IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ඇඳුම් මාරු කරන කාමරයේ කැමරා සවි කරන ලෙඞ්ඩු

නාන කාමරයට, වැසිකිළියට හෝ රෙදි සාප්පුවේ තිබෙන ඇඳුම් මාරු කරන කාමරයට (ෆිටෝන් රූම්) යාමට කලින් තරුණියන්, කාන්තාවන් දෙවරක් කල්පනා කර බැලීමට විමසිලිමත් වීමට දැන් කාලය එළැඹ ඇතැයි අපි සිතන්නෙමු. 

27-Page-01-S2-4
දියණිය නාන කාමරයට, ෆිටෝන් රූම් එකට හෝ වැසිකිළියට ගිය විට අම්මලාට ඒ අවට ගැවසෙමින් සෝදිසියෙන් සිටීමට තරම් කරුණු කාරණ යෙදෙමින් තිබේ. 


එපමණක් නොවේ, මධුසමය ගත කිරීමට තෝරා ගත් හෝටලය කොපමණ සුපිරි වුවත් සමහර හෝටල් කාමරවලට ගොස් මධු සමයේ මිහිරියාව විඳීමට යහන් ගත වීමට කලින් කාමරය ගැන දැඩි අවධානයක් යොමු කිරීම නුවණට හුරුය.


නාන කාමරයට, ෆිටෝන් රූම් එකට, වැසිකිළියට ගොස් කරන දේවල් හෝ හෝටල් කාමරයේ මධු සමය ගත කරද්දී ඒ සියලුම දේවල් ඔබට හොරා ඇස් යොමාගෙන සිටින අයෙක් සිටිය හැකිය. 


මේවායේ සිදුවන දේවල් නවීන තාක්ෂණික පහසුකම් ඇති ජංගම දුරකථනවලින් හෝ සූක්ෂම කැමරා මගින් රූගත කර ඒවා නරඹා පහත් වින්දනයක් ලබන විකෘති කාමාශාවන් ඇති පුද්ගලයෝ බහුල වශයෙන් සිටිති. 


මෙහි ඇති වඩාත්ම භයානක තත්ත්වය වන්නේ මෙවැනි දර්ශන අන්තර්ජාලයට මුදා හැරීමට පවා විකෘති කාමාශාවන් ඇති සමහරුන් පෙළඹී සිටීමය. 
පෞද්ගලික බැංකුවක සේවය කරන නිලධාරියෙක් එම බැංකුවේ සේවය කරන ඔහුගේ පෙම්වතිය සමග පෙම්සුව විඳිද්දී කවුරුන් හෝ නරුමයෙක් කැමරාවකින් ඒ දර්ශන රූගත කර අන්තර්ජාලයට මුදා හැර තිබුණේ මීට මාස කිහිපයකට කලිනි. 


ටෙලි නාට්‍ය නිළියක වන සුලේඛා ජයවර්ධන ද මෑතකදී මෙවැනිම අකරතැබ්බයකට මුහුණ පෑවේ දෙහිවල හීල් වීදියේ පිහිටි නිමි ඇඳුම් අලෙවිසැලක ඇඳුම් පැලඳුම් මිලදී ගැනීමට ගිය අවස්ථාවකය. 


ඇඳුමක් මිලදී ගැනීමට ගිය ටෙලි නාට්‍ය නිළිය ඇඳුම් කිහිපයක් තෝරාගෙන ඒවා ඇඳ බැලීම සඳහා ෆිටෝන් රූම් එකට ගොස් ඇත. 


ඒ අවස්ථාවේ යමෙක් ෆිටෝන් රූම් එකේ දොරට යටින් ජංගම දුරකථනය තබා එහි ඇති කැමරාවෙන් ඇඳුම් මාරු කරන අයුරු ඡායාරූප ලබා ගත් බවට නිළියට පෙනී ගිය නිසා ඇය ඒ ගැන දෙහිවල පොලිසියට පැමිණිල්ලක් කළාය. 


ඇයගේ එම පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ එම නිමි ඇඳුම් අලෙවිසැලේම සේවකයෙකි. 


අත් අඩංගුවට ගත් සැකකාර සේවකයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් භාරයට පත්කළ අතර පසු නඩු දිනයක දී ඔහු ඇප මත මුදා හැර ඇත. 


ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ දී පසුගිය සතියේ මේ සම්බන්ධ නඩුව විභාග කළ අවස්ථාවේ සැකකාර සේවකයා වරද පිළිගත් නිසා ගල්කිස්ස මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඔහුට මාස තුනක සිර දඬුවමක් හා රුපියල් 1,500ක දඩ මුදලක් ද නියම කළාය. 


නියම කළ ඒ සිර දඬුවම වසර පහකට අත්හිටවනු ලැබුවාය. 

pl1141939-ccd_dome
කුලියාපිටිය නගර සභාව යටතේ පාලනය වන වෙළඳ සංකීර්ණයේ වෙළඳසැලක සේවය කරන සේවිකාවක් එම වෙළඳ සංකීර්ණයේ ඇති වැසිකිළියට ගියේ තම අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමටය. 


වැසිකිළිය තුළින් අමුතුම තාලයේ සංඥාවක් ඇසීම නිසා කලබලයට පත් වූ වෙළෙඳ සේවිකාව ඒ ගැන විපරම් කර බලා ඇත. 


වැසිකිළියේ කවුළුවක් මත සිගරට් පෙට්ටියක් තිබී ඇති අතර එය තුළට රහසිගතව අටවා තිබු ජංගම දුරකථනයක් සඟවා කැමරා කාචය ඇති තැන සිදුරුකර බබල්ගම් අලවා තිබෙන අයුරු ඇය දැක තිබේ. 


සූක්ෂම ලෙස මෙසේ සඟවා තිබූ ජංගම දුරකථනයේ කැමරාව ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබුණ අතර කිසියම් හේතුවක් නිසා එම ජංගම දුරකථනයේ සංඥාවක් නිකුත් වී ඇත. 


වෙළඳ සේවිකාව මෙම ජංගම දුරකථනය කුලියාපිටිය නගර සභාවේ ලේකම් එස්.  කුමුදුනී මහත්මිය වෙත භාර දුන්නාය. 


ලේකම්වරිය මෙම ජංගම දුරකථනය වැඩිදුර පරීක්ෂණ සඳහා කුලියාපිටිය මූලස්ථාන පොලිසිය වෙත බාර දී ඇත. 


හෝරා දෙකයි මිනිත්තු විස්සකට ආසන්න කාලයක් වැසිකිළියේ අභ්‍යන්තර දසුන් පටිගත වී තිබෙන බව එය පරීක්ෂා කර බැලීමේ දී පෙනී ගොස් තිබිණි. 


කොල්ලුපිටිය ප්‍රදේශයේ කාන්තා වැසිකිළියකට හොර රහසේ ඇතුළු වී ඊට යාබද වැසිකිළියේ සිටි කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සිය ජංගම දුරකථනයෙන් ලබාගත් බව කියන තරුණයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා කොල්ලුපිටිය පොලිසියට භාර දී ඇත. 


සැකකරු රාජගිරිය ප්‍රදේශයේ පදිංචි අයෙක් විය. 


කාන්තා වැසිකිළි පේළියේ එකිනෙකට යාබදව වැසිකිළි තුනක් පිහිටා ඇති අතර සැකකරු මැද වැසිකිළියේ සැඟව සිට ඊට යාබදව ඇති වැසිකිළියට කාන්තාවක් ඇතුළුවූ අවස්ථාවේ ඊට මද වේලාවකට පසු සැකකාර තරුණයා ඉහළ කවුළුවෙන් ජංගම දුරකථනයක් එම වැසිකිළියට එල්ල කරගෙන සිටින අයුරු දැක ඇය කෑ ගසාගෙන පිටතට පැමිණ තිබේ. 


අවට සිටි අයගේ ද සහාය ඇතිව ජංගම දුරකථනය ද සමග සැකකාර තරුණයා අල්ලා පසුව කොල්ලුපිටිය පොලිසියට භාර දී ඇත. 


මේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයේ පසු වූ සැකකාර තරුණයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළේ පසුගිය සතියේය. 


මාරවිල වෙරළ තීරය ආසන්නයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක කාමරයක මනාල යුවළක් මධු සමය ගත කරමින් සිටි ආකාරය හොර රහසේ ජංගම දුරකථනයකින් රූගත කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් අවසාන වූයේ මහා කළබගෑනියකිනි. 


මාරවිල පොලිස් වසමේ පදිංචි තරුණියකු සහ මාදම්පේ පොලිස් වසමේ පදිංචි තරුණයෙකු විවාහ වී මධුසමය ගත කිරීම සඳහා පැමිණ තිබුණේ මාරවිල වෙරළ තීරයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකටය. 


හෝටල් කාමරයේ මනාල යුවළ මධු සමය ගත කරමින් සිටි අතරවාරයේ කිසියම් පුද්ගලයෙකු කාමරයේ ජනේලයේ රෙද්ද ඈත්කර ජංගම දුරකථනයකින් වීඩියෝ කිරීමට උත්සාහ දරන බව මනාලිය දැක ඒ බව මනාලයාට පවසා ඇත. 


මනාලයා වහාම ක්‍රියාත්මක වී එම පුද්ගලයා අල්ලාගෙන ඇති අතර ඔහු හෝටලයේ සේවකයෙකු බවට අනාවරණය විය. 


අල්ලාගත් සේවකයාට මනාලයා හොඳ හැටි ගුටි බැට දෙන අතරවාරයේ මනාලිය මේ බව ඇය සතුව තිබූ ජංගම දුරකථනයෙන් ඇයගේ පාර්ශ්වයේ අයට දැනුම් දුන්නාය. 


මෙයින් කෝපයට පත් වූ මනාලියගේ පාර්ශ්වයේ පිරිසක් පැමිණ හෝටලයට පහර දී අලාභ හානි සිදුකර තිබූ අතර ඒ වන විටත් හොඳ හැටි ගුටි කා සිටි සැකකාර සේවකයා පලාගොස් සිටියේය. 


හෝටලයේ බලධාරීන් මේ සිද්ධිය මාරවිල මූලස්ථාන පොලිසියට දැනුම් දුන් අවස්ථාවේ පොලිස් කණ්ඩායමක් පැමිණ හෝටලයට ගොස් ගැටුම මැඩ පවත්වා හෝටලයට පහර දුන් බව කියන මනාලියගේ පාර්ශ්වයේ දෙදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ. 


මනාල යුවළ මධුසමය ගත කරන ආකාරය ඒ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කිරීමට උත්සාහ කළ තරුණ හෝටල් සේවකයා පසුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි. වෙන්නප්පුව  සහ නාත්තන්ඩිය එවකට සහකාර පොලිස් අධිකාරීවරයාව සිටි ඩී.ඩී.එස්. සූරියආරච්චි මහතාගේ උපදෙස් මත එවකට මාරවිල මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඩී.පී. හේරත් මහතා මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වා ඇත. 


මේ පොලිසියට කොටුවූ පැමිණිලි ලැබූ සිද්ධීන් කිහිපයක් පමණි. 


තරුණියන්ගේ, කාන්තාවන්ගේ නිරුවත කාටත් හොරා සූක්ෂම ලෙස වීඩියෝ ගත කර ඒවා නරඹමින් වින්දනයක් ලබන විකෘති ආශාවන්ගෙන් පෙළෙන අය තවත් ඕනෑ තරම් සිටිය හැකි නොවේ ද?


පරෙස්සම් වෙන්න. “ඔබගේ නිරුවත හොර රහසේ වීඩියෝ ගත කරන්නන් සිටිය හැකි නිසා ඒ ගැන සැලකිලිමත් වන්න” යනුවෙන් සඳහන් දැන්වීම් ඉදිරියේ දී පොදු වැසිකිළිවල නාන කාමරවල සහ හෝටල්වල ප්‍රදර්ශනය කිරීමට ඉදිරියේ දී සිදුවුවහොත් එය පුදුමයට හේතුවන කරුණක් නම් නොවේ.

m



අදහස් (0)

ඇඳුම් මාරු කරන කාමරයේ කැමරා සවි කරන ලෙඞ්ඩු

නිල්මිණි-ජපානය Thursday, 01 September 2016 02:33 AM

මේ අපරාධ වලට උපරිම දඬුවම් නොදීම නිසා මේවා වැළැක්විය නොහැකි බව පෙනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 572 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 101 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1029 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 130 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 225 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 444 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 720 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 357 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 504 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site