ඔහු වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙකි. ඔහුගේ බිරිඳ රැකියාවක් නොකළ අතර ඕ සිය විසල් නිවසෙහි කාන්තාවන් සඳහා නේවාසිකාගාරයක් පවත්වාගෙන ගියාය. දෙදෙනා මැදිවියේය. එහෙත් දරු සුරතල් බැලීමේ වාසනාව දෛවය විසින් ඔවුන්ට අහිමි කැර තිබිණි.
දුරකථන පහසුකම් එතරම් ප්‍රචලිතව නොතිබූ එම වකවානුවේ සන්නිවේදන කටයුතු කෙරුනේ ලියුම් මඟිනි.
නේවාසික යුවතියන්ට තැපැල් මඟින් ලැබෙන ලියුම් රහසිගතව කඩා කියවා බැලීම ඇගේ සිරිත විය. එය ඕ කෙතරම් සූක්ෂම අයුරින් කළ ද නේවාසික යුවතියන්ට ඒ ගැන යම් යම් සැක පහළ වී තිබිණි. ඔව්හු ඒ පිළිබඳව සෙවිල්ලෙන් පසුවූහ.
එක් නේවාසික යුවතියකට තැපෑලෙන් ලැබුණු රා.සේ.පි. ලිපියකි. ඒ රැකියාවක් සඳහා අයදුම්කරන ලදුව අදාළ සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමේ ලිපියයි. එදින සන්ධ්‍යාවේ ආපසු තම නේවාසිකාගාරය වෙත පැමිණි ඕ ප්‍රීතියෙන් යුතුව එය විවෘත කළාය. විශ්මයකි. ලිපියට ඇලී තිබූ අමු කොස් ඉරක් ඕ දුටුවාය.
ආණ්ඩුවේ කන්තෝරුවකින් ආපු ලියුමේ කොස් ඉරක් ඇලිලා තියෙන්න විදියක් නෑනෙ. අර අම්මණ්ඩි කොස් කපල ශුද්ධ කර කර ඉන්නකොට පෝස්ට්මන් ලියුම ගෙනැල්ලා දෙන්න ඇති. මේ බඩුව ඒක කඩලා කියවනකොට අතේ තිබුණු කොස් ඉරක් ලියුමේ ඇලෙන්න ඇති. ලියුම කියවලා අලවනකොට මේ ගෑනි ඒක දැකල නෑ. තරුණියෝ එසේ කථිකා කළහ.
“ගේ පිළිකන්නේ කුණු වළ බලාපල්ලා. අද කොස් කපල ද කියල බලපල්ලා” එක් තරුණියක් කීවාය.
“හරියටම හරි කුණු වළේ කොස් කටුයි කොස් ඉරියි තියෙනවා” එකියක් පිළිකන්නට ගොස් ආපසු පැමිණෙමින් කීවාය.
“කාලයක් තිස්සේ තිබුණු අපේ සැකය අද තහවුරු වුණා. අපි රෑට අංකල් ආවම කියමු” ඔව්හු කථිකා කළහ.
“ඵලක් නැහැ. ඒ අහිංසකයා අර අම්මණ්ඩිගෙන් බැනුම් අහන එක විතරයි සිද්ධ වෙන්නෙ” එකියක් කීවාය.
“අපිට මොකෝ, උන් දෙන්න රංඩු වුණාම? ඔන්න ඔහේ කියල දාමු” ඔව්හු අවසන් නිගමනයකට එළඹුනහ.
කථිකා කැරගත් පරිදි ඔව්හු එදින රැයේ නිවෙස් හිමියාට සිය පැමිණිල්ල ඉදිරිපත් කළහ. ඒ එදින රැයේ ආහාර ගැනීමෙන් පසුව ඇන්ටි ඉදිරියේමය. හේ හිස සලමින් එය අනුමත කළ ද ඕ සිය නිර්දෝෂීභාවය වෙනුවෙන් අසාර්ථක ප්‍රයත්නයක යෙදුනාය.
“ආණ්ඩුවෙ කන්තෝරුවල ලොකු ලොකු මහත්වරු කොස් කන්නෙ නෑ කියල ද ඔයාල කියන්නෙ?” කෝපයෙන් එසේ ඇසූ ඕ ගස්සාගෙන කුස්සිය දෙසට ගියාය.
නඩුව එතැනින් නිම වූයේ නැත. මැදියම් රැය පසුවෙන තුරුම යුවලගේ නිදන කාමරයෙන් මහා යුද්ධයක හඬ ඇසිණි.
“ඔය ජරා වැඬේ නවත්තන්න. ලැජ්ජාවෙ බෑ” සැමියා කියනු ඇසිණි.
“කවුරු කිව්වත් මම ඒක නවත්තන්නෙ නෑ. උන්ට යන්න ඕනෑ නම් ගියාවෙ” සිය සැමියාගේ නියෝගයට ඇගේ ප්‍රතිචාරය එසේ විය.
“හරි මම දන්නවා එයාට දෙන්න ඕන දඬුවම” දඩබ්බර යුවතියක වූ ‘රාළහාමි’ යනුවෙන් මිතුරියන් විසින් නම්පට බැඳ සිටි කවින්ද්‍යා නිගමනයකට එළඹෙමින් කීවාය.
“අංකල් ගෙදර එන්නෙ ලබන සිකුරාදා ඔඩිට් එකකට කෑගල්ලෙ ගිහිං. බලාපල්ල මෑන් ගෙදර ආපු ගමන් පත්තු වෙන්නෙ නැද්ද කියලා ඊළඟ සතියේ” ගමේ ගොස් ඉරිදා හැන්දෑවේ නේවාසිකාගාරයට ආ කවින්ද්‍යා ජයග්‍රාහී ලීලාවෙන් කීවාය.
“පව් අහිංසකයා. උඹ මරාලයක් අටවලා ආව ද?” මිතුරියෝ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් කීහ.
ඊළඟ සිකුරාදා රාත්‍රී නවයට පමණ ඔහු ගෙදර ආවේය. ඒ වනවිට යුවතියෝ ආහර කිස නිමවා තම කාමරවලට වී සිටියේ යුද්ධයක් අපේක්ෂාවෙනි.
ඔවුන් සිතුවා නිවැරැදිය. ඔහු ගෙට ගොඩ වූ ගමන්ම ඕ යුද ප්‍රකාශ කළාය. ඇගේ චෝදනාව හමුවේ ඔහු අන්දුන් කුන්දුන් විය.
“තමුසෙට කෑගල්ලෙ හොර ගෑණියක් ඉන්න බව මම දන්නෙ නෑ කියල ද හිතන්නෙ. තමුසෙ කෑගල්ලෙ ඔඩිට් එකට ගියාම නවතින්නෙත් ඒ ගෑණිගේ ගෙදර. සාප්පු සවාරි යනවා ඒ පරට්ටිත් එක්ක. මම මෙහේ හිටියට ඔක්කොම දන්නව ඕයි. මට ලිඛිත සාක්කි තියෙනවා. තමුසෙ නෑ කියන්න එපා ඔන්න” ඕ හඬමින් කීවාය.
“කාගෙ ද ලණුවක් කාලා. මම නැහිල නැහිලා ගෙදර ආවා විතරයි” ඔහු නිදහසට කරුණු කියද්දී තව තවත් කෝපාවිෂ්ඨ වූ ඕ ඔහුට දිගට හරහට බැන වැදුණාය. ඉවසා ඉවසා බැරිම තැන හේ ඇයට පාර දෙක තුනක් ගැසුවේය. ඇය ද හඬමින් ඔහුට අතට හසුවූ හැම දෙයින්ම පහර දුන්නාය. යුවතියෝ කන්දීයාන සිටියහ.
“පව් අසරණයා. හෙට උදේට කන්නත් නෑ. කඩෙන් කන්න ලෑස්ති වෙයල්ලා” එකියක් කීවාය.
“මොකක්ද රාළහාමි උඹ කළේ?” තවත් එකියක් කවින්ද්‍යා අමතා ඇසුවාය.
“මම ලියුමක් ලියලා ඒක මගේ නමටම මේ ගෙදර ඇඩ්‍රස් එකට තැපැල් කලා. ගෑණි සුපුරුදු පරිදි ඒක කඩලා කියෙව්වා. මට ලියුම දුන්නෙත් නෑ. එහෙම වෙයි කියල මට හිතුනා. මට ඒක නැතුවට කාරි නෑ. ලියුම ලිව්වේ මගේ යාළුවෙක් මට ලියන විදියට” කවින්ද්‍යා සිනාසෙමින් කීවාය.
“මොනවද උඹ ලියුමෙ ලිව්වෙ?” මිතුරියෝ ඇසූහ.
“ඔන්න අහගනිල්ලා, මම ප්‍රකෘති කථනයෙන්ම කියනවා. අංක දහසය දෙවැනි පටුමග කෑගල්ල. ආදරණීය කවින්ද්‍යා වෙතටයි. මට ඔයාට කියන්න මාර කථාවක් තියෙනවා. ඔයා ගමේ ආ දවසෙ මම අම්පාරෙ ගිහිල්ලයි හිටියෙ. ඒකයි අපි මුණ ගැසුණෙ නැත්තෙ. ඔයාලගෙ බෝඩිමේ අංකල් මට රෙදි සාප්පුවකදි හමු වුණා. අපේ ගෙට කිට්ටුව ගෙදරක ඇන්ටි කෙනෙකුත් එක්ක ෂොපිං ගිහිං බරටම උස්සාගෙන දෙන්නා කාර් එකට නැග්ගා. බලන්න එපායෑ දෙන්නගෙ ලව් එක කුරුල්ලයි කිරිල්ලියි වගේ. ඒ ඇන්ටිගෙ හස්බන්ඞ් ඉන්නෙ රට. ළමයි කොළඹ ඉගෙන ගන්නවා. ඇන්ටි විතරයි ගෙදර ඉන්නෙ.
උඹලගෙ අංකල් කෑගල්ලෙ ආවම නතර වෙන්නෙත් ඒ ගෙදරමයි. අනේ කෙල්ලෙ මේක ආන්ටිට එහෙම කියන්න එපා. රංඩු වෙයි. උඹට දැන ගන්නයි මම මේ කියන්නෙ. මීට සුරම්‍යා” කවින්ද්‍යා සිනාසෙමින් සිය ලියුම අවසන් කළාය.
“උඹ තමයි දවසකටවත් ගෑනි” මිතුරියෝ සිනාසෙමින් කීහ.
මෙම පුවත වාර්තාවූයේ කටුනායක ප්‍රදේශයේ එක්තරා නේවාසිකාගාරයකිනි.
ඊළඟ පුවත වාර්තාවූයේ කොළඹ කිරුළපන ප්‍රදේශයේ තවත් කාන්තා නේවාසිකාගාරයකිනි.
විශ්‍රාමික උසස් රාජ්‍ය නිලධාරියකුගේ විසල් නිවසේ පවත්වාගෙන ගිය එම කාන්තා නේවාසිකාගාරයේ නිසි බලධාරිනිය වූයේ ඔහුගේ බිරිඳයි. ඔහුට අයත්ව තිබූ රාජකාරි කටයුතු ගණනාවකි. පොළේ ගොස් අවැසි බඩු බාහිරාදිය ගෙන ඒම, ආරක්ෂක කටයුතු හා ශුද්ධ පවිත්‍ර කිරීම ඒවා අතර මුල් තැනක් ගත්තේය.
එහි නේවාසික යුවතියන් සන්ධ්‍යාවේ ආපසු පැමිණ සිය කාමරවලට වැද දොරවල් වසාගෙන ඇඳුම් මරු කරනවිට “අංකල්” යනුවෙන් ඔවුන් විසින් ආදරයෙන් අමතනු ලැබූ හේ දොරවල්වල යතුරු සිදුරුවලට ඇස තබා ගෙන ඔවුන්ගේ අඩ නිරුවත නරඹන බවට රාවයක් එහි නේවාසික කතුන් අතර පැතිර ගොස් තිබිණි. ඔව්හු ඒ ගැන විමසිල්ලෙන් පසුවූහ.
හේ දිනක් එම කටයුත්තේ යෙදී සිටියදී වෙනත් කාමරයක නේවාසික යුවතියක් ඒ බව දුටුවාය.
“මොනවද අංකල් බලන්නෙ?” ඕ කෝපයෙන් ඇසුවාය.
“නෑ දුව, මම මේ බැලුවෙ මේ කාමරේ ඉන්න දුව ආවද කියල තේ එකක් ගෙනැත් දෙන්න” ඔහු තැනට සුදුසු නුවන භාවිතා කරමින් කීවේය.
“යතුරු හිලෙන් බලන්න ඕනයෑ? දොරට තට්ටු කරලා බලන්න” ඕ කීවාය.
“කරදර කරන්න හොඳ නෑනෙ. දවස තිස්සෙ වෙහෙසිලා වෙහෙසිලා ඉන්න දරුවො නේ” යැයි කියමින් හේ ලිස්සා ගියේය.
පුවත නේවාසික හැම යුවතියකගේම කනට එදා රැයේම ගියේය.
“නාකියට අමතක නොවෙන පාඩමක් උගන්වන්න ඕනෑ” එහි විසූ අතිශය දඩබ්බර එකියක් කීවාය.
“ගණන් ගන්න එපා බං. ඒ අහිංසකයා ටිකක් බැලුවා කියල උඹලගෙ හම යනවයෑ?” සාමකාමී යුවතියක් කීවාය.
“නෑ නෑ එහෙම බෑ, උගන්වන්න ඕනි මෑන්ට හොඳ පාඩමක්” පළමු යුවතියගේ කාමරයේම වෙසෙන ඕ කීවාය.
කථිකා කැරගත් පරිදි ඔවුන් දෙදෙනා සිය කාර්යාලවලින් පැයක කෙටි නිවාඩු ලබාගෙන වේලාසනින් නේවාසිකාගාරයට පැමිණියහ. ඔවුන් එද්දී අංකල් මිදුලේ තණකොළ ගලවමින් සිටින අයුරු දුටහ.
“හෙලෝ අංකල්, බරටම වැඩ වගෙයි” කියමින් ඔව්හු ගෙට ගොඩ වූහ.
යුවතියෝ කාමරයට වැද දොර වසා ගත්හ. සිය උඩ ඇඳුම් සියල්ල ගලවා දැමූ ඔවුහු යට ඇඳුම් පිටින් කාමරයේ දොරට මුහුණලා වාඩිගෙන සතුටු සාමිච්චියක යෙදුණහ. තම කාමරය දෙසට කවුරුන්දෝ එන පා ගැටෙන හඬ ඔවුනට යාන්තමින් ශ්‍රවණය විය. තම කාමරයේ දොරට යටින් වැටුණු සෙවනැල්ලක අඳුරක් ද ඔවුහු දුටුහ.
අංකල් දොරේ යතුර සිදුරු තුළින් තම අඩ නිරුවත නරඹන බව දැන් නම් ඔවුනට හොඳටම විශ්වාසය. ඔව්හු ඔහුට යාන්තමින් හෝ සැකයක් නොදැනෙන අයුරින් හැසිරුණහ. එපරිද්දෙන් විනාඩි කිහිපයක් ගත වී ගියේය. “දැන් ඔය ඇති නේද?” එකියක් දුන් සංඥාවෙන් වහා නැගිට ගත් දෙදෙනා ක්‍ෂණයෙන් කාමරයේ දොර විවෘත කළහ. තම කාමරයේ දොර යතුරු සිදුරට ඇසක් තබාගෙන අසම්මත ක්‍රියාවක නිරතව සිටි අංකල් ඔවුන්ගේ අතටම හසුවිය. දෙදෙනා ඔහු තරයේ අල්ලා ගත්හ. කාමරය තුළට ඔහු ඇද ගැනීමට ඔව්හු සමත් වූහ.
“ආන්ටී, ආන්ටී, අනේ ආන්ටී ඉක්මනට එන්න. ආන්ටී මේ අංකල් අපට කරදර කරනවා” ඔව්හු මහා හඬින් විලාප නැගූහ.
ආන්ටි වහා එතැනට දුව ආවේ කොස්ස ද අතේ ඇතිවය. අඩ නිරුවතින් සිටි තරුණියන් දෙදෙනා සමග පොර බදමින් සිටි සිය සැමියා දුටු ඇගේ ඉවසීම සීමාව ඉක්මවා ගියේ ක්‍ෂණයෙනි.
“අනේ ඇන්ටි අපි ඇඳුම් මාරු කරනකොට අංකල් කාමරේට පැනලා අපිව බදා ගත්තා” එකියක් පැමිණිලි කළාය.
ඕ ඔහුට කොස්සෙන් පාර පිට පහර දුන්නාය. එක් යුවතියක් කොස්ස උදුරා ගත්තාය. ඕ ඔහුගේ බෙල්ලෙන් අල්ලා ඇදගෙන ගියේ ඔහුට භාර දෙමිණි.
“අනේ කෙල්ලනේ, මේ වගක් කාටවත්ම කියන්න එපා. ආය එහෙම දෙයක් නොවෙන්න මම වග බලා ගන්නවා” ආන්ටි යුවතියන් දෙදෙනාට බැගෑපත් වුව ද එදා රෑ වනවිට නේවාසික කාන්තාවන් සියලුම දෙනා පුවත පිළිබඳව දැනුම්වත්ව සිටියහ.
පසුදින උදේ යටකී යුවතියන් දෙදෙනා වැඩට යාම සඳහා පා ගමනින් බස් නැවතුමට එද්දී පුවත්පත් ගෙන ඒම සඳහා පාරට ගොස් ආපසු එමින් සිටි අංකල් ඔවුහු දුටහ. ඔවුන් දුටු හේ නොදුටුවාක් මෙන් පුවත්පත කියවමින් ඉදිරියට ආවේය.
“අංකල් තරහ ද? අපි නම් තරහා නෑ. අදත් බලන්න” එකියක් ඔහුට ළංවී පහත් හඬින් කීවේ සිනාසෙමිනි. අංකල් එවදන් නොඇසුනාක් මෙන් යන්නට ගියේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇන්ටිලා දෙන්නෙකුගේ බෝඩිං දෙකක්
සිරිල් Wednesday, 26 October 2016 02:30 PM
අනේ මන්ද අර බදාගත්තා වෙලාවේ එතනට ආන්ටි නාවානම් කොච්චර ශෝක්ද? (අ)
සාලිය Monday, 31 October 2016 01:33 PM
අනේ පව් අහිංසකයා.(හේ)
ගුණවර්ධන Saturday, 05 November 2016 11:26 AM
අංකල්ට වුන දෙයක්.(හේ)