IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඇත්තද මේ කතා

 


රතුපස්වලදී ඔබට හූ කීවේ නියෝජ්‍ය ඇමැතිගේ ගෝලයන්ද?
 


මහ ඇමැති  ප‍්‍රසන්නට ප‍්‍රශ්නයක්
 


ගම්පහ රතුපස්වල දැන් පැටළුණු නූල් බෝලයක් බඳුය. බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ද පසුගිය දා රතුපස්වලට ගොස් එම නූල්බෝලයේ පැටළුණු බවට පැතිර යන ආරංචිය ගැනත්, රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකුගේ ගෝලයන් පිරිසක් මහ ඇමැතිට හූ තැබීම ගැනත් අපි ඔහුගෙන් විමසීමක් කෙළමු.


රතුපස්වලට ගියේ කාගේ ඉල්ලීමක් උඩද ?
    අතිගරු ජනාධිපතිතුමාගේ හා ගමේ අයගේ ඉල්ලීම පරිදි.
 


රතුපස්වල ගැන ජනාධිපති මොකද කිව්වේ ?
    ජනාධිපතිතුමාගේ මතය එතුමා ජනතාවට දැනුම් දීලා තියෙන්නේ. මට ජනාධිපතිතුමාට කියන්න තරම් දෙයක් එදා ජනතාව සමග සාකච්ඡා කර ගත්තේ නෑ. එදා සාකච්ඡාව අසාර්ථකයි.


 

හූ කිව්වේ ඇයි ?
    හූ කිව්වේ නෑ. එතන තිබ්බේ ඝෝෂාවක්, බාධා කිරීමක්, පොලිසිය සම්බන්ධව කතා කිරීමේදී ජනතාව ඔවුන්ගේ විරෝධය පළ කළා.
 


හූ කිව්වේ රජයේ නියෝජ්‍ය ඇමති කෙනෙක්ගේ ගෝලයෝ නේද ?
    මට එහෙම කියන්න බෑ. එතන ගම් 20 ක ජනතාව හිටියා. ඒ ජනතාවම තමා දන්නේ එතන හිටිය අය කවුද කියලා. ඒක ජනතාව තීන්දු කරයි.


 

රතුපස්වල ගැන ආණ්ඩුව ඇතුළේ මත ගැටුම් තියෙනවද ?
    මං දැනුවත්ව නෑ.
 

 

ඇයි මෙච්චර කල් ප‍්‍රාදේශීය දේශපාලනඥයෝ සම්බන්ධ  නොවුනේ ?
    නෑ. එහෙම කියන්න බෑ. ප‍්‍රාදේශීය නායකත්වය නොවෙයි ජාතික නායකත්වයේ ඉඳන් පහළට මේ සම්බන්ධව උනන්දුවෙන් කටයුතු කළා. මේ සිද්ධිය ඇති වුනාට පස්සේ ආර්ථික සංවර්ධන ඇමතිතුමාත් පණ්ඩු ඇමතිතුමාත් ලසන්ත ඇමතිතුමාත් මේ ජනතාවට පානීය ජලය ලබා දෙන්න කටයුතු කළා. ඒ වගේම දිස්ත‍්‍රික් නායක බැසිල් රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි දිසාපතිතුමා හරහා කමිටුවක් පත් කරලා වාර්තාවක් ගන්න කටයුතු කළා. ඒ නිසා මුල ඉඳන්ම සම්බන්ධ වෙලා තියෙනවා. සම්බන්ධ වුනේ නෑ කියන්නේ මොන හේතුවක් නිසාද කියන්න මං දන්නේ නෑ.
 

 

බස්නාහිර ඡන්දේ ළඟ නිසා රතුපස්වල පැත්තේ යනව කියන්නේ ඇත්තද ?
    මට මේ වෙලාවේ මෙතනට යන්න කිව්වේ ජනාධිපතිතුමා. මං රතු පස්වල, වැලිවේරිය, මහර, ගම්පහ, බියගම වගේම ගම්පහ දිස්ත‍්‍රික්කයේම ජනතාවට අවුරුදු 20 කට වැඩි කාලයක් වැඩ කරලා තියෙනවා. මහ ඇමති උනහම මට ඒ වැඩ කොටස දෙගුණ තෙගුණ කරලා කරන්න පුළුවන් වුණා. ජනතාව ඒ බව දන්නවා. මෙතන ඉන්නේ අපේ මිනිස්සු. මෙතන දේශපාලන ප‍්‍රශ්නයක් නෑ. එහෙම හදන්න හදනවනම් ඒක වැරදියි. මැතිවරණය වෙලාවට ඒ අය තීරණය කරයි කාටද ඡන්දේ දෙන්න  ඕනේ කියලා.
 

 

1997 දී රතුපස්වල ප‍්‍රශ්නයකට සම්බන්ධ වුණා කියන්නේ මොකක්ද?
    තාත්තා එවකට පාරිසරික නියෝජ්‍ය ඇමති. තාත්තට ජනතාව ඇවිල්ලා තමුන්ට තියෙන ප‍්‍රශ්නය කියපු වෙලාවේ මමත් තාත්තා එක්ක ගිහිල්ලා ඒ පිළිබඳව සොයලා බලලා කටයුතු කළා.

 

සටහන  :තරිඳු ජයවර්ධන

 

 

 

 

 


සමුළුවට එජාපය සහභාගි වෙන්නේ නැද්ද?
 


පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට එජාපයට තවම ආරාධනා නෑ
 

එජාප මහලේකම්  තිස්ස අත්තනායක

 
 

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී නොවීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇති බව වාර්තා විය. රටවල් 53 ක රාජ්‍ය නායකයන් හෝ නියෝජිතයන් සහභාගී වන මෙම දැවැන්ත සමුළුවට ප‍්‍රධාන විපක්‍ෂය වූ එක්සත් ජාතික පක්‍ෂය සහභාගී නොවන්නේ ඇයිදැයි ”ඉරිදා ලංකාදීපය” පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතාගෙන් විමසුවේය.

ප‍්‍රශ්නය - පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පක්‍ෂයෙන් සහභාගි වෙන්නෙ නැහැලූ නේද?
පිළිතුර - නෑ... නෑ.... එහෙම කිසිම තීන්දුවක් ගෙන නැහැ.

 


ප‍්‍රශ්නය - ඒ කියන්නේ පක්‍ෂයෙන් නියෝජනය වෙනවා කියන එක නේ.
පිළිතුර - සහභාගී වෙන්න හරි නොවෙන්න හරි ඉස්සර වෙලා ආරාධනයක් තියෙන්න එපායැ.

 


ප‍්‍රශ්නය - ආරාධනාවක් නැද්ද?
පිළිතුර - කිසිම නිල ආරාධනාවක් නැහැ. රාජ්‍ය පරිපාලනයෙ නිලධාරියෙක් අපේ කීපදෙනකුට කතා කරල අහල තියෙනවා සමුළුවට සහභාගී වෙනවද? කියල. එහෙම පුළුවන්ද.

 


ප‍්‍රශ්නය - ඒත් මේ වගේ සමුළුවකදී ආසන වෙන් කරන්න වෙනවා. ඒ සඳහා පැමිණෙනවාද ? නැද්ද ? කියන එක තහවුරු කරගන්නම වෙනවානේ. ඒ නිසා අහනව ඇති. ඒකෙ වැරැුද්දක් නැහැනේ?
පිළිතුර - හැමදේටම කලින් ආරාධනය කරන්න එපායැ. අඩු වශයෙන් මෙවැනි සමුළුවකදි මීට පෙර පැවති සමුළුවල අනුගමනය කරන ලද ක‍්‍රම ගැන අවබෝධයක් ලබා ගන්න අවශ්‍යයි.

 


ප‍්‍රශ්නය - දැන්වත් ආරාධනය කළොත් යනවද?
පිළිතුර - ඒක තීරණය කරන්න පළමුවෙන් ආරාධනා කරල ඉන්න එපායැ. අපිට බලපෑම් කරල ආරාධනා පත‍්‍ර ගෙන්වා ගන්න අවශ්‍ය නැහැ.

 

සටහන  : දයාසීලි ලියනගේ

 

 

 

 


සනත් මාතර පැත්ත පළාතට යන්නේ නැතිලු
 


ප‍්‍රවීණ කී‍්‍රඩක පාර්ලිමේන්තු  මන්තී‍්‍ර සනත් ජයසූරිය තම ඡන්ද කොට්ඨාසය වන මාතර පැත්ත පළාතකවත් නොයන බවත් කොළඹට වී සිටින බවත් නැගෙන චෝදනාවකි. ඒ කතාව ඇත්තදැයි අපි සනත්ගෙන් විමසීමු.


ඔබ මාතර පැත්ත පළාතෙවත් යන්නේ නෑ කියලා චෝදනාවක් තියෙනවා?
ඒකනම් අමූලික බොරුවක්. මම මගේ ජනතාවට සේවය කරනවා. මම දන්නවා මම ඔවුන්ගේ නායකයා වගේම මම ඔවුන්ගේ සේවකයා කියලා. ඒ නිසා ඒ ජනතාවගේ අවශ්‍යතාවයන් ගැන මම අවධානයෙන් ඉන්නේ. මගේ පියා බරපතළ ලෙස රෝගාතුර වෙලා කොළඹ දැඩිසත්කාර ඒකකයේ ඉන්නේ දැන් මාසයක විතර කාලයක් තිස්සේ. ඒ කාලයේදි නම් මට අඩුවෙන් තමයි මාතර යන්න වුණේ. ඒත් මම නැතත් ඒ සියලූ කටයුතු මම හොයලා බලනවා.

 


ලැබුණු නියෝජ්‍ය අමාත්‍ය ධුරය ගැන සතුටක් නැහැ කියලත් වාර්තා වෙනවා.
ඒකත් අසත්‍යයක්. මම වැඩ කරන්නේ නැත්නම් මට ජනාධිපතිතුමා නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් දේවිද? ලැබුණු දේ ගැන මම තෘප්තිමත්. මම කොහොමත් පොඩි තැනකින් පටන් ගත්ත කෙනෙක්. ඔහොම යන්.

 


ඔබ ගැන වෙබ් අඩවිවල විවිධ පුවත් පළ වෙනවා. ජීවියේ වෙනසක් ගැනත් ඇතැම් ඒවායේ සඳහන් වෙනවා?
මෙහෙමයි ඔය සමහර වෙබ් අඩවි උත්සාහ කරන්නෙ මිනිසුන්ට මඩ ගහන්න තමයි. බොහොම අමාරුවෙන් පහළ ඉඳලා ඉහළට ආපු මිනිසුන් මානසිකතව වට්ටන්න ඔවුන් නොයෙකුත් දේවල් කියනවා. ඒත් මම ඒවාට සැලෙන්නෙ නෑ

 

ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්

 

 

 

 


කටුනායක අධිවේගී පාරේ ආදායම චීනයට කියන කතාව ඇත්තද?
 


වරාය හා නාවුක ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල
 

 

කටුනායක ඊ-3 අධිවේගී මාර්ගයේ ආදායම් පැය 48 කදී රුපියල් මිලියන 10 ක් ලැබූ බව රජය කියයි. සමහරුන් කියන්නේ එසේ වුවත් මේ ආදායම යන්නේ චීන රජයට බවයි. මේ කතාව ඇතත්ද?
අපි මහාමාර්ග වරාය හා නාවුක ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා විමසීමු.


ප‍්‍රශ්නය : කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය පසුගියදා විවෘත කළා. ලැබෙන ආදායම කොහොමද?
පිළිතුර : මාර්ගය විවෘත කර ගතවූ පළමු පැය 24 තුළ රුපියල් මිලියන 5ක පමණ ආදායමක් ලැබුණා. පැය 48ක් තුළ රුපියල් මිලියන 10 පමණ ආදායම ලැබුණා. සාමාන්‍යයෙන් දිනකට වාහන 15,000ක් විතර කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් කරනවා. ඒ අනුව දිනක සාමාන්‍ය ආදායම මිලියන 4ක් පමණ වෙනවා.

 


ප‍්‍රශ්නය : පැයට මෙච්චර ආදායමක්, පැය දෙකට මෙච්චර ආදායමක් කියලා අමාත්‍යංශය කියනවා. ඔය කියන ලක්ෂ ගණනක ආදායමට මොකද වෙන්නෙ කියල ජනතාව අහනවා.
පිළිතුර : දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම අපි ලංකා බැංකුවේ ගිණුමකට දාලයි තියෙන්නෙ. ඒ මුදල් අපි රාජ්‍ය ආදායම විදියට මහා භාණ්ඩාගාරයට යවනවා. අපට මේ මුදල් තියාගෙන ඉන්න බැහැ. රජයේ නීති රීති අනුව කටයුතු කරමින් මුදල් රාජ්‍ය ආදායමට බැර කරනවා.

 


ප‍්‍රශ්නය : ඔබ එහෙම කිව්වත් සමහරු නම් කියන්නේ අධිවේගී මාර්ගවලින් උපයන මුදල් කෙළින්ම යන්නෙ චීනයට කියලයි.
පිළිතුර : ඒක අමූලික බොරුවක්. ලංකාවේ විතරක් නොවෙයි ලෝකෙ  ඕනෑම රටක් ණයක් ගත්තොත් ඒ ණය සලකන්නෙ රාජ්‍ය වියදම විදියටයි. ඒ රාජ්‍ය වියදම දරන්නෙ පවතින රජය. එහෙම නැතිව රජයේ අතුරු කොටස් විදියට අමාත්‍යංශ හෝ දෙපාර්තමේන්තු නොවෙයි. අමාත්‍යංශ හෝ දෙපාර්තමේන්තු ඒ ගෙවීම් කරන්නෙ නැහැ. අධිවේගී මාර්ගවලින් අපට ලැබෙන ආදායම මහා භාණ්ඩගාරයට යවනවා. මහා භාණ්ඩාගාරය ඔවුන්ගේ ආදායම්වලින් මේ ජාතික වියදම දරනවා.

    අනෙක මේ ලැබෙන ආදායමින් අදාළ ණය ගෙවනවා කියන සංකල්පයක් නැහැ. රජයේ සමස්ත ආදායමින් තමයි රාජ්‍ය වියදම දරාගන්න  ඕනෑ. ඒ නිසා අධිවේගී මාර්ගයෙන් ලැබෙන ආදායමින් ණය ගෙවනවා කියන එක වැරැදියි.

    අධිවේගී මාර්ගයේ නඩත්තුව, සේවක පඩි නඩි ගෙවීම, පරිපාලන වියදම්, විදුලි බිල් ගෙවීම ආදී සියලූ වියදම් අපි මහා භාණ්ඩාගාරයෙන් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඒ ලැබෙන ආදායම වියදම් කළමනාකරණය කරගෙන ඉතිරි මුදල මහා භාණ්ඩාගාරයට යවනවා.

 


ප‍්‍රශ්නය :  ලංකාවේ පාරවල් හැදීම ඇයි චීනයටම දෙන්නෙ. ඇයි වෙනත් රටවල්වලට පාරවල් හදන්න බැරිද?
පිළිතුර : අපි චීනයට විතරක් පාරවල් හදන්න දීලා නැහැ. ජයිකා ආධාර යටතේ ජපන් සහයෝගිතා අරමුදලින් අපට පාරවල් හදන්න මුදල් ලබාදීලා තියෙනවා. ප‍්‍රංශ ව්‍යාපෘතිය යටතේ පාලම් හදන්න මුදල් ලැබුණා. කුවේට් අරමුදල සවුදි අරමුදල දකුණු කොරියාවේ ආධාර යටතේ පාරවල් හදල තියෙනවා. බි‍්‍රතාන්‍යයේ පාලම් ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කරල තියෙනවා. චීනයෙන් විතරක් නෙවෙයි අනෙක් රටවලිනුත් ණය අරන් මාර්ග ව්‍යාපෘති කරනවා. හැබැයි  ඕනම රටක් තවත් රටකට ණය දෙන්නෙ ඒ අයගෙ තියෙන මූල්‍ය ශක්තිය අනුවයි.

 

සටහන : අජන්ත කුමාර අගලකඩ

 



අදහස් (0)

ඇත්තද මේ කතා

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 320 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 47 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 113 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 235 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 231 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 903 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 518 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 294 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site