IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ඇන්ටි නැති අතරේ අංකල්ගෙන් කරදරයක්

ඇන්ටිගේ බෝඩිමෙන් මේ පාර අපි ගියේ රාජගිරිය පැත්තට. ඈත දුර පළාත්වලින් කොළඹට එන ගොඩක් දෙනෙකුගේ තාවකාලික නවාතැන වෙලා තියෙන තවත් ප්‍රදේශයක් විදිහට හඳුන්වන්න පුළුවන්.

07-Rasa-P2--BA
ගතවූ සති කිහිපයේම කොළඹ අවට බෝඩිම් ජීවිත ගැන කතා කළා වගේම ඒවා ඇතුලේ සිද්ධ වෙන අමුතු අමුතු සෙල්ලම් ගැනත් කිව්වා මතක ඇතිනේ. ඒ අමුතු සෙල්ලම් ගැන අපි දන්නේ බොහෝම ටිකයි. මේ බෝඩිං ඇන්ටිලා අංකල්ලාගේ අමුතු ගැටවලට අහුවෙලා ජීවිතේ ලෙල්ලම් කර ගත්ත අයත් ඕනෑ තරම් ඉන්නවා. හැබැයි මේ වෙන දේවල් කවුරුත් එළිපිට කියන්නේ නැහැ. මොකද ඒක ඇයගේ හෝ ඔහුගේ ආත්මගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක්.


විශේෂයෙන් කොළඹ වගේ නාගරික පැත්තක රස්සාවකට හරි අධ්‍යාපනයට හරි එන ගොඩක් උදවියට මේ බෝඩිම් කට්ට අනිවාර්යයෙන්ම උරුම වෙන දෙයක්. කොළඹ කට්ට කන උදවියට හවසට ඕනෑ ඕනෑ වෙලාවට යන්න, හිතේ හැටියට අතපය දිගහැරලා නිදාගන්න ස්විට් හොම් නම් මේ කොළඹ නැහැ. තමන්ගෙයි කියලා දුවිලි පොදක්වත් නැතුව, කොළඹ ගෙන්දගම් පොළවේ අඩිය තියන උදවියට වැටෙන්න තියෙන බෝඩිම් කාමරෙත් රාජමාලිගාවල් වෙන වෙලාවලුත් තියෙනවා.


කොහොම වුණත් බෝඩිමක් සොයන්න කලින් අපේ කට්ටිය කීයක් නම් දේවල් හොයනවාද? ගෙදර සුඛෝපභෝගීද? ටයිල් කරපු බාත්රූම්ද මේවාගේ තව තව දේවල් ගොඩයි.


ඒත් මොන තරාතිරමේ හිටියත් බෝඩිම් ජීවිතේ සැප සොයනවා කියන්නෙ කළුනික සොයනවා වගේ වැඩක්. ඒකේ කතා දෙකක් නැහැ. හැබැයි ඒ කට්ටෙ රහ දන්නේ කාපු එකෙක්ම තමයි.


කතාවෙන් කතාව බෝඩිම දිහාවට ලඟා වුණා. රාජගිරිය කියන්නේ මොනවගේ පැත්තක්ද කියලා කොළඹ උදවියටනම් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පැත්ත හොඳ වගේම තමයි නරකත්. පිටපළාත්වලින් බෝඩිම්වලට එන ගෑණු ළමයින්ට පාරේ තොටේ බෝඩිම්වල අත්විදින්න සිද්ධ වෙන දේවල් ඒ හිත්වලම යටපත් වෙලා යනවා. මම එහෙම කිව්වෙ පසුගිය දවසක අපේ ඇන්ටිගේ බෝඩිම බලලා කන්තෝරුවට දුරකථන ඇමතුමක් ආවා. නම කියන්න අකමැති වුණත් අපේ කතාව පත්තරේට ලියන්න කියලා පුංචි ඉල්ලීමක් කළා.


අලුත් බෝඩිමට යන්න කලින් මේ කතාව කියලා හිටියොත් හොඳයි කියලා හිතුනා. මාගේ ගම මාතර. ගමේ ඉඳන් කොළඹ ආවේ රැකියාවට. මම පෞද්ගලික හෙදියක් විදිහට පෞද්ගලික රෝහලක වැඩ කරනවා. නතර වෙලා හිටියේ රාජගිරියේ බෝඩිමක. බෝඩිම සොයාගත්තේ පත්තරේ දැන්වීමකින්. ගෙදරිනුත් ඇවිල්ලා මාව බෝඩිමක නතර කරලා තාත්තා ගමේ ගියා. ඒ ගෙදර ඇන්ටි බෝඩිම බලන්න ගියහම නම් කිව්වේ පිරිමි කෙනෙකුට ඉන්නේ ඒ ඇන්ටිගේ මහත්තයා විතරයි. ගෙදර වෙන කවුරුත් නැහැ කියලා. ඒ ඇන්ටිලට දරුවො නැහැ. අංකලුත් රස්සාවක් කරනවා කිව්වා. බයක් දැනුනේ නැහැ.

තැන හොඳ නිසා තාත්තත් මාව නතර කරලා ගියා. සති දෙකක් විතර බොහොම හොඳට ඇන්ටිත් කතාකළා. මටත් ටික ටික හිතේ බය නැති වෙලා ගියා. දවස් දෙකක් විතර මම වැඩ ඇරිලා එනකොට ඇන්ටි ගෙදර හිටියේ නැහැ. අංකල් විතරක් හිටියා. එදා පුංචි බයකුත් දැනුනා. මම ගිය ගමන් කාමරේ දොර වහගෙන ඇන්ටිට කතා කරහම කිව්වා මම එනවා එනකොට ටිකක් රෑ වේවි කියලා. උදේ මම නැගිටලා සුපුරුදු විදිහට වැඩට ගියා. එදා රෑ එළිවෙනකම් මට නින්ද ගියේ නැහැ. දෙවෙනි දවසෙත් මම එනකොට ඇන්ටි ගෙදර හිටියේ නැහැ. එදත් ඇන්ටිට කෝල් කරහම කිව්වෙ නෑදෑ ගෙදරක ඇවිත් ඉන්නේ රෑ වෙලා එනවා, අංකල් ඉන්න නිසා බය වෙන්න එපා කියලා කිව්වා. කඩෙන් අරන් ආපු කෑම එකත් කාලා ඇඳට වැටුණම මහන්සියට මට නින්ද ගියා. රෑ මැද මට දැණුනා කාමරේට කවුදෝ එනවා වගේ. කෑ ගහන්න හදනකොටම මගේ කට තද කරලා කවුදෝ අල්ලගත්තා විතරයි මට මතක. මට සිහිය නැතිවුණා වගේ වුණා. ඒ වෙන කවුරුවත් නෙමෙයි ගෙදර අංකල්. ගෙදර අංකල් මට එදා රෑ හරියට කරදර කළා. අවනත නොවුනොත් මරනවා කිව්වා. ඊට පසුවෙනිදා මම වැඩට ගියෙත් නැහැ හොඳටම ඇඬුවා. ඒ අංකල් ඇන්ටි එක්ක නිතර රණ්ඩු කරනවලු දරුවෝ නැති නිසා. ඇන්ටි ඒ දවස් දෙකෙත් ගෙදර ඇවිත් නැත්තේ රණ්ඩුවෙලා ගෙදරින් ගිය නිසා. ඇන්ටි නෑදැ ගෙදරක ගියා කියලා මට කියලා තියෙන්නේ බොරු. වුණු දේවල් කාටවත් කියන්න බැහැ ලැජ්ජයි. මම ගෙදරට බොරු කිව්වා. කොළඹ ඉන්න බැහැ ආයෙම මම ගෙදර එනවා කියලා. මම ආයෙම බඩු අරගෙන ගමේ ආවා. මට වුණ සිදුවීම නිතරම මැවි මැවී පේනවා. මම තවම විවාහ වෙලා නැහැ. මර උගුලකින් ගැලවුණා වගේ සැනසීමක් දැණුනා ආයෙම ගමට ආපු දවසේ.


මම මගේ කතාව කිව්වේ බොහොම කෙටියෙන්. මට හිතුණා කාටවත් කියන්න බැරි මගේ කතාව පත්තරේට කියන්න. ගම්වලින් යන නංගිලාට කියන්නේ යාළුවෙකුගේ මාර්ගයෙන් බෝඩිමකට යනවා ඇරෙන්න පත්තවලින් බලලා නම් යන්න එපා. නොදන්න පළාතක, නොදන්න මිනිසුන් ගොඩක් මැද්දේ අපි අසරණ වුණොත් අපිව බේරගන්න කවුරුත් එන්නේ නැහැ. සමහර විට මට වුණ දේට වඩා ලොකු විනාශයක් වෙන්නත් පුළුවන්. ඒක කොතැනද කොයි මොහොතෙද කියලා කියන්න බැහැ. කපුටෙක්වත් විශ්වාස කරන්න බැරි කොළඹ මනුෂ්‍යයෙක් විශ්වාස කරන්නේ කොහොමද?


ගෑණු අපි කොතැන ගියත් හරි අසරණයි. මම ගමේ ආවේ කොළඹ බලාගෙන බත්වත් කරන්නේ නැහැ කියලා. බෝඩිම් ගෑණුන්ගේ ගැටවලට නම් අහුවෙන්න එපා. මම බෝඩිමේ ඉඳපු සති තුනට ජීවිතේ කියන්නේ මොකද්ද කියලා ඕනෑවටත් වඩා ඉගෙන ගත්තා. ඒ සිදුවීමත් එක්ක මැරෙනකම්ම මම හරි මැරී ජීවත් වෙනවා. ඒ මනුස්සයා මගේ තාත්තාගේ විතර වයස මනුස්සයෙක්. මම එයාගේ දුවක් වගේ. ඒ වගේ තිරිසන් හිත් තියෙන මිනිස්සු අතරේ කාත් කවුරුත් නැති අපි දුක කියන්නේ කාටද? 


මගේ කතාව වගේ තවත් ඕනෑ තරම් සිද්ධි සිදුවෙලා ඇති. ඒත් අපි දන්නා දේවල්වලට වඩා නොදන්න දේවල් මේ සමාජයේ වැඩියි. 


කොළඹ බෝඩිම් නරකයි කියනවා නොමෙයි. හොඳට සොයන්නේ බලන්නේ නැතුව ඉන්නම් වාලේ නතර වෙන්න යන්න එපා. උඩින් පේන හොඳ මේ බෝඩිම් ඇතුළේ නැහැ.


මේ සිද්ධියෙන් පස්සේ මොකද වුණේ.
අඩුම තරමේ මට වුණු කරදරය මගේ හොඳම යාළුවටවත් කිව්වේ නැහැ. දවස් දෙකක් මම වැඩට ගියේ නැහැ. මට ඒ සිදුවීම මතක් වෙන හැම තත්පරයකම කෑ ගහලා අඬන්න හිතුනා. ගෙදර ආවත් මම කාටවත් නොපනෙන්න ඕනෑ තරම් අඬලා ඇති. මට ඒ වෙලාවේ පොලිසි යන්නත් හිතුනා. ඒත් සිද්ධ වුණ දේවල් මට පොලිසියට කියන්න තරම් ආත්ම ශක්තියක් තිබුණේ නැහැ. මම රෙදි ටික අරගෙන ආපු දවසේ ගෙදර කවුරුවත්ම හිටියේ නැහැ. ඇන්ටි ඔය සිද්ධිය වෙලා සතියක් ගියත් ගෙදර ආවේ නැහැ. මම කතාකරලා කිව්වාම ඇන්ටි විශ්වාස කළේ නැහැ. එයා එනකම් යන්න එපා කියලා මාත් එක්ක රණ්ඩු වුණා. නැති අතරේ ගියොත් ගෙදර බඩු නැති වුණා කියලා මට විරුද්ධව පොලිසි යනවා කිව්වා. මට වුණු දේ දන්නේ මම විතරයි. මම යාළුවට කිව්ව බෝඩිමේ ඉන්න බැහැ කරදරයි. ඒ යාළුවගේ බෝඩිමට දවස් දෙකකට මගේ බඩු ටික දාන්නද කියලා. මට ඒ යාළුවා උදව් කළා. මම එදාම හවස ගෙදර ගියා. බඩු ටික ගන්න ගියේ ඊට දවස් තුනකට විතර පස්සේ. ඒත් අද වෙනකම් ඒ ගෙදර ඇන්ටිවත්, අංකල්වත් මට කතාකරලා කිසිම දෙයක් ඇහුවේ නැහැ.
ඒ තැන මොනවගේ නරකාදියක්ද කියලා මට කියන්න තේරෙන්නේ නැහැ. මහ අමුතු තැනක්. මිනිස්සු තේරුම්ගන්න හරිම අමාරුයි. මම එදා පොලිසි ගියානම් අද මට පාරේ බැහැලා යන්නත් බැහැ. හැමෝම දැනගනීවි. මිනිස්සු මං දිහා වපර ඇහෙන් බලාවි. ඒකයි මම මේ සිද්ධිය කාටවත් නොකියා රහසක් විදිහට තියාගත්තේ.


මට වුණ මේ දේ තව කෙනෙකුට වුණොත් කියලා මට හිතුනා මගේ කතාව පත්තරේට කියන්න. ඒත් බෝඩිම්වල නතර වෙද්දී හොඳට හිතලා හොඳට සොයලා බලලා නතර වෙන්න. 


මේ බෝඩිම් ජීවිතේ සිද්ධ වුණු තවත් එක කතාවක් විතරයි. කාටවත් නොකීව අපට කතා කරලා කියපු ඇගේ කතාව ඔයාලට කියන්න හිතුනේ කොළඹට අඩිය කියන ඔයාට ඉගෙනගත යුතු පාඩම් ඇගේ කතාවෙත් තියේවි කියලා. මෙවැනි සිදුවීම් මේ සමාජයේ කොයිතරම් සිද්ධවුණත් අපට අහන්න දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන් ඒත් මෙවැනි ශෝකාන්තයන් අඩු නැතුව මේ සමාජයේ සිදුවනවාය කියලා හොඳට මතක තියාගෙන කටයුතු කරොත් හොඳයි. මොකද කොළඹ කියන්නේ තේරුම් ගන්න අසීරු සමාජයක්.

m



අදහස් (0)

ඇන්ටි නැති අතරේ අංකල්ගෙන් කරදරයක්

නිමාලි Wednesday, 11 January 2017 06:39 AM

පවු දෙවියනේ මේ අහිංසක ජීවිත! (නි)

:       0       1

රිතික් Saturday, 14 January 2017 04:33 AM

මම එහෙම බෝඩිමක නැවතිලා හිටියා නම් බලාගන්න තිබුනා මම කරන දේ (නි)

:       0       0

සම්පත් Tuesday, 31 January 2017 03:53 AM

දැන් බලන් ගියහම කොල්ලන්ගෙන් බේරුනහැකි නාකින්ගෙන්නෙ බේරෙන්න බැරි (ම)

:       0       1

ලංකා Wednesday, 18 January 2017 01:14 AM

රිතික්, ඔයා ඉන්දියන් එක්කෙනෙක්ද? ඔයා බෝඩිමේ නැවතිලා හිටියා නම් මොනවා කරන්නද? ඔයා මහ ලොකු චණ්ඩියෙක්ද? විශේෂයෙන්ම මේ හැම බෝඩිමකම ලියාපදිංචියක් හෝ ආරක්‍ෂිතබව තහවුරු කිරීමට පොලිසිය සම්බන්ධ කිරීමට ක්‍රමවේදයක් මෙන්ම රජයේ ලියාපදිංචි බවට සහතිකයක් සහ එමඟින් මෙය රැකිය අවස්ථාවක් මෙන්ම රජයට බදු අයකරගනිමින් ආරක්ෂිතව බව සුරකිමින් කරගෙන යාම තමයි කරන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 322 0

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 79 0

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 789 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 71 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 172 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 215 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38856 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25498 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site