ගල්අමුණ පසුකරන විට ගොම්මන් කළුවර වනාන්තරයේ ගස් අතරින් මහපොළොව සිපගෙන හමාරය. ජිප් රථයට ඉදිරියෙන් යන ටේ‍්‍රල් වර්ගයේ යතුරු පැදියේ හඩ වනයේ නිහඩ බවට බාධා කළේය. එහෙත් ඒ හ`ඩ වනසතුන්ගෙන් ආරක්‍ෂාවීමට මහත් පිටිහවලක් බව ජීප් රථයේ සිටි හැමදෙනාටම පසක්විය. දැන් පිරිස සිටින්නේ කුඹුක්කන්ඔය ආසන්නයේය. මීටර් කිහිපයක් ඉදිරියට ගියවිට හමුවන්නේ මඩමෙතොට හෙවත් කුඩා කැබිලිත්ත දේවාලයයි. කුමන සිට යාලටත් යාල සිට කුමනටත් යනෙන විට හමුවන කුඹුක්කන්ඔය එගොඩවන්නේ මේ ඇදකූඹුකේ නම් ස්ථානයෙනි. වාහන පවා එගොඩ මෙගොඩකරන මෙතැන රාත‍්‍රීය ගතකරන්නට වඩාත් සුදුසු බව පිරිස කල් ඇතිවම තීරණය කර තිබිණි. වියළි කාලය වු නිසා කුඹුක්කන්ඔයේ වතුර පාර ද අඩුය. ඒ නිසා කූඔුක්කන්ඔය ඉවුරේ වැල්ලේ කූඩාරමක් තැනුවේ රාත‍්‍රිය එහි ගතකරන්නටය. පෙරදින රාත‍්‍රී අඩනින්දේ පසුවීමත් එදින උදේ මහකැබිලිත්තේදී අමුත්තන් පිරිසක් නෙතගැටීමත් නිසා ගමනට එක්ව සිටි පිරිස සිටියේ නොසන්සුන් සිත් ඇතිවය. රාත‍්‍රීය මෙතැන නොනැවතී ඕකන්‍දට යන්නට ඇත්නම් කෙතරම් අගේද යන්න හැමදෙනාගෙම හදවත් තුළ නලියන්නට විය. එහෙත් ඒ ගැන කිසිවකුගෙන් වචනයකුදු පිටවුයේ නැත. වැල්ලේ තැනු කූඩාරමට නුදුරින් ගිනිමැළයක් ඇවුලූවේ දියබොන්නට එන වනඅලි කූඩාරම දෙසට ඒම වළක්වන්නටය. කුසගිනි නිවන්නට පිළියෙල වු නිර්මාංශ ආහාරය විඩාබර ගතට රස බොජුනක් විය. රාත‍්‍රී ආහාරය ගෙන කූඩාරම තුළ වැතිරී සිටියදී සියලූදෙනාම තෙහෙට්ටුව නිසාම ඉතා ඉක්මනින් නින්දට වන්හ. රාත‍්‍රීය ගෙවන ඇදකුඹුක නම් වු මෙතැන ආරක්‍ෂාව අතින් නම් ගැටලූ සහගත තැනකි. නැගෙනහිර පළාතෙන් බෝට්ටු මගින් කුමණ වනෝද්‍යානයට මුහුදෙන් එන කොටි ත‍්‍රස්තයන් යාල ජාතික වනෝද්‍යානයට පිවිසෙන්නේ මේ මග ඔස්සේය. පොලිස් විශේෂ කාර්ය බළකායද කුමණ රැකවල්ලා සිටින නිසා ත‍්‍රස්තවාදීන් කැලෑවේ ඇති මාර්ගවලට සමාන්තරව කැලෑවෙන් ගමන් කරන නිසා ඇදකුඔකෙන්ද එසේ ගොඩවීම යම් අස්වැසිල්ලකට හේතුවක් විය. කුඹුකන්ඔයේ වැල්ලේ සීතලත්, ගංඉවුරේ කුඹුක් ගස්වල මද සුළගත් නිසා රැයේ කූඩාරම තුළටද ගලා ආවේ තද සීතලකි. අඩවන් නින්දේ පසුවු කූඩාරමේ සිටි අයගේ හිත් දහවල් කාලයේ මහකැබිලිත්තේදී දුටු ආයුධ සන්නද්ධ කණ්ඩායමේ දසුන් ප‍්‍රතිරූපනය වීමෙන් වඩවඩාත් අවුල් කළේය. එහෙත් ඒ කිසිවකු වචනයක් හෝ ඒ ගැන පිට නොකළේය. පෙරදින තරම් රැය දිගු නොවු බව කූඩාරමේ සිටි හැමෝටම අවබෝධවුයේ එතෙක් වෙලාගෙන තිබු අදුර කෙමෙන් කෙමෙන් පහවී යනු දැකීමෙනි. කැදැලිවල රැයගත කළ කුරුල්ලන් පාන්දරම ඉන් පිටව පියාඹා යන අයුරු මනස්කාන්ත දසුන් මවයි. කුරුල්ලන්ගේ විවිධාකාර හඩවල් දෙකන්වලට ගෙනාවේ අමුතුම ආශ්වාදයකි. ඉතාමත් ඉක්මනින් ඕකන්‍දට යන්නට පිරිසට වුවමනා විය. ඒ වෙනකකට නොව තවදුරටත් මෙහි රැදී සිටීම ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි නිසාවෙනි. කූඩාරම අකුලාගෙන ගෙනා බඩුමුට්ටු පොදි බැද ජිප් රථයට පටවා ගැනීමට අඩ හෝරාවක් වත් ගත නොවීය. වනසත්ව සහකාර අඩවි ආරක්‍ෂක බී. ගුණසිංහ සෙස්සන් ගමනට සුදානම් වනතුරු පෙරදින රාත‍්‍රිය ගතකළ ස්ථානයට තරමක් නුදුරු ප‍්‍රදේශයේ කුඹුකන්ඔය ඉවුරේ එහා මෙහා සක්මන් කළේ වතුර බොන්නට ඔයට ආ වන සතුන්ගේ පා සලකුණු මොනවාදැයි නිශ්චය කර ගැනීමටය. ඒ පා සලකුණු අතර කුඹුක් ගසක් අතර වැටී තිබු නුහුරු දෙයක් දැක ගුණසිංහගේ දෙනෙත් නලියන්නට විය. මෙතෙක් සන්සුන්ව තිබු ඔහුගේ හිත කලබලයට පත්විය. බිමවැටී තිබු දෙය අතට ගැනීම සියලූ දෙනාම කලබලයට පත්වන්නට ඉඩඇතිබව ගුණසිංහට අවබෝධ විය. කූඩාරම අකුලන ස්ථානයට ගිය ඔහු ගමන ඉක්මන් කිරිමට සංඥාවක් කළේය. ඒවන විට පිරිස ජිප්රියට බඩු පටවා අවසන්වීමට ආසන්නව සිටියේය. තමන්ගේ අඩුමකුඩුම බෑගය අතටගත් ගුණසිංහ යළි කුඹුකන්ඔය ඉවුරට පැමිණ මොහොතකට පෙර තමන් තැතිගැන්මකට පත්කළ භාණ්ඩය සියතට ගෙන කාටත් නොපෙනෙන සේ ගමන්මල්ලෙන් ආවරණය කරගෙන යතුරු පැදියෙන් පෙර ගමන් කළේය. ඒ එන අතරවාරයේ මඩමෙතොට හෙවත් කුඩා කැබිලිත්ත දේවාලයට ගොඩවී කපුරු සහ පහනක් දල්වා මහ වනාන්තරයේදී අතුරු ආන්තරාවක් නැතිව යන්නට එන්නට හැකිවීම ගැන කතරගම දෙවියන් ප‍්‍රමුඛ දෙවි දේවතාවුන්ට පින් දෙන්නට ගුණසිංහ මහතා අමතක නොකළේය. දෙපැයකට ආසන්න වෙත්ම පිරිස ඕකන්‍දට ළගා වූහ. ඒවනවිටත් ඕකන්‍ද වනජිවි කාර්යාල භූමියට, අසල පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරී පිරිසක් ද පැමිණ සිටියහ. ඕකන්‍ද වනජිවී කාර්යාලයේ රැදි සිටි පිරිස් කිසිවකුගේ පැමිණීම බලාපොරොත්තුව සිටින සෙයක් පෙන්නුම් කළහ. ඔවුන් වැඩි දෙනෙකුගෙන් දිස්වූයේ අවිඅනිශ්චිත බවකි. සෙස්සන්ට වඩා මේ වෙනස ගුණසිංහට හොදින්ම අවබෝධ විය. නමුත් ඔහු ඒබව කිසිවකුටවත් ඇගවුයේ නැත. ‘‘ඊයේ රෑ කොහේද හිටියේ’’ හැමෝගෙම මුවින් පිටවුයේ එකම පැනයකි. ‘‘ඇදකුඹුකේ’’ ගුණසිංහ කාටත් පෙර පිළිතුරු දුන්නේය. ‘‘ඉක්මනට ආ එක හොදයි. කොහොමද ඊයේ රෑ.” පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙක් ප‍්‍රශ්නයක් ඉදිරිපත් කළේය. ‘‘අවුලක් නෑ හොදට නින්දගියා. පෙරේද නම් හොදට නින්දගියේ නෑ. ඒකටත් එක්ක ඊයේ දන්නෙම නැතුව නින්දගියා. උදේ බලනකොට ගිනිමැලෙත් නිවිලා.’’ පිළිතුර ගුණසිංහගෙනි. මේවනවිට ගමනට ගිය පිරිස ජිප් රථයෙන් බැස ඕකන්‍ද වනජීවී කාර්යාල බිමේ තැන තැන ඇවිදිමින් සිටියේ එහි සිරි නරඹමිනි. කුඹුක්කන්ඔය ඉවුරෙ තිබී හමුවු දෙය ගුණසිංහ පොලිස් විශේෂ කාර්ය බළකායේ ඕකන්‍ද ප‍්‍රධානියාට පෙන්වන්නට ගුණසිංහට වුවමනාවක් ඇතිවුයේ මේ දෙබස් අතරය. ‘‘ඔයාලගේ ටීම් එකේ මොනවාහරි නැතිවුණාද?’’ ගුණසිංහ මහතා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකුගෙන් ප‍්‍රශ්නයක් ඇසීය. ‘‘ඇයි එහෙම ඇහැව්වේ’’ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියා තරමක කලබලයෙන් යුතුව විමසුවේය. ‘‘නෑ මොකවත් නෑ. මම අද උදේ කුඹුක්කන් ඔය ඉවුරේ තිබිලා මේ පිහිය ඇහුලූවා. ඔපරේෂන් එකකට ගිය ඔයාලගේ වෙන්න ඇති. සී. ඕ. ට දෙමු. ’’ ගුණසිංහ කීවේ පිහිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරියා අතට එය පත්කරමින්ය. පිහිය අතටගත් නිලධාරියා එය හොදින් විපරම් කළේය. එය පොලිස් විශේෂ කාර්ය බළකායේ එකක් විය නොහැකි බවට ඔහුට වැටහිනි. ‘‘මේකනම් අපේ වෙන්න බෑ.’’ යි කියූ ඔහු එම පිහිය ඕකන්‍ද වනජිවි කාර්යාලයට යාබදව තිබූ පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරට රැගෙන ගියේ එහි ප‍්‍රධානියාට පෙන්වන්නටය. මේ අතර ඕකන්‍ද වනජිවී කාර්යාලයේ සිටි පිරිසගේ වෙනස ගැන ගුණසිංහට දැන ගන්නා තුරු ඉස්පාසුවක් නොවීය. ‘‘ ඇත්තටම ඔයගොල්ල ඇයි නිකම් පුදුමවෙලා වගේ ’’ ගුණසිංහ එහි සිටියවුවෙකුගේ කණට ළං කර පැනයක් ඇසීය. ‘‘ඊයේ යාල තල්ගස්මංකඩට කොටි ගහලා. උන් ගිහිං තියෙන්නේ කුමණ පැත්තෙන්ලූ. ප‍්‍රහාරයෙන් පස්සේ පසු බැහැලා තියෙන්නෙත් කුමණටලූ. දහයක පහළොවක පොඩි ටීම් එකක් ගේමට බැහැල තියෙන්නේ. රෑ දෙකට විතර ගහන්න පටන් අරං තියෙන්නේ උදේ තුන හතර වෙනකම් දෙපැත්ත ෆයර් කරගෙන තියනවා. ’’ උත්තරයෙන් ගුණසිංහගේ ඇගේ හිරිගඩු පිපෙන්නට විය. මේ ආරංචිය ගමනට එක්වු සෙසු පිරිසට තවමත් දැනගන්නට නොලැබුණේ ඔවුන් එළියේ ඔබමොබ ඇවිදින නිසාය. එහෙත් ඒ තොරතුරෙන් ගුණසිංහ අතීතාවර්ජනයකට ඉබේම යොමුවිය. මහකැබිලිත්තේදී අලූයම් කාලයේදි සහ දහවල් කාලයේදී දුටු අමුත්තන් මේ ප‍්‍රහාරකයන් විය නොහැකිද? දිව්ලානෙගොඩ ප‍්‍රදේශයේ සැගවී සිටිමින් තල්ගස්මංකඩ ප‍්‍රහාරය සැලසුම් කර එහි පිටත්වෙද්දී තමන් නෙත ගැටුනාද? නමුත් එතැන සිට පයින් මහ කැලෑව මැද්දෙන් තල්ගස්මංකඩට යන්නට හැකියාවක් නැත. එසේනම් තල්ගස්මංකඩ ප‍්‍රහාරයට සම්බන්‍ධවී ඇත්තේ වෙනත් පිරිසක් විය යුතුය. ඉන් හැගෙන්නේ කොටි ත‍්‍රස්තවාදීන් කණ්ඩායම් කිහිපයක්ම දැන් කුමණට රිංගා ඇතිබවය. මේ කරුණු ගුණසිංහගේ සිත අවුල කරන්නට හේතුවක් විය. ‘‘මහකැබිලිත්තේදී දුටු කොටි ත‍්‍රස්තවාදීන් ඇයි අපට කරදරයක් නොකළේ?’’ ගුණසිංහගේ හිතට වදදෙන ප‍්‍රශ්නයක් බවට ඒ සිදුවීම පත්විය. ‘‘අපි කාටවත් කරදරයක් කරන්න ගිය ගමනක් නොවෙයි. මහකැබිලිත්තේ සියඹලා දේවාලය වැද පුදාගෙන කතරගම දෙයි හාමුදුරුවන්ට පින් අනුමෝදන් කරන්නනේ අපි ගියේ. ඒ හින්දා අපට කරදරයක් නොවෙන්න ඇති.’’ ගුණසිංහ ආකූල ව්‍යාකූල වු සිත තමන් විසින්ම සනසා ගන්නට කියා ගත්තේය. මේ අතර යාබද පොලිස් විශේෂ බළකා කදවුරේ ප‍්‍රධානියාගේ පණිවිඩයක් අනුව ගුණසිංහ මහතා ඔහු සමග කතාවට වැටුණේය. ‘‘ගුණේ මේ පිහිය කොහේද තිබුණේ.’’ පොලිස් විශේෂ කාර්ය බලකා ප‍්‍රධානියා පැනයක් නැගීය. ‘‘ඇදකුඹුකේ කුඹුක්කන්ඔය ඉවුර ළග. ඔයෙන් එගොඩ මෙගොඩ වෙන තැනට ටිකක් එහායින්. ඇයි මේක ඔබතුමාලගේ එකක් නෙවෙයිද? ’’ තරමක් වික්‍ෂිප්තව ගුණසිංහ පිළිතුරත් සමග පැනයක් ඇසීය. ‘‘නෑ. මේ පිහිය අපි පාවිච්චි කරන එකක් නොවෙයි. මේ වගේ පිහියා පාවිච්චි කරන්නේ කොටි ත‍්‍රස්තවාදීන්. උන් ගම්වලට වැදිලා, හමුදා කදවුරුවලට කඩාපැනලා මිනිස්සු කපා කොටා දමන්න මේ වර්ගයේ පිහියා තමයි පාවිච්චියට ගන්නේ. ඒත් මේක අතරමග දාලා ගියේ ඇයි කියන එකයි ගැටලූව.’’ පොලිස් විශේෂ කාර්ය බළකා ප‍්‍රධානියාගේ පැහැදිලි කිරීම හමුවේ ගූණසිංහ මහතාගේ ඇඟේ හිරිගඩු පිපෙන්නට විය. ‘‘ඇදකුඹුකේ නැවතී සිටි තම කණ්ඩායමට අනතුරක් කරන්නට පැමිණි කොටි ත‍්‍රස්තයන් යම් හේතුවක් මත එය නොකර ආපසු යද්දී මේ පිහිය අතරමග වැටුණාද? නැත්නම් තල්ගස්මංකඩ කදවුරට ප‍්‍රහාරය එල්ල කරන්නට යනවිට ගෙනයද්දී වැටුණාද? පිළිතුරක් නැති පැනයෙන් ගුණසිංහ මොහොතක් කල්පනාවේ පසුවිය. ‘‘ඊයේ රෑ තල්ගස්මංකඩ කෑම්ප් එකට කොටි ගහලා. උන් ගිහිං තියෙන්නේ කුමණ ඉදලා යාලෙ බ්ලොක් ටූ වල පොත්තන පිළින්නාව හරහා කියලයි සැකකරන්නේ. හැබැයි ප‍්‍රහාරයට ගිය ත‍්‍රස්තයෝ තවම කුමණට ආපහු ඇවිත් නෑ. මොකද ප‍්‍රහාරය වු වෙලාවයි, කුමණ ඉදලා තියන දුරයි බැලූවම උන්ට ආපහු එන්න වෙලාවක් නෑ. අනික උන් ප‍්‍රහාරයට යන්න ඇත්තේ දවස් කිහිපයකට ඉස්සර වෙන්න ඕනෑ. සමහරවිට ඒ යද්දී මේ පිහිය වැටෙන්න ඇති’’ හො`දින් මුවහත්ව ඇති පරණ නොවු පිහිය අතේ තබාගෙනම පොලිස් විශේෂ කාර්ය බළකා ප‍්‍රධානියා කීවේය. ‘‘මේ පිහියෙන් කී දෙනෙක් කපලා මරන්න ඇද්ද?’’ පොලිස් විශේෂ කාර්ය බළකා ප‍්‍රධානියා සිය කතාවට තවත් අරුතක් ගෙනාවේය. මේවනවිට ඕකන්‍ද වනජිවී කාර්යාල බිමේ තැන තැන ඇවිදිමින් සිටි පිරිසට පෙරදිනයේ තමන් භයානක අත්දැකීමකට මුහුණදුන් බව සෙසු පිරිසගේ කතාබහ සහ හැසිරීම් වලින් ඉව වැටී තිබුණි.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇදකුඹුකේදී දෙවැනි වරටත් මරණෙන් ගැළවෙයි
රම්‍යා Thursday, 27 September 2012 04:55 PM
මිනිසුනේ, මේ විශ්වයටම ඉන්නෙ එක දෙවිකෙනයි. (නි)
නදීරා Wednesday, 26 September 2012 08:44 AM
කොහේද ඔය කියන දෙවියා ඉන්නේ? (නි)
සුමුදු Saturday, 20 October 2012 10:42 AM
කව්ද ඒ? ඔයාද රම්‍යා? (ස)
සුදත් Monday, 24 September 2012 11:15 AM
කතරගම දෙවිදුන්ට පින්සිදු වේවා (ස)