප‍්‍රධාන රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

පසුගිය වසරේදී පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්  සාමාජික රටක් ලෙස බඳවා ගැනීමට ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිවූ රටවල් නවයට ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලය අයත් විය. රටවල් 131 ක් යෝජනාවට පක්ෂව ඡන්දය දෙද්දී ඇමෙරිකාව එයට විරුද්ධ වූයේ මුළු ලෝකයම එරෙහිව සිටියත් ඇමෙරිකාව ඊශ‍්‍රායලය සමග සිටින නිසාය.

 ඇමෙරිකා එක්සත් ජනපදය ඊශ‍්‍රායලයේ මානව හිමිකම්  සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ කුමන පිළිවෙතක්ද යන්න අපට වැදගත් වන්නේ එමගින් එරටේ අභිලාෂයට සහ ගමන්මඟ පිළිබඳ අපට තේරුම් ගැනීමට ඉඩ ලැබෙන නිසාය. ඊශ‍්‍රායලය පලස්තීන භූමිය අල්ලාගෙන සිටීමට විරුද්ධව 2012 මාර්තු 22 වැනිදා මානව හිමිකම් කවුන්සිලයේ දී ගෙන ආ යෝජනාවට පක්ෂව ඡන්ද 44 ක්ද විපක්ෂව එක් ඡුන්දයක්ද ලැබුණි. එදිනම එහිදී පලස්තීනයට ස්වයං පාලනයට ඇති අයිතිය පිළිගනිමින් යෝජනාවක් ඉදිරිපත් වූ අතර පක්ෂව ඡන්ද 46 ක් හා විපක්ෂව එක් ඡන්දයක් ද ලැබුණි.  අල්ලාගත් ප‍්‍රදේශවල ඊශ‍්‍රායලයට කරනු ලබන ජනාවාස පිහිටුවීමේ ක‍්‍රියාවලියට එරෙහිව යෝජනාවට පක්‍ෂව ඡුන්ද 36 ක් සහ විපක්‍ෂව එක් ඡුන්දයක් ලැබුණි. ගාසා තීරයට තොරතුරු සෙවීමට එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක් යැවිය යුතුයැයි යන යෝජනාව පක්‍ෂව ඡුන්ද 29 ක් සහ විපක්‍ෂව එක් ඡුන්දයකින් සම්මත විය. අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකරයේ මානව හිමිකම් පිළිබදව යෝජනාවක් පක්‍ෂව ඡුන්ද 33 ක් ද විපක්‍ෂව එක් ඡුන්දයක් ද ලැබී සම්මත විය. 
ශී‍්‍ර ලංකාවට විරුද්ධව යෝජනාවක් සම්මත කරගත් එම සමුළුවේදී ඊශ‍්‍රායලය සම්බන්ධ යෝජනා පහම අති විශාල ඡුන්ද සංඛ්‍යාවකින් සම්මත කරද්දී එක් විපක්ෂ ඡන්දයක් ලැබී ඇති බව පැහැදිලිවේ. මෙම යෝජනා පහටම විරුද්ධ ඡන්ද දුන් රට කුමක්ද? යෝජනා පහටම විරුද්ධ ඡුන්දය දුන් එකම  රට වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

පසුගිය මාර්තු ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඇමෙරිකා එක්සත් ජනපදය ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ආවේය. එයට අනෙක් රටවල සහාය ලබා ගැනීමෙන් එම යෝජනාව සම්මත කරගැනීමට කටයුතු කළේය. එහෙත් ඊශ‍්‍රායලයට  එරෙහිවූ යෝජනා පහටම ඇමෙරිකාව විරුද්ධව ඡුන්දය දුන්නේය. ඇමෙරිකාවට ලොව මානව හිමිකම් ආරක්‍ෂා කිරීමට අවශ්‍ය නම් ඊශ‍්‍රායලයට විරුද්ධව ඉදිරිපත් වූ යෝජනා පහටම විරුද්ධව ඡන්දය දුන් එකම රට බවට පත්වන්නේ කෙසේද?

ශ‍්‍රී ලංකාවට එරෙහිව නැඟෙන ජාත්‍යන්තර බලවේගවල අවශ්‍යතා හඳුනාගැනීමට මෙම  නිදසුන් ප‍්‍රමාණවත් වේ යැයි සිතමි. විපක්ෂයේ සමහර පක්ෂ ප‍්‍රකාශ කරන්නේ මෙම රජය ජාත්‍යන්තර බලවේගවලට   ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇඟිලි ගැසීම් ඇති කිරීමට අවශ්‍ය වාතාවරණයක් සකසා දෙන බවයි. බටහිර රටවලට ගැතිකම් කිරීමට රජය ඉදිරිපත් නොවන තාක් ශ‍්‍රී ලංකාවේ කවර යහපත් තත්ත්වයක් පැවැතියද මේ ඇඟිලි ගැසීම් නතර වනු ඇතැයි සිතිය නොහැකිය. 

ඊශ‍්‍රායලය පසුගිය මාර්තු මස පැවැති ජිනීවා මානව හිමිකම් රැස්වීම වර්ජනය කළ අතර ඉන්පසුව එහි කටයුතුවලට සහභාගීවූයේ නැත. මෙවර රැස්වීමද වර්ජනය කරන බව දැනටමත් ප‍්‍රකාශ කර ඇත. එහෙත් එම රටට විරුද්ධව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යෝජනා ගෙන එන බවක් හෝ ශ‍්‍රී ලංකාවට එවූ ආකාරයේ නියෝජිත පිරිසක් එරටට යවන බවක් පිළිබඳව වාර්තා නොවේ. මේ වනවිට ඊශ‍්‍රායලය මානව හිමිකම් සමුළුවේ සියලූ කටයුතු වර්ජනය කර ඇති අතර එරට රජයේ නියෝජිතයකු ප‍්‍රකාශ කර තිබුණේ අඩුම තරමින් මානව හිමිකම් කවුන්සලයේ දුරකතන පණිවිඩයකට පිළිතුරු දීමටවත් ඊශ‍්‍රායල් රජය ඉදිරිපත් නොවන බවයි. 

එහෙත් ශ‍්‍රී ලංකාව පසුගිය කාලය තුළදී මානව හිමිකම් කවුන්සලයේ නිර්දේශවලට යහපත් අයුරින් ප‍්‍රතිචාර දැක්වීම සඳහා කටයුතු කළේය. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහනක් ඉදිරිපත් කළ අතර පසුගිය අයවැය ලේඛනය මඟින් ඒ සඳහා ද අරමුදල් වෙන් කරනු ලැබීය. එම නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා විවිධ ආයතනවලට විවිධ වගකීම් පැවරීමට කටයුතු කර ඇති අතර ප‍්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වූ වැඩපිළිවෙළක්ද සකස් කර තිබේ.

යුද්ධය අවසන් කිරීමෙන් පසුව උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල සංවර්ධනය සඳහා රජය දියත්කර ඇති වැඩපිළිවෙළ ඇමෙරිකානු නියෝජිත පිරිසේ ප‍්‍රසාදයට හේතුවී ඇති බව පුවත්පත් විසින් වාර්තා කර තිබුණි. සාමය ගොඩනැඟීමෙන් පසු ගතවූ මේ කෙටි කාලය තුළදී යුද්ධයෙන් හානියට පත්වූ ප‍්‍රදේශ සංවර්ධනය කිරීම සඳහාත් එම ප‍්‍රදේශවල ජන ජීවිතය යථා තත්ත්වයට ගෙන ඒම සඳහාත් රජය වේගවත් වැඩසටහන් රැසක් දියත් කර ඇත. අද වනවිට එම පළාත් මේ රටේ වේගයෙන්ම සංවර්ධනය වන පළාත් බවට පත්ව තිබේ. යුද්ධයකට මුහුණ දුන් කිසිම රටක් මෑත කාලයේදී එවැනි දියුණුවක් අත්කර ගෙන නැත.

වාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදීම මගින් යළිත් එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොලැබෙන අයුරින් කටයුතු කිරීම රජයේ මෙන්ම විපක්‍ෂයේද වගකීම වන්නේය. එහෙත් ඒ සඳහා ක්‍ෂණික විසඳුම් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැත. ද්‍රවිඩ සන්ධානය බලාපොරොත්තු වන්නේ ජාත්‍යන්තර බලපෑම් මගින් එම ප‍්‍රශ්නයට විසඳුම් ලබාගැනීමටය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් විසඳුම් ඉදිරිපත් කිරීමට රජය ගෙන ඇති තීරණයට එම පක්‍ෂය එකඟතාව දක්වන නමුත් දිගින් දිගටම ඒ සඳහා නියෝජිතයන් පත් කිරීමෙන් වැළකී සිටී. රට තුළ සියලූ ජන කොටස්වල එකඟතාවෙන් තොරව මෙම ගැටලූවට විසඳුම් සෙවීම අපහසු බවත් කල්පවත්නා විසඳුමක් සඳහා සියලූ පාර්ශවවල එකඟතාව අත්‍යවශ්‍ය කොන්දේසියක් බවත් පිළිගැනීමෙන් තොරව මෙම ප‍්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැකිය. 

ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික ප‍්‍රශ්නයට ඉක්මන් දේශපාලන විසඳුමක් ගෙන එන ලෙස බලපෑම් කරන විදේශ මෙන්ම ඒ සඳහා බලපෑම් කරන සහ ඒ මත බලාපොරොත්තු තබන දේශපාලන පක්‍ෂද තේරුම් ගත යුත්තේ විදේශ මැදිහත්වීම් මත ගෙන එන විසඳුම් මේ දක්වාම අසාර්ථක වී ඇති  බවයි.

බොහෝ කලක සිට ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය පිළිබඳව යම් ආකාරයකින් මැදිහත්ව සිටි ඉන්දියාවේ බලපෑම් මත 13 වැනි සංශෝධනය ගෙන ඒමටත් පළාත් සභා ක‍්‍රමය බිහි කිරීමටත් හැකිවිය. එහෙත් ඒ තුළින් ස්ථිර විසඳුමක් ලැබුණේ නැත. අර්බුදය පෙර පැවති තත්ත්වයටත් වඩා දරුණු විය. විනාශ වූ ජීවිත සංඛ්‍යාව අති විශාල විය.

විදේශ මැදිහත්වීම මත මෙම ප‍්‍රශ්නය විසඳීම සඳහා ගනු ලැබූ ඊළඟ ප‍්‍රයත්නය වූයේ නෝර්වේ රටේ අධීක්‍ෂණය යටතේ අත්සන් කරනු ලැබූ සටන් විරාම ගිවිසුමයි.  විදේශ සටන් විරාම නිරීක්‍ෂණ කණ්ඩායම් මගින් රටේ සාමය ආරක්‍ෂා කිරීමට බලාපොරොත්තු විය.  එහෙත් ප‍්‍රතිඵලයක් අත්වූයේ නැත. සාමයක් ඇති නොවූ අතර අහිමිවන ජීවිත ප‍්‍රමාණයේ අඩුවක්ද සිදුවූයේ නැත.

සාමයට මඟපෑදීම අරමුණු කරගෙන ඇතිකරගත්  ඉන්දු - ලංකා ගිවිසුම මෙන්ම සටන් විරාම ගිවිසුම මඟින්ද පැහැදිලි වූයේ මේ රටේ ජනතාව මත බලෙන් පටවනු ලබන කිසිම විසඳුමකින් ප‍්‍රයෝජනයක් අත් නොවන බවයි. ආනයනය කරනු ලබන විසඳුම්වල ජීවිත කාලය කෙටි බව එමගින් පැහැදිලි වේ. විදේශ බලපෑම් මඟින් විසඳුම් ලබාගත හැකි යැයි සිතන ද්‍රවිඩ සන්ධානය ඇතුළු කණ්ඩායම්ද තම බලපෑම් මත මෙම ප‍්‍රශ්නය ඉක්මනින් විසඳිය හැකියැයි සිතන විදේශ රටවල්ද අවබෝධ කරගත යුතු මූලික සත්‍යය එයයි.
දශක ගණනාවක් තිස්සේ බලපවත්නා ප‍්‍රශ්නයකට ක්‍ෂණික විසඳුමක් ලබාදිය නොහැකිය. දැන් රට තුළ මින් පෙර කිසිදු කාලයක නොතිබුණු ආකාරයේ සාමයක් ගොඩනැඟී තිබේ. දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැඟී තිබේ. ආර්ථික සංවර්ධනයේ ප‍්‍රතිලාභ සෑම ප‍්‍රදේශයකටම, සෑම ජන කොටසකටම භුක්ති විඳීමට අවස්ථාව සැලසී තිබේ. ජනවර්ග අතර විෂමතාවක් පවතින්නේ නම් ඒවා විසඳා ගැනීමේ අරමුණෙන් සාකච්ඡාවට එළඹීම සඳහා ඉතා හොඳ කාලයක් උදාවී තිබේ.

මනාප ඡන්ද ක‍්‍රමය එය හඳුන්වා දුන් දා සිටම රටේ දේශපාලන ක‍්‍රමය තුළ පිළිලයක් බවට පත්විය. එම ක‍්‍රමය අහෝසි කළ යුතුයැයි මේ රටේ සියලූම දේශපාලන පක්‍ෂ ප‍්‍රසිිද්ධියේ ප‍්‍රකාශ කළ නමුත් දශක ගණනාවක් යන තුරුත් ඒ සඳහා කිසිදු පියවරක් ගැනීමට නොහැකි විය.  එයට හේතුව බලයට පත් දේශපාලන පක්‍ෂ එක් මතයක් දරද්දී අනෙක් පක්‍ෂ වෙනත් මතයක් දැරීම හෙවත් එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වීමයි. එහෙත් මනාප ක‍්‍රමය අහෝසි කිරීම සඳහා දැන් මුල පිරීමක් කර තිබේ.  ඒ පළාත් පාලන ආයතන ඡන්ද ක‍්‍රමය සම්බන්ධයෙන් පසුගිය දා ගෙන එනු ලැබූ සංශෝධන යයි. එය පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් තුළ දිගු කලක් තිස්සේ ඇතිවූ බුද්ධිමය සංවාදයක ප‍්‍රතිඵලයකි. රටේ බරපතළ ගැටලූවකට විසඳුම් ලැබුණේ සියලූ පාර්ශව අතර ඇතිකර ගන්නා ලද සම්මුතියක් මගිනි.

ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික ප‍්‍රශ්නයට විසඳුම් ලබාදීම පිළිබදව උනන්දුවක් දක්වන රටවල සහ ජාත්‍යන්තර ආයතන ඔවුන්ගේ එම අභිලාෂය සැබවින්ම ඉටුකරගැනීමට අපේක්‍ෂා කරන්නේ නම් කළ යුතුව ඇත්තේ  ශ‍්‍රී ලංකාවේ සියලූම දේශපාලන පක්‍ෂවලට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගී වී එකඟතාවක් ඇතිකර ගන්නා ලෙස උනන්දු කරවීමය. එසේ නැතිව රටට ද්‍රෝහිවීම සඳහා විවිධ කණ්ඩායම් අතර පෙළඹවීම් ඇතිකර එමගින් විපක්‍ෂ කණ්ඩායම් විසඳුමකට පැමිණීමේ ක‍්‍රියාදාමයෙන් ඈත්කර තබන්නට උත්සාහ කරන්නේ නම් ඉන් පැහැදිලි වන්නේ එම රටවල අවශ්‍යතාව වී ඇත්තේ වෙනත් අරමුණු ඉටුකරගැනීම යන්නයි.

 

මහාචාර්ය - සුනන්ද මද්දුම බණ්ඩාර



අදහස් (0)

ඇත්තට තඩිබෑම

නිත්‍යා Saturday, 02 February 2013 03:08 PM

ආවට ස්තූතියි (ස)

:       0       0

වෙනුර Friday, 01 February 2013 12:11 PM

ගොඩක් ස්තූතියි (ස)

:       0       0

විල්ගොඩ Friday, 08 February 2013 08:15 AM

මේවා තේරුම් ගන්න බැරි අය විපක්ෂයේ සිටීමයි ගැටළුව (ස)

:       0       0

විලියම් Saturday, 02 February 2013 07:42 PM

කාලෝචිත කතාවක් (දී)

:       0       0

චූලා Friday, 01 February 2013 02:27 PM

යුද්ධය අවසන් වෙලා වසර ගණනාවක් ගියත් අපි මොනවද කරලා තියෙන්නේ? ඉතින් අපිම නෙමෙයිද මේ තත්ත්වය හදා ගත්තේ? (නි)

:       0       0

නිකි ප්‍රනාන්දු Saturday, 02 February 2013 01:13 PM

මට හිතෙන විදියට සුනන්ද මහත්තයා ලංකාවෙ ඉන්න නැතිව ඇති පසුගිය දිනවල..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 156 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 31 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 58 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 138 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 220 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 847 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 476 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 437 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site