IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ඇතුවත් බැරි නැතුවත් බැරි පෝර සහනය

රසායනික පොහොර භාවිතාවේ හොඳ නරක ගැන සෑහෙන කාලයක සිට වාද විවාද තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික පොහොර  ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරන බවට ප්‍රකාශ කර ඇත. එක පැත්තකින් වස විස නැති ගොවිතැනකට දොරටු විවෘත කිරීමකි. අනෙක් පැත්තෙන් පොහොර ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා ආනයනය කරන රසායනික ද්‍රව්‍ය ගෙන්වන වියදම අඩු කරන පියවරකි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය ප්‍රධාන කොටස් දෙකකට වෙන් කළ හැක.

එකක් පරිභෝජනයටය. අනෙක අපනයන කෘෂිකර්මයකි. තේ, රබර්, පොල්, සුළු අපනයන බෝග පමණක් නොව අපනයන වෙළඳපොළ ඉලක්ක කරගෙන වගා කරන එළවළු හා පලතුරුවලට ද පොහොර හා රසායනික ද්‍රව්‍ය බහුලව භාවිතා කෙරේ. පරිභෝජනය ඉලක්ක කරගෙන වී, එළවළු හා පලතුරු වගා කරන ගොවියෝ ද වැඩි අස්වැන්නක් සඳහා අකාබනික පොහොර යොදවති. කෘමි හානි සහ වෙනත් රෝග පාලනයට විවිධ රසායනික දියර භාවිතා කෙරේ. වී වගාව වැඩිම පොහොර සහ කෘෂි රසායන භාවිතා කරන ක්ෂේත්‍රයකි.

එළැඹෙන වගා කන්නයේ සිට රසායනික පොහොර ආනයනය නතර කෙරෙනු ඇති අතර එම තීරණය පරිභෝජනය හා අපනයන කෘෂි අංශය හා බැඳුණු ප්‍රශ්නයක් විය හැකිය. දැනට ගෙන ඇති තීරණය අනුව පොහොර ආනයනයට ණයවර නිකුත් නොකෙරේ. වසර තුනක් ඇතුළත සම්පූර්ණයෙන්ම රසායනික පොහොර නතර කරනු ඇත. කෘෂිකර්ම අමාත්‍යංශය වාර්තා කරන පරිදි කාබනික ගොවිතැන ව්‍යාප්ත කෙරේ. සංවර්ධන නිලධාරීන් 265 ක් අලුතින් බඳවාගෙන ඇති අතර කාබනික පොහොර නිපදවීම හා ඒවා ගොවියන් අතර ප්‍රචලිත කිරීමේ වගකීම ඔවුන් වෙත පැවැරෙනු ඇතැයි සඳහන්ය.

කෘෂිකර්මයට සහන හා පොහොර වෙනුවෙන් මිල

මෑත කාලය තුළ පොහොර භාවිතය සම්බන්ධ වෙනස්කම් ගණනාවක් සිදුවිය. සහනාධාරය එයට බලපෑමක් කර තිබේ. නොමිලේ සපයනවිට සීමාවක් නැත. අනෙක ආනයනය කරන පොහොරවල ප්‍රමිතිය බව දැක්විය යුතුය. ලෝකයේ නිපදවන තත්ත්වයෙන් ඉතාම බාල විශේෂ පොහොරය. අඩු වියදම සලකා බලා පොහොර සපයන අතර ඒවා වස විස සහිත බව පිළිගත යුතුය. රටට ජාතික ප්‍රතිපත්ති අවශ්‍යය. රසායනික පොහොර ඇතුවත් බැරි නැතුවත් බැරි තැනකය. රටට විනිමය ගෙන එන වැවිලි ක්ෂේත්‍රයට පොහොර අවශ්‍යය. අස්වැන්න ලබාගැනීමට නිසි ප්‍රමිතියකින් පොහොර යෙදිය යුතුය. කෘමි හා දිලීර හානි අවම කිරීම වෙනුවෙන් රසායන යෙදවෙයි. ග්ලයිපොසෙට් වල් නාශකය තහනම් කළේ 2015 මාර්තු මාසයේය. තහනම මාස කිහිපයකට සීමා විය. වැවිලි සමාගම් වල් නෙළීමට යන පිරිවැය සම්බන්ධව විශාල අරගලයක් කළේය. ශ්‍රම ප්‍රශ්න පෙන්වා දුන්නේය.

මෑතක සිට රුපියල් දහසක අවම වැටුප නියම කර තිබේ. වැටුප් පිරිවැය සලකනවිට වැවිලි සමාගම් පාඩු ලබන බව දක්වා ඇත. රසායනික පොහොර සහ කෘෂි රසායන නතර කළහොත් නිෂ්පාදනය පහත වැටේ. අඩු ප්‍රමාණයක් නිපදවා ඉහළ ආදායමක් අපේක්ෂා කළ නොහැක. තවත් වටයකින් අපනයන කෘෂිකර්මයට බාධා ඇතිවිය හැකි බව පෙනේ.

කාබනික තේ, පොල් සහ රබර්වලට ලෝකයේ හොඳ ඉල්ලුමක් තිබේ. එය එක්තරා ප්‍රතිශතයක් පමණකි. දැන් නඩත්තු වන වතු කාබනික නිෂ්පාදන බවට සම්පූර්ණයෙන් හරවන්නට වසර තිහක් අවශ්‍ය වෙතැයි පර්​ෙ‌ය්ෂකයෝ පෙන්වා දෙති. එවැනි පරිවර්තන කාලයක් දක්වා සිදුවන විපර්යාස දරාගන්නට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සමත් ද යන ප්‍රශ්නය අප හමුවේ ඇත.

අනෙක ගොවියන්ට පොහොර සහනාධාරයක් සැපයීම ගැනය. පරිභෝජනයට අවශ්‍ය දෑ වගා කරන ගොවියෝ පොහොර සහනාධාරය ඉල්ලා නොසිටියහ. විශේෂයෙන් වී ගොවියන් නොමිලේ පොහොර බලාපොරොත්තු වූ දෙයක් නොවේ. එය ඉදිරිපත් කළෝ දේශපාලනඥයෝය. ගොවි ජනතාවගේ ඡන්දය  මැතිවරණයක දී ශක්තියකි.

කෘෂිකර්මයට දෙන සහන ඡන්ද වේදිකාවේ දී වෙන්දේසි කෙරේ. බලයට පත්වන ආණ්ඩුවලට වියදම ප්‍රශ්න දැනෙන්නේ අය වැය පාලනය කරගත නොහැකි මොහොතේ දී ය. නොමිලේ දෙන පොහොර, ගොවිතැනට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා යොදවමින් සිටි ගොවියන්ට ඉදිරියේ දී කොම්පෝස්ට් භාවිතා කරන්නට සිදුවෙයි. නැවතත් කෙම් ක්‍රමවලට යන්නට සිදුවනු ඇත. අතින් වල් නෙළන, දිලීර හා අනෙක් ආසාදනවලට දෙවියන් යදින්නට සිදුවිය හැකිය.

පොහොර සහනාධාරයක් ගෙවන්නට පළමුවෙන් තීරණය කර ඇත්තේ 1962 වසරේ දී ය. 1989 දී එය අත්හිටුවන තෙක් අඛණ්ඩව සැපයිණ. දේශපාලන ව්‍යාපෘතියක් වශයෙන් යළි එය කරළියට එන්නේ 1994 දී පැවැති ඡන්ද වේදිකාවේ දී ය. එහි දී සුළුවෙන් පටන්ගත් සහනාධාර ක්‍රමය දැන් අක්මුල් විහිදුවා පිළිකාවක් ලෙස ආර්ථික දේහය වෙලා ගෙන ඇත. 2006 වසරේ සහනාධාරය වෙනුවෙන් රජයේ වියදම රුපියල් බිලියන 10.62 ක් බව ජාතික පොහොර ලේකම් කාර්යාලය කියයි. 2009 වන විට එය රුපියල් බිලියන 26.4 කි. 2012 අය වැය මගින් පොහොර සහනාධාරයට වෙන් කළ මුදල රුපියල් බිලියන 50 කි.

වසරක් පාසා පිටරට පොහොර සමාගම්වලට රුපියල් බිලියන ගණනින්  ගෙවන්නට රජයට සිදුවෙයි. ඒවා පොහොර ආනයනයකරුවන්, පිටරට සමාගම්වලට උල්පතක් බඳුය. සමාගම්වලට මුදල් ගෙවා පොහොර ගෙන්වන ආණ්ඩුව, අවශ්‍ය මුදල් සොයා ගන්නේ මහජනතාව ගෙවන බදු වලින්ය.

බදු ආදායමෙන් කොටසක් පොහොර සහනාධාරයට වෙන් කරන ආණ්ඩු අවසානයේ දී අය වැය පාලනය කරගත නොහැකි තැනට පත්වෙයි. 2020 වසරේ අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11.1 කි. එවැනි දැවැන්ත හිඟයක් නිර්මාණය වන පසුබිමක රජයේ බදු ආදායම තවත් සියයට 22.1 කින් අඩු වී තිබේ. වියදමට මුදල් හිඟ පසුබිම තුළ වියදම් කපන තැන් සොයන ආණ්ඩුවට පොහොර නොමිලේ සැපයීම නතර කරන්නට කාබනික මෙවලම හොඳ ආයුධයකි. රට තුළ පවතින වස විස නැති ගොවිතැන ගැන ඇති මතය මනා පිටිවහලකි.

කෘෂිකර්මයට දැවැන්ත සහන ජාත්‍යන්තර පිළිවෙළ

ලෝකයේ සියලුරම රටවල් කෘෂි අංශයට දැවැන්ත සහන ප්‍රදානය කරයි. ජාත්‍යන්තර වාර්තා අනුව වසරකට ඇමරිකානු ඩොලර් බිලියන හත්සියය ඉක්මවන සහන ප්‍රදානය කෙරේ. එය ලෝකයේ සමස්ත කෘෂි නිෂ්පාදනයේ වටිනාකමෙන් සියයට දහ හතක පමණ ප්‍රමාණයකි. වැඩිම කොටසක් ගොවියන්ගේ නිෂ්පාදන මිල දී ගැනීමේ දී සැපයේ. අධික වියදම සලකා බලන ලොව බොහෝ රටවල් නිෂ්පාදන මිල අනුව ඒවා මිල දී ගෙන අඩු මිලට පාරිභෝගිකයන්ට සපයයි. වෙළඳපොළ මිල හෙයින් ගොවියන් කනස්සල්ලට පත්වුවහොත් ගොවිතැන අත්හරින අවදානම එයින් වළකයි.

පොහොර හෝ රසායනික භාවිතා නොකරන මහා පරිමාණ ගොවිතැනක් ලෝකයේ නැත. ලෝකයේ බොහෝ රටවල පොහොර හා රසායනික ද්‍රව්‍ය ගුවනින් ඉසින තරමට ප්‍රචලිතය. දැන් ඩ්‍රෝන යාත්‍රා ද යෙදවේ. මෙවැනි ක්‍රමවලින් වැඩිපුර නිපදවන්නේ ඇයි? 2010 වසරේ ලෝකයේ තිබුණ ආහාර අවශ්‍යතාවට වඩා සියයට පනහකින් 2050 වසරේ දී ලෝකයේ ආහාර ඉල්ලුම වැඩිවනු ඇතැයි ගණන් බලා තිබේ. වැඩිවන ජනගහනයට ආහාර සැපයුම සඳහා ඉඩකඩ ඇති සෑම තැනකම ඵලදායී ලෙස වගා කළ යුතු තැනට පත්ව ඇත. ඉඩම් වැඩි නොවන පසුබිම තුළ අස්වැන්න දෙගුණ, තෙගුණ කරගැනීමට රසායනික යෙදවුම් භාවිතා කෙරේ. සාගරයේ පවා වගා කටයුතු අරඹා තිබේ. ඒවා කෘත්‍රිම පොහොර යොදන ක්‍රමයකි.

පස් රහිත, දියර පොහොර මාධ්‍යවල පවා වගා කරන තාක්ෂණික ක්‍රම විවිධ රටවල ක්‍රියාත්මකය. එසේ තිබිය දී පවා, මෑතක දී ලෝක ආහාර සංවිධානය මිනිස් පරිභෝජනය සඳහා ගත හැකි සත්ව හා ශාක කොටස් ගණනාවක් අලුතින් නම් කර තිබේ. මෙතෙක් පිළිකුල් කරන ලද එම ආහාර කෑම මේසයට එන පසුබිම වළකන්නට නම් ඉතාම ඉහළ කෘෂි නිෂ්පාදනයකට යොමු විය යුතුය. පොහොර හා කෘෂි රසායන රහිත ගොවිතැන වැදගත්ය. එහි අස්වැන්න අඩුවන විට මතුවිය හැකි ප්‍රශ්න ගැන ද කල්පනා කිරීම සුදුසුය.

ලෝක බැංකුව දක්වන පරිදි 2018 වසරේ දී ශ්‍රී ලංකාව හෙක්ටයාරයකට පොහොර කිලෝ 138.3 පාවිචිචි කර තිබේ. කෘෂිකර්මයෙහි නිරත රටවල පොහොර භාවිතය සම්බන්ධ 2000 වසරේ ඉලක්කම් ද වැදගත් අනාවරණ කරයි.

නවසීලන්තය වසරකට සාමාන්‍යයෙන් එක හෙක්ටයාරයකට පොහොර කිලෝ 1,895 ක් යොදවයි. සෑහෙන කොටසක් තෘණ භූමිවලටය. ඒවායේ නිපදවන කිරි ලෝකය පුරා බෙදා හැරේ. මැලේසියාවේ පොහොර භාවිතය හෙක්ටයාරයකට කිලෝ 2,106 කි. ඊශ්‍රායලය කිලෝ 240 කි. බ්‍රසීලය කිලෝ 540 ක් හා වියට්නාමය කිලෝ 415 ක් සාමාන්‍යයෙන් අවුරුද්දකට යොදවන බව දැක්වෙයි. ඉන්දියාවේ ගොවියෝ පවා වසරකට එක හෙක්ටයාරයකට කිලෝ 236 ක් භාවිතා කරති.

මෙම රටවල් කෘෂිකර්මයෙහි ඉදිරියෙන් සිටී. රසායනික බව පිළිගත යුතුය. මහා පරිමාණයෙන් නිපදවන අතර ඒවා වෙනත් රටවලට අපනයනය කෙරේ. මෙම රටවලින් ආනයනය කරන දේ ගැන ශ්‍රී ලංකාවේ පිළිවෙළ කුමක්ද? රට තුළ පොහොර භාවිතා නොකරන නමුත් පිටරටවලින් ගෙන්වන ආහාරවල වස විස ගැන තක්සේරු කිරීම සුදුසුය. විස පොල්තෙල් ආනයනය ගැන ආන්දෝලනයක් තිබුණි. දැන් මෙරට නිපදවන පොල්තෙල් ප්‍රමාණවත් නැත. පොල්තෙල් බෝතලය මිල දෙගුණ වී තිබේ. පොහොර ආනයනය නතර කර කාබනික ගොවිතැන මෙයට වඩා දරුණු ප්‍රතිවිපාක ඇතිකරනු ඇත.

කාබනික පොහොර නිපදවීම අවශ්‍යතාවකි

අකාබනික පොහොර භාවිතය එක් වරම අත්හිටුවීම අනුචිතය. පොහොර පොළවට විස එකතු කරන අතර ජනතාව පෙළන නොයෙක් බෝ නොවන රෝගවලට හේතුවක් බවට වෛද්‍ය විශේෂඥයෝ කරන සඳහන වැදගත්ය. මිනිසුන් හා සමානව වගාවලට ද ලෙඩ රෝග වැළඳෙයි. හොඳ පෝෂ්‍යදායක ආහාර නොලැබුණහොත් ප්‍රතිඵල සීමිතය. රජරට ඇතුළු ප්‍රදේශවල පවතින වකුගඩු රෝගයට හේතුව පොහොර හා රසායනික භාවිතය බව ප්‍රචලිත අදහසකි. ජනතාවගේ නිරෝගී බව සලකන විට තහනම වැදගත්ය. එහෙත් අතරමැදි විසඳුමක් අවශ්‍යය.

වසර තුනක් තුළ සම්පූර්ණයෙන්ම කාබනික පොහොරවලට සීමා කරන බව දැනට නිවේදනය කර තිබේ. එහෙත් මෙම තීරණය අනෙක් දේශපාලන පක්ෂවල ද අනුමැතිය සහිතව තීරණය කරන්නේ නම් ඉතා වැදගත්ය. බලයට එන්නට වැර දරන ප්‍රතිවාදී දේශපාලන පක්ෂ ඉදිරි පළාත් සභා මැතිවරණයේ සිට පවත්වන ඡන්දවල දී පොහොර ගෙදරටම ගෙනත් දෙන බව ප්‍රකාශ කරන්නට ඉඩ තිබේ. එය අවදානමකි.

දැනට කාබනික පොහොර මහා පරිමාණයෙන් නිපදවන ආයතන දහ නමයක් ඇති බව දැක්වෙයි. තවත් සමාගම් දහයක් ඇති කරන බව ප්‍රකාශ වී තිබේ. එම සමාගම් මාසයකට මෙට්‍රික් ටොන් දහය බැගින් දිගටම කොම්පෝස්ට් නිපදවන සැලැස්මකට යොමු කෙරේ. රට පුරා ඇති පළාත් පාලන ආයතන 348 ක එකතු කරන කැළිකසළ කොම්පොස්ට්වලට හරවන පියවරකට යනු ඇත. ඒවා ගොවීන්ට සහනාධාර වශයෙන් ලැබෙනු ඇතැයි සැලකේ. රටට අවශ්‍ය්‍ සහල්, එළවළු සහ පලතුරුවලට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය සොයා බැලීම අවශ්‍යය. තේ, රබර් හා පොල් යන අපනයන බෝගවලට මහා පරිමාණයෙන් කාබනික පොහොර අවශ්‍ය විය හැකිය. දළ වශයෙන් වසරකට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 265,000 ක් ගෙන්වයි. ටිපල් සුපර් පොහොර මෙට්‍රික් ටොන් 65,000 ක් හා මියුරේට් පොස්පේට් මෙට්‍රික් ටොන් 75,000 ක් බව දැක්වෙයි. මෙම පොහොර වෙනුවෙන් කොම්පෝස්ට් අවශ්‍ය වන ප්‍රමාණය ගැන අවබෝධයක් තිබේද? රසායනික පොහොර වලින් එන අස්වැන්න සඳහා කාබනික පොහොර යෙදවීමේ දී ලැබෙන්නේ නැත. එය ගැන සැලකීම වැදගත්ය.

අනෙක මෙරට නිපදවන කොම්පෝස්ට්වල අන්තර්ගතය සම්බන්ධවය. නාගරික ප්‍රදේශවල එකතු වන කැළිකසළවල රසායනික ද්‍රව්‍ය බහුලය. විස රසායනික තිබෙන බව නොරහසකි. ඒවායේ ප්‍රමිතිය පරීක්ෂා කරන්නේ නැත. මෙරටට  ගෙන්වන පොහොර හා රසායනික ද්‍රව්‍යවල ප්‍රමිතිය වරායේ දී පරීක්ෂා කෙරේ. පළාත් පාලන ආයතන නිපදවන කාබනික පොහොරවල සංයුතිය ගැන සැලකිල්ල යොමු නොකළහොත් ඒවායෙන් ද ප්‍රශ්න මතු වෙන්නට ඉඩ තිබේ.

කාබනික නිෂ්පාදනවලට වෙළඳපොළ මිලක් සඳහන්ය

කාබනික පොහොර යොදා කරන නිෂ්පාදන ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. ඇතැම් ගොවි පිරිසක් සම්පූර්ණයෙන්ම කාබනික ගොවිතැනක නිරතය. මෙරට එක්තරා පැලැන්තියක පාරිභෝගික පිරිසක් සම්පූර්ණයෙන්ම කාබනික ආහාර පරිභෝජනය කරති. එහෙත් එක කොටසක් පමණකි. සාමාන්‍ය පාරිභෝගිකයෝ සුපිරි වෙළඳසැල්වල විකුණන කාබනික ආහාරවලට අත තබන්නේ නැත. සාමාන්‍ය රතු කැකුළු සහල් කිලෝවක මිල රු. 92.00 කි. කාබනික සහල් කිලෝවක් රු. 275.00 ක සිට ඉහළටය. කාබනික එළවළුවල මිල සාමාන්‍ය එළවළුවල මෙන් දෙතුන් ගුණයක් ඉහළය. එයට හේතුව යෙදවුම් තරමට අස්වැන්න නොලැබීමය. සාමාන්‍ය පාරිභෝගිකයකුට මෙම තත්ත්වය ප්‍රශ්නයක් විය හැකිය. අද වන විට රටට අවශ්‍ය ලොකු ලූනු වලින් සියයට 65 ක් ආනයනය කෙරේ. අර්තාපල්වලින් සියයට හැත්තෑවක් පිටරටවලින් ගෙන්වයි. දැනට කරන නිෂ්පාදනය පහත වැටෙන්නට ඉඩ ඇති බවට ලොකු ලූනු හා අර්තාපල් ගොවියෝ අදහස් දක්වා ඇත්තාහ. සිය දේපොළ උකස් තබා ණය ගෙන කරන වගා කටයුතුවල අස්වැන්න හා ඒවාට ලැබෙන මිල ප්‍රශ්නයක් විය හැකි බවට දැනටමත් ගොවියෝ මැසිවිලි නගන්නට පටන්ගෙන ඇත්තාහ. වෙළඳපොළ ඉලක්ක කරගෙන කරන ගොවිතැනට අවශ්‍ය පොහොර හෝ රසායනික නොයෙදුවහොත් ආනයන අවශ්‍යතා වැඩිවෙන්නට බැරිකමක් නැත.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය සියයට පනස් දෙකක සිට සියයට දහයකට අඩු තැනකට පත්ව තිබේ. ගොවිතැන වියදම් වැඩි වී ඇති අතර නිපදවන දෙය මිල වැඩි වී තිබේ. එයට හේතුව මහා පරිමාණ කෘෂිකර්මයක නිතර නොවීමය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් කරන ලද පර්​ෙ‌ය්ෂණයකින් කුඩා පරිමාණ ගොවිතැන ආර්ථිකයට අවාසියක් බව පෙන්වා දී ඇත. කෘෂිකර්මයෙහි නිරත පිරිස 4,302,214 ක් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියයි. එයින් 1,983,401 ක් කුඩා වගාකරුවෝය. ඉඩම පර්චස් හතළිහකට අඩුය. පර්චස් හතළිහක් වගා කර පවුලක් ජීවත් කරන බව අමතක කළ යුතු නැත. ලාභදායීව නිපදවන මහා පරිමාණ කෘෂි නිෂ්පාදකයන් රටට අවශ්‍යය. කෘෂි නිෂ්පාදනය කරන ඒවා අපනයනය කරන රටවල් මහා පරිමාණයෙන් සිදු කරන දේ කුඩා නිපැයුම්කරුවන්ගෙන් කොම්පෝස්ට් භාවිතා කර අපේක්ෂා කළ නොහැකිය. රසායනික පොහොර නතර කර කාබනික පොහොරවලට සම්පූර්ණයෙන්ම නතුවීම ප්‍රශ්නයක් නොවේ. ගොවියාගේ ආදායම හා පාරිභෝගිකයාට ගෙවන්නට සිදුවිය හැකි මිල වැනි සංකීර්ණ පැති ගැන පුළුල් සාකච්ඡාවකට යා යුතුය.

ශරීරයට වස විස නැති කාබනික ආහාර ගැනීමට අප සියලුම දෙනා කැමැතිය. එහෙත් එයට ගෙවන මිල දරාගන්නට හැකි තරමට මෙරට පාරිභෝගිකයන්ගේ ආදායම ඔසවා තැබිය යුතුය. කුඩා ගොවීන් කාබනික ගොවිතැනට හරවා  සහන දීම වරදක් නොවේ. එනමුත් අඹගහක ගෙඩියක්වත් පොහොර නොයොදා, රසායනික භාවිතා කර ලබන්නට බැරි තැනට පත්ව ඇති බව නිලධාරීහු අවබෝධ කරගත යුත්තෝය. මේවා ආපසු හැරවිය හැකිය. එක මොහොතකින් නොවේ. පවතින වෙළඳපොළට බලපෑමක් කළ හැකි අන්දමට කාබනික නිෂ්පාදන වැඩි කරන පියවරක් සඳහා ආණ්ඩුවේ සූදානමක් තිබේද? එවැනි සූදානමක් රහිතව තීන්දු ගැනීම අනුචිතය.

 

(*** සාරා කන්දෙගොඩ)



අදහස් (4)

ඇතුවත් බැරි නැතුවත් බැරි පෝර සහනය

රුවන් Wednesday, 12 May 2021 08:48 AM

හොද පැහැදිලිකිරීමක්. කාබනික පොහොර කොපමන ප්‍රමානයක් ලංකාවේ නිපදවිය හැකිද යන්න අධ්‍යනයකින් පසුව ක්‍රමානුකුලව සිදු නොකලහොත් ආසාර්තක විමට පුළුවන්, ඒසේ වුවහොත් ලංකිකයන්ට මීටත් වැඩියෙන් වස කෑමට සිදුවනු ඇත.

:       0       8

sasika de silva Wednesday, 12 May 2021 06:12 PM

ලංකාවම කාබනික ආහාරවලින් පිරෙන සුබ දවසක්... සුබ කාලයක්. සුබ අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ... මෙම ගත්ත තීරණයට මම ජනාධිපති තුමාට හිස නමා ආචාර කරනවා. රසායනික පොහොර නවත්වන්න ඕනේ. ඒ තීරණය කවදාවත් වෙනස් නොවෙන්න ශ්‍රී ලාංකිකයෙක් ලෙස ප්‍රාර්ථනා කරමි

:       6       6

vidya Thursday, 13 May 2021 12:13 AM

රුවන්ගේ අදහස ඉතාම වැදගත්. ඒ අතරම කාබනික පොහොර පමණක් යොදා පළාත් කීපයකම ගොවිතැන් කර පරීක්ෂණයක් කරලා එම දත්ත විශ්ලේෂණය කරලා පමණක් මෙම කර්තව්‍යය කළ යුතුය. රුවන් කිව්වා වගේ අසාර්ථක වීමට ඇති සම්භාවිතාවය වැඩියි. මමත්මේ කර්තව්‍යය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.

:       0       0

Banuka Friday, 14 May 2021 10:28 AM

කටින් බතල හිටවන කියන්නේ මේකට තමයි.ඔහොම පෙන්නන්නෙ නැතුව කෙලින්ම කුඹුරට ගිහිල්ලා ඒ කාබනික පෝර භාවිතා කරනවා පෙන්නුව නම් නේද හොඳ.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෝක බලවතා කමලාද? ට්‍රම්ප්ද?
2024 නොවැම්බර් මස 04 889 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණ සටන පවතින්නේ, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍ර


යුගයට ගැළපෙන දේශපාලනය
2024 නොවැම්බර් මස 04 226 0

තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද


අඩි 7000 උස නැග්රැක් ගමට පොදු පහසුකම් නෑ
2024 නොවැම්බර් මස 03 3661 0

ලංකාවේ අති දුෂ්කර ගමනාන්තයක පවතින වතු ජනාවාස ගම්මානයක වැසියන් වන නැග්රැක් ගමේ ජනපදිකයන් වෙත පොදු පහසුකම් නොමැති බව ඔවුහු පවසති.


සසුනඹර එකලු කළ පොඩි හාමුදුරුවෝ
2024 නොවැම්බර් මස 02 221 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම අද (02) සහ හෙට (03) ගංගාරාම


උඩ යන යට යන කොමිෂන් සභා
2024 නොවැම්බර් මස 02 157 0

පස් වසරක පෙර පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති කිරීමට පිවිතුරු හෙළි උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී


වසර 138ක් සපුරන කොළඹ ආනන්දය
2024 නොවැම්බර් මස 01 578 1

කොළඹ ආනන්ද විද්‍යාලයේ 138 වැනි සැමරුම අදට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා 1884 පෙබරවාරි මස 08 වැනිදා මරදානේ ධර්මෝපකාරී සමාගම


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 702 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site