IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ඇත්තද මේ කතා

 

fonseka01

fonseka02

පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සමඟ ඬේලිමිරර් පුවත්පතේ සුසන්ත ආර්. ප‍්‍රනාන්දු කළ සම්මුඛ සාකච්ඡාවේ අනුවාදයකි.

 

right fonseka04නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් විසින් ඔබගේ ප‍්‍රජා අයිතිය අහිමිකරන ආකාරයේ තවත් නඩුවක් පැවරීමට උත්සාහ කරන බව ඔබ පසුගියදා මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබුණා. ඔබ මෙම බාධාවන්ගෙන්  සම්පූර්ණයෙන්ම නිදහස්ද? මැතිවරණයකට තරග කිරීමට ඔබ සුදුසුද?
මගේ ප‍්‍රජා අයිතිය අහෝසි වී නැහැ. මගේ නම  මැතිවරණ නාම ලේඛනයේ තිබූ බව බස්නාහිර පළාත් සභා මැතිවරණයට මසකට ඉහත මැතිවරණ කොමසාරිස්වරයා මා හට ප‍්‍රකාශ කළා.  ඔහු මා හට ප‍්‍රකාශ කළේ  මගේ ද`ඩුවම් කාලය තවම සම්පූර්ණ කර නොමැති බවයි. වෙනත් ආකාරකින් පැවසුවහොත් මගේ ප‍්‍රජා අයිතිය අහෝසි වී නොමැති බවයි. කොමසාරිස්වරයා ප‍්‍රකාශ කරන තෙක් මගේ නම මැතිවරණ නාම ලේඛනයේ තිබූ බව මා දැන සිටියේ නැහැ. නාමලේඛනයට ඇතුළත්ව තිබිණි නම් එය වෙනස් කළ නොහැකියි. මගේ ඡුන්දය ප‍්‍රතික්ෂේප කළහොත් කොළඹ දිස්ති‍්‍රක්කයේ සියලූ ප‍්‍රතිඵල අවලංගු කළ යුතු වෙනවා. රජය කොහෙන්දෝ සොයා ගත් එක්තරා කවටයකු මගින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අර්ථ නිරූපණයක් ලබා ගැනීමට උත්සාහ කරනවා. එවැන්නක් සිදුවිය යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බවයි මගේ හැඟීම. බොහෝ අය විශ්වාස කරන්නේ මැතිවරණ කොමසාරිස්වරයා මෙන්ම නීතිපතිවරයාද රූකඩ ලෙස කටයුතු කරන බවයි.


right ජනාධිපතිවරණයට තරග කිරීම සදහා පොදු අපේක්ෂකයකුගේ අවශ්‍යතාව ඔබ පුනරුච්චාරණය කරන්නක්. එමෙන්ම පොදු අපේක්ෂකයා සොයා ගත යුත්තේ ජනාධිපතිවරණය අත ළඟටම පැමිණි විට බවත් ඔබ පවසනවා. ඔබ සිතන අයුරින්  තවමත් පොදු අපේක්ෂකයකු නම් කිරීම ස`දහා කාලය පැමිණ නොමැතිද?
පොදු අපේක්ෂකයා පිළිබ`ද ජනපි‍්‍රය මාතෘකාව කරළියට පැමිණියේ පසුගිය ජනාධිපතිවරණයේ දී. ඒ ස`දහා විවිධ පක්ෂවලින් අපේක්ෂකයන් සිටියා. එම වකවානුවේ මා පක්ෂ දේශපාලනයට සම්බන්ධවී නොසිටි බැවින් මා පොදු අපේක්ෂකයකු ලෙස නම්කරනු ලැබුවා. දැන් නැවත වරක් මහජනතාව පොදු අපේක්ෂකයකු පිළිබ`ද කතා කරනවා. පසුගිය වාරයේ මෙම ආරාධනාව පැමිණියේ ජනාධිපතිවරණයට සති කිහිපයක් තිබියදීයි. එම අවස්ථාවේ අප ජනාධිපතිවරණය පිළිබ`දව මාස ගණන් සාකච්ඡුා කොට තිබුණේ හෝ  විශාල සූදානමකින් සිටියේ හෝ නැහැ. විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීම මේ රටේ සියලූ ප‍්‍රශ්නවලට විස`දුම නොවෙයි. එය අහෝසි කළත් දුෂිත පුද්ගලයෙක් නැවත බලයට පත්විය හැකියි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන අතරම දුෂිත පුද්ගලයාද ඉවත් කළ යුතුයි.


right කිසියම් ආකාරයකින් රනිල් වික‍්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයා වුවහොත් ඔහුට සහාය දැක්වීමට ඔබ සූදානම්ද?
එවැනි අවස්ථාවක අපට ක්ෂණික තීරණයක් ගැනීම අපහසුයි. එය විශ්ලේෂණාත්මකව සලකා බැලිය යුතු කරුණක්. සාකච්ඡුා මාර්ගයෙන් තොරව තීරණයකට එළඹුණහොත් එය සවිස්තරාත්මක නොවූ ඒක පාක්ෂික තීන්දුවක් විය හැකියි.


right එහෙත් ඔබ  ඕනෑම කෙනෙකු සමඟ සාකච්ඡුා කිරීමට සූදානම් නේද?
 නිසැකවශයෙන්ම. විරුද්ධ පාක්ෂික කණ්ඩායම්වලට පුද්ගලයකු තෝරාගත යුතුනම් ඔවුන් ඒ පිළිබ`දව සාකච්ඡුාකොට පොදු එකඟත්වයකට පැමිණිය යුතුයි.


right ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විය හැකිද?
  ඔව්.  ඕනෑම කෙනෙකුට කැමති කෙනෙක් නම් කළ හැකියි. එහෙත් අප විසින් ඒ පිළිබ`දව සියුම්ව සොයා බැලිය යුතුයි. සත්‍යවශයෙන්ම අප සැම එකඟ විය යුත්තේ එක් අරමුණක් උදෙසායි.  දුෂිත පාලකයා පරාජය කිරීමට ප‍්‍රමුඛතාව දිය යුතුයි. රට සංවර්ධනය කොට එය නිවැරදි මාර්ගයට රැගෙන ඒම දෙවැනි කාර්යයි.


right බොන් ජාත්‍යන්තර මධ්‍යස්ථානය මගින් 2013 දී ප‍්‍රකාශයට පත්කළ ජාත්‍යන්තර හමුදාකරණ දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 36 වැනි ස්ථානයට පත්ව තිබෙන අතර කලාපයේ දැඩි හමුදාකරණයට ලක්වූ රටවල් අතර ඉදිරියෙන්ම තිබෙන රටක්  ලෙස නම් කොට තිබෙනවා. 30 වසරක යුද්ධය ජයග‍්‍රහණය කිරීම ස`දහා නායකත්වය දුන් හමුදා නායකයකු වශයෙන් මෙය ඔබ දකින්නේ රට පිළිබ`ද ධනාත්මක සංඥාවක් ලෙසද?
  හමුදාව සිවිල් පාලනයට සම්බන්ධවනවා නම් එය අත්‍යන්තයෙන්ම අසුභවාදී සාධකයක්. එවැන්නක් කිසිදු රටක සිදු නොවිය යුතුයි.  අප මින් පස්වසරකට ඉහත යුද්ධය අවසන් කළා. කෙමෙන් කෙමෙන් හමුදාව සාමාන්‍ය ජන ජිවිතයෙන් ඉවත් කිරීමට ගෙවුණු පස්වසර  ඕනෑතරම් ප‍්‍රමාණවත්. ප‍්‍රජාතන්තවාදී ප‍්‍රවාහය තුළ මානව හිමිකම් ආරක්ෂා කරමින් නීතියේ ආධිපත්‍යය සුරකිමින් රටක් පාලනය කළ යුතුයි. ඉදිරි දැක්මක් හා බුද්ධියක් ඇති පුද්ගලයෙක් කටයුතු කරන්නේ ඒ ආකාරයෙන්. නුසුදුසු පුද්ගලයකු රටක් පාලනය කරන විට නීතිය තමන් අතට ගැනීමට ඇති ප‍්‍රවණතාව වැඩියි. දුෂණය සහ අක‍්‍රමිකතා රට තුළ ව්‍යාප්ත විය හැකියි. එවැනි රටකට ආපසු ගමනක් විනා ඉදිරි ගමනක් නැහැ.

අපට විශාල හමුදා බලයක් ඇති බැවින් රටේ සංවර්ධනයට ඔවුන් යොදාගත හැකි බවට කෙනෙකුට තර්ක කළ හැකියි
අපට හමුදාව කම්කරු රැුකියා ස`දහා යොදා ගෙන කම්කරුවන්ගේ රැකියා අහිමිකළ නොහැකියි.


right ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් එල්ලවන පීඩනය හේතුවෙන් සෑම වසරකම පාහේ ජිනීවා යෑමට සිදුවෙනවා. මෙම වැරදීම සිදු වූයේ කොතැනකද?
මෙහිදී. රජය රට වෙනුවෙන් නිවැරැුදිව කි‍්‍රයා කළ යුතුව තිබුණා. ජිනීවා චෝදනා දෙආකාරයි. එකක් මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබ`ද චෝදනා. දෙවැන්න යුද අපරාධ චෝදනා. රජයට මෙම ගැටලූ සමථයකට පත් කර ගැනීමට අවශ්‍ය වූවානම් එය ජිනීවා  දක්වා යන්නේ නැහැ. එම ප‍්‍රශ්න මෙහිදීම විසදා ගත හැකිව තිබුණා. රජයට රටතුළ මානව හිමිකම් තහවුරු කිරීමට තිබුණා. අපට සුදු වෑන් සංස්කෘතිය නැවැත්වීමට බැහැ. ඌව පළාත් සභාව විසුරුවා හැරීමට පැය 12කට පෙර දිසා ලේකම්වරයා මාරු කොට තමන්ගේ හිතවතෙකු ඒ ස`දහා නම්කර ඇති බවයි. මට පේන්නෙ මේවා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියි. පාලකයන්ගේ  පැවැත්ම උදෙසා බරපතල වැරදි කි‍්‍රයා සිදු කරනු ලැබුවා. මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන්  ඕනෑම කෙනෙකුට ජිනීවා යාමට අයිතියක් තිබෙනවා. රටේ පාලකයා තමා විසින්ම නිවැරැුදි විය යුතුයි. එසේ නොකොට වෙනත් රටවල දුෂිත පුද්ගලයන් හා දුෂිත රාජ්‍ය නායකයන් හරහා රටේ ධනය අති විශාල වශයෙන් වැය කිරීමෙන් ප‍්‍රයෝජනයක් අත්වන්නේ නැහැ.

යුද අපරාධ සම්බන්ධයෙන් පැන නැඟී ඇති චෝදනා සම්බන්ධයෙන් මුහුණ දී රටේ සහ හමුදාවේ නම රැුක ගැනීමට මා සූදානම්. එහෙත් මෙම සහෝදරයන් දෙදෙනා (ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා) ප‍්‍රකාශ කරනුයේ ඔවුන් යුද්ධය මෙහෙයවන ලද හෙයින් මා විසින් නොව ඔවුන් විසින් ඒ සදහා පිළිතුරු දිය යුතු බවයි. එහෙත්   ඕනෑම ස්ථානයකට ගොස් සෑම ප‍්‍රශ්නයකටම පිළිතුරු ලබා දී හමුදාවේ නාමය පිරිසිදු කිරීමට මා සූදානම්. එකෙකු හෝ දෙන්නෙකු  ජිනීවා මානව හිමිකම් කඩ කොට ඇතිනම් එය ඔවුන්ගේ පෞද්ගලික ප‍්‍රශ්නයක් විනා හමුදාවේ ප‍්‍රශ්නයක් නොවෙයි. එමෙන්ම නීතිය හා ආධිපත්‍යය ඉහළ නැංවීමට අපට සිදුවෙනවා.


right එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප‍්‍රධානතම අවි සැපයුම්කරුවා වූ කේ. පී. නොහොත් කුමරන් පත්මනාදන් විසින් මෙහෙයවන ලද අති විශාල අරමුදල් සම්බන්ධව ඇත්තේ විශාල අභිරහසක්. එම අරමුදල් හා ඔහු විසින්  මෙහෙයවන ලද ජාත්‍යන්තර නෞකාවලට සිදුවූයේ කුමක්ද?
විශාල වශයෙන් ව්‍යාපාරවල නිරත වූ කේ.පී. අති විශාල ධනයක් ඉපැයූ අතර මැලේසියාවේ දී අත්අඩංගුවට පත්වනතෙක්  එම මෙහෙයුම්වල නිරතව සිටියා.  අත් අඩංගුවට පත්වූ විගස ආරක්ෂක ලේකම්වරයා මැදිහත්වී කේ.පී. ඔහු යටතට ගනු ලැබුවා. අපට ඔහු හමුවීමට කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ආරක්ෂක ලේකම්වරයා කේ.පී. සමඟ ඍජුවම කටයුතු කළා. කේ.පී. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානි ලෙසිනුයි මා කටයුතු කළේ. කේ.පී. මැලේසියාවේ සිට රැුගෙන ආ දිනයේ ආරක්ෂක ලේකම්වරයා මට දුරකතන ඇමතුමක් ලබා දෙමින් ‘ඔබ දන්නවාද කේ.පී. මැලේසියාවේ සිට මෙහි ගෙන ආවා’ යැයි පැවසුවා. ඔවුන් කේ.පී. සමග කුමක් කළාදැයි අප දන්නේ නැහැ. ආරක්ෂක ලේකම්වරයා තමයි ඔහු හා ගනුදෙනු කළේ.


right එයින් ගම්‍ය වන්නේ කේ.පී. අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම පිළිබ`ද දැනුම්වත්ව නොසිටි බවද?
නැහැ. එම මෙහෙයුම පිළිබ`දවත් අප දැන සිටියේ නැහැ. එය සිදුවූයේ මැලේසියාවේදී. පිරිසක් මැලේසියාවට ගොස් ඔහු භාරගෙන තිබුණා. ඔහු සතුව තිබූ අරමුදල්වලට සිදුවූයේ කුමක්ද යන්න අප දැනගත යුතුයි. අප මේ පිළිබදව ජනතාව දැනුම්වත් කළ යුතුයි. එහෙත් කේ.පී.ගෙන් එම මුදල්වලට සහ නෞකාවලට සිදුවූයේ කුමක්දැයි දැනගත හැකි වූයේ නැහැ. අපට පාර්ලිමේන්තුව දැනුම්වත් කළ යුතුව තිබුණා. ත‍්‍රස්තවාදියකු අත්අඩංගුවට පත් වූ විට හා අරමුදල් සොයා ගත්විට ඒවා රාජසන්තක කොට සියලූ තොරතුරු ජනතාවට දැනගැනීමට සැලැස්විය යුතුයි. ඒවා රාජ්‍ය රහස් නොවෙයි. මෙම සිදුවීමත් මා හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සොයාගෙන රජයට බාර දුන් රත්රන්වලට සිදුවූ දෙයට සමානයි. එම රත්රන්වලට සිදුවූයේ කුමක්දැයි යන්න කිසිවකු දන්නේ නැහැ.

කිලෝ ග‍්‍රෑම් 220ක් බරැති රන් ආභරණ පිරවූ යකඩ පෙට්ටි කීපයක් අප රජයට  භාර දුන්නා.  පසුව මේ පිළිබදව බැසිල් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ රත්රන් කිලෝ 110ක් සොයා ගත් බවයි. එය අප සොයාගෙන රජයට බාර දුන් ප‍්‍රමාණයෙන් හරි අඩක් පමණයි. එම රත්රන්වලට කුමක් සිදුවූයේදැයි අප දන්නේ නැහැ. එම රත්රන් බහා තිබූ කවරවල ඒවායේ හිමි කරුවන්ගේ නම් සදහන්ව තිබුණා. බොහෝ දෙමළ පිරිස් එල්.ටී.ටී.ඊ. බැංකුවල තම රත්රන් තැන්පත් කොට තිබුණා. ඒවා මහජනතාවට අයත් රත්රන්. රජයට හැකියාව තිබුණා ඒවායේ හිමිකරුවන්ට නැවත භාර දීමට. මා සිතන්නේ නැහැ එය එලෙස සිදුවුණා කියා.

 

murali02


murali03

ඬේලිමිරර් පුවත්පතේ චම්පික ප‍්‍රනාන්දු කළ සම්මුඛ සාකච්ඡාවේ අනුවාදයකි.

murali01


මුත්තයියා මුරලිදරන් මෙරටින් බිහිවූ ශ්‍රේෂ්ඨතම දඟ පන්දු යවන්නකු බැව් අවිවාදිතය. ඔහුගේ ටෙස්ට් කඩුළු 800 වාර්තාව තවත් සියවස් ගණනාවක් පුරා නොබි`දී පවතිනු ඇත. ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් සමුගත් මුරලි ‘ෆවුන්ඬේෂන් ඔෆ් ගුඞ්නස් ’නම් රාජ්‍ය නොවන සංවිධානය හා එක්ව මානව සුබසාධක කාර්යයන්හි නිරත වූයේය. විදේශ බලවේග මෙරටට චෝදනා එල්ල කළ අවස්ථාවන්හි ඔහු ඒ වෙනුවෙන් නැඟී සිටියේය. මානුෂීය මෙහෙයුම පැවති සමයේ සිදුවූවා යැයි කියන මානව හිමිකම් කඩකිරීම් පිළිබද චෝදනා පැන නැඟුණු අවස්ථාවේ රජය ආරක්ෂා කිරීමට ඔහු කි‍්‍රයා කළේය.

මෙවැනි සිදුවීම් හේතුවෙන් ඔහුගේ නම ද දේශපාලනයට ඈදිනි. ඬේලිමිරර් පුවත්පතේ චම්පික ප‍්‍රනාන්දු ඔහු හා කළ සංවාදයේදී මුරලි ප‍්‍රකාශ කළේ දේශපාලනයට පිවිසීමට අදහසක් නොමැති බවත් ‘ෆවුන්ඬේෂන් ඔෆ් ගුඞ්නස්’ නම් රාජ්‍ය නොවන සංවිධානය හා එක්ව තවදුරටත් මානව සුබසාධක කාර්යයන්හි නිරතවීම තම අරමුණ බවත්ය. මේ ඔහු හා කළ සංවාදයයි.

 

right තවත් මැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇති මේ දිනවල ඔබගේ නමත් දේශපාලනයට ඈදී තිබෙනවා. ඔබට දේශපාලනයට පැමිණීමේ අදහසක් තිබෙනවාද නැතිනම් එය දුෂමාන ආරංචියක්ද?
මැතිවරණයක් පැවැත්වීමට නියමිත කාලයක මගේ නමත් දේශපාලනයට ඈදුණේ  කෙසේදැයි පවසන්නට මාවත් දන්නේ නැහැ. ඇතැම්විට ඔවුන් මගේ නම එයට ඈ`දීමෙන් කිසියම් දේශපාලන වාසියක් අත්පත් කර ගැනීමට උත්සාහ කරනවා විය හැකියි. මා දේශපාලනයට කැමති කෙනෙක් නොවෙයි. මට රාජ්‍ය පාලනයට සම්බන්ධවීමට අවශ්‍ය නැහැ. ඒ නිසා මා කිසිදිනෙක දේශපාලනයට පිවිසෙන්නේ නැහැ. ජනතාවට සේවය කිරීමට දේශපාලනයට සම්බන්ධවීම අත්‍යවශ්‍ය නැහැ. මම ‘ෆවුන්ඬේෂන් ඔෆ් ගුඞ්නස් ’නම් රාජ්‍ය නොවන සංවිධානය වෙතින්් උතුරේ සහ දකුණේ ජනතාවට විශාල සේවයක් කර තිබෙනවා. මෙය තමයි මා ආදරය කරන සහ මා සතුටුවන කාර්යය. දෙමළ ජාතිකයකු ලෙසින් හෝ හින්දු භක්තිකයකු ලෙසින්  හදුන්වනවාට වඩා මේ රටට බෙහෙවින් ආදරය කරන සැබෑ ශ්‍රී ලාංකිකයකු ලෙසින් මා හ`දුන්වන්න  කැමතියි. මේ නිසයි මානව හිමිකම් චෝදනා එල්ල වූ අවස්ථාවේ රජය ආරක්ෂා කිරීම සදහා පෙනී සිටියේ. මට පැවසීමට ඇත්තේ කිසිදු අවස්ථාවක දේශපාලනයට සම්බන්ධවීමේ අරමුණක් නොමැති බවත්  මෙම දුෂමාන ආරංචි පදනම් විරහිත බවත් යන්න පමණයි.


right මෙම කලාපයේ කි‍්‍රකට් කී‍්‍රඩකයන් දේශපාලනයට සම්බන්ධවීම අමුතු දෙයක් නොවෙයි. දේශපාලනය මඟිින් මේ රටේ ජනතාවට විශේෂයෙන් වතුකරයේ දෙමළ ජනතාවට සේවයක් කළ හැකි යැයි ඔබට සිතෙන්නේ නැතිද?
නැහැ මා එසේ සිතන්නේ නැහැ. දේශපාලනය සහ සමාජ සේවය යනු දෙකක්. දේශපාලනයේදී සිදුවන්නේ මා අකමැති රාජ්‍ය පාලනයට සම්බන්ධවීමටයි. මට අවශ්‍ය ජනතාවට උපකාර කිරීමයි. මා දැනට ඔවුනට උපකාර කරන අයුරින්ම ඉදිරියටත් එම සේවාවේ නිරත වනවා.


right ඔබට කිසියම් දේශපාලන පක්ෂයකින් ආරාධනයක් ලැබී තිබේද?
නැහැ. මා සෑම පක්ෂයකම දේශපාලනඥයන් සමඟ ඉතා සමීපව ඇසුරු කරනවා. එහෙත් කිසිවකු මගෙන් එවැනි ඉල්ලීමක් කර නැහැ. එලෙස ඉල්ලීමක් ලැබුණත් මා දේශපාලනයට එක්වන්නේ නැහැ.


right පන්දු යැවීමේදී වැලමිට නැමීම අංශක 15 ඉක්මවා යන බව පරීක්ෂණවලදී සනාථ වූ බැවින්  සචිත‍්‍ර සේනානායකට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය මගින් කී‍්‍රඩා තහනමක් පනවා තිබෙනවා. මින් ඉහත ඔබ ද මෙවැනි ඉරණමකට මුහුණ පෑවා. නැවත කී‍්‍රඩාවට පැමිණීම සදහා සචිත‍්‍ර අනුගමනය කළයුතු කි‍්‍ර‍්‍රයා මාර්ග මොනවාද?
1995දී මා පන්දුව දමා ගසන බව ඔවුන් ප‍්‍රකාශ කරනු ලැබූ අවස්ථාවේ පරීක්ෂණ කි‍්‍රයාවලියක් මගින් එය සනාථ කිරීමේ ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කළ යුතු බැව් ප‍්‍රකාශ කරමින් විශාල හඩක් නැඟීමට අපට සිදුවුණා කෙසේ හෝ මෙම සටන ජයගැනීමට අපට හැකිවූ අතර සැක සහිත පන්දු යැවීමක නිරත කී‍්‍රඩකයන් සදහා පරීක්ෂණාගාර ඉදි කෙරුණා. වරදකරුවන් බවට පත් කී‍්‍රඩකයන්ට තම පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගෙන නැවත කී‍්‍රඩාවට එක්වන්නට අවස්ථාව ලබා දුන්නා.  සචිත‍්‍ර පිළිබද සිදුවීම ගතහොත් ඔහුට විශේෂඥ පුහුණුකරුවන්ගේ මඟ පෙන්වීම යටතේ තම ඉරියව්ව නිවැරැුදි කර ගත හැකියි. එහෙත් එය පවතින්නේ ඔහු අතයි. ඔහු කෙතරම් කාලයකින් නිවැරැදි ඉරියව්වෙන් පන්දු යැවීමට යොමුවේද යන සාධකය මත නැවත කී‍්‍රඩා කිරීමට අවස්ථාව සැලසේවි.


right ඔබ ටෙස්ට් කී‍්‍රඩාවෙන් සමුගත් පසු රංගන හේරත් දඟ පන්දු යවන්නකු ලෙස වගකීම භාර ගත්තා. එහෙත් හේරත්ගෙන් පසු අනුප‍්‍රාප්තිකයකු තවමත් හමුවී නැහැ. මෙය ඉදිරි අනාගතයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට බලපෑමක් ඇති කරයිද?
මම එලෙස සිතන්නේ නැහැ. කී‍්‍රඩකයන් ඇවිත් යාවි. එහෙත් කී‍්‍රඩාව නොනවත්වා ගමන් කරනවා.  පළපුරුදු තරුණ කී‍්‍රඩකයන් අපට සිටිනවා. ඔවුන් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කරාවි.


right එක් කාලයක ඔබට බෙහෙවින් ප‍්‍රශ්න ඇති කළ ඔස්ටේ‍්‍රලියාවේ පුහුණුකරුවකු ලෙස ඔබගේ කාර්යභාරය කෙබදුවේද?
පාකිස්ථානය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සදහා කණ්ඩායමට පුහුණුවක් ලබාදෙන ලෙස ඔවුන් මගෙන් ඉල්ලා සිටියා. එය කෙටි කාලීන වැඩසටහනක් පමණයි.


right ඔබ පූර්ණකාලීන පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීමට අදහස් කරනවාද?
නැහැ. මට පූර්ණකාලීන පුහුණුකරුවකු වීමට අවශ්‍ය නැහැ. මා යම් යම් අවස්ථාවල පුහුණුකරුවකු ලෙස කටයුතු කරනවා පමණයි. කිසිදු මුදලක් අය නොකොට ඛෙත්තාරාම කි‍්‍රකට් ඇකඩමියේ පුහුණුවන අපේ කී‍්‍රඩකයන්ට පුහුණුවක් ලබා දෙනවා. මගේ පදනමේ මානව සුබසාධක කටයුතු හා අනෙකුත් ව්‍යාපාරික කටයුතුවලත් නිරත විය යුතුව තිබෙනවා.

 

01 



අදහස් (0)

ඇත්තද මේ කතා

ලකී දොඩන්ගොඩ Saturday, 02 August 2014 07:57 PM

පොන්සේකා මහතානණනි , රත්තරන් වලට උන දේම තමා අර ඔබ එතුමාගේ බෑනා දැනුන තිලකරත්නට වෙලා තියෙන්නේ , ඔක්කොම හැංගිලා (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 30 July 2014 01:26 PM

සමීර සාලින්දගේ ප්‍රාර්ථනාව කිරි කාලයකට ගොම මුසුවීම නිසා අහක දාන්න වෙනවා. කොලේ ඉරාගත්ත නැති අයගේ නම් ඉවත් කරලා නැවත ඔබේ අදහස ඉදිරිපත් කරන්න. ජනතා ආශිර්වාදය නොඅඩුව ලැබේවි.(නදී)

:       0       0

සේරම් Monday, 28 July 2014 03:57 AM

පා නි තමන්ගේ වාසගම තමයි තමන්ට තිබෙන සාඩම්බරය. (නදී)

:       0       0

සදුනි Wednesday, 23 July 2014 03:32 PM

මුරලි, ජාති භේද කුමටද? ඔබ අපේමයි. (නදී)

:       0       0

මාලිංක Wednesday, 30 July 2014 07:50 AM

විරුද්ද පක්ෂයේ අයට එක් වුනොත් කැඳ හැලියක්ලු. අැසල, ආණ්ඩුවේ පක්ෂ එකම මතයේ ඉන්න අයද? විරුද්ද පක්ෂේ අය එක මතයකට පැමිණ අවසන්. විදායක බලය, යහ පාලනය, ස්වාදීන කොමිසම්. ඉතින් මේවා ඉටු කිරීමෙන් රට සුබ වාදී වෙනු ඇත. (නදී)

:       0       0

නලින් යහම්පත් Friday, 01 August 2014 03:41 PM

පොන්සේකා මහතා මොන හොඳ අදහස් කිව්වත් , ක්‍රියාවට ගැනීමේදී හරියන්නේ නැහැ (නදී)

:       0       0

නලින් යහම්පත් Friday, 01 August 2014 03:45 PM

අදහස් හොඳයි , කතාව ජනප්‍රියයි බොහෝ අය දේශපාලනය බලයන් ගන්නා තුරු . ,ලෝකයේ කොහෙත් බලයේ සිටින රාජ්‍යන් නිතරම ජනප්‍රිය නැහැ . විරුද්ද පක්ෂය ජනප්‍රියයි හැම රටේම , අවුරුදු 5 න් හෝ 7 න් බලයන් සහ පක්ෂ මාරු කිරිල්ල තමා කොහෙත් වෙන්නේ. (නදී)

:       0       0

වන්නි Saturday, 02 August 2014 04:16 AM

ජෙනරල් ෆොන්සේකා භාරදුන් රත්තරන් පෙට්ටගම්වල ඇති. නැතිනම් මොකක් හරි දුපතක ඇති. (නදී)

:       0       0

හසන්ත Wednesday, 23 July 2014 07:50 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

ධම්ම Wednesday, 23 July 2014 07:57 PM

"දේශපාලන පඹගාලේ පැටලුනු නිර්භීත රණවිරුවා සහ නම්බුකාර ක්‍රීඩකයා" (නි)

:       0       0

ඇසළ Thursday, 24 July 2014 10:04 AM

සමීර සාලින්ද අදහස් හොඳයි. එ්ක ඇත්ත ඒ වුනාට කියන සේරම එකතු වුනොත් වෙන්නේ ආඩි හත්දෙනාගේ කැද හැලිය වගේ තමයි. මේ විරුද්ද පක්ෂ එකක වත් අදහස් මාර්ග එකිනෙකාට ගැලපෙන්නේ නැහැ. (නදී)

:       0       0

පානි Thursday, 24 July 2014 10:54 AM

සමීර සාලින්ද, සාමාන්‍යයෙන් යමෙකුගේ වාසගමෙන් පමණක් ඇමතීම නුසුදුසුයි. විශේෂයෙන් යම් කිසි ආකාරයකින් ජනතා ගෞරවයට පාත්‍ර වූ අයෙකුට. මුල නමෙන් පමණක් ඇමතීම (චන්ද්‍රිකා, රනිල්, විජය, මහේල), සම්පුර්ණ නමෙන් ඇමතීම (මුනිදාස කුමාරතුංග, ටි එම් ජයරත්න), මෙන්ම යම් ආකාරයකින් ව්‍යවහාරයට හුරු වුනු කෙටි නමකින් (සංගා, මුරලි, ටි එම්) ඇමතීමයි සුදුසු. (නදී)

:       0       0

සමීර සාලින්ද Thursday, 24 July 2014 05:05 AM

පොන්සේකා හොදට අදහස් දක්වා තිබෙනවා. ජේ.එකතුව වී.පී, පොන්සේකා, රනිල් සජිත් එකතුව ශක්තිමත් විපක්ෂයක් ගොඩනගමු (නදී)

:       0       0

චම්පික Saturday, 26 July 2014 08:14 AM

පානිගේ අදහස මම නම් පිළිගන්නේ නැහැ. යමෙකුගේ නමෙන් හැදින්වුවාම තියෙන ප්‍රශ්නය මොකක්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 126 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 781 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1314 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 181 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 414 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 581 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site